Blog Archive

රාවණා රජුගේ තාක්ෂණය?


අද යම් තාක් දුරකට අඩුවී තිබුනද පුසගිය කාලවල රාවනා රජු පිලිබද උද්දාමයට පත් විශාල පිරිසක් නොයෙකුත් මාධ්‍ය හරහා රාවණා රජු පිලිබදව නොයෙකුත් මත පලකරනු දක්නට ලැබුනි.සමහර කතා සැබැවින්ම විද්‍යා ප්‍රබන්ධ පරදවන තරම් අද්භූත විය. කුමන හෝ නවීන විද්‍යාත්මක සොයා ගැනීමක් ගැන ප්‍රවෘත්තියක් පලවූ සැනින් මොවුන් ගෙන් කීප දෙනෙකු  ''ලංකාවේ මීට වඩා තාක්සණයක් ඉස්සර තිබ්බා මුන් ඒවා දන්නේ නැහැ. නැතිනම් අපේ දේ හොරකම් කරගෙන තමා මේ අලුත් ඒවා කිය කිය දාන්නේ.අගහරුටත් මුලින් ගියේ අපි'' ආදී ලෙසින් කොමන්ට් කරනු දකිනු හැකි විය. මෙය ලියන මාහටද පෙර රාවණා පිළිබදව කොතරම් ගරුත්වයක් තිබුනේද යත් අපගේ රාජ්‍ය විනාෂ කල රාමාගෙන් පලිගැනීමේ ආකාර පවා සිතුවෙමි. ආචාර්යය මිරැන්ඩෝ ඔබේ සේකරට අනුව

 ''රාවණා රජු අහස, පොළව, මුහුද යන සියල්ල ජය ගත්තෙකි. ඔහු සතු වූ ගුවන් යානා ආකෘතිය රයිට් සහෝදරයන්ගේ අත්හදා බැලීම් වලද යම් තාක් දුරකට පෙන්නුම් කෙරේ. ගුවන් යානා ආධාරයෙන් රට රටවල, දේශ දේශාන්තර තරණය කළ ලොව ප‍්‍රථම රජු ලක්දිව රාවණා හැටියට ඉතිහාසය ගත වෙයි. මුහුද ජය ගනිමින් තැනූ විශ්මිත යාත‍්‍රා පෙළක් රාවණා සතු විණ. ඒවා සකස් කිරීමට වෙනම බල ඇනියක් සිටි අතර මොවූහු පුරාණ නාග ග්‍රෝතික පෙළපතට අයත් වෙති. එසේ ගත් කළ රාවණ යුගය ලෝක ඉතිහාසයේ ඓතිහාසික යුගයක් හැටියට සටහන්වේ.අහසින් යාමට යානාද, මුහුදෙන් යාමට යාත‍්‍රාද, අමතරව වෙනම නිල යානා භාවිත කරන්නට තරම් රාවණා බලසම්පන්නයෙකු විය. ආචාර්ය මිරැන්ඩෝ සඳහන් කරන පරිදි අඟහරු ලෝකය රාවණා රජු නිරන්තර ආව ගිය ග‍්‍රහ ලෝකයකි. එහි යාමට විශේෂ ගුවන් මාර්ගයක් ලෙස ලකේගල සිට අහසට ගොස් ඇත.''

රාවණා විසින් සීතා හිරකරගෙන සිටි යායැයි සැලකෙන ගුහාව
රාවණා විසින් සීතා හිරකරගෙන සිටි ගුහාව යැයි සැලකෙන ස්ථානයට ඇතුලු වන ස්ථානය


නමුත් පසුව තේරුම් ගත් ආකාරයට සාමාන්‍ය බුද්දියෙන් යුතුව බලන කෙනෙකුට මේ රවනා සම්බන්ධ කතා පුවතේ සදහන් වන පුවත් එලෙසම විශ්වාස කල හැකිද යන්න ගැටලුවක් බව පෙනුනි. උදාහරණයක් ලෙස හනුමා යනු නගුට සහිත වානරයෙකි. නගුට ගිනි තබාගෙන ලංකාපුරයට පැන ගත් මොහු ලංකා පුරයට ගිණි තබා ඉන්දියාවට පලා යන තෙක් මේ තාක්ෂණික අතින් දියුණු ශිෂ්ඨාචාරයට කිසිවක් කල ‍නොහැකි විය. මීගලට මිලියනයක් පමන වානරයින් මුහුද හරහා පාලමක් සාදා ලංකාවට පහර දෙන තුරු කිසිවක් කර ගැනීමට රාවණ පරපුරට නොහැකි විය.අඩුම තරමින් බෝම්බයක් ගසා පාලම කුඩු කිරිමටවත් නොහැකි විය. මීලගට පුදුමයට කරුණ නම් රාවණා රජු තම සියලු කටයුතු සදහා භාවිතා කර ඇත්තේ අතිදුශ්කර ස්වභාවිකව නිර්මාණය වුනු ගල් ගුහා පොකුණු කදු වනාන්තර ආදියයි. තාක්ෂණය අතින් ඉහල ගිය අතුරුදහන් කිරීමට පවා හැකි ගුවන් යානා වලින් සමන්විත මෙැවිනි රජකු ගල් ගුහා භාවිතා කිරීම මෙම කථාවලට  නොගැලපෙන බවක් සිතෙයි.

රාවණාගේ ගුවන් යානය නැවැත්වූවායැයි සැලකෙන ස්ථානය
අනෙක් අතට රාමා යනුද පහත් පෙලේ සැගවී හෙරෙන් ඝතන සිදුකර ඒවා සාධාරණීය කල හා පතිවත සදහා තම බිරිද ගිණිගොඩට පැන්නවූ  අමනයෙකි. (සිංහල රාමායනය - W.A. සිල්වා) සීතා යනු විවාහවීත් වානරයකු වුනු හනුමාට පෙම් බැදි පහත් පෙලේ ගැහැණියකි. එසේම රාවනා දීර්ඝ නිද්‍රවකින් අවෂිවන බවක් හා නැවත් අප අතර ඉපදී ඇති බවක්ද කියවෙන කථාද අසන්නට ලැබේ. මේවා ගැන නම් සාකච්ඡා කිරිම තේරුමක් නොමැතියත ස්වාසිලන්තයේ මන්ත්‍රකාරියන්ට මිටර් එකසිය පනහට වඩා ඉහලින් කොස්සේ ගමන් කිරීම තහනම් කිරීමේ නීතියක් සම්මත වූයේ 2013දීය.(http://www.news24.com/Africa/News/Swazi-broomstick-flying-witches-to-fly-low-20130515). ඊට වඩා ඉහලින් ගොස් අසුවුව හොත් ලක්ෂ ගණනක දඩයක් ගෙවීමට ඔවුන්ට සිදුවනු ඇත. කෙසේ නමුත් මෙම රාවණා පිලිබද නිවැරදි සාක්ෂි ලංකා ඉතිහාසයෙන් හමු නොවුනද රාමායනය පොතේ ඇති දියුණු ශිෂ්ථාචාරය තහවුරු කර ගැනීමට බොහෝ දෙනා යොදා ගන්නේ ලෝකයේ නොයෙක් තැනින් හමුවුනු පරිණාම වාදයෙන් පැහැදිලි නොකල හැකි දේ බව පැවසෙන යම් යම් නිර්මාණයන්ය. එම නිසා අපි මේ ගැනත් මදක් විමසා බලමු.

මින් පළමු වැන්න ඊජිප්තු පිරමීඩයි. ඊජිප්තු පිරමීඩ වලට ගල් ඇද ගෙන ඒම සදහ ඒවා ක්‍රමාණුකූලව කැපීම ඒ කාලය වන විට නොකල හැකි දෙයක් බවට පැවසුනද පිරමිඩ් සදහා ගල් ඇදීම් හා එම ගල් කැපීම සදහා යොදා ගත් තාක්ෂණයන්ගේ නෂ්ඨාවසේෂ අදටත් ඉතුරුව ඇත. කාන්තාරයේ වැලි යොදා ලී මගින් ගල් කපා දැමීම සිදුකර ඇති අතර මිනිසුන් සමූහ වශයෙන්න් එකතු වී ගල් ඇද දමන ආකාරයට රූප සටහන්ද ඇත. පිරිමිඩ වටා අඩක් කපා අවසන් කල ගල් පවා දැකිය හැක.ඒවා අතහැර දැමීම සමහර විට ගලේ ඇතිවුනු පිපිරුමක් ආදිය හේතුවී ඇත. එසේම පිරමිඩ මතට ගල් ගෙනගිය ආකාරය පිලිබදව පවා ‍කෙරුනු අනුමානයන්ට එකග සාක්ෂි පව අදවන විට හමුවී ඇත.ටීවී වැඩසටහන් සදහා මිනිසුන් අන්දවා ගැනීමට සියල්ල නොපෙන්වා ඔවුන්ට ඇවැසි දේ පමණක් පෙන්වීම නිසා මේවා අද්භූත නිර්මාණ ලෙස මත ඇති වී ඇත.
පිරමිඩ් සදහා ගල් ඇදීම
පිරමිඩ් සදහා සකස් කිරීම හා වැලි ගෙන ඒම
දකුනු පස ඉහල ඡායාරූපයෙන් දැක්වෙන්නේ පිරමිඩ තුල ඇද ඇති පිටසක්වලයකු නොවේ මල් බදුනකි. එය දකුනු පස පහල රූපයෙන් පැහැදිලි වේ.  එසේම දකුනු පස ඉහල දැක්වෙන්නේ හෙලිකොප්ටර් හා සබ්මැරීන් නොව කාලයත් සමග ගැලවී ගිය ඊජිප්තු  රූපාක්ෂ කොටස්ය.


මෙහි දකුණු පසින් දැක්වෙන්නේ කොහෙන්දො සොයාගත් ගෝත්‍රික පිරිසක් නිර්මාණය කල  ගුවන් යානා අනුරූ නොවේ. මේ ඔවුන්ගේ සංස්කෘතිය අනුව පරිසරයේ සත්තවයින්ව ඔවුන් නිරූපනය කල ආකාරයයි. මෙවැනි අනුරූ බොහෝ ගණනක් ඇත.
රාවණා සම්බන්ධ කථා වලදී විශාලම මිත්‍යාවක් පතුරන ග්‍රන්ථයක් වන්නේ වෛමානික ශාස්ත්‍ර නම්  පැරනි ගුවන් යානා තාක්ෂණය පැහැදිලි කරමින් සෘෂිවරයකු ලියුවායැයි සැලකෙන පොතකි. (http://upload.vedpuran.net/Uploads/121113the_vimanika_shastra.pdf) මිනිසුන් සිතන පරිදි මෙය පුරාණයේ ලියවුනක් නොවේ කිසිවකු විසින් 1950 ගණන් වලදී එලි දක්වන ලද්දකි. මේ කිසිදු යානාවක කිසිදු ආකාරයකින් ගුවන් ගමනක් සදහා සුදුදු නිමැවුමකින් තොර බවත් දැකිය හැක.රසදියෙන් දිවීමක් හෝ රසදිය අදික පීඩනය යටතේ කැරකැවීමෙන් ලැබෙන ප්‍රතිගුරුත්වයක් පිළිබදවද මෙහි දැක්වුනද කිසිදු පර්යේෂනයකින් මෙය ඔප්පු වී නොමැත.
වෛමානික ශ්‍රාස්ත්‍රයේ ඇදි මේ රුක්ම විමානයේ හරස් කඩෙන් පැහැදිලි වන්නේ දියුනු තාක්ෂණයක් නොවේ.යටින් ලැබෙන ශක්තියක් මගින් උඩ තල බඹර කරකවා පහලට සුලං පාරක් යොමු කිරීමෙන් හෝ නැතිනම් වායුව ඇදීම මගින්(suck in) ඉහල යන බවක් අනුමාන කරමින් ඇදි රූපයකි. එනම් එක් අතකින් හෙලිකොප්ටරයේ තාක්ෂණයටම සමාන තාක්ෂණයකි. ලියනාඩෝ ඩාවින්චිට පවා මේ පිලිබදව හොද අවබෝධයක් තිබුනි.
ලොව පුරා විවිධ පුද්ගලයින් මෙවැනි වෛයිමානික ශාස්ත්‍ර වැනි නොමග යවන සුලු පොත් පල කිරීම සාමාන්‍ය සිදුවීම්ය. Codex.Seraphinianus(http://vk.com/doc-78635975_349551709?dl=aaa8c754d7d6fcaa4e)
Voynic Manuscript (http://holybooks.lichtenbergpress.netdna-cdn.com/wp-content/uploads/Voynich-Manuscript.pdf?30f3d7) වැනි පොත් මේ සදහා උදාහරනය. තම ඉඩම විකුනා ගැනීම සදහා ඉඩමේ නිධානයක් ඇති බවක් පෙන්වීමට එහි ගලක සලකුනක් කොටන අද ක‍ාලයේ පුද්ගලයකුගේ උපක්‍රමයම මේවායේ බලාපොරාත්තුවද වී ඇත.

බයිබලයේ එසෙකියල් පුරාවෘත්තියේ එන විස්තරයකට අනුව එය විමානයක් ලෙස සිතා පිරිසක් ඇදී  චිත්‍රයක්.
නමුත් සැබෑ විස්තරය අනුව එසෙකියෙල් හි විස්තර කෙරෙන රූපය
තවත් ජනප්‍රිය කැටයමක් වනමෙහි දැක් වෙන්නේ ගුවන් යානයක් එලවන පුද්ගලයකු නොව පුරාණ විශ්වාස වලට අනුව පාතාලයට අධිපති දෙවියන්ය. ඔහු මැදින් නැග ඇත්තේ ජීවයේ ගසයි.

අවුරුදු බිලියන 2.8 පැරණියැයි සැලනකන අප්‍රිකාවේ ගල් ගුහා තුලින් සොයා ගත් බෝලයක්
මෙය ස්වභාවික සංසිද්දියක ප්‍රතිපල බව පෙන්වමින් හමුවුනු අනෙකුත් බෝල. මේවා අතරින් හොදම රවුම් ඒවා තෝරා ගෙන එය මිනිසුන් හෝ පිටසක්වල නිර්මාන බවට මතයක් සාදා ඇත.
දුර ඈත අතීතයේ නිර්මිතයැයි සැලකුනු පලිගු හිස්කබල්. පසුව කූට වෙළදාමක් සදහා මේවා මෑත කාලීන නිර්මාණ බව හෙලිවිය.


මෙම කරුණු ලිවීමෙන් අදහස් කලේ රාවණා නැමති රජෙක් නොසිටියේයන්න නොවේ. ඔහුගේ තාක්ෂනය හෝ ඔහු පිලිබදව අපට පිලිගත හැකි සාක්ෂි නොමැති බව දැක්වීමට පමණි. ඉදිරියේදී මේවා වෙනස් විය නොහැකි යැයි මින් නොකිය වෙයි. එතෙක් මෙවැනි පුහු විශ්වාස වල සිරවී කාලය මරණවාට වඩා බුද්ධිමත්ව ලෝකය යන්න තේරුම් ගැනීමම සෑම විටම වටී.

No comments:

Post a Comment