Blog Archive

Monday, January 14, 2019

මහා ජලගැලුමෙන් වැලලුනු අපේ ශිෂ්ඨාචාරය

ලෝකයේ කොයි රටක හෝ වේවා පැවති අති පැරණි ශිෂ්ඨාචාර සියල්ලටම පොදුවූ ආවේනික පුරාවෘත්තයක් ඇත එනම් නම් මුලු ලෝකයම යට කල මහා ජලගැල්මක් පිලිබද කතාවයි. මහද්වීප හතට අයත් කුමන රටක පැරනි ශිෂ්ථාචාරයක් සැලකුවද ඒ සෑම ශිෂ්ඨ්චාරයකම පාහේ මේ ජලගැල්ම පිලිබදව සදහන්ව ඇත. මේ කතාව ලෝකයේ ජනප්‍රිය වී තිබේන්නේ බයිබලයේ සදහන් ජලගැල්ම පිලිබද කතාවෙන් වුවත් එම කතාවද බයිබලයට ඇතුල් වී තිබෙන්නේ පැරනි බැබිලෝනියානු ආදී පුරාවෘත්ත වලිනි.
බයිබලයේ සදහන් ලෙසම බොහෝ ශිෂ්ඨාචාර වල මිනිසුන් මේ ජලගැල්මෙන් දිවි ගලවා ගැනීමට පලා ගිය ආකාර සදහන් වෙයි .සමහරුන් බෝට්ටු තනා ගත් අතර සමහරුන් උස් කදුමුදුන් වලට පැන ගොස් ඇත. නමුත් එසේ ඉතිරි වූයේ ඉතාමත් සුලු කදු ප්‍රමාණයක් පමණක් වන අතර සමහර කදු වලට පැන ගිය වුන් නිරාආහරවද මිය ගොස් ඇත. 

මෙසෙපොටේමියාව අසබඩ නෝවා සතුන් සමග නැවකින් පලා යන විට චීනයේ නුහ්වා කන්දක් මතට පලා ගොස් ඇත. එසේම මෙම ජලගැලීම් වලින් අහිමි වූ විනාශ වූ අතුරු දහන් වූ ඉතාමත් සමෘද්ධිමත් දියුණු ශිෂ්ටාචාරයක් පිලිබද වද මේ සමගම සමහර පුරාවෘත්ත වල සදහන් වෙයි. මෙම ජල ගැල්ම හා එයට හේතුව පිලිබද සියලුම ශිෂ්ථාචාර වලින් හමුවන වෙනස් වෙනස් තොරතුරු සහ පුරාවෘත්තියන් රැසක් මේ යොමුව තුලින් දැක ගත හැකී. http://www.talkorigins.org/faqs/flood-myths.html#Greek
පුදුමය නම් බාහිර ලෝකය සමග සබදකම් නොපැවැත්වූ බව සිතන අමෙරිකා සහ ඕස්ට්‍රේලියානු ශිෂ්ථාචාර තුල පවා මෙම කතාව පැහැදිලිව සදහන්ව ඇත. එසේ නම් මෙවැනි කතාවක් මුලුමහත් ලෝකය පුරාම පැතිර තිබීමට හේතුව හුදු මිත්‍යාවක්ද ? අප ඉගෙන ගත් ලෝක ඉතිහාසයට අනුව සෑම පැරනි ශිෂ්ඨාචාරයකටම පොදුවූ ලක්ෂන කිහිපයක් ඇත.
ඔවුන් නොදියුනුය. කිසිදු දියුනු ආයුධ භාවිතයක් තිබී නැත.
පරිසරයේ සිදුවන ස්වභාවික ක්‍රියා ඔවුන් දෙවිවරුන්ගේ ක්‍රියාවන් ලෙස සැලකූහ
පැරැන්නන් සියලුම දියුනු ගොඩ නැගිලි ඉදිකරනු ලැබෙුවේ ආගමික ක්‍රියාවන් සදහා පමනි.
ජල ගැල්ම වැනි සියලු කතා මිත්‍යා කතා පමනි.
ලෝකය පැතලි බවත් ග්‍රහ තාරකා දෙවිවරු බවත් විශ්වාස කලහ.
සියලුම ආපදා දෙවියන්ගේ ක්‍රියා බව සැලකූහ.
විද්‍යාමාන පැරණි යම් යම් දියුනු විද්‍යාත්මක දැනුම් බොහේ විට අහම්බයන්ය. නැතිනම් සරල අනුමානයන්ය.
මේ නිගමන හරි හෝ වැරදි වේවා මේ සියල්ලටම හේතුවුනු කරුනක් ඇත . එනම් පරිණාම වාදයයි. රෙඛිය වුනු පරිණාමවාදයට නොගැලපෙන සාක්ෂි එයට ගැලපෙන ලෙස විස්තර කල යුතුව ඇත. බුද්ධිමත්ම මිනිසා නම් පරිණාමයේ අග්‍ර පලය වන වර්තමාන මිනිසාය. සදාචාරයේ සිට සියලුම දේ පිලිබද විශිෂ්ඨතම දැනුම හා බුද්ධිය හිමිවන්නේ වර්තාමන මිනිසාට පමනි.
නමුත් මේ කරුනු මෙසේමද යන්න විශේෂයෙන් කරුනු සොයා බලන විට ඕනෑම කෙනෙකුට සැක ඇති කර ගත හැක. මෙයට උදාහරනයක් ලෙසම පෙර සදහන් කල මහාජලගැල්ම පිලිබද මිත්‍යා විශ්වසය මිතයා විශ්වාසයක්මද යන්න සැක කෙරෙන අපූරු සොයා ගැනීමක් 1994 වර්ශයේදී පුරාවිද්‍යාඥයන් විසින් සිදු කරන ලදී.
ගොබෙක්ලි තෙපේ යනු විවිධ කැටයම් සත්ත්ව රූප මිනිස් මුහුණු ආදිය කැටයම් කල දැවැන්ත ගල් කනු සිටවා තුර්කියේ සිදු කරන ලද දැවැන්ත නිර්මාණයකි. ස්ටෝන් හෙන්ජ් නිර්මණයට වඩා පනස් ගුණයක් පමන විශාලත්වයක් දරන අක්කර විස්සක පමන ප්‍රමාණයක් තුල විසිරුනු මෙය ස්ටෝන්ජ් හෙන්ජ් වලටත් වඩා වසර හත්දාහකින් පමන පැරනි,- අදට වඩා වසර එකොලොස් දාහක් පමන පැරණි බව සොයා ගනු ලැබුනි.

 එතෙක් පැවති විශ්වාසය වූයේ පිරමිඩ් වැනි දැවැන්ත ගල් නිර්මාණ සිදුකිරීම අරම්භ වූයේ ක්‍ර පු 4500 පමණ මෙපොටේමියානු ශිෂ්ඨාචාරය විසින් බවයි. ලේාහ ආයුධ භාවිතයේ සිට කෘෂිකර්මය වැනි සියලු දෙයෙහි මුල මෙම කාලය විය. අක්ෂර ලෝහ වැඩ මෙන්ම පිරමිඩ් වැනි දැවැන්ත නිර්මාණද ඔවුන්ගේ නිර්මාණයන් විය. අප ඉතිහාසයට පාසලින් ඉගෙන ගත්තේද මෙම දැනුමයි. ඊට පෙර සිටි මිනිසා ඉතාමත්ම නොදියුනු විය. නමුත් ගොබෙක්ලි තෙපේ නිසා මේ මතය අනෙක් පසට හැරවිනි. ඊටත් වසර පන්දාහකට පමන පෙර පවා දැවැන්ත පාෂානමය නිර්මාණ කල හැකි කෘසිකර්මය කලා නිර්මාණ ආදියෙහි කෙල පැමිනි අති දියුනු ශීෂ්ඨාචාර පැවතී ඇති බවට මෙමගින් සාක්ෂි සැපයුනි. පිරමිඩ් නිර්මාපකයන් ලෙසම මොවුන්ද පෘතිවිය සම්බන්ධ චුම්භක දිශා මෙන්ම ග්‍රහ තාරකාවන් පිලිබදවද විශිෂ්ඨ දැනුමකින් හෙබි පිරිසක් විය. නමුත් මේ මහා ්‍නිර්මණය සිදු කල නිර්මාපකයන් අදටත් අභිරහසකි.
මේ සියල්ලටම වඩා පුදුම සහගත කරුණක් පසුව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ගවේශකයන් විසින් සිදු කරන ලදී. එනම් මේ දැවැන්ත ගල් කනු වල කොටා ඇති සත්ත්ව රූප මගින් පිලිඹිමු කර ඇත්තේ විවිධ තාරකා පද්ධති බවයි.
මෙම හේාඩුවාව ඔස්සේ පරීක්ෂා කල පුරා විද්‍යාඥයින් එහි දැක්වෙන පුදුමාකර කතාවක් මතු කර ගත්හ. එනම් මීට වසර 12900 පමන පෘටිතිවය හා ගැටුලු දැවැන්ත උල්කාපාතයක් පිලිබද විස්තරයයි. මෙම සොයා ගැනීම වඩාත් ප්‍රසිද්ධ වූයේ සුප්‍රසිද්ධ ඉතිහාසඥ ග්‍රැහැම් හැනොක්ගේ පලකිරීම් සමගය. මෙම නිසාම 2017 වසරේ විදේශිය පුවත් පත් රැසක මුල් පිටු සැරසීමට මේ සොයා ගැනීම හේතු විය.

 

මෙයට සමගාමීව එතෙක් කල් විවිධ විදාඥයන් පර්යේෂකයන් විසින් එකතු කල ගවේනය කල අනෙක් තොරතුරුද මේ හා සමග ගලපන්නට විය. වසර 12900 කට පෙර සිදුවුනු උල්කාපාත ගැටුමක් පිලිබදව විද්‍යාඥයින් සැකපහල කරමින් සිටියේ 2007 පමන සිටය. වසර 12000 පමන හිටිහැටියේ සිදුවුනු කාලගුණික වෙනසක් පිලිබදව ඒ වන විටත් සොයා ගෙන තිබුනි. සමහර ප්‍රදේශ වලින් සොයා ගත් කුරුමිණියන් පෙන්වා දුන්නේ එම ප්‍රදේශවල වාර්ෂික උෂ්නත්වය පහල වැටීමක් සිදුවී ඇති බවයි. එය එතැන් සිට අයිස් යුගයක් ලෙස පැවතී ඇත.
එසේම උතුරු ඇමරිකාව පුරා විසිරිගිය මෙම ාකලයටම අයත් අදික තාපය යටතේ උණුවී ගිය පාෂාන හා ක්ෂුද්‍ර දියමන්ති කොටස්ද උල්කාපාත වලින් බහුලවම ප්‍රථිවියට ලැබෙන ද්‍රව්‍යයක් වූ ඉරිඩියම් ලෝහය වැඩි සංයුතියක්ද මෙයටම සාක්ෂි දරයි.

යන්ගර් ඩ්‍රයස් බ්ලැක් මැට් බවුන්ඩ්‍රිරි ලෙස හැදින්වෙන්නේ උතුරු අමෙරිකානු මහද්ළුිපයේ සිට වර්ග කිලෝමීටර මිලියන පහලවකඩ වඩා ප්‍රමාණයක පැතිරුනු මෙම සමයට අයත් ක්ෂුද්‍ර දියමන්ති , උණුවී වීදුරු බවට පත්වුනු වැලි කැට , ඉරිඩියම් සහ පිටසක්වලින් ඇතුල් වුනු හීලියම් පිලිබද සාධක සොයා ගැනීමයි. මේවා සිදුවිය හැකි, අදික ශක්තියක් මුදා හැරිය හැකි අවස්තා දෙක නම් එක්කෝ අධිබල පරමානු බෝම්බයක් තුලින් හෝ නැතිනම් ග්‍රහක ගැටීමක් තුලින් පමනි.

එසේම මෙම කාලයටම අයත් ලෙස මැමත් වැනි සත්ත්වයින් ආහාර ගනිමින් සිටියදීම කෂනික මරණයකට ලක්වූ සාක්ෂි පවා සොයා නෙ ඇත.උන් බොහෝමයකගේ බිදී ගිය අස්තිද සමහර ප්‍රදේශ වල දහස් ගණනක් මිය ගොස් ඇති ආකාරයද සොයා ගෙන ඇත.
මෙම සාක්ෂි වලටම ගැලපෙමින් මෙම කාලයටම අදාලව හදිස්සියේ සිදුවුනු මුහුදු ජලමට්ටමේ වැඩි වීමක් පිලිබද සාක්ෂිද ලැබී තිබුනි. පැය විසිහතරක් වැනි කාලයක් තුල ලෝකය පුරාම අඩි තිහකින් පමන මුහුදු මට්ටම ඉහල ගොස් ඇති අතර ආක්ටික් සහ ඇන්ටාක්ටික් අයිස් සාම්පල මගින් මේ බව පෙන්නුම් කෙරිනි. අදාල ප්‍රස්තාර පහත ඡායාරූප වලද දැක ගත හැක.මේ සියලුම සාක්ෂි සහ තවත් බොහෝ සාක්සි වල ආරම්භය හෝ කාලය හරියටම 12000 පමන ඉතිහාසය හා හරියටම සැසදෙයි. මේ මතය තහවුරු කෙරෙන අලුත් සාක්ෂි දැන් දැන් දිනපතා ලැබෙමින් පවතී. මේ විද්‍යාත්මක සාධක වලටම තවත් රැකුල් දෙමින් මීට අමතරව තවත් පැරණි දාර්ශනිකයන්ගේ ලියවිලි වලින් පවා මේ පිලිබදව අදහස් ලබා ගත හැක.

අතීතයේ ශ්‍රී විභූතිමත්ව පැවති අතිය දියුනු ඇට්ලැන්ටීස් නම් දිවයිනක් පිලිබදව සදහන් කොට තිබෙන් ප්ලේටෝ ව්සින් රචනා කල පොත් දෙකකය. ඔහුගේ කාලයට වසර නමදාහකට පමන පෙර ගොඩ ගැලූ දැවැන්ත මුහුදු රල හමුවේ විනාශ වී ගිය මේ නගරය පිලිබද ඔහුගේ කාලනිර්නයද මේ ග්‍රහක ගැටමේ කාලයටම දිව යයි.
මෙවැනි සාධක සිය ගණන් වලින් පැහැදිලිවම පෙන්නුම් කෙරෙන්නේ අවුරුදු දොලොස් දාහකට පමන පෙර සිදුවුනු වර්ග සැතපුම් තිහක් පමන විශාල දැවැන්ත උල්කාපතයක් පෘතිවියේ ගැටීමත් ඒ සමගම සිදුවුනු අති විශාල පාරිසරික හා දේශගුනික විපර්යාසයනුත් පිලිබද විස්තරයයි. දියුනුවේ හිනි පෙත්තෙ එතෙක් පැවති ශිෂ්ථාචාරය සහ මුලින්ම අතුගා දමා නැවතත් කොල අතු අදිමින් තැන තැන දඩම් කිරීමට මිනිසා
පත් කරවූ එය එතෙක් ලොව පැවති සත්ත්ව හා මිනිස් ජනගහනයෙන් සියයට අනූවකටත් වඩා මෙම සිදුවීමෙන් සහමුලින්ම වැනසී යන්නටද ඇත. එසේ නම් ගොබෙක්ලි තෙපේ නිර්මාණයන් මේ නිහඩවම කියා සිටින්නේ මේ ධරුනු ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් හෝ එයට හසු වීමෙන් ලෝකයෙන් සමුගත් දියුනු මානව පිරිසකගේ කදුලු කතාවයි. ග්‍රාහක ගැටුමෙන් පසු අවුරුදු 1300 පමන පැවති අයිස් යුගයේ(Younger Dryers) ටොන් ගණන් බරැති අයිස් තට්ටු වලට යටවී පෙර ශිස්ටාචාරයේ බොහෝ නිර්මාන සහමුලින්ම අතුරුදහන්ව යන්නට ඇත. ගොබකේලි තැපේ පස් වලින් වසා දමා එය රැකීමට නවිර්මාපකයන් උත්සාහ දරන්නට ඇත්තෙ අපටද මේ පනිවිඩය ලබා දීම විය යුතුය. තවමත් ගොබෙක්ලි තැපේ හි ගවේශනය කර ඇත්තේ සියයට පහක් පමන ප්‍රමාණයක් පමනක් වන අතර පුදුමය දනව දෙය නම් ඉංග්‍රීසීන් විසින් මුලින්ම ගවේශනය කල බව පැවසෙන ඕස්ට්‍රේලියානු ඇබෝජිනියන් වරුන්ට අයත් සලකුනු පවා මේ අතරින් හමු වීමයි.

මේ කරුනු සත්‍යය නම් මේ අනුව අපට අලුත් නිගමන කීපයකටම පැමිණිමට ඇත . ලොව පුරා දකින අතිශය දියුණු නිර්මාණයන් වන පිරමිඩ් ආදී නිර්මාණ ිසිසේත් බැබිලෝනියානු ශිෂ්ථාචාරයේ නිර්මාණ විය නොහැක. අද නවීන විද්‍යාවෙන් හා තාක්ෂනයෙන් පවා සපුරා ගත නොහැකි තරම් සුවිසේශී දැනුමකින් හා තාක්ෂණයකින් නිර්මාණය කර ඇති පිරමිඩ් වැනි නිර්මාණ කිරීමට කිසිදු දැනුමක් හෝ හැකියාවක් බැබිලෝනියානුවන්ට තිබුනේ නැත. පිරමිඩ් නිර්මාණය පිලිබදව පවා කිසිදු සදහනක් ඔවුන් සතුව නැත.පසු කලෙක සොහොන් ගෙවල් බවට පත් කර ඇති අනුරූ කුඩා පිරමීඩ පමනක් ඔවුන්ගේ නිර්මාන බවට සැක නැත. ඒ හැරුනු කොට ලොව කිසිදු පැරණි පිරමීඩයකින් කිසිදු මමියක් හෝ සිරුරක් සොයා ගෙන නැත. එය හුදෙක් ගෙතූ කතාවක් පමනි. ඒවායේ විද්‍යුත් චම්භක ගබඩා ශක්තිය පිලිබදව ගවේශනය කරන ලද්දේ ගිය වසරේදීය. නමුත් අදටවත් ඒවායේ නියම ප්‍රයෝජනය කුමක්ද යන්න සොයා ගෙන නැත. ස්පීනික්ස් අවට හෑරුනු ජල දහරා නිසා එම නිර්මාණ වසර දහදාහකටවත් එහා එම ප්‍රදේශ වලට හොදින් වර්ා පතන ලැබෙන කාල වල නිර්මාණ පවට පෙර පටන්ම සමහර විද්‍යාඥයින් සැක පහල කර තිබුනි.
මේ අනුව කිසිදු අපහසුවකින් තොරව ගුරුත්වය පරදවා අති දැවැන්ත ටොන් ගණන් බර ගල් කුට්ටි පවා ඔසවා කැමති පරිදි සැකසීමට තරම් හැකියාව තිබුනු, අති දැවැන්ත නිර්මාණ කටයුතු කල හැකිව තිබුනු ලොව පුරාම පැතිරුනු එකම දැනුමකින් යුක්ත වුනු,විශ්වය පිලිබදවද එහි ක්‍රියාකාරීත්වය පිලිබදවද අප නොදන්නා කරුනු පවා දැන සිටින්නට ඇති බව සිතිය හැකි අතිශය දියුනු අපේ පෙර මානව ශිෂ්ථාචාරය මෙසේ සමු ගන්නට ඇත. දැවැන්ත පාශාන නිර්මාණ සැඩ පහරට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර අප වෙත පණිවුඩයක් ලබා දීමට කරන ලද උත්සාහයක් නම් එය සාර්තක වී ඇති බව කෙසේ නම් අප ඔවුනට දන්වා සිටින්නද
මින් ඉතිරිවුනු දැනුම පසු කාලීනව ප්ලේටෝ ආකිමිඩිස් වැන්නවුන්ගෙන්ද තවත් දේ පුරාවෘත නැතිනම් දේව කතා ලෙස ආගමික සංකල්ප ලෙසින් නොදියුනු මිනිසුන් අතින්ද විවිධ ස්වරූප වලින් අද දක්වා පැමිණෙන්නට ඇත. ජල ගැල්ම පිලිබද කතාව එකම ලෙස පැමිණෙන විට එයට හේතුවුනු උල්කාව දෙවියන් විසින් සිදු කල ප්‍රහාරයක්, දෙවියන්ගේ ක්‍රියාවක් ආදී ලෙස පච ගැසූ බ්‍රාහ්මනයින් වැනි හොර ආගමික නායකයන්ද සිටින්නට ඇත. කෙසේ වුවත් ලෝකය පුරා විසිරී පැවති එකම ශිෂ්ථාචාරයක් පිලිබදව අදහසක්ද මේ අනුවම ලැබේ.
මේ සම්බන්ධ පොත් ගණන් ලිවිය හැකි බෝහෝ කරුනු ඇතත් සියල්ල සදහන් කිරීම සිදු කල නොහැක. නමුත් පහල යොමු ආදියෙන් මේවා පිලිබද වැඩිදුර තමතමුන්ටම අධ්‍යයනය කල හැකි වනු ඇත. දැන්ට තේරුම් ගත යුතු දෙය නම් අප ඉගෙන ගත් මානව ඉතිහාසය වෙනස් කල යුතු සහ එය දෙස බලන පටු කෝණය වෙනස් ලෙස බැලිය යුතු කාලය පැමින ඇති බවයි. අතිසංකීර්ණ විශිෂ්ඨ දැනුම් පද්ධතියක් හා තාක්ෂණයක් රැගත් පිරමිඩ් වැනි නිර්මාණ සොහොන් ගෙවල් ලෙසත් ගල්යුගයේ මිනිසාගේ ප්‍රාථමික නිර්මාණ ලෙසත් හුවා දැක්වූ දැනුම් පදධතියේ නිවැරදි බව පිලිබදව ප්‍රශ්න කල යුතු කාලයද පැමින ඇත.
(ක්‍රිස්වයිට් වැන්නන්ගේ වාර්තා වැඩසටහන්ද හිස්ට්‍රි නාලිකාවේ ඒන්ෂන්ට් ඒලියන්ලාගේ විකාර ද බලා මා වුවද සිටියේ පෙර පැවති දියුනු ශිෂ්ඨාචාරයන් ප්‍රතික්ෂේප කරන තැන වුවද දැන් ලැබී ඇති සාක්ෂි සමස්ත ලෙස සලකා බලන විට තවදුරටත් පැරනි දියුනු ශිෂ්ඨාචාරයක් පිලිබදව පිලිනොගැනීම කිසිසේතම තර්කානුකූල නොවන බව දැන් වැටහේ.)

No comments:

Post a Comment