Blog Archive

නිදහස් අධ්‍යාපනය කුමකටද?




අද විශ්ව විද්‍යාලයෙන් විද්‍යාව උගත් පුද්ගලයා යනු විද්‍යාව නොදන්නා තැනත්තෙකි. නමුත් තමුන් එහි සාමාර්ථයකු බවට යිය ගසන්නෙකි. විද්‍යාව ඉගෙන ගන්නා පුද්ගලයා එය ඉගෙන ගන්නේ විද්‍යාවට ඇති ආසාවකින්ද නොවේ. අප රටේ ඇති සීමිත භෞතික විද්‍යා මහාචාර්යය වරුන් සැලකූ විට මෙය පැහැදිලි වනු ඇත. අලුත් නිර්මාණශීලී මතයක් ඉදිරිපත් කල අයෙක් සිටී  නම් මගේ දැනුමේ ලෙස දෙතුන් දෙනෙකු පමනි. මෙම විද්‍යාව උගන්නා අය බොහෝ විට යොදා ගන්නේ ලංකාවේම තවකෙකුට එය උගන්වා කීයක් හෝ සොයා ගැනීමට සහ බොහෝ විට අන්‍යයන් මැඩපැවැත්වීමටය. ලංකාවේ ඉංග්‍රීසි දන්නා පුද්ගලයාද බොහෝ විට මෙසේ ඉංග්‍රීසිය යොදා ගන්නේ තමුන්ගේම පිරිස පෑගීම සදහා පමනක් වන අතර කිසිදු ආකාරයකින් රටට සේවයක් කිරීමට නොවේ. මෙම හීනමානය පාසල් ළමුන්ගේ අතර පවා පැතිර ඇති සැටි මහපාරේදී පවා දැක ගත හැක. එය නිවට හා දීන බව පෙන්වීමක් බව ඔවුන් නොදනිති. කඩයක බෝඩ් ලෑල්ල පවා ඉංග්‍රීසිය.  මෙම තත්වය සමස්ථයක් ලෙස ගත් කල නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපන ලබන බොහෝ දෙනෙකුද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීම යන්න අන්‍යයන්ගෙන් උසස් වීමට කාරනයක් හා තමුන් අන්‍යයන් අභිබවා පන්ඩිතයෙක්යැයි පෙන්වීමට අවස්තාවක් යැයි සිතයි. ඔවුන් විද්‍යාව හා ගැටෙන තැන් යැයි සිතා කැපී පෙනීම සදහාම නොයෙක් ආගමික අංගයන් ආදිය අල්ලාගෙන අවකැපෙන ප්‍රකාශ නිකුත් කරයි. එයට ඉලක්ක වන්නේ තමුන්ගේ රටේම සංස්කෘතියේ කොටසක් වන අතර ඉන් එහාට බටහිර නිර්ණායකයන් හෝ  තමුන් උගත් දේ පිලිබදව සැකයක් ඔවුන්ට නොමැත. නැතිනම් එය ප්‍රශ්ණ කිරීමට බිය වෙයි. උදාහරනයක් ලෙස ආරෝපනය හෝ චුම්භකත්වය කුමක්ද ඒවා ආකර්ෂණය වන්නේ ඇයි යන්න මෙවන් පුද්ගලයකුගෙන් අසා බලන්න. තටමමින් ඔවුන් එය විස්තර කිරිමට උත්සාහ ගනු ලබන අතර නැතිනම් අවසානයේ ඒ සදහා ගැටලුව ඇසූ පුද්ගලයාගේ දැනුම මද බව හෝ නැතිනම් එය වචන මගින් තේරුම් ගත නොහැකි බවද ප්‍රකාශ කරනු ඇත. නමුත් බටහිර  ඇකඩමික් ගනයේ විද්‍යාඥයකුගෙන් ඇසුවේ නම් බොහෝ විට එයට හේතුව තවම නොදන්නා බව නිහතමානීව පවසනු ඇත. නමුත් මොවුන් සිදු කරන ප්‍රධාන වරද නම් තමුන් මෙතුවක් කල් උගත්තේ මේ රටේ ඒ ආගමික සංස්කෘතිය යටතේ හැදී වැදුනු අසරණ මිනිසුන් ගේ දාහඩිය මහන්සියෙන් ලබා දුන් ධනයෙන් බව මොවුන්ට අමතක වීමය. එම නිසා විශ්ව විද්‍යලයතුල හා ඉන්පිටත සියලු රැගුම් රැගීමට සුදුසු මහා කෙරුම් කරුවන් ලෙස මොවුන් සිතති. නැතහොත් පිටරටකට ගොස් ඔවුන්ට සේවය කරති.ලංකාවේ වැරදි කියති. 

නිදහස් අධ්‍යාපනය දෙස හැරී බලන විට නිදහස් අධ්‍යාපනය තුලින් ලංකාවට සිදුවී ඇති කිසිදු යහපතක් නොවන බව දැකිය හැක. පුද්ගල වශයෙන් රැකියා සොයා ගෙන ඇතැයි පැවසිය හැකි වුවද රටේ දියුණුවට එය බලපා නොමැත. කිසිදු ලෙසකින් ප්‍රාෙයා්ගිකව කල්පනා කල නොහැකි මැට්ටන් රැසක් පමනක් බිහිව ඇත.වරක් දේශීය ආදයම් කාර්යාලයෙහි සෝපාන තුනින් දෙකක් වසා දමුන් ලැබ තිබුනු අතර හේතුව විමසූ විට දැන ගැනීඹට ලැබුනේ අලුතින් පත්වුනු නිලධාරියකු වියදම් අඩු කිරීම පිණිස එම පියවර ගෙන ඇති බවයි. දුර බැහැර සිට පැමිණි බෝහෝ පිරිස් එහි පෝලිම් ගැසී මහත් දුකක් විදිනු දැකිය හැකි වුනි. පසුගියදා ගෙන ආ යතුරු පැදි මුහුණු ආවරන ඉවත් කිරීමද මෙවැන්නකි. එසේම අද බිලියන මිලියන දස ලක්ෂ පටලවා ගන්නා පිරිස් , ත්‍රස්තවාදය හා ජාතිවාදය පටලවා ගන්නා පිරිස්, මිනිස්කම සහා කෙලෙහිගුණ නොමැති පිරිස් ඉංග්‍රීසි කුණුහරප සිංහල කුණුහරප වලට වඩා උසස් යැයි සිතන පිරිස් , සුද්දන්ම උසස් යැයි සිතන පිරිස්, සුද්දන් නැතුව කිසිවක් කරගත නොහැකි යැයි සිතන පිරිස්, ස්වභාවික පරිසරයේ හෝ වනාන්තරයක නැතිනම් ජෛව සම්පතක අගයක් නොදන්නා පිරිස් ආදී බොහෝ පිරිස් නිදහස් අධ්‍යාපනය මගින් රටට දායයාද කර ඇත.  එසේම විභාග වලදී මහාචාර්යයවරුන්ද තම බක පන්ඩිතකම පෙන්වීමට මෙන් සිසුන් අමාරුවේ දැමීමටම ප්‍රශ්ණ  පත්‍රද සකසයි. අඩුම තරමින් එම විශයෙහි අදක්ෂයකුට විභාගයක් අවම වශයෙන් සමත්ව ඔහුට ගැලපෙන රැකියාවකට යාමට අවස්ථාවක් කර දීමට හා වැඩි ලකුණු ලබා ගන්නා අයට මීලග අදියරට යාමට අවස්ථාවක් ලබා දීමට මොවුන් සූදානම් නැත. මෙම නිසා විභාග අසමත්වන බොහෝ සිසුන්ට විභාග සිදුසු කම් නොමැති කමින් රැකියා ලබා ගත නොහැකිව පීඩාවට පත් වෙති.  




 

නිකම් දෙන දෙයෙහි කිසිදු අගයක් නොමැත. අද දෙමව්පියන් පාසලේ ගුරුවරුන් උගන්වන දේ හරිද වැරදිද යන්න පිලිබදවවත් අවධානය යොමු නොකරයි. ගුරුවරයාගේ උගැන්වීමේ හැකියාව පිලිබදවවත් සොයා නොබලයි. මෙම නිසා ගුරුවරුන්ටද ගුරු වෘත්තිය යනු නිකම්ම රැකියාවක් පමනි. තමුන්ට යමක ඉගැන්වීඹට කියා තිබේද එය හිතේ හැටියට උගන්වා ගෙදර දුවයි. එම කරුණු කටපාඩම් කර විභාගය ලිවීම ළමයාට භාරය. අලුත් කරුණු හැදෑරීමක් නැත අලුත් ලොව පිලිබද දැනීමක් නොමැත. උදාහරණයක් ලෙස 11 තොරතුරු හා සන්නිවේදන තාක්ෂනයේ උගන්වන ක්‍රමලේකන මෘදුකාංගය විෂුවල් බේසික් 6 නැමති පැරණි මෘදුකාංගයයි. එහි අවසන් නිකුතුව නිකුත් වී දැන් වසර දහසයක් පමන ගතවී ඇත. ඉන් ක්‍රමලේඛනය පිලිබද නිවැරදි අවබෝධයක් ලබා ගත නොහැකිවාක් මෙන්ම  අලුත් ක්‍රමලේකන පිලිබදව අදහසක් ලබා ගැනීමටද බාධාවක් වෙයි. නමුත් මේ අතින් ජාත්‍යන්තර පාසල් විෂය සැලකූ විට ඔවුන් පැස්කල් වැනී මූලික අදියරේ ක්‍රමලේඛන භාශාවක් උගන්වයි. එය මූලික දැනුම ලබා ගැනීඹට මහත් පිටුවහලකි. එසේම මෙරට විශය මාලාවේදීද නීතිවිරෝධී මෘදුකාං භාවිතා නොකරන්නයැයි කියමින් MS Office ,Photoshop වැනි මෘදුකාංග උගන්වයි.මෙවැන්නක් මිලදී ගත හැක්කේ ඉතා සීමිත පිරිසකට පමනි. නමුත් අන්තර්ජාතික විෂය මාලාවේදී නිදහස් මෘදුකාංභාවිතය සිසුන් හුරු කරවයි.GIMP OPEN OFFiCE වැනි දෑ භාවිතා කරන අතර අද පරිඝණක ලෝකය පිළිඹද නිවැරදි දැනුමක්ද ලබා දෙයි.රජයේ විශය මාලාවේ එකේ පන්තියේ සිට පාසල් තුල ඉංග්‍රීසි භෘෂාව ඉගැන්වුවද පාසල් පිටවනවිටද බොහෝ දෙනාට ඉංග්‍රීසි නොහැක. බුදු දහමේ මූලික අරමුණ නිවන් දැක්වීම වුව පාසල තුල ඉගැන්වීඹ තුලින් අඩුම තරමින් යහපත් පුරවැසියකු බිහි කරවීමවත් බලාපොරාත්තු විය යුතු නමුදු ඒ කිසිදු කරුනක් ඉටු වන්නේ නැත. ගණිතය හා විද්‍යාව උගැන්වුවද විද්‍යාව පිලිබදව කුතුහලයක් උනන්දුවක් ඇති සිසුන් බිහි වන්නේ නැත. මේ අධ්‍යාපන ක්‍රමයේ පිහිට ලැබුවන් කිසිදු තාර්කික චින්තනයකින් තොර යන්ත්‍ර වැනි පිරිසකි.  

ෙමය තවත් හොදින් දැකිය හැකි වන්නේ සමාජයේ අද ජනාපිය ආදායම් මාර්ග දෙස බැලීමෙනි. අද ජෝතිෂ්‍යය යන්ත්‍ර මන්ත්‍ර යනු රජයේ ආශීර්වාදය ලබන ප්‍රත්‍යක්ෂ ශාස්ත්‍ර වෙයි. තව ටික කලකින් ජෝතිෂ්‍ය විශයයක් ලෙස අධ්‍යාපනයට ඇතුලත් වුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.  අත්තෝ අත්තාහි නක්මන්තා කිං කරිස්සන්ති තාරකා යන බුදු වදනටම පිටු පාමීන් බෞද්ධයේම මේවායේ ගිලෙති. දේවාල මෙහි අනෙක් දෙයයි. පසුගිය වර කතරගම දෙවියන් බලා ගැනීමට පැමිනි පිරිස අවම වශයෙන් ලක්ෂ 13 යැයි පැවසේ. දේවාල වලට හා කපුවන්ට බිය වෙමින් බෞද්ධයන්යැයි කියා ගන්නා හෝ උගත් යැයි කියා ගන්නා විශාල පිරිස් අද හතර වටේ දිව යති. නත්ඨිමේ සරණං අඥ්ඤං බුද්ධෝ මේ සරණං වරං ,ධම්මෝ මේ සරණං වරං, සංඝෝ මේ සරණං වරං යන්න පිලි ගැනීමට මොවුන් බියය. මන්දයත් තමුන් නොදුටු නොදන්නා නමුත් කවුරුන් හෝ කිවූ පලියට කොහේ සිටින දෙවියෙක් යක්ෂයෙක් පතබෑ හැකි බැවිනි. බෞද්ධයන් වුවද තමුන්ගේ සිතිවිලි වල වහලුන් බවට පත්ව දුක් විදිති.ව්‍යාපාරයක් පටන් ගැනීමට නැකක් එන තුරු මාස ගනන් මුදල් නාස්ති කර ගනිති. අන්තීමේදී නැකත එන විටම ව්‍යාපාරය බංකොලොත්වීහමාරය. ඉපදුනේ නැකත් බලා නොවන නමුදු අද මිනී කන්තට යාමටද නැකැත් ඇත. තවත් පිරිසක් තැන තැන පැවැත්වෙන සුව කිරීමේ රැලි සොයාගෙන යති. මේවා කරන සමහර පූජකයින් බටහිර වෛද්‍ය ක්‍රමයේ පිහිට ලබා ජීවත් වන්නවුන් බව ඔවුන් නොදනිති. මේවායේ සිදුවන්නේ ප්ලසී බෝ (Placebo) නැමති  සංසිද්ධියයි.(http://en.wikipedia.org/wiki/Placebo) මේ පිලිබදව දන්නේද ලංකාවේ ඉතාමත් සීමිත පිරිසක් බව මගේ හැගීමයි. මෙය මුලු මනින්ම විද්‍යාෙවන් පැහැදිලි කර නොමැති නමුදු සිදුවන දෙය පිලිබදව අවබෝධයක් ඇත. මෙහිදී කිසිදු දෙවියකු ලෙඩ හොද කරන්නේ නැත. අවශ්‍ය පුද්ගලයකුට මෙය නිවසේ සිට වුව තනිව කර ගැනීමටද හැක. මෙයට මුල් වන්නේ තමුන්ගේ මනසම පමනි. මනෝ වෛද්‍යවරුන් සතුවද මෙවැනිම ප්‍රතිකාර ඇත. එසේම ලෙඩ හොදවන බව පෙන්වන බොහෝ දෙනෙක්ද හොරුම වෙති. එයට අසුවන අහිංසකයින් කවදාවත් නුදුටු අපබ්‍රංශ දෙවියකු සිටීයැයි පිලි ගනිමින් ජීවිතයම විනාෂ කර ගනී. මෙයම උපයෝගී කරන්නා විශාල හොර වෙදුන් සංඛ්‍යවක්ද අද ලංකාව තුල දැකිය හැක. විනාඩි ගණනින් බරපතල අසනීප සුව කල හැකියැයි මොවුන්ද කය්ය ගසයි. නමුත් දන්නා වෙදකමක් නැත. 

මෙහි ප්‍රධානම හේතුව නම් මනස දැඩි කර ගැනීමට නොහැකි. තර්කාණුකූල සිතීමක් නොමැති නිවට නියාලු අසරණයන් පිරිසක් අධ්‍යාපනය තුලින් බිහිවී තිබීමයි.. මෙයින් හොදටම ප්‍රයෝජන ගන්නා පිරිස අද පැහැදිලිවම දේශපාලඥයින් බව වර්ථමාන

මැතිවරණ තුලින් හොදින් පැහැදිලි වෙයි. මෙලෝ බුද්ධියකින් තොර දේහාපනය පිලිබද අංශුමාත්‍රයක දැනුමක් නොමති පිරිසක් තමුන්වත් නොදන්නා කිසිදු  අර්ථයක් නොමැති අපහාස පෝස්ට් ආදිය ෆේස් බුක් වැනි සමාජ ජාල වල දමමින් ප්‍රීති වෙයි. ඔවුන් සිතන්නේ ඔවුන් රටේ පෙර ගමන්කරුවන් ලෙසයි. දේශපාලය, ඉතිහාසය  ලෝකය පිළිබදව ඔවුන්ට කිසිදු දැනුමක් නොමැති අතර ෆේස් බුක් තුල රැදෙන්නට රැදෙන්නට තමුන් තව තවත් මැටි වන බවත් නොදනිති. මන්දයක් ලංකාවේ ෆේස් බුක් යනු කසල ගොඩක් බැවිනි. ඒ අතින් Google+  වැනි සමාජජාල අඩවි වඩාත් ඉදිරියෙන් සිටී.
වර්ථමාන නිදහස් අධ්‍යාපනයේ හොදම ප්‍රතිපලය වන්නේ මුලු මහත් ලංකාවේම පිරිමින් අද යැපෙන්නේ කාන්තාවන් ගේ වෙහෙස හා මහන්සිය මත වීමයි. මොන කයිවාරු ගැසුවත් මැද පෙරදිග හා වෙනත් රටවල අපාදුක් විදින ගැහැණුන් නොමැති නම් මුලු ලංකාවේම ආර්ථකය මුලින් කපා හෙලූ කෙසෙල් ගසක් මෙන් බිම ඇද වැටෙනු ඇත. ලංකාවේ  පිරිමින්ට ඇත්තේ ඒ සල්ලි වලින් එතනෝල් පාරක් ගසා දේශපාලනය පිලිබදව කථා කිරීමයි.එක්කෝ එතනොල් ගෙන ඒමේන් සිදුව ඇති හානි ගැන කථා කිරීමයි.  එක්කා් විප්ලව කිරීමට හෝ ස්ට්‍රයික් පාරක් දමා කොහේ  හෝ කඩාකප්පල් කාරීකියාවක් යෙදීමටයි. එසේම ලංකාවේ අද අධ්‍යාපනයෙන් මුල් තැන ගන්නේද ඉහල නතරු වලට බොහෝ විට පත්වන්නේ කාන්තාවන් වීමද මෙහිදී සලකා බැලිය යුතු අතර එනයින් අද. ලංකාවේ පිරිමි යනු කුවරුන් දැයි දැන් සිතා බැලිය හැක. කුණු කරෝල කැබැල්ලක් ගසා මිතුරට පහසුවෙන් අල්ලා ගත හැක්කෙකි.  


වාර්ථාවලට අනුව ලංකාව අද සියදිවි නසා ගැනීම් අතරින් ලෝකයේ හතර නැතිනම් පස්වන ස්ථානය දරයි. සංස්කෘතියට ටටා බායි කිවූ දකුණු කොරියාව හා ජපානය අපට ඉදිරියෙන් සිටින සැටිද බලා ගත ගැක. ඔබ ලංකාවේ සමාජය ඇසුරු කරන්නකු නම් කොතරම් දෙනා සුලු හෝ මානසික විශාදයකින් පෙලෙන ආකාරය නිරීක්ෂණය කල හැකි වනු ඇත. බොහෝ දෙනා මතපැන් පානයට යොමු වීහේතුවද මෙයම විය හැක. ස්ප්‍රීතු භාවිතයෙන් ලංකාව පස්වන නැත්නම් හයවන ස්ථාානයේ වැජබෙයි. මස්ථයක් ලෙස ලංකාවේ විනෝද වීම යනු සාමාන්‍ය මිනිසකුට අධික වියදම් කාර්යයකි. පවුලේ අය හා සවාරියක් යාම වෙනසකට කියා නිවාඩුවක් ගත කිරීමට යාම ක්‍රීඩා සාමජයකට සම්බන්ධ වීම වැනි දේ අත මිත යහමින් ඇති අය සදහා පමනි. ලාභම විනෝද වීමේ ක්‍රමය මත්පැන් පානය සහා ඉන්පසු දේශපානය විවේචනය කිරීම පමනි. නමුත් මෙහි භයානක පැත්ත වන්නේ පාසල් සිසුන් අතරද මානසික විශාදය තත්වය පැතිර පැවතීඹයිඅවාසනවකට මේන් මේ තත්වය පිලි නිවරදි අවබෝධයක් දෙමව්පියන්ට කෙසේ වුවත් ගුරුවරුන්ටද නොමැත. ඔවුන් සියල්ල දකින්නේ සිසුවාගේ උනන්දුවක් නොමැති වීමක් ලෙසය. අනෙක් අතට මානසික රෝගී තත්වයන් සදහා වන ඖශධ වර්ගද ඉහල මිල ගණන් යටතේ වෙයි. පාසල් සිසුන් මේ තත්වයට ගොදුරුවීමේ ප්‍රධාන හේතුවද දරාගත නොහැකි අධ්‍යාපනික තරගකාරී බවම විය හැක. මෙහිදී සිහියට නැගුනු කථාවක්ද කිව යුතුය. රජයෙන් මීට පෙර මේ ත්වන් පාලනය කිරීම සදහා සුමිත්‍රයෝ නම් ආයතනයක් පිහිවටුවා තිබුනි. මෙහි උපකාර ලබාගැනීම සදහා ගිය මා දන්නා ගැහැණු ළමයකුගේ ප්‍රතිකර්මය අවසන් වූයේ එහි පිරිමි ළමයකු නොකඩවා ඇයට දුරකථන ඇමතුම් ලබා දීමට පටන් ගැනීමෙනි. ඇය නැවතත් එහි පැත්ත පලාතේ ගියේ නැත. අනෙක් අතට මානසික උපදේශණ සේවා යනුවෙන් ක්‍රියාත්මක වන සේවාවන්හි ගුණාත්මක බව ඉතාමත්ම අඩුය. ඉන් බොහෝ විට මානසික රෝගියාට කිසිදු ගැටලුවක් නොමැති බව බොහෝ විට පවසනු ඇත. නැතිනම් උපදේශණය ලබා දෙන පුද්ගලයාම මානසික රොගයකින් පෙලෙන්නෙකි. මෙවැන්නකු පසුගිය කාලයේ අන්තර් ජාලයේ පිස්සු නැටූ හැකි කාටත් මතක ඇතැයි සිතමි.  

ලංකාවේ නිදහස් අධ්‍යයාපනය කියා කිසිවක් තිබෙන බව පැවසුනද සැබැවින්ම ලංකාවේ නිදහස් අද්‍යාපනයක් නොමැති බවද වටහා ගත යුතුය. මන්ද යත් පාසලට නොගෙවන මිළ ගණන් අද සියයට අනූවක් දෙමාපියන් විසින් ටියුෂන් සදහා ගෙවන බැවිනි. අද කාලයේ O/L  එක් විශයයක් සදහා අවම වශයෙන් රුපියල් 500-600 වත් මුදලක් අය කෙරේ.තනිව උගන්වන පන්ති සදහා රුපියල් 5000 පමන අය කෙරෙන අතර කන්ඩායම් පන්ති සදහා රුපියල් 1000 පමන අය කෙරේ. එක් ශිෂ්‍යයකු අනිවාර්යයෙන් ගණන්,විද්‍යාව, ඉංග්‍රීසි, ICT , සිංහල,සංගීතය වැනි


විශයයන් හතරකටවත් අමතර පංති යයි. එක් මහවිදුහලක් සැලකුවකුහොත් එක් වසරක ළමුන් 200 සිටී යැයි සැලකුවහොත් අවම වශයෙන් 500* 4= 2000කි. 2000*200 = 400,000 කි. 6 පන්තියේ සිට පමනක් සැලකුවහොත් 11 දක්වා පන්ති 6 කි. එනම් 400,000*6 =  රුපියල් 2,400,000.00 කි. උසස් පෙල විශයක් සදහා අවම රුපියල් දහසක් අය කෙරේ යැයි සලකමු . එවන් විශයන් තුනක් සදහා රැපියල් 3000.00 කි. උසස්පෙල ළමුන් සිටින්නේ 300 යක් යැයි සැලකුවහොත් උපකරක පන්ති සදහා මසකට රුපියල් 900,000.00 වියදමක් සිදු කෙරෙයි. එවිට මසකට  2,400,000.00 + 900,000 = 3,300,000.00 කි. මේ මසකට ලැබෙන වියදමයි.  මේ වියදම මී වඩා බෙහෙවින් වැඩි බව අමුතුවෙන් සදහන් කල යුත නොවේ. එක්කෝ මේ මුදල පාසල වෙත ලබා ගැනීඹට කටයුතු කල යුතු වන අතර නැතිනම් පාසල් වසා පෞද්ගලික අධ්‍යාපනයට පමනක් ඉඩ ලබා දිය යුතුය. එසේ නැතිනම් මෙම මුදල රජයට ලබා ගන්නා වැඩ පිලිවෙලක් අරඹා පාසල් කාලය සවස හතර පමන වන තෙක් දීර්ඝ කල යුතුය.එවිට කුමානුකූලව සෙමෙන් ළමුන්ට විශය උගැන්වීමට ගුරුවරුන්ට අවස්ථාව ලැබේ. ළමුන්ට ක්‍රීඩා කිරීමට මෙන්ම භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව වැනි තමුන් ආශාකරන බාහිර විශය පථයක් ඉගෙනීඹටද පර්යේෂණ කිරීමටද අවස්ථාව සලසිය හැක. අඩුම තරමින්  අඩු පහසුකම් ඇති පාසල් සදහා හොද සේවාවක් ලබා දීමට මෙමගින් හැකි වන අතර එමගින් ජනප්‍රිය පාසල් ක්‍රමයද බිද වැටෙනු ඇත. අනෙක් අතට අමතර පන්ති යාම නිසා සිසුන් පත්වන නොයෙක් දුරාචාරයන්ද නවතිනු ඇති අතර ගුරුවරුන්ට හොද මාසික වැටුපක් ලබා දීම මගින් හොද නිර්මාණශීලී අධ්‍යාපන ක්‍රමයකටද මග පෑදිය හැකි වනු ඇත. මී රැලේ වැටී එකා පරයමින් දිව යන පීඩනයෙන් ළමුන් ගැලවී සුවපත් මනසකින් යුතු පුද්ගලයකු සමාජයට බිහිකල හැකි වනු ඇත.  මෙයම රජයේ විශ්ව විද්‍යාල සදහාද සිදු කලේ නම් ශීෂ්‍යත්ව නොමැති  සිසුන්ට නිදහස් කාලය තුල කිසියම් කුඩා රැකියාවක නියැලීමට සිදුවනු ඇත. ලංකාවේ සිට පිටරට විශ්ව විද්‍යාල වෙත යන්නන් වැසිකිලි සේදීමේ සිට පත්තර බෙදීම වේටර් වැඩ කිරීම ආදී නොයෙකුත් කටයුතු වල යෙදේ. මෙයම ලංකාවේද ඇති වේ නම් ලබා ගන්නා අධ්‍යාපනය මහත් සැලකීමක්ද රැකියාව අනුව උස් පහත් බව සැලකීමද තුරන්ව යනු ඇත. නමුත් ලංකාව තුල ගෙවීම් සම්බන්ධයෙන් ගැටලු ඇති බැවින් එය සාර්ථක විය නොහැක.මෙහි ඇති ගැටලුව වන්නේ ලංකාවේ අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් රැසකට තමුන්ගේ වැඩ කල හැකි හොදම තරුණ අවධියේ වැඩි කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට සිදුවී තිබීමයි. නමුත් රජය මැදිහත් වුවහොත් එයට වැඩපිලිවෙලක් සැකසිය හැක වනු ඇත.

No comments:

Post a Comment