Blog Archive

නිදහස


ඔබ මරණීය දන්ඩනයට නියම වී කොලඹ සිරගෙදරට යනවා නම් සතියකට එක් වරක් පැය බාගයකට ඔබව එලියට දමනා විට එහි කුඩා පිට්ටනිය කෙලවරේ ඇති ඇටඹ ගහ ලගට යන්න. උල් සවිකල යකඩ දැල් වලට ඉදිරියෙන්, රැදවුම් ශාලාවේ සිට ඇටඹ ගහ දෙසට සිට ගත් විට වම් පසට වන්නට ඔබට ඝනව තන කොල වලින් වැසුනු පස් ගොඩැල්ලක් හමුවනවා ඇත . අන්න එය අඩි හයක් පමණ පතුලට හාරා  ඔබට ඇතුලත දකින්නට හැකිනම් ඔවුන් මා වලදමා ඇති ආකාරය ඔබට දිස්වනු ඇත. ඔව් මගේ  ඉරී ගිය ශරීරය සහිත ඒ මගේ සොහොනයි.

සරසවි ආචාර්යය වරයකු වශයෙන් කටයුතු කලද මා අතින් සිදුවුනු වරද වෙනත් අයෙකු විසින්ද එවන් මොහොතක නොකර සිටිනු ඇතැයි මා නොසිතමි. කාලයක සිට පැවති  හැංගි හොරාව අතටම අසුවන විට මට කර ගත හැකි කිසිවක් නොවීය. සමාජය හමුවේ ලැජ්ජාවට පත්වීමට පෙර සාක්ෂි අතුරු දන් කිරීම පිලිඹදව පමණක් එවෙලේ අවධානය යොමු විය. මාගේ පෙම්වතියත් ඇගේ සැමියාත් දෙදෙනාම මා අතින් මිය ගියේය.

මරණීය දන්ඩනයට යොමු වූ අප රදවා තැබුනේ සෙසු සිරකරුවන්ගෙන් වෙන්වූ වෙනමම කොටසකය . ඝන බිත්ති වලින් හා දැඩි රැකවලින් යුතු එහි සිටියේ මා ලෙසම කිසියම් ආකාරවූ ආශ්චර්යයමත් ආකාරයකින් ලැබිය හැකි අද්භූත සමාවක් පිලිඹදව බලාපොරාත්තුවක් මත පමණක් ජීවත් වූ අමුතුම පිරිසකි.  අප සියලු දෙනා ශක්තියෙන් පිරිහී සිටියේ ඇවිදින මලමිනී ලෙසිනි. අමුතුවෙන් එල්ලා දැමීමට කියා ජීවයක් එහි නොතිබුනි.

මා එල්ලා මරණ දිනට දින තුනකට පෙර රාත්‍රියේ සෑම දාම මෙන් බියකරු සිහිනයකින් මා පිබිදුනි. නින්ද වනහී ශරීරයට අවශ්‍ය වුවද මට අවශ්‍ය වන්නක් නොවීය. අවධිවනු සෑම විටම මා ආත්ම අනුකම්පාවෙන් වෙලී රහසේ වැලපුනෙමි. නැවත කිසිදා නොඑන අතීතය පිලිබද සිතිවිලි වලින් පීඩාවක් වෙන කිසිවකින් වත් නොලැබුනි.  නමුත් එදා කිසියම් දෙයක් සිදු වෙමින් පැවතුනි. අපගේ සිර ගෙවල දොර හැර අප තිහකින් පමන යුතු කණ්ඩායමක් මාංචු හා දම්වැල් වලින් බැද අතිශය අදුරු වුනු විශාල ට්‍රක් රථයකට පටවා රැගෙන යන්නට විය. මරණ දඩුවමට ලංවූවන් වෙනම ගාල් කෙරෙන බව මම අසා තිබුනෙමි. මේ එය බවට සැකයක් නොවුනද අපව බිමට බැස්වූ තැන මා බලාපොරාත්තුවූ ආකාරයේ තැනක් නොවිනි.

අප ඉදිරියේ අදුරු අහස් කුසත් අවට පරිසරයත්  සමග කොහේදී හෝ එක් වන බවක් පෙනෙන දැවැන්ත පාෂානයමය  තාප්පයකි. අපට පුරුදු ආරක්ෂකයින් වෙනුවට අති දැවැන්ත කලු හැද ගත් වෙස් මුහුණුු පැලදි ආරක්ෂකයින් අපව වට කර ඇත. ගොඩ නැගිල්ලේ අදුරට ඇතුල්වුනු අපට ඈත කොහේදො සිට විහිදෙන දිලිසෙන ආලෝකයක්ද මිනිසුන්ගේ මහා ගාලගෝට්ටයක්ද ඇසෙන්නට විය. මර බියෙන් තැති ගැනුනු අප එක එකා පසුපසට අද්දන්නට විය.

සමාවක් නොමැතිව දැවැන්ත පොලු පහරවල් අප මත පතිත වන්නට විය.මෙතරම් අකාරුණික ලෙස කිසි දිනෙක අපට සකලා ඇති බවක් මතකයට නොඒ. මදකින් දැවැන්ත ආලෝකයට මෙහා කිසියම් දොරක් විවර වුනු අතර  වැසුනු අයෝමය දොරක් සහිත කනාමැදිරි එලියක් සහිත  කාමරයේ ටයිකෝට් දැමූ පුද්ගලයින් කිහිප දෙනෙකි. උපැස් යුවලක් පැලදි මහලු පුද්ගලයකු අප අසලට ආවේය ඔහු දෙපස බර අවි දෙක් දරා ගත් ආරක්ෂකයින් දෙනෙකි.

ලයින් කී සැනින් පෝලිම් ගැසීඹ අපට හුරුය. පේලියකට හය බැගින් වූ පේලි පහකට අප වෙන් වුනෙමු.

මහත්වරුන්ට වැදගත් ප්‍රීතිදායක සහ අසුබදායක  ආරංචි දෙකක් දෙන්නයි අපි මේ ලෑස්තිවෙන්නේ. ඔබතුමන්ලා දන්නවා තව දින කිහිපයින් ඔබගේ ජීවිත අවසන් වන බව. නමුත් අපි මේ හදන්නේ ඔබට ජීවත් වීඹට අවස්ථාවක් දෙන්න. ඔව් නිදහස් වෙලා යන්න.

අදහා ගත නොහැකි වුනු එම වදන් වලින් අප සිහිසුන් නොවුනා පමනි. නමුත් නමුත් කුමන ඇපයකටද ? එය නිකම් විය නොහැක. මොහොතකින් අප නැවතත් පියවි ලොවට පැමිනියෙමු.

ඒක තමා සුබදායක ආරංචිය. ඊලග විනාඩි පහ ඇතුලත ඔයගොල්ලෝ මේ කාමරයට ඇතුල් වෙනවා. ඔහු දැවැන්ත අයෝමය දොරටුව පෙන්වීය. කරන්න තියෙන්නේ සුලු දෙයයි. හෙමීට පයින් ඇව්ද්දත් මේ එහා පැත්තේ තියෙන දොරටුවෙන් මේක වැටිලා තියෙන වංකගිරිය හරහා පැය එකහමාරකියන් එලියට එන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නේ පැයකින් ඒ දොරෙන් එලියට එන එක විතරයි.

හැබැයි එලියට එන්න පුලුවන් වෙන්නේ එක්කෙනකුට විතරයි. ඕක තමයි නරක ආරංචිය. ඒ එන එක්කෙනා නිදහස්. මොහු කියන්නේ කුමක්ද යන්න පිලිබදව පොත් කියවා ඇති මාහට අමතු දෙයක් නොවිනි. වචනාර්ථයෙන්ම තිරිසන් ක්‍රියාවක් වුනු  මෙයට අනුව ඔහුට අවශ්‍යව ඇත්තේ වංකගිරිය තුල අපි එකිනෙකා මරා ගනිමින් අනෙක් පසින් එලියට ඒමයි.

දැන් යන්න මහත්වරුනි. ඔබට ජය. අපේ පිරිසෙන්  විරෝධයක් නැගෙත්ම හැඩි දැඩි වෙසැස්ලූ ආරක්ෂකයින් පහර දෙමින් අපව උමග තුලට ඇද දමන්නට විය. උමග රත්පැහැයෙන් ආලෝකමත්ව තිබුනු අතර එහි දෙපස කෙටි බිත්තියේ සිට වහලය ලෙස විනිවිද පෙනන වීදුරු සෙවිල්ලා තිබුනි එයට ආසන්නයේ සිටම කෑකෝ ගසමින් ඔල්වරසන් නගන දහස් ගණන් වුනු නරඹන්නන්ද, අපව පැහැදලිව පෙනෙන පරිදි  ඇටවූ යෝධ රූපවාහිනී තිරද දිස්වන්නට විය.අප එක් එක්කෙනා පිලිබදව මුල සිට කිසියම් ප්‍රචාරාත්මක දැන්වීම්ද පලවී තිබුනු බවක්ද පෙනුනි.

ඔබගේ මාංචු සියල්ලටම ගැලපෙන එකම ආකාර යතුරුත් ඇවැසි ආයුධත් ඉදිරියෙන් හමුවේ. එලියට එන කෙනා වෙන කිසිවෙන් ඇතුලේ ඉතුරු කර නොපැමිනිය යුතුයි.එතකම්මේ  දොර  ඇරෙන්නැනේ නැහැ.  මතක තබා ගන්න වීදුරු බිද දැමීම කල හැකි දෙයක් නොවේ. ඇත්තේ එකම පිටවීමක් පමණයි. දොර වැසී යත්ම මහලු පුද්ගලයාගේ කට හඩද නෑසී ගියේය. දැන් ඇසෙන්නේ නරඹන්නන්ගේ කන්බිහිරි කරවන ඔල්වර සන් නැගීම පමනි. ඔවුන් අපව තෝරමින් ඔට්ටු දැමීමටද පටන් ගෙන ඇත.

වැලි ගොඩැලි සහිත පස මත තිබුනු යතුරු මගින් අප වහ වහා මංචු හැර ගත්තෙමු. ඒ දෙපසම විවිධ වර්ගයේ කඩු තෝමර කිනිසි ආදිය එල්ලා තිබුනි.

අහපල්ලා අපිට මෙහෙම මරා ගන්න අවශ්‍ය නැහැ මේක නීති විරෝධී . අපගේ නඩයේ සිටි සිහින් ඇග ඇති නමුත් ගැඹුරු කට හඩක් තිබුනු පුවත්පත් කලාවේදියොකු වශයෙන් සිටි පුද්ගලයකු කෑගැසීය. අප සියලු දෙනා කුමක් කරන්නදැයි සිතමින් මුහුනින් මුහුණ බලා ගතිමු.

මෝඩ වැඩ කරන්න එපා. කලාවේදියා කෑ ගැසීය. ඒක ඇත්ත එයට සහොයෝගය දක්වමින් පෙර  ධනවත් ව්‍යාපාරිකයකුව සිටි අයෙක් කෑ ගැසීය. මා ඉදිරියේ සිටියේ සිර ගෙදරදී මට ආසන්නම කුටියේ රදවා සිටි හැදි දැඩි පාතාල නායකයෙකි. ඔහු මා දෙස බැලීය. මමද ඔහු දෙස බැලුවේ කුමක් කරන්න දැයි සිතා ගත නොහැකිවය. කිසිවකුත් කිසිත් නොකී විනාඩියක් ගත විය.

එක් වරම පාතාල නායකයා බිත්තියේ වූ කඩුවක් වෙත පැන්නේය. ඔහුව වැලැක්වීමට මෙන් කිසිවකු ඔහුගේ ඇගේ එල්ලුනද ඊට වඩා ඉක්මන් වුනු පාතාලයාගේ කඩු තුඩ ඔහුගේ පිටුපසින් මතු විය. හදිස්සියේම සියලු දෙනාම උමතුවෙන් ආයුධ ඇද ගත් අතර එකිනෙකා හා සටන් කරමින් දුවන්ට විය. එකිනෙක ගැටෙන කඩු හඩද වේදනාත්මක කෑ ගැසීම්ද ඇසිනි. අමුතුම හැඩයේ මදක් බරැති කඩුවක් ඇද ගත් මා කිසිවකුට පහර දීමට නොබලාම දිවයන්නට වුනෙමි. කිසිවක් එල්ලකල පහරකින් ලෙයින් නැහැවුනු කවන්ධයක් මා ඉදිරිපිට වැටුනි. මට ඉදිරියෙන් දහ දෙනෙකු පමන වේයෙන් දිව යමින් වංගුවකින් හැරුනි. ඒ සැරින් අප ඉදිරියේ බිත්ති වල කවුලු හැරී කුඩා පිස්තෝල බිමට වැටෙන්නට විය. සැනින් මට පිටුපසින් පත්තු වුනු වෙඩි පහරක් ඉදිරි වංගුවෙන් හැරීමට ඔන්න මෙන්න සිටියකු බිම ඇද දැමීය.  මේවායේ එක උන්ඩයයි. තවත් වෙඩි පහර කීපයක් හුවමාරු වන අතර කිසිවකු කෑ ගැසීය. උමග තුල පෙරට වඩා වැඩි පිරිසක් සිටින බවත් මට සිතුනේ මන්දැයි නොදනිමි. මගේ පිට සීතල වී තිබුනු අතර පිටුපසින් වදින උන්ඩයක් මග හැරීම බලාපොරාත්තුවෙන් මමද වේගයෙන් වංගුව තුලට වැදුනෙමි. එවිටම එතැන හැංගී සිටියකු මට එල්ල කල කඩු පහරකින් මගේ උරහිස ලගින් කැපී ගියේය. මරබියෙන්ද වේදනාවෙන්ද ක්‍රෝධයෙන්ද උමතු වූ මම ඔහු නැවත කඩුව ඇද ගැනීමට පෙර ඔහු මතට පැනීමට සමත් වුනෙමි. වේගවත් මුෂ්ටිපහර කීපයකින් බිම ඇද වැටුනු ඔහු ගේ හිස මගේ කඩුවෙන් කදින් වෙන්විය. පිටුපස කිසිවකු එල්ල කල වෙඩි පහරක් මගේ කන ලගින් ඇදී ගිය අතර පහර දීමට පසුපස නොබැලූ මා වෙන්යෙන් ඉදිරියට දිව ගියෙමි.

මගේ සිරුරකඩු හා කිනිසි පහර වලින් ධරුණු ලෙස තුවාල වී රුධිරය ගලයි. කොපමන වේලාවක් දිව ගියේදැයි උමතු වූ මනසට නොදැනුනද තුවාල වලින් වහනය වූ ලෙයින්ද මහන්සියෙන්ද මා අඩපන වී තිබුනි.   කෙසේ නමුත් සටන් කිරීමට නොසිට මුල සිටම වේගයෙන් දිව යාම නිසා මා හට මාරාන්තික තුවාලයක් සිදු වී ඇති බවක් නොසිතමි. නමුත් එය සතුටට කාරණයක් නොවුනේ මට ඉදිරියෙන් මෙන්ම පිටුපසින්ද පිරිස ඇදී එන බව වැටහුනු බැවිනි.  ප්‍රේක්ෂකයින් උමතුවෙන් මෙන් අපව දිරිමත් කරමින් සිටියෝය.

අප කිහිප දෙනෙකු හති දමමින් විඩාවෙන් වේදනාවෙන් දුර්වලව ගාටමින් සිටියෙමු. මා ඉදිරියෙන් කීප දෙනෙකු එක රොත්තට මෙන් වැනෙමින් දිව යයි ඔවුන් අතර කිසියම් එකගතාවක් ඇති වූවාක් මෙනි . ඔවුන්ගේ අයෙකු ක්ලාන්තව බිම ඇද වැටුනු අතර මා ඔහු පසු කරත්ම  පිටු පසින් ඔහුගේයැයි සිතිය හැකි විලාපයක් ඇසුනි. මේ පරිසරයේ ඇති භයංකාරත්වය වටහා ගැනීමට පිටස්තර කිසිවකුට කිසිදා දැන ගැනීමට හැකියැයි මම නොසිතමි.

අවසානයේ  දුර තියා  අප ඉදිරියෙන් නිදහස යැයි සදහන් දැවැන්ත පුවරුවක්ද එයට යටින් විශාල දොරටුවක්ද පෙනෙන්නට විය. ඒ සැනින් පිරිස අතර කිසියම් අමුතු ජවයක්ද යටිගිරියෙක් කෙරන උමතු කෑගැසීම්ද ඇතිවිය.

එක් වරම  මට ඉදිරියෙන් මා ආසන්නයෙන්ම  සිටි දෙදෙනා ආපසු හැරුනි. නමුත් ඔවුන්ට වඩා මා කපටි වී අවසානය. සාක්කු දෙකින් ඇද ගත් තනි උන්ඩයේ  පිස්තෝල දෙකකින් ඔවුන් දෙදෙනා මා මතට පැනීමට ගත් උත්සාහය ව්‍යවර්ත විය. හති දමමින් පිටු පස බැලූ මා දුටුවේ පොරකා ගන්නා හතර දෙනෙකි. එයට පිටුපසින් තවත් කිසිවෙක් ඇවිදිමින් සිටියේය. පොරකෑමෙන් දෙදෙනෙකු බිම ඇද වැටුු තැන මම කඩුව අමෝරාගෙන ඔවුන් වෙත පැන්නෙමි. ඉදිරි පස පිරිස දොරටුව ලග මරා ගනිමින් සිටියෝය. එකකු තම කඩුව එල්ල කර ගෙනම තවකෙකු මත ඇද වැටුනේ ඔහුගේ කඩුව අනෙකාගේ පපුව හරහා යවමිනි.

පිටපස කී දෙනෙක් ඉතුරුදැයි නොදන්නා නමුදු ඒ පිරිසේ සිටි අවසාන ශක්තිවන්තයා මා අතින් පරලව ගියේය. තවත් දෙනෛකු බිම වැටී ලෙයින් නැහැවී කෙදිරි ගාමීන් සිටි අතර ඔවුන් වෙනුවෙන් කිසිවක් කල යුතු බවක් නොපෙනුනි. කෙසේ හෝ අවසානයේ මා වෙනුවෙන් ඒ දොරටුව විවර විය.

රුධිරයෙන් වැකී  උමතුවෙන් හති දමමින් සිටි මා පිලිගැනීමට ගැහැනු පිරිමි සෑහෙන පිරිසක් වටවී සිටියහ. ඔවුන්ගේ සුභපැතුම් සමග නොයෙකුත් වර්ගයේ ගිණිකෙලි රැසක් දෙපසින් එලිය විය. එලිය අතරින් හදිස්සියේම මේ පිරිස පිලිබදව  කිසියම් හදුනන බවක් මගේ උමතු සිතට දැනුනි. මට හොදින් හුරු පුරුදු රටේ ජනප්‍රිය පුද්ගලයන් රැසක්ද ඔවුන් අතර දැක ගත හැකි විය. කිසිදා මෙවන් ස්ථානයක දැක ගත හැකියැයි නොසිතන ඔවුන් මා වෙනුවෙන් ජයපැන් පානය කරමින් සිටියෝය. උත්සවාකාරී ලෙස  මා ජයග්‍රාහකයා ලෙස නම් කර මා හට සුබ පතා බීමට වතුර මෙන්ම තුවාල වලට ප්‍රතිකාර කර ලේ නැවැත්වීමට කීප දෙනෙකුද ලබා දෙන ලදී.  ප්‍රථමාධාර අවසාන වන විට මා සිටියේ පියවි සිහිය ලබමිනි .  මානසික ද ශාරීරිකවදැයි  කිව නොහැකි දැඩි වේදනාවකින් මා වෙව්ලයි. සිතින්ද ශරීරයෙන්ද මා වැලපෙයි.  මේ කාලය අතර තුර තවත් මොනවදෝ වැඩසටහන් කීපයක් ඇදී ගියේය.  කෙසේ හෝ  අවසානයේ මා පෙර අපට කතා කල මහලු පුද්ගලයා සමග කාමරයක වාඩිවී සිටිමි.

ඇයි මේ ???? මම කදුලු පිරි දෙනෙතින් ඔහුගෙන් විමසීමි.

 ආචාර්යතුමනි . ඔබට වැටහෙන නිසා කියන්නම් මේ වැරැද්දක් ලෙස ඔබට පෙනේවී නමුත් මේ අපේ රටේ නීතිය හා සාමය සදහාමයි.

නීතිය හා සාමය සදහා ??? මා ඇසුවේ  විමතිය මැඩගත් කෝපයෙනි .

ආචාර්යය තුමනි ඔබතුමා මේ ගැන හොදට දන්නවා. මේ සමාජේ හැම දාම කොටසක් ඉන්නවා සමාජය එක්ක වෛරයෙන් ජීවත් වන. එක්කො තමුන්ට පෙර සිදුවුනු අසාධාරණ කම් නිසා, තමුන් විදි දුක් නිසා, තමුන්ගේ හිතවතුන්ට සිදුවුනු අසාධාරණ කම් නිසා ,ජීවිතයේ අසාර්ථකත්වය නිසා,  අතෘප්තිකර ලිංගික ආශා නිසා වෙන්න පුලුවන් මේ අය වැඩෙනකොට වැඩෙන කොට මේ හිත යට තියෙන වෛරයත් උඩට එනවා. ඊලගට ඔවුන් සමාජයේ යම් තැනකට ආවත් ඔවුන්ට මේ දෙයින් ගැලවීමක් නැහැ. ඔවුන් විදිධ ගැටලු සමාජය තුල ඇති කරනවා.  ඊට පස්සේ මේක වෙන වෙන ආකාර වලින් එලියට අරන් ඔවුන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සමහරුන්ට දුප්පත් මිනිසුන් වෙනුවෙන් තමුන් යමක් කල යුතු ලෙස සමාජවාදයට ඇති ආසාවක් ලෙස මෙය එන්න පුලුවන්. නමුත් යටිඅරමුණ කාට හෝ විරුද්ධව සටන් කිරීම.  විශ්ව විද්‍යාල ශීෂ්‍යයකුට අනෙක් ශිෂ්‍යයන්ට හෝ අනාගත ශිෂ්‍යන්ට සිදුවන අසාධරනකම් සදහා සටන් වැදීමට අවශ්‍ය ලෙස මෙය උඩට එන්න පුලුවන්, ඒ වෙනුවෙන් ලෙස පවසමින් ඔහු අනෙක් අයට හිංසා පීඩා කරන්න පුලුවන්.  සමහරුන්ට රටේ සංස්කෘතිය වරදක් ලෙසත් නැතිනම් ආගම වරදක් ලෙසත්  එය විනාෂ කල යුතු දෙයක් ලෙසත් මේ නිසා පෙනෙන්න පුලුවන්.ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් ක්‍රියාමාර්ග සදහා පෙලඹිය හැකියි.  රාජ්‍ය විරෝධයක් ලෙසත් මෙය එන්න පුලුවන්. රට කුමන ලෙස දියුණු වුවත් මේ ක්‍රියාවන්ට පෙලඹීම ඔවුන් නතර කරන්නේ නැහැ.  නමුත් ඔවුන්ගේ මේ සියල්ලටම මූලය වන නිදන්ගත වෛරයට පිලියමක් කරන්න පුලුවන් නම් මේ සියල්ලම මගහරින්න අපට පුලුවන් බව අප සොයාගත්තා.ඔවුන්ට අවශ්‍ය ඔවුන්ට වඩා දුක් විදන පිරිසක් බැලීම පමණයි . සතුටින් සිටින අය නිතරතුරු දැකීම ඔවුන්ට හිතකර වන්නේ නැහැ.

මේ නිසා අපි මෙවැනි ක්‍රියාවලියක් දැන් ගෙනියනවා. ප්‍රතිපල ඉතාම හොදයි. විශේෂයෙන් සමාජයේ වැදගත් තල වල සිටි අය මෙවැනි තත්වයක සිටිනවා බැලීමට ඔවුන් ඉතා කැමතී. ගොඩක් දේශපාලන පක්ෂ නියොජනය කරපු සහ ඒවා සදහා මුදල් ලබා දුන් ගොඩක් අය දැන් එයින් අයින් වෙලා. නිතර කැරලි ගැසූ වර්ජන වලට සහය දුන් ගොඩ දෙනෙක් දැන් අයින් වෙලා. ඔව් ඔවුන් සියලු දෙනාම මෙම ක්‍රීඩාවේ හොද රසිකයන්. හැමෝම මෙහෙම නෙමෙයි. නමුත් වැඩි දෙනෙකුගේ වෛරය තව කෙනෙකුගේ විද වීම නොදැකීමමයි. සමහරුන්ට සියතින්ම තවකෙකෙුට වධදීම. ඔබ නොදැනුවත්ව උවත් උමග තුල ක්‍රීඩාවෙදී මොවුන්ගෙන් සමහර දෙනෙකුත් එයට එකතු උනා.

කියන්න ආචාර්යතුමනි ඔබ අද වූ දෙය නිසා පසු තැවෙනවාද ඔබ සියලු දෙනා සිටියේ මරණයට නියමව. එය අද නැතිනම් තවත් දින කීපයකින් අනිවාර්යයෙන් සිදුවීමට තිබුනු දෙයක්.  ඉතින් මේ නිෂ්චිත මරණයෙන් ඔබ මහන්සියෙන් නිදහස ලබා ගත්තා. එය නරකද  ?

පසුතැවෙනවා කාලන්නියා. මා කෑගැසුවෙමි. මාව එල්ලලා මැරුවානම් සමහර විට මට සැනසීමක් ලැබෙන්න තිබුනා.....

ඔබගේ උත්තරය නිවැරදි නැහැ ආචාර්යතුමනි. සමජයට වෛර නොකරන ඔබ මේ සමාජයේ සමාවට සුදුසු නැහැ. කනගාටුයි. තීරණය ඔබේ අතේ ආචාර්යතුමනි.

ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද පිටිය මධ්‍යයේ දම්වැල් වලින් බැද සිටියදී මාකල මෝඩ කම වැටහුනි. මේ දහජරා සමාජය අනුව මරණ දඩුවම ලැබීමට මා කර ඇත්තේ කොතරම් සුලු වරදක්ද? එම වරද තවත් සමජයකගේ පැවැත්මට උපකාරී වී ඇත.  හදිස්සියේම මා අද කල මරණයන්ට නව අර්ථයක් එක්වී තිබුනි. එල්ල කල සෑම කඩු පහරක්ම, කැපී ගිය සෑම නහරයක්ම , ඇද වැටුන සෑම රුධිර බිදුවක්ම මට නව අර්ථයක් ගෙන අවුත් තිබුනි. මට ඔවුන්ව නැසීමෙන් මේ කාලකන්නි සමාජය විනාෂ කිරීමට හැකිව තිබුනි.මට නිදහස ලබා මේ සදහා සටන් කිරීමට තිබුනි. මට මේ ක්‍රමය ඇති කල කාලකන්නි බල්ලන් එක එකා මරා දැමීමට හැකියාව තිබුනි. ඔවුන්ට මරණයෙන් පාඩමක් ඉගැන්වීමට තිබුනි. අහෝ කෙතරම් අගනා අවස්ථාවක්ද? නමුත් දැන් පමා වූවා වැඩිය. එය දැන් සිහිනයක් පමනි.  පිටිය මධ්‍යයේ වේදනාත්මක මරණයක් දැන් මා ආසන්නයට දැන් පැමිණ ඇත....

“I’d like to confess, papa, at that moment I discovered that I really like killing”
                                                                                                             -Che Guevara

No comments:

Post a Comment