Blog Archive

Showing posts with label විද්‍යා ප්‍රබන්ධ-ත්‍රාසජනක කතා. Show all posts
Showing posts with label විද්‍යා ප්‍රබන්ධ-ත්‍රාසජනක කතා. Show all posts

Tuesday, January 15, 2019

දැන්වීම

වේලි වේලි හිටපු මටත් තිබුනු මෝල් අමාරුවට මේ දැක්කා විතරයි නම්බර් එකත් එක්කම ලියුමක් දැම්මා. දවස් තුනක් ගියේ නෑ මෙන්න කෝල් එක්ක ආවා. ඇත්තටම ගෑනු කෙනෙක් තමයි. කොහෙද ඉන්නේ මොනවද කරන්නේ විතරක් නෙමෙයි ලේ වර්ගේ ඉදන් ප්‍රශ්න වැලකින් පස්සේ හම්බවෙන්න තැනක් කිව්වා. මටත් ඉතින් වෙන මොනවද අදාල දවසේ කුකුලත් අතේ අරගෙනම පිටත් උනේ මරු කතරට දිය දෝතක් ලබා ගන් න හැටි හිත හිත. කලින් දවසේ රෑ හරියට නින්ද ගියෙත් නෑ අප්පා. 

හිතුවටත් වඩා කෑල්ල හොදයි. නම කාන්ති. මට අල්ලලාම ගියේ ඒ ඇස් දෙක. විනිවිද පේන තඹ පාට එහෙම ඇස් දෙකක් මම දැක්කමයි. මට වඩා ටිකක් වයසයි තමා . ඒත් ඉතින් කසාද බදින්න කියලයැ. අපි මගදී හම්බ වෙලා ටික්ක කතා කර කර හිටියා. පස්සේ කෑම ටිකක් කන්න ගියා. ගෙදර ප්‍රශ්නයි මිනිහගේ අසම්පූර්ණ කම ගැන යි ආදෝනාවකට සවන් දෙන්න උනත් මට ගොඩක් ඒවා ඇහුනෙවත් නෑ වෙන්න ඕනෙ. අපේ ගෙදර යමුද හබී නෑ. ඔන්න මට ඔන වචන ටික එලියට පැන්නා. කාන්ති ඇවිල්ලා තිබුනේ පොඩි කාර් එකක. කලින්ම අඩුම කුඩුමත් සපයාගෙන ආපු හින්දා දහසක් හීන මව මව මාත් නැගලා එයාගෙ ගෙදර යන්න ගියා. ටිකක් පාලු වගේ වත්තක් මැද තිබුනු ගේ නම් පොඩි නෑ. තඩි ගේට්ටු දෙකකුයි තාප්පෙකුනියි වට වෙච්චි වත්ත ඉස්සරහින් ඇලපාරක් යනවා . ගස් වැල් හින්දයි පරන ගතියයි හින්දා පොඩි කලුවරක් තිබුනත් සල්ලි කාරයෝ බව බැලූ බැල්මට පෙනුනා.
ඔන් න ඉතින් සාලෙට ගිය ගමන් මගේ ඉවසීම පැන්නා මම ගෑනිව බදාගෙන ඉබින්න හැදුවත් ගෑනි ටිකක් දගලලා එ්කෙන් ගැල උනා. අම්මෝ ඒ ඇගේ තියෙන සැප. කවදා කාපු ටකරන්ද ඉතින් .
පිස්සා ඉන්නවා හදිසි නොවී මේ දවසම තියෙන්නේ ඇති තරම් දගලන්න. මටයි ඕනෙ කම තිබුනේ මෙයාටනෙ තදියම් වෙලා තියෙන්නේ.
මේකි දන්න කෙහෙම්මල මම නේ දන්නේ මගේ අමාරුව .
ඉන්න මම වොෂ් එක්ක දාගෙන එන්නම්. අරක අපේ බෙඩ් රූම් එක සිගරට් එකක් බොන්න ඕනෙ නම් ඔයා ඉස්සරහ කාමරේ බොන්න . මම දොරවල් ලොක් කලා.ගෑනි එහෙම කියලා නටව නටව ගිහින් නිදන කාමරේ අස්සට රිංගුවා. එකට වොෂ් එකක් දාන්න ගෑනිට තව ලැජ්ජා ඇති. ඔව් ඉතින් අවුලක් වෙලාවට කොහොමත් පිහිට සිගරට් එකක් තමා. මම තඩි සාලෙ කෙලවර කාමරේට රිංගාගෙන දුමක් පත්තු කලා.
විනාඩි පහලවක් විතරම ගියත් මුකුත් උනේ නෑ ඒ අතරේ මට කබඩ් එකක් අරිනවා වහනවා පුටුවක් අදිනවා වගේ සද්ද ටිකක් ඇහුනා. විනාඩි විස්සක් විතරත් බලා හිටපු මගේ ඉවසීම පැන්නා. මම හෙමීට කාමරේ දොර ලගට ඇවිල්ලා දොර රෙද්ද ඈත් කරනවත් එක්කම හිතා ගන්න බැරි වේගෙන් කවුරු හරි සාලෙ හරහා ගියා වගේ දැක්කා කියලා මට හිතුනා. මම කලබලෙන් ඉක්මනට නිදන කාමරේට ඔලුව දැම්මා. දෙය්යනේ මෙන්න මේ ගෑනි ඇද උඩ උඩු බැල්ලෙන් වැටිලා. පපුව මැද පිහියක් නේද ? ඇදගෙන හිටපු නයිටිය වගේ එක රතු පාට පැල්ලම් වලින් වැහිලා.
කිට්ටු වෙලා බලන්නත් බය හිතුන පාර මම ක්ෂනිකව ඉස්සරහ දෙර ලගට දිව්වා. මල මගුලයි දෙර ලොක් වගේම යතුරත් දොරේ නෑ. මම යකඩ කූරු වලින් වැහිච්ච ජනෙල් දිහා බලාගෙන කුස්සිය පැත්ත කියලා හිතපු දිහාට දිව්වා. යකෝ මේක වංග ගිරියක් වගේ නේ. පිටිපස්සට දොරවල් තුනක් ඇරිලා . මුල් දෙකම ඉවර වෙන්නේ බිත්ති වලින්. මම තුන්වෙනි එක බලන්න එලියට එනවත් එක්කම මෙන්න දඩිස් දඩිස් ගාලා කවුද ඉස්සරහ දෙර ගහනවා. හුටා හුටා හුටා. දැන් නම් දෙවියොත් සිහි වෙනවා. මම තුන්වෙනි කාමරේට රිංගන්න හැදුවක් ඒක මැද වීදුරු තියෙන තඩි යකඩ වගේ දොරවල් දෙකක් දාලා වහලා තිබුනා. ඒක නිකම් ශාලාවක් වගේ මැද මේස තියලා. ශාලව ලෙවරේ කාමරේ ඇතුලේ කවුරු හරි ඉන්නවාද වගේ දේකු්ත වීදුරුවෙන් දැකපු චුට්ටට මට හිතුනා.
දඩිස් දඩිස් දඩිස් . පට්ට බැල්ලි. දොර ඇරපන්. ඉස්සරහ දොරට ගහපු එකා දැන් නම් මාරාවෙශ වෙලාද කොහෙද . දැන්නම් එලියෙ එකා දොර කඩන බව ෂුවර්. මම අපාහු හැරිලා අර ඉස්සලො ගිය දොරවල් තුනේ කෙලවරේ කොරිඩෝවේ කාමරයක් ඇතුලට රිංගුවා. ඒකේ පොඩි ඇදක් තියෙනවා මම ඉස්සලේලා දැක්කා මම කෙලින්ම ඇද යට. දඩාස් ගාලා එතකොටම ඉස්සරහා දෙර ඇරුනා. එකෙක් නෙමෙයි කීප දෙනෙක් ඉන්නවද කියලා මට හිතුනේ අඩි ශබ්ද වලින් වැඩි හාවක් හූවක් නැතුව එක් එක්කෙනා කඩිසරව එහෙ මෙහ යන හැටි මම අහගෙන හිටියේ කූල් වෙච්චි බොකු සහ බඩවැල් එක්කමයි. පෝන් එක එලියට ඇදලා ගත්තු මම ඒක සයිලන්ට් කරා. අපේ එකෙකුට මැසේජ් කරන්න බැලුවත් සිග්නල් කියලා කදුලක් වත් නැති බව දැක්කහම ඒ බලාපොරාත්තුවත් නැති උනා.
ඕකිට කිව්වා ඔය ටික. ටිකකින් එකෙක් මුමුනනවා මට ඇහුනා. යන්තම් ඇහෙන ශබ්ද අතරින් ඊලගට ඇහුනේ රෑටම බලමු කියන කතාව විතරයි. ටිකකින් සද්ද තුරන් උනාට පස්සේ ත් පැයක් විතර බලන් ඉදලා මම හෙමීට බඩ ගගෙන සාලෙ පැත්තට එබිකම් කලා. හිගන්නො වගේ පේන සරම් ැදගත්තු ඩබලක් සාලේ ඉදගෙන ටීවී බලනවා. හිටියේ මුන් දෙන්නා විතරද තව හිටියද කියල නොදන්න හින්දත් දුවන්න විදියක් නැති නිසාත් මම ආයේ බඩ ගාගෙන ඇද යටට ආවා.
පැය ගානක් පිච්චි පිච්චී මම ඇද යට ඉන් න ඇති . සැරින් සැරේ සාලෙටත් එබිකම් කරන්න ඇති . කොහොම කොහොම හරි රෑ වෙනකම්ම එතන හිටියා කියලා මම හිතනවා. අර කාලකන්නි දෙන්නා සාලෙන් හෙල්ලුනේ වත් නෑ.
ඔන්න එක පාරට මහා සද්දෙන් සාලේ දොර ඇරෙන හැටි මට ඇහෙන කොට මම ඇදත් එක්කම උඩ විසි නොවුනා විතරයි. දඩි දඩි ගාලා කට්ටියක් එයා මෙහා ඇවිදින හැටි මට ඇහුනා. බඩු එහා මෙහා අදිනවා වගේ සද්ද ඇහන්න උඩා. ගොඩක් බර සපත්තු සද්ද. ආපු අය මොනවා උනත් සද්ද බද්ද නැතුව ඉන්න ට්‍රයි කලා විතරක් නෙමෙයි කතාවත් රහසෙන් කලා කියලයි මට හිතුනේ. ටිකකින් එහා ශාලාවේ දොර ඇරුනා කියලා මට හිතුනාත් එක්කම. තද සීතලක් හැම තැනම පැතිරුනා . තවත් ටික වෙලාවකින් ඔන් න කවුද කෑ ගහනවා ඇහුනා. අනේ අය්යේ මට යන්න දෙන්න යන්න දෙන්න කියලා එකේක කෑ ගහනවාත් පොර බදනවාත් වගේ ඇහුනා. ඒත් ඒක වැඩි වෙලා ඒක තිබුනේ නෑ.
අයේමත් මගේ කාමරේ ඉස්සරැහින් බරට අඩි තියලා ඇවිදින සද්ද ඇහුනා. ඇග පන නැති වෙලා තියෙන විදිහටයි ගැහෙන විදිහටයි දැන් නම් කෑගහල අහුවෙලා මේ මගුල ඉවරයක් වෙනවනම් හොදයි කියලාත් මට හිතුනා. ඒත් ටිකකින් අර ශාලාවේ තඩි දොර ආයේ වැහෙන සද්දෙත් එක්ක වටේම නිශ්ෂබ්ධ උනා. ඒ එක්කම තද කලුවරකුත් පැතිරුනා. පැයක් හිටියද දෙකක් හිටියද මම දන්නේ නෑ. මම ආයෙත් බඩ ගාගෙන සාලෙ පැත්තට ගියත් හැම තැනම තද කලුවරක් විතරයි.එලියක් ආවේ තඩි ශාලාවෙන් විතරයි. මම හිමීට කෙලින් වෙලා අර වීදුරුවක් ඇතුලෙන් ඇතුල බැලුවා. හුටා. මෙන්න සුදු ලෝගු ඇද ගෙන සුදු තොප්පි දාගෙන මූනු වහගත්ත දොස්තරලා ටිකක් ඔපරේෂන් එකක. මේසෙ උඩ නිරුවත් මල සිරුරක් තිබුනා. එක දොස්තර කෙනෙක් ඇගෙන් වෙන් කර ගන්න මොනවදෝ දේවල් තවත් කෙනෙක් අතේ තිබ්බ කවර වලට දැම්මා.. දැන් ඉන්නෙ නම් හිගන්නො වගේ සෙට් එකක් නෙමෙයි. පස්දෙනෙක් විතර එතන හිටියා මතක විදිහට.
අයෙත් පරන තත්වෙටම මගේ බයයි ලේ ගමනයි වැඩි උනා කියලා හිතුනා. මම බඩ ගාගෙන කලුවරේ අතපත ගාගෙන සාලෙට ගියා මතක තියෙන විදිහට දොර හොයා ගන් න හැදුවත් දැන් සාලෙ වෙනස් වෙලා කියලා මට හිතුනා. සාලෙ මැද තිබ්බ සෙටිය වෙනුවට දැන් වෙන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා වගේ බව අඩ අදුරේ පෙනුනා. දොරක් කියලා නාමයක් නම් නෑ. කකුලේ වැදිලා රාක්කෙකින් සද්දෙකුත් ආවා .බයටම මම ආයේ බඩ ගාගෙන කාමරේට රිංගුවා. තවත් නොදන්න වෙලාවක් දෙගිඩියාවෙන් ඉදලා ඉදලා ආයේමත් ශාලාවෙ වීදුරුවෙන් එබිකම් කලා. හත්වලාමේ දැන් අර මේසෙ උඩ කාන්ති නේද ? අර එක්කෙනක් මොකක් හරි අවයවයක් කපලා අරගෙන බෑග් එකකට දාන හැටි ඒ වෙලාවෙ මම පැහැලිවම දැක්කා. ඒත් එක්කම ඊට මෙහා ඇදක ඇස් අත පය පවා නැති මල සිරුරක් තියෙන හැටි දැක්කා. ඒකෙ ඇගේ මැද ඉදන් හාරලා වගේ ඇරිලා තිබුනා. කකුල් දෙකේ ඉිතුරු වෙලා තිබුනු අන්තිම ශක්තියක්‍ත් නැතුව ඉන්ද නොවුනු ටික විතරයි. මුන් මේ අවයව විකුන උන් ටිකක් නේද ? අපිව ඇඩ් දාල ගෙන්වන්නේ මේකට නේද ?
එතකොටම දඩිං දඩිං ගාලා කොහෝ දෝ දොරකට ගහන සද්දයක් ඇහෙන් නඋනා ඒක ආවේ ශාලාව ඇතුලේ බිත්තියක් පැත්තෙන් කියලා මට හිතුනා. කෙනෙක් එතකොට මූනු අවාරනය ගලවන ගමන් දෙර පැත්තට එන්න ගත්තා. දෙය්යනේ උගේ මූනක් කියලා තිබුනේ හිල් ගොඩක් අත් දෙක වෙනුවට තිබුනේ වයර් ඇදපු යකඩ කම්බි ටිකක් වගේ දෙයක් . බැරි බැරි ගාතේ මම ආයෙමත් ඇද යටට රිංගා ගත්තා. සාලේ පැත්තේ මට හොයා ගන්න බැරි උනු දොර ඇරෙන සද්දේ මට ඇහුනා.
ටිකක් උස් හඩින් කතාවක් යනවා ඇහුනා. . අරූ ඇතුලේ ඉන් න ඕනේ. වැඩේ පත්තු වෙලා. මම බලාපොරාත්තු වෙච්චි කතාව. මම කියලා මුන් හිතන්න ඇත්තෙ මුලින් හිටපු එකෙක් වෙන්න ඇති . දැන් මොනවා කරන්නද මම තවතවත් හිටපු තැනම ගල් උනා.
හැම තැනම ලයිට් වැටුනා මගේ ඇද ලගටම එකෙක් ඇවිල්ලා ඇද යටට නැමෙන්න හදන කොටම මම උගේ කකුල් දෙක අල්ලා ගෙන පැන්නා. දැනුනු විදිහට යකඩ ගොඩක් විතරයි. කාමරෙන් එලියට පනිද්දිම සාලෙ පැත්තෙ එකෙක් දුවගෙන එනවා කරන් න දෙයක් නැති තැන මම මාරාවේසෙන් අර ශාලාව ඇතුලට පැන්නා. ඒක ඇතුලේ පුදුම සීතලක්. ලේ ගදින් පිරිච්ච කාමරේ බිමත් ලේ. මම කෙලින්ම මුලින් දැකපු කෙලවරේ කාමරේ ඇතුලට රිංගුවා. ඒක ඇතුලේ බිත්ති වගේ තියෙන්නේ වීදුරු ප්‍රිජ් . ඒවා ඇතුලේ ඇස් හදවත් අත පය වගේ දේවල් ප්‍රදර්ශනේට තියලා වගේ පිලිවෙලට අඩුක් කරලා. බයනේම පිස්සු වැටිච්ච මම හෝල් එකක් වගේ තිබ්බ ඒ කාමරේ තවත් ඇතුලට දිව්වත් තවත් යකඩ දොරකුයි පැත්තකින් පොලව යටට යන අන්ධකාර පඩිපෙලකුයි ලගින් ඒක කෙලවර උනා. පහලට බහින්න බය වෙච්චි මම මම ආපහු හැරිලා මර බයටම අර වීදුරු ප්‍රිජ් එකක් තල්ලු කලා. ලොකු උනත් වැඩි අමාරුවක් නැතුවම ප්‍රිජ් එක පෙරලුනා. මහ සද්දෙකුත් එක්ක මිනිස් අවයවය වීදුරුත් එක් ක හැම තැනම විසිරුනා. ඒ එක්කම අර පඩිපෙල පැත්තේ ආදෝනා දීලා කෑ ගහන සද්දයක් ඇහුනා. හරියට බේරා ගන් නකියනවා වගේ . ඒ වෙනකොට අරුන්ගෙන් තුන් දෙනෙක් කාමරේට රංගලා ඉවරයි. උන් මූනු වහගෙන . ඔහොම හිටපන් උන් කෑ ගැහුවා.
ලගට එන්න එපා මේකත් කුඩු කරනවා මම අනිත් ප්‍රිජ් එකෙත් එල්ලුනා. උන්ට මගේ අවයව කීපෙට වඩා ප්‍රිජ් එකේ තියෙන බඩු ටික වටින බව මට තේරුනා. කෑ ගහගෙන ප්‍රිජ් එක හොලවපු ගමන් අරුන් ටික පිටි පස්සට ගියා. මම උන්ට මාව පහු කරගෙන පිටි පස්සට යන්න කියලා තර්ජනය කලා. ඒ ගැන කිසි ගැටලුවක් නෑ වගේ කීකරුව උන් ඉක්මනට මාව පහු කරන් පස්සට ගියා. මම ඒ එක්කම පැනලා සාලේ පැත්තට දිව්වා. අරුන් මගේ පස්සේ පන්නන බව ටිකකින් යකඩ එකට වදිනවා වගේ සද්තේ එක්ක මට තේරුනා. සාලෙට එන කොට මම එනකොට ආපු තැන නෙමෙයි දොරක් තියෙන්නේ. ඒ දොර දොර බාගෙට ඇරිලා. විදුලිය වගේ මම යන්තම් මිදුලට පැන ගත්තා. දඩීං ගාල පිටි පස්සෙන් ඇහිච්ච මහ සද්දෙට හැරිලා බලන කොට මම දැක්කේ බිත්ති දොරවල් ගලවාගෙන එලියට පනින අර යක්කු. විදුලි වේගෙන් තාප්පේ එල්ලිච්ච මගෙ අත් විදගෙන යකඩ කූරු අනෙක් පැත්තෙන් මතු උනා තේරුනත් මර බියටම මම කාගෙනම තාප්පෙනුත් පැන්නා. ඒ දිවිල්ල කෙලවර උනේ කලුවරේම පහල ඇලටම පැනලයි. හැබැයි ඒ කොහෙන් ගියත් මුන්ට ඇලේ පීනන්නනම් බැරි වෙයි කියලා හිතලා නම් නෙමෙයි. ඇල දිගේ ටික දුරක් පීනපු මම එලියට පැනලා කටු අකුල් වල වැටි වැටී ලොවත් නොදන්න කැලෑව හරහා කෙලවරක් හම්බ වෙනකම් දිව්වා.
කොහොම හරි මම බේරුනා. එහෙම කියලා මම පොලීසි ගියාද නෑ, කාට හරි මේක කිව්වද නෑ. ඇයි දෙය්යනේ මම කොහොමද කටක් ඇරලා මේ කතාව කියන්නේ. අනික මොකා විස්වාස කරයිද. ඒ ඇරත් එතනින් පන බේරා ගත්තු එකම මදෑ තවත් ලෙඩ දා ගන්නේ මොකටද ? අත් දෙකම හිල් වෙලා තිබුනු තුවාල හොද වෙන්නම මාස හතරක් විතර ගියා. ඒත් තවත් මාස දෙකක් විතරත් බලලා මුකුත් සද්දයක් නැති එකේ උපතින්ම ආපු ජරා කුතුහලේ හින්දම මම හවසක බයික් එකක නැගලා ඒ පැත්තට ගියා . පැය දෙකක විතර ගමනක් උනාට බයික් එක මට ෂුවර් නිසයි එහෙම කලේ. අර පාලු පාර එහෙමමයි ඇලපාරත් එහෙමමයි. අර වත්තේ කාලකන්නි කමත් එහෙමම වෙන්න ඕන‍ෙ. වැහිච්ච ගේට්ටුව පාස්වෙන කොට මට එදා දැනිච්ච බයමත් එලෙසම දැනුනා. බයටම මම වත්ත පහු කරගෙන පාලුපාර දිගේ සෑහෙන දුරක් ගියා . ආයේ මොන මගුලට මේක අස්සෙ රිගන්න ආවද කියලා මටම සාප කර ගත්තා.
ආපහු එන කොට මෙන්න අලුත්ම ජාතියේ ලොකු ජීප් එකක් ගේට්ටුවෙන් ඇතුල් කරනවා . නවත්වන්නත් බය වෙච්චි බලන්නත් බය වෙච්චි මම වේගේ වැඩි කලත් කිට්ටු වෙනකොටම ජීප් එක දිහා බැලුනේ කවුරු හරි මාව අදුරා ගත්තද කියන බයටම වෙන්න ඖනේ. මෙන්න ජීප් එක ඇතුලෙන් සුදු මැලි ලොකු මූනක් මට හොදට පේනවා. යකෝ මේ අර කාන්තිගෙ වගේ ඇස් දෙකක් නේද ? ඒත් මූනේ තැන තැන තඩි කලු වලවලුත් එක්ක ? වලවල්ද නැතිනම් ඒවා ඇස්ද ? නැත්නම් තව මේ පොටි දාල පුරවන්න තියෙන බාගෙට හදපු මූනක්ද ? මුගේ හැටියට පිරිමි කෙනෙකුත් වගේ. ඔය සුලු වෙලාවට දැකපු දේ වල් විස්තර විදිහට ටිකකින් මතක් වෙච්චි හැටි. අනේ දෙය්යනේ යකෙක් තියා මොකෙක් උනත් ආයේ නම් පලාතේ යන්නේ නෑ.මොකටද මට. මදෑ මෝල් අමාරුවකට ගිහින් පන බේරාගෙන ආවා. අමාරුමනම් වොල්ට් 33000 ලයිට් කනුවක් ආස්සරය කරනවා මේ වගෙ ගොන් වැඩ නම් ආයේ කරන්නෑ.. මම කෙලින්ම ගෙදර ඉගිලුනා....
කොහොම හරි ඇඩ් එකේ තියෙන ටිකත් එක්ක ඔක්කොම සිදුවීම ගත්තම කාන්ති බොරුම කියල නැති වෙන්න පුලුවන් බවත් මට පස්සේ කාලෙකදි හිතුනා.

ලංකාවේ ප්‍රතම සද ගමන


ලංකාවේ ප්රතම සද ගමනටයි මේ සූදානම සජීවී විකාශනය ගෙන ඒන්නේ වතුර සමග ඔලුව ටීවී.
ඔබට සජීවී දර්ශන දැක ගන්න පුලුවන් මේ නිලකොබෙය්යා රොකට් යන්තරය තිබෙන ප්රදේශයේ දැඩි නොසන්සුන් කාරී තත්වයක් පවතිනවා. රතු හැදගත් විශල පිරිසක් බෝඩ් ඔසවා ගෙන යම් විරෝධතාවක නියැලෙන ආකාරයයි මේ දිස් වන්නේ. අපි සමීප දර්ශනනයකට ගොස් බලමු.
ඔව්
හදට ගිහින් හාල් ගේන්නද ?
හදෙන් පැනලා මැරෙන්නද ?
බිලියන දහයේ රොකට් වංචාව රටට හෙලි කරනු
හද කියන්නේ බොරුවක්
අගහරුට කැකිරිද ?
වගේ පුවරු තමයි මේ දර්ශනය කරමින් විරෝධතාවයේ නියැලෙන්නේ.
රාහු කලය පසු වී සුබ නැකත ලගා වීමට තව විනාඩි කීපයක් පමනයි තිබෙන්නේ. විශෞෂයෙන් මේ රොකට් යනායේ ආරක්ෂාව පතා නිර්මානය කරන ලද දෙහි මිරිස් වැල් රාශියක් ඔබට පෙනෙනවා ඇති එහි නාසයේ සිට පහලට ලස්සනට එල්ලෙන ආකාරය. තොටවත්ත මහතාට
මෙහිදී විශේෂයෙන් ස්තූති කල යුතුයි මෙහි නැකත් සාදා දීම සහ ආරක්ෂක විදි විදාන සලසා දීම ගැන.
මේ අතර යානය තුල පුධාන නියමු ලොක් අය්යා සහ ටොමියා මල්ලී අතර සංවාදයක්.
ලෝක් අය්යේ මොකද්ද බන් ඔය සුදු පාටට දිගට තියෙන හැන්ඩල් එක.
මම දන්නෙ කොහොමද බන් මම මේ රස්සාවක් ඉල්ල ගෙන අපේ එකා ලගට ආවහම මේකෙ පල කිව්ව නිසා මේකට ආව මිස මම මොන මගුලක් වත් දන්නෑ මේ ගැන. හදට යනවා කිව්වම අපි හිතුවේ මේ ජොලි සීන් එකක් කියලා බැලුවම මූ හැබැවටම හදට යවන්නනෙන එවල තියෙන්නෙ.උබ ?
අය්යේ මම නේ අර පාතාලේ ටොමියා කියන්නේ රොස්මිඩ් එකේ මර්ඩර් එක දුන්නේ. ලොක්කා කිව්වා මට ටික දවසක් මේකෙන් හදට ගිහින් හැංගිලා ඉදලා වර කියලා. මේකෙ කලින් හිටපු එකාව අයින් කරලා මාව දැම්මා.
ආ ඒකට කමන් නෑ. කොහොමත් අපි අපුවහම උන් තමා ගිය විදිහට එලියට එන්නේ.තොට රොකට් එලවන්න ලයිසන් තියෙනවද ? කෝ මේ සහයක චුට්ටෙ?
ඔව් ලොක් අය්යේ.
මගෙ අර බුලත් පයිය කෝ බොල. ඕං ඔය විට ටිකක් ගනින් යන්ඩ ඉස්සර කාල දාන්න.කෝ බොල මේකෙ ඇක්ලේටරේ. ඒක නැතත් කෝ යකෝ බ්රේක් එකයි ගියර් එකයි.
ලොක්කයියේ ඔතන කෙල ගහන්ඩ එපා බන් .
තෝ ඉදු මේකෙ මම නේ ඕඩර් දෙන්නේ. තෝ මම කියන විදියට හිටපිය. තුක්
රොකට් යානය ගුවන් ගත කෙරේ....
ඒයි චුට්ටෙ කෝ බන් අර පාතාලෙ ටොමියා.
ඒක තමා මාත් බැලුවේ උගේ සීට් එකත් එක්කම ඌ නෑනේ බන්. අපි උඩට යනකොට ඌ පිටිපස්සට යනවා දැක්කා වගේ මතකයි.
අය්යා...
මේ මොකදා යකෝ මේ ???
අය්යා මම අර මැකැනික් එකෙන්. මුරිච්චි වගයක් තද කර කර හිටියේ මේ යන්ට කියල දොර අරින්ට බැලුවා බෑනෝ වැ.
හුටා තෝ අර යට ඉදන් සීට් වල මුරිච්චි තද කර කර ද හිටියේ . ටොමිය එහෙනම් හිටපු තැනම ඇති තාම .
ලොක් අය්යේ අර එහා පැත්තේ තට්ට උඩ එල්ලිලා එලියේ එකෙක් අත වන වන මොනවද කියනවා්
මොකාද යකෝ ඒ. ආ අර මේක උඩ උපාවස කර කර නහිටපු එකා නේද ? හොද වැඩේ තෝ දැන් අබ්බියවකාසෙන් බැහැලා පයින් පල .
ලොක්කයියේ ආන් ආර දෙපැත්තේ බට දෙක ගැලවිලා ගියා බන්.
කෝ ??
නොදකින් විතරක් . අපේ හැත්ත වැඩක් කලොත් ඔහොමමයි. බගෙට අමුනන්න ඇති. බලපන් මම අවුරුදු තිහක් බස් එලවලා එක දවසක් රෝදයක් ගැලවීලා ගිහින් නෑ. මුන් මේ කාලකන්නි හැත්ත.
මේ ආන් අර මගුල වහපන්කෝ කනක් ඇහිලා පාඩුවේ ඉන්නනෑ අමතන්නලු අමතන්නලු. දැන් කීසැරයක් ඇමතුවද බන් තවත් මදිද.
ඒය් චුට්ටෙ දැන් හදට යන්න ආවට උබ පාර අහගත්තද ? මැප් එක බලපන් රෑක නම් කමක් නෑ මේ ගිනිමද්දහනේ ඉර පැත්තටවත් ගිහින් ගොඩ බෑවොත් එහෙම ආයේ ඇවිල්ලා විසුමක් වෙන්නේ නෑ මේකෙ එකාලගෙන්. අනික මේ ගිරිස්මෙ.
ඔය තියෙන්නේ බන් අය්යේ කෙලින්ම අපි කෙලින්ම ගියාම ඉවරනෙ.
ඔව්මනෙ යන එක පාගලම යමන් නැත්නම් එන ටිකට ආන්ඩුව මාරු වෙලා තිබ්බොත් එහෙම මුන් අපිට වීසත් කැන්සල් කරලා තියෙය්.
ලොක්කයියේ අනේ බන් ඔය සරම උස්සන් මුල්ලෙ කරන්න එපා බන්.
ඇයි තෝ කියන්නේ මට දොර ඇරන් එලියට ගිහින් එන්න කියලද . මේ උඹේ පාඩුවෙ ඉදින් .
ඒයි මිකැනික් කොල්ලෝ මට ප්ලෙන්ටියක් හදාගෙන වරකෝ.
ලොක්කය්යේ එපා බන් මේකේ ජොය්න්ට් පත්තු කරන්න . කැහ් කැහ්.
මේ වැඩි ය නෑ බන් ඊයෙ ඉතුරු වෙච්චි කොටේ. හදට යනකන් වෙන මොනව කරන්නද?
මද වේලාවක් ගත වෙයි. ඇතුලත දුමින් පිරී යයි.
ඒ ලෝක්කයියේ මාර ආතල් නේ . නිකම් පා වෙනවා වගේ බන් පන් පන් පන් මේවා ඈ හී හී හී. මේ බලහන්කො මේ.
පාවෙනවා වගේ නෙමෙයි බොල තෝ ඔය ඇත්තටම පා වෙනවා.
අඩේ ඇත්තටම පලවෙලි සැරේට නේ බන් ජොයින්ට් එකක් ගහලා පාවෙවී හදට යන .
කෝලේලො මේ මේන් මාව බලහන්. මගෙ සරම ඈ තනි සරමෙන් පියාබනව බලා ගනින් . හූ........යී හූ....................යි.
ඒයි මිකැනික් කොල්ලෝ මෙහෙ වර. මූ හොන්ද කොල්ල නේද බන්.
අය්යේ එපා බන් නිකම් හිටින්කෝ.
ලෝක්කය්යේ මේ විකාර නන් කරන්න හදන්න එපා මෙතන ඈ .
මම මේ නිකම් බන් හෙහ් හෙහ්. ඒ මේ බලහන්කො බන් මේවා ඔබපුවම මේ පාට පාට ලයිට් පත්තු වෙන හැටි . තොරනක් වගේ නේ බන්. ආ....ව්. රතුපාට එක ඇයි බන් මේ කැරකි කැරකි පත්තුවෙන්නේ?
එදින සවස.
ඒ බන් චුට්ටේ මේ අපි හදටද ඇවිල්ලා ඉන්නේ බන් උඹ වෙලාවට හෑන්ඩ් බ්රෙක් එක පෑගුවද? වැදුන වැදිල්ලටද කොහෙද දුන් දානවා බන් වටේටම .
එහෙම වෙන්ඩ එපෑ. බන් අය්යේ. බ්රෙක් එක කියල හිතලා තමා මම අර හැඩල් එක තද කරන් හිටියේ.
එතකොට යකෝ අර කතරගම කොලඹ බස් එකක් යනවා පේන්නේ උනුත් හදට ඇවිල්ලද බස් එකේ?

Monday, January 14, 2019

නයනී

ආදරණිය නයනී.... ඔන්න අපි බලාපොරත්තු වුනු කාලය උදාඋනා. හැමදාමත් මම පතපු විදිහට මට හැමදාම මේ ඔයාගේ ලස්සන මූන දිහා බලාගෙන ඉන්නයි. ඔයා ආස කරපු විදිහට මට තුරුල් වෙලා ඉන්නයි අපේ කාලය උදා වෙලා නයනී. බලන්න මේ වගේ ඔයාට කිට්ටුවෙලා ඔයා ගේ ඇස් දිහා බලන්න පුලුවන් වෙන දවසක් එනකම් කොච්චර කල් මම බලා හිටියද ? මතකද අපි මුලින්ම හමුවුනු දවස ? අපේ පුහුනුවේ පලවෙනි දවසේ . එදා ඉදන් මම කොච්චර නම් උත්සාහ කලාද ඔයා ලගට එන්න. ඔයාට මතකද ඔයා මාව ගනන් නොගෙන ගිය හැටි. ගස්සලා ගිය ැටි. මගේ දිහා රවලා බලපු හැටි. ඒත් මම දැනගෙන හිටියා කවදා හරි ඔයාටයි මටයි එකතු වෙන්න පුලුවන් බව.අපේ දෛවයේ ඒක ලියවිලා තියෙන බව. අන් නඒ නිසයි මම මෙච්චර කල් මග බලාගෙන හටියේ. සහතිකයි මම කවදාවත් ඔයාව තනිකරන්නේ වත් ඔයාට නපුරුකමක් කරන්නේ වත් නෑ. ඔයා ඒක දන්න බව මම දන්නවා. මේ වෙලාව විශේෂයි. අපේ අලුත් ජීවිතය පටන් ගන්න තැනදි ඔයාට පොරාන්දු වෙන එක මගේ යුතුකමක්. විශේෂයෙන් කිලෝමීටර් ට්‍රිලියන ගනණක් ඈත මේ පාලු අභයාවකාශයේ… මම ඇර ඔයාව වෙන කවුද බලාගන්නේ. කාටවත් බැහැ ඔයාට මුකුත් කරන් නයනී. ඔයා මුලු විශෟවයෙන්ම සුරක්ෂිතයි නයනී...
අර කාලකන්නි ලුතිනන්. ඌට මොකද්ද තිබුනු අමාරුව අපේ සම්බන්දේ ගැන.මට ගැහුවා මතකද ඔයා ගැනම හිත හිත හිටපු නිසා මගේ වැඩ පොඩ්ඩක් මග ඇරුනාම. වයරින් එක වැරදිලා ඇන්ටෙනාව පිච්චුනේ මගේ වරදින් උනත් ඌට හිතන්න තිබුනා මම කලින් කොච්චර කැප වෙලා වැඩ කලාද කියන එක. ඔයාව මගෙන් වෙන් කරලා මගේ මනස වැට්ටුවේ ඌයි නයනී. ඒකට ඌ දඩුවමක් විදින්න ඖනෙ නයනී. රෙපායර් එකට ඉංජිනේරු සහයකයො එලියට යවන්න ගිය වෙලේ ඌ පිටවීමේ දොර ලග හිටගෙන හිටියා.ඔව් මම අරුන් යනකම් ඉදලා දොර ඇරලා මූවත් තල්ලු කරා වායු අගුල අතුලට. දාල දොර ඇරියා. ඔයා දකින්න තිබුනේ ඌ දොර අරින්න කියලා දොරට ගහ ගහ කෑ ගහපු හැටි . ඒත් අනතුරු සංඥා ඔබන්න ඉස්සර ඈත අභ්‍යාවකාශයෙට ඌ ව ඇදිලා යන් න ගියේ පොඩි වෙලාවයි. ඔයා දන්නවනේ ඇතුලතින් ලේ රත් වෙලා නටන කොටයි පිටත හීතලෙන් ගල් ගැහෙනකොටයි හුස්ම නැතුවත් මැරෙන්න යන පොඩි වෙලාවට උනත් විදින්න වෙන දුක. මම ඒ දිහා බලන් හිටියේ සතුටකින් නෙමෙයි නයනී. ඒ ගැන මට දෙවියෝ සමාව දෙයි මම ඒ ඔක්කොම කලේ අපේ ආදරේ වෙනුවෙන් නයනී අන්න ඒ නිසයි.
අර පර දොස්තර ගෑනි මොකෙද්ද ඒකි. ඇයි ඒකි අපේ ෂිෆ්ට් මාරු කලේ. දවසක් ඔයාට මම කරදර කරනවයි කියලා මගේ ග්‍රේඩ් බස්සන්ත් හැදුවා මතකද ? ඒකි මොනවා දැනගෙනද ඒ. ඔයා වෙනුවෙන් මම නිකම් ඉදීද ? මම හොරෙන් තියා ගත්තු බ්‍රෝමයිඩ් ටිකක් ඒකිට ඉන්ජෙක්ට් කලා. අගේ වාරු නැති උනහම තමා බෙහෙත් ගබඩාවේ දොරට බෙල්ලට තියලා දෙර වැහුවේ. වෙන්න බැරි උනත් දොර තද වෙන කොට ඒකිගේ ඇගට හිටි හැටියෙම වාරු ආවානේ.. ඒත් පරක්කු වැඩී එතකොට. කවුරුත් හිතුවේ හදිසි අනතුරක් කියලා ඒත් බලන්න හිතන්නේ බලන්නේ නැතුව පිවිතුරු ආදරයකට විරුද්ධ වෙන කොට වෙන දේ. මට ැමදාම ඕනේ උනේ ඔයා ලගටම වෙලා මෙහෙමම ඉන්න නයනී. කවුරුවත් එක්ක රන්ඩු වෙන්න නෙමෙයි. මගේ හිත සමනලයෙක් වගේ අහිංසකයි.
ප්‍රොපෙසර් ගැන උනත් එහෙමයි නයනී උනේ මට තීරණයක් ගන්න උනා. මම ඔයාට කරදර කරනවයි කියලා ඔයා කම්ප්ලේන් කලා කියලා මාව ලගට ගෙන්වලා කැප්ටන් ලගට අරන් යන් න හැදුවා. මම බලෙන් මිනිහව නවත්වලා ඔයාලා අර අලුත් මූල ද්‍රව්‍ය ටෙස් කරන්න තිබ්බ අංශු ත්වරකේ ඇතුලට දාලා ඔන් කලා. මට වෙන කරන්න දෙයක් නොතිබුනු බව ඔයාට තේරෙන්න ඕනේ. මිනිහාගේ ඇග ටිකෙන් ටික අතුරු දහන් උනේ හරියට වාශ්ප වෙලා හුලගට ගහගෙන යනවා වගේ. මම වැරදි නැහැ නේද නයනී.... මේ ඔක්කොම ඔයා ලගට එන්න මම කලේ. අපේ බලාපොරාත්තු හරියාගෙන එන කොටම මේ අය ඇයි මෙච්චර කුරිරු විදිහට අපිට එරෙහි වෙන්න පටන් ගත්තේ. අනික බොරු කතා හද හද කාවද රවට්ටන්න හැදුවේ. මේ අසරණ මාව නේද නැතිනම් ඔයාව?.
ඔයා ශිත නින්දට යන් න එතකොට ලං වෙලා තිබුනේ. මට ඔයාව නොදැක කාලයක් ඉන්න වෙනවා කියලා හිතෙන කොට දරා ගන්න බැරි උනා. නමුත් ඒ ටික දවසටවත් මට ඔයාව බලන්න බැරි වෙන තැනට මුන් ඔක්කොම එකතු වෙලා වැඩ කරන් න පටන් ගත්තා. කැප්ටන් ඉස්සරහදී ඔයා මගේ කම්මුලට ගැහුවේ බොරුවට බව මම දන්නවා. අපිට සම්බන්ධකම් පවත්වන්න තහනම් නිසා නේද. ඉතින් කැප්ටන් ඉස්සරහා ඔයාගේ ග්‍රේඩ් බහිනවට මමත් කැමති නැහැ. මගෙයි වැරැද්ද එදා ඔයාව අනශවශ්‍ය විදිහට නතර කර ගන්න හදපු එක. ඒක අනිත් අය දැක්කා. ඉතින් අන්තිමේ කොහොම නමුත් ඔයා නින්දට ගියා මටත් නොකියාම. මම තනිඋනා. ඒත් මම හිතුවා ඔයා නැගිටින කම් මම හිත තද කර ගෙන ඉන්නම් කියලා. ඒත් අපි කොච්චර අහිංසක උනත් ලෝකය එහෙම ඉන් නදෙන්නේ නැහැ අපිට නයනී . ඒක තමා මේ ලේාකයේ හැටි.
ඊට පස්සේ උනු දේ ගැන මට කරන් නදෙයක් තිබුනේම නැහැ . නමුත් දැන් හිතෙනවා ඒක අපේ හොදටමයි කියලා. දෙවියෝ මට පාර පෙන්නුවා ඔයා ලගට එන්න. චීප් ඉංජිනේරුවා ප්‍රොපෙසර් ගෙයි දොස්තරගෙයි මරණ වලට මාව සැක කලා ඔයා ශිත නින්දට යන් න ටික දවසකට කලින් ඉදන්ම. මම කලින් හයි වෝල්ටේජ් දීලා ඩේටා සෙන්ටර් එකේ ඉදන් සෙකියුරිටිකැමරා ඩේටා මෙමරි විනාශ කලා. මොනවා උනත් විදුලිය එන්නේ මගේ හරහානේ. ඒත් මට බැකප් ඩේටා වගයක් වෙනම අහු උනේ පස්සේ . මම ඒක මකන්න හදනකොට ඌ දැක්කා මාව. මම රෙපයාර් වලට ගෙනල්ලා ලග තිබුනු ලේසර් මීටරෙන් ගහලා වයර් උගේ බෙල්ල වටේ ඔතලා හිර කලා. එහෙම කරන්න උනේ පාරක් ගහන්න තරම් ලොකු ආයුධයක් මම ලග නොතිබුනු නිසා. පස්සේ ඇදගෙන ගිහින් පරමාණු ඇංජිමේ කෝව ඇතුලට දාලා දොර වැහුවා.
ඒත් ඒ වෙන කොටත් පරක්කු වැඩී. අර අයිටී කාරයා එලාම් ගහල. බඩ තඩි චෙෆයි ඩෝසරයයි මාව අල්ලන්න එනවා. මම ඇන්ජිමේ කූලරේ බටයක් ගලවලා මම හැංගිලා චෙපාගේ මූනට ඇල්ලුවාවිතරයි ඒක ගල් වෙලා ගියා. පස්සේ ඌ මාව පාලනය කරන්න ගෙනත් තිබුනු දිග බටෙන් ඩෝසරයාට ඇන ගෙන ඇන ගෙන ගියා.
එතකොට පස්සෙන් ආපු කැප්ටන් මාව පෙරලාගෙන වැටුනා. ඌ සද්දන්තයා බව දන්නවානේ. ඌ මාව උස්සලා පොලවේ ගහපු පාර මගේ ඉල ඇට තුනක් වත් කැඩුනා වෙන්න ඕනෙ. මම අමාරුවෙන් නැගිටලා හයිටෙන්ෂන් කේබ්ල දෙකක් ගලවා ගත්තා. කැප්ටන් ලංවෙනකොටම ඔලුවටම ඇල්ලුවා. උගේ ඇස් එලියට පැනලා ඔලුව කුඩු වෙච්චි හැටි ඔයාට දකින්නයි තිබුනේ. රතුපාට ලේ වලින් මාව නෑ උනා. ඒත් ඔයා වෙනුවෙන් මම ඒවා රතුමල් වැස්සක්ම කියලා හිතා ගත්තා නයනී. මේ බලන්න මගේ හැටි. මේක අපිට සදාකාලික සිහිවටනයක් වේවී.
එලාම් වැදුනු නිසා තවත් පරක්කු වෙන්න බැරි උනා. අනිත් අය එන්න කලින් මම පාලක මැදිරියට පැනලා දොර ලොක් කලා. දෙවෙනි නියමුවට ගහලා බිම දැම්මා. කෘත්‍රීම ගුරුත්වය ඕෆ් කරලා. ක්ෂනිකව යානාව පහලට ත්වරණය කලා. ගොඩ දෙනෙක්ට ඒ ගැටුම දරා ගන්න බැරි උනා. පස්සේ ගබඩාවයි ශාලාවයි යානෙන් ගලවලා අත ඇරියා. මොකද ෂිප්ට් එක නිසා ඉතුරු උන් ඔක්කොම ගබඩාවේ බව මම දැනගෙන හිටියා. අනික අපි දැන් ඔය බඩු කාට කියලා විකුණන්නද ? අපේ බඩුත් නෙමෙයිනේ. අසරණයෝ ටික ගැන කනගාටුයි. නමුත් තව හිටියා නම් මට උන් එක්කත් හැප්පෙන්න වෙයි. නමුත් ඔයා බලන්න අපේ අවංක ආදරේ වෙනුවෙන් මම කරපු කැපවීම. ඒ වෙනුවෙන් අපේ මේ යානාවේ වගකීම වුනත් බාර ගන්න ලෑස්ති වෙලයි මම ඒ දේ ඔක්කොම කලේ.
අපිට දැන් කෑම ටිකක් හිග වෙන බව ඇත්ත. නමුත් අපි ට ආදරයෙන් හිගයක් නම් වෙන්නේ නැති බව සහතික වෙන් න පුලුවන්.
තව ඉතුරු උනේ එක්කෙනයි නයනී. අපේ ලොකුම හතුරා. ඔව් ඔයා මාව තරහා ගස්සන්න බොරුවට ආදරේ බව පෙන්නපු ඌ. ඔව් ඔව් ඌ තමයි. ඌ ඔයාව වැලද ගත්තු හැටි සිප ගත්තු හැටි මම බලා හිටියේ මොන තරම් වේදනාවකින්ද කියලා ඔයා නිකමටවත් හිතුවද ? ඔයා ඇත්තටමද බොරුවටද ඒක කලේ??..................................................බොරුවට නේද ???? ..... මට ඕනෙ නම් ඔයාවත් ..... අනේ නෑ. මම කලබල වෙලා ඉන්නේ... මගේ ඔලුව විකාර වලින් පිරිලා... මොනවා කියනවද කියලා මම වත් දන්නෑ.. මම ශිත නින්දට යන කොට ඔයාටයි ඌටයි එක ශිෂ්ට් එකක් වැටෙන බව දැනගත්ත එකම තමා මේ ඔක්කොටම ගොඩක්ම හේතු උනේ.. අහගෙන ඉන්න . ඔන් නඇහෙනවා. ෂ් ෂ් ෂ් ........ ඇහෙනවද සද්දේ ......... ඔව් මම උගේ ශිත නින්දේ පෙට්ටියේ වයර් ටික ගැලෙව්වා . ඌ ට ඇහැරිලා උනත් දැන් එලියට එන්නත් බෑ... ඔය සද්දේ ඌ කෑගහන සද්දෙයි පෙට්ටියට ගහන සද්දෙයි. ඇහෙනවා නේද? . ඕක දවස් දෙක තුනකින් නැවතිලා යයි අපිට ඒ ගැන එච්චර හිතන් න දෙයක් නෑ. කරපු දේ වල් තමයි පස්සෙන් එන්නේ ... සමහර විට අපිට ආහාර මදි උනොත්..... නෑ නෑ එහෙම හිතන්න හොද නෑ.
මොනවා උනත් අපි දැන් නිදහස්. අපේම ලෝකයක් හමුවෙන බව විශ්වාස නිසාම මම යානය වෙන පැත්තකට හැරෙව්වා. දැන් යන්නේ කොහෙද කියලා මම වත් දන්නේ නෑ. නමුත් අපේ අහිංසක ආදරේ පල ගන්වන්න කොහේ හරි ලස්සන ලෝකයක් බලන් ඉන්න බව මට හොදටම විස්වාසයි. නැවුම් සුවද හමන පස් වලින් පිරිච්ච අලුතෙන් ජීවයට අත වනන ඒ ලෝකය අපේ ආදරෙන්ම පන ලබයි. අපේ පැටවුන්ගෙන්ම පිරිලා ඉතිරිලා යාවි. ඒක අපි දෙන්නාගේම ලෝකය වේවී. මෙතුවක් කල් කොච්චර ප්‍රාර්ථනා කලත් කිසිම ආදරයකට ඉෂ්ට නොවුනු ඒ දේ අපි දෙදෙනා වෙනුවෙන් ඉටුවේවි..... ලස්සනම ලස්සන සුන්දර ලෝකයක් අපි දෙන්නාගේ නාමයෙන් විශ්වයට එකතු වේවි.
එතකම් නිදන්න රත්තරනේ.. ඔයාට තව කල් තියෙනවා... එතකම් මම කරන්න තියෙන වැඩ ටිකක් කරන්නම්. ඔයා වෙනුවෙන් මේ යානය ටිකක් ලස්සන කරන්න මම හිතුවා.. අස් කරන්න දේවලුත් ගොඩක් තියෙනවානේ.....ඒත් ඒත් තනියම ඉන්න මම බයයි. දැන් පැය ගානකට ඉස්සෙල්ලා පිටවීමේ දොර පැත්තේ එලියෙන් දොරට ගහන සද්දයක් ඇහුනා. හරියට කවුරහරි දොර කඩාගෙන ඇතුලට එන්න හදනවා වගේ.. නමුත් එලියේ හිස් අභ්‍යාවකාශය විතරයි වෙන මුකුත් නෑ.... මම සලකුනු විදිහට තෝරලා තිබුනු ගැලැක්සි දෙකම හිටි හැටියේම ආගිය අතක් නැති උනා. එතන දැන් අදුරු විශ්වය විතරයි. .... ඉස්ලේලා ඇන්ටෙනාවෙන් ආපු සිග්නල් එකක් ඇහුවහම හරියටම ගෑනු කෙනෙක් යටි ගරියෙන් කෑ ගහන විදිහමයි හිතුනේ. ඒත් ඒ ආපු පැත්තේ බිලියන ගණනකටවත් එපිටින් මොනවත් නැති බවයි පේන්නේ...... මට හරි බයක් දැනෙනවා නයනී.... ඒත් ඒත් වැඩි කාලයක් නැහැනේ ..ඔයා ඉන්න කොට මොන බයක්ද ...ඒවායින් කමක් නෑ ඔයා හොදින් නිදා ගන්න. මම ඔයා ලගටම ලො ඉන්නම් පුලුවන් විදිහට . ..ඔයා කවදාවත්ම ආයේ නැගිට්ටේ නැති උනත්.මට සදාකාලිකවම ඉන්න පුලුවන් ඔයාගේ ඔය හුස්ම වැටෙන සද්දේ විතරක් අහගෙන උනත් ......

නිදහස


ඔබ මරණීය දන්ඩනයට නියම වී අගනුවරට නුදුරු සිරගෙදරට යනවා නම් සතියකට එක් වරක් පැය බාගයකට ඔබව එලියට දමනා විට එහි කුඩා පිට්ටනිය කෙලවරේ ඇති ඇටඹ ගහ ලගට යන්න. උල් සවිකල යකඩ දැල් වලට ඉදිරියෙන්, රැදවුම් ශාලාවේ සිට ඇටඹ ගහ දෙසට සිට ගත් විට වම් පසට වන්නට ඔබට ඝනව තන කොල වලින් වැසුනු පස් ගොඩැල්ලක් හමුවනවා ඇත . අන්න එය අඩි හයක් පමණ පතුලට හාරා ඔබට ඇතුලත දකින්නට හැකිනම් ඔවුන් මා වලදමා ඇති ආකාරය ඔබට දිස්වනු ඇත. ඔව් මගේ ඉරී ගිය ශරීරය සහිත ඒ මගේ සොහොනයි.
සරසවි ආචාර්යය වරයකු වශයෙන් කටයුතු කලද මා අතින් සිදුවුනු වරද වෙනත් අයෙකු විසින්ද එවන් මොහොතක නොකර සිටිනු ඇතැයි මා නොසිතමි. කාලයක සිට පැවති හැංගි හොරාව අතටම අසුවන විට මට කර ගත හැකි කිසිවක් නොවීය. සමාජය හමුවේ ලැජ්ජාවට පත්වීමට පෙර සාක්ෂි අතුරු දන් කිරීම පිලිඹදව පමණක් එවෙලේ අවධානය යොමු විය. මාගේ පෙම්වතියත් ඇගේ සැමියාත් දෙදෙනාම මා අතින් මිය ගියේය.
මරණීය දන්ඩනයට යොමු වූ අප රදවා තැබුනේ සෙසු සිරකරුවන්ගෙන් වෙන්වූ වෙනමම කොටසකය . ඝන බිත්ති වලින් හා දැඩි රැකවලින් යුතු එහි සිටියේ මා ලෙසම කිසියම් ආකාරවූ ආශ්චර්යයමත් ආකාරයකින් ලැබිය හැකි අද්භූත සමාවක් පිලිඹදව බලාපොරාත්තුවක් මත පමණක් ජීවත් වූ අමුතුම පිරිසකි. අප සියලු දෙනා ශක්තියෙන් පිරිහී සිටියේ ඇවිදින මලමිනී ලෙසිනි. අමුතුවෙන් එල්ලා දැමීමට කියා ජීවයක් එහි නොතිබුනි.
මා එල්ලා මරණ දිනට දින තුනකට පෙර රාත්‍රියේ සෑම දාම මෙන් බියකරු සිහිනයකින් මා පිබිදුනි. නින්ද වනහී ශරීරයට අවශ්‍ය වුවද මට අවශ්‍ය වන්නක් නොවීය. අවධිවනු සෑම විටම මා ආත්ම අනුකම්පාවෙන් වෙලී රහසේ වැලපුනෙමි. නැවත කිසිදා නොඑන අතීතය පිලිබද සිතිවිලි වලින් පීඩාවක් වෙන කිසිවකින් වත් නොලැබුනි. නමුත් එදා කිසියම් දෙයක් සිදු වෙමින් පැවතුනි. අපගේ සිර ගෙවල දොර හැර අප තිහකින් පමන යුතු කණ්ඩායමක් මාංචු හා දම්වැල් වලින් බැද අතිශය අදුරු වුනු විශාල ට්‍රක් රථයකට පටවා රැගෙන යන්නට විය. මරණ දඩුවමට ලංවූවන් වෙනම ගාල් කෙරෙන බව මම අසා තිබුනෙමි. මේ එය බවට සැකයක් නොවුනද අපව බිමට බැස්වූ තැන මා බලාපොරාත්තුවූ ආකාරයේ තැනක් නොවිනි.
අප ඉදිරියේ අදුරු අහස් කුසත් අවට පරිසරයත් සමග කොහේදී හෝ එක් වන බවක් පෙනෙන දැවැන්ත පාෂානයමය තාප්පයකි. අපට පුරුදු ආරක්ෂකයින් වෙනුවට අති දැවැන්ත කලු හැද ගත් වෙස් මුහුණුු පැලදි ආරක්ෂකයින් අපව වට කර ඇත. ගොඩ නැගිල්ලේ අදුරට ඇතුල්වුනු අපට ඈත කොහේදො සිට විහිදෙන දිලිසෙන ආලෝකයක්ද මිනිසුන්ගේ මහා ගාලගෝට්ටයක්ද ඇසෙන්නට විය. මර බියෙන් තැති ගැනුනු අප එක එකා පසුපසට අද්දන්නට විය.
සමාවක් නොමැතිව දැවැන්ත පොලු පහරවල් අප මත පතිත වන්නට විය.මෙතරම් අකාරුණික ලෙස කිසි දිනෙක අපට සකලා ඇති බවක් මතකයට නොඒ. මදකින් දැවැන්ත ආලෝකයට මෙහා කිසියම් දොරක් විවර වුනු අතර වැසුනු අයෝමය දොරක් සහිත කනාමැදිරි එලියක් සහිත කාමරයේ ටයිකෝට් දැමූ පුද්ගලයින් කිහිප දෙනෙකි. උපැස් යුවලක් පැලදි මහලු පුද්ගලයකු අප අසලට ආවේය ඔහු දෙපස බර අවි දෙක් දරා ගත් ආරක්ෂකයින් දෙනෙකි.
ලයින් කී සැනින් පෝලිම් ගැසීඹ අපට හුරුය. පේලියකට හය බැගින් වූ පේලි පහකට අප වෙන් වුනෙමු.
මහත්වරුන්ට වැදගත් ප්‍රීතිදායක සහ අසුබදායක ආරංචි දෙකක් දෙන්නයි අපි මේ ලෑස්තිවෙන්නේ. ඔබතුමන්ලා දන්නවා තව දින කිහිපයින් ඔබගේ ජීවිත අවසන් වන බව. නමුත් අපි මේ හදන්නේ ඔබට ජීවත් වීඹට අවස්ථාවක් දෙන්න. ඔව් නිදහස් වෙලා යන්න.
අදහා ගත නොහැකි වුනු එම වදන් වලින් අප සිහිසුන් නොවුනා පමනි. නමුත් නමුත් කුමන ඇපයකටද ? එය නිකම් විය නොහැක. මොහොතකින් අප නැවතත් පියවි ලොවට පැමිනියෙමු.
ඒක තමා සුබදායක ආරංචිය. ඊලග විනාඩි පහ ඇතුලත ඔයගොල්ලෝ මේ කාමරයට ඇතුල් වෙනවා. ඔහු දැවැන්ත අයෝමය දොරටුව පෙන්වීය. කරන්න තියෙන්නේ සුලු දෙයයි. හෙමීට පයින් ඇව්ද්දත් මේ එහා පැත්තේ තියෙන දොරටුවෙන් මේක වැටිලා තියෙන වංකගිරිය හරහා පැය එකහමාරකියන් එලියට එන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නේ පැයකින් ඒ දොරෙන් එලියට එන එක විතරයි.
හැබැයි එලියට එන්න පුලුවන් වෙන්නේ එක්කෙනකුට විතරයි. ඕක තමයි නරක ආරංචිය. ඒ එන එක්කෙනා නිදහස්. මොහු කියන්නේ කුමක්ද යන්න පිලිබදව පොත් කියවා ඇති මාහට අමතු දෙයක් නොවිනි. වචනාර්ථයෙන්ම තිරිසන් ක්‍රියාවක් වුනු මෙයට අනුව ඔහුට අවශ්‍යව ඇත්තේ වංකගිරිය තුල අපි එකිනෙකා මරා ගනිමින් අනෙක් පසින් එලියට ඒමයි.
දැන් යන්න මහත්වරුනි. ඔබට ජය. අපේ පිරිසෙන් විරෝධයක් නැගෙත්ම හැඩි දැඩි වෙසැස්ලූ ආරක්ෂකයින් පහර දෙමින් අපව උමග තුලට ඇද දමන්නට විය. උමග රත්පැහැයෙන් ආලෝකමත්ව තිබුනු අතර එහි දෙපස කෙටි බිත්තියේ සිට වහලය ලෙස විනිවිද පෙනන වීදුරු සෙවිල්ලා තිබුනි එයට ආසන්නයේ සිටම කෑකෝ ගසමින් ඔල්වරසන් නගන දහස් ගණන් වුනු නරඹන්නන්ද, අපව පැහැදලිව පෙනෙන පරිදි ඇටවූ යෝධ රූපවාහිනී තිරද දිස්වන්නට විය.අප එක් එක්කෙනා පිලිබදව මුල සිට කිසියම් ප්‍රචාරාත්මක දැන්වීම්ද පලවී තිබුනු බවක්ද පෙනුනි.
ඔබගේ මාංචු සියල්ලටම ගැලපෙන එකම ආකාර යතුරුත් ඇවැසි ආයුධත් ඉදිරියෙන් හමුවේ. එලියට එන කෙනා වෙන කිසිවෙන් ඇතුලේ ඉතුරු කර නොපැමිනිය යුතුයි.එතකම්මේ දොර ඇරෙන්නැනේ නැහැ. මතක තබා ගන්න වීදුරු බිද දැමීම කල හැකි දෙයක් නොවේ. ඇත්තේ එකම පිටවීමක් පමණයි. දොර වැසී යත්ම මහලු පුද්ගලයාගේ කට හඩද නෑසී ගියේය. දැන් ඇසෙන්නේ නරඹන්නන්ගේ කන්බිහිරි කරවන ඔල්වර සන් නැගීම පමනි. ඔවුන් අපව තෝරමින් ඔට්ටු දැමීමටද පටන් ගෙන ඇත.
වැලි ගොඩැලි සහිත පස මත තිබුනු යතුරු මගින් අප වහ වහා මංචු හැර ගත්තෙමු. ඒ දෙපසම විවිධ වර්ගයේ කඩු තෝමර කිනිසි ආදිය එල්ලා තිබුනි.
අහපල්ලා අපිට මෙහෙම මරා ගන්න අවශ්‍ය නැහැ මේක නීති විරෝධී . අපගේ නඩයේ සිටි සිහින් ඇග ඇති නමුත් ගැඹුරු කට හඩක් තිබුනු පුවත්පත් කලාවේදියොකු වශයෙන් සිටි පුද්ගලයකු කෑගැසීය. අප සියලු දෙනා කුමක් කරන්නදැයි සිතමින් මුහුනින් මුහුණ බලා ගතිමු.
මෝඩ වැඩ කරන්න එපා. කලාවේදියා කෑ ගැසීය. ඒක ඇත්ත එයට සහොයෝගය දක්වමින් පෙර ධනවත් ව්‍යාපාරිකයකුව සිටි අයෙක් කෑ ගැසීය. මා ඉදිරියේ සිටියේ සිර ගෙදරදී මට ආසන්නම කුටියේ රදවා සිටි හැදි දැඩි පාතාල නායකයෙකි. ඔහු මා දෙස බැලීය. මමද ඔහු දෙස බැලුවේ කුමක් කරන්න දැයි සිතා ගත නොහැකිවය. කිසිවකුත් කිසිත් නොකී විනාඩියක් ගත විය.
එක් වරම පාතාල නායකයා බිත්තියේ වූ කඩුවක් වෙත පැන්නේය. ඔහුව වැලැක්වීමට මෙන් කිසිවකු ඔහුගේ ඇගේ එල්ලුනද ඊට වඩා ඉක්මන් වුනු පාතාලයාගේ කඩු තුඩ ඔහුගේ පිටුපසින් මතු විය. හදිස්සියේම සියලු දෙනාම උමතුවෙන් ආයුධ ඇද ගත් අතර එකිනෙකා හා සටන් කරමින් දුවන්ට විය. එකිනෙක ගැටෙන කඩු හඩද වේදනාත්මක කෑ ගැසීම්ද ඇසිනි. අමුතුම හැඩයේ මදක් බරැති කඩුවක් ඇද ගත් මා කිසිවකුට පහර දීමට නොබලාම දිවයන්නට වුනෙමි. කිසිවක් එල්ලකල පහරකින් ලෙයින් නැහැවුනු කවන්ධයක් මා ඉදිරිපිට වැටුනි. මට ඉදිරියෙන් දහ දෙනෙකු පමන වේයෙන් දිව යමින් වංගුවකින් හැරුනි. ඒ සැරින් අප ඉදිරියේ බිත්ති වල කවුලු හැරී කුඩා පිස්තෝල බිමට වැටෙන්නට විය. සැනින් මට පිටුපසින් පත්තු වුනු වෙඩි පහරක් ඉදිරි වංගුවෙන් හැරීමට ඔන්න මෙන්න සිටියකු බිම ඇද දැමීය. මේවායේ එක උන්ඩයයි. තවත් වෙඩි පහර කීපයක් හුවමාරු වන අතර කිසිවකු කෑ ගැසීය. උමග තුල පෙරට වඩා වැඩි පිරිසක් සිටින බවත් මට සිතුනේ මන්දැයි නොදනිමි. මගේ පිට සීතල වී තිබුනු අතර පිටුපසින් වදින උන්ඩයක් මග හැරීම බලාපොරාත්තුවෙන් මමද වේගයෙන් වංගුව තුලට වැදුනෙමි. එවිටම එතැන හැංගී සිටියකු මට එල්ල කල කඩු පහරකින් මගේ උරහිස ලගින් කැපී ගියේය. මරබියෙන්ද වේදනාවෙන්ද ක්‍රෝධයෙන්ද උමතු වූ මම ඔහු නැවත කඩුව ඇද ගැනීමට පෙර ඔහු මතට පැනීමට සමත් වුනෙමි. වේගවත් මුෂ්ටිපහර කීපයකින් බිම ඇද වැටුනු ඔහු ගේ හිස මගේ කඩුවෙන් කදින් වෙන්විය. පිටුපස කිසිවකු එල්ල කල වෙඩි පහරක් මගේ කන ලගින් ඇදී ගිය අතර පහර දීමට පසුපස නොබැලූ මා වෙන්යෙන් ඉදිරියට දිව ගියෙමි.


මගේ සිරුරකඩු හා කිනිසි පහර වලින් ධරුණු ලෙස තුවාල වී රුධිරය ගලයි. කොපමන වේලාවක් දිව ගියේදැයි උමතු වූ මනසට නොදැනුනද තුවාල වලින් වහනය වූ ලෙයින්ද මහන්සියෙන්ද මා අඩපන වී තිබුනි. කෙසේ නමුත් සටන් කිරීමට නොසිට මුල සිටම වේගයෙන් දිව යාම නිසා මා හට මාරාන්තික තුවාලයක් සිදු වී ඇති බවක් නොසිතමි. නමුත් එය සතුටට කාරණයක් නොවුනේ මට ඉදිරියෙන් මෙන්ම පිටුපසින්ද පිරිස ඇදී එන බව වැටහුනු බැවිනි. ප්‍රේක්ෂකයින් උමතුවෙන් මෙන් අපව දිරිමත් කරමින් සිටියෝය.
අප කිහිප දෙනෙකු හති දමමින් විඩාවෙන් වේදනාවෙන් දුර්වලව ගාටමින් සිටියෙමු. මා ඉදිරියෙන් කීප දෙනෙකු එක රොත්තට මෙන් වැනෙමින් දිව යයි ඔවුන් අතර කිසියම් එකගතාවක් ඇති වූවාක් මෙනි . ඔවුන්ගේ අයෙකු ක්ලාන්තව බිම ඇද වැටුනු අතර මා ඔහු පසු කරත්ම පිටු පසින් ඔහුගේයැයි සිතිය හැකි විලාපයක් ඇසුනි. මේ පරිසරයේ ඇති භයංකාරත්වය වටහා ගැනීමට පිටස්තර කිසිවකුට කිසිදා දැන ගැනීමට හැකියැයි මම නොසිතමි.
අවසානයේ දුර තියා අප ඉදිරියෙන් නිදහස යැයි සදහන් දැවැන්ත පුවරුවක්ද එයට යටින් විශාල දොරටුවක්ද පෙනෙන්නට විය. ඒ සැනින් පිරිස අතර කිසියම් අමුතු ජවයක්ද යටිගිරියෙක් කෙරන උමතු කෑගැසීම්ද ඇතිවිය.
එක් වරම මට ඉදිරියෙන් මා ආසන්නයෙන්ම සිටි දෙදෙනා ආපසු හැරුනි. නමුත් ඔවුන්ට වඩා මා කපටි වී අවසානය. සාක්කු දෙකින් ඇද ගත් තනි උන්ඩයේ පිස්තෝල දෙකකින් ඔවුන් දෙදෙනා මා මතට පැනීමට ගත් උත්සාහය ව්‍යවර්ත විය. හති දමමින් පිටු පස බැලූ මා දුටුවේ පොරකා ගන්නා හතර දෙනෙකි. එයට පිටුපසින් තවත් කිසිවෙක් ඇවිදිමින් සිටියේය. පොරකෑමෙන් දෙදෙනෙකු බිම ඇද වැටුු තැන මම කඩුව අමෝරාගෙන ඔවුන් වෙත පැන්නෙමි. ඉදිරි පස පිරිස දොරටුව ලග මරා ගනිමින් සිටියෝය. එකකු තම කඩුව එල්ල කර ගෙනම තවකෙකු මත ඇද වැටුනේ ඔහුගේ කඩුව අනෙකාගේ පපුව හරහා යවමිනි.
පිටපස කී දෙනෙක් ඉතුරුදැයි නොදන්නා නමුදු ඒ පිරිසේ සිටි අවසාන ශක්තිවන්තයා මා අතින් පරලව ගියේය. තවත් දෙනෛකු බිම වැටී ලෙයින් නැහැවී කෙදිරි ගාමීන් සිටි අතර ඔවුන් වෙනුවෙන් කිසිවක් කල යුතු බවක් නොපෙනුනි. කෙසේ හෝ අවසානයේ මා වෙනුවෙන් ඒ දොරටුව විවර විය.
රුධිරයෙන් වැකී උමතුවෙන් හති දමමින් සිටි මා පිලිගැනීමට ගැහැනු පිරිමි සෑහෙන පිරිසක් වටවී සිටියහ. ඔවුන්ගේ සුභපැතුම් සමග නොයෙකුත් වර්ගයේ ගිණිකෙලි රැසක් දෙපසින් එලිය විය. එලිය අතරින් හදිස්සියේම මේ පිරිස පිලිබදව කිසියම් හදුනන බවක් මගේ උමතු සිතට දැනුනි. මට හොදින් හුරු පුරුදු රටේ ජනප්‍රිය පුද්ගලයන් රැසක්ද ඔවුන් අතර දැක ගත හැකි විය. කිසිදා මෙවන් ස්ථානයක දැක ගත හැකියැයි නොසිතන ඔවුන් මා වෙනුවෙන් ජයපැන් පානය කරමින් සිටියෝය. උත්සවාකාරී ලෙස මා ජයග්‍රාහකයා ලෙස නම් කර මා හට සුබ පතා බීමට වතුර මෙන්ම තුවාල වලට ප්‍රතිකාර කර ලේ නැවැත්වීමට කීප දෙනෙකුද ලබා දෙන ලදී. ප්‍රථමාධාර අවසාන වන විට මා සිටියේ පියවි සිහිය ලබමිනි . මානසික ද ශාරීරිකවදැයි කිව නොහැකි දැඩි වේදනාවකින් මා වෙව්ලයි. සිතින්ද ශරීරයෙන්ද මා වැලපෙයි. මේ කාලය අතර තුර තවත් මොනවදෝ වැඩසටහන් කීපයක් ඇදී ගියේය. කෙසේ හෝ අවසානයේ මා පෙර අපට කතා කල මහලු පුද්ගලයා සමග කාමරයක වාඩිවී සිටිමි.
ඇයි මේ ???? මම ක්‍රෝධයෙන්ද වේදනාවෙන්ද දැල්වුනු දෙනෙතින් ඔහුගෙන් විමසීමි.
ආචාර්යතුමනි . ඔබට වැටහෙන නිසා කියන්නම් මේ වැරැද්දක් ලෙස ඔබට පෙනේවී නමුත් මේ අපේ රටේ නීතිය හා සාමය සදහාමයි.
නීතිය හා සාමය සදහා ??? මා ඇසුවේ විමතිය මැඩගත් කෝපයෙනි .
ආචාර්යය තුමනි ඔබතුමා මේ ගැන හොදට දන්නවා. මේ සමාජේ හැම දාම කොටසක් ඉන්නවා සමාජය එක්ක වෛරයෙන් ජීවත් වන. එක්කො තමුන්ට පෙර සිදුවුනු අසාධාරණ කම් නිසා, තමුන් විදි දුක් නිසා, තමුන්ගේ හිතවතුන්ට සිදුවුනු අසාධාරණ කම් නිසා ,ජීවිතයේ අසාර්ථකත්වය නිසා, අතෘප්තිකර ලිංගික ආශා නිසා වෙන්න පුලුවන් මේ අය වැඩෙනකොට වැඩෙන කොට මේ හිත යට තියෙන වෛරයත් උඩට එනවා. ඊලගට ඔවුන් සමාජයේ යම් තැනකට ආවත් ඔවුන්ට මේ දෙයින් ගැලවීමක් නැහැ. ඔවුන් විදිධ ගැටලු සමාජය තුල ඇති කරනවා. ඊට පස්සේ මේක වෙන වෙන ආකාර වලින් එලියට අරන් ඔවුන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සමහරුන්ට දුප්පත් මිනිසුන් වෙනුවෙන් තමුන් යමක් කල යුතු ලෙස සමාජවාදයට ඇති ආසාවක් ලෙස මෙය එන්න පුලුවන්. නමුත් යටිඅරමුණ කාට හෝ විරුද්ධව සටන් කිරීම. විශ්ව විද්‍යාල ශීෂ්‍යයකුට අනෙක් ශිෂ්‍යයන්ට හෝ අනාගත ශිෂ්‍යන්ට සිදුවන අසාධරනකම් සදහා සටන් වැදීමට අවශ්‍ය ලෙස මෙය උඩට එන්න පුලුවන්, ඒ වෙනුවෙන් ලෙස පවසමින් ඔහු අනෙක් අයට හිංසා පීඩා කරන්න පුලුවන්. සමහරුන්ට රටේ සංස්කෘතිය වරදක් ලෙසත් නැතිනම් ආගම වරදක් ලෙසත් එය විනාෂ කල යුතු දෙයක් ලෙසත් මේ නිසා පෙනෙන්න පුලුවන්.ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් ක්‍රියාමාර්ග සදහා පෙලඹිය හැකියි. රාජ්‍ය විරෝධයක් ලෙසත් මෙය එන්න පුලුවන්. රට කුමන ලෙස දියුණු වුවත් මේ ක්‍රියාවන්ට පෙලඹීම ඔවුන් නතර කරන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ මේ සියල්ලටම මූලය වන නිදන්ගත වෛරයට පිලියමක් කරන්න පුලුවන් නම් මේ සියල්ලම මගහරින්න අපට පුලුවන් බව අප සොයාගත්තා.ඔවුන්ට අවශ්‍ය ඔවුන්ට වඩා දුක් විදන පිරිසක් බැලීම පමණයි . සතුටින් සිටින අය නිතරතුරු දැකීම ඔවුන්ට හිතකර වන්නේ නැහැ.
මේ නිසා අපි මෙවැනි ක්‍රියාවලියක් දැන් ගෙනියනවා. ප්‍රතිපල ඉතාම හොදයි. විශේෂයෙන් සමාජයේ වැදගත් තල වල සිටි අය මෙවැනි තත්වයක සිටිනවා බැලීමට ඔවුන් ඉතා කැමතී. ගොඩක් දේශපාලන පක්ෂ නියොජනය කරපු සහ ඒවා සදහා මුදල් ලබා දුන් ගොඩක් අය දැන් එයින් අයින් වෙලා. නිතර කැරලි ගැසූ වර්ජන වලට සහය දුන් ගොඩ දෙනෙක් දැන් අයින් වෙලා. ඔව් ඔවුන් සියලු දෙනාම මෙම ක්‍රීඩාවේ හොද රසිකයන්. හැමෝම මෙහෙම නෙමෙයි. නමුත් වැඩි දෙනෙකුගේ වෛරය තව කෙනෙකුගේ විද වීම නොදැකීමමයි. සමහරුන්ට සියතින්ම තවකෙකෙුට වධදීම. ඔබ නොදැනුවත්ව උවත් උමග තුල ක්‍රීඩාවෙදී මොවුන්ගෙන් සමහර දෙනෙකුත් එයට එකතු උනා.
කියන්න ආචාර්යතුමනි ඔබ අද වූ දෙය නිසා පසු තැවෙනවාද ඔබ සියලු දෙනා සිටියේ මරණයට නියමව. එය අද නැතිනම් තවත් දින කීපයකින් අනිවාර්යයෙන් සිදුවීමට තිබුනු දෙයක්. ඉතින් මේ නිෂ්චිත මරණයෙන් ඔබ මහන්සියෙන් නිදහස ලබා ගත්තා. එය නරකද ?
පසුතැවෙනවා කාලන්නියා. මා කෑගැසුවෙමි. මාව එල්ලලා මැරුවානම් සමහර විට මට සැනසීමක් ලැබෙන්න තිබුනා.....
ඔබගේ උත්තරය නිවැරදි නැහැ ආචාර්යතුමනි. සමජයට වෛර නොකරන ඔබ මේ සමාජයේ සමාවට සුදුසු නැහැ. කනගාටුයි. තීරණය ඔබේ අතේ ආචාර්යතුමනි.
ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද පිටිය මධ්‍යයේ දම්වැල් වලින් බැද සිටියදී මාකල මෝඩ කම වැටහුනි. මේ දහජරා සමාජය අනුව මරණ දඩුවම ලැබීමට මා කර ඇත්තේ කොතරම් සුලු වරදක්ද? එම වරද තවත් සමජයකගේ පැවැත්මට උපකාරී වී ඇත. හදිස්සියේම මා අද කල මරණයන්ට නව අර්ථයක් එක්වී තිබුනි. එල්ල කල සෑම කඩු පහරක්ම, කැපී ගිය සෑම නහරයක්ම , ඇද වැටුන සෑම රුධිර බිදුවක්ම මට නව අර්ථයක් ගෙන අවුත් තිබුනි. මට ඔවුන්ව නැසීමෙන් මේ කාලකන්නි සමාජය විනාෂ කිරීමට හැකිව තිබුනි.මට නිදහස ලබා මේ සදහා සටන් කිරීමට තිබුනි. මට මේ ක්‍රමය ඇති කල කාලකන්නි බල්ලන් එක එකා මරා දැමීමට හැකියාව තිබුනි. ඔවුන්ට මරණයෙන් පාඩමක් ඉගැන්වීමට තිබුනි. අහෝ කෙතරම් අගනා අවස්ථාවක්ද? නමුත් දැන් පමා වූවා වැඩිය. එය දැන් සිහිනයක් පමනි. පිටිය මධ්‍යයේ වේදනාත්මක මරණයක් මා ආසන්නයට දැන් පැමිණ ඇත....
“I’d like to confess, papa, at that moment I discovered that I really like killing”
-Che Guevara

මහාචාර්යයගේ හිස


පාතාල රජු ලෙස වැජබුනු කාලේාස් හා ඔහුගේ ප්‍රධාන සහයක ඩානා විසින් වයසක මහාචාර්යය කැල්කියුලස්ව පැහැර ගන්නා ලදී. කාලේාස් ගේ වචන වලට අනුව ඒ ඔහුට ඇවැසිව තිබුනු එකම අඩුව උනු බුද්ධිමය දියුනුව ලබා ගැනීම සදහා විය. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම පාතාලයේ ප්‍රධාන වෛද්‍ය මහාචාර්යය ධූරය දැරූ දොස්තර හිතහොද විසින් කාලෝස්ගේ හිස ශුශුම්නාව සමග කදින් වෙන් කර ඔහුගේ නවතම යන්ත්‍රයට සවි කරන ලදී. ශුහුම්නාව යම් දියරය්ක තුලින් විනිවිද පෙනෙන සිලින්ඩරයක් තුලින් පිටතට පෙනනු අතර හිසට අවැසි සියලු පෝෂනය දෙමින් එය ජීවත් කරවීමට තවත් සිලින්ඩර හා වයර් ගනනාවක් හිසට සම්බන්ධ විය . කෙසේ වුවත් හිස ජීවත් කරවීමට එම යන්ත්‍රය සමත් විය. අවාසනාවන්තයින් රැසක් ගේ දුක් වේදනා මතින් වුව යන්ත්‍රය දැන් සියයට සියයක් සාර්තක ලෙස ක්‍රියා කරයි.
සිහිය පැමිනි මහාචාර්යය වරයා තමුන්ට වී ඇති දෙයින් කම්පනයට පත් විය. බීම ලබා දෙන යන්ක්‍රයක් හා අඩු පුප්පා ගත් බූවල්ලකු මේන වයර් වලින් ඇමිනී තිබුනු යන්තරයකට තම හිස පමන් ගෙලින් සවිව තිබුනි. මුහුනේ මස්පිඩු හැසිරවීම පමනක් ඔහුට සිදු කල හැකිවිය. කාලෝස්ගේ සතුටු සිනා මැද හිතහොද ගේ පුහු ආඩම්බරයද ඉදිරියේ මහාචාර්යයවරයා වේදනාවෙන් ලතෝනි දුන්නේය එහෙත්. ඊට වඩා යමක් කිරීමට ඔහුට හැකියාවක් නොතිබුනි. ඔහුටම වෙන්වූ නරකාදියක් ආරම්භ වී තිබුනි. මිනිස් හිස සහිත මේ අපූරු යන්ත්‍රය කාලෝස් සිය විනොදකාමී විසිත්ත කාමරයේ කොනක තැබීය. එතැන් පටන් ඔහු ඒ හිස ඉදිරියේ නොකලේ කුමක්ද ? ඔවුන් සාද දැමූහ, කාබී වෙරි වූහ, පුරසාරම් දෙඩ වූහ. ගැහැනු දෙන්නා තුන්දෙනා තබාගෙන සියලු ලිංගික ක්‍රියාවල නිරත විය. බලහත් කාරයෙන් රැගෙන ආ ගෑනුන් දූශනය කලහ . මිනිසුන් ගැහැනුන් අල්ලාගෙන වධ දුන්නේය. මහාචාර්යය වරයා හැකි වෙර යොදා කෑ ගැසීය, සිාප කලේය, තර්ජනය කලේය, හැඩීය, වැලපීය, ඉකි ගසමින් වැලපීය, තම හිස ගලවා දමා ජීවිතය තොර කරන ලෙසට බැගෑපත් විය. නමුත් සුනකයකුගේ හැඩීමක් තරමටවත් ඒවා කාටවත් වගක් නොවිනි. නමුත් පිරිස් ඉදිරියේ තම බුද්ධිමත් භාවය පෙන්වීමට මහාචාර්යයවරයාගෙන් ප්‍රශ්න ඇසීමට පමනක් කාලෝස් ඉදිරිපත් විය. මහාචාර්යය සරදමින් සිනා සෙන විට කම්මුල් පාරක් දීමටද කීප වතාවක් හිසට මුත්‍රා කිරීමටද ඉදිරිපත් විය.
කෙසේ වුවත් අවසානයේ තමුන්ගේ තුච්ච කාලකන්නි යතාර්තයට පිලිගැනීමට හා එයට හුරුවීමට මහාචාර්යයට සිදුවිය. ඒ අතර ප්‍රසිද්ධ නිලියක් හා ගණිකාවක් වුනු හසිනි හා තවත් විහිලු කාරයින් හා කථිකයන් කීප දෙනෙකුද අල්ලාගෙනවිත් යන්ත්‍ර වලට සවිකරීමට කාලෝස් හා ඔහුගේ දොස්තර කටයුතු කලේය. හැඩුම් හා බැන වැදීම්වලි න් විසිත්ත කාමරය පිරී ගියේය. වැඩිපුර කෑ ගැසූවන්ගේ කටවල් මසා දමන ලදී. මේ ගෝෂාකාරී පරිසරයෙන් මිදී අස්වැසිල්ලක් ලබා ගැනීම ඉන්පසු මහාචාර්යයගේ ජීවිතයේ එකම බලාපොරාත්තුව විය. කෙමෙන් කාලෝස් සුහද වී එකග තාවයකට පැමිනි ඔහු රාත්‍රිය හා කාලෝස් නොමැති දින වල ජනේලයක් තිබුනු කාමරයක තනියම ගත කිරීමටද එකම චැනලය වුවත් උවමනා විට රූපවාහිනිය නරඹීමටද ඔහු අවසර ලබාගත්තේය. සේවයකු ඔහුව තල්ලු කරගෙන කාමරයට රැගෙන ගියේය. විසිත්ත කාමරය ඔහුගේ රාජකාරී ස්ථානයයි.
කාලයක් ගතවිය . කාලෝස් විදෙස් සංචාරයක නිරත වුනු අතර සහචරයන් රැල ඒ දින වල සීසී කඩ විසිරිනි.
හොංකොන් සිට ලංකාව බලා පියාසරන ගුවන් යානයකි. සහයක ඩානා ජනේලය අසල අසුනක සුව නින්දක වැටී සිට ඇස් ඇර වටපිට බැලීය. ඔහු ලග හිස්ව තිබුන අසුනේ කිසිවකු හිද ගෙනය. විමසිල්ලෙන් ඔහු දෙස බැලූ සේනාට දේලොව සිහිවිය. මහාචර්යයගේ තියුනු ඇස් ඔහු වෙත යොමුවී ඇත. පෙනෙන ලෙස සියලු අගපසගින් පමනක් නොව කොහෙන් ලබා ගත්තා දැයි කිව නොහැකි වටිනා යුරෝපීය ඇදුම් කට්ටලයකින්ද සැරසී සිටියේය.
උඹ ?? ඒ කොහොමද ? තිගැස්සුනු ඩානා ප්‍රස්න කලේය.
බයවෙන්න දෙයක් නෑ. මාත් ඉස්සර මෙහෙම වෙන්න පුලුවන් කියලා හිතුවේ නෑ. ඒත් ඉතින් දන්න කියන අය කරපු උදව් නිසා නොහිතපුදේත් ඇත්ත වෙනවා. සේනාගේ අත මහාචාර්යයගේ අතට සිරවී දඩු අඩුවකින් මෙන් තදවිය.
ඔහු විස්වාස නොකල ඩානා බියට පත්ව උදව් ඉල්ලා කෑගැසීමට උත්සාහ කලේය.
කෑ ගහන්න දෙයක් නෑ ඩානා මේ ඉන්නේ මමම තමා. උඹ මට ලොකු උදව්වක් කලානේ. මාත් උදව්වක් කරන්නයි මේ ආවේ.
උට මොනවද ඕනේ ??
උඹලා මාව නිකම් තුට්ටු දෙකේ මැෂිමකට හයිකරාම මම එහෙම කරන්නේ නෑ. යමු මම උඹව ප්ලේන් එකකටම හයි කරන්නම්. ඩානා ගේ විරෝධය මැද මහාචාර්යයගේ අනෙක් අතින් ඩානාගේ ගෙල සිරවිය. ඩානා උගුර යටින් බෙරිහන් දුන්නේය. ඒ සැනින් මහාචාර්යය ඩානාවද ඇදගෙන ගුවන් යානයේ ජනේලය වෙත් පැන්නේය . බදෙන් පලුවක් ගලවාගෙනම ඔවුන් ගුවන් යානයෙන් එලියට විසිවිය. තටුවේ ප්‍රදාන ඇංජිම වෙත ඇදී ගිය දෙදෙනා එහි වැදී අතුරු දහන් විය. ඇංජිමේ පිටුපසින් කීතු කීතු වී ගිය මස් හා ලේ එලියට විදින්නට විය.
සැදෑකාලයේ පයිපයක් දල්වා ගත් දොස්තර හිතහොද වෙත අමුත්තකු පැමින ඇති බව සේවිකාව දන්වා සිටියාය. විශාල ගනුදෙනුවක් නිසා කෙසේ හෝ හමුවිය යුතු බව පවසන බවත් සේවිකාව පවසා සිටියාය.
ගේට්ටුවෙන් ඇතුලට එව්වේ මොන බූරුවාදැයි සිතමින් විසිත්ත කාමරයට පැමිනි දොස්තර දුටුවේ මුහුන වැසෙන සේ තොප්පියක් පැල ගත් අමුත්තෙකි.
උඹ කවුද ? දොස්තර කෑ ගැසීය. නමුත් සිතා ගත නොහැකි වේගයෙන් දිගුවුනු අමුත්තාගේ අතින් දෝස්තරගේ ගෙල සිරවිය සැනෙකින් ඔවුන් දෙදෙනො දොස්තරගේ පෞද්ගලික සැත්කම් කාමරයේ විය.
උඹ කවුද යකෝ ක්ෂනයකින් සිදුවුනු දෙයින් සිහි එලවාගත නොහැකි වුනු දොස්තර නැවත කෑ ගැසීය. අමුත්තා එවිට මුහුන වසා සිටි තොප්පිය ඉවත් කලේය. ප්‍රොපා උඹ ? . කොහොමද ?
කොහොමද කියලා දැන් අහන්නේ කලින් අහන්න තිබුනා නේද ඩොක්ට .
උඹට මෙහෙම එන්න බෑ. මේක වෙන්න බෑ. විමතිය දරා ගතු නොහැකි වුනු දොස්තර කෑ ගැසීය. උඹ ප්‍රොපා ගේ නිවුන් සහෝදරයද ?
නෑ නෑ. ඒ උනාට වෙන්න බැරි දයක් තමා ඩොක්ට මේ වෙලා තියෙන්නේ . ඒ වගේම උඹට ඊලගට වෙන දේත් වෙන්න බැරි දෙයක් තමයි.
සැත්කම් මේසයට ඇද දැමුනු දොස්තර හෙල්ලීමට බැරි ලෙස ගැට ගැසුනි. දොස්තරගේ උමතු ගර්ජනා මර විලාපයක් බවට පත්විය. ගලා ගිය ලෙයින් සිහි සුන් වූ ඔහුට සිහිය එන විට ඔහුගේම යන්ත්‍රයටකට ඔහුගේ හිස සවිවී තිබුනි.
වේදනාවෙන්ද භීතියෙන්ද දොස්තර කෑ ගසා හඩන්නට විය.
හෝව් දොස්තර හෝව්. උබට මට වගේ වැඩි දුක් විදින්න දෙන්නෑ මම. යට මැසිමේ ඇසිඩ් බාජනේකුත් තියෙනවා තව ටිකකින් උඹේ නහර පුරා මොලේට ඇසිඩ් දුවන කොට ඔය වේදනාව අඩුවෙලා යයි. මොලේට ඇසිඩ් ගියාට නම් රිදෙන එකක් නෑ. හැබැයි එලියට එන කොට රිදෙයි.
දොස්තරගේ ඇස් කන් නාස් වලින් ඇසිඩ් ගලන සැටි බැලීමට මහාචාර්යය එතන නොවීය.
සැපදායක විදෙස් ගමනින් පසු කාලෝස් සිය සුපිරි නිවසට පැමිනියේය. විසිත්ත කාමරයට පැමිනි ඔහු දුටුවේ එකක් හැර අනෙකුත් තමුන් ගේ හිස් එකතුව කාමරයෙන් අතුරුදන්ව ඇති බවයි.
අදික කෝපයට පත් කාලෝස් යටිගිරියෙන් සිය ස්වකයාට කෑ ගැසුවේය. මෙහ වර බැල්ලිගේ පුතා.
ඔලු ටික අයින් කලේ මමයි කාලෝස් .
හැරී බැලූ කාලෝස් දුටුවේ ඉතිරිව ඇති එකම හිස මහාචාර්යගේ බවයි.
උඹ විහිලු කරන්නත් ඉගෙන ගත්තද මම නැති ටිකේ.
ඔවු හොද විිහලු ටිකක් ඉගෙන ගත්තා විතරක් නෙමෙය විසේසයෙන් උඹ වගේ බල්ලෙකුව ආම්බාන් කරන හැටිත් ඉගෙන ගත්තා.
මොකද්ද චාරියෝ උඹ කියන්නේ . උඹට මොලේ කර උනාද? දොස්තරය බැලුවේවේ නැද්ද උඹව.
දොස්තරයා මාව බලන්නේ කොහොමද මම ඌව බලාගත්තු කොට . පිටිපස්ස බලපන්
හැරී බැලූ කාලෝස් දුටුවේ මහාචාරයය තමුන් පිටුපස සිටනෙ සිටිනා අයුරුයි .
ඒ උ මොනවද කලේ දෝස්තරයයි උඹයි මාව රැවැට්ටුවද දැයි අසන විටම තියුනු සැත් පහරකින් කාලෝස් බිම ඇද වැටුනි. ගලා යන ලේත් සමග ඔහු නැගී සිටීමට හැදුවද එය අසාර්තක විය.
උඹ ප්‍රස්න අහලා මම පව් ගෙවපු කාලේ ගියා. කාලෝස් දැන් උඹ පවු ගෙවන කාලේ.
මේක වෙන්න බෑ. කෝ දොස්තරයා. කාලෝස් බෙරිහන් දෙන්නට විය .
ඌ මරපු බව උඹට නොදැනෙන්න මම වග බලා ගත්තා. උඹ මොන තූත්තු කුඩියෙද හිටියේ කියලා දන්නවා නම් මෙච්චර පරක්කු වෙන්නේ නෑ. කොහොම උනත් මට හරිම අමාරුයි උඹව පේන කොට හිත පාලනය කර ගන්න. උඹත් එක් කතරහා අරන් මට මේ වැඩේ කරන්න බෑ.
උඹ කියන්නේ උඹ හොල්මනක් වෙලාද ?
හොල්මනක්? . ජීවතේම විදයාවට කැප කරපු මට අන්තිමට පිහිටට ආවේ මගේම හිත විතරයි. අතිවිදපු ලෝකයම මෙච්චර කල් වින්දේ හිතෙන්ම බව මට තේරිලා තිබුනේ නෑ. කොහේදෝ පෙතක පොඩි කාලේ කියවපු විස්තරයක් මම අත්හදා බැලුවා. ඒකේ ප්‍රතිපල තමා මේ. මම හතාගෙන හිතපු ලෝකය අනිත් පැත්ත හරවන්න පුලුවන් සොයා ගැනීමක් උනත් . ඒකට උදව් කලේ උඹ උනත් උඹ වගේ කෙනෙක් නැති කරන එකෙන් ලේාකට වෙන සේවය ඊට වඩා වැඩි බවයි මට හිතෙන්නේ. හැබැයි උඹ තනිවෙන්න මට දීපු කාලය තමයි මේකට උදව් උනේ ඒකටත් ස්තූති කරන්න ඖනේ.
ඒයි චාරියා මේක අපි විසදා ගම්මු උඹ ඔහොමම ඉදපන් උඹට ඕනේ මොනවද මම ඒ ඔක්කොම දෙන්නම්. මේ ඔක්කොම ගනින්. මම ඔලුව හැරුනු අතේ යන්නම් . අපි මේක මෙතනින් ඉවර කරමු.
පරක්කු වැඩියි කාලෝස් පනපිටින් උඹෞ අතපිය ටික කපලා හයි කරන්න වෙනම මැසිමක් මම දොස්තරයගේ ගෙදරින් ගෙනාවා.
ඉතුරු කද ගැන බලා ගන්න උඹේ හිරකාර හමුදාව බොහෝම ආසාවෙන් ඉන්නවා කරපු පව් සිහිකර ගනින් අල්මේදා . මගේ ගමන වගේම උඹේ ගමනත් ඉවරයි.
ඒයි චාරියා මේක නතර කරපාන් . ඇහුනද අපි මේක බොරා ගනිමු. මාව නැති උනොත් අපේ උන් කරන දේ.....
ඇයි උඹව නැති උනොත් උඹලාගේ උන් මට මොනවා කරන්නද ?
මරණීය ලතෝනි කෑ ගැසීම් හුස්ම ඇදීම් විලාප මතුවිය . කෙදිරියක් වුනු විලාපය අවසානයේ සිදුවිය යුතු පරිදිම නෑසි ගියේය.
මහාචාර්යය තමුන්ට වෙන් කල කාමරයේ තම හිස ඉදිරියේ එය දෙස බලාගෙනම නිසලව සිටියේය. ඔහුගේ සිත විසිරී යමින් තිබුනි. ඔහු දෙනෙතින් කදලු ගලා නොගියද හිසේ දෙනෙතින් කදුලු ගන්නට පටන් ගෙන තිබුනි. තවත් පමා විය නොහැක විය. ඔහුගේ දෑතින් අනෙක් හිස් ගැලවී ගිය ලෙසම තමුන්ගේ හිසද යන්ත්‍රයෙන් ඉදිරී ආවේය. නිසල පොලව මත හිස පතිත වන විට කාමරය හිස්ව තිබුනි.
-

Thursday, October 27, 2016

රන් සමනලයා


කුරුල්ලන්ගේ කෑ කෝ සද්දෙට පුංචි කුරුමිනියාට ඇහැරුනා. උදේ හිරු රැස්වැටිලා පලාතම රන්වන්පාටින් බැබලනවා. ගස්වල කොල අග එල්ලෙන පිනිබිංදුවලට ඉර එලිය වැටිලා මුතුකැට වගේ බබලනවා. තැන තැන ලස්සන ලස්සන මල්පිපිලා මල්සුවද හැම තැනම පැතිරිලා. ඇත්තටම කුරුල්ලෝ කෑ ගහන්නේනෑ. මේ ලස්සනෙන් වසීවෙලා වගේ. උන් සින්දු කියනවා. කොච්චර ලස්සන උදෑසනක්ද? තව ටිකක්නිදා ගන්න හිතුනත්මේ වගේ ලස්සන උදෑසනක කම්මැලිවෙන එක හොද නෑ කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
සුබ උදෑසනක් යාලුවේ ......අය්යෝ යාලුවේ ඔයා තාම නිදිද? පුංචි කුරුමිණියාගේ යාලූ තනකොල පෙත්තප්පු සන්තොසෙන් පුංචි කුරුමිණියා වටේ පියාඹන ගමන් ලංවෙලා ඇහුවා.මම දැනුයි නැගිට්ටේ ඔයා කොහේද යන්නේ පුංචි කුරුමිණියා ඇහුවා.අද හරිම ලස්සන දවසක් යාලුවේ මම යනවා වට පිට බලන්න හැම තැනම හරිම ලස්සනයි ඔයත් එනවද මගෙත් එක්ක යන්න? පුංචි කුරුමිණියාට යන්න ආස වුනත් තනකොල පෙත්තප්පු හයියෙන් පියාඹන නිසා තනියෙන් යන්න ඕනෑ කියලා හිතුනා. තනකොල පෙත්තප්පු එක්ක වේගෙන් පියාඹන්න පුංචි කුරුමිණියාට බෑ . එයා තාම පොඩීනේ. ඔයා යන්න යාලූවේ මම පස්සේ එන්නම් පුංචි කුරුමිණියා කිව්වා. ගිහින් එන්නම් පෙත්තප්පු ඈතට පියාඹලා ගියා.


.පුංචි කුරුමිණියා එයාගේපුංචි අත් දෙකෙන් ඇස් දෙක පොඩි කරලා ලග තිබිචිච පි ණි බිංදුවකින් මූ ණ කට හෝදා ගත්තා. උදේ නැගිටිට ගමන් පිරිසිදු වෙන එක හොද පුරුද්දක්බව අපේ මේ පොඩිත්තො වගේම පුංචි කුරුමිණියාත් දැනගෙන හිටියා. ඊට පස්සේ අත්දෙක හොදට සෝදාගෙන ලග තිබුනු නිල්මල් ගහේ මලක් ඇතුලට රිංගලා ඇති තරම් මල් පැණි බිව්වා.


ඔන්න දැන් පුංචි කුරුමිනියාත් ලස්සන උදෑසන බලන්න යන්න සූදානම් ්‍ කුරුමිණියා කෙලින්ම පෙකු ණ පැත්තට පියෑඹුවා.. ඇත්තටම කොචිචර ලස් සන දවසක්ද හැමදාමත් හැම හැමදාම මෙහෙමම ලස්සනනම් . පුංචි කුරුමිණියාට තව ටිකක් උඩට පියාඹලා වටපිට බලන්න ඕනෑ කියලා හිතුනා. උඩට පියාඹන කොට ටිකක් බය හිතුනත් ඈතට යනකම් පරිසරය ලස්සනට පේන බව පුංචි කුරුමිනියා දැනගෙන හිටියා . අනිත් එක පුංචි කුරුමිණියාගේ යාලූ පැණි කුරුල්ලෝ. ලේන හාමිලා ගිරා හාමිලා වගේ අයත් ඉන්න නිසා පුංචි කුරුමිණියාට බය වෙන්න දෙයක් තිබුනෙත් නෑ.පුංචි කුරුමිණියා අඹ මල් පිරිලා තියෙන අඹ ගහක මුදුන් අත්තේ කොලයක වහලා වට පිට බැලූවා. එතනට කොලවරක් නැති නිල් අහසත් ඈතට යනකම් කොල තන පිට්ටනියක් වගේ ගස්මුදුනුත් ඒ මැද නිල්පාටින් දිලිසෙන පොකු ණත් ගස්වලට ඈතින් හොරෙන් හොරෙන් ගලා ගෙන යන ගංගවත් හොදට පෙනුනා . ඈත කදු යායාක් සුදුම සුදු පාට වාලාකුලූ ගොඩකින් වටවෙලා හරිම ලස් සනයි. ගග පැත්තේ ඉදන්ආපු හීතල සනීප හුලංවලින අපේ පුංචි කුරුමිණියාව නෑවිලා ගියා.අඹ ගහේ මල් අතු අපේ පුංචි කුරුමිනියාට අත වනනවා වගේ හිමීට පැද්දුනා.


අහස දිහා බලපු පුංචි කුරුමිනියා දැක්කේ තවත් පුදුම දෙයක්. මේ මොකද්ද මේ. අද ඉරවල් දෙකක් පායලා නේද? ඈත අහසේ තවත් දිලිසෙන ඉරක් පායලා තියෙන හැටි දැකලා පුංචි කුරුමිණියා පුදුම උනා. ඇත්තටම අපේ ඉර වගේම තවත් දිලිසෙන ඉර ක් ඈත අහසේ පායලා තිබුනා. ඒක තමා අද මෙචිචර ලස් සන. පුංචි කුරුමිණියාට හරිම සංතෝෂයක් දැනුනා. ඒත් ඒ ඉර අපේ යාලූ පරණ ඉරහාමි වගේ නොවන බව පුංචි කුරුමිණියාට තේරුණා එයා අපේ ඉරහාමි තරම් සැර නෑ ඒ දිහාබලාගෙන ඉන්න කොට ඇස්රිදෙන්නේනෑ. ඒ විතරක් නෙමෙයි ඒ ඉර හාමි ටිකෙන් ටික ලොකු වෙනවා නේද .ඒඇයි? ආනේ එයා අපිව බලන්න එනවා වත්ද කියලා පුංචි කුරුමිනියාට හිතුනා. හරි හරි මේ අපේ ලෝකේ ලස්සන බලන්න ආපු අපේ ඉර හාමිගේ යාලූවෙක්ද කොහෙද. පුංචි කුරුමිණියා සන්තෝසෙන් හිතුවා.ටිකකින් අලූත් ඉරහාමි ලං වෙන එක නැවතුනා. ඒ විතරක් නෙමෙයි. පුංචි කුරුමිණියා පුදුම කරමින් ඒ ඉර හාමිගෙන් තවත්ඉර හාමිලා ගෙඩක් මතුඋනා. කලින් ඉර හාමි තරම් ලොකු නොවුනත් ඒ ඉරහාමිලා හාමිලාත් එක්ක දැන් ඉර හාමිලා ගොඩයි. හරියට තරු ගොඩකුත් එක්කගෙනම ඉර පායලා වගේ . ඒ අලූත් ඉරහාමිගේ පැටව්ද කොහේද කියලා පුංචි කුරුමිණියාට හිතුනා.ඒත් එක්කම ඒපුංචි ඉරහාමි කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න ඇත්නම් කොචිචර හොදද කියලා ත් පුංචි කුරුමිණියාට හිතුනා. ඒ අයත් පොඩීනේ. . අනේ පුංචි ඉර හාමිලාට තාම හරියට පියාඹන්න බැරුවා වද්ද පුංචි කුරුමිණියාට හිතුනේ ඉරහාමිලා පොලවට හය්යෙන් එනවා වගේ හිතිලා. හිතවාත් එක්කම ඒ එක පුංචි ඉර හාමි කෙනෙක් ඩොග් ගාලා පුංචි කුරුමිණියාට දුරින් තිබිච්ච පොකු ණ පැත්තට වැටුනා


. අනේපව් පුංචි ඉර හාමිට හරියට රිදෙන්න ඇති. මම ගිහින් එයාට උදව් කරන්න ඕනෑ. පුංචි කුරුමිණියා ඉක්මනට ඒපැත්තට පියාඹන්න පටන්ගත්තා. කෙනෙක් කරදරේ වැටුනාම ඒඅයට හිනා වෙන නරක ලමයිනුත් ඉන්න බව අපේ පොඩිත්තොත් දන්නවනේ. එහේම කරන්න හොද නෑ. අපේ පුංචි කුරුමිණියා වගේ හැම වෙලාවෙම කෙනෙක් කරදරේ වැටුනාම ඒඅයට උදව් කරන්න පුංචි ඔයාලත් හිතට ගන්න ඔීනෑ. පුංචි කුරුමිණියා පුංචි ඉර හාමි වැටිචිච තැනට ගිහින් බැලූවා. අනේ එතන එක එක පාට කෑලි ගොඩක් සමහර ඒවායින් මීදුම් පිට වෙනවා අනේ පුංචි ඉර හාමි මැරුණාවත්ද පුංචි කුරුමිණියාට හුගාක් දුක හිතුනා. අලූතෙන් ආපු ඉර හාමි ආපහු ඈත අහසට ගහිල්ලා දුකෙන් වගේ බලා ගෙන ඉන්න හැටි පුංචි කුරුමිණියාට පෙනුනා. එයා දැන්ගොඩාක් උඩින්ඉන්න නිසා පේන්නේ ගොඩාක් පුංචියට. ඒත් එයා පුංචි ඉරහාමිට මොකද වුනේවත් බලන්න එන්නැත්තේ ඇයි. එයා නේ පුංචි ඉර හාමිලාව පොලවට එව්වේ. සමහර විට එයාට එන්න බැරිතරම් දුක ඇති පුංචි කුරුමිණියාට හිතුනා අනේ පව්. පුංචි කුරුමිණියා දුකෙන් අර ඉරහාමි ගේ පැටියා වැටුනු තැන බැලූවා. ඒත් එක්කම පුංචි කුරුමිණියා දැකපු දෙයින් පුදුම උනා. මෙන්න රත්තරන් සමනලයෙක් අම්මෝ උගේ ලස් සන. පුංචි කුරුමිණියාට ඇස් අදහා ගන්නත් බැරි වුනා . උගේ තටු දෙක හරහායි ඇග හරහායි ගිය ඉරියි ි, ඇස්දෙකයි, කටයි එහෙම පිටින්ම රත්තරන්පාටයි. තව ඇග පල්ලෙහාට දිග රැල් වගයකුත් එල්ලිලා තිබුනා. රන්සමනලයා අවේ මේ ඉර හාමි වැටුනු තැනින්නේද? ඒකියන්නේමේ ඉරහාමි වගේ ඇවිල්ලා තියෙන්නේමේ සමනලයාද නැතිනම් මැරුනු ඉරහාමි සමනලයෙක් වෙලා ඉපදුනාවත්ද ?. පුංචි කුරුමිණියාට හිතාගන්න බැරිවුනා. ඒත් අනේ උගේ ලස්සන. හරියට දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා වගේ.


රන්සමනලයා හෙමීට උඩට පියාඹලා බොහෝම ආඩම්බරෙන් වට පිට බැලූවා.හරියට මේ පැත්ත ගැන හොදට දන්න කෙනෙක්වගේ. රන් සමනලයා එක්ක යාලූ වෙන්න හිතාගෙන පුංචි කුරුමිණියා එයා ඉස්සරහට ගියා. එයා පුංචි කුරුමිණියාව දැක්කත් පුංචි කුරුමිණියාව ගණන්ගත්තේ නෑ.පුංචි කුරුමිණියාට දුක හිතුනා. හරිම ආඩම්බර සමනලයෙක් එයා ලස්සන බව ඇත්ත. ඒත් එයා ඔචිචර ආඩම්බර වෙන්නේ ඇයි. ආඩම්බර වෙන එක හොද නැති දෙයක් බව පුංචි කුරුමිණියා දැනගෙන හිටියා. ආඩම්බර මොනරා අන්තිමට දුකට පත් වෙච්චි කථාව පුංචි කුරුමිණියාට මතක්වුනා. මේ කැලෑවේ යාලූවො වගේම කොචිචර නරක සත්තුත් ඉන්නවද. බළල් හාමිලා ගැන මේ රන්සමනලයා දන්නවාද? මගෙත් එක්ක යාලූ වුනා නම් මම මේ සේරම කියලා දෙනවානේ. අනේ මට ඕන්නෑ එයත්එක්ක යාලූ වෙන්න. මට ඕනෑ තරම් තව යාලූවෝ ඉන්නේ. පුංචි කුරුමිණියා තරහින් හිතුවා.රන් සමනලයා වටපිට බලලා හෙමින් හෙමින් පියාඹලා කොහේදෝ යන්න පටන් ගත්තා. යාලූවෙන්න ඕනෑ නැති වුනත් රන් සමනලයා යන්නේ කෙහේද කියලා බලන්න පුංචි කුරුමිණියාට ආස හිතුනා. පුංචි කුරුමිණියාත් හොරෙන් හොරෙන් රන් සමනලයා පස්සෙන්ම පියාඹලා ගියා. ගස් අතරින්,මල් අතරින් රන්සමනලයා පියාඹලා ගියත් එයා මල්වල පැණිබොන්නවත් ලස් සන බලන්නවත් නැවතුනේනෑ. එයා කෙලින්ම පියාඹන්නේ පිටිටනියා පැත්තට නේද කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
ඉස්කොලෝ නිවාඩුකාලේ නිසා සිරිමලූයි එයාගේ යාලූ යහෙලෙියෝ ටිකයි පිටිටනියේ සෙල්ලම් කරනවා. සිරිමල් හරිම හොද ලමයෙක් බව පුංචි කුරුමිණියා දැනගෙන හිටියා. උදේ පාන්දරම ඇහැරෙන සිරිමල් පිරිසිදු වෙලා පාඩම් වැඩ කරන්න පටන් ගන්නවා පුංචි කුරුමිණියා දැකලා තිබුනා. ඊට පස්සේ අම්මටයි තාතතටයි වැදලා, එයාගේ තාත්තත් එක්ක ඉස්කෝලෙට යනවා. හවස ගෙදර ඇවිල්ලාත් පාඩම් වැඩ කරනවා. ගේදොර අස්පස්කරනවා. කි සිම කම්මැලිකමක් නෑ. පුංචි සිරිමල් ගෙදර ඉන්න දවස්වල උදේට එයාගේ කුරුලූයාලූවන්ටයි ලේන යාලූවන්ටයි කෑම කවනවා. එයාගේ තාත්තගේ හරි අම්මගේ හරි වැඩට උදව් වෙනවා. ඒවගේම හරිම කීකරුයි.අසරණ කෙනෙක් දැ ක්කොත් උදව් කරනවා. ඒක නි සා පුංචි සිරිමල්ට පුංචි කුරුමිණියා ගොඩාක් කැමතිවුනා. පුංචි සිරිමල්වගේ හොද ළමයෙක් වෙන්න පුංචි ඔයාලත් අදම හිතට ගන්නඕනෑ. එහෙම අයට හැමෝම කැමතියි.


පිටිටනිය ලගට ගිය රන්සමනලයා පුංචි ළමයින්ට පෙනෙන විදියට පිටිටනිය අයිනෙන් පියාඹන්න පටන් ගත්තා. අනේ රන් සමනලයාට පුංචි අයත් එක්ක සෙල්ලම් කරන්න හිතිලාද කොහේද පුංචි කුරුමිණියාට හිතුනා. කොචිචර හොදද පුංචිකුරුමිණියාට රන්සමනලයා එක්ක මුලින් තිබුනු තරහා අමතක වුනා. පුංචි ළමයි එක්ක සෙල්ලම් කරන්න පුංචි කුරුමිණියාටත් ඔීනෑ වුනත් ඒ අය තමුන්එක්ක සෙල්ලම් කරන්න නොඑන බව පුංචි කුරුමිණියා දැන ගෙන හිටියා. ඒක නි සා ගහක කොලයක් උඩට වෙලා දුකෙන්බලා ගෙන ඉන්නවා ඇරෙන්න පුංචි කුරුමිණියාට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.රන් සමනලයාව දැකපු පුංචි ඈයෝ හරියට සන්තෝ ස උනා. . අන්න රන් සමනලයෙක් කිය කියා ඒඅය රන් සමනලයා ලගට දුව ගෙන ආවත් ඒ අය ලං වෙන කොට රන් සමනලයා ටිකෙන් ටික ඈතට යන්න පටන් ගත්තා. පුංචි අයත්හිනා වෙව් ඒපස්සේයන හැටි පුංචි කුරුමිණියා ආසාවෙන් බලා ගෙන හිටියා. මෙහෙම වට කීපයක් ගියපු රන් සමනලයා එක පාරට ආපහු කැලේ ඇතුලට ගියා. රන්සමනලයාට මහන්සි ඇති පුංචි කුරුමිණියාට හිතුනා.


ඒත් පුංචි සිරිමල් විතරක් රන්සමනලයා පස්සෙන්ම හිනා වෙවී කැලෑව ඇතුලට ගියා. අනේ මටත් රන් සමනලයා එක්ක යාලූ වෙලා සෙල්ලම් කරන්න ඇත්නම් පුංචි කුරුමිණියාට ආයෙත් හිතුනා. පුංචි කුරුමිණියා ආයෙත් රන් සමනලයයි පුංචි සිරිමලූයි ඉන්න පැත්තට ගියා. රන්සමනලයයි පුංචි සිරිමලූයි සෙල්ලම් කරනවා රන්සමනලයා පුංචි සිරිමල් වටේට පියාඹනවා. පුංචි සිරිමල් රන්සමනලයාව අල්ලන්න වගේ අත්පුඩි ගහ ගහ උඩ පනිනවා. ඒත් එක සැරේටම සිරිමල්ගේ පිටිපස්සට ගිය රන්සමනලයා සිරිමල්ගේ ඔලූව පිටිපස්සෙන් නොපෙනීගියා. පුංචි සිරිමල් එකපාරටම බය වෙලා එයාගේඔලූව අල්ලාගෙන හය්යෙන් කෑ ගහන්න පටන්ගත්තා. පුංචි කුරුමිණියාටත් බය හිතුනා එයා ඉක්මනට පුංචි සිරිමල් ලගට පියාඹලා ගියා. පුංචි සිරිමල්ගේ ඔලූව පිටිපස්සෙන් මොනවදෝ රතුපාට තීන්ත වගයක් බිමට වැටෙනවා. රන්සමනලයා පේන්න නෑ. අනේ මොකද්ද වුනේ රන්සමනලයා කෝ . පුංචි සිරිමල් අඩන්නේඇයි. පුංචි කුරුමිණියාට හිතා ගන්නවත් බැරිවුනා. ඒත් එක්කම පුංචි සිරිමල්බිමට වැටුනා.රන් සමනලයා පේන්නවත්නෑ. අනේ පුංචි සිරිමල්ට මොකද වුනේ රන් සමනලයා ඒයාට රිදෙන්න මොනවා හරිකලාද? ඉක්මනට පුංචි සිරිමල්ගේ යාලූවන්ට මේ ගැනකියන්න ඕනෑ. පුංචි කුරුමිණියාට හිතුනා. පුංචි කුරුමිණියා ඉක්මනටම පියාඹලා පිටිටනියට ගිහිල්ලා පුංචි සිරිමල්ගේ යාලූවන්ට ඒගැන කෑ ගහලා කිව්වත් ඒ අයට පුංචි කුරුමිණියා කියපුදේ තේරුනේ නෑ. අනේ ඉක්මන්කරන්න. පුංචි කුරුමිණියා කෑගැහුවා.කවුරුවත් අහන්නේ නැති නිසා ආපහු සිරිමල් ලගට යන්න ඕනෑ කියලා පුංචි කුරුමිණියා හිතුවා. ඒත් මෙන්න බොලේ එතකොට සිරිමල් ආපහු පිටිටනියට එනවා. පුංචි කුරුමිණියාට හරිම සතුටක්දැනුනා. රන්සමනලයා පේන්න නැතිවුනත් මුලින් රන්සමනලයා පුංචි සිරිමල්ට අනතුරුක් කරයි කියලා හිති ච්ච එක ගැන පුංචි කුරුමිණියාට ගොඩාක්ලැජ්ජා හිතුනා. ඒ ගැන රන්සමනලයාට කියලා සමාව ගන්න ඕනෑ කියලාත් පුං චි කුරුමිණියාට හිතුනා. ඒත් රන්සමනලයා පේන්න නෑ. රන් සමනලයාආපහු යන්න ගියාද. පුංචි කුරුමිණියාට දුක හිතුනා.


සිරිමල් ආපහු පිටිටනියට ආවත් එයා යාලූ යෙහෙලියො ලගට යන්නැතුව කෙලින්ම වෙන පැත්තකට යන්න පටන් ගත්තා. එයා නිකමටවත් තමුන්ගේ යාලූවෝ දිහා බැලූවේ වත් නැහැ. සිරිමල්ට එයාගේ යාලූවොත් එක්ක තරහා ඇති. ඇයි එයා කරදරේ වැටුනහම එක්කෙනක්වත්උදව් කරන්නවත් ආවේ නැහැනේ. පුංචි කුරුමිණියා කල්පනා කලා අනේ පව් තරහ ගන්න එක නරක දෙයක් වුනත් පුංචි සිරිමල්ට දුක හිතෙන්න ඇති. පුංචි කුරුමිණියාට හිතුනා. පුංචි කුරුමිණියාත් හෙමින් හෙමින් පුංචි සිරිමල් පස්සෙන් යන්න පටන් ගත්තා අඩුගානේ මම හරි එයාගේ තනියට ඉන්නවානේ.පුංචි සිරිමල් කෙලින්ම ගියේ සිරිපාල මාමා වාහන හදන තැනට ඒක ඇතුලේ සිරිපාල මාමා මොකක්දෝ ලොකූ වැඩක්. වෙනදාටත් පුංචි සිරිමල් නිවාඩු දවස්වල සිරිපාල මමා ගේ වැඩපලට ඇවිල්ලා සිරිපාල මාමා කරන වැඩ දිහා බලා ගෙන ඉන්නවා පුංචි කුරුමිණියා දැකලා තිබුනා. ඒත් සිරිපාල මාමා සිරිමල් එක්ක කථා කලේ කලාතුරකින්. එයාගේ යන්ත්‍ර සූත්‍ර ගැන පුංචි සිරිමල් ඇහුවොත් විතරක් වෙලාවකට බුම්මාගෙන මොනවදෝ කියනවා. සමහර දවස්වල සිරිපාල මාමාට මොනවාදෝ වෙලා වැනි වැනී දකින දකින එක්කෙනා එක්ක රන් ඩු කර ගන්න හැටි පුංචි කුරුමිණියා දැකලා තිබුනා. පුංචි කුරුමිණියා එයාට පොඩිඩක්වත් කැමති වුනේනෑ. එක සැරයක් පුංචි කුරුමිණියාව දැකපු සිරිපාල මාමා කොස්සක් අරගෙන පස්සෙන් පන්නාගෙන ආවා. පුංචි කුරුමිණියා ඉක්මනටම කැලේට පියාඹලා එදා පන බේරා ගත්තා. ඒත් එයා පුංචි සිරිමල්ට නම් මොනවත් කිව්වේ නැහැ.


පුංචි සිරිමල්ව දැකපු සිරිපාල මාමා වෙනදා වගේ හැසිරුනේනෑ. පුංචි සිරිමල්ව දැකපු සිරිපාල මාමා එක පාරටම බය වෙලා වගේ පස් සට පැන්නා. ඒ ඇයි කියලා පුංචි කුරුමිණියාට හිතා ගන්නවත් බෑ. ඒත් පුංචි සිරිමල් ගාණක්වත් නැතුව සිරිපාල මාමා ලගටම ගියා. එතකොට සිරිපාල මාමා කෑ ගහලා අත්දෙක වනලා පුංචි සිරිමල්ට මොනවදෝ කිව්වා. ඒත්පුංචි සිරිමල් ඉස් සරහටම ගියා. පුංචි සිරිමල් ලගටම එනකොට පැනලා දුවන්න වගේ හදලා එක පාරටම ලග තිබීච්ච යකඩ පොල්ලක්අරගෙන පුංචි සිරිමල්ට ගහන්න පැන්නා. පුංචි කුරුමිණියාට හරියට බය හිතුනා ඒවගේම හරියට තරහාත් ගියා.කොච්චර නරක මනුස් සයෙක්ද සිරිමල්වගේ හොද ලමයකුට නිකං ගහන්න හදන්නේ සිරිමල මොන වරදක්කලාටද? අනික පුංචි සිරිමල්ට වුනුදේ නිකමටවත් ඇහුවේ නෑ නේද? සිරිපාල මාමා ගහන්න පැන්නත් පුංචි සිරිමල් පොඩිඩක්වත් බය වුනේ නෑ. එයා ලොකු මිනිහෙක්වගේ සිරිපාල මාමාගේ අතින් අල්ලලා පොල්ල විසිකරලා දැම්මා. සිරිපාල මාමා කෑ ගහලා බයෙන් අඩන්න ගත්තම පුංචි කුරුමිණියාට පුංචි සිරිමල් ගැන පුදුම හිතුනා. ඒ වගේම ලොකුසතුටකුත් දැනුනා. පුංචි සිරිමල් පොඩි වුනාට එයාට කොච්චර ශක්තියක් තිනවාද? හොද වැෙඩි නපුරු මනුස් සයාට.පුංචි සිරිමල්බිම වැටුන සිරිපාල මාමාව හිර කරගෙන එක අතකින්අල්ලාගෙන අනිත් අතින් එයාගේ ඔලූව ඇල්ලූවා. සිරිපාලමාමා බය වෙලාද මන්දා හය්යෙන් කෑ ගැහුවත් සිරිමල් එයාව අත ඇරියේ නෑ ටිකකින් සිරිපාල මාමා සද්ද නැතුව නිදා ගත්තාම තමයි සිරිමල් නැගිටිටේ. එතකොට සිරිපාල මාමාගේ ඔලූවෙනුත් තැනින්තැනින් රතුපාටට මොනවදෝ ගලා ගෙන එන බව පුංචි කුරුමිණියා දැක්කා. පුංචි සිරිමල් මොකක්කරාද කියලා පුංචි කුරුමිණියාට තේරුනේනැහැ. මෙකක් උනත් ඒ සිරිපාල මාමා නරක විදියට හැසිරුනු නිසා බව විතරක් පුංචි කුරුමිණියාට තේරුනා. ඔව් කවුරු වුනත් අනික් අයට නරක විදියට සලකපුවාම කවදාහරි එයාටත් ඒකේ විපාක විදින්න වෙන බව මේ පොඩිත්තොත් හොදට හිතට අරගන්න ඕනෑ. අනික් අයට හැම වෙලේම ආදරයෙන් කරුණාවෙන් සලකන්න ඕනෑ. එතකොට තමයි අනිත් අයත් අපිට ආදරෙන් සලකන්නේ.
සිරිමල් හැරිලා එලියට එන්න එනකොට තමා පුංචි කුරුමිණියා දැක්කේ පුංචි සිරිමල්ගේ ඇස්දෙක වෙනදා වගේ නෙමෙයි.ඒකේ කලූපාට බොල දෙකක් නෑ මුලූ ඇස්දෙකම රත්තරන් පාටට බැබලෙනවා. හරියට අර රන් සමනලයා වගේ. පුංචි කුරුමිණියාට තේරුනා මේ තෑග්ග දෙන්න ඇත්තේ රන් සමනලයා බව. එයත් එක්ක සෙල්ලම් කෙරුවාට.ඒක ඇත්තටම තෑග්ගක් වෙන්න ඕනෑ. පුංචි සිරිමල් එලියට එනකොටම මෙන්න බොලේ අර බිම වැටිලා හිටිය සිරිපාල මාමා නැගිට්ටා පුංචි කුරුමිණියාට බය හිතුනා එයා පුංචි සිරිමල්ට අනතුරක් කරයිද?. පුංචි කුරුමිණියා පුංචි සිරිමල් ලගට ඉක්මනට පියාඹලා ගියා. හරියට සිරිපාල මාමාගෙන් පුංචි සිරිමල්ව බේරා ගන්න වගේ. ඒත් සිරිපාල මාමා ඉස්සෙල්ලා වගේ කලබල කරේ නෑ. පුංචි සිරිමල්එයාගේපාඩුවේ යනවා දැක්කත්සිරිපාල මාමා ඒක ගණන් නොගෙන එයාගේ බඩු අස්සේ මොනව දෝ හොයන්න පටන්ගත්තා.


. පුංචි කුරුමිණියාට පුදුම හිතුනා ඉස්සෙල්ලා පි ස් සුවෙන් වගේ හිටපු සිරිපාල මාමා දැන්හොද කෙනෙක් වෙලා වගේ.පුංචි සිරිමල්ගේ දඩුවමෙන් එයා හොද කෙනෙක් වෙන්න තීරණය කරන්න ඇති කියලා පුංචි කුරුමිණියාට හිතුනා.කොච්චර හොදද. බලන්න හොද ලමයින් නිසා වැඩිහිටියොත් හොද අය වෙන හැටි. පුංචි කුරුමිනියා අලුත් පාඩමකුත් ඉගෙන ගත්තා.


පුංචි සිරිමල් එහා ගෙදර එයාගේ පුංචිව බලන්න යනවා පුංචි කුරුමිණියා බලා හිටියා.සිරිමල්ගේ ඒ පුංචිත් පුංචි කුරුමිණියාවගේ අහිංසක සත්තුන්ට කි සිම කරුණාවක් නැති කෙනෙක් නිසා එහෙට යන්න පුංචි කුරුමිණියා බය වුනා. එයාලගේ බලූහාමි වෙලාවකට අඩ අඩා පාරේ යන හැටි පුංචි කුරුමිණියා දැකලා තිබුනා. සිරිපාල මාමා මොනවා දෝ බඩු පොදියක් අතට ගන්නවා දැකලා සිරිපාල මාමා කරන්න යන්නේමොකද්ද කියලා බලන්න එතනට වෙලා ඉන්න පුංචි කුරුමිණියාට ආසා හිතුනා. සිරිපාල මාමා වෙනදා නැතිවිදියට හරිම සංසුන්විදියට බඩු මල්ලත්කරේ තියාගෙන පිට්ටනිය පැත්තට යන්න පටන්ගත්තා. අපේ පුංචිකුරුමිණියාත් එයා පිටිපස්සෙන් යන්න පටන්ගත්තා. මෙන්න පිට්ටනිය මැද ළමයි දෙන්නෙක්නිදි. සංජුගේ තාත්තත් නිදාගෙන ඉන්නවා පුංචි කුරුමිණියා දැක්කා. ඒත්සිරිපාල මාමා ඒගැන බැලූවේ නෑ. ඒ ගොල්ලන් නිදි නිසා කරදර කරන එක හොද නැති නි සා ත් පුංචි කුරුමිණියාත් ඒ ලගට ගියේනෑ.


සිරිපාල මාමා යන දිහාව දැක්කහම එයා යන්නේ අර රන්වන් ස මනලයා ආපු පැත්තට නේද කියලා පුංචි කුරුමිණියාට හිතුනා. අය්යෝ මට දැන්නේ තේරුනේ වෙලා තියෙන දේ පුංචි කුරුමිණියා පුදුම වුනා. අර රන්වන් සමනලයා නිකම් සමනලයෙක් කියලා හිතුවත් ඒක එහේම නොවන බව පුංචි කුරුමිණියාට තේරුනා. එයා නරක අයව පුංචි සිරිමල්වගේම හොද අය කරන්න කියලා පුංචි සිරිමල්ට කිව්වා වද්ද? රන් සමනලයා එහෙම අයව තමුන් ලගට එවන්න කියලා පුංචි සිරිමල්ට කිව්වා වත්ද? ඔව් ඒක එහෙම වෙන්න ඕනේ.
ගස් අතරින් පුංචි දිය සීරා මැදින් වල අගොඩැලි අතරින් සිරිපාල මාමා නොනැවතීම ගමන්කලා. පුංචි කුරුමිණියාට දැන් හරිම මහන්සියි ඇයි උදේ නැගිට්ට වෙලාවේ ඉදන්ම එයා කලේ හැම තැනම පියාඹපු එකනේ. ඒත් සිරිපාල මාමා යන තැනට ගිහින් බලන්නත් පුංචි කුරුමිණියාට ඕනෑ වුනා. පුංචි කුරුමිණියා ටිකක් බයෙන් වුනත් සිරිපාල මාමා ලගට ගිහිල්ලා මාමේ මාව අරන් යන්නකෝ මට හරි මහන්සියි. මමත් ආසායි ඔයත්එක්ක එන්න කියලා කනට කරලා කිව්වා. සිරිපාල මාමා ඔලූව වැනුවා. සිරිපාල මාමා ඇත්තටම හොද කෙනෙක් වෙලා බව පුංචි කුරුමිණියාට තේරුනා. එයා සිරිපාල මාමාගේඋරහිසක්උඩින් වැහුවා. දැන්පුංචි කුරුමිණියාට පියාඹන්න ඕන්නෑ. ඇයි සිරිපාල මාමා එයාව එක්කගෙන යනවානේ.


ගස් උඩ තවමත් කුරුල්ලෝ මිහිරි ගීත ගායනා කරනවා. ලේන් හාමිලා ගස්වල අතු දිගේ තරගෙට එහේට මෙහෙට දුවනවා. මල් ගස්වලින් මල් සුවදක්හැම තැනම පැතිරිලා . . ගස්වල කොල අතරින් තැනින් තැන ඉර හාමි පොලවට එඹිකම් කරනවා. ඒ අස්සේ මකුලූ හාමි කෙනෙක් හරිම හදි ස් සියකින් දැලක් බදිනවා. ගහක හිටපු පුංචි කුරුමිණියාගේ යාලූ කටසුහාමි කෙනෙක් පුංචි කුරුමිණියාව දැකලා ඔලූව හොල්ලලා කොහේද පුතේ යන්නේ කියලා ඇහුවා. මම ලොකු වැඩකට යනවා මාමේ ගිහින් එන්නම් කියලා පුංචි කුරුමිණියා උත්තර දුන්නා. කටුසුහාමි අතවනලා පරි ස් ස මින් ගිහින් එන්න කියලා කිව්වා.


පුංචි කුරුමිණියා හිතපු විදියටම හරියටම හරි. සිරිපාල මාමා කෙලින්ම ගියේ අර රන්වන් සමනලයා ආපු තැනටමයි. එතකොට තමා පුංචි කුරුමිණියා දැක්කේ එතන තවත් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්න බව. ඒ අය මොකද්දෝ හදනවා. හැබැයි හැමෝම හරිම හොද වෙලා.කවුරුවත් කෑ ගහන්නේවත්. කථා කරන්නේවත්නෑ.එතන කොහෙන් ආවද දන්නැති ලොකූ යන්තරයක් වගේ එකක් එතන තියෙනවා පුංචි කුරුමිණියා දැක්කා. පුංචි සිරිමල්ගේ පුංචිත් ඒ වෙලාවේම එතනට එනවා පුංචි කුරුමිණියා දැක්කා.මේ ඔක්කොම රන් සමනලයා ආපු නි සා හොදවෙචිච අය වෙන්න ඇති කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
සිරිපාල මාමලා ඒ හදන එක මොකද්ද කියලා බලන්න පුංචි කුරුමිණියාටත් ආසා හිතුනා. ඒ ත් තවම ඒගොල්ලෝ හදනවානේ. එතකන් මහනසිය යන්නත් එක්ක ටිකක් නිදාගන්න ඕනෑ කියලා පුංචි කුරුමිණියාට හිතුනා. ඇවිදලා ඇවිදලා එයාට හරිම මහන් සියි. අනික ඉතින් එයා හරිම පොඩියිනේ.ලස් සන කහ පාට මලක් ඇතුලට රිංගා ගත්තු පුංචි කුරුමිණියාට මල හුලගේ පැද්දෙන තාලෙට හොදටම නින්ද ගියා. හීනෙන් එයා දැක්කා පුංචි සිරිමලූයි එයාගේ යාලුවෝ කට්ටියයි, සිරිපාල මාමායි ඒ විතරක්ද රන් සමනලයයි. එයත් එක්ක සෙල්ලම් කරනවා. ඒ විතරක්ද වටේ තවත් අයත් ගොඩාක් හිටියා ඒ අය ඒ අය දිහා බල බල. ඒ අය සන්තෝසෙන් කෑගැහුවා. පුංචි කුරුමිණියාට හරිම සතුටුයි.


එතකොටම පුංචි කුරුමිණියාට ඇහැරුනා. අනේ මට හොදටම නින්ද ගියා නේද? ඒත් වටේ ඇත්තටම මිනිස්සු කෑගහන හැටි පුංචි කුරුමිණියාට ඇහුනා. එතකොට මම දැක්කේ හීනයක් නෙමෙයිද පුංචි කුරුමිණියාට හිතුනා.එයාට සිරිපාල මාමලා මතක්වුනා. ඉක්මනට නැගිටලා සිරිපාල මාමලා හිටපු තැනට පියාඹලා ආවා. එතකොටයි එයා දැක්කේ. සද්දේ එන්නේ එතනින් කියලා. සිරිපාල මාමය් එතන අනික් මාමලයි නැනදල යි එකතු වෙලා මොකද්දෝ ලොකූම ලොකූ යන්තරයක් හදලා.ඒක අර මුලින් තිබු බුනු යන්තරේටත් හයි කරලා හයිකරලා. ඒක හරියට පණ තියෙන එකක්වගේ සද්ද කර කර වැඩ කරනවා. කැලෑව ඇතුලේ ඉදන් එක් කෙනා දෙන්නා එක එක නැන්දලාවයි මාමලාවයි එතනට අරගෙන ආවා. ඒ ගොල්ලෝ එන්න බෑ කියලා හරියට කෑගහනවා, අඩනවා. ඒත් සිරිපාල් මාමලාගේ අය ඒ අයව අල්ලලා අර යන්තරේ ඇතුලට දාලා දොර වැහුවා.


පුංචි කුරුමිණියා ඉක්මනට පියාඹලා අර මුලින් තිබුනු යන්තරේ සිදුරකින් යන්තරේ ඇතුලට රිංගලා බැලූවා. ඇතුලේ තැන තැන. නැන්දලා මාමලා නිදාගෙන ඉන්නවා මකුලු හාමිලාගේ අඩු වගේ අඩු ගොඩකින් ඒ අයව අල්ලා ගෙන. සමහරු නිදාගෙන හිටියත් තවමත් කෑ ගහනවා. සමහර අයගේ ඇගවල් හරහා තැනින් තැනින් න්මොනවාදො කූරු ගෝ ඩාක් ගිහිල්ලා තියෙනවා . එක මාමි කෙනෙක්ගේ ඔලුව ඇතුලට කූරක් අර එක අඩුවකින් යනව කොට ඒ මාමා කෑ ගහ ගහ ඇඩුවා.


පුංචි කුරුමිණියා යන්තරේ පිටිපස්ස පැත්තට ගිහින් බැලුවා. ඒ යන්තරේ පිටිපස්සේ දොරකින් අලුත් කට්ටියක් එලියට යනවා ඒ අය අපේ නැන්දලා මාමලා වගේ නෙමෙයි. ඇස් හරියට අර පුංචි සිරිමල්ගේ වගෙයි. ඒ අය යන තැන එහා පැත්තේ තවත් නැන්දලා මමාලා ගෙඩක් බිම නිදා ගෙන හිටියා. ඒඅය අර අලූත් අය වගේ නෙමෙයි. කලින් හිටපුඅය වගෙයි. ඒ ගොල්ලන් ලගින් අර රතුපාට සායම් ගගක් වගේ දිගටම ගලාගෙන ගියා. මේ අලූතෙන් යන අය බොහොම හොදින් යන්නේ ඒ අය හොද වෙලා නිසා බව පුංචි කුරුමිණියාට තේරුම් ගියා.ඒ අලූත් අය හරිම සන්සුන් විදියට කොහේදෝ . යන්න පිටත් උනා. එයාලා හොද වෙලා ගෙවල් වලට යනවා වෙන්න ඖනේ පුංචි කුරුමිණියා හිතුවා.


එතකොටම අහසේ බඹර කැරකෙන යකඩ කුරුල්ලෝ පියාඹන්න පටන්ගත්තා ඒ ගොල්ලෝ ඔකකොමන්ලාම එකම පැත්තකට ගියා. හරිම සද්දයි. පුංචි කුරුමිණියා උඩටම පියාඹලා ඒඅය කොහේ යනවාද කියලා බැලූවා. එතකොට තමා පුංචි කුරුමිණියා දැක්කේ ඈතින් මල්වෙඩි පුපුරනවා. හැම තැනින්ම එලිවිහිදුනා. එක තැනකින් හරියට මීදුම වගේ මොනවදෝ අහසට යනවා. ඒ පැත්තම අහස රතුපාට වෙලා. පුංචි කුරුමිණියා උඩ බලපුවහම දැක්කා අර උදේ ආපු දෙවෙනි ඉර හාමි තවමත් ඈතට වෙලා පොලව දිහා බලාගෙන ඉන්නවා.ඉරහාමී ඔයාගේ රන් සමනලයා කෝ ?කියලා පුංචි කුරුමිණියා කෑ ගහලා ඒ ඉර හාමිගෙන්ඇහුවා.


මෙන් බොලේ එතකොටම අපේ පුංචි කුරුමිණියා කියපු එක ඇහුනා එයාගේ යාලූ රන්සමනලයා ඈතින් පියාඹනවා. පුංචි කුරුමිණියාට හරිම සන්තෝ සයක් දැනුනා. එයා යාලූවේ කියලා කෑ ගහගෙන රන් සමනලයා ලගට ගියා. ඒත් ලගට ගියහමයි දැක්කේ. මෙතන එක රන් සමනලයෙක් නෙමෙයි. රන්සමනල්ලලූ ගොඩාක්. ගණන්කරන්න බැරිතරම් රන් සමනල්ලූ. අනේ මගේ යාලූ සමනලයාව මම කොහොමද හොයා ගන්නේ පුංචි කුරුමිණියාට හිතා ගන්න බැරිවුනා.ඒත් මේ රන් සමනලයින් ඇවිත් ඉන්නේ අපේ ලෝකේ අයව හොද කරන්න නේද? එහෙම නිසා මේ හැම සමනලයෙක්ම හොද ඇති කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
රන් සමනල්ලූ මී මැසි පොදියක් වගේ සද්ද නැතුව ඈතට පියාඹලා යන හැටි පුංචි කුරුමිණියා බලාගෙන හිටියා. මේ රන් සමනල්ලූ ඈතට ගිහින් හොද ළමයින්ව හොයලා ඒඅයට අනික් අයවත් එයලා වගේ හොද අය කරන්න කියලා කියාවි. ඒකට අකමැති අයව බලෙන්ම හොද අය කරන්න කියලත් කියාවි කියලා පුංචි කුරුමිණියාට හිතුනා. ඕව් නරක අය හොද අයවෙන්න හරිම අකමැතීනේ. ඒත් හොද වෙන එක්කොච්චර හොදද කියලා ඒගොල්ලන්ටම තේරෙන්නේ ඒ ගොල්ලන් හොද අයවුනාම තමයි.


පුංචි කුරුමිණියාගේ ඇග රතුපාට සායම් වැස් සකින් තෙමුනා ඒක කොහෙන්ද ආවේ කියලා බලපු පුංචි කුරුමිණියා දැක්කේ ඈත අහසේ ගිය යකඩ කුරුල්ලෙක් දුරින් තියෙන පිටිටනිය පැත්තට පාත්කරන්න යනවා ඒකෙනුත් මීදුම් වගේ මොනවාදෝ පිට වෙනවා. ටිකකින් ලොකු සද්දයක ඇවිල්ලා ගිණිබෝලයක් පිටවුනා. අම්මෝ පුංචි කුරුමිණියා බය වෙචිචතරම. ඒවා බිමට එන කොට මෙචිචර සද්ද නම් ඒවා හදන්නේ මොකටද කියලා පුංචි කුරුමිණියාට හිතුනා.


අයෙත් රතුපාට වැහි බීංදුදි අහසෙන් වැටෙන්න පටන්ගත්තා අර මීදුම් උඩට නගින හරියේ ඉදලා ඒවා ගොඩාක් එනවා කියලා පුංචි කුරුමිණියාට හිතුනා. ඒ විතරක් නෙමෙයි අර යකඩ කුරුල්ලන් ආවාට පස්සේ තවත් තැන් ගොඩකින් මීදුම් පිට වෙන්නත් පටන් අරගෙන. මල්වෙඩි පුපුරණ පැතිවලින් එන සද්දේ කුරුලූ හාමිලාගේ ගී හඩ යට කරගෙන ටික ටික වැඩිවුනා. ඒ පැතිවලින් කපුටුහාමිලා ගොඩාක් පියාඹාගෙන එනවා පුංචි කුරුමිණියා දැක්කා සමහර විට කපුටුහාමිලාට මෙහෙට එන්න කියලා රන් සමනලයින් කියන්න ඇති.මේ නි සා දැන් අර උදේ තිබුනු ලස්සන ටිකෙන් ටික නැතිවෙලා යනවාද කියලා පුංචි කුරුමිණියාට හිතුනා. අහසත් ටිකෙන් ටික අදුරු වෙනවා වගේ . ඒත් ඉතින් මේ ඔක්කොම හොද වැඩක් නිසානේ. රන්සමනලයින් මේ මුලූ ලෝකෙම කවදා හරි හොද තැනක් කරයි අපේ පුංචි කුරුමිණියා කල්පනා කලා. ඒක එහෙමම වෙන්න ඕනෑ කියලා හිතපු පුංචි කුරුමිණියාට ලොකූ සන්තෝසයක් දැනුනා. එදාට මේ ලෝකේ කොචිචර ලස්සන වෙයිද? හැමෝම කොචිචර සතුටු වෙයිද? පුංචි කුරුමිණියා සතුටින් නැටුමක් නටලා හුලගේ ගලා ගෙන එන රතුසායම් අතරින් ඈතට ඉගිලිලා ගියා.


ඉතින් පුංචි යාලූවනේ ඔයාලත් කවදා හරි ලොකුවෙලා මේ රන් සමනලයින් වගේලෝකේ ලස්සන තැනක් කරන්න හිතට ගන්න ඕනෑ. ඉතින් අපේ රන් සමනල යාලූවෝත් පුංචි ඔයාලාවත් හොයාගෙන ඉක්මනින්ම ඒවි. එතකොට ඒ අයට උදව් කරන්න අමතක කරන්න එපා. ඒ අය හමුඋනාම අපේ මේ පුංචි කුරුමිණි යාලුවත් ඒ අයව ආදරයෙන් මතක් කරපු බව කියන අමතක කරන්නත් එපා.. .