අයින්සටයින් ඉස්සර කෝච්චියේ වැඩට යනවා. යන කොට නරගය මැද තියෙන ඔර ලෝසු කනුව පේනවා. දවසක් අයින්ස්ටයින් හිතුවා මම බැරි වෙලාවත් මේ කනුවේ ඉදන් ඈතට මේ කෝච්චියේ ආලෝකයේ ප්‍රවේගයෙන් ගියොත් මොනවා වෙයිද කියලා.( ඒ වෙන කොට ආලෝකයේ ප්‍රවේගය නියතයක් බවට පර්යේෂන සාධක තිබුනා. ) එහෙම උනොත් එහෙම මම කොච්චර දුර මේ ඔරලෝසු කනුවෙන් ඈතට ගියත් මට හැම වෙලේම එකම වෙලාව තමයි පේන්න ඕ නේ. මොකද ආලෝකයත් සමගම ඔහුත් ගමන් කරන නිසා. විකාරයක් වගේ පෙනුනට ඔහු නිකම් හිටියේ නෑ. ආලෝකයේ ප්‍රෙවේගයෙන් ගමන් ගන්න වස්තු වල කාලය ගත වීම ශුන්‍යය විය යුතු බව ඔහු නිගමනය කලා. අවසානයේ පර්යේෂණ වලිනුත් ඔප්පු උනා.
අයින්ස්ටයින් ආයේ මෙහෙම කිව්වා. ලිෆිට් එකේ යන කොට දැනෙන ත්වරණය වගේම තමා ගුරුත්වයෙදිත් දැනෙන්නේ. ඉතින් නොදන්නා කෙනෙකුට මේ ත්වරණය ලිෆ්ට් එකෙන් එනවද නැතිනම් ගුරුත්වයෙන් එනවද කියලා හොයා ගන්න බෑ. ඊට පස්සේ වැඩිදුර හිතුවා ඒ විතරක් නෙමෙයි මේ ලිෆිට් එක අධික වේගයෙන් ත්වරණය උනොත් එහි සිට දකින ආලෝක තරංග කොහොම පෙනෙයිද ? සාමාන්‍යයෙන් අප බෝලයක් සෘජුව විසි කලත් අපට පෙනිය යුත්තේ වක්‍රාකාර මාර්ගයක. එම නිසා අධික ගුරුත්වයකදී ආලෝක තරංගත් වක්‍රවී පෙනිය යුතුයි. මේ හිතලුව අනුව ඔහු නිගමනය කලා ආලෝක තරංග ස්කන්ධයන් හමුවේ වක්‍ර විය යුතු බව.( වැඩි ස්කන්ධය = වැඩි ගුරුත්වය) ඔන් න අවකාශ කාල වක්‍රතාව එලියට ආවා. නැවතුනේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් විසදිය නොහැකිව තිබුනු ගැටලුත් විසදලා.
සෘණ සංඛ්‍යා ගණිතයට හදුන්වාදීමෙන් පසු ගණිතඥයන්ට ගැටලුවක් ආවා X^2+1 = 0 වගේ ශ්‍රිතයක් කොහොමද විසදන්නේ කියලා. ඇත්තටම පිලිතුරු නැති ගැටලුවක්. ඔවුන් උතාස කරලා කරලා බැරිම තැන ඒක අත ඇරලා දැම්මා. මතක විදිහට රෙනේ ඩෙකාර්ට් පසු කාලෙක කිව්වා මෙහෙමයි මේකට විසදුමක් නැතුව නෙමෙයි . විසදුම තියෙන්නේ මේ අපි දන්න තලයේ නෙමෙයි කියලා. ඔහු ඒ සම්බන්ධ සංකීර්ණ සංඛ්‍යා සම්බන්ධ විසදුමක් හැදුවා. ඒ සමග අර විසදිය නොහැකි වුනු සමී කරන සියල්ලටම විසදුමක් ආවා. විසදුම තිබුනේ වෙනත් තලයක . අද භෞතික විද්‍යාවේදී මෙම සංකීර්ණ සංඛ්‍යා කොතරම් වැදගත්ද කියලා දන්න අය දන්නවා ඇති.
මේ වගේ කතා ඕන තරම් තිබෙනවා ඉතිහාසයේ.
දැන් මේ සිදුවීම් දිහා බලන්න. එක විදිහට සාමාන්‍යය සිදුවීමක් හෝ නැතිනම් අමුතු සිදුවීමක් වෙනත් කෝණයකින් බැලූ විට එය හැම අතින්ම සාධාරණ තත්වයකට පත් වෙනවා විතරක් නෙමෙයි ප්‍රයෝගික වටිනා කමකුත් එක් කර දෙනවා.
බටහිර විද්‍යාවේදී යම් දෙයක් ඇයි මේ දේ කියන එකට පිලිතුරක් නැහැ. ඔවුන්ට එය හොයන්නත් බැහැ. නමුත් අපි බලමු අපේ බුදු දහමේ එන අඥ්ගඥ්ඤ සූත්‍රය දිහා අඥ්ගඥ්ඤ සූත්‍රය අනුව සත්ත්වයා පහල උනාට පසුව තමා අනෙක් සියලු දේ ලෝකය මත ඇති උනේ . ඉර හද තරු පවා. මේක දිහා අපි කොහොමද දැන් බලන්න ඕනේ. අයිනිස්ටයින් වගේ බලන්න ට්‍රයි කරනවාද නැතිනම් අනේ බිග් බෑන්ග් එකෙන්නේ විශ්වය පටන් ගත්තේ කියලා හබල් කියලා තියෙවනේ මේවා නිකම් බොරු කතා කියලා හිතා ගන්නවද ?
නමුත් මෙහෙම බැලුවොත් . සත්ත්වයා කියන්නේ තනිකර හදුනා ගැනීම් නැතිනම් තොරතුරු මත යැපෙන සත්තවයෙක්. ඉර හද වේවා, ගුරුත්වය වේවා, කාන්දම් වේවා, පෙනෙන දේවල්, අපේ සිරුර, අපේ ඉන්ද්‍රිය , අපිට දැනෙන් දේවල් , හැගෙන දේවල් මේ සියල්ල අපිට තොරතුරු. ඉතින් තොරුතුර කියන ඒවා කාලයත් සමග වෙනස් වෙනවා. අපි වැඩි පුර තොරතුරු ගන්න ගන්න මේ තොරතුරු වෙනස් වෙනවා. තොරතුරු වෙනස් වෙනවා කියන කොට සත්ත්වයාගේ ඇගත් වෙනස් උනා කිව්වට කමක් නෑනේ නේද? ඇයි ඇග කියන එකත් සත්ත්වයට තොරතුරක්. ස්පර්ශයත් තොරතුරක්. වේදනාව තොරතුරක්. ඉතින් දීර්ග කාලයක් මෙහෙම යනකොට අර යම් යම් දේ සත්ත්වයාට සාපේක්ෂව සකස් වෙලා තියෙන බව පේනවා. ඒ හැම දෙයක්ම සත්ත්වයාට සාපේක්ෂවයි. ඉර පහල උනා කියලත් දකින්න පුලුවන් . සද පහල උනා කියලත් දකින්න පුලුවන්. තරු පහල උනා කියලත් දකින්න පුලුවන්. කාන්දම් යකඩ වලට ඇලෙනවා කියලත් දකින්න පුලුවන්. තමුන්ගේ තොරතුරු වලට සාපේක්ෂව ඩී එන් ඒ යනුවෙන් යමක් පවා පරිණාමය වී ඇති බව දකින්න පුලුවන්. මේ තමයි සංකල්පීය පරිණාමය. (මේ නම මම දැම්මේ අවශ්‍ය නම් වෙන හොද නමක් දා ගන්න )
දැන් බලන්න අර මුලින් මම අග්ගඥ්ඤ සූත්‍රය ගැන කියපු කොටසේ ඉර හද පහල උනෙත් සත්ත්වයාට පසුව කියන එක එතෙන්දී කොච්චර වෙන්න බෑ වගේ දැනුනනත් දැන් වෙන කොට වෙනසක් තියෙනවා නේද ? ඔය කතාව නේද මේ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ ?? (ඇත්තටම වුනු සිදුවීමත් මේකම තමයි නමුත් අවශ්‍ය නම් මේ ගලපා ගත්තු කතාවක් කියලා ගන්නකො. ඒත් කමක් නෑ)
නමුත් අපි හබ්ල් ගේ කතාව අල්ලාගෙන ඒකෙන් මේක මනින්න ගියා නම් මේක විකාරයක් නේද ? ඔන්න ඔය නිසා තමා බටහිර විද්‍යා කියන වචනයක් මේ අපෙත් සමහර අය භාවිතා කරන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ අපේ සමහර චින්තනයන් සමග . අපේ සංස්කෘතියේ සමහර දේ සමග. දැන් අපේ අය මොකද කරන්න ඕනේ මේ වගේ දෙයක් දැක්කහම? සසරින් ගැලවෙන්න අවශ්‍ය අය ඒ ගැන තවත් සිත පහදවාගෙන එතනින් යන්න. අනිත් අයට බැයිද අර බටහිර විද්‍යාවට බැරි උනු මේ බලය ඇති උනු ආකාරය වගේ දේවලට මෙතනින් පිලිතුරක් සපයන්න ?? පිලිතුරක් සපයන්න විතරක් නෙමෙයි ප්‍රයෝගික ප්‍රතිපල වලට පවා යන්න පුලුවන්
දැන් කෙනෙක් කියයි . ආ එහෙම නන් ඉතින් දෙය්යන් වහන්සේවත් සාධාරනේ කරන්න පුලුවන්නේ කියලා. එකක් තමා ඒක බෑ. හරි ඒත් පුලුවන් නම් කරන්න. කරලා බලමු. මොකද්ද සාර්ථක කියලා. කවදා හරි දවසක් හරි එක මොකද්ද කියලා ප්‍රත්‍යක්ෂම වෙයි. නමුත් එතකම් හරි අපිට පුලුවන් අන් දැනුම් පද්ධති අභිබවා යන්න මෙන්න මේ විදිහට හිතුවොත් ( මොකද අපේ දැනුම ප්‍රත්‍යක්ෂයන් මත ගොඩ නැගුනක් වීමත් විශෞෂයි) අද එක තැන පල්වෙන විද්‍යාවත් එක්ක අපිත් පල්වෙන්න ඖනෙ නෑ. මැරෙන්න ඉස්සෙල්ලා යුරෝපාවල ඉදන් බ්‍රහස්පතී පායන හැටි බලන්න අපිත් ආසයිනේ. අපේ චක්‍රාවාටෙම එහා කොනේ තනිකර ග්‍රහලෝකයක්ම වෙන් කරලා තියෙනවලු එන්ජෝයි කරන්න විතරක් .
වැදගත්ම දේ නිර්මාණශීලීත්වය සදහා අමුද්‍රව්‍ය සකසා ගන්න එක. ඒවා නැහැ විද්‍යා පොත්වල. හබල් ගේ කතා වල ඒවා නැහැ. සාපේක්ෂතාවාදයෙන් මිනිහෙක් නිර්මාණශීලී වෙන්නේ නැහැ.
වෙන්නේ මොනවායින්ද ? කතන්දර වලින් , සින්දු වලින් , ජාතක කතා වලින් , ජන කතා වලින් වගේම වෙනත් විග්‍රහයන් තුලින් පමණයි. බුදු දහමේ තිබෙන මේ යම් යම් සිදුවීම් අපිට හොදට යොදා ගන්න පුලුවන් නව දැනුමක් නිර්මාණය කරන්න. අනිත් එක බුදු දහමේ යම් සංසිද්ධි අපිටම විස්තර කරන්න පුලුවන් දැනුමකුත් ලබා ගන්න පුලුවන්. ගැටලුව වෙලා තියෙන්නේ බටහිර දැනුමින් එය සෘජුවම ප්‍රතික්ෂේප වීම. ඒක නිසා මේ විද්‍යාව කියන එක හොදින් තේරුම් ගන්න. අනිත් දවසේ අඩේ විද්‍යාවේ මෙහෙමයි උබලගෙ මෙහෙමයි කිව්වහම අවශ්‍ය උත්තර දෙන්න. මේක කුඩා දරුවාගේ ඉදන් හැමෝටම කියලා දෙන්න.
හැම දේටම වඩා බුද්ධිමත්ව ලෝකය දිහා බලන එකත් ඊටත් වඩා නිර්මාණශීලීත්වයත් හරිම වැදගත්.
Imagination is more important than knowledge. Knowledge is limited. Imagination encircles the world
-අයින්ස්ටයින්
-අයින්ස්ටයින්
No comments:
Post a Comment