Blog Archive

Tuesday, January 8, 2019

ජනප්‍රිය ඉංග්‍රීසි ළමා ගී වල අදුරු ඉතිහාසය


1558-1603 කාලය තුල බ්‍රිතාන්‍යයේ රජකම් කල පලවෙනි එලිසබෙත් රැජිනියගේ පාලන කාලය බ්‍රිතාන්‍යයට බොහෝ සෙයින් අපල කාලයක් විය. වෙනත් රටවල් සමග නොනවතින යුද්ධ කෝලාහල මෙන්ම එලිසබෙත්ගේ දරුනු රාජය පාලනයද රටවැසියාගේ අවාසනාවම විය. කසපහර දීම, ප්‍රසිද්ධියේ නිරාහාරව තැබීම , පන පිටින් පුලුස්සා දැමීමේ සිට නටන තෙල්වල හෝ ඊයම් තුල බැස්වීමේ දක්වා අතිශය කෲර වධ බන්ධන විවිධ වැරදි සදහා ගැහැණු පිරිමි භේදයකින් තොරව සැකකරුවන් ලක්වීම එකල සුලභ කරුනක් විය.
ස්පාඥ්ඥය නෞකා 130 පමන සමන්විත දැවැන්ත හමුදා බල ඇනියක් එංගලන්තය ආක්‍රමනය සදහා පිටත් වූයේද මෙම සමයෙහිදීමය . මෙඩීනා සෙඩෙනියා නම් ආදිපාද වරයකු යටතේ පිටත් වුනු මෙම හමුදාවට පහසුවෙන් බ්‍රිතාන්‍ය සතු කුඩා නෞකා හමුදාව පරාජය කිරීමේ හැකියාව පැවතුනද අවසානාවන්ත කාලගුණය හමුවේ ඔවුන්ට මුහුණ දීමට සිදුවූයේ හාත්පසින්ම වෙනස් වුනු අද්දැකීමකටය . දරුනු කුනාටු හමුවේ සී සී කඩ විසිරුනු ස්පාඥ්ඥ නැව් හමුදාවට බ්‍රිතාන්‍යය සතු කුඩා නෞකා බලකායේ ප්‍රහාරය දරා ගත නොහැකි විය. අවසානයේදී ඉතිරි නෞකා 65 ක් සහ දහ දාහක පමන බල ඇනියක් පරාජය හමුවේ නැවත ස්පාඥ්ඥයට පලා ගියහ. මේ කතාව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකි නමුත් මෙම සිදුවීමට අදාල සින්දුවක් අප සියලු දෙනා කුඩා කල සිටම ගායනා කර ඇත. එනම් rain rain go away සින්දුවයි. ස්පාඥ්ඥ පරාජය පිලිබද මතකය බ්‍රිතාන්‍යය ගැමියන් අතර මතකයක් වී තිබුනේ ඒ ආකාරයෙනි.
Rain rain go away,
Come again another day.
Little Johnny wants to play;
Rain, rain, go to Spain,
Never show your face again!

1307-1327 බ්‍රිතාන්‍යයේ රජකම් කල දෙවන එඩ්වර්ඩ් රජ සමයේ බැටලු ලෝම් සහ ඒ ආශ්‍රිත නිශාපදන සදහා ඉතා විශාල වෙළද පොලක් පැවති සමයක් විය. යුරෝපයේ හොදම බැටලු ලොම් එංගලන්තයේ නිස්පාදනය වුවද හොදම බැටලු ලොම් ආශ්‍රිත රෙදි පිලි නිර්මාණ කරුවන් සිටියේ බෙල්ජියමේ විය. හොදම බැටලු ලොම් සකසන්නන් වර්ණ ගන්වන්වන් සිටියේ ප්‍රංශයේ විය. බා බා බ්ලැක්ෂිප් ගීතය සදහා මුල් වී තිබුනේ මෙම සිදුවීමයි. පලවන එඩ්වර්ඩ් රජු සමයේදීම මෙම වූල් ව්‍යාපාරය සදහා සියලුස්‍ම වරායන් වලින් බදු ගැසීම ආරම්භ කල අතර මෙම නිසා නිෂ්පාදකයාට අයත් ලාභයෙන් වැඩි කොටසක් රජු සහ පල්ලිය අතර බෙදී ගියේය. සින්දුව මෙම අසාධාරන බදු සදහා කරනු ලබන විරෝධයක් වැනිය. මෙහි මාස්ටර් වන්නේ එඩ්වර්ඩ් රජු වන අතර අවසානයේ little boy වන්නේ නිෂ්පාදකයාය.
Baa, baa, black sheep,
Have you any wool?
Yes, sir, yes, sir,
Three bags full;
One for the master,
And one for the dame,
And one for the little boy
Who lives down the lane.
ප්‍රංශයේ රජකල 15 වන ලුවී රජු සහ හුගේ බිසව මාරි ඇන්ටනෙටේ ඔවුන්ගේ පාලන සමය තුල දීම බලයෙන් පහ කර දමන්නේ එරට ජනතාව විසින් ඇති කල කැරැල්ලක් මගිනි. ලොව ප්‍රතම විප්ලවය සටහන් කල මෙම සිදුවීම මේ අවසානයේ රජු සහ බිසවගේ හිස ගසා දමනු ලබන්නේ විප්ලවය සදහාම නිපදවුනු ගිලටීනය මගිනි. ජැක් ඇන්ඩ් ජිල් ගීතයෙන් විස්තර වන්නේ මේ සිදුවීමයි.
මෙහි ජැක් යනු ලුවිී රජු වන අතර ජිල් මේරි බිසවයි. ඇය බොහෝ සෙයින් ජනප්‍රිය පාන් නැත්තම් කේක් කාපියව් යැයි පැවසූ බවය. නමුත් මෙම ප්‍රකාශය ඇය විසින් සිදු නොකල බවට පසුව ඔප්පු කරන ලදී. මෙය 1770 පමන කිසිවකු විසින් ඇය සිදු කලා යැයි ප්‍රකාශ කලත් ඒ වන විට මේරිට අවුරුදු දහහතරක් පමනක් වි. ඇය පසුකාලයේදීද රටවැසියාගේ දුක දැක බොහෝ සුභාසාදක කාර්යයන් සදහා දායක වී ඇති බවද නොරහසකි.
ගිලටීනයෙන් හිස සිදීමෙන් පසු හිසකෙස් වලින් හිස ඔසවා ප්‍රදර්ශනය කිරීමද වධකයාගේ කාර්යය භාරයකි. තත්පර අටකින් පමන හිස සුන් සිරුර නිසල වීමෙන් පසු හිස අත හරිනු දමයි. ගීතයේ අග කොටස පසු කලෙක ළමුන් සදහා වෙනස් කර ඇතැයි සිතිය හැක.
Jack and Jill
Went up the hill
To fetch a pail of water
Jack fell down
And broke his crown,
And Jill came tumbling after.

බ්‍රිතාන්‍යයේ රජකම් කල පලවෙනි මේරි බිසවට යෙදෙන තවත් අනුවර්ත නායමයක් වනුයේ බ්ලඩී මෙරි යන්නයි. අතිශය කෲර සහ සාහසික කාන්තාවක් වුනු ඇය විනෝදය පිනිසද වධ හිංසා ලබා දුන් ගැහැනියක විය. රෝමානු කතෝලික ආගමට සහය දැක්වූ ඇයගේ පාලන සමය තුල හතරවන එඩ්වර්ඩ් රජු විසින් සහය ලබා දුන් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගම ඇදහීම තහනම් වුනු අතර එසේ ඇදහූවන් නොයෙකුත් වධ බන්ධන මද්‍යයේ මරණයට පත් කරන ලදී. මුල් කාලයේම සිය ගනන් ප්‍රෙතෙස්තන්ත කරුවන් පනපිටින් පුලුස්සා මරා දමන ලදී.
Mary Mary quite contrary,
How does your garden grow?
With silver bells and cockle shells
And pretty maids all in a row.
මෙහි silver bells and cockle shells යනු විවිධ වධක උපකරණයි.මෙහි Maiden ්‍යනු ගිලටීනයේ මුල් නිර්මාණයයි. පසුව එය ගිලටීනය ලෙස බහුලවම භාවිතා වූයේ ප්‍රංශයේ හා ස්කොට්ලන්තයේය. මේරිට පසුව රජවුනු පලවෙනි එලිසබෙත් විසින් නැවතත් ප්‍රෙතෙස්තන්ත ආගමට මුල් තැන ලබා දෙමින් කතොලිකයන් ඝාතනය කරන ලදී.
මෙම ගැමි ගීත ඒකාලයේ රජය පිලිබද විරෝධතාව සහ අනතුරු පිලිබදව අනෙක් අය දැනුවත් කිරීමේ අහිංසක මාධයයක් විය. ලෙහෙසියෙන් මතක තබා ගත හැකි වචන සහ කෙලින්ම රාජ්‍යයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් සිදු නොකිරීමත් නිසා ආරක්ෂාකාරීව සහ පහසුවෙන් මේවා ජනයා අතර පැතිර ගියේය. අද කාලේයේ හාස්‍යය ජනක ලෙස පැතිරෙන දේශපාලනික අන්තර්ජාල මෙමෙස්ද මෙහිම ප්‍රතිරූපයක් විය හැක. 
ලන්ඩන් පාලම බ්‍රිිතානයේ අගනුවර ඓතිහාසික සලකුනකි. පලමු ශතවර්ශයේ රෝමනු ආක්‍රමිනකයින් විසි ගොඩ නැගුනු මේ පලම ඒ වන විට ගීතයේ පැවසෙන ආකාරය ගොඩ නැතුනේ ලී වලින් සහ අනෙකුත් එහි සදහන් ද්‍රව්‍යය වලිනි. නොයෙකුත් ආපදා වලින් හානි වෙමින් තිබුනු මෙම පාලම දහවන ශතවර්ශයේ සිදුවුනු වයිකින් ආක්‍රමනය හමුවේ සම්පූර්ණයෙන්ම විනාෂ වී ගියේය. 11 වන ශතවර්යේ දී නැවතත් ගොඩ නැගුනු මෙම පාලම මෙවර ගොඩ නැගුනේ ගල් වලිනි. අවුරුදු තිස් තුනක් පමන ගතවුනු අඩි තිහක් පමන පලල මෙම නිර්මාණය ඉන් ලංඩනයේ ප්‍රදාන වෙළද පොලක්ද විය. රන් හා රිදී විකිණුම් ගැනුම් ස්ථාන පාලම මත තට්ටු ගණන් උසට පිහිටුවා තිබුනු වෙලද ස්ථාන හරහා සිදුවිය. මෙහි පිවිසුම් දොරටුව රාජ්‍ය විරෝදීන් ගේ කපා දැමූ අලුත් හිස් සවිකල හෙල්ල වලින් අලංකාර වී තිබුනි. වසර ගනනකට පසුව පාදම් දුර්වල වී තිබුනු මෙම පාලම විශාල ගින්කට හසුවුනු අතර වෙලද මද්‍යස්තාන ඉන් පසු අයිතිකරුවන් විසින් අත හැර දැමුනි. නැවත වරක් මෙම පාලම වර්තමාන තත්වයෙන් ගොඩ නැගෙන්නේ 1920 දී පමනය.
ලන්ඩන් බ්‍රිජ් ගීතය මෙම පාලමේ වැටීම් හා නැගීම් අලලා මිනිසුන් විසින් නිර්මාණය කරනු ලැබී ගීතයකි.
London Bridge is falling down,
Falling down, falling down.
London Bridge is falling down,
My fair lady.
බ්‍රිතාන්‍යයේ රජකම් කල දෙවන හෙන්රි රජු සහ ඔහුගේ බිසවට වුන් රැකි කතෝලික සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යාම සදහා පුතකු බිහි කිරීමට අසමත් විය. මේ නිසා ඔවුන් සිදු කරන්නේ වෙන් ගැහැනියකගේ දරුවකු පැහැර ගෙන විත් තමුන්ගේ ලෙස පෙන්වීමයි. නැතිනම් නෙදර්ලන්තයේ සිට හමන ප්‍රෛාතෙස්තන්ත සුලග? මගින් තොටිල්ල බිම දමනු ඇත. රොක්බයි බේබි ගීතයේ මූලය මෙයයි.
Rock-a-bye baby
On the tree tops,
When the wind blows,
The cradle will rock
When the bough breaks,
The cradle will fall,
and down will come Baby,
Cradle and all.
මෙම ගීයට තවත් මුල් ඉතිහාස දෙක්ක තිනෙ අතර එකක් අමෙරිකානු සම්භවයක් වන අතර අනෙක් අගුරු නිෂාපදනය කරමින් විශාල ගස ජීවත් වුනු පවුලක් පිලිබදවත්ය.
එංගලන්තයේ මීට වසර 400 පමන පෙර සිර කදවුරක ගැහැනු සිරකරුවන් මරා දැමුවේ මල්බෙරි ගසක් අවටය. එම නිසාම හියර්වී ගෝ එරවුන්ඩ් ද මල්බෙරි බුෂ් ගීය තැනී ඇති බව පැවසේ. ( by R. S. Duncan)
baba black sheep , twinkle twinkle little star , a,b,c,e,f,g සින්දු තුනටම පොදු ලක්ෂනය කුමක්ද ? ඒවා තුනේම තාලය සමානය.

මේ ආකාරයටම ලංකාවේ කොපර කොපර පිපිඤ්ඤා ගීතයට හා තවත් ගීත කීපයකට මෙවැනි අදුරු පසුබිම් ඇති බව අසා ඇති නමුදු දැනට මතකයේ නැත.

No comments:

Post a Comment