Blog Archive

මරණයෙන් පසු ජීවිතයක් පවතීද ?

මරණයෙන් පසු ජීවිතයක් පවතීද ? මේ ගැටලුව ඇවිල්ලා විශිෂ්ථ ගැටලුවක් ගොඩක් අය තේරුම් ගත්තෙ නැතිවුනත්. මොකද යම් යම් ස්ථාන වල දකින්න පුලුවන් සමහර අය ආගම් වලට හේතු විස්තර කරලා තියෙනවා. අන්තර් ජාලයේත් සමහර තැන් වල මේ දකින්න පුලුවන්. ගොඩක් වෙලාවට මේ හේතු දක්වලා දෙන උත්තර ඇවිල්ලා අර අද තියෙන විද්‍යාත්මක දැනුම අල්ලා ගෙන දෙන උත්තර. උදාහරණ විදියට යම් යම් භෞතික සිදුවීම් තේරුම් ගැනීමට නොහැකි වීම. අකුණු ගැසීම ඉර පෑයීම, නියං වර්ෂා වගේ දේ පිළිබදව. (මේ කරුනු වලදී කතා කරන විද්‍යාව කියන්නේ මේ අලුතින් කරුනු හොයමින් යන විදයාත්මක ක්‍රම වේදය නොවෙයි. මෙහිදී අදහස් කල විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ සියලු දැනුම් සොයා බලමින් ඈදා ගෙන යන දැනුම් පද්ධතියක්. අද විදයාව මෙයට අනුකෑලද නැද්ද යන්න වෙනමම සාකච්ඡා කල යුතු දෙයක්. නමුත් මෙහිදී විද්‍යාව කියන්නේ අද තියෙන බටහිර විද්‍යාත්මක දැනුම කියන එක. ) නමුත් අපි පොඩ්ඩක් වැඩිපුර හිතලා බැලුවොත් මේ ආගම් ඇති වීමට හේතුවුනු මූලික කරුණු මොනවද කියා මේ මේ ඉහත දක්වපු දේ මේකට සැබැවින්ම හේතු කාරක වෙයිද? උදාහරණයක් විදියට පරිණාම වාදය අනුව සලකමු. ඒකට අනුව හිතුවොත් සත්තු පරිණා
මය වෙලා මිනිස්සු බවට පත්වනකනුත් ඔය ස්වභාවික සංසිද්ධි මේ ලෝකේ තිබුනා. මොකද්ද තර්කය වෙන්නේ මේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි නිසා හිටි හැටියේ ආගම් ඇති කලා සහ අද මිනිස්සු ඊට වෙනස් කියන්න.


එදා මිනිස්සුත් යම් යම් විශිෂ්ථ නිර්මාණ සිදු කලා ඉතා විශිෂ්ථ ඉංජිනේරු ශිල්ප ක්‍රම භාවිතා කරලා. ස්භාවධර්මය එක්ක ගැටුනා විතරක් නෙයෙි එම සටනින් බොහෝ දුරට ජයගත්තා. උදාහරනයක් විදියට ඉස්සර මිනිස්සු ලෝකය ගෝලාකාර බවට දැන සිටි බවට සාක්ෂි ඕනෑ තරම් තියෙනවා. ‍ඔවුන් මේවා නොදැන සිටි බවට කල්පිතය විසි වෙනි ශත වර්ශයේ ඇති වුනු දෙයක්. කල්පනා කරන්න යම්යම් දේ තේරුම් ගන්න පුලුවන් අද මිනිස්සුන්ට විතරද? මේ කථා කරන්නේ යම් යම් ඇදහීම් පිලිබදව නෙමෙයි ආගම් පිලිබදව. මිනිස්සුන්ට ආගම් ඇති කරන්න හේතු වුනු හෝ මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය වුනු කරුනු ඉහත ආකාරයට අද තියෙන විද්‍යාත්මක දැනුම නොමැති වීම නෙමෙයි. එදත් අදත් අනාගතයෙත් යම් ආගමක් බිහි වෙනවද යම් ආගමක් වෙත මිනිසුන්ඇදී යනවද ඊට හේතු කාරණා වුනු ප්‍රධානම මූලිකම හේතුව මෙන්න මේ ජීවිතයයි මරණයයි අතර ඇති ගැටලුව. හැමදාමත් අදත් අනාගතයෙදීත් සියලු මිනිස්සු මොන කතා කිවුවත් මරණයට බයයි. ඒක ඉදිරියේ කම්පා වෙනවා ඒක ඉදිරියේ වෙව්ලනවා ඒක ඉදිරියේ කදුලු හල හල අඩා වැටෙනවා. ඒ වගේම මරණ වේදනාව හමුවේ කම්පණය වෙනවා අනකේ සියලු වේදනාවන් ඒකට යටයි. ඕක තමා මිනිස්සුන්ට තිබුනු ලොකුම ගැටලුව. නියං සායක් ආවත් ගං වතුරක් ආවත් සතුරු ප්‍රහාර ආවත් බිය වන මූලික වුනු හේතුව මෙයයි.


මෙන්න මේ ඓතිහාසික ගැටලුවට පිලිතුරු හෙවීම සදහා ආගම් යනුවෙන් දෙයක් බිහිවූ බව මම කියනවා. සමහරුන් කිව්වා මේ ජීවිතය මෙතනින් ඉවරය් පුලුවන් තරම් සැප හොයපල්ලා කියලා සමහරුන් කිව්වා නෑ මේක කොහොම හරි ඇද ගෙන මැරෙන තැනට පලයල්ලා ඊට එහායින් මෙන්න මේ මරණයක් නැති සදහාකාලික ජීවිතය නුඹලාට ලැබෙනවා කියලා. කොහොම හරි මේ පිලිතුරක් නැති ගැටලුවට පිලිතුරු හොයාගෙන ඔන්න ඔය තෙරක් නොමැති දෘෂ්ඨි සංකල්ප බිහි වුනා. ඒවා අතර ගැටුම් ඇති වුනා ඒ තුලින් වෙනස් වුනා අලුත් අලුත් දෘශ්ඨි බිහි වුනා. දෙවිවරුන් මතුවුනා. යක්ෂයින් මතුවුනා. ඊට පස්සේ එදිනෙදා ජීවිතයටත් මේ අය සම්බන්ධ වුනා. ඔන්න ආගම් කින දේ ලෝකය තුල පැතිරුනා. (මේ කථා කරන්නේ ආගම් පිලිබදව මිසක් බුදු දහම පිලිබදව නෙමෙයි.) නමුත් අද බොහෝ දෙනෙක් මේ විද්‍යාව අල්ලා ගෙන ඒකත් එක්ක මේ ආගම් සංසංධනය කරන වැඩක් කර ගෙන යන බවක් පහැදිලිව පේනවා. නමුත් ඔවුන් තේරුම් නොගන්න ප්‍රධාන කරුන මේ මනුෂ්‍ය සංහතියේ ප්‍රධානම බියට නැතිනම් ගැටලුවට පිලිතුරු ලබා දෙන්න අද විද්‍යාවට හැකි වෙලා නැති බව. අතීතයේදීත් මිනිස්සු තමුන්ගේ දෛනික අවශ්‍යතා සදහා යම් යම් විද්‍යාත්මක ක්‍රම වේදයන් තාක්ෂණයන් භාවිතා කල ඒ තුලින් නව නිර්මාණ සිදු කලා. තමුන්ගේ ගොවිතැන් කටයුතු සිදු කර ගත්තා. නමුත් අර උත්තරයක් නොමැති ගැටලුවට සරණ හොයා ගෙන ආගම් වෙත යොමු වුනා. අදත් මිනිස්සු තමුන්ගේ එදිනෙදා කටයුතු සදහා විද්‍යාව හා තාක්ෂණය යොදා ගන්නවා ඒ තුලින් ජීවත් වෙනවා නමුත් අර උත්තරයක් නොමැති ගැටලුව සදහා ආගම් වෙත යොමු වෙනවා. අතීතයෙයි අදයි වෙනසක් වෙලා තියෙනවද? 

 මේක වැරදියි කියන යම් පුද්ගලයෙක් ඉන්නවා නම් විද්‍යාව තුලින් ඔහුගේ පලවෙනි කාර්යය විය යුත්තේ ඉහත ගැටලුව සදහා පිලිතුරු ලබා දීම සදහා පර්යේෂණයක් යෝජනා කිරීම. මෙන්න මෙතෙන්දී දැන් යම් කෙනෙකුට තර්කයක් ගේන්න පුලුවන් "මරණයට පත්වුනු අයෙක් ගෙන් යමක් පිටවන බවක් සොයා ගත නොහැකියි,එය උපකරණ වලට හෝ ඉන්ද්‍රියයන්ට ප්‍රත්‍යක්ෂ වන්නේ නැහැ, ඒනිසා විද්‍යාත්මකව මා කියනවා මරණින් පසු ජීවිතයක් නැතැයි කියා". නමුත් මිස්ටර් අයින්ස්ටයින් මේ සම්බන්ධයෙන් මුලින් කියන්න ඕනෑ මේක සරල ගැටලුවක් මේ සම්බන්ධයෙන් පැන නැගෙන ගැටලුත් බොහොමයක් තිබෙන බවත් නමුත් මෙහෙම අහන ඔබ මූලිකව මෙවැනි කාරණයකුත් විද්‍යාත්මකව පැහැදිලි කල යුතු වෙනවා. ජීවී අජීවී යන කොටස් දෙකෙන් අජීවී බව තුලින්ද ජීවය ඇති වුනේ එසේ නම් ඒ අජීවී බව තුලින් ජීවය ඇති වන්නේ කෙසේද? විදයාව තුලින් මේ ගැටලු සදහා පිලිතුරු සෙවීමට උත්සාහ නොකිරීමේනුත් පැහැදිලියි අද විද්‍යාවේ කර්තව්‍ය මෙය නොවන බව. එය ජීවිතය පහසු කර ගැනීම සදහා භාවිතා කරන මෙවලමක් විතරයි. ඔබට පැහැදිලිව පෙනිය යුතුයි අද විදයාව අල්ලාගෙන ආගම් වලට අභියෝග කරන බොහෝ දෙනෙක් නොදන්නා දේ විදයාව තුලත් ඒ ආගම් වලින් සෙවීමට උත්සාහ කල දේ සදහා පිලිතුරු නොමැති බව. එ නිසාම දෝ ඔය තරුණ වයස් වල නිර්ආගමික ආදී සංකල්ප වල හිටපු සමහරු වයසට යන කොට වල පයයි ගොඩ පයයි පේන්න පටන් ගන්න කොට ඔන්න මුකුත් හිතා ගන්න බැරුව අතරමං වෙනවා කොහේ හරි ආගමකට හේත්තු වෙනවා. මේ තියෙන ලින්ක් වල සමහර අය මේ වගේ.

http://en.wikipedia.org/wiki/List_of_former_atheists_and_agnostics 
http://en.wikipedia.org/wiki/List_of_converts_to_Christianity_from_atheism

අද පිරිසත් ඔය ගොඩේම තමා. ඔය කථා කරන විද්‍යාව පස්සේ දොරෙන් පැනලා යනවා මාරයා ඇවිදිල්ලා පිටට තට්ටුවක් දාන කොට. අනිත් දවසේ ඒක නිසා යම් පුද්ගලයෙත් ඔබේ ආගම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනවානම් අද විද්‍යාත්මක දැනුම අල්ලා ගෙන, ඔහුට කෙලින්ම කියන්න මෙන්න මේ ගැටලුව ඔබ අද විද්‍යාත්මක දැනුම් පද්ධතියෙන් පැහැදිලි කරන්න නැතිනම් ඔබේ දැනුම් පද්ධතියෙන් මේ සදහා පර්යේෂණයක් යොජනා කරන්න මම මේක මෙතනම අත හරින්නම් කියලා. නමුත් බුදු දහම සම්බන්ධයෙන් කතා කලොත් බුදු දහම මේ ආගම් කියන සංකල්පයෙන් බැහැර වුනා විශ්වාසයට තැනක් දුන්නේ නැහැ ඉතාමත් විශිෂ්ථ විද්‍යාත්මක ක්‍රමවේදයක් ලබා දුන්නා ජීවිතය/මරණය,ආගම්,ලෝකය/විශ්වය හා දැනුම් පද්ධති ආදී සියල්ලේම යථා ස්වබාවය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීමටත් හැමදාමත් මිනිසුන් බියපත් වූ ඒ මරණයෙන් සදා කාලිකව ගැලවෙන ආකාරයත්. අනෙක් ආගම් වල අය පොරොන්දු වුනු ලෙස අපි දිව්‍යා ලෝකේ ගියා කියන්න ආපහු පොලවට ආවේ නැතත් මේ ජීවිතයේදීම මරණයෙන් නිදහස් වුනු නොයෙක් වාසනාවන්තයින්ගේ අනේක ප්‍රීති වාක්‍ය අසන්න බුදු දහම තුලින් මිනිසුන්ට හැකිවුනා. මේ ගැන යම් තර්කයක් නගන්නට පෙර හොදින් අවබෝධ කර ගන්න එදිනෙදා ඇදහීම්, විශ්වාස වල වෙනස් කම් පිලිඹදව මලවුන් පිලිඹදව හොල්මන් අවතාර හා දෙවිවරුන් ඉහත ගැටලුවට සම්බන්ධ වන ආකාරය පිලිබදව.

No comments:

Post a Comment