Blog Archive

Monday, January 14, 2019

එන්න අත්ලාන්තිසය බලන්න යන්න..


"මීට වසර 15000 කටත් පෙර සිට ලොවින් අර්ධයක් පාලනය කල මහා රාජ්‍ය ධානියකි. භූමිය වර්ග සැතපුම් 154000 ක්‌ විශාල විය. එවකට එහි සිටි ජනගහනය කෝටි 2 කි. එය අර්ධ සර්ව කලාපීය මහාද්වීපයකි. එහි උතුරුකරයේ වූ කඳුකරයෙහි දෙවියන් ජීවත් විය. ගිම්හාන කාලයේදී එම කඳුවලින් උණුසුම් දිය ඇලි ගලා යන ආකාරය නගරයට විද්‍යාමාන විය. එහි වූ වනාන්තරයෙහි අලි ඇත්තුද ආවේණික සත්තුද වූහ. මෙහිද මහ කන්නය සහ යල කන්නය හා සමාන වගා කන්න දෙකක්‌ විය. මේ කන්න දෙක වගා කෙරුණේ මෝසම් වැසි වලින් හටගත් ජලය ගබඩා කෙරුණු ජලාශ (වැව්) වල සිට කපන ලද ඇළ මාර්ග මගින් ප්‍රවාහනය කළ ජලයෙනි. අගනුවර මධ්‍යයෙහි Poseidon (පොසෙයිඩන්) නමැති සිද්ධස්‌ථානයක්‌ විය. ලෝකඩ ආලේප කෙරුණු විශාල තාප්පයක්‌ ඒ වටා විය. නගරයෙහි වූ සෙසු සිද්ධස්‌ථාන සහ මාළිගා රනින් සහ රිදියෙන් හැඩ ගන්වා තිබිණ. එය මධ්‍යධරණී සාගරයෙහි පිහිටි අසිරිමත් අධිරාජ්‍යයකි."
මුලින්ම ප්ලේටෝ විසින් අවුරුදු 2400 පෙර පැරණි ඊජිප්තු ලිපිලේකන ඇසුරිනේ ලෝකයට ඉදිරිපත් කල ඔහුගේ කාලයට වඩා වසර නමදාහකටත් වඩා පැරනි අති දියුණු ඇට්ලන්ටිස් නම් රාජ්‍යයයක් පිලිබද පුරා වෘත්තිය බොහෝ කාලයක් ප්‍රසිද්ද පුරාවිද්‍යාවට අනුව මිත්‍යාවක් ලෙසම සැලකුනි. නමුත් පෙර ට්‍රෝයි පුරය සම්බන්ධයෙන්ද මෙලෙසම මතයක් ගෙන ගියද පසුව ඒවා සත්‍ය ස්ථාන බවත් මිත්‍යා විශ්වාස පමණක් නොවන බවත් හෙලි විය. අත්ලාන්තිසය සම්බන්ධ පුවත් ඊටත් වඩා ගැරහීමට ලක්වීමට හේතුව නූතන පුරාවිද්‍යාවට අනුව මානවයගේ දියුනුව ඇරඹෙන්නේ මීට වසර හයදාහකට පමන පෙර සිට බැවිනි. ඊටත් වසර දහස් ගණනකට පෙර දියුණු ශිෂ්ථාචාර පැවති බවට පිලිගැනීම එක් අතකින් මේ වන විට ගොඩ නගන ලද දැනුම් පද්ධති සමගද නොගැනපෙන්නක් විය. නමුත් මෙතුවක් කල් මුහුදට යටවී ඇති බවට පුරා වෘත්ති වල කියවුනු මේ අත්ලාන්තිසය කොතනද යන්න පිලිබද ප්‍රභල සාක්ෂි මතු වෙමින් පවතී. ඒ සහරාවේ ඇස ලෙස සැලකෙන උතුරු අප්‍රිකාවේ වම් පස ප්‍රදේශයකිනි. 
(ඡායාරූප)
ප්ලේටෝගේ විස්තරය අනුව අත්ලාන්තිසයේ එක් කෙලවරක් මුහුදට ඇරී තිබුනු අතර මුලු රජ්‍යයම කලෝමීටර 23 පළලින් යුතු විය. නගරයේ සිට බලන විට ඈත කදු මුදුන් වලින් ගලා හැලෙන දිය ඇලි දැක ගත හැකි විය. වලලු තුනක් දියෙන් පිරී තිබුනු අතර වලලු දෙකක් ගොඩින් පිරී තිබුනි. සියලුම වලළු (වෘත්ත) වල පරිදියට මද්‍යයේ සිට ඇති දුර එක සමාන විය.




දැන් මේ සහරාවේ ඇස දෙස බලමු. ගූගල් මැප්ස් වල අංශක 21.1239760, -11.4029930 යටතේ මෙය නැරඹිය හැක. නැකිනම් Richat Structure කියා ටයිප් කරන්න. සහරාවේ ඇස නිවැරදිවම දැක ගත හැක්කේ අහසේ සිට පමනි. එය මුලින්ම සොයා ගෙන තිබුනේද අ්‍යාවකාශයේ සිටය. ගොඩ බිම සිට එවැනි දැවැන්ත නිර්මාණයක් පිලිබදව කිසිදු ඉගියක් වත් නොලැබේ. 

කිලෝමීටර් 48 පමන පුරා විහිදී ඇති මෙම නිර්මාණය හා ප්ලේටෝගේ විස්තරය සමග සසදන්න. මෙහි පිටත වළලු අතර දුර කිලෝමීටර් 23 ආසන්න වශනේ සමාන වේ. පිටත කදු පන්තීන්ගේ වියලී ගිය ගංගා හා දිය ඇලිද මුහුද දෙසට ඇරුනු කොටසක්ද එලෙසම දැක ගත හැක. එසේම වලලු පිලිබද විස්තරයද ප්ලේටෝගේ විස්තරය සමග ගැලපෙන ආකාරය බලන්න. කිසිවකු විසින් නොසලකා සිටියද මේ ප්‍රදේශය අයත් මරුටේනියා ප්‍රදේශයේ ආදි පුරා වෘත්ති වලට අනුව ඔවුන්ගේ පලමු රජතුමා ගේ නමද ඇට්ලැන්ටිස්ය. ඊජිප්තුවන් අතට මේ පිලිබද විස්තර ගොස් ඇත්තෙ ඊජිප්තුවය ඒ කාලයේ අත්ලාන්තිසයේ යටත් විජිතයක්ව පැවති බැවිනි.
සහරාවේ ඇස පිහිටා තිබෙන්නේ සහරාවේ බටහිර දෙසට වන්නටය ඉතා ඈත අතීතයේ මේ ප්‍රදේශ තුරු ලතාවන්ගෙන් යුක්තව පැවති බවට සාක්ෂි හමුවී තිබුනද විද්වත් මතය වන්නේ මේවා බොහෝ කලකටපෙර කාලගුණික විපර්යාසත් සමග විනාෂ වී ගිය බවය. නමුත් ප්ලේටෝ විස්තරය තුලින් පැවසෙන්නේ අහසින් පැමිනි තරුවක් නිසා මුහුද ගොඩ ගලා එක් දිනක් ඇතුලත මුලු රජ්‍යයම විනාශ වී ගිය බවයි. කාන්තාර වල වැලි වලට හේතුව බොහෝ සෙයින් ගංගා ආශ්‍රිතව ආදියෙන් පැමිනි වැලි ආදිය නිසා වේ. නමුත් සහරාවේ මේ මහා වැලි ප්‍රමාණය මුහුදින් පැමිනීමට හොදටම ඉඩ ඇත. එසේම ඊජිප්තුවේ පිරමිඩ් වලින් පවා හමුවන මුහුදු ජීවීන්ගේ සාධක අනුව ඒවා කාලයක් වතුරින් යටවී තිබුනු බවට හොදටම සාක්ෂි ලබා දෙයි. මෙම සාක්ෂි සහරා කාන්තාරයෙන් පවා ලැබී ඇත.



සියලුම සාක්ෂි සලකා බලන විට අප පෙර ලිපියකින් දැක්වූ ලෙස ප්ලේටෝට අවුරුදු නමදාහකට පෙර එනම් අවුනුරු 11000 පමන පෙර සිදුවුනු තරුවකින් හා මුහුදින් සිදුවුනු ඇට්ලැන්ටිස් විනාශය , ගොබෙක්ලි තෙපේ නිර්මාණයේ දැක්වෙන අකාරයට වසර 11800 පමන පෙර සිදුවුනු වල්ගා තරුවක ගැටීමේ සිදුවීමද , අවුරුදු 11000 පෙර සිදුවුනු දැවැන්ත ජලගැල්මේ භෞතික සාක්ෂිද උතුරු අමෙරිකාව පුරා හමුවන වසර 12000 පමන පෙර සිදුවුනු දැවැන්ත උල්කා පාත ගැටීමක සාධකද සමගද සසදා බැලූවිට සියල්ලම එක් අදහසකට පැමිණිමට අවස්ථාව ලබා දේ. එනම් සහරාවේ ඇස යන්න ඒ මහා ජලගල්මෙන් විනාශ වුනු අත්ලාන්තිස් පුරය වීමට හොදින්ම ඉඩ ඇති බවයි. ප්ලේටෝගේම විස්තරයෙහි එන පරිදි විනාශයෙන් පසුව මුහුදු බත් වුනු අත්ලාන්න්තිසය පසුව කිසිදු ජල යාත්‍රාවකින් තරනය කල නොහැකි තැනක් බවට පත්විය. එනම් ගොඩ බිමක් විය. එසේම අත්ලාන්තිසයේ නිර්මාණ වලට යෙදා ගත් බව කියවෙන පාෂාන වර්ග පවා මේ ප්‍රදේශයේ සුලබව විසිරී ඇත. මේ සම්බන්ධ තව අති විශාල සාක්ෂි සංඛ්‍යාවක් ඇතත් ඒවා පහත යොමු මගින් දැක ගැනීම සදහා ඉතිරි කරමි.
පිරමිඩ් නිර්මාණයට දැනුම ලබා දුන් බව පැවසෙන ඊජිප්තු දෙවියගේ නම තෝත්ය. ඔහු විසින් රචිත බව පැවසෙන රහස් රැසක් රැගත් එමරල්ඩ් ටැබ්ලට්ස් නම් පුවරු විශාල ප්‍රමාණයක් පසු කලෙක පරිවර්ථනය කරන ලද්දේ සර් අයිසෙක් නිව්ටන් විසිනි. පැරණි ලෝකයේ අතුරුදහන් වූ රහසිගත දැනුම පද්ධතියක් පිලිබදව ඔහු විශ්වාස කලේය. මේ පරිවර්තනය එහි එක් ප්‍රති පලයකි. මේ පුවරු වල සදහන් ආකාරයට තොත් ප්‍රකාශ කරන්නේ ඔහු අත්ලාන්තිස් වාසියෙකු බවයි . එය ප්ලේටෝගේ විස්තරයටත් පෙර අත්ලාන්තිසය පිලිබදව කෙරුනු ප්‍රකාශයක් වන අතරම අදටත් අපට වඩා දියුනු තාක්ෂණයක් රැගත් පිරමීඩ නිර්මාණ ඔවුන්ගේ ක්‍රියාවක් නම් අත්ලාන්තිසය කෙසේද වන්නට ඇද්ද යන්න පිලිබදව අනුමාන කල හැක. නමුත් මේ සහරාවේ ඇස සම්බන්ධ තවමත් කිසිදු නිවැරදි පුරා විද්‍යා ගවේශනයක් සිදු කර නොමැත. බොහෝමයක් මෙ සොයා ගැනීම් සිදු කර ඇත්තේ තනි පුද්ගලයන් විසිනි. එම නිසා නිවැරදිම අත්ලාන්තිසය මෙම ප්‍රදේශය නම් එය යට මිහිදන්ව ඇති රහස් ප්‍රමාණය සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.

මෙය නිවැරදි අත්ලාන්තිසය නම් දැන් ගැටලුවක් වන්නේ මෙතුවක් කල් අත්ලාන්තිසය තිබෙන තැන පිලිබද වැරදි මත පල කෙරුනේ ඇයි යන්නයි.. එකක් නම් ප්ලේටෝගේ විස්තරය අනුව එය මුහුදු බත් වුනු බව සිතීමය. නමුත් ප්ලේටෝ විස්තර කර ඇත්තේ එය ජල ගැල්මට හසුවුනු බව පමනි. එසේම ජල ගැල්ම පිලිබද පුරා වෘත්ති වලට අනුව එය දින ගනනාවකට පසුව බැස ගොස්ද තිබුනි. අනෙක් හේතුව එය දිවයිනක් බව විස්වාස කිරීමය. එය දිවඉනක් වන්නේ ජලයෙන් වට වුනු නිර්මාණ නිසාය. එසේ නොවේ නම් මුහුදට ඇරුනු කොටසක් පිලිබද විස්තරයක් අවශ්‍යය වන්නේ නැත. එම නිසා මෙතුවක් කල් අත්ලාන්තිසය පිලිබද කෙරී තිබුනු සියලු ගවේශන පල රහිත බව පෙනේ. නමුත් මේ සහරාවේ ඇස සම්බන්ධ පුවත මෑතකදී කරලියට ගෙන ආවේ බ්‍රයිට් ඉන්සයිඩ් යූ ටියුබ් චැනලය මගිනි. ඔහු විසින් මේ පුවත් ප්‍රචාරය කරන විටම විකිපීඩියාවද වෙනස් වන්නට විය. එනම් අත්ලාන්තිසය සම්බන්ධව තිබුනු සමහර පුවත් අතුරුදහන් කිරීමෙනි. අප ජීවත් වන්නේ මෙවන් ලොවක් තුලය.
කෙසේ නමුත් වසර හයදාහකට පෙර කාෂිකර්මය ඇති කරගෙන එලියට පැමිනි අපේ ශිෂ්ථාචාරයක් නොමැති බව දැන් කෙමෙන් තහවුරු වෙමින් පවතී. නමුත් කොතරම් අතීතයට අපේ ශි්ඨාචාරය ඇදී ගොස් ඇත්ද ? අත්ලාන්තීසය පැවති පිරමීඩ නිර්මාණය කෙරුනු අති දියුණු ශිෂ්ථාචාරයක් පෙර පැවතියේ නම් එ් කොපමන කාලයක සිටද? ඊටත් පෙර පැවති තවත් ශිෂ්ඨාචාර මොනවාද වැනි ගැටලු රැසක් මේ අනුව පැන නැගේ. උදාහරණයක් ලෙස සුමේරියානු පුරා වෘත්ත වල ඔවුන්ගේ පැරණි රාජවංශයකම විස්තර සදහන් වේ රජවරු 22 දෙදෙනෙකුගේ විස්තර සදහන් වන එහි සමහර රජවරුන්ගේ වයස් ප්‍රමාණ අවුරුදු දහස් ගණනකි. රජවරුන් අට දෙනෙකු අවුරුදු 385,200 කාලයක් රජකම් කල පසු ජල ගැල්මෙන් රාජාධානිය විනාශ වී යයි. අනතුරුව පැවති කාල ප්‍රමාණය අවුරුදු 23000 පමන කාලයක් රජකම් කරන්නේ රජවරුන් 23 දෙනෙකි. ඔවුන්ගේ වයස් ප්‍රමාණද අසාමාන්‍ය නමුත් මේ ලේකන වල ඔවුන් රජකම් කල කාලය වසර පමනක් නොව අවසන් දින ප්‍රමාණය දක්වාමත් සටහන් කර ඇත.
බෞද්ධ පොත් පත් වලද මහාසම්මත නම් රජකෙනෙකුගේ සිට පැවත එන සූර්ය වංශික රාජපරපුරේ අති දීර්ග මුලු රජ ඉතිහාසයම රජකම් කල රජු හා කාලයද සමග සදහන්ව ඇත. එය අති දීර්ළ කාල වකවානුවකි. සමහර රජවරුන්ගේ වසයස් වසර දහස් ගණන්ය.
පසුගිය දිනවල යම් යම් මෙවැනි පුරාවිද්‍යා ලිපිලේකන ඇසුරු කිරීමේදී මට ඇති වුනු ගැටලු කීයපක් දැන් අනෙක් අයටද සිතීම සදහා මෙහි පල කරමි.
පැරනි මෙවැනි ශිෂ්ථාචාර දියුනුව පැවති නම් අද ලෝකය විසින් සොයා ගන්නා ඩයිනසෝර පොසිල ආදිය කිසි සේත්ම ඔවුන්ට රහසක් නොවිය යුතුය. අයිස් ඒජ් චිත්‍රපටයේ එන මැමත් සත්තවයා සැබැවින්ම අවුරුදු හයදාකට මෙහා කාල වකවානුවක් දක්වා ජීවත් වූ බවට සාක්ෂී ලැබී ඇත. නමුත් මේ සත්ත්වයින්ගේ කිසිදු සිතියමක් අප පැරණි චිත්‍ර වලින් දකින්නේ නැත. එසේම පැරණි ඉදිකිරීම් තාක්ණය ආදී කිසිවක කිසිදු තොරතුරක් එම ගොඩ නැගිලි ආශ්‍රිත චිත්‍ර වලින් වත් සටහන් වලින් වත් හමු නොවේ. මෙයට හොදම හේතුව වන්නේ අප අද අපේ ඉතිහාසය ලෙස දකින ඉතිහාසය සැබැවින්ම පැරණි ශිෂ්ථාචාරයේ විනාශයෙන් පසුව නැවතත් ගල් යුගයට ගිය මිනිසුන් විසින් පසුකාලීනව පැරනි නිර්මාන අයිති කර ගෙන ඔවුන්ගේ නොදියුනු මත ආදිය සමග කල චිත්‍ර ලේකන ආදිය වීමට බොහෝ දුරට හැකි වීමයි. එසේම මිනිසුන් විසින් ලෝහ ආදියෙන් සිදු කල කිසිදු නිර්මාණයකට අවුරුදු දහදාහක කාල පරිච්ඡේදයක් තරණය කිරීම ඉතාමත් අපහසු කාරණයකි. විශේෂයෙන් පසුව පැමිනි අයිස් යුගයකින්ද පසු පැරණි ශිෂ්ථාචාරයේ බොහෝ දේ සටහන් නොතබාම අතුරුදන් වන්නට ඇත.
එසේම මීලග කරුන නම් යම් යම් නොදන්නා හේතු මත පාෂාන ආදිය ක්ෂනිකව වෙනත් ආකාරයක් ගැනීමට හැකිද යන්නයි.ගුප්ත සාස්ත්‍ර මා තකන්නේ නැති වුවද පැරනි සමහර සටහන් වල ග්‍රහ තාරකා වල වෙනස නිසා පාශාන ආදිය වෙනස් ආකාර විය හැකි බවට දැක්වුනු සදහනක් මෙහිදී මතකයට නැගේ. මේ බවද පැරනි ගල් පුවරු ආදියේ මිනිස් අත් සහ්‍ටහන් ආදිය සටහන්ව තිබෙන යම් දේ සමග ගැලපෙන නමුදු වර්තමාන කාල මිනුම් අනුව සැලකූ විට එය අවුරුදු ලක්ෂ ගණනක ක්‍රියා වලියකි. එසේම යම් යම් ආකාර වලින් යම් දේ පොසිල බවට පත්වීමේ ක්‍රියා වලිය වේගවත් විය හැකිද එසේම මුහුදු ගොඩ ගැලීම් ආදීය නිසා විවිධ පාශාන තට්ටු එක මත එක ඒම පසු කාලීනව අති දීර්ඝ කාල ප්‍රමාණයන් ලෙස සැලකීමට අද විදාව අනුව හේතු වෙනවාද යන්නද සැලකිය යුතු කාරණයකි. මේ සම්බන්ධවද මම විද්‍යාඥයන් කීප දෙනෙකු අති සංකීර්ණ ජීවී පද්ධති පවා පොසිල සමග හමුවුන අතර මේ අනුව මේ කාල නිර්නයන් ආදිය පරිණාවාදය ඔවුන් රේඛිය ලෙස නොසැලකීමට හේතුවක් ලෙස පෙන්වනු දුටුමෙි. රේකිය පරිණාමවාදයක අදහස ඔවුන් ප්‍රතික්ෂේ පකරයි.
මේ අදහස් වර්තාමන විද්‍යාත්මක දැනුම සමග නොගැලපීම ගැටලුවක් කර නොගන්න කරුනු සොයා බලා පසුව විද්‍යාත්මක සොයා ගැනීම් සමග සසදන්න. නොගලපේනම් අලුත් සංකල්පයක් ඉදිරිපත් කිරීමට පසුබට නොවන්න.
කෙසේ නමුත් නිවැරදිවම අපහාසුවකින් තොරව ඉතිහාසය සොයා යෑමට තරම් තවමත් අපේ විද්‍යාව දියුනු නැත.
http://atmo.info/AtlantisPlato.pdf
https://www.google.com/maps/d/u/0/viewer…
https://www.dailystar.co.uk/…/Atlantis-found-Richat-Structu…
https://www.express.co.uk/…/atlantis-lost-city-found-eye-of…
https://www.youtube.com/watch?v=Pu275qpohXM&t=472s
http://www.abc.net.au/science/articles/2008/…/28/2229383.htm
https://www.matrixdisclosure.com/isaac-newton-emerald-tabl…/
https://en.wikipedia.org/wiki/Sumerian_King_List
https://en.wikipedia.org/wiki/Longevity_myths
https://www.iflscience.com/…/fossil-discoveries-challenge-…/
http://www.xinhuanet.com/english/2018-01/04/c_136871108.htm
https://www.sciencealert.com/the-great-pyramid-of-giza-migh…
https://phys.org/news/2010-01-secrets-sahara-revealed.html
https://uk.whales.org/…/huge-prehistoric-whales-found-in-eg…
https://en.wikipedia.org/wiki/Objections_to_evolution

No comments:

Post a Comment