තොරතුරක් යනු සරලව බෙදා වෙන් කර ගැනීමක්. කලු නිසයි අපිට සුදු තියෙන්නේ. නිශ්ෂබ්ධයට සාපේක්ෂව ශබ්ධ තියෙනවා. ඒ ඒ ශබ්ධ වලටා සාපේක්ෂව අනෙක් ශබ්ධ අපි අදුරා ගන්නවා. ඉතින් හිතන්න සාපේක්ෂ බවින් තොරව යම් මුල් තොරතුරක් විශ්වයේ ඇති වෙන්න පුලුවන්ද ? දෙවියන් වහන්සේ විශ්වය මවන්නේ මොකට සාපේක්ෂවද ? සුදු පාට මවන්න කලුපාට නැතුව බැහැ. ඒ දෙකම තියෙන්න පාට කියන සංකල්පය තියෙන්න ඕනේ. එතකොට ඒවා දකින් ඉන්ද්‍රිය මේ හැම දෙයක්ම තියෙන්න ඕනේ. කැරකිලා කැරකිලා අන්තිමට ඔය ටික කරන්න මමෙක් ඉන්නත් ඕනේ . මම මම වෙන්නේ මොකට සාපේක්ෂවද ? ලෝකයට සාපේක්ෂව. ඉතින් ඒ කියන්නේ ලෝකය නැතුව මමෙක් ඉන්න බෑ. ඒත් මම තොරුතුරු නොකර ගෙන කොහොමද ලෝකයක් අදුරා ගන්නේ. හෝ තියෙන්නේ . ඒ කියන්නේ මගෙන් තොර ලෝකෙකුත් නෑ. ඉතින් කොහොමද තොරතුරු වල මුලක් පෙන්වන්නේ ? හැම වෙලේම සාපේක්ෂව තවත් යමක් පැවතිය යුතුයි. සත්ත්වයා හා ලෝකය යන දෙකටම මුලකුත් නැහැ. ඒ දෙකම එකම ප්‍රවාහයක බෙදා වෙන් කර ගැනීම්.
අනෙක් අතට තොරතුරු කියන්නේ සකස් කර ගැනීමක්. කම් බෙරයේ කම්පනය අපි ශබ්ධයක් ලෙස අදුරා ගන්නවා. ඒ හදුනා ගැනීම කම්පනයට සාපේක්ෂයි. වෙනස් කම්පනයක් අප වෙනස් ශබ්ධයක් ලෙස අදුරා ගන්නවා.
මේ තොරතුරු තමා සියලු හදුනා ගැනීම්.
සිතිවිලි කියලා හදුන්වන්නේ මෙයයි.
අවකාශය - තොරතුරක්
හැගීම් - තොරතුරු
වෙනස් වීම - තොරතුරු
අදුර - තොරතුරු
සංකල්ප - තොරතුරු
අපහැදිලි බව - තොරතුරු
ඉපදීම තොරතුරු
මරණය - තොරතුරු
වේදනාව - තොරතුරු
විශ්වය - තොරතුරු .............. and on and on ...
සිතිවිලි කියලා හදුන්වන්නේ මෙයයි.
අවකාශය - තොරතුරක්
හැගීම් - තොරතුරු
වෙනස් වීම - තොරතුරු
අදුර - තොරතුරු
සංකල්ප - තොරතුරු
අපහැදිලි බව - තොරතුරු
ඉපදීම තොරතුරු
මරණය - තොරතුරු
වේදනාව - තොරතුරු
විශ්වය - තොරතුරු .............. and on and on ...
සකස් කිරීම බෙදා වෙන් කර ගැනීම කරන්න පුලුවන් සත්ත්වයාට විතරයි. එම නිසා සත්ත්වයාගෙන් තොරව තොරතුරු පවතින්නේ නැහැ.
මේ තොරතුරු ප්‍රවාහය නැතිනම් සිතිවිලි ප්‍රවාහයේ වෙනස් වීම තමා අපට එක් එක් වෙලාවල එක් එක් තොරතුරු වන්නේ. හැම ක්ෂණයකම තොරතුරු වෙනස් වෙනවා. ඒ තොරතුරු වෙනස් වීඹම තමා මරණය කියන්නෙත් . ඒකත් හදුනා ගැනීමක් මිස අමුතු යමක් නෙමෙයි . වෙනස් වීඹට අනුරූඵ ඊලග තොරතුරු අපට අලුත් භවයක් . මේ කනටිනුවස් ප්‍රවාහය තමා සංසාරය කියන්නේ.
මේ තොරතුරු ප්‍රවාහය නැතිනම් සිතිවිලි ප්‍රවාහයේ වෙනස් වීම තමා අපට එක් එක් වෙලාවල එක් එක් තොරතුරු වන්නේ. හැම ක්ෂණයකම තොරතුරු වෙනස් වෙනවා. ඒ තොරතුරු වෙනස් වීඹම තමා මරණය කියන්නෙත් . ඒකත් හදුනා ගැනීමක් මිස අමුතු යමක් නෙමෙයි . වෙනස් වීඹට අනුරූඵ ඊලග තොරතුරු අපට අලුත් භවයක් . මේ කනටිනුවස් ප්‍රවාහය තමා සංසාරය කියන්නේ.
තොරතුරු වලට පත්කර ගත්ත මූලිකව යොදා ගත්තු දෙයක් තියෙනවද කියන ගැටලුවට අපට අදාල නෑ. මොකද අපි සකස් කර ගෙන තිබෙන දේ තමා හැම විටම පේන්නේ.
මේ නිසා තමා පටිච්ඡ සමුප්පාදයේදී සකස් කිරීමෙන් අනතුරු බෙදා ගන්නවා විඥ්ඥාණයෙන්. විඥ්ඥාණය හෙවත් බෙදා වෙන් කර ගැනීඹ නිසා නාමය සහ රූපය කියලා දෙකක් බෙදා ගන්නවා. ඊලගට එම නිසා මේ දෙකේම ගැටීමෙන් ස්පර්ෂ කියලා දෙයක් ඇති කර ගන්නවා. ඊට පසසේ වේදනාව කියලා දෙයක් සකස් වෙනවා. අර කන් බෙරයේ කම්පනය වගේ, ඔන්න පටිච්ඡ සමුප්පාදය. එකක් සකස් වුනු ගමන් අනෙක් සියල්ලම එයට සාපේක්ෂව සැකසෙනවා . උපත මරණය පවා මෙහි අංග. විද්‍යාව පැත්තෙන් ගත්තොත් සකස් කර ගැනීඹ නිසා ආලෝකයේ ප්‍රවේගය යන සංකල්පයට හේතුවන දේ පවා සකස් වෙනවා. මේ එකකට පස්සේ එකක් ඇති වන ඒවා නෙමෙයි. මේ එකටම පවතින අංග. මේ සකස් කිරීමම තමයි පරිඝනක වල වෙන්නෙත් . 1 සහ 0 වේ විවිධ පැටර්න්ස්. = විවිධ තොරතුරු.
මෙච්චරයි කතාව.
මෙච්චරයි කතාව.
මේ අවිද්‍යාව නිසා තමා අපිට හැම වෙලේම බාහිරව ලෝකයක් ඇත කියලා පේන්නේ. ඒ නිසා එයට සාපේක්ෂව අපේ සිරුර විනාශ වෙලා යනවා දකිනවා . නමුත් තමුන් දන්නේ නැහැ තමුන් මේ ලෝකයේම කොටසක් බව. බෙදා වෙන් කර ගැනීම තමා තමුන්ට මේ වැරදි වැටහීම ලබා දෙන්නේ. සත්ත්වයා සිතිවිලි ලෝකය යනු සියල්ලම එකම ප්‍රවාහයක්. බෙදා වෙන් කර ගැනීම හෙවත් විඥ්ඥානයය් මේ ලෝකය හා සත්ත්වයා දෙකක් යන වැරදි අවබෝද්‍ය ලබා දෙන්නේ.
මේ දෙක එකක් නිසා තමා මනස වැඩි දියුනු කිරීමෙන් භෞතික දේ වෙනස් කරන්න පුලුවන්. ක්වොන්ටම් මිනුම් වෙනස් වෙන්නේ. ඒ වගේම භෞතික දෙයින් මනස වෙනස් කරන්න පුලුවන්. මේ එකම ප්‍රවාහයක් නිසා තමා කර්මය කියල දෙයක් ඇදි ඇදි එන්නේ. කර්මය කියන්නෙත් , සකස් කිරීම්. නැතිනම් පුරුදු කිරීම්. එකක පුරුදු වන විට එයට සාපේක්ඹව තමා අනිත් දේ දකින්නේ.අනිත් තොරතුරු සැකසෙන්නේ.
මේ දෙක එකක් නිසා තමා මනස වැඩි දියුනු කිරීමෙන් භෞතික දේ වෙනස් කරන්න පුලුවන්. ක්වොන්ටම් මිනුම් වෙනස් වෙන්නේ. ඒ වගේම භෞතික දෙයින් මනස වෙනස් කරන්න පුලුවන්. මේ එකම ප්‍රවාහයක් නිසා තමා කර්මය කියල දෙයක් ඇදි ඇදි එන්නේ. කර්මය කියන්නෙත් , සකස් කිරීම්. නැතිනම් පුරුදු කිරීම්. එකක පුරුදු වන විට එයට සාපේක්ඹව තමා අනිත් දේ දකින්නේ.අනිත් තොරතුරු සැකසෙන්නේ.
ඒ නිසා තමා විඥ්ඥාන නිරෝධය . සංඛාර නිරෝධය වගෛ් මේ ඕනෑම අංගයක නිරෝධය නිවනට කියන නමක් වෙන්නේ. මරණයේ නිරෝධය කියන්නත් පුලුවන්. උපතේ නිරෝධය කියන්නත් පුලුවන්, අවිද්‍යාවේ නිරෝධය කියන්නත් පුලුවන්. මොකද එකක් නිරෝධය වුනු ගමන් අනෙක් සියල්ලමත් ක්ෂනිකවම නිරෝධය වන නිසා.
හොදම දේ තමා කාලය කියන වෙනස් වීමත් තියෙන්නේ මේ බෙදා වෙන් කර ගැනීම නිසා. ඒ නිසානේ අපට වෙනස් වීම් පේන්නේ. එම නිසා පටිච්ඡ සමුප්පාදයෙන් එපිට කාලයක් නැහැ. ඒ නිසා තමා නිවන් දුටු පුද්ගලයා ඒ ක්ෂනයෙන් මිය ගියත් ,කල්ප ගානක් ජීවත් වී මිය ගියත් ඒ නිවන් සැප කියන දේ නොඅඩුව විදින බව. කාලය යන්න එයට අදාල නැහැ. අනික මේ බෙදා වෙන් කර ගැනීම නිසා තමා කාලයත් එක්ක මුල කියන සංකල්පය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා තමා අපට හිතෙන්නේ හැම දේටම මුලක් ඇත කියලා. බලන්න උඩ කියපු සත්ත්වයා ලෝකය වෙන් කරන්න බෑ වගේම එහි මුලක් යන කොටසත් මේ වැරදි වැටහීම් නිසාම ඇති වන දෙයක් . එය බෙදා වෙන් කර නොගත්තා නම් කාලයක් යන්නත් නෑ, එම නිසා මුල කෝ කියන ගැටලුව වැරදි ගැටලුවක්. පිලිතුරු නැති ගැටලුවක් නෙමෙයි . තිබෙන ගැටලුවකුත් නෙමෙයි . බලන කෝණය අනුව වැරදි ගැටලුවක්.
ඔන්න තොරතුරු , සංස්කාර, විඥ්ඥාන ආදී සියල්ලේ ගැලපීම. තොරතුරු යන්න හදුනා ගැනීම නැතිනම් සිතිවිලි ලෙස අපේ වචන වලින් ගන්න් පුලුවන්. මෙතන තොරතුරු කියලා ගත්තේ ගොඩ දෙනෙක් අද දන්න වචනයක් නිසා.
කැමති කෙනෙකුට මේවා නිවනට දාගන්න පුලුවන් වගේම තවත් කෙනෙකුට අවශ්‍ය හිතේ හැටියට අලුත් විද්‍යාත්මක සංකල්ප නිර්මාණය කරන්න යොදා ගන්න පුලුවන්. ලෝකය තේරුම් කරන්න පුලුවන්.
මේ කියපු සියලු දේ තේරුම් ගන්න හොදම විදිහ තමුන්ට තොරතුරක් තොරතුරක් වන්නේ කොහොමද කියන එක කල්පනා කිරීම . මේක නිකම්ම පැහැදිලි වෙයි. එක සැරේම මේකට ඉන්ටිව්ටිව් එකක් මොලය හදා ගන්නේ නැහැ.
අනික මේක මේ බුදු දහමේ තිබුනු පලියට ගලපලා කියලා කෙනක් හිතනවානම් ඒක වැරදී. සරලව මේ මොනවත් නැතුවත් මේක තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා තමා විඥ්ඥානය, සංසාරය වගේ සංකල්ප අනෙක් දෘශ්ටිවලත් පැවතුනේ. ඔවුන්ගේ බුද්ධියෙන් ඔවුන් යම් තාක් දුරකට තේරුම් ගත්තා. නමුත් මේ ගැඹුරු අර්ථ දැක්වීම් සහ නිරෝධයන් ඔවුන්ට ගෝචර නැහැ.
No comments:
Post a Comment