Blog Archive

Showing posts with label බුදු දහම. Show all posts
Showing posts with label බුදු දහම. Show all posts

Monday, October 28, 2019



ඩාවින්ගේ පරිණාමවාදය හා බුදු දහම


බොහෝ බෞද්ධයන්ට අද ඕනෑ කරන දෙයක් තමයි මේ පරිනාමවාදය හා බුදු දහමේ සදහන් සත්ත්වයාගේ විකාශනය දෙක එකිනෙක ගලපා ගැනීම. බුදු දහම සහ මේ පරිණාමවාදය එකිනෙක ගැටෙන් ස්ථානය තමයි බුදු දහමේ එන අඥ්ඥන සූත්‍රය. මේ සූත්‍රයට අනුව සත්ත්වයා මුලින්ම අභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා පෘතිවිය මත පහල වෙනවා. මේකාලය තුල හිරු සදු වත් තාරකා වත් දර්ශනය වීමක් නෑ. නමුත් ශරීරයේ ප්‍රභාවයෙන් මේ සත්ත්වයා ආලෝකයේ බබලනවා. මේ සත්ත්වයා තමයි කාලයක් ගිහින් කෙමෙන් කෙමෙන් අද දකින මිනිසෙක් බවට පත් වෙන්නේ . මේ පරිණාම කාලය තුල තමයි සද හිරු දැකීම , තාරකා පෙනෙන්නට පටන් ගැනීම , ගස් වැල් ඇති වීම , වෙනත් තිරිසන් සතුන් වැනි සතුන් ඇති වීම ආදී සියල්ලම සිදුවෙන්නේ . එතකොට මෙතනදී මිනිසා තමයි පලමු සත්ත්වයා පෘතිවිය මත බිහිවන. ඩාර්විාන්ගේ පරිණාම වාදය මොකද්ද මේ ගැන කියන්නේ . ඩාර්වින්ගේ පිරිණාම වාදය සත්ත්වයාගේ බිහිවීම පැහැදිලි කරන්නේ නැහැ. එයට එය පැහැදිලි කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. මේ වාදය විස්තර කරනවා යම් ආකාරයකින් කුඩා සත්ත්වයෙක් ඇති උනා ආදි පෘථිවිය මත කෙමෙන් කෙමෙන් පිරනාමය වෙලා ගිහින් බෙදිලා ගිහින් අද දකින ලෝකය සහ සත්ත්වයින් බවට පත් උනා කියන එක. මෙතන මූලික උඵකල්පනය තමයි මෙන්න මේ ආකාරයන් කුඩා සත්ත්වයකු ජීවියකු හැටියට බිහි වෙලා පරිනාමය විය යුතුයි කියන එක. ඇත්තටම බැලුවොත් මේ හදන්නෙත් සත්ත්වයාගේ මුල හොයා ගන්නම බව පැහැදිලි වියු යුතුයි. නමුත් ඒක මුලටම දාල කර ගන්න බෑ ඒ නිසා පුලුවන් තරම් දුරට ගියා අර කුඩාම ජීවියකුගේ ඇති වීම දක්වා.
දැන් ඩාවින්ගේ පරිණාම වාදය සහ බුදු දහමේ පරිනාමෙ වාදය එකට ගැලපෙනවද ? නැහැ කිසි සේත්ම නෑ. නමුත් පරිනාමය කියන වචනය තුල දෙකේම යම් සමස්ත වෙනස් වීම් ක්‍රියාවලියක් කියන දේ අඩංගු වෙනවා. දැන් මේක ඇත්තටම බෞද්ධයන්ට ගැටලුවක් ද ? නැ එහෙම වෙන්නෙත් නෑ. බුදු දහමේ අරමුණ සත්ත්වයාට නිර්වාණ අවබෝධය ලබා දීම. ඒ සදහා අවහය සියලු දේ ඒ තුල සදහන්. එතකොට පරිනාමවාදයෙන් ඔය වැඩේ කරලා දෙනවද ? නෑ .එක් වෙනත් යම් වූ කුතුහලයක් සංසිදවීඹ සදහා තනා ගත් සංකල්පයක්. එතකොට බුදු දහම තුල එවැනි කුතුහලයන් සංසිදවීමේ ක්‍රියාවලියක් නැහැ මොකද එහි අරමුන එය නොවන නිසා. ඒ වගේම භේතික විද්‍යාව , රසායනික විද්‍යාව වගේ දේ කියවෙන්නෙත් නෑ. පෙර හේතුවම නිසා.
ඒ උනාට අද සමහරුන්ට බුදු දහම ප්‍රතික්ෂේප කරන්නම මේදේ ඇති වෙලා. ඒක ඇත්තටම මෝඩ කම සහ අනවබෝධය මිස වෙන කිසිවක් නෙමෙයි.
ඒත් අපි මෙහෙම බලමු. බුදු දහම තුල විස්තර කෙරෙන පරිනාමය ඇත්තටම තර්කානුකූල නැතිද ? තර්කාණුකූළයි. ඒක තේරෙන්න බුදු දහම තුලින් ඒ කියවෙන දේ හදාරන්න වෙනවා.
දැන් සමහරු කියනවා ඔය ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආවා කියන සත්ත්වයේ ගැන තමා ඩාවින්ගේ පරිණාමවාදයේ ක්ෂුද්‍ර ජීවීන් හැටියට සදහන් වෙන්නේ කියලා. මේක සම්පූර්ණ කතා විකෘති කිරීඹක් වගේම තනිකර බොරුවක් . බුදු දහමට අනුව බ්‍රහ්මලෝකයේ ඉපදෙන්නේ අතිශය කුශල සම්පත්තියක් හිමි සත්තවයින් . ඒ සත්ත්වයාගේ එතනින් චුතියේ කිසිම විදිහකින් කෙලින්ම අපාය ගාමී වෙන්නේ නෑ. එතරම් ඒ සත්ත්වයාගේ පින ප්‍රබලයි. ඒ වගේම පෘතිවිය මත මුලින්ම පහල වුනත් ඒ සත්තවයින් ඉතාමත්ම ප්‍රීතියෙන් යුතුව සිටින බවත් ශරීර ආලෝකයෙන් බැබලෙන බවත් සදහන්.
මේ සත්ත්වයාගේ පහල වීමේ කතාව දිහා හොදට බැලුවොත් මේ කතාව මෙහෙම වෙන්න සත්ත්වයා තුල ඇති කරුනු කීපයක් බලපානවා. එකක් තමයි මේ සත්ත්වයා කියන කෙනාට මුලක් නැහැ, මුලක් පෙන්වන්නත් බෑ, තවත් විදිහින් බැලුවොත් සත්ත්වයාගේ මුල පිලිබදව ඇසීමම වැරදියි. මේ ගැටලුවට මෙහෙම සාර්තකම පිලිතුර ලබා දෙන්නේ බුදු දහමෙන් පමනයි. මේක ඉතාමත් පැහැදිලිව අපි පෙන්වා දී තිබෙනවා. (https://www.facebook.com/groups/258884548052152/permalink/441425213131417/)
අදටත් මේ ලෝකයේ කිසිම විද්‍යාඥයෙක් මේ පැහැදිලි කි්රීම කරලා නෑ. මේ පැහැදිලි කිරීඹ ඉක්මවන්නත් කිසි කෙනෙකුට බෑ. ඒත් මේ කියන දේවලා බොහෝමයක් බෞද්ධයන්ටම තේරෙන්නෙත් නෑ. ඒක ඉතින් කනගාටුවට කරුනක්.
කොහොම උනත් එතකොට මේ පෘතිවිය මත මූලිකව සත්ත්වයකු ඇති වීම සත්ත්වයාගේ මුල නෙමෙයි. එක් තැනකින් තවත් තැනක ඉපදීමක් පමනයි. දැන් ඩාර්වින්ගේ පරිණාමවාදය බලමු. මේක තනිකරම භෞතික පදනමක ඉදන් විස්තර කෙරෙන්නේ. සියලු දේ භෞතිකයි හැබැයි සත්ත්වයෝ කියන පිරිසට විතරක් වෙනම මොකක් හරි ස්වයං බවක් තියෙනවා ඒක ඉබේ ඇති වෙලා තියෙන්නේ . එහෙම අරගෙන අනෙකුත් භෞතික පද්ධතීන් එක්ක මේ සත්ත්වයා කියන භෞතික පද්ධතියේ විකාශනය පැහැදිලි කරන්න උත්සාහ කරනවා.
බුදු දහමේ සිදු කෙරෙන පැහැදිලි කිරීඹ තනිකරම තොරතුරු මත සිට සිදු කෙරෙන පැහැදිලි කිරීමක්. මොකද සත්ත්වයාගේ සියලුම දේට මුල් වන්නේ හදුනා ගැනීම. ඒකට කියනවා නාම කියලා. මේ හදුනා ගැනීඹ නිසාම හදුනා ගැනීමට ලක්වන දේවලුත් තියෙනවා . ඒකට කියනවා රූප කියලා.එතකොට මෙන්න මේ නාමරූඵ ලෝකයේ වෙනස් වීම් තමයි බුදු දහමේ සත්ත්වයාගේ පැවැත්ම හැටියට පෙන්වන්නේ .
ටිකකට බලමු මොනවද මේ නාම කියන්නේ කියලා. නාම කියන්නේ සරලවම නම කියන එක. නමුත් මෙතන ඊට වඩා ගැඹුරු අර්තයක් තිබෙනවා . මොනවද මේ නාම ? සංඥා, වේදනා, චේතනා, ඵස්සය(ස්පර්ෂය) , මනසිකාරය . මේවා තමයි නාම ධර්ම කියන්නේ. මේක කොහොමද අපි තේරුම් ගන්නේ? කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ මේ ගැන දේශනා කරනවා හොද විග්‍රහයක් .
කුඩා ලමයකුට පලවෙනි වතාවට රබර් බොලයක් දෙනවා. මේ ලමයා දන්නේ නෑ මේ රබර් බොලය කියන්නේ මොකද්ද කියලා. ඔන්න දැන් මේ ලමයා මේ බෝලය තේරුම් ගන් න උත්සාහ කරනවා. ඒකේ හැඩේ දිහා බලනවා , පාට බලනවා, ස්වභාවය දිහා බලනවා (සංඥා), වේදනා, මේක සමහර විට අතින් තද කරලා බලනවා අතට වැඩිය තද කරපුවහම වේදනාවක් දැනෙනවා. එක්කෝ විසික්කරලා ආයේ ඇවිල්ලා වැදුනොත් ඒත් වේදනාවක් දැනෙනවා. මීට වඩා මේක තේරෙනවා ගිනි දැල්ලක් වගේ දෙයක් පලවෙනි සැරේ නොදැනුව්කමින් අත ගෑවුනාම ඒක ස්පර්ශයක් නෙමෙයි කෙලින්ම වේදනාවක් ලෙසයි අදුරනා ගන්නේ ලෙස කිව්වහම. මෙහෙම වේදනාව පැත්තෙනුත් අදුරා ගන්නවා. ස්පර්ශය . මේක අල්ලලා බලනවා , මට සිලුටු බව, සිනිදු බව වගේ, මෘදු බව වගේ දේවල් (ස්පර්ෂය), අනික මනසිකාරය . මේ ගැන මෙනෙහි කරනවා , එක එක සංකල්ප හදා ගන්නවා. මෙතන තියෙනවා තව වැදගත් දෙයක් මේ ඔක්කොම හරි කියමුකෝ චේතනාව කොහොමද හදුනා ගැනීමක් වෙන්නේ ? ඒ තමයි මේ බොලයෙන් ගත හැකි ප්‍රයෝජනය කියන්නේ මොකද්ද කියන එක. ඒක සෙල්ලම් කරන්න ගන්න පුලුවන් සෙල්ලම් බඩුවක් කියලා හදුනා ගැනීම තමා ඔය. අපිට තුවක්කුවක් දැක්ක ගමන් එන හදුනා ගැනීම තමා මේකෙන් තිබ්බැහැකි කාට හරි කුඩු වෙන්න කියන එක. ඔය චේතනාව නිසා සිදුවන හදුනා ගැනීම. රූප කියන්නේ මොනවද එතකොට. සරලව බිදි බිදී වෙනස් වන ගතියට.
මොකද්ද මෙතන වෙනස් වෙන්නේ . මෙතන වෙනස් වන මෙන්න මෙහෙම දෙයක් කියලා පෙන්වන්න අපිට බෑ මොකද ඒ සියල්ල හදුනා ගැනීමක් නිසා ඉහත ආකාරයට . ඒ නිසා හදුනා ගන්නා සියල්ල වෙනස් වෙනවා. මේ වෙනස් වන රූප හදුනා ගැනීමේ ප්‍රතිපලයක්. එතකොට මේ නාම රූප කියන දෙක එකිනෙක බැදිලා තියෙන්නේ . මේ දෙක වෙන් කරන්න බෑ මෙතනදී තමා මේ රූප වල නිත්‍ය ස්වභාවය පිලිබද වැරදි වටහා ගැනීමකට ඇවිල්ලා සමහර විට මනසිකාරය හරහා සසර දික් කර ගන්නෙත්. එතකොට පැහැදිලී සත්ත්වයකුගේ මුලු සංසාරයේම පැවැත්මට හේතුවන මූලිකම ක්‍රියාදාමය මෙතනින්ම පැහැදිලි කෙරෙනවා. එතකොට මම කිව්ව විදිහට, මේ සත්ත්වයා කියන කෙනා තනිකර හදුනාගැනීම් පද්ධතියක් විදිහට, අපිට නිර්වචනය කර ගන්න පුලුවන්. අලුතෙන් හදුනා ගන්නවා ඒ හදුනාගැනීම් නිසාම වෙනස් වෙනවා . ඒ හරහා අලුත් හදුනාගැනීම් නිපදවා ගන්නවා (හරි විදිහට කිව්වොත් බෙදා ගන්නවා). ඒ වගේම වැදගත්ම දේ තමයි සෑඹ හදුනාගැනීම් පද්ධතියකටම අද ඒ නියමයට අදාල වෙන විදිහටම මේ හදුනාගැනීම් එකිනෙක බැදිලා තියෙන්නේ මේ වෙනස් වීම් හරහා එක් එක් හදුනාගැනීම් වෙනස් වීම් අලුතෙන් ලබා ගැනීම් අනුව අනෙක් හදුනාගැනීම් වෙනස් වෙනවා. මෙන්න පොදු සිදුවීම බුදු දහමේ කර්මය පල දීම ලෙස සරලව පෙන්වන්න පුලුවන්. එතකොට සත්ත්වයා කර්මය පිහිට කොට ඉන්නවා කියන්නේ මේ නිසා බව සරලව තේරුම් ගන්න පුලුවන්. දැන් මේ විස්තරය තර්කාණු කූළද නැද්ද ? සරලද නැද්ද ? මෙතනදිම ප්‍රත්‍යක්ෂද නැද්ද ? ප්‍රත්‍යක්ෂයි. මේකම ගලපාගන් න අර සත්ත්වයාගේ මුල සම්බන්ධ පැහැදිලිකිරීඹටත් ඔන්න සමස්ත සංසාරයම ඔබට ලැබෙනවා.
මේ තවත් පැහැදිලි කර ගන්න අපි බලමු මේ හදුනා ගැනීම කියන එක අදකාලේ වචදන වලින්. මේකට කියන්න පුලුවන් තොරතුර කියලා. Availability කියන්නේ තොරතුර වල එක ලක්ෂනයක්. මේ නිසා අපි හැම වෙලේම කරන හදුනා ගැනීම තොරතුරක්ම විදිහට අර්තකතනය කරන්න පුලුවන්. මොනවද එතකොට තොරතුරු කියන්නේ ? තොරතුර කියන්නේ බෙදා වෙන් කර ගැනීම්, නැතිනම් වෙනස් කම්, Distinctions, භෞතික විද්‍යාවට අනුව නම් බිටු (Bits). වෙනස් කම් කියුපු ගමන් ඔබට වැටහෙනවා මේවා අතර තියෙන අන්තර් බැදීම. එතකොට මේ බෙදා වෙන් කර ගැනීම නිසාම තමා අපිට ලෝකයක් , තියෙන්නේ, ගස් වැල් , මම,ඔබ මේ සියල්ලම බෙදා වෙන් කරගැනීම්.බෙදා වෙන් කරගැනීම් නිසා තමා අතීතයක් අනාගතයක් වර්තමානයක් තියෙන්නේ. අතීතයට සහ අනාගතයට සාපේක්ෂව වර්තමානය .වර්ථමානයට අනාගතයට සාපේක්ෂව අතීතය. හොදින් බලන්න මෙතනදී කාල කියන්නේ සරලවම බෙදා වෙන් කර ගැනීඹක් කියන කාරනයත් අපූරුවට එනවා. මේ බදාවෙන් කර ගැනීමේ සාපේකෂ බව අනුව කාලයේ සාපේක්ෂ බව ව්‍යුත්පන්න කරන්නත් පුලුවන්. හැබැයි ලංකාවේ ඉන්න බුද්ධිමතුන්ට කියන්න කවදාවත් මේවා හොයන්න යන් න එපා කියලා. මොකද වැඩක් නෑනේ . කවදා හරි පිටරක බුද්ධිමතෙක් කියලා දේවි.
කොහොම හරි යම් කාලයක පෘතිවිය විනාශ උනාට පස්සේ බ්‍රහ්ම ලෝකයේ ඉපදීම මේ තොරුතරුවල වෙනස් කම් නිසා සිදුවන දෙයක්. සියලුල බෙදා වෙන් කර ගැනීම නිසා නැතිනම් සියල්ල තොරතුරු නිසා සත්ත්වයා හා ලෝකය යන දෙකම එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා සත්ත්වයාගේ තොරතුරු වෙනස් වීඹ අනුව බාහිර ලෝකය වෙනස් වීමත් බාහිර ලෝකයේ වෙනස අනුව සත්ත්වයා වෙනස් වීමත් සිදු වෙනවා. ඒ වගේම සත්ත්වයකුගේ ඉපදීම සිදු වෙන්න පුලුවන් පරිසරය ඒ සත්ත්වයා තොරතුරු පද්ධතියක් ලෙස ඔහු තුල තිබෙන ඒ තොරතුරු වලට සාපේක්ෂ බවත් එම නිසා අදාල ස්ථන අදාල ලෝක, අදාල ශරීර අංග ලක්ෂන වැනි දේ ඔහුට ලැබෙනවා. මොකද එහෙම නැතිනම් තොරතුරු යනු බෙදා වෙන් කර ගැනීම් වෙන්නේ නෑ. මෙන්න මේ නිසා විවිධ අංග ලක්ෂන සහිත සත්ත්වයින් විවිධ ස්ථාන වල උපදිනවා. එවැනි විවිධ තොරතුරු වලට ගැලපෙන ලෝක පවතිනවා, විවිධ කාල ඇති වෙනවා නැති වෙලා යනවා. මතක් කර ගන්න සත්ත්වයින් ඇතුුලු මේ සියලු තොරතුර පද්ධති සියල්ලමත් සමස්ත එකම තොරතු පද්ධතියක් බව. සියල්ල බෙදා වෙන් කර ගැනීම්. ඒ නිසා එකිනෙක සම්බන්ධයි.
මෙන්න මේ කරුනු ටික පතහට එකට සිදුවා අර ගත්තහම පේනවා ආභස්සර බ්‍රහ්ම ලේාකයේ ඉදන් ආපු සත්ත්වයාගේ තොරුතරු වල වෙනස් වීමත් සමග, ආකල්ප වෙනස් වීමත් සමග ලෝකය වෙනස් වන ආකාරයත් ඉන් පසු විවධ අලුත් දේ අලුතෙන් බෙදා වෙන් කර ගැනීම වගේ හිරු සදු තාරකා පෙනෙන ආකාරයත් පටන් ගන්නවා , වෙනස් වන රූප වලින් කර්මානු රූපව ශාක වැනි දෑ ඇති වෙනවා නැතිනම් දකින්න ලැබෙනවා මේ වගේ ලෝකය වෙනස් වෙන්න වෙන්න ඒ වෙනස් කම් වලට අදාල , නැතිනම් අනුරූප තොරතුරු සහිත සත්ත්වයින් ලෝකය මත පහලවීමත් සිදු වෙනවා. අනික තමයි මේ තෙරතුරු පරිසරයේ වැඩිවීම නැතිනම් ENtropy ය වැඩි වීම මෙතනට කෙලින්ම අදාල කර ගන්න පුලුවන් . ්ඒ ඔස්සේ අතීතයට ගියොත් අන්න අර අඩු තොරතුරු සහිත ලෝකය ලැබෙනවා.
මෙතනදී ඉතින් කෙනෙකුගේ තොරතුරු වෙනස් වීම් අනෙක් කෙනාගේ හදුනා ගැනීමට බලපාන්නේ ඇයි වගේ ගැගේ සරල ගැටලු හිතලාම තේරුම් ගන්න. මේක ඒවත් කියන් න ගියොත් ලිපිය දිගු වෙනවා. සියල්ල සමස්ත තොරතුරුපද්ධතියක් කියන එක සරලව තේරුම් ගන්න. මේ සද හිරු තාරකා පහල වීම ගැනත් මම කලින් පෙන්වා තිබෙනවා. මේක හරියටම ෆැබ්‍රික් එකක් . මේ ලිපිය බලන්න . නැතිනම් මේක කියවලාම බලන්න. පහලිනුත් ලින්ක් එක දාලා ඇති. (https://www.facebook.com/qazwsx123456789gg/posts/339741520262887)
දැන් මම මේ කියපු එකක් වත් තර්කානු කූල නොවන දේද ? බ්‍රහම ලෝකය ගැන නෙමෙයි සත්ත්වයාගේ පැවැත්ම ගැන? නෑ මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ කර ගන්න පුලුවන් හිතලා , මුලින් දිහාම බලලා වෙන කිසිම පර්යේෂනයක් නැති උණත්.
දැන් අපි බලමු ඩාවින්ගේ පරිනාම වාදය දිහා. මෙතන මුලදීම කරනවා ලොකූ වැරැද්දක්. මොකද් දවැරැද්ද. අර සත්ත්වයකුගේ ඇති වීඹ ගැන කියනවා මෙහෙමයි අරෙහෙමයි කියලා නමුත් මේ ඇතිවීඹ සිදුවීම ගැන කතා කිරීමටම තමුන්ගේ හදුනා ගැනීඹ මුල් වන බව වටහා ගන්නේ නෑ. කොටින්ම ටෝච් එකේ බල්බ් එකේ පාටින් තමයි වස්තුවක් තමුන්ට දිස් වන්නේ කියලා තේරුම් ගන්නේ නෑ. ටෝච් එක අත ඇරලා වස්තුවේ පාට ඇතිවුනු හැටි ගැන වස්තුව ඇසුරෙන් පැහැදිලි කරන්න බලනවා.
හැබැයි මම කලින්ම කිව්වෙනේ පරිනාමය කියන එක පොදු දෙයක් හැටියට මේ තැන් දෙකටම අදාලයි කියලා. එතකොට බුදු දහමේ මිනිසාගේ පහල වීමෙන් පස්සේ වෙනස් වෙන ලෝකයේ විවිධ අවස්තා අනුව විවිධ සත්ත්වයින් පහල වෙන්න පුලුවන් ඒ පරිසරයට ගැලපෙන ආකාරයට. එතකොට මොකෙක් හරි සතෙක් ගෙන් පැටියෙක් යම් කාලයක බිත්තර යක ලෙස ඇති වීමත් අවශ්‍ය නම් මෙතනට ඈදා ගන්න පුලුවන් කිසිම ගැටලුවක් නෑ. අවුරුදු මිලියන ගණන් වලට පොර ඩයින සෝරයන් ඇති වීම, අමුතු අමුතු සත්ත්වයන් බිහිවීම , වදුරන් වැනි මිනිසාට සමාන සක්ෂන ඇති සත්ත්වයින් පහල වීඹ, නියැන්ඩතාලයන් පහල වීම, වදවී යාම වගේ සියල්ල මෙතනට අදාල කර ගන්න පුලුවන් කැමති කෙනෙකුට. එතකොට මෙතනදී ඩාවින්ගේ පරිණාම වාදය හා බුදු දහමේ සත්ත්වයා පිලිබද විග්‍රහය නොගැලපෙන එකම තැනයි එන්නේ. ඒ බුදු දහමට අනුව තිරිසන් සත්ත්වයකුගේ සිට ඇතිවුනු පරිණාමයක් මිනිසාට නැහැ. ඔච්චරයි වෙනස. අපිට ගන්න වෙනවා මිනිසා ලෝකයේ මුල පටන්ම සිටි බවට. මේ සම්බන්ධව මුල පටන්ම පැවති රජවරුගේ නාමාවලියත් බුදු දහමේ සදහන් . ඔය කතාව ඩාවින්ගේ පරිනාමය නිසා බොරු වෙනවද ? නෑ. මොකද ඩාවීන්ගේ පරිණාම වාදය භෞතික සාධක මතින් දුවන දෙයක් ඒ සදහා සාක්ෂි හමුවිය යුතුයි. නමුත් අපි දන්නේ නැහැ එහෙම සාක්ෂී තවදුරටත් සුරක්ෂිතව තියෙනවද ? හොයා ගන්න පුලුවන්ද කියලා වත් . හැබැයි මේ බුදු දහමේ සිදු කෙරෙන විග්‍රහය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගන්න පුලුවන් කිසිම සාක්ෂියක් නැතුව. දැන් මොකද් ද මෙතනින් හොද? සත්ත්වයාගේ මුලත් විශ්වයේ මුලත් පැහැදිලි කරලා, මේ දෙක වෙන් කරන්න බැරි බවත් පැහැදිලි කරලා පරිනාමයත් පැහැදිලි කරලා ලෝකයත් පැහැදිලි කරන බුදු දහමේ විග්‍රහය හොද නැද්ද? ඩාවින්ගේ පරිනාම වාදය ඕක මැදට අමුනා ගන්න පුලුවන්. හැබැයි මිනිසුන්ට බෑ. මෙනදී ආභස්සර බ්‍රහ්ම ලෝකය මොකද්ද එහෙම තියෙනවද කියන එක ගැටලුවක් නොවන බවත් තේරුම් ගන්න. මොකද මම දන්නවා සමහර අය මේක කියවන්නේ මේක තේරුම් ගන් නනෙමයි. ඉස්පිල්ලක් පාපිල්ලක් නැති තැනක් හොයන්න
මේ සම්බන්ධයෙන් තව බොහෝ දේ විස්තර කරන්න නම් පුලුවන් නමුත් ඉතින් ලංකාවේ ඉපදිලා මෙච්චර දැනුම් පද්ධතියක උරුමක්කාරයෝ වෙලා අද අද බාලයෝ වගේ අපේ මිනිස්සු හැසිරෙන හැටි දැක්කහම වෙලාවකට මේ ලියන දේවලුත් අපරාදේ කියලා හිතෙනවා.
දැන් මේ සියලු විග්‍රහයෙන් අයින් වෙලා වෙනම දෙයක් පොඩ්ඩක් පෙන්වන්නම් . මේ ලොකේ ඩාවින්ගේ පරිනාම වාදයට තියෙන ලොකුම තර්ජනය මැවුම් වාදය. ඔවුන් කියනවා අවුරුදු 6000 කලින් තමා ලොකය ඇති උනේ කියලා. ඩයිනසෝර කාල නිර්න වැරදී කියලා. මේ තියරි ඇරෙන්න අපේ මේ තොරුතුරු පරිණාමය පිලිබද වාදය ගැන මේ ලෝකේ කිසිම විද්‍යාඥයෙක් දන්නේ නැහැ. ඔය දෙකටයම කට උත්තර නැති වෙනවා මේ වාද එලියට ආවොත්. අඩුම තරමින් මනස පිලිගත්තොත් ඒත් ඩාවින්ගේ පරිනාමවාදය සෑහෙන ගැටලුවකට මුහුන පානවා. නමුත් අපිට පුලුවන් අවශ්‍ය නම් මේ පැහැදිලි කිරීඹ ලෝකයට ගෙන යන්න. අද වෙලා තියෙන්නේ ජනප්‍රිය මතය නිසා පරිනාමවාදයට තැනක් ලැබීම. මොකද ඒ විස්තරය වෙනත් විදිහකට පැහැදිලි කරන්න වෙන වාදයක් නැති නිසා.
මේ පැහැදිලි කිරීමේ කොච්චර ඉස්සරහට යන්න පුලුවන් ද කියලා කිව්වොත් අවශ්‍ය නම් partial differential සමීකරණ හදන්න පුලුවන් සත්ත්වයා කියන්නේ තොරතුරු තොරතුරු පද්ධතියක් කියලා අරගෙන. කොහොමද ඒ? ඇයි සත්තවයා තුල තිබෙන බෙදා වෙන් කර ගැනීම් අනුව තමයි ඔහු දකින ලෝකය නැතිනම් විශ්වය තීරනය වන්නේ . ඒවා තමයි Diravatives. ඒ දේ හරහා තමයි එතනින් එහා පවතින තොරුතුරු තීරනය වන්නේ. එතකොට මේ පෘතිවියේ ඉදන් යම් දුරක කලු කුහරයක් පැවතීමේ සම්භාවිතාය මේ සමීකරනයෙන් ගනනය කරන්න පුලුවන්. අර උඩ දාපු සැකසූ විශ්වය ලිපියේ විග්‍රහය එක්කම මේක සසදන්න. සංකීර්ණයි තමයි නමුත් කොහොමද ක්වොන්ටම් කම්පියටර් එකකට මේ තෙරතුරදාල වෙන මුකුත් නැතුව විශ්වය ගැන හොයන කොට . ඒ විතරක් නෙමෙයි අනාගතය ගැන අතීතය ගැන පවා විස්තර කියන්න පුලුවන්. අනික අද වගේ අතීත විශ්වය බැලීමක් නෙමෙයි මේ දැන් විශ්වය දෙස බැලීමක් . කාලයේ බලපෑමක් එන්නේ නැහැ. හැබැයි සම්භාවිතාවය මත පදනම් වෙමින්. ඉතින් මිනිසතුගේ අනාගතටයත් මේ වගේම කියන්න පුලුවන් නමුත් ඒ දියුනුව අපිට ක්වොන්ටම් පරිඝනකයකින්වත් ලබා ගන්න පුලුවන් ද දන්නේ නැහැ. නමුත් කරන්න පුලුවන් බව තේරෙනවද?
ඒ විතරක් නෙමෙයි විශ්වයේ බල වගේ දේවලුත් වෙනම පැහැදිලි කරන්න පුලුවන්. වෙන ලිපි වල සමහර තැන් වල දක්වාලා ඇති
අද පවතින ජනප්‍රියම වාදය ඩාවින්ගේ පරිනාමවාදය නිසා සියලු තොරතුරු සෙවීඹ සිදු වන්නේ එය සීමා කරගෙන. එය තමා සීමාව. ඔය අවුරුදු බිලියන ගනන් පැරනි යම් යම් උපකරන හමුඋනා කිව්වත් ඒවාි ඇත්ත හෝ බොරු හෝ හැම වෙලේම බොරු ගොඩටම දැමීමට පෙලඹීමක් තියේනනේ මේ නිසා. ඒ නිසා වැඩි දෙනෙක් ඒවා ගැන වැඩිය හොයන්නෙත් නැහැ. මෙතන කෙරෙන්නේ සාක්ෂි ගැලපීමක් , සාක්ෂි හරහා සිකල්පය පෝෂනය කිරීමක් . සංකල්පයක් කියන්නේ මොකද් දකියන එක තේරුම් ගැනීම වැදගත් . මේ ලිපිය => (https://www.facebook.com/qazwsx123456789gg/posts/158454035058304) . අපි ඕනෑඹ දෙයක් අරගෙන ගැලපෙන සාක්ෂි හොයලා සංකල්ප නිර්මාණය කරන්න පුලුවන්. ඉන් කියවෙන්නේ නෑ ඒක වෙනත් විදිහකට සිදුවිය නොහැකි බව. නමුත් සාක්ෂි වලට ගලපා ගැනීම නිසාම වැඩි තැනක් ලැබෙන්න පුලුවන්. අනික තමයි අතීතය ගැන හොය කොට වැඩිම එයට දායක වෙන පිරිස කවුද ? පුරාවිද්‍යාඥයින්ද ? නැහැ. පතල් ආදයේ කැනීම් කරන කම්කරුවන් තමයි මුල්. බලන්න බොහෝමයක් පොසිල සොයා ගැනීම් වගේ දේ සිදු වෙලා තියෙන්නේ මේ වගේ අහඹු දේ නිසා. මොකද අපිට අද දියුනු තාක්ෂනයක් ලොකය විනිවිද දකින්න. සාගරය සිසාරා පිරිික්සන්න. ලෝකයේ මැදට යනකොට මොනවගේද කියලා හරියටම තේරුම් ගන්න. ඉතින් සාකෂි හොයනවා කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙමෙයි.
කොහොම උනත් මෙච්චර දුර මේක කියවපු කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න ස්වභාවික සම්පත් වලින් නෙමෙයි දැනුම අතිනුත් අපේ රට මොන තරම් වාසනාවන්තද කියලා. මේ විශ්වය දෙවනත් කරන්න පුලුවන් දැනුමක් අපිට හදා ගන්න පුලුවන්. නමුත් අන්තිම නිවට විදිහට අන්තිම දීන විදිහට, අන්තිම මෝඩ විදිහට අර කවුරුවත් කියන දෙයක් අනේ එහෙමයි කියලා පිලි අරගෙන , තපුල්ල තපුල්ල ඉන්න අන්තිම ජරාම මෝඩම පිරිසක් වැඩිපුර මේ රටේ ඉන්නේ, පාලකයෝ වෙලා ඉන්නේ, අධ්‍යාපනය දෙන්නේ. ඉතින් මේ අද රට තියෙන තත්වය ඇත්තටම සාධාරනයි.
දැන් මගෙන් අහන් න එපා ඇයි මේ මම අනිත් අයට කියන්නේ මම ඕවා ගොඩ දාල ලෝකෙට දෙන්නැත්තේ කියලා. මේවා මුලින් තේරුම් ගන්න එක ලේසි දෙයක් උනේ නෑ., තොරතුරු හොයා ගැනීඹ ලේසි උනේ නෑ. සංකල්ප හදන එක ලේසි වෙන්නෙත් නෑ. ඉතින් මේවාම දිගට දිගට කර කර හිටියොතේ මට ජීවත් වෙන්න වෙන්නෙත් නෑ අතේ සතේ නැතුව. අඩුම ගානේ අද හෙට නම් බෑ.

Tuesday, January 15, 2019

තොරතුරු,භවය, සත්ත්වයාගේ මුල ,.........

තොරතුරක් යනු සරලව බෙදා වෙන් කර ගැනීමක්. කලු නිසයි අපිට සුදු තියෙන්නේ. නිශ්ෂබ්ධයට සාපේක්ෂව ශබ්ධ තියෙනවා. ඒ ඒ ශබ්ධ වලටා සාපේක්ෂව අනෙක් ශබ්ධ අපි අදුරා ගන්නවා. ඉතින් හිතන්න සාපේක්ෂ බවින් තොරව යම් මුල් තොරතුරක් විශ්වයේ ඇති වෙන්න පුලුවන්ද ? දෙවියන් වහන්සේ විශ්වය මවන්නේ මොකට සාපේක්ෂවද ? සුදු පාට මවන්න කලුපාට නැතුව බැහැ. ඒ දෙකම තියෙන්න පාට කියන සංකල්පය තියෙන්න ඕනේ. එතකොට ඒවා දකින් ඉන්ද්‍රිය මේ හැම දෙයක්ම තියෙන්න ඕනේ. කැරකිලා කැරකිලා අන්තිමට ඔය ටික කරන්න මමෙක් ඉන්නත් ඕනේ . මම මම වෙන්නේ මොකට සාපේක්ෂවද ? ලෝකයට සාපේක්ෂව. ඉතින් ඒ කියන්නේ ලෝකය නැතුව මමෙක් ඉන්න බෑ. ඒත් මම තොරුතුරු නොකර ගෙන කොහොමද ලෝකයක් අදුරා ගන්නේ. හෝ තියෙන්නේ . ඒ කියන්නේ මගෙන් තොර ලෝකෙකුත් නෑ. ඉතින් කොහොමද තොරතුරු වල මුලක් පෙන්වන්නේ ? හැම වෙලේම සාපේක්ෂව තවත් යමක් පැවතිය යුතුයි. සත්ත්වයා හා ලෝකය යන දෙකටම මුලකුත් නැහැ. ඒ දෙකම එකම ප්‍රවාහයක බෙදා වෙන් කර ගැනීම්.
අනෙක් අතට තොරතුරු කියන්නේ සකස් කර ගැනීමක්. කම් බෙරයේ කම්පනය අපි ශබ්ධයක් ලෙස අදුරා ගන්නවා. ඒ හදුනා ගැනීම කම්පනයට සාපේක්ෂයි. වෙනස් කම්පනයක් අප වෙනස් ශබ්ධයක් ලෙස අදුරා ගන්නවා.
මේ තොරතුරු තමා සියලු හදුනා ගැනීම්.
සිතිවිලි කියලා හදුන්වන්නේ මෙයයි.
අවකාශය - තොරතුරක්
හැගීම් - තොරතුරු
වෙනස් වීම - තොරතුරු
අදුර - තොරතුරු
සංකල්ප - තොරතුරු
අපහැදිලි බව - තොරතුරු
ඉපදීම තොරතුරු
මරණය - තොරතුරු
වේදනාව - තොරතුරු
විශ්වය - තොරතුරු .............. and on and on ...
සකස් කිරීම බෙදා වෙන් කර ගැනීම කරන්න පුලුවන් සත්ත්වයාට විතරයි. එම නිසා සත්ත්වයාගෙන් තොරව තොරතුරු පවතින්නේ නැහැ.
මේ තොරතුරු ප්‍රවාහය නැතිනම් සිතිවිලි ප්‍රවාහයේ වෙනස් වීම තමා අපට එක් එක් වෙලාවල එක් එක් තොරතුරු වන්නේ. හැම ක්ෂණයකම තොරතුරු වෙනස් වෙනවා. ඒ තොරතුරු වෙනස් වීඹම තමා මරණය කියන්නෙත් . ඒකත් හදුනා ගැනීමක් මිස අමුතු යමක් නෙමෙයි . වෙනස් වීඹට අනුරූඵ ඊලග තොරතුරු අපට අලුත් භවයක් . මේ කනටිනුවස් ප්‍රවාහය තමා සංසාරය කියන්නේ.
තොරතුරු වලට පත්කර ගත්ත මූලිකව යොදා ගත්තු දෙයක් තියෙනවද කියන ගැටලුවට අපට අදාල නෑ. මොකද අපි සකස් කර ගෙන තිබෙන දේ තමා හැම විටම පේන්නේ.
මේ නිසා තමා පටිච්ඡ සමුප්පාදයේදී සකස් කිරීමෙන් අනතුරු බෙදා ගන්නවා විඥ්ඥාණයෙන්. විඥ්ඥාණය හෙවත් බෙදා වෙන් කර ගැනීඹ නිසා නාමය සහ රූපය කියලා දෙකක් බෙදා ගන්නවා. ඊලගට එම නිසා මේ දෙකේම ගැටීමෙන් ස්පර්ෂ කියලා දෙයක් ඇති කර ගන්නවා. ඊට පසසේ වේදනාව කියලා දෙයක් සකස් වෙනවා. අර කන් බෙරයේ කම්පනය වගේ, ඔන්න පටිච්ඡ සමුප්පාදය. එකක් සකස් වුනු ගමන් අනෙක් සියල්ලම එයට සාපේක්ෂව සැකසෙනවා . උපත මරණය පවා මෙහි අංග. විද්‍යාව පැත්තෙන් ගත්තොත් සකස් කර ගැනීඹ නිසා ආලෝකයේ ප්‍රවේගය යන සංකල්පයට හේතුවන දේ පවා සකස් වෙනවා. මේ එකකට පස්සේ එකක් ඇති වන ඒවා නෙමෙයි. මේ එකටම පවතින අංග. මේ සකස් කිරීමම තමයි පරිඝනක වල වෙන්නෙත් . 1 සහ 0 වේ විවිධ පැටර්න්ස්. = විවිධ තොරතුරු.
මෙච්චරයි කතාව.
මේ අවිද්‍යාව නිසා තමා අපිට හැම වෙලේම බාහිරව ලෝකයක් ඇත කියලා පේන්නේ. ඒ නිසා එයට සාපේක්ෂව අපේ සිරුර විනාශ වෙලා යනවා දකිනවා . නමුත් තමුන් දන්නේ නැහැ තමුන් මේ ලෝකයේම කොටසක් බව. බෙදා වෙන් කර ගැනීම තමා තමුන්ට මේ වැරදි වැටහීම ලබා දෙන්නේ. සත්ත්වයා සිතිවිලි ලෝකය යනු සියල්ලම එකම ප්‍රවාහයක්. බෙදා වෙන් කර ගැනීම හෙවත් විඥ්ඥානයය් මේ ලෝකය හා සත්ත්වයා දෙකක් යන වැරදි අවබෝද්‍ය ලබා දෙන්නේ.
මේ දෙක එකක් නිසා තමා මනස වැඩි දියුනු කිරීමෙන් භෞතික දේ වෙනස් කරන්න පුලුවන්. ක්වොන්ටම් මිනුම් වෙනස් වෙන්නේ. ඒ වගේම භෞතික දෙයින් මනස වෙනස් කරන්න පුලුවන්. මේ එකම ප්‍රවාහයක් නිසා තමා කර්මය කියල දෙයක් ඇදි ඇදි එන්නේ. කර්මය කියන්නෙත් , සකස් කිරීම්. නැතිනම් පුරුදු කිරීම්. එකක පුරුදු වන විට එයට සාපේක්ඹව තමා අනිත් දේ දකින්නේ.අනිත් තොරතුරු සැකසෙන්නේ.
ඒ නිසා තමා විඥ්ඥාන නිරෝධය . සංඛාර නිරෝධය වගෛ් මේ ඕනෑම අංගයක නිරෝධය නිවනට කියන නමක් වෙන්නේ. මරණයේ නිරෝධය කියන්නත් පුලුවන්. උපතේ නිරෝධය කියන්නත් පුලුවන්, අවිද්‍යාවේ නිරෝධය කියන්නත් පුලුවන්. මොකද එකක් නිරෝධය වුනු ගමන් අනෙක් සියල්ලමත් ක්ෂනිකවම නිරෝධය වන නිසා.
හොදම දේ තමා කාලය කියන වෙනස් වීමත් තියෙන්නේ මේ බෙදා වෙන් කර ගැනීම නිසා. ඒ නිසානේ අපට වෙනස් වීම් පේන්නේ. එම නිසා පටිච්ඡ සමුප්පාදයෙන් එපිට කාලයක් නැහැ. ඒ නිසා තමා නිවන් දුටු පුද්ගලයා ඒ ක්ෂනයෙන් මිය ගියත් ,කල්ප ගානක් ජීවත් වී මිය ගියත් ඒ නිවන් සැප කියන දේ නොඅඩුව විදින බව. කාලය යන්න එයට අදාල නැහැ. අනික මේ බෙදා වෙන් කර ගැනීම නිසා තමා කාලයත් එක්ක මුල කියන සංකල්පය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා තමා අපට හිතෙන්නේ හැම දේටම මුලක් ඇත කියලා. බලන්න උඩ කියපු සත්ත්වයා ලෝකය වෙන් කරන්න බෑ වගේම එහි මුලක් යන කොටසත් මේ වැරදි වැටහීම් නිසාම ඇති වන දෙයක් . එය බෙදා වෙන් කර නොගත්තා නම් කාලයක් යන්නත් නෑ, එම නිසා මුල කෝ කියන ගැටලුව වැරදි ගැටලුවක්. පිලිතුරු නැති ගැටලුවක් නෙමෙයි . තිබෙන ගැටලුවකුත් නෙමෙයි . බලන කෝණය අනුව වැරදි ගැටලුවක්.
ඔන්න තොරතුරු , සංස්කාර, විඥ්ඥාන ආදී සියල්ලේ ගැලපීම. තොරතුරු යන්න හදුනා ගැනීම නැතිනම් සිතිවිලි ලෙස අපේ වචන වලින් ගන්න් පුලුවන්. මෙතන තොරතුරු කියලා ගත්තේ ගොඩ දෙනෙක් අද දන්න වචනයක් නිසා.
කැමති කෙනෙකුට මේවා නිවනට දාගන්න පුලුවන් වගේම තවත් කෙනෙකුට අවශ්‍ය හිතේ හැටියට අලුත් විද්‍යාත්මක සංකල්ප නිර්මාණය කරන්න යොදා ගන්න පුලුවන්. ලෝකය තේරුම් කරන්න පුලුවන්.
මේ කියපු සියලු දේ තේරුම් ගන්න හොදම විදිහ තමුන්ට තොරතුරක් තොරතුරක් වන්නේ කොහොමද කියන එක කල්පනා කිරීම . මේක නිකම්ම පැහැදිලි වෙයි. එක සැරේම මේකට ඉන්ටිව්ටිව් එකක් මොලය හදා ගන්නේ නැහැ.
අනික මේක මේ බුදු දහමේ තිබුනු පලියට ගලපලා කියලා කෙනක් හිතනවානම් ඒක වැරදී. සරලව මේ මොනවත් නැතුවත් මේක තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා තමා විඥ්ඥානය, සංසාරය වගේ සංකල්ප අනෙක් දෘශ්ටිවලත් පැවතුනේ. ඔවුන්ගේ බුද්ධියෙන් ඔවුන් යම් තාක් දුරකට තේරුම් ගත්තා. නමුත් මේ ගැඹුරු අර්ථ දැක්වීම් සහ නිරෝධයන් ඔවුන්ට ගෝචර නැහැ.

Sunday, January 13, 2019

අනිත්‍යය විද්‍යාත්මකද ?



වෙලාවක ඇදේ වැතිරිලා ඉන්න ගමන් ඇස් දෙක වහගෙන වටේ පරිසරය හිත යොමු කරලා තියෙනවද ? වෙනස් වීම් මෙනෙහි කරලා තියෙනවද ? අපි සාමාන්‍යයෙන් දන්නේ ඇති වීම් නැති වීම් කියලා වෙනස් වෙනවා කියලා. නමුත් ඒකත් වෙනස් වීම කියන තනි වචනයට දාලා අනිත්‍ය කියලා වෙනස් වීම් මෙනෙහි කරන්න. ඔබට ඇහෙයි වටේ පිටේ ශබ්ධ . වාහානයක් යනවා වගේ නම් හඩ අහගෙන ඉන්න. ඒ හඩ ඇහෙන්න පටන් ගත්තු තැන ඉදන් නොඇසෙන තැන දක්වා. කෙමෙන් වැඩි වෙවී පසුව අඩු වෙවී ශබ්ධය වෙනස් වේගන ගිය හැටි ඔබට දැනේවි. කුරුල්ලකු හෝ සතෙක් කෑ ගසන සද්දයක් නම් ඒත් ඇති වෙලා නැති වෙන හැටි දැනේවි.වෙනස් වීගෙන යන හැටි දැනේවි. ශබ්ධ එක දිගට ඇති වෙලා නැති වෙවී වෙනස් වන ආකාරය දැනේවි. සුලගේ ශබ්ධයේ සිට කුමන කුඩා හෝ ලොකු ශබ්ධය හොදින් මෙනෙහි කරන්න. හැම එකම කෙටිව හෝ දීර්ඝව කෙමෙන් කෙමෙන් ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් බව තේරේවි. වෙනස් වෙන බව තේරේවි. එක දිගටම තියෙන ශබ්ධයක් උනත් ඉක්මනින් ඉක්මනින් සිදුවන වෙනස් වීම් බවත් ඒවගේ කුඩා හෝ මහත් කොටස් වල එකතුවක් බවත් තේරේවි. බාහිර පරිසරය මේ ආකාරයෙන් වෙනස් වෙමින් යන තැනක් බවට මේ ආකාරයෙන් මෙනෙහි කරන්න.
වෙන මොනවද දැනෙන්නේ? ඊලගට මෙහෙමත් මෙනෙහි කරන්න. වෙනස් වන බව අරමුනු කරගෙන. ඇගට සුලං වදිනවා ම් ඔබට තේරේවි ඒකත් මේ ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් වල එකතුවක් බව. ඇගට දැනෙන ස්පර්ෂය ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් බව. සිරුර ඇදේ ගැටෙන ස්ථාන ගැන හොදි් අවධානය යොමු කලොත් පෙනෙය් ඒ ස්පර්ෂය ගැන දැනීමත් ඇති වෙලානැති වෙලා යන වෙනස් වීම් වල එකතුවක් බව. හදවත ගැහෙන හැටි. සිතිවිලි තැනින් තැන අල්ලා ගන්න හැටි සහ අරමුනෙන් අරමුනට මාරුවෙන හැටි.... මේ විදිහටම තමුන්ගේ සිරුර ගැනත් හිතන්න. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා . ඒ අනුව පපුව බඩ එහෙමත් සෙල වෙනවා. වෙනස් වෙනවා. ශරීරයේ කැසිල්ලක් ආවත් , වේදනාවක් ආවත් සතෙක් දෂ්ථ කලත් ඒ එන වේදනාවත් ඇති වෙනවා නැතිවෙනවා බව මෙනෙහි කරන්න පුුලුවන්.
දැන් අර බාහිර ලෝකයේ හදුනා ගත් වෙනස් වීමුයි ශරීරයේ වෙනස් වීමුයි සියල් ලම එකම වෙනස්
වීම් රැසක් පමනක් බව සමස්තයක් ලෙස හිතන්න පුලුවන්ද ? (නිකම් අත කැපෙන්න පුලුවන දෙයක් ලිහිල්ව අල්ලනවා වගේ ඒ දැඩිව ගන්නැතුව සියල්ල ගැන සමස්ත ලෙස ) එලියත් වෙනස් වෙනවා ඇතුලත් වෙනවා. වෙනස් වීම් ඇර වෙන කිසිම දෙයක් නෑ. දැන් කෝ ඔබ ? කෝ ලෝකය ??
දැන් මෙහෙමත් හිතන්න පොඩි කාලේ කුඩාවට හිටපු ඔබ ලොකු උනා දැන් වයසට යනවා . අනාගතේදි වයසට ගිහින් ඇග රැලි වැටිලා අවසානයේ මිය යනවා. අපේ ඇස් දුර්ල වෙනවා , විනාශ වෙනවා, මුහුන විරූපී වෙනවා, මොලෙත් අවසානයේ වෙනස් වෙලා විනාෂ වෙලා යනවා. මුලු ශරීරයම විනාෂ වෙලා නවා. ඇටකටු පවා විනාශ වෙනවා. මේ වෙනස් වීම....
ලෝකයත එහෙමයි ගස් වැවෙනවා, හිර පායනවා සද පායනවා , වහිනවා, පායනවා, වතුර ගලා යනවා, ගංගා ඇල දොල ගලා යනවා, මුහුදේ රැල නගිනවා. කුරුල්ලෝ පියාඹනවා , උන්ගේ පැටව් ලොකු වෙනවා , උනුත් මැරෙනවා, ලේකයේ ඉන්න මිනිස්සුත් තරුන වෙනවා , ලස්සන නෙවා, වයසට යනවා, විරූපී වෙනවා මැරෙනවා ශරීරය විනාෂ වෙනවා .... තමුන් පැත්තෙන් හිතුවත් ලෝකය පැත්තෙන් හිතුවත් වෙනස් වීමම නේද ? ? කොහෙන් ගත්තත් වෙනස් වීමම නේද ? මේ ඔක්කොම ගැන හිතලා මේ සියල්ල සමස්තයක් ලෙස වෙනස් වීම් ගොඩක් ලෙස සිතන්න පුලුවන්ද ? ඇහෙන දැනන ඔක්කොම කම වෙනස් වීම් ගොඩට දාන්න. දැන් එහෙම ගත්තහම කෝ ලෝකය? කෝ ඔබ ???
වෙනස් වීම් මෙච්චරද ? නැහැ. ඇසින් යම් දේවල් දකින එක ? බලන එක ? සිතිවිලි ව ල අතරමන් වන හැටි, සිතිවිලි ඇති වෙලා නැති වෙන හැටි, සින්දු අහපු හැටි, නටපු හැටි, ලෙඩ උනු හැටි, හොද වුනු හැටි, ඔබ පාසල් ගිය හැටි. ක්‍රීඩා කරපු හැටි, විනෝද වුනු හැටි . ඒ කාලේ ඉවරයි දැන්, ඇද ඔබ රැකියාවට යන එන එක . මාසේ අන්තිමට පඩි ගන්න එක . එදාට ඒ ගැන සතුටු වෙන එක. පඩිය ටික ටික වියදම් වෙලා යන හැටි. , ඒ ගැන හිතලා දුක් වෙන එක. කතා කරන එක ? ගෑනු ළමයකුට පිරිමි ළමයකුට හිත ගිය දවස , පෙම්වතෙක් පෙම්තියක් වුනු දවස? විරහ වේදනා විදපු කාලය විවාහ වුනු දවස? දරුවන් ලැබුනු හැටි දරුවන් උස්මහත වුනු හැටි හෝ ඉදිරියේ දි උස් මහත් වන හැටි. ගෙවල් හදන්න පටන් ගත්තා හෝ ඉියේදී හදන හැටි, එහි වැඩ අවසාන වන හැටි... වාහනයක් ගන්න හිතන , එක , අර ගත්තු හැටි . ලොතරයි දිනුම් ඇදුනු හැටි දිනුමක් ඇදෙන්න ලොතරයි ගන් න හැටි ?? තෑගි ලැබුනු හැටි.... මේත් මොනවද ???? වෙනස් වීමම තමා...
ඒ වගේම ලොකයේ අනිත් මිනිස්සු වෙනස් වන හැටි . පාසල් ගිය හැටි , රැකියා කරන හැටි, විවාහ වන හැටි, දික්කසාද වෙන හැටි , දරුවන් හදන හැටි , දරුව් ලොකු මහත් කරන හැටි, ලෙඩ වෙන හැටි. දෙමව් පියන් වයසට යන හැටි, විශාල ගොඩ නැගිලි ඉදිකෙරෙන හැටි, මිනිස්සු දියුනු වෙන හැටි, ග්‍රහලෝක ජය ගන් න හැටි, යුද්ධ ඇති වන හැටි, යුද්ද නැති වෙන හැටි.. සුනාමි, ගංවතුර ගලපු හැටි.... මේත් මෙනවාද? වෙනස් වීම්මම තමා..
දැන් මේ ඔක්කොම එකට තියලා සමස්තයක් විදිහට වෙනස් වීම් ගොඩක් විදිහට බලන්න පුලුවන්නම් කෝ ඔබ? කෝ ලෝකය ???? වෙනස් වීම් ගොඩක් විතරයි නේද ?
මද හෝ වේදානවකින් ඉන් න වෙලාවක උනත් ටිකක් මේක කරලා බලන් න. වේදනාව අඩුවෙයි. ඇයි ඒ ? වේදනාව වෙනස් වීමක් කියලා නොගෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කරන සිතිවිල්ලෙන්ම ඒ ගැන නොයිවසිල්ලක් ඇවිල්ලා වේදනාව වැඩි කරනවා. නමුත් වේදනාව වෙනස් වීමක් කියලා මෙනෙහි වෙනවා නම් අර පිටත හො අනෙකුත් වෙනස් වීම් වගේම එය තවත් වෙනස් වීමක් පමනක් බවම පිලිගන්නවා. ලොතරයියක් ඇදීමත්, සින්දුවක් රස විදීමෙන් තුට ඇති වීමත්, මේ වේදනාවත් ඔක්කොම වෙනස් වීම්ම පමනක් බව තේරුම් යනවා. මේ වගේ අනිත්‍ය මෙනෙහි කලොත් ගැහුවත් බැන්නත් දිනුවත් පැරදුනත් ධන පතියෙක් උනත් දුප්පතෙක් උනත් හෙට හෝ ලබන සතියේ එල්ලලා මරන් න හිටියත් කිසිම කම්පාවක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇයි අර සමස්ත වෙනස් වීමේම කොටසක් තමා මේ. වෙනස් වීම් හැරුනු කොට වෙන කිසිම දෙයක් නෑ.
සියලුම රාග ද්වේශ සියල්ලමත් මේ වෙනස් වීම් කියලා මෙනෙහි කරන්න . කවදා හරි තවදුරටත් රාගය රාගයක වෙන්නේ වත් ද්වේශය ද්වේශයක් වෙනනේ වත් නෑ. තවත් වෙනස් වීම් විතරයි. ලෝකයේ වෙනස් වීම් සහ මේ සිතේ වෙනස් වීම් කියලා දෙක්ක් වෙන්නෙත් නැහැ. සියල්ල සමස්ත වෙනස් වීම් ගොඩක් විතරයි. ඒකෙ මම වත් ඔබවත් ලෝකයක් වත් නෑ. අපේ අවිද්‍යාව තමයි මේ වෙනස් වීම වෙනස් වීම කියලා නොගෙන මේක සැපක් මේක දුකක් මේක මගෙ මේක අරයගේ , අරක කරනවා මේක කරනවා කිය කිය බෙදාගෙන ඉන්නේ . අන්න ඒ නිසාම තමයි ඒවා වෙනස් වෙන කොට තව දුක සැප කියලත් අල්ලා ගන්නේ. නමුත් සමස්තයම වෙනස් වීම් කියලා තේරුම් ගත්තහම කෝ දුකක් ? කෝ සැපක් ? කෝ ඔබ?? කෝ ලෝකය ? කො දරුවෝ කෝ මිනිස්සු ?
මේ තියෙනනේ විද්‍යාවෙන් හොයන ග්‍රෑන්ඩ් යුනිෆීල්ඩ් තියරිය නැතිනම් සියලුම දේ එක තැනකට ගන්න පුලුවන් නියමය අගේට දක්වලා බුද දහමේ. සියල් ල සමාන වෙනවා සියල් ල අනිත්‍යය නිසා. සියල් ල වෙනස් වීම් නිසා. අපි අල්ලා ගන්න විදිහ නිසයි අපිට එක එක විදිහට පේන්නේ. නැතුව වෙනස් වීම් හැර වෙන කිසිවක් නෑ.... ඔය වෙනස් වීම් වල එකක් හරි අල්ලා ගත්තොත් දුකක් හරි සැපක් හරි කියලා ඔන්න අනිත් වෙනස් වීම් වලටත් ලේබල් එනවා.ඇඩීම් වැලපීම් සතුටු වීම් සියල්ලම සමග තන්හා මාන වගේ ඔක්කෝම ඇදිලා එනවා.
මේ අවබෝධය බටහිර විද්‍යාවද පෙරදිග විදයාවද ? සාපේක්ෂතාවාදයද ? ක්වොන්ම් භෞතිකයද ? ආගම්ද ? දර්ශනද ?ගුප්ත විද්‍යාවද ? නෑ. පැහැදිලිව පේනවා නේද මේ එකක් වත් නෙමෙයි කියලා. තවදුරටත් බුදු දහම දර්ශනයක් හෝ වෙනවද ? නෑ. ඒක බුදු දහමම විතරයි.
යම් වාදයක් සමග වාද නොකරන යම් වාදයක් වේද එය මගේ වාදයයි. - බුදු රජානන් වහන්සේ. ඒ වාදය තමා උඩ දැක්වූවේ. අනක් සියලු වාද ඔය වෙනස් වීම් ඇතුලේ කර ගත්තු අල්ලා ගැනීම් කියලා දැන් තේරෙනවද ?
අනිත්‍ය නිර්මාණශීලී විදිහට හිතන්න , නිර්මාණශීලී විදිහට දකින්න . ඔලුවට එන හැම අරමුනක්ම හෝ වේදනා හෝ දකින දේ හෝ විදින සියලු දේ අනිත්‍යයට දාන්න පුරුදු වෙන්න. දිනපතා නිදා ගන්න කොට හරි කරලා බලන්න. ලෝකයම මැරී මැරී යන මිනිස්සුන්ගෙන් හා සත්ත්වයින් පිරුනු වෙනස් වෙන දේවලින් පිරුනු තැනක් විතරයි විදිහට බලන්න අනෙක් ලෝක ගැනත් හිතන්න. පුරුදු උනහම දුකින් ඉන්න වෙලාවක කරලා බලන් න දුක තුනී වෙන හැටි. අත පය කැපිලා ගියත් , මරන්න හැදුවත් ඒක ගානක් නැතිවෙයි. සියල්ල වෙනස් වීම්ම විතරයි කියලා තේරෙයි කවදා හරි දවසක කිසිම දේකින් දුකක් දැනෙන එකක්ම නෑ. ඔන්න ප්‍රායොගිකත්වය බුදු දහමේ. ඔන්න ප්‍රත්‍යක්ෂව පැහැදිලිව ඔබට තේරෙයි බුදු දහමේ සන්දිට්ඨික බව නැතිනම් මේ ජීවිතයේදීම තේරුම් ගන්න පුලුවන් බව ඇත්තම ඇත්ත බව.
.ගැටලුව දුක නම් ඒක නැතිකරන්න අවශ්‍ය වෙනනේ වෙන වෙන විජ්ජාවල් නෙමෙයි. මේ අදහස සංසාරය කියන එකට දාපුවහම ඇත්තම මෙහෙම කරන්න ඕනෙ ඇයි කියලා තේරෙයි.

විද්‍යාවෙ දියුනුවද අවිද්‍යාවෙ දියුනුවද ?

මේ දවස් වල නැගලා යන මාතෘකාවක් හැටියට මනසක් තියෙනවාද කියන මාතෘකාව ගන්න පුලුවන්. මේකට මම සමහර අය විරුද්ධ තර්ක ගෙනෙනවා දැක්කා රොබොලාව උදාහරනයට ගෙන.
නමුත තිබෙන සරලම ගැටලුව ඔවුන් තෙරුම් අරන් නැහැ. ඔබ කියනවා මම කියන පරමානු ගොඩ විසින තවත් පරමානු ගොඩක් පරමානු ගොඩක් ලෙස හදුනාගෙන ඇති බව . එ වගෙම මම කියන පරමානු ගොඩ අනෙක පරමානු ගොඩ නොවන බව හදුනා ගෙන ඇති බව. 

ඊට වඩා එ් ගැන විස්තර කරන්න යනනෙ නැහැ මොකද මෙ ලිපියේ අරමුන වෙනත් දෙයක් නිසා. ඔතනින් එහාට රොබෝලා නෙමෙයි සත්තුම හැදුවත් එච්චරයි. අරයට වැඩියෙන් තියෙනවද මෙයාට අඩුවෙන් තියෙනවාද කියන එකවත් නෙමෙයි . ගැටලුව තියෙනනෙ තමුන්ගෙ හදුනා ගැනීම පිලිබදව. එහෙම නැතුව කවදාවත් තවත් සත්ත්වයකුගේ හදුනා ගැනීම දැන ගන්න අපට බැහැ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒ සත්ත්වයාට. 

හැම දේම බුද්ධියෙන් හෝ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කර ගන්නත් බැහැ. නිවන , යලි නොඋපදින බව , වගේ දේ
ප්‍රත්‍යකෂ වෙනනෙ ප්‍රඥාවට, එ වගේම මතක විදිහට අතීත භව වල තමන ඉපදුනු බව ප්‍රත්‍යකෂ වෙන්නෙ මෙනෙහි කිරීමට . මේ වගෙ ස්පර්ෂයෙන් ප්‍රත්‍යකෂ කර ගත යුතු දේ තිබෙනවා, දැකීමෙන් ප්‍රත්‍යකෂ කර ගත යුතු දෙ තිබෙනවා, ඇසීමෙන් ප්‍රත්‍යකෂ කර ගත යුතු දේ තිබෙනවා. සිංදුවක් ලසසනයි කියපු නිසා ඔබට එහි ලසසන වැට හෙනනෙ නෑ. එ් නිසා ගැටලුව පිලිතුර තිබෙනනෙ තමුන් තුල. මිස පිටත සතතවයන් තුල හෝ ක්‍රියාවන් තුල නෙමෙයි.
මේ ලිපිය ලිවීමට හෙතුවුනු කාරනය වුනේ මේ යම් යම් පිරිස් විසින මේ ආකාරයෙන් කරන විග්‍රහ හරහා අපේ තරුණ පරපුරට හා විද්‍යාවෙන් ඉදිරියට යාමට සිටින පිරිසට කරන අති විශාල හානිය නිසායි. 
මොකද්ද මෙ හානිය? මම දැකකා එක මහතමයෙකු ලිපියක දක්වලා තියෙනවා ඔහු දුටු රොගියකු ගැන. ඔහු ගේ මොලය අක්‍රීය වෙන්න වෙන්න ඔහු ගේ ක්‍රියාවනුත් අඩු වෙලා අවසානයේ පොඩි ලමයෙක වගේ වුනු බව.ඒ නිසා තර්කය මොලයේ රසායානික ක්‍රියාවලිය පමනක් පවතී.
නමුත අපි කා කරන මනස කියන එක මොවුන් පටලවාගෙන ඉන්නවා මේ අද්භූත යම් ආත්මයක වගෙ දෙයක් ලෙස . නැහැ. අනෙක් ඉනද්‍රියයන්ට වගේම සිතිවිලි ග්‍රහනය වනනෙ මොලයට. එතකොට වෙනම සිත නැතිනම් සිතිවිලි වශයෙන ප්‍රෙසෙස් එකක් තිබෙනවා පිටි පසසෙ. එ්ක ඇවිල්ලා භෞතික ලෝකයෙන් වෙනස් වෙනනේ අපේ හදුනා ගැනීම නිසා. බෙදා වෙන් කර ගැනීම නිසා. ඉන්ද්‍රියයන්ගෙන ලැබෙන සංඥා අනුව මේක වෙනස් වෙනවා. එ්වා මොලයට ග්‍රහනය වෙනවා. මෙ ප්‍රෙසෙස් එක සරලව බෙදීම නැතිනම් මායවක ප්‍රතිපලයක් මෙන්න මම මෙන්න ලෝකය කියන. ලෝකය තමයි පරමානු හදුනා ගත්තෙ. මොකකට සාපෙකෂවද ? තමුන්ට සාපෙකෂව.සාපේක්ෂ හදුනා ගැනීම පලවෙනිම කාරනය බව තෙරෙනවාද ? මේ කියපුවාත් තරකානුකුලව පෙන්වන්න පුලුවන් මෙන්න මේ නිසයි මෙහෙම කියන්නෙ කියලා. ඉතින් අඩුමගානෙ මූලික තර්ක ක්‍රම වත් නැතුව මූලික දැනුම වත් නැතුව තමුන්ට ඖනෙ අර්ත කතන දීලා කරන විනාෂයට පොඩි උදාහරනයක් මෙහෙම බලමු.
මම වෛද්‍ය පර්යේෂකයෙක් නම් පෙර අර මොලය දුර්වල වුනු රෝගියා මට ලැබුනා නම්. එකක් තමා මම කරන්න පුලුවන් අර තර්ක අහලා දැන් වැඩැක් නැ . රෝගියා සමග ගනු දෙනු කල නොහැකියි කියා අල්ලලා දාන එක. නමුත් මම එහෙම කරන්නේ නෑ. මම අහලා තියෙනවා මොලය සිත දෙකක් විය හැකි බව. එ නිසා මම බලනවා යන්තරයක් හරහා මොලයේ කුඩා ප්‍රමානයක් හෝ රෙප්ලිකෙට් කරලා ඉලෙකට්‍රොනිකව අර ප්‍රෙසේස් එක මට බාහිරව ග්‍රහනය කර ගන්න පුලුවන්ද කියලා. හරි ගියොත කොහොමද? වැරදි උනොත් අලුත් යන්ත්‍රයක නිර්මානයක් හෝ ඉතුරු වෙයි. සමහරු දැන් මේකට ප්‍රති තර්කයක් ගෙනෙයි එහෙනම දෙවියන් වහන්සෙව ඩිටෙක්ට් කරන හො කමියුනිකෙට් කරන මැසිමකුත් ට්‍රයි කරමු කියලා. ගැටලුවක නෑ. දෙවියන වහනසෙව දැනටමත කොතනට හරි දැනෙනවා නම් 
අර සිතන්න පුලුවන් ද කියන ලිපිය බලපු නැති අය අනිවාරයයෙනම බලනන. මොකද ඔය පැහැදිලි කිරීම තුල තියෙනවා අතිවිශාල දැනුම සමභාරයක්. ලොකය ගැන තනියම ඉනපසු ඉගෙන ගන්න පුලුවන්. සිතිවිලි හො දැනුම අහසින් පාතවෙනනෙ නෑ. ඔබෙ දරුවාට ඔබ අනෙක සියලල ප්‍රතික්ෂෙප කරලා බුද්ධිමත් විද්‍යාතමක චින්නයක ඇති දරුවෙක් හදනවා කියලා විද්‍යාව සහ ගණිතය පමනයි නම උගන්වන්නෙ ඔහු තරම කිසිම නිරමාණශීළීතවයක් නැති මෙලා රහකට නැති ගොබ්බයෙක් තවත් නෑ.
ලංකාවේ මෙ විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා කියන අය කරන්නෙ මෙක. මෙකටත් වඩා ඇතතටම ගත්තොත් බුදු දහම සමග තියෙන මොකද්දෝ ඇරියස් කවර කිරීමක්. නමුත් පේනවා නේද. අපි බුදු දහම තුලින විද්‍යාවත් දියුනු කරන කොට මොවුන් විද්‍යාවෙ දියුනු වත් වලකවන්න උතසාහ කරන හැටි. බුදු දහමේ සහ නවීන විද්‍යාවෙ අරමුනු වෙනස් . එක නැවත නැවත පැහැදිලිව පෙනවා දී තිබෙනවා. නමුත් අපිට පුලුවන් දෙකින්ම වැඩ ගන්න. ඇවැසි දෙයට දෙකේ දැනුම මාරුකරගනන. ලබන සතියෙ මාව එල්ලන්න ඉනනකොට මම භෞතික විද්‍යාව කරපු කෙනෙකනම් මම දන්නවා මගෙ ස්කනධය, පහලට වැටෙන කොට තවරනය කොචචරද, මෙ සියලලම එතනදී එකට එකු වෙන ආකාරය වගෙ දේ. වෛද්‍යෙ විද්‍යාව කරපු කෙනෙේ නම් නහර තද වන ආකාරය, ලේ ගමන නවතින හැටි , එ් අනුව මොලය මිය යන හැටි වගෙ දේ. නමුත් මෙ එකකටවත් බැහැ. මරනය ගැන මගෙ බිය නවතවන්න , මමම මොහොතින් මොහොත මනසින් වැටෙන එක නවවනන. තවත් භයානක විදිහට බ්‍රේසින් බුල් වගේ එකකට දාලා නැතිනම් උල තියලා මරනවා කියලා හිතුවොත් වැඩේ තවත් අමාරුයි. එ්කට පිලිතුර තියෙනනේ බුදු දහමෙ. අර 4999 කම නෙමෙයි. අර අනිත්‍යය ලිපිය තුලින පෙන්වලා දුන්නෙ එයයි. ඒ ත් වැඩිදෙනෙක් ඒක තේරුම් ගත්තේ නෑ.
එ් නිසා හොදින් තෙරුම් ගන්න මෙ රටේ මේ කාලකන්නි අධ්‍යාපනයෙන් බිහි කරන මොටටපාලයන් තවත් පහලට දාලා කවදාවත් විද්‍යාඥයෙක් වත බිහි නොකරන තැනට කටයුතු කරනනෙ කවුද යන්න.
අනික මෙ දැන මම කියන කොට අවුල වගෙ නම මෙ තවත බටහිර විද්‍යෘඥයොම ඉනනවා මනස ගැන කතා කරන සහ එ සදහා පරයෙෂන සාධක පවා තිබෙනවා කියන . හැබැයි මෙයාලා ඔවුන එකක ආගිව කරනන යනනෑ. ඇයි ගැටලුව තියෙනනෙ බුදු දහම සමග 
අර කකුල කැපුවම ගෙම්බන්ට ඇහෙන්නැතුව යනවා කියල නිගමනය කරපු කතාවත් උඩටම දා ගන්න. 
////////////////////////////////////////////////////////////////////////////////
https://qz.com/…/scientists-say-your-mind-isnt-confined-to…/
Cardiologist Dr Michael Sabom has described a near-death experience that occurred while its experiencer - a woman who was having an unusual surgical procedure for the safe excision and repair of a large basilar artery aneurysm - met all of the accepted criteria for brain death. Neither is this is an isolated instance for there are now a growing number of people who have testified that they experienced consciousness - indeed, frequently consciousness on a very high and vivid plane, while they were - for a short period - technically "brain-dead." The University of Southampton, England, has also conducted some research which is quite compelling,
"...University of Southampton researchers have just published a paper detailing their pioneering study into near death experiences (or near-death experiences) that suggests consciousness and the mind may continue to exist after the brain has ceased to function and the body is clinically dead.
Independent EEG studies have confirmed that the brain's electrical activity, and hence brain function, ceases at that time. But seven out of 63 (11 per cent) of the Southampton patients who survived their cardiac arrest recalled emotions and visions during unconsciousness." (more information here: http://www.mikepettigrew.com/afterlife/html/u_k__study.html).
Interestingly, the old challenge from sceptical scientists that after-death experiences were simply the result of near-death hallucinations caused by medication or oxygen-starvation are now just about completely refuted. The quoted report of the University of Southampton research briefly also raises this same point:
"...There are currently three explanations for these accounts. The first is physiological; that the hallucinations patients experience is due to disturbed brain chemistry caused by drug treatment, a lack of oxygen or changes in carbon dioxide levels.
In the Southampton study none of the four patients who had near-death experiences had low levels of oxygen or received any unusual combination of drugs during their resuscitation."
It might also be added that 'technically after death' consciousness experiences right across many countries and cultures show a remarkable similarity - this tends to rule out the idea that particular western medical practises tend to cause the dying to hallucinate.
Dr Bruce Greyson has given some attention to near-death and after-death experiences. Addressing the frequent rejoinder that such events can be accounted for as hallucinations, Dr. Greyson notes that if NDEs are hallucinations, then how is it that such incredibly accurate and verifiable information is resulting from the NDEs? People on drugs who have NDEs see fewer deceased relatives when they travel out of body. This suggests that people who do see relatives are clear-minded, not hallucinating. In some cases of children, they see dead relatives whom they had never met or seen pictures of. This begs the following question: How could they hallucinate accurately the visual images of someone they have never met? When assessing the surmounting data as a whole, Greyson said that the survival hypothesis is the most parsimonious explanation for the growing database of NDEs (source: http://www.near-death.com/evidence.html#a2. Please note: as always, we do not necessarily agree with everything on that or any other websites which we might quote).
Some might be shocked here at the reference to "deceased relatives" but we must accept that it seems well-established from many cultures that those on the point of death do indeed often appear to see their deceased relatives who come to them to escort them away from this physical life to 'beyond the river.'
The Blind Appear Able to See During After-Death Consciousness Experiences
Dr Kenneth Ring Ph.D, who is Professor Emeritus of Psychology at the University of Connecticut, and Sharon Cooper completed a two-year study into the NDEs of the blind. They published their findings in a 1999 book entitled "Mindsight" in which they documented the solid evidence of 31 cases in which blind people report visually accurate information obtained during an NDE. Perhaps the best example in his study is that of a forty-five year old blind woman by the name of Vicki Umipeg. Vicki was born blind, her optic nerve having been completely destroyed at birth because of an excess of oxygen she received in the incubator. Yet, she appears to have been able to see during her NDE. Her story is a particularly clear instance of how NDEs of the congenitally blind can unfold in precisely the same way as do those of sighted persons.