Blog Archive

Sunday, January 13, 2019

අනිත්‍යය විද්‍යාත්මකද ?



වෙලාවක ඇදේ වැතිරිලා ඉන්න ගමන් ඇස් දෙක වහගෙන වටේ පරිසරය හිත යොමු කරලා තියෙනවද ? වෙනස් වීම් මෙනෙහි කරලා තියෙනවද ? අපි සාමාන්‍යයෙන් දන්නේ ඇති වීම් නැති වීම් කියලා වෙනස් වෙනවා කියලා. නමුත් ඒකත් වෙනස් වීම කියන තනි වචනයට දාලා අනිත්‍ය කියලා වෙනස් වීම් මෙනෙහි කරන්න. ඔබට ඇහෙයි වටේ පිටේ ශබ්ධ . වාහානයක් යනවා වගේ නම් හඩ අහගෙන ඉන්න. ඒ හඩ ඇහෙන්න පටන් ගත්තු තැන ඉදන් නොඇසෙන තැන දක්වා. කෙමෙන් වැඩි වෙවී පසුව අඩු වෙවී ශබ්ධය වෙනස් වේගන ගිය හැටි ඔබට දැනේවි. කුරුල්ලකු හෝ සතෙක් කෑ ගසන සද්දයක් නම් ඒත් ඇති වෙලා නැති වෙන හැටි දැනේවි.වෙනස් වීගෙන යන හැටි දැනේවි. ශබ්ධ එක දිගට ඇති වෙලා නැති වෙවී වෙනස් වන ආකාරය දැනේවි. සුලගේ ශබ්ධයේ සිට කුමන කුඩා හෝ ලොකු ශබ්ධය හොදින් මෙනෙහි කරන්න. හැම එකම කෙටිව හෝ දීර්ඝව කෙමෙන් කෙමෙන් ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් බව තේරේවි. වෙනස් වෙන බව තේරේවි. එක දිගටම තියෙන ශබ්ධයක් උනත් ඉක්මනින් ඉක්මනින් සිදුවන වෙනස් වීම් බවත් ඒවගේ කුඩා හෝ මහත් කොටස් වල එකතුවක් බවත් තේරේවි. බාහිර පරිසරය මේ ආකාරයෙන් වෙනස් වෙමින් යන තැනක් බවට මේ ආකාරයෙන් මෙනෙහි කරන්න.
වෙන මොනවද දැනෙන්නේ? ඊලගට මෙහෙමත් මෙනෙහි කරන්න. වෙනස් වන බව අරමුනු කරගෙන. ඇගට සුලං වදිනවා ම් ඔබට තේරේවි ඒකත් මේ ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් වල එකතුවක් බව. ඇගට දැනෙන ස්පර්ෂය ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් බව. සිරුර ඇදේ ගැටෙන ස්ථාන ගැන හොදි් අවධානය යොමු කලොත් පෙනෙය් ඒ ස්පර්ෂය ගැන දැනීමත් ඇති වෙලානැති වෙලා යන වෙනස් වීම් වල එකතුවක් බව. හදවත ගැහෙන හැටි. සිතිවිලි තැනින් තැන අල්ලා ගන්න හැටි සහ අරමුනෙන් අරමුනට මාරුවෙන හැටි.... මේ විදිහටම තමුන්ගේ සිරුර ගැනත් හිතන්න. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා . ඒ අනුව පපුව බඩ එහෙමත් සෙල වෙනවා. වෙනස් වෙනවා. ශරීරයේ කැසිල්ලක් ආවත් , වේදනාවක් ආවත් සතෙක් දෂ්ථ කලත් ඒ එන වේදනාවත් ඇති වෙනවා නැතිවෙනවා බව මෙනෙහි කරන්න පුුලුවන්.
දැන් අර බාහිර ලෝකයේ හදුනා ගත් වෙනස් වීමුයි ශරීරයේ වෙනස් වීමුයි සියල් ලම එකම වෙනස්
වීම් රැසක් පමනක් බව සමස්තයක් ලෙස හිතන්න පුලුවන්ද ? (නිකම් අත කැපෙන්න පුලුවන දෙයක් ලිහිල්ව අල්ලනවා වගේ ඒ දැඩිව ගන්නැතුව සියල්ල ගැන සමස්ත ලෙස ) එලියත් වෙනස් වෙනවා ඇතුලත් වෙනවා. වෙනස් වීම් ඇර වෙන කිසිම දෙයක් නෑ. දැන් කෝ ඔබ ? කෝ ලෝකය ??
දැන් මෙහෙමත් හිතන්න පොඩි කාලේ කුඩාවට හිටපු ඔබ ලොකු උනා දැන් වයසට යනවා . අනාගතේදි වයසට ගිහින් ඇග රැලි වැටිලා අවසානයේ මිය යනවා. අපේ ඇස් දුර්ල වෙනවා , විනාශ වෙනවා, මුහුන විරූපී වෙනවා, මොලෙත් අවසානයේ වෙනස් වෙලා විනාෂ වෙලා යනවා. මුලු ශරීරයම විනාෂ වෙලා නවා. ඇටකටු පවා විනාශ වෙනවා. මේ වෙනස් වීම....
ලෝකයත එහෙමයි ගස් වැවෙනවා, හිර පායනවා සද පායනවා , වහිනවා, පායනවා, වතුර ගලා යනවා, ගංගා ඇල දොල ගලා යනවා, මුහුදේ රැල නගිනවා. කුරුල්ලෝ පියාඹනවා , උන්ගේ පැටව් ලොකු වෙනවා , උනුත් මැරෙනවා, ලේකයේ ඉන්න මිනිස්සුත් තරුන වෙනවා , ලස්සන නෙවා, වයසට යනවා, විරූපී වෙනවා මැරෙනවා ශරීරය විනාෂ වෙනවා .... තමුන් පැත්තෙන් හිතුවත් ලෝකය පැත්තෙන් හිතුවත් වෙනස් වීමම නේද ? ? කොහෙන් ගත්තත් වෙනස් වීමම නේද ? මේ ඔක්කොම ගැන හිතලා මේ සියල්ල සමස්තයක් ලෙස වෙනස් වීම් ගොඩක් ලෙස සිතන්න පුලුවන්ද ? ඇහෙන දැනන ඔක්කොම කම වෙනස් වීම් ගොඩට දාන්න. දැන් එහෙම ගත්තහම කෝ ලෝකය? කෝ ඔබ ???
වෙනස් වීම් මෙච්චරද ? නැහැ. ඇසින් යම් දේවල් දකින එක ? බලන එක ? සිතිවිලි ව ල අතරමන් වන හැටි, සිතිවිලි ඇති වෙලා නැති වෙන හැටි, සින්දු අහපු හැටි, නටපු හැටි, ලෙඩ උනු හැටි, හොද වුනු හැටි, ඔබ පාසල් ගිය හැටි. ක්‍රීඩා කරපු හැටි, විනෝද වුනු හැටි . ඒ කාලේ ඉවරයි දැන්, ඇද ඔබ රැකියාවට යන එන එක . මාසේ අන්තිමට පඩි ගන්න එක . එදාට ඒ ගැන සතුටු වෙන එක. පඩිය ටික ටික වියදම් වෙලා යන හැටි. , ඒ ගැන හිතලා දුක් වෙන එක. කතා කරන එක ? ගෑනු ළමයකුට පිරිමි ළමයකුට හිත ගිය දවස , පෙම්වතෙක් පෙම්තියක් වුනු දවස? විරහ වේදනා විදපු කාලය විවාහ වුනු දවස? දරුවන් ලැබුනු හැටි දරුවන් උස්මහත වුනු හැටි හෝ ඉදිරියේ දි උස් මහත් වන හැටි. ගෙවල් හදන්න පටන් ගත්තා හෝ ඉියේදී හදන හැටි, එහි වැඩ අවසාන වන හැටි... වාහනයක් ගන්න හිතන , එක , අර ගත්තු හැටි . ලොතරයි දිනුම් ඇදුනු හැටි දිනුමක් ඇදෙන්න ලොතරයි ගන් න හැටි ?? තෑගි ලැබුනු හැටි.... මේත් මොනවද ???? වෙනස් වීමම තමා...
ඒ වගේම ලොකයේ අනිත් මිනිස්සු වෙනස් වන හැටි . පාසල් ගිය හැටි , රැකියා කරන හැටි, විවාහ වන හැටි, දික්කසාද වෙන හැටි , දරුවන් හදන හැටි , දරුව් ලොකු මහත් කරන හැටි, ලෙඩ වෙන හැටි. දෙමව් පියන් වයසට යන හැටි, විශාල ගොඩ නැගිලි ඉදිකෙරෙන හැටි, මිනිස්සු දියුනු වෙන හැටි, ග්‍රහලෝක ජය ගන් න හැටි, යුද්ධ ඇති වන හැටි, යුද්ද නැති වෙන හැටි.. සුනාමි, ගංවතුර ගලපු හැටි.... මේත් මෙනවාද? වෙනස් වීම්මම තමා..
දැන් මේ ඔක්කොම එකට තියලා සමස්තයක් විදිහට වෙනස් වීම් ගොඩක් විදිහට බලන්න පුලුවන්නම් කෝ ඔබ? කෝ ලෝකය ???? වෙනස් වීම් ගොඩක් විතරයි නේද ?
මද හෝ වේදානවකින් ඉන් න වෙලාවක උනත් ටිකක් මේක කරලා බලන් න. වේදනාව අඩුවෙයි. ඇයි ඒ ? වේදනාව වෙනස් වීමක් කියලා නොගෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කරන සිතිවිල්ලෙන්ම ඒ ගැන නොයිවසිල්ලක් ඇවිල්ලා වේදනාව වැඩි කරනවා. නමුත් වේදනාව වෙනස් වීමක් කියලා මෙනෙහි වෙනවා නම් අර පිටත හො අනෙකුත් වෙනස් වීම් වගේම එය තවත් වෙනස් වීමක් පමනක් බවම පිලිගන්නවා. ලොතරයියක් ඇදීමත්, සින්දුවක් රස විදීමෙන් තුට ඇති වීමත්, මේ වේදනාවත් ඔක්කොම වෙනස් වීම්ම පමනක් බව තේරුම් යනවා. මේ වගේ අනිත්‍ය මෙනෙහි කලොත් ගැහුවත් බැන්නත් දිනුවත් පැරදුනත් ධන පතියෙක් උනත් දුප්පතෙක් උනත් හෙට හෝ ලබන සතියේ එල්ලලා මරන් න හිටියත් කිසිම කම්පාවක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇයි අර සමස්ත වෙනස් වීමේම කොටසක් තමා මේ. වෙනස් වීම් හැරුනු කොට වෙන කිසිම දෙයක් නෑ.
සියලුම රාග ද්වේශ සියල්ලමත් මේ වෙනස් වීම් කියලා මෙනෙහි කරන්න . කවදා හරි තවදුරටත් රාගය රාගයක වෙන්නේ වත් ද්වේශය ද්වේශයක් වෙනනේ වත් නෑ. තවත් වෙනස් වීම් විතරයි. ලෝකයේ වෙනස් වීම් සහ මේ සිතේ වෙනස් වීම් කියලා දෙක්ක් වෙන්නෙත් නැහැ. සියල්ල සමස්ත වෙනස් වීම් ගොඩක් විතරයි. ඒකෙ මම වත් ඔබවත් ලෝකයක් වත් නෑ. අපේ අවිද්‍යාව තමයි මේ වෙනස් වීම වෙනස් වීම කියලා නොගෙන මේක සැපක් මේක දුකක් මේක මගෙ මේක අරයගේ , අරක කරනවා මේක කරනවා කිය කිය බෙදාගෙන ඉන්නේ . අන්න ඒ නිසාම තමයි ඒවා වෙනස් වෙන කොට තව දුක සැප කියලත් අල්ලා ගන්නේ. නමුත් සමස්තයම වෙනස් වීම් කියලා තේරුම් ගත්තහම කෝ දුකක් ? කෝ සැපක් ? කෝ ඔබ?? කෝ ලෝකය ? කො දරුවෝ කෝ මිනිස්සු ?
මේ තියෙනනේ විද්‍යාවෙන් හොයන ග්‍රෑන්ඩ් යුනිෆීල්ඩ් තියරිය නැතිනම් සියලුම දේ එක තැනකට ගන්න පුලුවන් නියමය අගේට දක්වලා බුද දහමේ. සියල් ල සමාන වෙනවා සියල් ල අනිත්‍යය නිසා. සියල් ල වෙනස් වීම් නිසා. අපි අල්ලා ගන්න විදිහ නිසයි අපිට එක එක විදිහට පේන්නේ. නැතුව වෙනස් වීම් හැර වෙන කිසිවක් නෑ.... ඔය වෙනස් වීම් වල එකක් හරි අල්ලා ගත්තොත් දුකක් හරි සැපක් හරි කියලා ඔන්න අනිත් වෙනස් වීම් වලටත් ලේබල් එනවා.ඇඩීම් වැලපීම් සතුටු වීම් සියල්ලම සමග තන්හා මාන වගේ ඔක්කෝම ඇදිලා එනවා.
මේ අවබෝධය බටහිර විද්‍යාවද පෙරදිග විදයාවද ? සාපේක්ෂතාවාදයද ? ක්වොන්ම් භෞතිකයද ? ආගම්ද ? දර්ශනද ?ගුප්ත විද්‍යාවද ? නෑ. පැහැදිලිව පේනවා නේද මේ එකක් වත් නෙමෙයි කියලා. තවදුරටත් බුදු දහම දර්ශනයක් හෝ වෙනවද ? නෑ. ඒක බුදු දහමම විතරයි.
යම් වාදයක් සමග වාද නොකරන යම් වාදයක් වේද එය මගේ වාදයයි. - බුදු රජානන් වහන්සේ. ඒ වාදය තමා උඩ දැක්වූවේ. අනක් සියලු වාද ඔය වෙනස් වීම් ඇතුලේ කර ගත්තු අල්ලා ගැනීම් කියලා දැන් තේරෙනවද ?
අනිත්‍ය නිර්මාණශීලී විදිහට හිතන්න , නිර්මාණශීලී විදිහට දකින්න . ඔලුවට එන හැම අරමුනක්ම හෝ වේදනා හෝ දකින දේ හෝ විදින සියලු දේ අනිත්‍යයට දාන්න පුරුදු වෙන්න. දිනපතා නිදා ගන්න කොට හරි කරලා බලන්න. ලෝකයම මැරී මැරී යන මිනිස්සුන්ගෙන් හා සත්ත්වයින් පිරුනු වෙනස් වෙන දේවලින් පිරුනු තැනක් විතරයි විදිහට බලන්න අනෙක් ලෝක ගැනත් හිතන්න. පුරුදු උනහම දුකින් ඉන්න වෙලාවක කරලා බලන් න දුක තුනී වෙන හැටි. අත පය කැපිලා ගියත් , මරන්න හැදුවත් ඒක ගානක් නැතිවෙයි. සියල්ල වෙනස් වීම්ම විතරයි කියලා තේරෙයි කවදා හරි දවසක කිසිම දේකින් දුකක් දැනෙන එකක්ම නෑ. ඔන්න ප්‍රායොගිකත්වය බුදු දහමේ. ඔන්න ප්‍රත්‍යක්ෂව පැහැදිලිව ඔබට තේරෙයි බුදු දහමේ සන්දිට්ඨික බව නැතිනම් මේ ජීවිතයේදීම තේරුම් ගන්න පුලුවන් බව ඇත්තම ඇත්ත බව.
.ගැටලුව දුක නම් ඒක නැතිකරන්න අවශ්‍ය වෙනනේ වෙන වෙන විජ්ජාවල් නෙමෙයි. මේ අදහස සංසාරය කියන එකට දාපුවහම ඇත්තම මෙහෙම කරන්න ඕනෙ ඇයි කියලා තේරෙයි.

විද්‍යාවෙ දියුනුවද අවිද්‍යාවෙ දියුනුවද ?

මේ දවස් වල නැගලා යන මාතෘකාවක් හැටියට මනසක් තියෙනවාද කියන මාතෘකාව ගන්න පුලුවන්. මේකට මම සමහර අය විරුද්ධ තර්ක ගෙනෙනවා දැක්කා රොබොලාව උදාහරනයට ගෙන.
නමුත තිබෙන සරලම ගැටලුව ඔවුන් තෙරුම් අරන් නැහැ. ඔබ කියනවා මම කියන පරමානු ගොඩ විසින තවත් පරමානු ගොඩක් පරමානු ගොඩක් ලෙස හදුනාගෙන ඇති බව . එ වගෙම මම කියන පරමානු ගොඩ අනෙක පරමානු ගොඩ නොවන බව හදුනා ගෙන ඇති බව. 

ඊට වඩා එ් ගැන විස්තර කරන්න යනනෙ නැහැ මොකද මෙ ලිපියේ අරමුන වෙනත් දෙයක් නිසා. ඔතනින් එහාට රොබෝලා නෙමෙයි සත්තුම හැදුවත් එච්චරයි. අරයට වැඩියෙන් තියෙනවද මෙයාට අඩුවෙන් තියෙනවාද කියන එකවත් නෙමෙයි . ගැටලුව තියෙනනෙ තමුන්ගෙ හදුනා ගැනීම පිලිබදව. එහෙම නැතුව කවදාවත් තවත් සත්ත්වයකුගේ හදුනා ගැනීම දැන ගන්න අපට බැහැ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒ සත්ත්වයාට. 

හැම දේම බුද්ධියෙන් හෝ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කර ගන්නත් බැහැ. නිවන , යලි නොඋපදින බව , වගේ දේ
ප්‍රත්‍යකෂ වෙනනෙ ප්‍රඥාවට, එ වගේම මතක විදිහට අතීත භව වල තමන ඉපදුනු බව ප්‍රත්‍යකෂ වෙන්නෙ මෙනෙහි කිරීමට . මේ වගෙ ස්පර්ෂයෙන් ප්‍රත්‍යකෂ කර ගත යුතු දේ තිබෙනවා, දැකීමෙන් ප්‍රත්‍යකෂ කර ගත යුතු දෙ තිබෙනවා, ඇසීමෙන් ප්‍රත්‍යකෂ කර ගත යුතු දේ තිබෙනවා. සිංදුවක් ලසසනයි කියපු නිසා ඔබට එහි ලසසන වැට හෙනනෙ නෑ. එ් නිසා ගැටලුව පිලිතුර තිබෙනනෙ තමුන් තුල. මිස පිටත සතතවයන් තුල හෝ ක්‍රියාවන් තුල නෙමෙයි.
මේ ලිපිය ලිවීමට හෙතුවුනු කාරනය වුනේ මේ යම් යම් පිරිස් විසින මේ ආකාරයෙන් කරන විග්‍රහ හරහා අපේ තරුණ පරපුරට හා විද්‍යාවෙන් ඉදිරියට යාමට සිටින පිරිසට කරන අති විශාල හානිය නිසායි. 
මොකද්ද මෙ හානිය? මම දැකකා එක මහතමයෙකු ලිපියක දක්වලා තියෙනවා ඔහු දුටු රොගියකු ගැන. ඔහු ගේ මොලය අක්‍රීය වෙන්න වෙන්න ඔහු ගේ ක්‍රියාවනුත් අඩු වෙලා අවසානයේ පොඩි ලමයෙක වගේ වුනු බව.ඒ නිසා තර්කය මොලයේ රසායානික ක්‍රියාවලිය පමනක් පවතී.
නමුත අපි කා කරන මනස කියන එක මොවුන් පටලවාගෙන ඉන්නවා මේ අද්භූත යම් ආත්මයක වගෙ දෙයක් ලෙස . නැහැ. අනෙක් ඉනද්‍රියයන්ට වගේම සිතිවිලි ග්‍රහනය වනනෙ මොලයට. එතකොට වෙනම සිත නැතිනම් සිතිවිලි වශයෙන ප්‍රෙසෙස් එකක් තිබෙනවා පිටි පසසෙ. එ්ක ඇවිල්ලා භෞතික ලෝකයෙන් වෙනස් වෙනනේ අපේ හදුනා ගැනීම නිසා. බෙදා වෙන් කර ගැනීම නිසා. ඉන්ද්‍රියයන්ගෙන ලැබෙන සංඥා අනුව මේක වෙනස් වෙනවා. එ්වා මොලයට ග්‍රහනය වෙනවා. මෙ ප්‍රෙසෙස් එක සරලව බෙදීම නැතිනම් මායවක ප්‍රතිපලයක් මෙන්න මම මෙන්න ලෝකය කියන. ලෝකය තමයි පරමානු හදුනා ගත්තෙ. මොකකට සාපෙකෂවද ? තමුන්ට සාපෙකෂව.සාපේක්ෂ හදුනා ගැනීම පලවෙනිම කාරනය බව තෙරෙනවාද ? මේ කියපුවාත් තරකානුකුලව පෙන්වන්න පුලුවන් මෙන්න මේ නිසයි මෙහෙම කියන්නෙ කියලා. ඉතින් අඩුමගානෙ මූලික තර්ක ක්‍රම වත් නැතුව මූලික දැනුම වත් නැතුව තමුන්ට ඖනෙ අර්ත කතන දීලා කරන විනාෂයට පොඩි උදාහරනයක් මෙහෙම බලමු.
මම වෛද්‍ය පර්යේෂකයෙක් නම් පෙර අර මොලය දුර්වල වුනු රෝගියා මට ලැබුනා නම්. එකක් තමා මම කරන්න පුලුවන් අර තර්ක අහලා දැන් වැඩැක් නැ . රෝගියා සමග ගනු දෙනු කල නොහැකියි කියා අල්ලලා දාන එක. නමුත් මම එහෙම කරන්නේ නෑ. මම අහලා තියෙනවා මොලය සිත දෙකක් විය හැකි බව. එ නිසා මම බලනවා යන්තරයක් හරහා මොලයේ කුඩා ප්‍රමානයක් හෝ රෙප්ලිකෙට් කරලා ඉලෙකට්‍රොනිකව අර ප්‍රෙසේස් එක මට බාහිරව ග්‍රහනය කර ගන්න පුලුවන්ද කියලා. හරි ගියොත කොහොමද? වැරදි උනොත් අලුත් යන්ත්‍රයක නිර්මානයක් හෝ ඉතුරු වෙයි. සමහරු දැන් මේකට ප්‍රති තර්කයක් ගෙනෙයි එහෙනම දෙවියන් වහන්සෙව ඩිටෙක්ට් කරන හො කමියුනිකෙට් කරන මැසිමකුත් ට්‍රයි කරමු කියලා. ගැටලුවක නෑ. දෙවියන වහනසෙව දැනටමත කොතනට හරි දැනෙනවා නම් 
අර සිතන්න පුලුවන් ද කියන ලිපිය බලපු නැති අය අනිවාරයයෙනම බලනන. මොකද ඔය පැහැදිලි කිරීම තුල තියෙනවා අතිවිශාල දැනුම සමභාරයක්. ලොකය ගැන තනියම ඉනපසු ඉගෙන ගන්න පුලුවන්. සිතිවිලි හො දැනුම අහසින් පාතවෙනනෙ නෑ. ඔබෙ දරුවාට ඔබ අනෙක සියලල ප්‍රතික්ෂෙප කරලා බුද්ධිමත් විද්‍යාතමක චින්නයක ඇති දරුවෙක් හදනවා කියලා විද්‍යාව සහ ගණිතය පමනයි නම උගන්වන්නෙ ඔහු තරම කිසිම නිරමාණශීළීතවයක් නැති මෙලා රහකට නැති ගොබ්බයෙක් තවත් නෑ.
ලංකාවේ මෙ විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා කියන අය කරන්නෙ මෙක. මෙකටත් වඩා ඇතතටම ගත්තොත් බුදු දහම සමග තියෙන මොකද්දෝ ඇරියස් කවර කිරීමක්. නමුත් පේනවා නේද. අපි බුදු දහම තුලින විද්‍යාවත් දියුනු කරන කොට මොවුන් විද්‍යාවෙ දියුනු වත් වලකවන්න උතසාහ කරන හැටි. බුදු දහමේ සහ නවීන විද්‍යාවෙ අරමුනු වෙනස් . එක නැවත නැවත පැහැදිලිව පෙනවා දී තිබෙනවා. නමුත් අපිට පුලුවන් දෙකින්ම වැඩ ගන්න. ඇවැසි දෙයට දෙකේ දැනුම මාරුකරගනන. ලබන සතියෙ මාව එල්ලන්න ඉනනකොට මම භෞතික විද්‍යාව කරපු කෙනෙකනම් මම දන්නවා මගෙ ස්කනධය, පහලට වැටෙන කොට තවරනය කොචචරද, මෙ සියලලම එතනදී එකට එකු වෙන ආකාරය වගෙ දේ. වෛද්‍යෙ විද්‍යාව කරපු කෙනෙේ නම් නහර තද වන ආකාරය, ලේ ගමන නවතින හැටි , එ් අනුව මොලය මිය යන හැටි වගෙ දේ. නමුත් මෙ එකකටවත් බැහැ. මරනය ගැන මගෙ බිය නවතවන්න , මමම මොහොතින් මොහොත මනසින් වැටෙන එක නවවනන. තවත් භයානක විදිහට බ්‍රේසින් බුල් වගේ එකකට දාලා නැතිනම් උල තියලා මරනවා කියලා හිතුවොත් වැඩේ තවත් අමාරුයි. එ්කට පිලිතුර තියෙනනේ බුදු දහමෙ. අර 4999 කම නෙමෙයි. අර අනිත්‍යය ලිපිය තුලින පෙන්වලා දුන්නෙ එයයි. ඒ ත් වැඩිදෙනෙක් ඒක තේරුම් ගත්තේ නෑ.
එ් නිසා හොදින් තෙරුම් ගන්න මෙ රටේ මේ කාලකන්නි අධ්‍යාපනයෙන් බිහි කරන මොටටපාලයන් තවත් පහලට දාලා කවදාවත් විද්‍යාඥයෙක් වත බිහි නොකරන තැනට කටයුතු කරනනෙ කවුද යන්න.
අනික මෙ දැන මම කියන කොට අවුල වගෙ නම මෙ තවත බටහිර විද්‍යෘඥයොම ඉනනවා මනස ගැන කතා කරන සහ එ සදහා පරයෙෂන සාධක පවා තිබෙනවා කියන . හැබැයි මෙයාලා ඔවුන එකක ආගිව කරනන යනනෑ. ඇයි ගැටලුව තියෙනනෙ බුදු දහම සමග 
අර කකුල කැපුවම ගෙම්බන්ට ඇහෙන්නැතුව යනවා කියල නිගමනය කරපු කතාවත් උඩටම දා ගන්න. 
////////////////////////////////////////////////////////////////////////////////
https://qz.com/…/scientists-say-your-mind-isnt-confined-to…/
Cardiologist Dr Michael Sabom has described a near-death experience that occurred while its experiencer - a woman who was having an unusual surgical procedure for the safe excision and repair of a large basilar artery aneurysm - met all of the accepted criteria for brain death. Neither is this is an isolated instance for there are now a growing number of people who have testified that they experienced consciousness - indeed, frequently consciousness on a very high and vivid plane, while they were - for a short period - technically "brain-dead." The University of Southampton, England, has also conducted some research which is quite compelling,
"...University of Southampton researchers have just published a paper detailing their pioneering study into near death experiences (or near-death experiences) that suggests consciousness and the mind may continue to exist after the brain has ceased to function and the body is clinically dead.
Independent EEG studies have confirmed that the brain's electrical activity, and hence brain function, ceases at that time. But seven out of 63 (11 per cent) of the Southampton patients who survived their cardiac arrest recalled emotions and visions during unconsciousness." (more information here: http://www.mikepettigrew.com/afterlife/html/u_k__study.html).
Interestingly, the old challenge from sceptical scientists that after-death experiences were simply the result of near-death hallucinations caused by medication or oxygen-starvation are now just about completely refuted. The quoted report of the University of Southampton research briefly also raises this same point:
"...There are currently three explanations for these accounts. The first is physiological; that the hallucinations patients experience is due to disturbed brain chemistry caused by drug treatment, a lack of oxygen or changes in carbon dioxide levels.
In the Southampton study none of the four patients who had near-death experiences had low levels of oxygen or received any unusual combination of drugs during their resuscitation."
It might also be added that 'technically after death' consciousness experiences right across many countries and cultures show a remarkable similarity - this tends to rule out the idea that particular western medical practises tend to cause the dying to hallucinate.
Dr Bruce Greyson has given some attention to near-death and after-death experiences. Addressing the frequent rejoinder that such events can be accounted for as hallucinations, Dr. Greyson notes that if NDEs are hallucinations, then how is it that such incredibly accurate and verifiable information is resulting from the NDEs? People on drugs who have NDEs see fewer deceased relatives when they travel out of body. This suggests that people who do see relatives are clear-minded, not hallucinating. In some cases of children, they see dead relatives whom they had never met or seen pictures of. This begs the following question: How could they hallucinate accurately the visual images of someone they have never met? When assessing the surmounting data as a whole, Greyson said that the survival hypothesis is the most parsimonious explanation for the growing database of NDEs (source: http://www.near-death.com/evidence.html#a2. Please note: as always, we do not necessarily agree with everything on that or any other websites which we might quote).
Some might be shocked here at the reference to "deceased relatives" but we must accept that it seems well-established from many cultures that those on the point of death do indeed often appear to see their deceased relatives who come to them to escort them away from this physical life to 'beyond the river.'
The Blind Appear Able to See During After-Death Consciousness Experiences
Dr Kenneth Ring Ph.D, who is Professor Emeritus of Psychology at the University of Connecticut, and Sharon Cooper completed a two-year study into the NDEs of the blind. They published their findings in a 1999 book entitled "Mindsight" in which they documented the solid evidence of 31 cases in which blind people report visually accurate information obtained during an NDE. Perhaps the best example in his study is that of a forty-five year old blind woman by the name of Vicki Umipeg. Vicki was born blind, her optic nerve having been completely destroyed at birth because of an excess of oxygen she received in the incubator. Yet, she appears to have been able to see during her NDE. Her story is a particularly clear instance of how NDEs of the congenitally blind can unfold in precisely the same way as do those of sighted persons.

Tuesday, January 8, 2019

බංකලොත් තර්ක


-AD Hominem
තර්කය පිලිබදව නොව තර්ක කරන කෙනා හෝ තරකයට අදාල වන පුද්ගලයකුගේ පෞද්ගලික දේ ගැන කතා කරයි.
උදා : “හරි මිනිහ එහෙම කියනවා තමා. ඒත් බලනවකො මිනිහගේ පවුල් ජීවිතේම අසාර්තකයිනේ. ගෑනි වෙන මිනිහෙක් එක්ක ගියා. මේ මිනිහා බංලෛාත් උණා. බීඹට ඇබ්බැහි උනා. ලොකු කොල්ලා හොරකම් කරලා අහු උනා. මොකෙද්ද ඌ”
“කැම්පස් යාගන්න බැරුව ඉරිසියාවට කියන කතා මේ “
“මූන දැක්කම පේන්නැද්ද කියන කතා විස්වාස කරන් න බැරි බව”

-Bandwagon Policy
බොහෝ දෙනෙකු එය පිලිගන්නා නිසා බොහෝ දෙනා සිදු කරන නිසා තමුන්ගේ තර්කය නිවැරදි බව තර්ක කරයි.
උදා: දෙවියෝ ලෝකෙ මැව්ව බව කීදෙනෙක් නම් පිලිගන්නවද ඔයා පිලිගත්තේ නැතුවට. ඒ ඔක්කොම වැරදිද ??
“ ඔයා ඔහොම කිව්වට ඔය වාදය ලෝකෙ පුරාම අද පිලිගන්නවා හරිද. එ් නිසා ඔය තර්කය වැරදී”
“අපේ භාන්ඩය කී දෙනෙක් නම් මිලට ගන්නවාද? ඒ ඔක්කොටම වරදින්න පුලුවන්ද ? “

-Argument from Antiquity
අතීතයේ සිට පිලිගෙන තිබූ නිසා, පුරුදු කරනු ලැබූ නිසා චාරිත්‍රයක් නිසා මේ දෙය නිවැරදි යැයි පැවසීම.
සෑහෙන කාලයක් තිස්සේ මේක මිනිස්සු පිලිගත්තා. ඉතින් මේක වැරදිනම් ඔච්චර කල් මිනිස්සු පිලිගනීද ?
විවිධ ඇදහීම්, විශ්වාස සියල්ල ඉතිහාසයේ සිට සිදු කර තිබෙන නිසා හෝ චාරිත්‍ර නිසා පිලි ගත යුතුයැයි කරන තර්කය බංකොලොත් තර්කයකි.

-All Natural Fallacy
ස්වභාවිකබව පෙන්වා සත්‍ය බවට තර්ක කිරීම.
‘’මේ කෑම එකට අත්තික්කා, වසාවාසි. ගස්ලබු පිති, හබරල කොල, දුංකොල, නියගලා අල ඔක්කොම දාලා තියෙන්නේ. මේ ඔක්කොම ස්වභාවික දේවල් ඉතින් ගුණ නැද්ද?. ‘’
“ මේ තද කොල පාටීන්ම පේන්නැද්ද මේවා ස්වභාවික පලතුරු කියලා”
Telemarketing බඩු දැක්කහමත් වෙලාවකට ගන්න ඕනේ අදහසක් එන්න මේවගේ කෑලි එකතු කරනවා.

-Argument From Authority
තමුන්ගේ තර්කය වෙනුවට වෙනත් පුද්ගලයකුව ගාවා ගනමින් තමුන් නිවැරදි බව පෙන්වීඹට යාම..
“ඔයා ඔය මොනවා කිව්වත් මම මේ කියන දේවල් විද්‍යාඥයොත් කියලා තියෙන්නේ”
“ඔයා දන්නැතුවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලේ මයිකල් මයර්ස් කියන විද්‍යාඥයත් මේක පිලි අරන් තියෙනවා. ඉතින් ඔයා කොහොමද වැරදී කියන්නේ ? "
“මේ කතාව අපේ අල්ලපු ගෙදර මිනිහත් කිව්වා. එයාගේ බාප්පා ඩොක්ට කෙනෙක්”

-Appeal to Quantum Physics
තමුන් කියන මොන දේ හරි හරි කියලා පෙන්නන්න විද්‍යාවෙන් කොටසක් ගලපා ගන්නවා. ඒක කිසිවිදියකින් අදාල නැති උනත්. වර්ත මානයේ ආගම් , ජෝතිෂ්‍යයය, වගේ දේ පතුරන අය අතරේ මේක හොදටම දකින්න පුලුවන්. මේ අනුව අසන්නා තුල මේ පවසන දෙයෙහි යම් විද්‍යාත්මක සත්‍යයතාවක් ඇති බව ඒත්තු ගැන්වීඹට උත්සාහ කරනවා.
“ අපේ ආත්ම සම්බන්ධ වීම තමා ක්වොන්ටම් එන්ටෑන්ග්ල්මන්ට් වලින් විස්තර වෙන්නේ. නැතුව වෙන මොකද්ද ? අපේ සිතිවිලි තමයි ක්වොන්ටම් සුපර්පොසිෂන් එකෙන් විස්තර වෙන්නේ “
“ හසන්ත මහත්තයෝ මෙහෙමයි අද භෞතික විද්‍යාවෙත් ජෝතිෂ්‍යය ගැන කතා වෙනවා. අගහරු වලට රොකට් එක යවන්න හොද නැකතුත් හැදුවා මොකද මේ අගහරුගෙන් පිටවන නරක විද්‍යුත් චුම්භක තරංග එක් කාලයකට වැඩි වන නිසා එය යානාවේ ඇන්ජින් එකේ චුම්භක ක්ෂේත්‍රයට හානී කරන්න පුලුවන් නිසා. “
මේ අකාරයෙන් තරක්යක් ගොඩ නගන්න බැරි කක් නැහැ. නමුත් තර්කය ගෙනෙන්නාට හැකි විය යුතුයි ඒ සම්බන්ධය නිවැරදි ලෙස හුවා දක්වන්න. එහොම නැතුව කාන්දමකුයි ගුරුත්වාකර්ෂණයයි දෙකම ආකාර්ෂණ නිසා සමානයි කියනවා වගේ සරල කතා සම්පූර්ණයෙන්ම වැරදී. ග්‍රහලෝක වලින් එන කිරණ, විශ්ව ශක්තිය වගේ මේ නොයෙක් කතා අද කාලේ අහන්න පුලුවන්.

-Weasel Words
තර්කය දිනා ගැනීම සදහා ජනප්‍රිය පොදු වචනයක් භාවිතා කරනවා කොහොමද වෙන්නේ කියලා විස්තර නෙවෙන.
“මේක ගැහුවොත් නම් ඇගට මාර හොදක් තියෙන්නේ ඈ. අරගෙනම බලහන්කො”
“ඔයා මොනවා කිව්වත් මේක ආපු එකෙන් තමා ලෝකෙට මෙච්චර හොදක් වෙලා තියෙන්නේ”
මෙතෙන්දී "හොද" කියන වචනයේ ගොඩක් අර්ත තිබුනත් අහන කෙනා අර කියන කෙනා ඒ කියන්නේ හොදින් යමක් ගැන දැනගෙන බව හිතලා නතර වෙනවා. නමුත් එය නිකම්ම අදහසක් වෙන්න පුලුවන් තර්කය දිනා ගැනීම සදහාම.
මේ වගේ කතා අද සමහර ලිපි ලේකන වල දකින්න පුලුවන් මෙහෙම:
විද්‍යාඥයෝ අද වෙන කොට විස්වාස කරනවා.. ,
බොහෝ දෙනාගේ පිලි ගැනීම තමයි ..
මේ වගේ කතා සමහර විට නිවැරදි විය හැකී. නමුත් තර්කයට අදාලව බැලිය යුතුයි මොහු මේ උත්සාහ ගන්නේ බංකොලොත් තර්කයක් සදහා මේ පොදු වචනයකින් යම් වැරදි අදහසක් ලබා දීමටද බව . ගොඩක් විද්‍යඥයෝ පිලිගන්නවා කිව්වහම සමහරුන්ට හිතෙන්න පුලුවන් මෙයා මේ ගැන සොයලා විද්‍යාඥයෝත් පිලිගන්න නිසා තමා මේ කියන්නෙ නියලා. නමුත් බොහෝ විට කවුරුවත් පිලි නොගන් නදෙයක් වෙන්න පුලුවන්.

-Straw Man Argument
බොහෝම පොදු තර්කන විදිහ. ප්‍රධාන තර්කය අත ඇරලා ඒ මත ඉතාමත් සරල හෝ පහත් තර්කයකට ටික ටික බහිනවා. මේක තේරුම් ගත්තේ නැතුවහම අන්තිමට දෙපාර්ශවයම අර සරලා මෝඩ කතාව ගැනයි අන්තිමේදී තර්ක කර ගන්නේ.
“දැන් නම් රට යන විදිහ නම් හොදම නෑ නේද? “
“ඉතින් මහින්ද ගෙනාපුවහම හරිද ? මහින්ද හොරා”
‘’ කවුද මහින්ද ගේමු කිව්වේ රනිලුත් හොරානේ“
“දැක්කද ඔප්පු කරපන්”
“ඔප්පු කරන්නේ මොකටද දන්නවනේ හැමොම.......”
ඔව් ඔයා තමා දන්නේ ලෝකෙ ගැන. අනේ නිකම් පලයන් යන්න.

-Loaded Question
යම් නියත පිලිතුරු කිහිපයකට සීමා වුනු ප්‍රශ්න කිරීම්
“ කෝ කෝ අවකාශ කාල වක්‍රතාවය පෙන්නහන් බලන්න මෙතන. කෝ පුලුවන්ද බෑනේද හූ...”
“සංසාරය පෙන්නහන් බලන්න කෝ කෝ හෑලි වැඩක් නෑ ?? නෑ නෑ වෙන කතා නෑ පුලුවන්ද බැයිද එච්චරයි. බෑ නේද හූ...... “
“නිවන් අවබෝධ උනා කියන එක මෙතන පෙන්නහන් බලන්න? සමාධිය පුලුවන්ද ?? බෑ නේද ? පට්ටපල් බොරු “
මෙය නඩු දිනා ගැනීම සදහා නීතිඥයන් අතර ඉතා ජනප්‍රිය තර්ක ක්‍රමයකි.
නොබොන මිනිහෙක්ගෙන් :
අරක්කු බොන එක බොට සතුටක්ද ??
නෑ නෑ මේ.....
ආ නෑ ? නේද ඒ කියන්නේ අකමැත්තෙන් උණත් බොනවානේ. ඔයා අරක්කු බොන කෙනෙක්”

-Poisoning the well
තමුන්ගේ මතය දුර්වල උනත් ඒක තමා දැනට පිලිගන්න එක කියලා පෙන්වීම.
“පිස්සෝ විතරයි ඔය කතාව පිලිගන්නේ”
‘’ මම නම් පිලිගන්නවා ඇයි ඔයාට පිලිගන්න බැරි”
“ මේ අර පරන යල්පැනපු කතාවමනේ. ඉන්ජකසන් දෙන්නලු ලෙඩ වලින් වලකින්න නම්” (කවද්ද යල් පැනලා ගියේ ?)
“ මේක පිලිගන්න බැරි තොපි සිංහලයෝ නෙමේ. අවජතක පරයෝ නිසා ”
“ දැන්ම ලමයි හදන්න බෑ?? තමුසේ ලමයින්ට අකමැතියි නේද මෙහෙමත් මිනිස්සු “
මේ නම ඇවිල්ලා තියෙන්නේ යුරෝපයේ මහාමාරිය වසංගතය පැතිරෙන විට යුදෙව්වන්ට විරෝධයක් තිබීම නිසා ඔවුන් ලිං වලට වස මුසු කරන බව එයට හේතුව බව පෙන්වීමට උත්සාහ ගැනීම නිසා. ඒ වන විට වෛරස ගැන දැනුමක් තිබී නැහැ.

-Apeal to Ignorance
සරල එක් තර්ක්යකින් සමස්තයක් මැනීමට යැයි කීම.
“පිටස්වල ජීවියෝ දැක්කද ? සාක්කි තියෙනවද? නෑනේ. ඒ නිසා මේ විශ්වයේ අපි විතරයි ඉන්නේ ඒකේ දෙකක් නෑ. “
‘’අනේ බන් දැන් බලහන් අර හාමුදුරුවො කෙලින පිස්සු. ඉතින් බුද්ධාගම වැරදී”
කෝ මහාමේරු පර්වතය ? නෑ නේද ? ඉතින් බුද්ධාගම බොරු.
‘’ අර දොස්තර කරපු වැඩේ බලහන්. මේ දොස්තරලා අපේ බදු වලින් ඉගෙන ගෙන දැන් හැසිරෙන විදිහ. දොස්තරලා ඔහොමමයි”
"පිරිමි ඔක්කොම එක වගේ"
“ආගම් ඔක්කොම එකයි බන්. ඔයා සමහර උන් බෝම්බත් පුපුරවා ගන්නේ “

-Proof By Verbosity
තමුන් යමක් ගැන හොදින් දන්නා බව හෝ තරක්ය නිවැරදි බව පෙන්වීමට නිමක් නැති වචන ඇද බෑම. අසන්නාට සමහර විට නොතේරෙුනද අනෙකා මේ ගැන හොදින් සොයා ඇති බවක් දැනේ.
දේව බලෙන් ලෙඩ හොද කරන එක වැරදී තියලද කියන්නේ? මේ බලනව මම හොදට හෙයලා තියෙන්නේ.
states that if two bodies are in thermal equilibrium with a third body, they are also in thermal equilibrium with each other. This principle, as noted by James Maxwell in 1872, asserts that it is possible to measure temperature. An idealized thermometer is a sample of an ideal gas at constant pressure. pV=nRT,3.1415926535897932384626433832795028841971693993751058209749445923078164062868998628034825342117067982148086513282306647093844609550582231725359408128481117450284102701938521105559644622948954930381964428810975665933446128475648233786783165271201909145648566923460 Leading scientists once felt strongly that the answer was no. Now they generally accept that there was a beginning to the universe. The Bible said that clearly all along.—Genesis 1:1.
දැන් තේරුනාද ?

-Excluded Extreme
මොකක් හරි බොරුවක් පිලිනොගන්න එකට හේතුව ඊට වඩා පට්ට පල් බොරුවකින් හො සාක්ෂී නොමැති තවත් දෙයකින් සාධාරනය කරන්න යන එක.
මේක නෙමේ නම් පිලිතුර / මේක නිවැරදි නැතිනම් අනික අනිවාර්යයෙන්ම නිවැරදී.
“ඔයාට පිටසක්වල ජීවියෝ අපි අතරේ ඉන්නවා කියලා පේන්නැත්තේ පිටසක්වල ජීවියෝ ඔයාගේ මොලේ වෙනස් කරලා තියෙන නිසා. ඉතින් ඔයාට ඕකම තමා හරි කියලා පේන්නේ”
"බුදුන් ලංකාවේ බව පෙන්වන්න සාක්ෂි නැත්තේ සුද්දෝඒවා ඔක්කොම විනාෂ කරපු නිසා"
“රාවණා ගැන සාක්කි නෑ කියන්න බෑ. සුද්දෝ ඒවා ඔක්කෝම වහලා දැම්මා “

-Red Herring
තර්කය එයට කිසිම විදිහනි් අදාල නැති කතාවකින් යටපත් කරන්න හදන එක.
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය මම නම් පිලිගන්නෑ. මොකද අයින්ස්ටියින් කිව්වා නේද විශ්වයම වක්‍රයක ගමන් කරනවා කියලා. ඒක වැරදුනා නේද විශ්වය ප්‍රසාරණය වන බව හොයා ගත්තු එකෙන් ? ඉතින් තවත් මොනවද කියන්නේ?
“සිරිසේන නම් දැන් තනිකර කෙලින්නේ පිස්සු නේද බන් ?
“එහෙම කියන්න එපා ඔයා දන්නවද සිරිසේන කොච්චර සරල ජීවිතයක්ද ගත කරන්නේ කියලා”
විල්පත්තු විනාශයට මුකුත් කරන්න බැයිද අපිට ?
“මේ නිකම් ජාතිවාදේ අව්ස්සන්නැතුව ඉන්නවා උබලා වගේ ජාතිවාදියෝ හින්දා තමා මේ රටට කෙල වෙලා තියෙන්නේ”
‘’ මිනිහා ඕක කලේ නෑ බන් පොරගෙ තාත්තා තමා මෙයා .........
මිනිහා කොච්චර හොද මනුස්සයෙක්ද? ”

-Special Pleading
තර්කය දිනා ගන්න බැරි උනහම ඔප්පු කරන්න බැරි නොදන්නා කතාවක් කීම.
ඔය වනිගසේකර බොරුවක් නෙමෙයි කරන්නේ. මිනිහා විශ්ව ශක්තිය ඔය භාවිතා කරන්නේ . තාම අද විද්‍යාවට බෑ ඕක හොයා ගන්න. පිස්සු නැතුව යමන්.
දෙවියන්වහන්සේගේ බලය විශ්වයේ පැතිරිලා තියෙන්නේ. ඉතින් මේක විස්වාස නොකර ඔයාට තේරෙන්නෑ.”

-Non Sequitur
නොගැලපෙන කොටසකින් තර්කයක් ඔප්පු කරන්න යැම.
“සමහර සිංහල වචන ඇවිල්ලා තියෙන්නේ දෙමල බාසාවෙන් ඉතින් උතුර නිජභූමියක් කියන එක සාධාරනයි”
“ඒඩ්ස් වලට බේත් නෑ. ඉතින් ඕකට හරියන්නෙ මේ වෙදමහත්තයා තමා “
,මෙයාල මේ ගම දෙන්න කියනවා කොහොමද දැන් ගම හදන්න බලාපොරාත්තු වෙන්නේ ?
මේ බලපන් මේ තමා නායක තුමා ඉන්න ගෙදර . තාම ගෙදරවත් හරියට හදා ගෙන නෑ. හොරකම් කරනවනම් මොනවා කරන්න තිබ්බේ නැද්ද. අන්න අවංකව සේවය කරන අය මචන් . ඉතින් ගමයි රටයි හදන එක අහන්න දෙයක්ද ? “

-Argument from Ignorance
තමුන් නොදන්නා දෙයක් නිසා එය නෙත් අයටත් සාධාරණ බව පවසා තවත් දෙයක් හරි යැයි කීම.
“කාන්දම් වැඩ කරන හැටි ඹට නම් තේරෙන්නේ නෑ. ඉතින් මම හිතන්නෑ ඕක වෙන කාටවත් තේරෙයි කියලා ? ඒ කියන්නේ මේව මවපු කිසියම් බලයක් තියෙනවා කියන එක “
“ඔය ප්‍රමේයය ඔප්පු කරන්න මම ත් බැලුවා ඕක කාටවත් විසදන්න බෑ. ”
"විද්‍යාවෙන් හැම දේම ඔප්පු කරන්න බෑනේ ඒ නිසා අපිට පිලිගන්න වෙනවා වෙන විශ්ව බලයක් තියෙන බව “

විද්‍යඥයෙක් වෙනනේ කොහොමද

අයින්සටයින් ඉස්සර කෝච්චියේ වැඩට යනවා. යන කොට නරගය මැද තියෙන ඔර ලෝසු කනුව පේනවා. දවසක් අයින්ස්ටයින් හිතුවා මම බැරි වෙලාවත් මේ කනුවේ ඉදන් ඈතට මේ කෝච්චියේ ආලෝකයේ ප්‍රවේගයෙන් ගියොත් මොනවා වෙයිද කියලා.( ඒ වෙන කොට ආලෝකයේ ප්‍රවේගය නියතයක් බවට පර්යේෂන සාධක තිබුනා. ) එහෙම උනොත් එහෙම මම කොච්චර දුර මේ ඔරලෝසු කනුවෙන් ඈතට ගියත් මට හැම වෙලේම එකම වෙලාව තමයි පේන්න ඕ නේ. මොකද ආලෝකයත් සමගම ඔහුත් ගමන් කරන නිසා. විකාරයක් වගේ පෙනුනට ඔහු නිකම් හිටියේ නෑ. ආලෝකයේ ප්‍රෙවේගයෙන් ගමන් ගන්න වස්තු වල කාලය ගත වීම ශුන්‍යය විය යුතු බව ඔහු නිගමනය කලා. අවසානයේ පර්යේෂණ වලිනුත් ඔප්පු උනා.
අයින්ස්ටයින් ආයේ මෙහෙම කිව්වා. ලිෆිට් එකේ යන කොට දැනෙන ත්වරණය වගේම තමා ගුරුත්වයෙදිත් දැනෙන්නේ. ඉතින් නොදන්නා කෙනෙකුට මේ ත්වරණය ලිෆ්ට් එකෙන් එනවද නැතිනම් ගුරුත්වයෙන් එනවද කියලා හොයා ගන්න බෑ. ඊට පස්සේ වැඩිදුර හිතුවා ඒ විතරක් නෙමෙයි මේ ලිෆිට් එක අධික වේගයෙන් ත්වරණය උනොත් එහි සිට දකින ආලෝක තරංග කොහොම පෙනෙයිද ? සාමාන්‍යයෙන් අප බෝලයක් සෘජුව විසි කලත් අපට පෙනිය යුත්තේ වක්‍රාකාර මාර්ගයක. එම නිසා අධික ගුරුත්වයකදී ආලෝක තරංගත් වක්‍රවී පෙනිය යුතුයි. මේ හිතලුව අනුව ඔහු නිගමනය කලා ආලෝක තරංග ස්කන්ධයන් හමුවේ වක්‍ර විය යුතු බව.( වැඩි ස්කන්ධය = වැඩි ගුරුත්වය) ඔන් න අවකාශ කාල වක්‍රතාව එලියට ආවා. නැවතුනේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් විසදිය නොහැකිව තිබුනු ගැටලුත් විසදලා.
සෘණ සංඛ්‍යා ගණිතයට හදුන්වාදීමෙන් පසු ගණිතඥයන්ට ගැටලුවක් ආවා X^2+1 = 0 වගේ ශ්‍රිතයක් කොහොමද විසදන්නේ කියලා. ඇත්තටම පිලිතුරු නැති ගැටලුවක්. ඔවුන් උතාස කරලා කරලා බැරිම තැන ඒක අත ඇරලා දැම්මා. මතක විදිහට රෙනේ ඩෙකාර්ට් පසු කාලෙක කිව්වා මෙහෙමයි මේකට විසදුමක් නැතුව නෙමෙයි . විසදුම තියෙන්නේ මේ අපි දන්න තලයේ නෙමෙයි කියලා. ඔහු ඒ සම්බන්ධ සංකීර්ණ සංඛ්‍යා සම්බන්ධ විසදුමක් හැදුවා. ඒ සමග අර විසදිය නොහැකි වුනු සමී කරන සියල්ලටම විසදුමක් ආවා. විසදුම තිබුනේ වෙනත් තලයක . අද භෞතික විද්‍යාවේදී මෙම සංකීර්ණ සංඛ්‍යා කොතරම් වැදගත්ද කියලා දන්න අය දන්නවා ඇති.
‍මේ වගේ කතා ඕන තරම් තිබෙනවා ඉතිහාසයේ.
දැන් මේ සිදුවීම් දිහා බලන්න. එක විදිහට සාමාන්‍යය සිදුවීමක් හෝ නැතිනම් අමුතු සිදුවීමක් වෙනත් කෝණයකින් බැලූ විට එය හැම අතින්ම සාධාරණ තත්වයකට පත් වෙනවා විතරක් නෙමෙයි ප්‍රයෝගික වටිනා කමකුත් එක් කර දෙනවා.
බටහිර විද්‍යාවේදී යම් දෙයක් ඇයි මේ දේ කියන එකට පිලිතුරක් නැහැ. ඔවුන්ට එය හොයන්නත් බැහැ. නමුත් අපි බලමු අපේ බුදු දහමේ එන අඥ්ගඥ්ඤ සූත්‍රය දිහා අඥ්ගඥ්ඤ සූත්‍රය අනුව සත්ත්වයා පහල උනාට පසුව තමා අනෙක් සියලු දේ ලෝකය මත ඇති උනේ . ඉර හද තරු පවා. මේක දිහා අපි කොහොමද දැන් බලන්න ඕනේ. අයිනිස්ටයින් වගේ බලන්න ට්‍රයි කරනවාද නැතිනම් අනේ බිග් බෑන්ග් එකෙන්නේ විශ්වය පටන් ගත්තේ කියලා හබල් කියලා තියෙවනේ මේවා නිකම් බොරු කතා කියලා හිතා ගන්නවද ?
නමුත් මෙහෙම බැලුවොත් . සත්ත්වයා කියන්නේ තනිකර හදුනා ගැනීම් නැතිනම් තොරතුරු මත යැපෙන සත්තවයෙක්. ඉර හද වේවා, ගුරුත්වය වේවා, කාන්දම් වේවා, පෙනෙන දේවල්, අපේ සිරුර, අපේ ඉන්ද්‍රිය , අපිට දැනෙන් දේවල් , හැගෙන දේවල් මේ සියල්ල අපිට තොරතුරු. ඉතින් තොරුතුර කියන ඒවා කාලයත් සමග වෙනස් වෙනවා. අපි වැඩි පුර තොරතුරු ගන්න ගන්න මේ තොරතුරු වෙනස් වෙනවා. තොරතුරු වෙනස් වෙනවා කියන කොට සත්ත්වයාගේ ඇගත් වෙනස් උනා කිව්වට කමක් නෑනේ නේද? ඇයි ඇග කියන එකත් සත්ත්වයට තොරතුරක්. ස්පර්ශයත් තොරතුරක්. වේදනාව තොරතුරක්. ඉතින් දීර්ග කාලයක් මෙහෙම යනකොට අර යම් යම් දේ සත්ත්වයාට සාපේක්ෂව සකස් වෙලා තියෙන බව පේනවා. ඒ හැම දෙයක්ම සත්ත්වයාට සාපේක්ෂවයි. ඉර පහල උනා කියලත් දකින්න පුලුවන් . සද පහල උනා කියලත් දකින්න පුලුවන්. තරු පහල උනා කියලත් දකින්න පුලුවන්. කාන්දම් යකඩ වලට ඇලෙනවා කියලත් දකින්න පුලුවන්. තමුන්ගේ තොරතුරු වලට සාපේක්ෂව ඩී එන් ඒ යනුවෙන් යමක් පවා පරිණාමය වී ඇති බව දකින්න පුලුවන්. මේ තමයි සංකල්පීය පරිණාමය. (මේ නම මම දැම්මේ අවශ්‍ය නම් වෙන හොද නමක් දා ගන්න  )
දැන් බලන්න අර මුලින් මම අග්ගඥ්ඤ සූත්‍රය ගැන කියපු කොටසේ ඉර හද පහල උනෙත් සත්ත්වයාට පසුව කියන එක එතෙන්දී කොච්චර වෙන්න බෑ වගේ දැනුනනත් දැන් වෙන කොට වෙනසක් තියෙනවා නේද ? ඔය කතාව නේද මේ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ ?? (ඇත්තටම වුනු සිදුවීමත් මේකම තමයි නමුත් අවශ්‍ය නම් මේ ගලපා ගත්තු කතාවක් කියලා ගන්නකො. ඒත් කමක් නෑ)
නමුත් අපි හබ්ල් ගේ කතාව අල්ලාගෙන ඒකෙන් මේක මනින්න ගියා නම් මේක විකාරයක් නේද ? ඔන්න ඔය නිසා තමා බටහිර විද්‍යා කියන වචනයක් මේ අපෙත් සමහර අය භාවිතා කරන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ අපේ සමහර චින්තනයන් සමග . අපේ සංස්කෘතියේ සමහර දේ සමග. දැන් අපේ අය මොකද කරන්න ඕනේ මේ වගේ දෙයක් දැක්කහම? සසරින් ගැලවෙන්න අවශ්‍ය අය ඒ ගැන තවත් සිත පහදවාගෙන එතනින් යන්න. අනිත් අයට බැයිද අර බටහිර විද්‍යාවට බැරි උනු මේ බලය ඇති උනු ආකාරය වගේ දේවලට මෙතනින් පිලිතුරක් සපයන්න ?? පිලිතුරක් සපයන්න විතරක් නෙමෙයි ප්‍රයෝගික ප්‍රතිපල වලට පවා යන්න පුලුවන් 
දැන් කෙනෙක් කියයි . ආ එහෙම නන් ඉතින් දෙය්යන් වහන්සේවත් සාධාරනේ කරන්න පුලුවන්නේ කියලා. එකක් තමා ඒක බෑ. හරි ඒත් පුලුවන් නම් කරන්න. කරලා බලමු. මොකද්ද සාර්ථක කියලා. කවදා හරි දවසක් හරි එක මොකද්ද කියලා ප්‍රත්‍යක්ෂම වෙයි. නමුත් එතකම් හරි අපිට පුලුවන් අන් දැනුම් පද්ධති අභිබවා යන්න මෙන්න මේ විදිහට හිතුවොත් ( මොකද අපේ දැනුම ප්‍රත්‍යක්ෂයන් මත ගොඩ නැගුනක් වීමත් විශෞෂයි) අද එක තැන පල්වෙන විද්‍යාවත් එක්ක අපිත් පල්වෙන්න ඖනෙ නෑ. මැරෙන්න ඉස්සෙල්ලා යුරෝපාවල ඉදන් බ්‍රහස්පතී පායන හැටි බලන්න අපිත් ආසයිනේ. අපේ චක්‍රාවාටෙම එහා කොනේ තනිකර ග්‍රහලෝකයක්ම වෙන් කරලා තියෙනවලු එන්ජෝයි කරන්න විතරක් .
වැදගත්ම දේ නිර්මාණශීලීත්වය සදහා අමුද්‍රව්‍ය සකසා ගන්න එක. ඒවා නැහැ විද්‍යා පොත්වල. හබල් ගේ කතා වල ඒවා නැහැ. සාපේක්ෂතාවාදයෙන් මිනිහෙක් නිර්මාණශීලී වෙන්නේ නැහැ. 

වෙන්නේ මොනවායින්ද ? කතන්දර වලින් , සින්දු වලින් , ජාතක කතා වලින් , ජන කතා වලින් වගේම වෙනත් විග්‍රහයන් තුලින් පමණයි. බුදු දහමේ තිබෙන මේ යම් යම් සිදුවීම් අපිට හොදට යොදා ගන්න පුලුවන් නව දැනුමක් නිර්මාණය කරන්න. අනිත් එක බුදු දහමේ යම් සංසිද්ධි අපිටම විස්තර කරන්න පුලුවන් දැනුමකුත් ලබා ගන්න පුලුවන්. ගැටලුව වෙලා තියෙන්නේ බටහිර දැනුමින් එය සෘජුවම ප්‍රතික්ෂේප වීම. ඒක නිසා මේ විද්‍යාව කියන එක හොදින් තේරුම් ගන්න. අනිත් දවසේ අඩේ විද්‍යාවේ මෙහෙමයි උබලගෙ මෙහෙමයි කිව්වහම අවශ්‍ය උත්තර දෙන්න. මේක කුඩා දරුවාගේ ඉදන් හැමෝටම කියලා දෙන්න.
හැම දේටම වඩා බුද්ධිමත්ව ලෝකය දිහා බලන එකත් ඊටත් වඩා නිර්මාණශීලීත්වයත් හරිම වැදගත්.
Imagination is more important than knowledge. Knowledge is limited. Imagination encircles the world
-අයින්ස්ටයින්

වතුරට මතකයක් ?

කවුරු හරි ඉලෙක්ට්‍රොණික් අන්වීක්ෂයකට එහෙම ඇක්සස් තියෙන කෙනෙකුට මේ පර්යේෂනය නැවත කරන්න බැරිද ?
1999 Masaru Emoto කියන ජපන් විද්‍යාඥයා විවිධ තැන් වලින් ලබා ගත් ජල සාම්පල ශීත කරපුවම සැදෙන ක්‍රිස්ටල්ස් (ස්ඵටික) එකිනෙකින් වෙනස් බව පෙන්වුවාලු. නමුත් විශේෂත්වය වන්නේ මිනිසුන්ගේ සිතිවිලි වලට සාපේක්ෂවත් ජලයේ සෑදෙන ස්ඵටික හැඩයන් වෙනස් වෙන බව ඔහු පැවසීම. ඒ කියන්නේ සිතිවිලි අනුව ජල අනු වෙනස් වන බව.
මොහු මේ ගැන පර්යේෂන වාර්තාවකුත් ඉදිරිපත් කරලා තියෙනවා. එයට සම්බන්ධ ඡායාරූප කීපයක් තමයි පහල පෙන්වනවා කියලා කියන්නේ. මේ ඔහු ගැන විකිපීඩියා පිටුව (https://en.wikipedia.org/wiki/Masaru_Emoto) හොද සිතිවිලි වලට හැඩවත් ස්ඵටික හැදෙන බව ඔහු කිව්වා. නමුත් මෙයට අනෙක් විදාඥයන් විරුද්ධ උනේ ජලයට ම.කයක් තිබිය නොහැකි බව කියමින්. නමුත් මම දැකපු විදිහට ඔහුට ගොඩක්ම විරුද්ධව පල කරලා තිබුනු අදහස පාලක පර්යේෂනයක් නොතිබීම. මේ රැෂනල් විකියේ තර්කය (https://rationalwiki.org/wiki/Masaru_Emoto) . නමුත් අපි සාමානයෙන් දන්න විදිහට මෙහෙම සරලව නෙමෙයි ඔවුන් ප්‍රතිතර්ක ගෙනෙන්නේ. මෙයටම සාපේක්ෂව 1998 වගේ හෝමියෝපති වෛද්‍යවරුන් පිරිසක් විසිනුත් මෙවැනි අදහසක් ගෙන ආ බවත් එය සම්පූර්ණයෙන්ම නිෂප්‍රභා කර දැමූ බව පැවසෙනවා පර්යේෂන මගින්ම විශේෂයෙන්ම ජල අනු යනු නිසල නොවන දේ යන්න ගැනීම මගින්ම. නමුත් Masaru_Emoto ගේ පර්යේෂනය ට වඩා ටික්ක වෙනස් බවයි පෙන්නේ. ඔහු මේ බව යම් යම් ධාන්‍ය ඇට ඇසුරෙන්ද පෙන්වා තිබෙන බවක් දුටුවා. මේ පර්යේෂන යූටුයුබ් හි සමහරුන් කරමින් එය සත්‍යයක් බව පෙන්වන ආකාරයත් දැකිය හැකියි. සිතිවිලි මගි්න් හා සිතිවිලි හා බැදුනු කටහඩ මගින් ජල ස්ඵටික වෙනස් වේද? කියන එකයි පර්යේෂනය විය යුත්තේ. පාලක පරීක්ෂණයක් තියා ගන්න අමතක නොකර හොද අන්තීව්ක්ෂයක් තියෙනවානම් පහසුවෙන් කල හැකි පර්යේෂනයක් නිසා කරලා අපටත් විස්තර කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හොදයි 
Masaru_Emoto නිවැරදි බව හා ඔහුගේ විස්තර ඇතුලත් ඔහු වෙනුවෙන් නිමැවුනු වෙබ් අඩවිය ට මෙතනින් යන්න පුලුවන්. https://www.masaru-emoto.net/en/
water memory කියලා ගැහුවම ගොඩක් ලිපි එයි.
‍මේ 2015 නැවතත් ජරමන් විද්‍යාඥයකු මෙය සත්‍ය බවට කරපු ප්‍රකාශයක් https://www.collective-evolution.com/…/study-shows-water-h…/

ජනප්‍රිය ඉංග්‍රීසි ළමා ගී වල අදුරු ඉතිහාසය


1558-1603 කාලය තුල බ්‍රිතාන්‍යයේ රජකම් කල පලවෙනි එලිසබෙත් රැජිනියගේ පාලන කාලය බ්‍රිතාන්‍යයට බොහෝ සෙයින් අපල කාලයක් විය. වෙනත් රටවල් සමග නොනවතින යුද්ධ කෝලාහල මෙන්ම එලිසබෙත්ගේ දරුනු රාජය පාලනයද රටවැසියාගේ අවාසනාවම විය. කසපහර දීම, ප්‍රසිද්ධියේ නිරාහාරව තැබීම , පන පිටින් පුලුස්සා දැමීමේ සිට නටන තෙල්වල හෝ ඊයම් තුල බැස්වීමේ දක්වා අතිශය කෲර වධ බන්ධන විවිධ වැරදි සදහා ගැහැණු පිරිමි භේදයකින් තොරව සැකකරුවන් ලක්වීම එකල සුලභ කරුනක් විය.
ස්පාඥ්ඥය නෞකා 130 පමන සමන්විත දැවැන්ත හමුදා බල ඇනියක් එංගලන්තය ආක්‍රමනය සදහා පිටත් වූයේද මෙම සමයෙහිදීමය . මෙඩීනා සෙඩෙනියා නම් ආදිපාද වරයකු යටතේ පිටත් වුනු මෙම හමුදාවට පහසුවෙන් බ්‍රිතාන්‍ය සතු කුඩා නෞකා හමුදාව පරාජය කිරීමේ හැකියාව පැවතුනද අවසානාවන්ත කාලගුණය හමුවේ ඔවුන්ට මුහුණ දීමට සිදුවූයේ හාත්පසින්ම වෙනස් වුනු අද්දැකීමකටය . දරුනු කුනාටු හමුවේ සී සී කඩ විසිරුනු ස්පාඥ්ඥ නැව් හමුදාවට බ්‍රිතාන්‍යය සතු කුඩා නෞකා බලකායේ ප්‍රහාරය දරා ගත නොහැකි විය. අවසානයේදී ඉතිරි නෞකා 65 ක් සහ දහ දාහක පමන බල ඇනියක් පරාජය හමුවේ නැවත ස්පාඥ්ඥයට පලා ගියහ. මේ කතාව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකි නමුත් මෙම සිදුවීමට අදාල සින්දුවක් අප සියලු දෙනා කුඩා කල සිටම ගායනා කර ඇත. එනම් rain rain go away සින්දුවයි. ස්පාඥ්ඥ පරාජය පිලිබද මතකය බ්‍රිතාන්‍යය ගැමියන් අතර මතකයක් වී තිබුනේ ඒ ආකාරයෙනි.
Rain rain go away,
Come again another day.
Little Johnny wants to play;
Rain, rain, go to Spain,
Never show your face again!

1307-1327 බ්‍රිතාන්‍යයේ රජකම් කල දෙවන එඩ්වර්ඩ් රජ සමයේ බැටලු ලෝම් සහ ඒ ආශ්‍රිත නිශාපදන සදහා ඉතා විශාල වෙළද පොලක් පැවති සමයක් විය. යුරෝපයේ හොදම බැටලු ලොම් එංගලන්තයේ නිස්පාදනය වුවද හොදම බැටලු ලොම් ආශ්‍රිත රෙදි පිලි නිර්මාණ කරුවන් සිටියේ බෙල්ජියමේ විය. හොදම බැටලු ලොම් සකසන්නන් වර්ණ ගන්වන්වන් සිටියේ ප්‍රංශයේ විය. බා බා බ්ලැක්ෂිප් ගීතය සදහා මුල් වී තිබුනේ මෙම සිදුවීමයි. පලවන එඩ්වර්ඩ් රජු සමයේදීම මෙම වූල් ව්‍යාපාරය සදහා සියලුස්‍ම වරායන් වලින් බදු ගැසීම ආරම්භ කල අතර මෙම නිසා නිෂ්පාදකයාට අයත් ලාභයෙන් වැඩි කොටසක් රජු සහ පල්ලිය අතර බෙදී ගියේය. සින්දුව මෙම අසාධාරන බදු සදහා කරනු ලබන විරෝධයක් වැනිය. මෙහි මාස්ටර් වන්නේ එඩ්වර්ඩ් රජු වන අතර අවසානයේ little boy වන්නේ නිෂ්පාදකයාය.
Baa, baa, black sheep,
Have you any wool?
Yes, sir, yes, sir,
Three bags full;
One for the master,
And one for the dame,
And one for the little boy
Who lives down the lane.
ප්‍රංශයේ රජකල 15 වන ලුවී රජු සහ හුගේ බිසව මාරි ඇන්ටනෙටේ ඔවුන්ගේ පාලන සමය තුල දීම බලයෙන් පහ කර දමන්නේ එරට ජනතාව විසින් ඇති කල කැරැල්ලක් මගිනි. ලොව ප්‍රතම විප්ලවය සටහන් කල මෙම සිදුවීම මේ අවසානයේ රජු සහ බිසවගේ හිස ගසා දමනු ලබන්නේ විප්ලවය සදහාම නිපදවුනු ගිලටීනය මගිනි. ජැක් ඇන්ඩ් ජිල් ගීතයෙන් විස්තර වන්නේ මේ සිදුවීමයි.
මෙහි ජැක් යනු ලුවිී රජු වන අතර ජිල් මේරි බිසවයි. ඇය බොහෝ සෙයින් ජනප්‍රිය පාන් නැත්තම් කේක් කාපියව් යැයි පැවසූ බවය. නමුත් මෙම ප්‍රකාශය ඇය විසින් සිදු නොකල බවට පසුව ඔප්පු කරන ලදී. මෙය 1770 පමන කිසිවකු විසින් ඇය සිදු කලා යැයි ප්‍රකාශ කලත් ඒ වන විට මේරිට අවුරුදු දහහතරක් පමනක් වි. ඇය පසුකාලයේදීද රටවැසියාගේ දුක දැක බොහෝ සුභාසාදක කාර්යයන් සදහා දායක වී ඇති බවද නොරහසකි.
ගිලටීනයෙන් හිස සිදීමෙන් පසු හිසකෙස් වලින් හිස ඔසවා ප්‍රදර්ශනය කිරීමද වධකයාගේ කාර්යය භාරයකි. තත්පර අටකින් පමන හිස සුන් සිරුර නිසල වීමෙන් පසු හිස අත හරිනු දමයි. ගීතයේ අග කොටස පසු කලෙක ළමුන් සදහා වෙනස් කර ඇතැයි සිතිය හැක.
Jack and Jill
Went up the hill
To fetch a pail of water
Jack fell down
And broke his crown,
And Jill came tumbling after.

බ්‍රිතාන්‍යයේ රජකම් කල පලවෙනි මේරි බිසවට යෙදෙන තවත් අනුවර්ත නායමයක් වනුයේ බ්ලඩී මෙරි යන්නයි. අතිශය කෲර සහ සාහසික කාන්තාවක් වුනු ඇය විනෝදය පිනිසද වධ හිංසා ලබා දුන් ගැහැනියක විය. රෝමානු කතෝලික ආගමට සහය දැක්වූ ඇයගේ පාලන සමය තුල හතරවන එඩ්වර්ඩ් රජු විසින් සහය ලබා දුන් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගම ඇදහීම තහනම් වුනු අතර එසේ ඇදහූවන් නොයෙකුත් වධ බන්ධන මද්‍යයේ මරණයට පත් කරන ලදී. මුල් කාලයේම සිය ගනන් ප්‍රෙතෙස්තන්ත කරුවන් පනපිටින් පුලුස්සා මරා දමන ලදී.
Mary Mary quite contrary,
How does your garden grow?
With silver bells and cockle shells
And pretty maids all in a row.
මෙහි silver bells and cockle shells යනු විවිධ වධක උපකරණයි.මෙහි Maiden ්‍යනු ගිලටීනයේ මුල් නිර්මාණයයි. පසුව එය ගිලටීනය ලෙස බහුලවම භාවිතා වූයේ ප්‍රංශයේ හා ස්කොට්ලන්තයේය. මේරිට පසුව රජවුනු පලවෙනි එලිසබෙත් විසින් නැවතත් ප්‍රෙතෙස්තන්ත ආගමට මුල් තැන ලබා දෙමින් කතොලිකයන් ඝාතනය කරන ලදී.
මෙම ගැමි ගීත ඒකාලයේ රජය පිලිබද විරෝධතාව සහ අනතුරු පිලිබදව අනෙක් අය දැනුවත් කිරීමේ අහිංසක මාධයයක් විය. ලෙහෙසියෙන් මතක තබා ගත හැකි වචන සහ කෙලින්ම රාජ්‍යයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් සිදු නොකිරීමත් නිසා ආරක්ෂාකාරීව සහ පහසුවෙන් මේවා ජනයා අතර පැතිර ගියේය. අද කාලේයේ හාස්‍යය ජනක ලෙස පැතිරෙන දේශපාලනික අන්තර්ජාල මෙමෙස්ද මෙහිම ප්‍රතිරූපයක් විය හැක. 
ලන්ඩන් පාලම බ්‍රිිතානයේ අගනුවර ඓතිහාසික සලකුනකි. පලමු ශතවර්ශයේ රෝමනු ආක්‍රමිනකයින් විසි ගොඩ නැගුනු මේ පලම ඒ වන විට ගීතයේ පැවසෙන ආකාරය ගොඩ නැතුනේ ලී වලින් සහ අනෙකුත් එහි සදහන් ද්‍රව්‍යය වලිනි. නොයෙකුත් ආපදා වලින් හානි වෙමින් තිබුනු මෙම පාලම දහවන ශතවර්ශයේ සිදුවුනු වයිකින් ආක්‍රමනය හමුවේ සම්පූර්ණයෙන්ම විනාෂ වී ගියේය. 11 වන ශතවර්යේ දී නැවතත් ගොඩ නැගුනු මෙම පාලම මෙවර ගොඩ නැගුනේ ගල් වලිනි. අවුරුදු තිස් තුනක් පමන ගතවුනු අඩි තිහක් පමන පලල මෙම නිර්මාණය ඉන් ලංඩනයේ ප්‍රදාන වෙළද පොලක්ද විය. රන් හා රිදී විකිණුම් ගැනුම් ස්ථාන පාලම මත තට්ටු ගණන් උසට පිහිටුවා තිබුනු වෙලද ස්ථාන හරහා සිදුවිය. මෙහි පිවිසුම් දොරටුව රාජ්‍ය විරෝදීන් ගේ කපා දැමූ අලුත් හිස් සවිකල හෙල්ල වලින් අලංකාර වී තිබුනි. වසර ගනනකට පසුව පාදම් දුර්වල වී තිබුනු මෙම පාලම විශාල ගින්කට හසුවුනු අතර වෙලද මද්‍යස්තාන ඉන් පසු අයිතිකරුවන් විසින් අත හැර දැමුනි. නැවත වරක් මෙම පාලම වර්තමාන තත්වයෙන් ගොඩ නැගෙන්නේ 1920 දී පමනය.
ලන්ඩන් බ්‍රිජ් ගීතය මෙම පාලමේ වැටීම් හා නැගීම් අලලා මිනිසුන් විසින් නිර්මාණය කරනු ලැබී ගීතයකි.
London Bridge is falling down,
Falling down, falling down.
London Bridge is falling down,
My fair lady.
බ්‍රිතාන්‍යයේ රජකම් කල දෙවන හෙන්රි රජු සහ ඔහුගේ බිසවට වුන් රැකි කතෝලික සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යාම සදහා පුතකු බිහි කිරීමට අසමත් විය. මේ නිසා ඔවුන් සිදු කරන්නේ වෙන් ගැහැනියකගේ දරුවකු පැහැර ගෙන විත් තමුන්ගේ ලෙස පෙන්වීමයි. නැතිනම් නෙදර්ලන්තයේ සිට හමන ප්‍රෛාතෙස්තන්ත සුලග? මගින් තොටිල්ල බිම දමනු ඇත. රොක්බයි බේබි ගීතයේ මූලය මෙයයි.
Rock-a-bye baby
On the tree tops,
When the wind blows,
The cradle will rock
When the bough breaks,
The cradle will fall,
and down will come Baby,
Cradle and all.
මෙම ගීයට තවත් මුල් ඉතිහාස දෙක්ක තිනෙ අතර එකක් අමෙරිකානු සම්භවයක් වන අතර අනෙක් අගුරු නිෂාපදනය කරමින් විශාල ගස ජීවත් වුනු පවුලක් පිලිබදවත්ය.
එංගලන්තයේ මීට වසර 400 පමන පෙර සිර කදවුරක ගැහැනු සිරකරුවන් මරා දැමුවේ මල්බෙරි ගසක් අවටය. එම නිසාම හියර්වී ගෝ එරවුන්ඩ් ද මල්බෙරි බුෂ් ගීය තැනී ඇති බව පැවසේ. ( by R. S. Duncan)
baba black sheep , twinkle twinkle little star , a,b,c,e,f,g සින්දු තුනටම පොදු ලක්ෂනය කුමක්ද ? ඒවා තුනේම තාලය සමානය.
‍
මේ ආකාරයටම ලංකාවේ කොපර කොපර පිපිඤ්ඤා ගීතයට හා තවත් ගීත කීපයකට මෙවැනි අදුරු පසුබිම් ඇති බව අසා ඇති නමුදු දැනට මතකයේ නැත.

යුනිට් 731 (සංවේදී අය සදහා නොවේ)

“තිස් හැවිරිදි වියේ පමන වුනු තරුණයකු ඇද මත හොවා තදින් ගැට ගසනු ලැබුනි. සුපරුදු ලෙසම නිර්වින්දක භාවිතා කිරීමක් නොමැත. අවට සිදුවන ක්‍රියාවන්හි අරමුණ ගැන වැටහීමක් නොමැති වුවද මේ තමුන්ගේ අවසානය විය යුතු බව ඉවෙන් මෙන් දැනුනු නිසාදෝ ඇතිවුනු භීතිය තරුණයාගේ මුහුනින් පිළිඹිබු වේ. ප්‍රදාන වෛද්‍ය වරයා සැත්කම් පිහිය ගනිත්ම හු බැමි වලින් මිදීමට දැවැන්ත උත්සාහයක් ගත්තද එය අසාර්ථක විය. සැත්කම් පිහිය සෙමෙන් ඔහුගේ පපු ප්‍රදේශයෙන් ඇතුලු වී බඩ දක්වා කැපුමක් ඇති කරන්නට විය. දරා ගත නොහැකි. අදික වේදනාවෙන්මර හඩ නැගූ ඔහුගේ හඩ ගලා යන රැධිරයද සමග කෙමෙන් නිසල විය.”
“ශාලාවට අප සැම රැස් කරවූ ඔවුන් අප ඉදිරියට සිරකරුවන් දෙදෙනෙකු ගෙන එන ලදී. අපගේ ඇස් පනා පිටම වුන්ට වෙඩි පහර බැගින් එල්ල කලේය. අනතුරුව තවමත් පන තිබෙන සිරකරුවන් පසෙකින් පිහිටි සැත්කම් කාමරයට ගෙන ගොස් වැදුනු උන්ඩ දෙක එලියට ගැනීමට අපට නියම කලේය. නිර්වින්දක නොමැතිව සිදු කරන්නට නියම වුනු මෙම කාර්යය නවකයන් වුනු අපට මෙය එදින දැඩි කම්පනයක් ඇති කලත් පසුව කෙමෙන් කෙමෙන් සාමාන්‍ය දෙයක් බවට පත්විය.”


ඔබ මේ කිව්වේ අලුත් හොරර් ෆිල්ම් එකක හරි සිදුවීම් දෙකක් ගැන කියලද හිතන්නේ ? නැහැ. 189 4 චීනයේ කුයින්ග් අධිරාජ්‍යය සහ ජපන් අධිරාජ්‍යය අතර වර්තමාන කොරියාව සම්බන්ධයෙන් විශාල ගැටුමක් හට ගන්නවා. යුදස්ධය අවසන් වන්නේ කුයින්ග් අධිරාජ්‍යයේ කොටසක් ජපානය සතු කරමින් සහ ජපායනට ජය ගෙන දෙමින්. කොරියාව , තායිවානය , කහ මුහුද ආහ්‍රිතව ඇතිවන මේ ගැටුමෙදී ජපානය චීනය සතුවුනු මැන්චූරියාව නම් ප්‍රදේශය අත්පත් කර ගන්නවා. ඉන්පසු පුරා දශක තුනක් පමනම මේ ප්‍රදේශයේ අණසක පතුරවන්නේ ජපනුන්. මැන්චූරියා ප්‍රදේශය දුප්පත් ගොවීන්ගෙන් සමන්විත මිශ්‍ර ජනවර්ගය සිටි පලාතක්. වැඩිපුර චීන ජාතිකයන් සමග රැසියානු සහ මොන්ගෝලියානු ජාතිකයන්ද මේ පලාගේ ජීවත් වුනා. 1931 වසරේ චීනයත් එක්ක එතෙක් පැවති යුද්ධයේ පියවරක් එක් චීන හමුදා නිලධාරියකුගේ බෝම්බ ඇටවීමේ ක්‍රියාවක් නිසා ජපානය මැන්චූරියාව චීනයෙන් වෙන් කර වෙනම ප්‍රාන්තයක් ලෙස පාලනය කිරීමට පටන් ගන්නවා. 1925 දී පලවෙනි ලෝක යුද්ධයේ අද්දැකීම් අනුව නිකුත් වුනු ප්‍රඥ්ඥප්තියක් අනුව ජීව විදයාත්මක අවි නිපදවීම තහනම් කෙරුනත් . චීනුන් වැනසීමේ අරමුණින් සිටි ජපනුන් විසින් 1937 වර්ෂයේදී පමන මැන්චූරියාව පෙදෙසේ ජලපිරිපහදු කම්හලක් ලෙස අගවමින් ජීව විද්‍යාත්මක අවි පිලිබද පර්යේෂණ සිදු කිරීම සදහා විශාල පර්යේෂණා ගාරයක් රහසිගතව ආරම්භ කරනවා. 1941 දී මෙයට යුනිට් 731 යන නම ආරූඨ වනවා. මුලු ලේාකයේම මෙම ම්ලේච්ඡ පර්යේෂනා ගාරය අද කාලයේ ප්‍රසිද්ධ මෙම නාමයෙන්. මෙහි ප්‍රධාන තැන ගන්නේ හිරෝඉෂි නම් දක්ෂ ජපන් අණදෙන නිලධාරී වරයෙක්. ඔහු දක්ෂ වෛද්‍යවරයෙක් මෙන්ම භෞත චිකිත්සකවරයෙක්. මෙම විශාල පර්යේෂනාගාරයට ප්‍රධානම හේතුව වන්නේ 1937 වර්ෂයේදී අමෙරිකාවේ සහ රුසියාවේ ආධාර ඇතුව ජාපානය සමග නැවතත් චීනය යුද්ධයට එලබීම.

එලඹ සිටින සතුරාගේ විශාලත්වය මෙන්ම පර්යේෂනා ගාරයද වශාල විය යුතුයි. සතුරාගේ ප්‍රහාර දැඩි වනවාක් ලෙසම පර්යේෂණ ක්‍රියාවලියද දැඩි කල යුතුයි. වර්ග කිලෝමීටර තුනක පමණ ප්‍රදේශයක් පුරා පැතිරුනු මෙම පර්යේෂණා ගාරය සතුව ඒ වනවිට පැවති නවීනතම වෛද්‍ය උපකරණ පහසුකම් සහ එක්දහස් පන්සියයක පමණ වෛද පර්යේෂකයන් පිරිසකගෙන්ද සැදුම් ලත් අති විශාල කාර්යය මණ්ඩලයක්ද සහිතව නිවාස සිර කුටි, විවිධ පර්යේණාගාර, සත්ත්ව ගාල් ආදී සියලු දෙයින් සමන් විත ගොඩ නැගිලි එකසිය පනහකට අධික සංඛ්‍යවෙක් ඉදිවී තබෙනවා. අදික උසින් යුත් බැමි සහ ඊටත් උඩින් ඇදුනු විදුලිය යෙදූ කම්බි වලිනුත් බාහිර ලෝකයෙන් මේ පර්යේෂනාගාරයා සහ එහි කෲරත්වය වසා දැමුනා.
එක් පර්යේෂ ණඅංශයක් වෙන් කර තැබුනේ කොලරා, මහාමාරිය, සරම්ප, ඇන්ත්‍රැක්ස් වැනි ලෙඩ රෝග හා විශ පිලිබදව පර්යේෂණ සදහා. තුන්සීයයක් පමණ රැදවිය හැකි සිරකුටියක්ද සමගින් පැවති මෙහිදී පර්යේෂණයට ලක්වූවන්ට බලහත් කාරයෙන් නොයෙකුත් මේ ආකාර ලෙඩ රෝග වලදවා පසුව රෝගයේ විවිධ අවදි වලදී ශරීරයට සිදුවන වෙනස් කම් දැක ගැනීම සදහා විවිධ මට්ටම් වල සිටින පුද්ගලයින් ශරීර විවච්ඡේනයට (VIVISECTION) ලක් කර පරීක්ෂා කර තිබෙනවා. නමුත් භයානකම දෙය නම් පර්යේෂණ ප්‍රතිපල වලට හානි වේ යැයි යන සැකය නිසා කිසිවකුටත් නිර්වාන්දක (ANESTHETIC) භාවිතා කිරීමක් සිදුවී නෑ.
දෙවන අංශය වෙන්වී තිබුනේ හානිකර ලෙඩ රෝග බෝකරමින් මිනිසුන් වනසා දැමීම සදහා පර්යේෂණ සිදු කිරීමටයි. විශේෂයෙන් සිපිලිස් වැනි සමාජ රෝග සිරකරුවන් හා සිරකාරීයන් හරහාම අනෙකුත් සිරකරුවන් හා සිරකාරියන් දූශණය කරමින් බලහත් කාරයෙන් වලදවා පෙර මෙන්ම විවිධ අවස්ථා සදහා පන තිබියදීම විවච්ඡේදනයට ලක් කර තිබෙනවා. සමහර සිරකාරියන්ට මේ හර හා දරු උපත් සිදුවූ විට එය පවා පර්යේෂණයට හේතුවක් වී තිබෙනවා.
තුන්වන කොටස ජීව විද්‍යාත්මක අවි ආයුධ නිපදවීමේ පර්යේෂණ සදහාත් හතරවන කොටස මෙම බැක්ටීරියා බෝ කිරීම සහා ගබඩා කිරීම සදහාත් යොදා ගෙන තිබෙනවා. පහ හය හත අට වැනි කොටස් පුහුණු කටයුතු කාර්යාලීය කටයුතු ආදිය සදහාද යොදා ගෙන තිබෙනවා.






පර්යේෂන සදහා බිලිවන මිනිසුන් සපයා ගැනීමට මැන්චූරියාව පෙදෙසේ ජීවත් වන අහින්සක ජනතාව ඉතාමත් පහසුවක් වී තිබෙනවා. එමෙන්ම විවිධ වැරදි යටතේ අල්ලා ගෙන එන සිරකරුවන්ද මෙයට යොදා ගෙන තිබෙනවා. විවිධ ලෙඩ රෝග වලදවා පනපිටින් ශරීරයේ විවිධ අවයව ඉවත් කිරීමේ සිට අත්පා ඉවත් කිරීම . එ්වා වැරදි පැති වලින් ශරීරයට බද්ධ කිරීම, සත්ත්ව රැධිරය ශරීරයට එකතු කිරීම , ශරීරයට වෙනත් නොයෙකුත් අහිතකර දේ එක් කිරීම ගිනි තැබීම, අදික විකිරණ වලට ලක්කිරීම, අවයව කපා දමා ලේ ගලා යාමට හැර මරණයට ගත වන කාලය පරීක්ෂා කිරීම, බඩගින්නේ තබා මරණයට පත්වන කාලය බැලීම, කකුල් වලින් සිටුවා මරණයට ගත වන කාලය බැලීම, වකුගඩු වලට අශ්ව මුත්‍ර එක් කිරීම, අදික පීඩනයන්ට ලක් කිරීම අධික ශීතලට ලක් කිරීම ( ඒ ඒ අවස්තාවල ශරීරයට වන බල පෑම් පර්යේෂන කිරීම සදහා), කනු වල ගැට ගසා බෝම්බ වලට කෙලින්ම නිරාවරණය කිරීම මගින් එක් එක් දුර ප්‍රමාණ වලදී පුද්ගලයන්ට සිදුවන හානි පරීක්ෂා කිරීම ආදී අතිශය ම්ලේච්ඡ පර්යේෂන සිය ගණන් මේ තුලදී සිදු කර තිබෙනවා. සමහර දේ පර්යේෂන නොව ඉතාමත් ම මෝඩ ක්‍රියාවන් පමණයි . මේ කාය විවෙච්ඡේදන අවසාන වන්නේ පැය විසිහතර පුරාම අහසට කලු දුම් විදින ආදාහනාගාරයට ජීවයට ගෙන දෙමින් බවත් පැවසිය යුතු නැහැ. මේ පර්යේෂන සදහා කිසිදු ආකාරයකින් වත් කාන්තා පිරිමි හෝ අඩුවයස් ආදී භේදයක් පැවතීත් නැහැ.
ඊටත් අමතරව ප්‍රශ්න කිරීම සදහා රැගෙන එන සිරකරුවන්ට වධ හිංසා පමුනුවා ප්‍රශ්න කිරීම්ද මෙයටම සමගාමීවම සිදුකර තිබෙනවා. මේ ආකරයෙන් සිරකරුවන් තුන්දහසත් හාරදහසත් අතරගේ පමණ ඉරණම මේ පර්යේශනාගාරය තුල විසදෙද්දී එයට ඇතුලත් නෙවී නමුත් පිටත ජීවත් වුනු ගැමියන් පිටත සිටගෙනත් මේ පර්යේශණ වල කොටස් කාරයින් බවට පත්වීමට සිදුවුනා. එයට හේතු වුනේ මහාපරිමාණයෙන් මෙම් ජීව අවි පරීක්ෂා කිරීම සදහා ජපනුන් අවට ගම්මාන තොරා ගැනීම. වසංගත රෝග පැතිරවීමේ සිට විවිධ විශ ද්‍රවශ පරිසරයට මුසු කිරීම හරහාත් විසි පන්දහසකට නොඅඩු ජීවිත සංඛ්‍යාවක් බිලි ගැනීමට මේ පර්යේෂණ හේතු වී තිබෙනවා.






අණදෙන නිලධාරී හිරෝ ඉෂිගේ සැලසුම් වලට අනුව පිටතට නොපෙනන ලෙස සිරකරුවන් පර්යේෂාගාර කරා රැගෙන ගොස් පවා තිබුනේ පොලව යට පිහිටවූ විශේෂිත උමං මාර්ග හරහායි.
කෙසේ වුවත් පසෙක් සිටි පරම හතුරාට මුල්ම ප්‍රහාරය දියත් කිරීම සදහා මෙමගින් නිපදවුනු ජීව විදයාත්මක අවි රැගත් මරාගෙන මැරෙන ගුවන් නියමුවකු සහිත ගුවන් යානාවක් (Kamikaze Flight) එක්සත් ජනපදය වෙත යැවීමට කටයුතු කෙරුවත් හේතුවක් නිසා එය සාර්තක වන්නේ නැහැ.. මේ වන විට පර්ල් වරායට ජපනුන් එල්ල කල ප්‍රහාරයත් සමගම ජපානය දෙවන ලේක යුද්ධයේ ප්‍රදාන කොටස් කරුවන්ද වී හමාරයි. අමෙරිකාව මෙහිදී විශේෂ ඉලක්කයක් බවට පත්වීමට මෙය විශේධම හේතුවක්.
ලෝකයේ එක් පසෙක මෙසේ ජීවි විද්‍යාත්මක මිනිසුන් වැනසීමට පර්යේෂණ සිදු කෙරනා අතර තුර අනෙක් පස භෞතික විද්‍යාත්මකව මිනිසුන් වනසන්නේ කෙසේ දැයි යන පර්යේෂද ගජරාමෙට සිදුවෙමින් පැවතුනා. මෙහිදී ප්‍රධානත්වය ගත්තේ එන්රිකෝ ෆර්මි , රොබර්ට් ඔපෙන්හයිමර් වැනි ලෝ පතල විද්‍යාශයන් විසින්. අයින්ස්ටයින්ගේ E=mc^2 නිවැරදි බව තහවුරු කරමින් සහ ජීව විද්‍යාත්මක අවියට වඩා භායනක අවි තවත් ලොව තුල ඇති බව පෙන්වමින් 1945 අගොස්තු හය සහ නමය යන දිනවල ජපානයේ හරෝශිමා සහ නාගසාකි නගර පදාර්ථයේ සැගවුනු ශක්තියෙන් ගිණියම් වී යන්නේ දෙවන ලෝක යුද්ධයට නැවතීමේ තිත තබමින් වගේම ලක්ෂ දෙකකට වැඩි ජනතාවකට මරණය අත්කර දෙමින්.
නොසිතූ විරූ පුහාරය හමුවේ යටත් වුනු ජපානයත් සමග ඔවුන්ගේ පර්යේෂනාගාර ආදී සියල්ලද අත හැර දැමෙනවා. පර්යේෂනාගාර පුපුරවා දැමෙන අතර හිරෝ ඉෂිගේ අනින් ඉතිරීවී සිටි සිරකරුවන් මරා දැමෙනවා.
නමුත් පුදුමයකට වගේ මේ පිලිබදව පසුව දැන ගත්තත් යුධ අපරාධ චෝදනා යටතේ මෙතෙක් කල් මේ ම්ලේච්ඡ පර්යේෂනා ගාරයේ සේවය කල හිරෝ ඉශි ඇතුලු වෛද්‍යවරුන්ට කිසිදු දඩුවමක් හිමි වන්නේ නැහැ. රැසියාව මොවුන්ට දඩුවම් ලබා දීමට උත්සාහ කලත් අමෙරිකාව මෙහිදී එයට මැදහත් වෙනවා. ඔවුන් මෙහිදී ඉල්ලා සිටින්නේ එක දෙයයි. ජීව විද්‍යාත්ම පර්යේෂන වාර්තා අප වෙත ලබා දෙන්න . එය ලබා දීමට නම් ජීවිත දානය හිරෝ ඉෂිගේ පාර්ෂවය මගින් සිදු කෙරෙනවා. ඉතා සාදාරණ ගනුදෙනුවක් මෙසේ සාර්ථකව අවසන් වනවා පමණක් නෙවෙයි ඔවුන් පසුව නැවතත් අමෙරිකාණු අනුග්‍රහය මෙම පර්යේෂණ ඉදිරියට ගෙන යාම සදහාත් අවස්තාවක් ලැබෙනවා. ඔහු පසු කලෙක අමෙරිකාව බලා පිටත් වන්නේත් මේ සම්බන්ධ පර්යේෂණ සදහා අනුග්‍රහය ලබ ාදීමටමයි. එසේම 1951 වසර වන විට උතුරු කොරියාව සමග ජීව විද්‍යාත්මක අවිහරඹද රැගත් යුද්යකට පැටලී සිටි අමෙරිකානුවන්ට සහය වීම සදහා ඔහු දකුනු කොරියාවට පැමිනි බවටත් සමහර වාර්තා පලවී තිබෙනවා. ඔහු පසුකලේක මිය යන්නේ ඉතාමත් ස්වාවික හේතූන් මත.
දිගු කලක් සිදුවුනු මේ පර්යේෂනාගාරය පිලිබද විවිධ අදහස් සහ හැල හැප්පීම් අවසන 2018 වර්ශයේ ජපානය මගින් පලමු වරට මෙම පර්යේෂනාගාරය ආහ්‍රිතව සේය කල පුද්ලයන් තුන්දහස් ගණනකගේ නාම ලේකනයක් එලි දක්වනවා මෙන්ම ජපානය මේ පිලිබදව සමාවද අයැද සිටිනවා.
පලමුවෙන්ම මේ පර්යේෂනාගාරයේ සිදුවුනු සමහර පර්යේෂණ වල දැනුම අදටත් යම් දේ සදහා යොදා ගැනෙනවා. මින් ජනප්‍රියම සොයා ගැනීම නම් අධික ශීතලෙන් ගල් ගැසුනු ශරීර අවයව යතා තත්වය පත් කිරීමට කලයුතු හොදම දෙය එය අතින් ඇතිල්ලීම නොව අංශක 100 ත් 120 අතර ජලයෙන් සෝදා හැරීම බව. එම සොයා ගැනීම සිදු කල ආකාරය මෙහිදී ඔණැම කෙනෙකුට සිතා ගන්න පුලුවන්.
මෙම කතාව තුලින් අපට ලබා ගැනීමට වැදගත් පණිවුඩ කීපයක්ද තිබෙනවා.
පලවන දෙය තමයි විද්‍යාව හා තාක්ෂනය කොතරම් දියුනු වුවත් එය මිනිසාගේ සදාචාරය සදහා ඉවහ්ල නොවන බව. සාමාන්‍ය පිලිගත් මතය වන්නේ විදයාව වැනි විශයය් ඉගෙනීම සිදු කරන්නේ බුද්ධිමත් පුද්ගලයින් බවත් එම නිසා අනෙක් සාමාජමය ගැටලු ආදිය පිලිබදවත් ඔවුන් බුද්ධිමත් වන බවයි. නමුත් මෙය ඉතාමත් වැරදි බව ඉහත උදාහරණ දෙකෙන්ම පෙන්වා දෙනවා. විද්‍යාව හෝ ගණිතය මිනිසත් කම උගන්ව්නනෙ නැහැ. ඒ පිලිබදව සිතන්න පොලඹ වන්නේ නැහැ. මෙම නිසා අනිවාර්යයෙන් හොද මිනිසුන් බිහි කිරීමට නම් ප්‍රාථමික අද්‍යාපනය සම්පූර්ණයෙන්ම ගුණ ධර්ම ඉගැන්වීම සදහාම වෙන් කල යුතු වෙනවා. ඒ වගේම මෙය දිගටම අතරින් පතර හෝ කර ගෙන යායුතුද වෙනවා. විද්‍යාවෙන් තාක්ෂනයෙන් ඉදිරියට යන ලෝකය මනුෂ්‍යත්වය ඉදිරියට රැගෙන යන්නේ නැහැ. මනුෂ්‍යත්වය නොමැතිව ඉදිරියට යන ලෝකය තුල බිහිවන්නේ මෙවැනි බිහිසුණු යක්ෂයින් පමණයි. අද ලංකාව තුල පවා විෂය අධ්‍යාපනය පමණක් මූලික වුනු අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වරදක් මෙය. මෙයට ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්ද හවුල්කාරයින් වනවා.
මීලග දෙය නම් මෑතකදී සිදු කෙරෙුනු මනේ විද්‍යා ගවේශනකයට අනුව හෙිල කෙරුනු යම් අණක් ඔසසෙ හෝ යම් කිසිවකුගේ යටතේ සිටීමේදී මිනිසුන් තවත් මිනිසකුට හිංසා කිරීම සදහා පැකිලීමක් නොදක්වන බව. සාමාන්‍යයෙන් තම පෞද්ලික ගැටලුවකදී වුවත් තවත් පුද්ගලයකුට හිංසා කිරීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයකු වුවත් යම් ආිපත්‍යයක් යටතේදී මේ සදහා නොපැකිලෙන බව. එය අණක් නොව රාජකාරියක්සේ සැලකීම වුවද මෙයට සෑහෙනවා. ඒ විතරක් නෙමෙයි ඔනෑම නිලධාරයකු වුනත් වැරදි පාලනය යටතේ වැරදි සිදු කරන්න පුලුවන්. ඉහත යුනිට් 731 පර්යේෂනා ගාරයේදී පර්යේෂණයට යොදා ගන්නා සිරකරුවන්ට යොදා ගෙන තිබුනු වචනය වූයේ කොටන් යන්නයි. අද කොටන් කීයක් අවසන් කලාද ආදිය පර්යේෂකයන්ගේ සාමාන්‍ය කතාබහක් වී තිබෙනවා.
දැන් මේ වගේ පර්යේෂන සිදු කිරීම මෙයින් පසුව නැවතුනාද ? නැහැ දෙවන ලෝක යුද්ධ සමයේම දොස්තර මෙන්ගල් ගේ විධාන යටතේ ජර්මනියේ අවුට්ස්විච් සිරකදවුර තුලදීම මෙවැනි පර්යේෂණ බොහෝ ගණනක් සිදුවුනා. මෙයට පෙර හා පසුව කැනඩාව එරට නොදියුනු ජනකොට්ඨාෂ යොදා ගනිමින්ද, ඕස්ට්‍රේලියාව ඇබෝජීනියන් වරු යොදවාද, එංගලන්තයද මෙවැනි පර්යේෂණ වල නිරත වුනා පසු කාලීන අමෙරිකාවෙන්, අප්‍රිකානු රටවලින්ද මෙවැනි පර්යේෂණ වාර්තා වුනා. නමුත් මේ වාර්තා වුනු දේ පමණයි.
නමුත් මේ පර්යේෂන වල ඉතිහාසයේ සිටම දිනපතාම නිරන්තරම ගොදුරක් වන්නේ තිරිසන් සතුන්. ඉහත යුනිට් 731 පර්යේෂනාගාරයටත් වඩා අන්ත පර්යේෂණ වලට ඔවුන් නිතිපතාම පත්වන්නේ බොහෙත් ආදිය සදහා ලෙඩ රෝග වලදවාගෙන මෙන්ම රූප ලාවන්‍ය නිෂාපදන මත්ද්‍රව්‍යයය අදී දේ සදහාද පර්යේෂන මාධයයක් ලෙස භාවිතා වෙමින්. මෙහිදීද බල්ලන් බළලුන් වදුරන් මීයන්, කුරුල්ලන් වැනි බොහෝ සතුන් විවිධ පනපිටින්ම විවිධ සැත්කම් ආදියට ලක්වන්නේ අපේ සුවපහසුව වෙනුවෙන් මයි. මේ නිසාම සත්ත්ව අයිතීන් සදහා පෙනී සිටින සංවිධාන බොහෝ අවස්තාවල මේවට විරුද්ධව උද්ගොෂන වල නියැලෙනවා. අටෙප් රටවල මෙවැනි පර්යේෂන සිදු නොවීම එක් අතකට වාසනාවක් වුවත් සත්ත්ව අයිතීන් අතින් අපේ රටද පහත් තත්වයක පවතින බව දැනට දෙහිවල සත්ත්ව උද්‍යානය පවා රාත්‍රියේ හැර තබමින් විදුලි ආලෝක මධ්‍යයේ සත්ත්ව හිංසන සිදු කිරීම මෙයට හොද උදාහරණයක්.



Man Behind the Sun සහ Philosophy of the knife යන චිත්‍රපට වලින් යුනිට් 731 පර්යේනාගාරය පිලිබද තවත් බොහෝ දේ කියා දේවී. මේවා යූ ටුයුබ් හි නොමිලේ නැරඹීමට හැකියි. නමුත් ඉතා සංවේදී චිත්‍රපට බැවින් සියලු දෙනාටම මේවා සුදුසු වන්නේ නැහැ. එසේම මිහිමත මිනිසුන් නිසා තිරිසන් සත්ත්වයින් විදින දුක පිලිබදව Earthlings චිත්‍රපටය අතිශයින් ප්‍රසිද්ධ වුනු අනිවාර්යයෙන් නැරඹිය යුතු විශිෂ්ඨ චිත්‍රපටයක්.