Blog Archive

මිනිසා තේරුම් නොගත් පාලකයා (සංවේදි අය නැරඹීමෙන් වලකින්න 18+)

වර්ථමාණ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයා පත්ව ඇති තත්වය බැලූ විට Anger Management නම් විකට ඉංග්‍රීසි චිත්‍රපටයේ එන දර්ශණයක් සිහියට නැගේ. (http://www.tubechop.com/watch/5925709) සිංහල බෞද්ධයාට මෙය ආදේශ කල විට සිනහ විය යුතදැයි ඇඩිය යුතු දැයි සිතා ගත නොහැකි අතර එහිදි සිංහල බෞද්ධයා කවුද හා සෙසු පුද්ගලයින් කවුරුන්දැයි ආදේශ කර ගැනීම නරඹන්නන්ට භාර වේ.  මේ රටේ කිසියම් ජාතිවාදී හෝ ආගම්වාදී ගැටලුවකට කිසිවකු මුල පිරුවේ නම් ඒ සිංහලයන් නොවන බව ඉදුරාම කිව හැක. 
ලංකාවේ බෞද්ධයින් සිටියද බන ඇසුවද බටහිර රටවල තරම්වත් සදාචාරයක් නොමැති බවට අද සමහරුන් තර්ක කරති. ඔවුන් බොහෝ විට තර්ක කරන්නේ හරියට සිංහලයා තරම් පහත් ම්ලේජ්ච ජන කොටසක් මුලු ලෝකයේම නොමැති බවක් පෙන්වමිනි. සිංහලයාට විරුද්දව ඔවුන් යොදා ගන්නා ප්‍රධානම ආයුධය වන්නේද බුදු දහමයි. බුදු දහම අනුව සිංහලයා සිටිය යුත්තේ මෙලෙසයි. හිස නමාගෙන සිල් රැකිය යුතුය. එය නොකර තමුන්ට වන අසාධාරනයක් ගැන වුවද නැතිනම් බුදු දහමට සිදුවන අසාධාරණයක් වත් ගැන කථා කිරිමට සිංහලයාට අයිතියක් නොමැත. හිමි නමක් අතින් වරදක් සිදු වුවද ඔවුන් මතුකර පෙන්වන්නේ බුදු දහමයි. සමහරුන්ට අනුව වසර දහයක් පහලවක් පමන ලංකාවේ පැවතී ඇත්තේ ඒකාධිපති රාජ්‍යයකි. ඉන් ලැබූ තරම් පීඩාවක් ලොකයේ කිසිදු ජනවර්ගයක් ලබා නැත. එසේම ලංකාවේ තරම් ජල අහේනියක් ආහාර අහේනියක් නොමැති අතර ඒ කාලය තුල ලංකාවේ මරාදමන ලද අහිංසකයින්ගේ ප්‍රමානය කියා නිම කල නොහැක.  

මේ සියල්ලෙන් පෙනී යන්නේ මේ පිලිබදව කථා කරන සමහරුන්ට ලෝකයේ දුක යනු කුමක්ද එකාධිපතිවාදය යනු කුමක්ද දුරාචාරය යනු කුමක්ද කියාවත් හැගීමක් හරි හමන් දැනීමක් නොමැති බවයි. ඒ ඔවුන්ගේ දැනුමේ හැටිය. ලොක්යේ මිනිසා යන සත්ත්වයා ගත් විට කුමන අවස්ථාවක හෝ ඔහු තුලින් මතුවන කෙලෙස් කියා දෙයක් ඇත. එය උගතකු වීම නිසා හෝ අදහන ආගම නිසා හෝ සිටිනා රට නිසා හෝ පෙලපත නිසා හෝ වංශය නිසා හෝ කුලය නිසා හෝ ලිංග භේදය නිසාවත් වෙනස් නොවෙයි. මේ කෙලෙස් මෙහෙය වෙන්නේ සැප සොයමින් වන අතර තමුන්ට යම් සැපයක් දැනෙන තැනදී තාවකාලික සදාචාරයක් දැකිය හැකි වනු ඇත. හරියටම හොදින් බඩපුරවාගත් කල වෘකයන් කොටියන් වැනි සතුන්ගෙන්ද සදචාරයක් පෙනෙන්නාක් මෙනි.

දෙවන ලෝක යුද්ධය කාලය
දක්වාම
යුරෝපයේ බොහෝ දෙනෙකුට යුරොපය යනු අපායක් වැන්නකි. පුරාන රෝමයේ පටන් නීරෝ,ටයිරන්, ගලිගුලා ඇතුලු සීසර් රජ පෙලපත, ඇටිල්ලා ආදීන් ගේ සිට කිතුනු දහමේ නාමයෙන් මහා මනුෂ්‍ය සංහාර සිදුකල  අයිවන් IV ඇතුලු සාර් රජ පරපුර ,පලවන මේරි බිසව, ඩ්‍රැකියුලා සිටුවරයා, සිටුවරිය, ටොර්ක්මෙන්ඩා, පිසාරෝ වැන්නන් මෙන්ම මුස්ලිම් ආගමේ නාමයෙන් ලේ වැගිරූ මුහම්මද් අක්බාර් රජපෙලපත් සිටද , මොන්ගෝලියාවේ සිට මිලියන හතරක පමන යුරෝපීයයන්  වැනසූ ජෙන්ගීස් ඛාන් වැන්නන්ගෙන්ද  යුරෝපය තනිකරම ලේ විලක් පමනි. යුද්ධ නොමැතිව  ඔවුන් සිටියේනම් ඒ ඉතා කෙටි කාලයකි. අතර තුරද වහල් වෙළදාම ආදිය ජයටම කෙරුනි. මිලියන සියගණන්

මිනිසුන් වැනසූ බ්ලැක් ඩෙත් ලෙස හදුන්වන මහාමාරිය වැනි වසංගතද. මධ්‍යතන යුගයේ  ම් හිමි රදලයින්ගේ නොයක් වධ හිංසා වලටද මිනිසුන් හසු විය. බා බා බ්ලැක් ෂිප් ගීතය මේ කාලය අලලා කියවුනකි. බොහෝමයක් අප දන්නා ඉංගීසි ළමා ගීත වල යථාර්ථය මේ කාලවල මිනිසුන් විදි දුකයි.අප රටේ පැල් කවි වලට හාත් පසින් මේවා වෙනස්ය. ආගමේ නාමයෙන් මරා දමන විට ප්‍රසිද්ධම ක්‍රමය පණ පිටින් ගිණි තැබීම විය. එහිදීගැහුනු පිරිමි ළමා වැඩි මහල් අතදරු භේදයක් නොවිනි. ටොර්ක්මෙන්ඩා ගේ කථාවකට අනුව ගැබිනියන්ද පන පිටින් පුලුස්සනු ලැබුනි. වරක් ගැබිනියක්ව පුලුස්සන විට ඇයගේ දරුවා ගිණීගොඩේදීම බිහි විය. ගිණි ගොඩෙන් ඉවවිසිවුනු දරුවාව අල්ලා නැවත ගිණිගොඩටම නැවත විසිකර ඇත. තවත් කතාවකදී අවුරුදු පහලවක දැරියකට තම මවව බොරුවෙන් පාවා දෙන තෙක්ම කසයෙන් තලා තිබුනි.පසුව මවට ගිනි තබා මරණු ලැබුනි ඩ්‍රැකියුලාගේ ප්‍රියතම ක්‍රමය උල තැබීම වුනු අතර එක් වරෙක ඔහු කුඩා ළමුන්ද ඇතුලුව විසිදාහක් උල තියා තිබුනි. වැඩිම කාලයක් උපරිම වේදනාවක් ගෙන දෙන ආකාරයට උල් නිර්මාණය කර තිබුනි දරුවා අත දරුවෙක්ද යන්නවත් එහිදීසලිකිලි නොදැක්විනි. කන්‍යා බිලිපූජා, මන්තරකරුවන් ලෙස හංවඩු ගසා ගැහැනු මිනිස්සු මැරීම සාමාන්‍ය දෙයක් විය.වයස් භේදයක් නොතිබුනු අතර උසාවි මගින් සතුන්ටද දඩුවම් කලේය. මධ්‍යතරනීය යුගයේ මහාබලකොටු සහිත බලසම්පන්න නගර දුගද හමන කුණු වලවල් මෙන් තිබුනු බව පැවසේ. නගර වැස්සන් නගරයේ සමහර කෙලවර මලපහ කිරීමට යොදා ගෙන තිබී ඇත. නිවෙස් අසල කානු පද්ධති නොතිබුනි. සමලිංගිකත්වය , සත්ත්ව මෛතුනය ආදියද  නිතරම නොවුනත් සාමාන්‍යෙයන් වාර්ථා වී ඇත.ලෙස්බොස් දිවයින මෙයට එක් උදාහරණයකි. ප්‍රසිද්ධියේ මැරෙන තුරු සටන් කිරීමට යෙදවීම රෝම අධිරාජ්‍ය කාලයේ ජනප්‍රිය අංගයක් විය. සිරකරුවන්ද වහලුන්ද පනපිටින් සතුන්ට කෑමට දමනු ලැබුනි. නැතිනම් ගිණි තබා දිවයාමට ඉඩ දී තිබුනි. ප්‍රසිද්ධීයේ මරණ දඩුවම් පැනවීම නරඹා ප්‍රීතිවීමට රසිකයන්ද හිද ඇත.  වසර ගණන් පැවති කුරුස යුද්ධ නිසා මිලියන ගණන් ජීවිත අහිමි විය. දූශන මංකොල්ලකෑම් ඝාතන සාමාන්‍ය දේ විය. අඩුම තරමින් කුරුස යුද්ධ නිසා මිලියන දහයකට වඩා ජීවිත හානි සිදුවුනු බව පැවසේ. 

නමුත් කාර්මික විප්ලවයත් සමග  යුරෝපය අමෙරිකාව ආදී රටවල පෙර නොතිබුනු පරිදි කිසියම් සාදාචාරාත්මක බවක් පෙනෙන්නට විය. මනුෂ්‍ය අයිතිවාසිකම් සම්බන්ධයෙන් නීති පැනවීම එමගින් මානව හිමිකම් ආරක්ෂා කිරීම ආදී නොයෙකුත් දේ ඔවුන් අතරින් පැන නැගුනි.  නමුත් ඒ අන්‍යජාතිකයින් සදහා නොව ඔවුන්ගේම වර්ගයා සදහා පමණක් වුවද මෙය ඔවුන් යටත් කර ගත් සමහර ආසියාතිකයින්ට එය  මහා දෙයක් විය.එකක් ඔවුන්ගේ තාක්ෂනය නිසා වුනු අතර ආසියාතිකයින්ට වඩා ඔවුන්ගේ සදාචාරකම කැපී පෙනී තිබුනු බවක් පෙනෙයි.මන්ද යත් ආසියාතිකයින්ගේ මනසේ ලියවී ඇතුවාක් මෙන් නොව ඒවා කොල වල ලියා නීති ගත කර තිබුනු හෙයිනි. ඉන්දියානු ගැහැණුන් හා පිරිමින්  අදත් සුද්දන් ඉදිරියේ වැද වැටෙන්නේ මෙම නිසාය. කෙසේ වුවත් මෙම තමුන් වෙනුවෙන් ඇතිවුනු සදාචාරය ඉදිරියේ ලෝකයේ අනෙක් රටවල් ම්ලේච්ඡයන් වුනු අතර සදාචාරයේ නාමයෙන් අනෙක් රටවල මහා මනුෂ්‍ය සංහාර සිදුවන්නට විය. 
අප්‍රිකාව ආක්‍රමණය කර ගැනීම නිසා වහල් වෙලදාමට නව පනක් ලැබුනි.අප්‍රිකානු ගෝත්‍රික ගම්මාන විනාෂ කරමින් අමු අමු වේ මිනිසුන් හා සතුන් මරා දමමින්, අල්ලා ගත්තවුන් සහ යටත් වූවන් තොග පිටින් වහලුන් ලෙස නැව් ගත කිරීම ඇරඹුනි. මෙය වහල් වෙළදාම තහනම් කලද දිගටම පැවති බව බොහෝ දෙනෙක් නොදන්නා කරුනකි. 1950 ගණන් දක්වා යුරෝපයේ සමහර රටවල ආසියානුවන් හා අප්‍රිකානුවන් දැක බලා ගැනීමට සත්ව උද්‍යාන තුල මතුන් සමගම මිනිසුක්නච තූඩු කර තිබුනි. ඇමරිකාව සොයා ගැනීමෙන් රතු  ඉන්දියානුවන්වද  ඕස්ට්‍රේලියාවට පැමිනීමෙන් ඇබෝජීනියන් වරුද යුරෝපීයයන් අතින්  සමූහ වශයෙන් ඝාතනය විය.  

මින් පසු පලවන දෙවන ලෝක යුද්ධ වලින් යුරෝපය බැට කෑ අතර ඔවුන්ගේම තාක්ෂණය හරහා ජපානය වැනි රටවල්ද මෙයට හවුල් විය. ජපානය විසින් චීනුන්අති  විශාල සංඛ්‍යාවක් සමූල ඝාතනය කර දැමුනු අතර කුඩා දරුවන්ගේ සිට මැහැලිය දක්වා දූශණය කෙරිනි). දෙවන ලෝක යුද්ධයෙදී ජර්මානු දොස්තර මෙන්ගල් මෙන්ම ජපනුන්ගේ වෛද්‍යවරුන් මැන්චූරියාවේ UNIT 731 පර්යේෂනාගාරය තුල නිර්විදක ආදී කිසිවක් නොමැතිව සතුන්ට කරන්නාක් ලෙසම රුසියානු චීන මේනම යූරෝපීය මිනිසුන් ගැහැණුන් ළමුන් කපා කොටා ලෙඩ රෝග සාදවා පර්යේෂන කරන ලදී. (https://www.youtube.com/watch?v=bAp8bSdE5MQ). එසේම අමෙරිකාවද අද දක්වාද මෙයට නොදෙවෙනි ලෙස ක්‍රියාකර ඇත.(http://www.thelibertybeacon.com/2013/10/24/the-true-u-s-history-of-human-medical-experimentation/)  එසේම චීනයේ නැන්කැන්ග් වැනි නගර වලදී කුඩා ළමයාගේ පටන් මැහැල්ලා දක්වාම දූශණ වලට වධබන්දන වලටත් මරණයටත් ලත් කෙරිනි. දෙවන ලෝක යුද්ධ කාලයේ උගතුන් විසින්
විද්‍යාවෙන් නාමයෙන් සිදුකල පර්යේෂණ නිසා ජීවිත ලක්ෂ ගණනින් බිලි දෙමින් අවසානයේ ජපානය පරමාණු බෝම්බයට වන්දි ගෙවීය. මාක්ස්වාදීන් නිසාද ලොව පුරා මනුෂ්ෂ්‍යත්වයේ නාමයෙන් සාහසික මනුශ්‍ය සමූල ඝාතන සිදුවිය. බුද්ධිමතුන් සදහා වුනු බුදු දහමින් පෝෂීත වුනු ලංකාවටද පිටරටින් පැමිනි එම විශ සුලගින් මෝඩයන් උමතු කරවා ලංකාවද කිහිප වරක් ලේවලින් නාවා දැමීය. යුරෝපීයයන් මුහුණ පෑ ආකරයේ ඛේදවාචක වලට කිසි දිනෙක මුහුණ නොදුන් ජාතියක් ලෙසින් විය. ඒ අතින් ලංකාවේ පෙර සදාචාරයක් නොතිබුනායැයි කියන්නෝ ලංකාවේ මිනිසුන්ට මෙවැනි දුක් පැමිණීයාද හෝ ලංකාවේ දුශඨ රජවරු පවා මෙතරම් අමනයන් නොවුනේ මන්ද කියාත් සලකා බැලිය යුතුය. ඔවුන් අදහන චේ ගුවේරා නම් මිනිමරුවා ගේ වචන වලින්ම ඔහුගේ ආශාව වූයේ මිනී මැරීමයි. (From a letter to his father:I'd like to confess, papa, at that moment I discovered that I really like killing.). එසේම පොල් පොට් , බෙල්ජියමේ ලියපෝල්ඩ්, ඉඩිඅමීන්,මාවෝ සේතුං වැන්නන්ගෙන් මනුෂ්‍ය සංහාරයන් ගණන් කල යුුතු වන්නේද මිලියන ගණනිනි. මුසල්මානුවන් විසින් අල්ලාගේ නාමයෙන් යුරොපය ආසියාව තුල තවත් මිලියන ගණනින්ු ජීවිත බිලි ගත්තේය. මනුෂ්‍යය ජීවිතයක ඇති වැදගත්කම කුමක්ද යන්නත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය කෙහේ දැයි කියාත් මෙහිදි ප්‍රශ්න කලයුතුය. 

නමුත් ගැටලුව වන්නේ ආසියානුවන් වැජඹුනු සමයක  තිරිසනුන් වැනි ජීවිත ගෙවූ පිරිසකට හදිස්සියේ සදාචාරයක් ලැබුනේ කෙසේද යන්නයි. නමුත්  සැබැවින්ම කිව යුත්තේ එවැනි සදාචාරයක් නොලැබුනු බවයි. සිදුවුනු එකම සිදුවීම වූයේ ඉහත කථාකල ලෙසම රටවල ආර්ථික වර්ධනයත් සමග උසස් ජීවන තත්වයක් හිමි වීමයි. බඩ පුරෝගත් විට සිහයාද කොටියාද වෘකයාද පෙනෙන්නේ අහිංසක සතුන් ලෙසය. ඇවැසි නම් කුඩා ක්‍රීඩාවකට වුව සහභාගී වනු ඇත. මෙතැන සිදුව ඇත්තේද මෙයයි.ගෝර්කිගේ මගේ සරසවි නව කථාවේ පුද්ගලකු ප්‍රකාශ කරන මට ගෑනියෙකු සහ  වයින් වීදුරුවකුයි තිබේ නම් වෙන කිසිවක් ඇවැසි නැත යන්නද මෙයම වෙයි. 2012 බ්‍රිතාන්‍ය සමීක්ෂණයක් අනුව එරට 1/3 පමනම තවමත් වර්ගවාදී අදහස් දරන බව හෙලිවී ඇත.(http://www.dailymail.co.uk/news/article-2151056/Is-Britain-racist-nation-One-Brits-admits-racist-according-poll.html)  . යම් රැකියා අර්බුදයක් වැන්නක් පැමිනි සැනනි් මේ තත්වය අලුයට ගිනි පුපුරු මෙන් උඩ මතු වනු ඇත. අමෙරිකාව තුලද මේ තත්වය මෙසේමය. වැඩිපුරම වර්ගවාදී වාද විවාද දැකිය හැකිවන්නේ අමරිකානුවන්ගෙන් බව මගේ හැගීමයි. 
අවාසනාවකට මේ තත්වය ලංකාවේ බොහෝ දෙනා නොදන්නා තත්වයකි. ලංකාව තුලද සියලු ගැටුම් වැලකිය හැකි හොදම හා එකම ක්‍රමය ආර්ථික තත්වය නැංවීම පමනි. බඩගින්නේ සිටින පුද්ගලයා බඩ ගින්න වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට නොපැකිලෙනු ඇත. එසේම බඩගින්නේ සිටින මිනිසා කිසිවකට අවුස්සා ගැනීමද යම්කිසි සාහසික ක්‍රියාවක් සදහා පටලවා ගැනීමද , බේද භින්න කිරීමද ඉතාමත් පහසුය. ලංකාව තුල බඩගින්නට වඩා තිබෙන්නේ අසහනයකි. එය දුප්පත් බව අසල පෝසත් බව කැපී පෙනීම , අස්ථාවර ආර්ථිකය, සමාජීය පීඩනය වැනි දේ නිසා බව සිතමි. එම නිසා බඩගින්නේ නොසිටියද යම් යම් ආර්ථික, ලිංගික, හෝ වෙනයම් සමාජීය වැනි අසහනයන්ගෙන් පෙලෙන පුද්ගලයින්ද මේ ඕනෑම කුනු ගොඩක් සදහා පහසුවෙන් පටලවා ගත හැක. එක් අතකින් එය ඔවුන්ට ගැටලුවකින් පැන යාමකි. මෙය යම් තාක් දුරකට අවම කෙරේද දේශපාලන කඩේ යෑම්, පක්ෂ බෙදීම් ඉන්ම අවසන් වනු ඇත. නමුත් සදාචාරාත්මක අධ්‍යාපනයක් නොමැති තාක් කල් ,මේ සීනි බෝලය බිද වැටෙන්නේ යම් තැනකද මිනිසුන් තුල සැගව ඇති තිරිසනා නිසැකවම එලියට පනිනු ඇත. යම් හෙයකින් තෙවන ලෝක යුද්ධයක් පැමිනිය හොත් යුද්ධයෙන් ඔබ බේරුනද ඔබගේ අසල්වැසියාගෙන් ඔබට බේරීගත නොහැකි වනු ඇත. දූශන විරෝධියෝ දූශන කරනුද, අවිහිංසාවාදියෝ හිංසා කරනුද දක්නට ලැබෙනු ඇත. විද්‍යාත්මක පර්යේෂණාගාර වලද වධකාගාරවලද ඔබගේ කෑගැසීම් අසන්නට පිටත කිසිවකු නොසිටිනු ඇත.  අදටත් ස්ත්‍රී දූශණ ළමා අපචාර ආදී පිලිබද ලිපි බොහෝ සේ හිට් වන බව දන්නෝ දනිති. ලෝකයට පෙනෙන්නට කියන්නේ චික් විතරක් කියාය.  ලංකාවේ බුදු දහම ඔප්නැංවී  තිබූ සමයේම බැමිණිටියා සාය නැමති වසර දොලහක් පැවති නියගය නිසා සමහර මිනිසුන් රංචුගැසී මිනිසුන් මරා කෑමට පෙලඹුනු බව දැක්වේ.එමනිසා   තාවකාලිකව උව  උතුරු  පලාතේ වුවද කල යුතුව තිබුනේ හමුදා ආරක්ෂාව මැද එහි සාමාන්‍ය වැසියන්ගේ ජීවන තත්වය ඔප් නංවීමයි. එවිට ජාතිභේද යන බොරු වැපිරීම අවසන් වනු ඇත. මෙය අතර මගින් කඩ කිරීමට තරම් අපගේ මිනිසුන් මූඨ වීම අවාසනාවන්ත කරුණකි. 
මනුෂ්‍යා පිලිබද මෙවැනි සාමාන්‍ය සත්‍ය තේරුම් නොගත් මේවා නොදන්නා මූඪයින් රැසක් අද ප්‍රායෝගික නොවන දර්ශණ වල එල්ලී සිටින්නේ මොවුන්ගේ සමහර සාහසික කම් වීරකම් ලෙස සිතා ගනිමිනි.දමහරුන්ට අනුව ආර්ථිකයට පෙර සදාචාරය තැනී තිබිය යුතුය. ‍මෙම නිසා හොදම දෙය මොවුන්ට සවන් නොදී  මිනිසා යනු කවුද කියා තේරුම් ගැනීම හැරුනු කොට තමුන්ගේ දෙයට ගරහමින් මෝඩකම පෙන්වමින් කටමැත දෙඩවීම නොවේ.   බොහෝ දෙනා නොදන්නවා වුවද අදටද ලෝකයේ අවිආයුධ හා මත්දුව්‍ය වෙළදාමට පසු තුන්වැනි තැනට ඇති ප්‍රධානම ජාවාරම වහල් ජාවාරමයි. මොන සදාචාරය කථාකලද මේ වන විට ලෝකයේ සිටින වහලුන් ප්‍රමාණය මිලියන තිහක් පමන වන බවට ඇස්තමේන්තු කර ඇත. මින් සියයට අසූවක්ම ලිංගික වහලුන්ය.  මින් සියයට හැත්තෑවක් පමන  ගැහැණුන් හා අඩු වයස් තරුණියන්   වන අතර මුලු වහලුන්ගෙන් සියයට පනහක් කුඩා දරුවන් වෙති.  ලිංගික වහලුන් සදහා නම් දරා ඇත්තේ අමෙරිකාව බටහිර යුරෝපය හා මැද පෙරදිගයි. බිලියන තිස්පහක පමන වර්ශික මුලු වහල් ආදායමෙන් සියයට පනහක්ම කාර්මික අතින් සංවර්ධිත මානව හිමිකම් අගයන රටවලින්ම පැමිනේ.යුනිසෙෆ් වාර්ථා අනුව ලක්ෂ තුනක පමන දරුවෝ මේ වන විට ළමා සොල්දාදුවන් ලෙස සේවය කරයි.( http://en.wikipedia.org/wiki/Contemporary_slavery) බොහෝ ළමා අපචාර චිත්‍රපට අන්තර්ජාලයට මුදා හැරෙනුයේ බටහිර රටවලින් වන අතර සමහර ගැහැණු ළමුන් කුඩා කල සිට  නිල් චිත්‍රපට සදහා යොදා ගනු ලැබෙයි.  මෙම ළමුන් අතරට යුරෝපා,
රුසියානු,අමෙරිකාණු ළමුන්ද අයත් වෙති. වාර්ෂිකව අමෙරිකාව පුරා අතුරුදහන් වන කුඩා ළමුන් ප්‍රමාණය විශාලය. මෙවැනි පැහැර ගැනීම් සම්බන්ධයෙන් නිපැයුනු අගනා චිත්‍රපටයක් වන්නේ Eaden නැමති චිත්‍රපටයයි. දේශපාලඥයින් , නීතීඥයින්ගෙන් ආරක්ෂක අංශ වලින් ආදීන්ගෙන් ආරක්ෂා වුනු අමෙරිකානු ලිංගික වහල් වෙළදාම ගැන සැබෑ කථාවක් ව වන ඉන් අගනා පණිවුඩයක් ගෙන එයි. එහි සැබෑ අද්දැකීමට මුහුණ දුන් කාන්තාවගේ මෙම(http://thesongofthelily.blogspot.com/2009/05/burakumin-are-japanese-still.html) සාක්ච්ඡාවේ අවසාන කොටසට හැකිනම් සවන් දෙන්න. ඉතාමත්ම වැදගත් පණිවුඩයක් ඉන් ලබා දෙනු ඇත. අපට සදාචාරයක් ගැන දේශනා කරන්නේද අපගේ ම්ලේච්ඡත්වයක් ගැන ලෝකයට කෑ ගසන්නේද මෙවැනිම රටවල්ය. මේ මොහොත ගැන සිතන්න. මේ මොහොත තුලද දහස් ගණන් ජීවිත මරණයට මුහුණ පා මරණ බියෙන් වේවලනු ඇත. මෙන්න මේ මොහොතේ දහස් ගණනක් ජීවිතයෙන් සමුගත්තේ තමුන්ගේම සහචර මනුෂ්‍ය වර්ගයා අතින්මය.වධ බන්ධන නිසා නැගෙන දහස් ගණන් වේදනාත්මක ලතෝනි අපට නොඇසේ. කුඩා ළමුන් විශාල ප්‍රමාණයක් අපහරණයට වේ. ස්ත්‍රීන් දූශණය වනු ඇත. පහර කනු ඇත. ඔබටත් මටත් ඒ වෙනුවෙන් කල හැක්කක් නැත. හොදම දෙය මිනිසා කවුද යන්න තේරුම් ගැනිමත් අපද මෙවන් ඉරණමකින් වැඩි දුරකින් වෙන්වී නොමැති බවත් තේරුම් ගැනීමයි. නිල නොලත් වාර්ථා අනුව ISIS ගරිල්ලන් විසින් සොරකම් කර හසුවන අවුරුදු 12-13 වයසේ දරුවන්ගේද අත් කපා දමන බව පැවසේ. මිනිසා මොන කතන්දර කිව්වද තමුන් ගැන සිතන ආතාමාර්ථකමී සත්ත්වයෙකි. බටහිර ජාතීන් වේවා ආසියානුවකු වේවා කොතරම් ශිෂ්ඨ සම්පන්කම් පෙන්වුවද ඔවුන් තිරිසන් කමින් මිදී නොමැත. පීඩනය හමුවේ උවද සදාචාරයක් කීපදෙනෙකුතුල හෝ ගොඩ නැගෙන්නේ අධ්‍යාත්මික සංවර්ධනය තුලින් පමනි. මෛත්‍රීය වැඩීම ශීලය වැඩීම ආදී බුදු දහමේ ක්‍රියාවලීන් මගින් සමාජයට යහපතක් වන්නේ මෙසේයි. නමුත් ඒද එය අවබෝධයෙන් සිදු කරන සුලු පිරිසක් තුලින් පමනි. එම නිසා සියලු දෙනා මේ ජීවත් වන සිහින ලෝකය බිද වැටීමට මහා කාලයක් ගත නොවන බවත් ඒ සදහා ඉතිහාසයෙන් ඕනෑ තරම් සාක්ෂිද සොයා ගත හැකි ඉවත් තේරුම් ගෙන සෑම විටම අනිත්‍ය ගැන සිතා බුද්ධිමත් තීරණ ගැනිමටම පුරුදු විය යුතුය. එසේම ලෝකය යනු ද්කක් බවත් මේ ගෙවන්නේ ක්ෂණයක් බවත් මින් එහාට ඇත්තේ ගැඹුරු අගාධයක් බවත් වටහා ගෙන ඉන් මිදීමට සිතන්නේ නම් එයම ශ්‍රේෂ්ඨද සැපදායකද වනු ඇත.

අමෙරිකානු වර්ගවාදය
වර්ගවාදයේ සලකුණු







අමෙරිකානු වර්ගවාදය 1964 අමෙරිකානු හෝටල් හිමියකු 
ජලතටාකයේ කලු ජාතික පවුලක් විනෝද වීම 
නිසා එයට ඇසිඩ් හලමින්



බ්‍රිතාන්‍ය වර්ගවාදය


බ්‍රිතාන්‍ය වර්ගවාදය
බ්‍රිතාන්‍ය වර්ගවාදය


බ්‍රිතාන්‍ය වර්ගවාදය



මිනිස් උද්‍යානයක නරඹන්නන් පිණවන ගැහැනියක්

ආසියානු පවුලක් මිනිස් උද්‍යානයක. ආරක්ෂාකාරීව  මිනිසුන්ට ලංවී බැලීම සදහා කුඩා ගැහැණු ළමයා පවා කණුවට ගැටගසා ඇති අාකාරය බලන්න

මිනිස් උද්‍යානයක සියවස් සැමරුම 1911 නෝර්වේ රාජ්‍යය

නරඹන්නකුගෙන් ත්‍යාගයක් ලබන මිනිස් උද්‍යානයක දැරියක්. 1958 බෙල්ජියම

කොමියුනිස්ට් වසංගතය. කැම්බූඩියාව
 
මාඕ සේතූන් ගේ කොමියුනිස්ට් රාජ්‍ය සදහා ගමනේ අතර මැද පිටුවක්. නොහමියුනිස්ට් සටන් නිසා ලොව පුරා මිලියන 100 ක් පමන ජනතාවක් ජීවිත පූජා කර ඇත.

























































































































































































2 වන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය අගමැති සර් වින්ස්න්ට් චර්චිල්ගේ යුධ උපක්‍රමයක් ලෙස නිරාහාරව මිය ගිය මිලියන 6ක් 7 පමන වන ඉන්දියුවානුවන්ගෙන් කීප දෙනෙක්. නොදියුනු ශිෂ්ඨාර වල මිනිසුන්ට එරෙහිව හොදම දෙය නම් විශ ගෑස් ප්‍රහාර එල්ල කිරීම බව චර්චිල් 1920 දී ප්‍රකාශ කලේය.

සර් වින්සන්ට් චර්චිල් කෞතුතාගාරය. ඔවුන් කිසි දිනෙක යුධ අපරාධ කරුවන් නොවනු ඇත.
සොරකම සදහා ISIS දඩුවම්
 
කොන්ගොවේ තෙල් ටැකියක් පුපුරා යාමෙන් මියගිය පිරිසක්
සිරියාවේ ඝාතනය වුනු සුන්නි මුස්ලිම්වරුන්

අවුට්ස්විච් , ජර්මනිය

ජර්මනියට සාපේක්ෂව ට්‍රොට්ස්කිගේ අණ පරිදි  රුසියාවේ  යුදෙව් නොවන කිතුනුවන්ද මිලියන ගණනක් ඝාතනය වී ඇත.


විද්‍යාවේ දියුණුවත් සමග වැඩි දියුණු වුනු මනුෂ්‍යත්වය. හිරෝෂිමාව 1945

මන්ත්‍රකරුවන් ලෙස සලකමින් පවුලක් පිටින් පහර දී පනපිටින් ගිනි තබා මරා දමන කෙන්යානුවන්. අන්ත දරිද්‍රතාව තුල ඔවුන් ඕනෑම දෙයක් විශ්වාස කරන අතර කිසිවකු තම අසල් වැසියා සිහිනෙන් ම්නත්‍රකාරයකු ලෙස සිතීම පවා අසල්වැසියා මෙම ඉරණමට ගොදුරුවීමට තරම් එරට සුදුසු කමකි.

16 හැවිරිදි ගැහැණූ ළමයකු මංකොල්ලයකදී හසුවීම නිසා පහර දී පන පිටින් ගිනි තබා මරණ දර්ශණයක්. මැයි 20 2015


චාරිත්‍රයක් ලෙස පනපිටින් ගවයකුට ගිණි තබා විනොද වන ස්පාඥ්ඥ ජාතිකයින්

 යුනිට් 731පර්යේෂණ
ජරමානු ජීව වෛද්‍ය පර්යේෂණ

යුනිට් 731පර්යේෂණ

1989 ශ්‍රී ලංකාව

1989 ශ්‍රී ලංකාව


ඕස්ට්‍රේලියානු වර්ගවාදය. අවුරුදු 123 තුල 750,00 පමණ වුනු ඇබෝජීනියන් ජනගහනය 31,00 බැස්වීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය. අද දක්වාත් ඔවුන් තම අයිතිවාසකම් වෙනුවෙන් සටන් කරන බවත් ඒ බව ඕස්ට්‍රෙිලියානු ජනමාධණය සදාචාරයේන් වැසී ඇති බවත් ඔබ දන්නවාද?(http://wakeup-world.com/2014/09/25/10-dark-secrets-australia-doesnt-want-you-to-know/)

තුර්කියේ බල්ලන් දූශනය. මෙය එරට සුලභ බව පැවසේ.
ජුන්කෝ ෆරීටා 1989. දින 44 තුල 400 වතාවකට වඩා දූශණය වී තිබිනි.ඇයගේ මිනී මරුවන් වසර 20කින් නිදහස ලබා දැනුදු නිදහසේ  සිටී

ගව මුත්‍ර නෑම.ඉන්දියාව

මිනිසුන්ගේ බෙහෙත් සදහා  සතුන් යොදා කෙරෙන පර්යේශණ. සත්ත්වයින්ට නොයෙකුත් ලෙඩරෝග සෑදවීමේ සිට සැත්කම් කිරීම දක්වා නොයෙකුත් අනේක විද වධ වේදනා ලබා දීම දැනුදු ලොව පුරා පර්යේෂණා ගාර තුල  සිදුවේ.
පුරාණ ඇෆ්ගන් චාරිත්‍රයකට අනුව වැඩිහිටි පිරිමින්ට කලෙකදී බල වයස් පිරිමි ළමුන් සමග එක් වීමට හැකියාවක් ඇත. (http://www.theamericanconservative.com/routine-child-rape-by-afghan-police/ )
විනෝදයට මිනීමැරීම සදහාම හෝටලයක් නිර්මාණය කල අමෙරිකාණු ජාතික H.H. හෝම්ස්. ඔහුගේ මිනීමැරුම් සංඛ්‍යාව 27 -200 අතර පවතී. serial killer ලා අපට ආගන්තුක වුවද බටහිරට සාමාන්‍ය දෙයකි.
ළදරු කළල බුදින චීන ජාතිකයෙකු. මෙය අද ලාභදායි  ව්‍යාපාරයකි.
 විසි වන ශතවර්ෂය මැද භාගයේ ජීවි විද්‍යාත්මක අවි පරීක්ෂා කර බැලිම සදහා අමෙරිකාව තුලම තෝරා ගත් පෙදෙස් තුල  රජය මගින් ‍බැක්ටීරියා,මදුරුවන් හා රසායනික වර්ග පතුරුවා හරිනු ලැබුනි. 


ඉතිහාස ගත යුද්ධ වලින් මළ මිනිසුන් ගණන දල වශයෙන්

ස්ථානය
මරණ සංඛ්‍යාව
හේතුව
සියවස
1 
66 million 
දෙවන ලෝක යුද්ධය
20C 
2 
40 million 
20C 

40 million 
ජෙන්ගීස් ඛාන්
13C 
4 
27 million 
බ්‍රිතාන්‍ය යටතේ ඉන්දියාව තුල
19C 
5 
25 million 
හෝචිමින්
17C 
6 
20 million 
19C 

20 million 
20C 
8 
18½ million 
7C-19C 
9 
17 million 
14C-15C 
10 
16 million 
15C-19C 
11 
15 million 
20C 

15 million 
15C-19C 
13 
13 million 
8C 
14 
10 million 
1C 

10 million 
19C-20C 
16 
9 million 
20C 
17 
7½ million 
17C 

7½ million 
14C 
19 
7 million 
5C 

7 million 
20C 

No comments:

Post a Comment