සම්මා සම්බුදු බුදුරාජණන් වහන්සෙගේ පාත්‍රා ධාතූන් වහන්ස් තැන්පත් කළ
අභයගිරි චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා පුරා දවසක් කැප කළෙමු. දැඩි
හිරුරැස්ද, අවදානමද, දැඩි වෙහෙසද නොතකා මහත් උද්‍යෝගයෙන් හා මිත්‍රශීලී
බවින් යුතුව වැඩ කරනා දහස් ගණන් තරුණ තරුණියන් හා වැඩි මහලු පිරිස් මහත්
සතුටින් වැඩ කළහ. ඉන් සමහරුන් වයස් ගත වූ අප අබල දුබල යැයි සලකන වැඩි මහලු
උපාසක අම්මලා විය.
මොවුන් දුටු විට මට මෙවැන්නක් සිත් විය. මොවුන් බොහෝ දෙනෙක් සමහර විට
තමුන්ගේ පෞද්ගලික ජීවිතයේ ලෞකික කටයුත්තක් සදහා මෙවැනි කැපවීමක් සිදු
නොකරන්නට ඇත. කොතෙක් කීවද රාජ්‍ය අමාත්‍යාංශයක් ඉදිරිකීරීම් සදහා මෙවැනි
අවදානමක් නොගනු ඇත. රටේ සියලු බෞද්ධයින් සංවර්ධනය ලෙස අද අප සලකන ලෞකික
කටයුතු සදහාත් මෙවැනිම වූ කැප වීමක් සිදු කළේ නම් ලංකාව ලෞකික දියුණුවේ
අග්‍රස්ථානයට පැමිණ බොහෝ කල් විය යුතුය. නමුත් බොහෝ අවස්ථාවල මා එවැනි
තත්වයක් දකින්නේ නැත. ලෞකික සැප සම්පත් උපයන බොහෝ බෞද්ධයින් ඒ වෙනු වෙන්
කැප වී වැඩ කිරීම අඩුය. සමහර ව්‍යාපාරිකයින් තව තවත්දියුණු වීමේ හැකියාව
තිබියදී නිදහස තිබිය යුතු යැයි පවසමින් පැත්තකට වන බව මම දැක ඇත. එසේම
නිදහසේ සිට ලැබෙන අඩු පඩිය වුව බොහෝ දෙනා අගය කරන බවත් මා දැක ඇත. සල්ලි
වෙනුවෙන් බලහත්කාරයෙන් ගන්නා වැඩ නිසා මිස තනිව එවැනි කැපකිරීම් කරනා
පිරිස් මා දැක ඇති අන්දමට ඉතාමත් අඩුය.
මේ තත්ත්වය අද ඊයේට සීමා නොවී ඉතිහාසය පුරාවටම දිව ගොස් ඇතැයිද මට
සිතුණි. දැවැන්ත කලු ගල් දිය කර මහා පන්සල් දාගැබ් තැනුවද අක්කර ගණන් පැතිර
යන මහ වැව් අමුණු තැනුවද මෙවන් වූ හැකියාවන් සහිතව වුව බටහිර ලෝකය අද ළඟා
වී ඇති දියුණුව ලබා ගැනීමට ශ්‍රමය, මුදල් හැකියාවද හොදාකාරවම පැවතුණත් කිසි
දිනෙක බෞද්ධයන් ඒ වෙත කැප කිරීම් සිදු කර නොලැබුණි. අහසින් ගමන් කරන
මන්ත්‍රකරුවන් පිළිබදව කතා ඇසුවද හිරු – සඳු හෝ ඒවායේ ස්වභාවයවත් පදාර්ථය
තැනි ඇති දේ වත් අප මුතුන් මිත්තන්ට කුතුහලය දනවන්නක් නොවුණි. නැතිනම් ඒ
සදහා පැවති සරළ විග්‍රහයන් ඔවුන්ට ප්‍රමාණවත් විය. අඩුම තරමින් කොතරම්
බලවන්ත වුවත් අර්ථික ලාභය සදහා ආසන්න රටක්වත් ආක්‍රමණය කිරීමටවත් උත්සාහ
නොකළෝය. බටහිරයන් අප රට ආක්‍රමණය කිරීමට පෙර එදිනෙදා යැපීමට තරම් වුණු ආහාර
පාන වස්ත්‍ර බේත් හේත් සමග හිසට සෙවණත් ලෝකෝත්තර සුවයත් යන කරුණු අපගේ
මුතුන් මිත්තන්ගේ යැපීමට හොදින්ම ප්‍රමාණවත් වුණු බව පැහැදිලිය.
අද අප දකින ශ්‍රී ලංකාව තුළද මේ තත්වය දැක ගත නොහැකිද? මා හට පෙනෙන
ලෙස අධ්‍යාත්මික සුවය සදහා මුල් තැන ලබා දුන් ඒ තුළින්ම අවුරුදු දහස් ගණනක්
හික්මුණු ජාතියක්, අද ඔවුන් වෙත බලෙන් පැටවුණු පෙර ඔවුන් සිහින නොමැවූ මහා
ලෞකික දියුණුවක් හමුවේ අද අතරමංව ඇති බවක් නොපෙනේද? නිකම් සිට කන්නට බලා
සිටිනවා යැයි පෙනන මිනිස් සමූහයක් අපට අද පෙනෙන්නේ ඒ නිසාද? ඒ අපගේ
මිනිසුන්ගේ කම්මැලි කමද? මරණය වෙත රැගෙන යන ගවයකු මෙන් බලාත්කාර කමින් වැඩ
ගත යුතු ජාතියක් අපට පෙනෙන්නේ ඒ නිසාද? නමුත් ඒ කම්මැලි කමක් නම් ඒ කම්මැලි
කම පලා යන සැටි නොහැකියාව හැකියාව වන අයුරු අදටත් රට පුරා සිදුවන කොයෙකුත්
පිංකම් ශ්‍රමදාන හා ස්වභාවික විපත් තුළදී ඇති වන ඒක රාශී වීම් තුළින් අපට
දැක ගත හැක. මේ තත්වය සැබෑ නම් මෙතෙක් රජ කළ ආණ්ඩු තුළින් ලංකාවේ ජනයා වෙත
පොරාන්දු වී ඇති සංවර්ධනය වනාහී වැරදි අර්ථකතනයක්ද? පොරොන්දු වූයේ වැරදි
අවශ්‍යතාවයන් රැසක්ද? එය එසේ නම් මේ තත්වය තුළ දිනෙන් දිනම පිරිහෙන අද
දකිනා සමාජය විනාශ වීම වළකාලීමට කිසිවිටෙක නොහැකි වනු අතර අවසානයේ
ශික්ෂණයෙනුත් තොරවුණු සංවර්ධනයෙනුත් තොරවුණු මහා පීඩනයකට හසුවුණු ජන කොටසක්
පමණක් අපට ඉතිරි වනු ඇත.
No comments:
Post a Comment