Blog Archive

Wednesday, May 27, 2015

බෞද්ධයන්ට වචනයක්

බුදු දහමට පහර ගැසීමට හා එයට නිගරු කිරීඹට උත්සාහ කිරීමට ඉතිහාසයේ සිටම විවිධ පුද්ගලයින් උත්සාහ කර තිබේ. ලාභ සත්කාර මුල් කරගෙන සිදුවුනු මෙය ඉංගීසීන් විසින් ලංකාව යටත් කර ගැනීමත් සමගම අලුත්ම ආකාරයකට උත්සන්න වූ අතර පෙර කඩුවෙන් හා තුවක්කුවෙන් ආගම් පැතිරවීමට ඉංග්‍රීසීන් යටතේ දේශපාලන බලයක්ද හිමි විය. අද වන විට බෞද්ධයන් පත්ව ඇති තත්වය දෙස බලන විට මෙය බොහෝ දුරට සාර්ථක වෙමින් යන බවක් පෙනන අතර එහි උච්චම ස්ථානයට පැමින ඇති බවද පෙනේ. මෙහි හාස්‍ය ජනක පැත්ත වනුයේ අද බෞද්ධයා අන්‍යාගමිකයින්ගෙන් නිරාගමිකයින් වැන්නන් පමනක් ගෙන් නොව බෞද්ධයන්ගෙන්ද පහර ලැබීමයි.

ඉංග්‍රීසීන් සතුව බෞද්ධයාගේ බුදු දහම ඉවත් කරවීමේ දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක් තිබුනාද නැද්ද යන්න නොදන්නා නමුදු එවැන්නක් තිබුනේ නම් කිව හැක්කේ මේ එම වැපිරූ කෙතේ අස්වනු නෙලා ගන්නා කාලය බවයි. එයට ප්‍රධානම හේතුව වශයෙන් දැකිය හැක්කේ කාලයක සිට නිදහස් අද්‍යාපනය මගින් ලබා දුන් දායාදයයි.බුදු දහම පිලිබදව කතාකරන පෘතග්ජනයින්ගෙන් බොහෝ දෙනාට අද බුදු දහම පිලිබදව තියා තමුන් ජීවත් වන ලෝකය පිලිබදවත් කිසිදු දැනීමක් නොමැති බව පැහැදිලි වන්නේ ඔවුන් කියනා කරන දේ දැකීමෙනි. එසේම සමස්තයක් ලෙස මොවුන් සතුව තිබෙන්නේ පුහු ආටෝපයක් පමනි. බොහෝ දෙනෙකු උගතුන් යැයි සිතාගෙන සිටියද නූගතුන්ය. ඥානයක් ප්‍රඥාවක් නැති බවම සිය අදහස් හරහා පෙන්නන්නෝම වෙයි.

නිරාගමිකයින් කියා ගන්නා අලුත් පිරිසක් දැන් ලංකාව තුල දැකිය හැක. මේ අර විද්‍යාවත් නොදන්නා බුදු දහමත් නොදන්නා අලුත්ම පිරිස වෙයි. මොවුන් වර්ථමාන බෞද්ධයන් අල්ලාගෙන නොයකුත් ගැටලු අසමින් මඩවනු නොයෙක් තැන්වල දැක ගත හැක. නිරාගමිකයා බුදු දහම නොදන්නා බව පිළිතුරු දීමට යන බෞද්ධයා නොදන්නා බැවින් හා ඔහුටද බුදු දහම පිලිබද පොතින් කිවූ කරුනු හා ඇසූ කරුනු පිලිබදව පමනක් දැනුම ඇති බැවින් ඌරන් මඩේ එරෙන්නාක් මෙන් සෑම දෙයක්ම පැහැදිලි කිරීමට ගොස් තමුන්ගේම පිලිතුරු වල ගිලෙති. නිරාගමිකයින් නොදන්නා පලමු කරුන නම් බුදු දහම යනු නිරාගමික බවම යන්න බව ටමවෙුන් නොදනී. මේ බව මධු පින්ඩක නැමති සූතයක ඉතාමත් පැහැදිලිව දක්වා තිබේ.(http://www.4vidi.com/post/S--dBy7-qJI ) “බුදු දහම මෙලොව කිසිදු වාදයක් හා නොගැටෙයි“ එනයින් එය වාදයක් හෝ ආගමක් නොවේ. ලොව වෙන කිසියම් හෝ වාදයක් තිබේද ඒ සියල්ලට හේතුව බුදු දහම තුලින් විග්‍රහ වෙයි. අනෙක් සියලු වාද එනම් නිරාගමිකත්වයද ඇතුලුව, ඒ සියල්ලේ අරමුණ තන්හාවයි. බුදු දහම ලෝකයේ මෙම යථා ස්වභාවය හදුනාගෙන දුකට හේතු වන එය හදුනාගෙන ඉන් මිදීම පිලිබදවද මාර්ගයකි. බොහෝ දෙනා තමුන් යම් දුකක් විදීද එයට හේතුව තන්හාව බවවත් නොදනී. සමහරුන් තන්හාව බව දැන ගත්තද එය අත හැරීමට බිය වෙයි. එ්ද තනිහාවමය. අවිද්‍යාවද තන්හාවේ ප්‍රතිඵලයක් ලෙස ගත හැක. (මෙහි අනෙක් පසද සාධාරණය) මෙම නිසා අප සතු සියලු දැනුම නිවන් දකිනා තුරු පැහැදිලි කර ගත යුත්තේද අවිද්‍යාවෙන්ම. අල්ලා ගත් දේ යොදා ගෙනමය. මන්ද යත් හදුනා ගැනීම සාපේක්ෂ බැවිනි. බුදු දහම යනු ආගමක් නොවේ යන්න සියලු බෞද්ධයන් මතක තබා ගත යුතු පලමු කරුන වෙයි. 

සිදුහත් කුමාරයා රාහුල කුමරුවන් අතහැර ගියේ ඇයි යන්න අද සමහරුන් ඉතා ප්‍රභලයැයි සිතා බෞද්ධයන්ගෙන් අසන ප්‍රශ්නයකි. මෙයට අසුවන බෞද්ධයන්ට බුදුන්ටත් වඩා එසේ නම් විවාහකයිනට මිනිසුන් වදින්නේ පුදන්නේ නැත්තේ ඇයි දැයි විමසීමට නොහැකි වෙති. මෙසේ පවසන ලෙස පැවසුවද අද බෞද්ධයින්ට නොතෙරේ. මින් අදහස් වන්නේ සිදුහත් කුමාරයා ගිහිගෙය අතහැර යාම තුල සාමාන්‍ය මිනිසකු නිවසින් පැන යාමට සමාන කල නොහැකි බවයි. එහි අර්ථය අති විශාලය. විශ්වයේ ලබා ගත හැකි ඉහලම තනතුර ලබා ගැනීම සදහායි. නොඑසේනම් බිරිද හා දරුවා සදහා සල්ලි සෙවීමට රට රැකියා වලට යන්නන්ද අන්තිම පහත් පෙලේ පිරිසක් විය යුතුය. එසේම තවත් ඉතාම පටු මනසකින් ප්‍රශ්න අසන්නන්ට පැවසිය හැක්කේ ඉන් කිසිවකුටත් අයහපතක්ද සිදු නොවූ බවයි. එයද වසර හතකට පමනි. පසුව ඔවුන් ලබා ගත් සුවය සදකාලික විය. අද මෙම ගැටලුව අසන සමහර විවාහක නිරාගමිකයින් වනාහී රජ සැප පරදවන මෙම උපරිම සැපය බිරිදට හා දරුවන්ට ලබා දෙන්නන් තියා හරියට කෑම ඇදුම් ටික වත් ලබා දීමට නොහැකි කාර්ල් මාකස් ගනයේ පණ්ඩිතයෝ වෙති. සමහරුන්ගේ දරුවන් නන්තාරේ ගොසිනි. මෙම පීඩනය පිටකර ගැනීමටද සමහරු බොරුවට අ‍න්‍යයන්ට ගරහමින් හැසිරෙනු දැකිය හැක. අනෙක් අතට සිදුහත් කුමාරයා විවාහ නොවී කුමරුවක් නොසදා ගිහිගෙය හැර ගියේ නම් මොවුන් අද සිදුහත් කුමරුට දරුවන් නොසිටියේ වෙන කරුණක් නිසා යැයි අපහාස කරනු ඇත. 

සමහර විටෙක් බෞද්ධයින් මෙම ගැටලුවට මෙසේ පිළීතුරු දේ . සිදුහත් කුමාරයා ගිහිගෙය හැරයාමෙන් අනන්ත දුක්ඛිත සංසාරයෙන් එතෙර වීමට රාහුල හා යසෝධරා කුමාරියටද අවස්ථාව ලැබුනි. මෙහිදී අනෙක් පසින් එල්ල වන තර්කය වන්නේ එසේ නම් සංසාරය යනු කුමක්ද යන්නයි. සංසාරය යනු දෙවියන් වහන්සේ වැනි ඔප්පු කොට ගත නොහැකි ගූඨ දෙයකි. එයද අනෙක් ආගම් වල සංකල්ප මෙන්ම එක්තරා මිත්‍යාවකි. මෙහිදීද නූතන බෞද්ධයන් සිරවේ. මන්දයත් ඔවුන් ධර්මය උගත්තන් වුවද එය විමසා බලා නැත්තවුන් නිසාය. විශ්වයේ සියල්ලම රදා පවතින්නේ හදුනා ගැනීම මතයි.( වැඩි විස්තර අනිත්‍ය බව යනු වෙනස් වීමයි. මෙය කාටත් ප්‍රායෝගිකව අත් දැකිය හැක්කකි. මෙහි සත්ත්වයා හෝ රූපය යනු වෙනස් වීම අනුව ඇති වුනු සාපේක්ෂ රූපයක් පමනි. (මෙම නිසා වෙනස් වන්නේ කුමක්ද යන්නට කිසි දිනෙක උත්තරයක් නොලැබෙනු ඇත්තේ එය සාපේක්ෂ දැකීමක් බැවිනි.) මෙසේ වෙනස් වන තැනකින් රූපයක් මවා ගත් විට වෙන් කරගත් විට එහි ඉතිහාසයක් හෝ මුලක් පෙන්විය නොහැක.කෙලවර වන අනාගතයක් පෙන්වියද නොහැක.මන්ද යත් මවා ගැනීම නිසා සෑම විට රූපයක්ම පෙනෙන බැවිනි. මවා ගැනීමද මෙහිම වෙනස්වීමේම ප්‍රතිඵලයකි. කල හැකි එකම දෙය අල්ලා ගත් මේ බෙදා වෙන් කර ගත් රූපය අනිත්‍ය බවත් එම නිසාම දුක බවත් ,එහි පාලනයක් තමුන් සතුව නොමැති බවත් සියල්ල අනිත්‍ය අනුව මැවෙන මායාවන් බවත් තේරුම් ගෙන එය අතහැරීමයි. (මෙය සිදුවන්නේ ධර්මය ඇසීම තුලිනි. (මේ පිළිතුරු එම අදාල ගැටලුව ඇතුවූ පුද්ගලයින් සදහායි. එහිම ඊලග ගැටලුවට පිලිතුර A,B,C ...ආකාරයේ රටාවක් නොවන බවයි. එසේම AC ---> B යන්නද සිදුවිය හැක.). අනිත්‍ය දැකීම තුල නිවන සාක්ෂාත් කර ගැනීම තොරණක් ඇසුරින් සැලකූ විට තවදුරටත් තොරනේ නිවෙනපත්තු වන විදුලි බුබුලු මිස ඒතුල රූප පේනෙන්නේ නැත. ඇත්තේ නිවෙන පත්තු වන විදුලි බුබුලු බවත් එහි සැබෑ රූපයක් නොමැති බවත් දැකීමයි. එවිට රූපට ඇලී තිබුනු තන්හාව බිදේ. (තන්හාවද අනිත්‍යයේ ප්‍රතිපලයකි.සැබැවින් අපට සිතෙන ආකාරයේ පවතින සත්ත්වයකු නැත.). එයම නිර්වාණයයි. විඥ්ඥාන යනු බෙදා වෙන් කර ගැනීමයි. නාම යනු මේ බෙදා වෙන්කර ගැනීම හදුනා ගැනීමයි. මේ හදුනා ගත් යමක් වේද එය රූපයයි. නාමයත් රූපයත් මෙලෙස එකිනෙක බැදී තිබේ.මේවා දැන් සෑම මොහොතකම චක්‍රයක් මෙන් ක්‍රියාකරයි. මේ සංසාරයයි. මේ මැවුනු රූපය අනිත්‍ය අනුව සිදුවන වෙනස් වීම් උපත්ති, මරණ, ලොඩරෝග සෑදීම ,පින්-පව්, තරුණ වීම ජරාවට යාම ආදී සියල්ලම වෙයි. මෙය සරලව ප්‍රඥ්ඥාවෙන් අවබෝධ කර ගත හැක්කකි. සත්ත්වයාගේ මුල් කෙලවරක් නොපෙනේ යැයි දේශනා කර ඇත්තේද මෙම නිසාම. එම නිසා කාලය ඇතුලු සිලු ප්‍රඥ්ඥප්ති පටිච්චසමුප්පාදය තුල මිස ඉන් පිටත නොවෙයි.නිවන් සැප අවුරුදු කල්ප ගණනක් වින්දද එක් ක්ෂණයක් ලැබුවද එහි වෙනසක් නොමැත. එයට කාලය පැනවිය න‍ොහැකඓහි කලු සුදු හෝ ඉර හද තාරුකාද නොමැත. එලිය නොමැති නමුදු අදුරක්ද නොමැත. මො සියල්ල තොරනේ රූප පිලිබද උපමාවෙන් පැහැදිලි කර ගත හැක. එය ස්ථානයක්ද නොවේ. නිවන ලබා ගනීමෙන් නැතිවන දෙයක්ද නොමැත ලබා ගන්නා දෙයක්ද නොමැත. ( පටිච්චසමුප්පාදය ඒ කාලයේ මහා දෙයක් වුවද අද එසේ නොවන බවට කියන පිරිසගේ නොදැනුවත්කම මින්ම තේරුම් ගත හැක. පටිච්චසමුප්පාදය තුල මුලු මහත් විශ්වයේම පැවැත්ම දක්වා ඇත.) 

ඇවැසි අයෙකුට මෙය තොරතුරු න්‍යාය අනුවද පැහැදිලි කල හැක. නාම යනු තොරතුරුයි. තොරතුරු යනු විනාශ වන දේ නොවේ. තොරතුර තොරතුරක් වන්නේ හදුනා ගන්නකු සිටින නිසාය. හදුනාගන්නකු සිටින්නේ තොරතුරක් ඇති බැවිනි. (observers reality) එහි මුලක් දැක්විය නොහැක. හොලොග්‍රැපික් යුනිවර්ස් න්‍යායේ මූලයද මෙයම වෙයි. ඇවැසි අයෙකුට වෙනස්වීම මෙට්රික්ස් එකක් ලෙසද සැලකිය හැක. දැන ගත හැකි එකම යථාර්ථය සාපේක්ෂ වෙනස්වීමම වන නිසා සියල්ල එක් තැන් කල හැකි යුනිෆීල්ඩ් න්‍යාය අනිත්‍යයම වේ. මේ මෙට්ර්ක්ස් තුල සත්ත්වයාද, සිතද,ඊට සාපේක්ෂ බැවින් බාහිර ලොවෙහි අංගද නිරූපනය කල යුතුය. නමුත් මේ වෙනස් වීම් අන්‍යෝනයව බැදී තිබේ. ඇවැසිනම් අන්‍යෝන්‍ය බැදී තිබීමම වෙනස්වීම නිසා එකක් වෙනස් වෙනස් වන විට අනෙක්වා වෙනස් විය යුතු බැවින් බැදී තිබීම නිසාම ක්‍රියාවන් ක්වොන්ටීකරණය වී ඇත ලෙසද ගත හැක.(වැඩි විස්තර https://sites.google.com/site/sapekasha/home

එසේම නිරීක්ෂකයාගේ සිතිවිලි අනුව බාහිර ලෝකයද වෙනස් වේ - ලෝකය අනුව නිරීක්ෂකයාද වෙනස් වේ යන්නද තේරුම් ගත හැක. මෙම නිසාම මිනිසාගේ සිතිවිලි කිලිටි වන විට ලෝකය විපරීත වන බව කියවෙන බුදු වදනද සිහියට නගා ගත හැක. සියල්ල වෙනස්වීම් පමනක් නිසා සැබැවින් පවතින සත්ත්වයකු නැති අතර සාපේක්ෂ වෙනස්වීම් නිසා මැවෙන තත්වයක් හැරුනු කොට මේ වෙනස්වීමේ පාලනයක් සත්ත්වයා සතුව නොමැත. ධර්මය ඇසිය යුතු වන්නේ, කියවිය යුතු වන්නේ සාකච්ඡා කල යුතු වන්නේ දේශනා කල යුතු වන්නේ මෙම නිසාය. සංසාරය දුකක් වන්නේද මෙම වෙනස් වීමේ පාලනයක් නැති බැවිනි. බුදු දහම නොදත් කාල වල මේ කිසිවක් දත නොහී මනුෂ්‍යයෝ පවින් පිරී දුකෙහි ගැලෙති. ලෝකය දෙවියකුගේ නිර්මාණයකැයි සිතා මිත්‍යවේ ගැලෙයි.තොරතුරු න්‍යාය අනුව සැලකීමෙන්ම හදුනා ගැනීමක් ඉබේ පහල වන සත්ත්වයකුට ඇතිවිය නොහැකි බව පැහැදිලි විය යුතුය. කිසියම් දෙවියකු සිටීනම් ඔහුද අනිත්‍යයට අනුව ගසාගෙන යන්නකු බවත් මරණයෙන් දුකින් තොර වූවකු නොවන බවත් තේරුම් ගත යුතුය. අනෙක් අතට ඒද සත්ත්ව මායාවක්ම වේ. වෙනස්වීම් ගොඩක් හැරුනු කොට සැබෑ සත්ත්වයකු නොමැත. දුක යනුද වෙනස් වීමෙන් තැනුනු ස්වභායක්මය. සංකල්පයකි. එම ස්වභාවය ඉක්මවිය හැක්කේ අත්හැරීමෙන්ම පමනි. වෙනස් වීමේ පාලනයක් නොමැති නිසා කල්ප කෝටි ගණන් දසත්ත්නයා මෙම ුකෙහිම ගැලෙයි. (සරලව අල්ලා ගත් දෙය වෙනස් වීමම දුකයි. ලෙඩ දුක් සෑදීමද, මිය යාමද, වයසට යාමද, සමීපතයන්ගේ වෙන්වීම් ආදිය මින් ඉතාම ස්වල්පයකි.) සතත්වයා අතරින් පතර සමහර විට ඉතාම ස්වල්ප කාලයක් සමහර විට සැප ලබයි. බෙල්ල ගසා ගියත් අන්‍යයන් වෙනුවෙන් හෝ බුදු දහම රැක ගත යුත්තේද ,සිල් රුකිය යුතු වන්නේද, හැකි ඉක්මනින් නිවන් දැකීමට උත්සාහ කලයුතු වන්නේද, සියලු ආගම් සමාන යන සර්වාගමික සංකල්ප බැහැර කල යුත්තේද, මෙවන් වූ දැනුමක් ලබා දුන් බුදුන් වහන්සේටද උන්වහන්සේගේ ධර්මය අද පතුරවන ශ්‍රාවකයන් වූ ස්වාමීන් වහන්සේලාටද දුට දුටු තැනදී වුවත් ,කුමක් වුවත් බිම වැතිරී හෝ වන්දනා මාන කල යුත්තේද මෙම නිසාමය.අන්‍යාගමිකයකු වවද මේ තත්වය තේරුම් ගෙන ස්වාමීන් වහන්සේලාට ගෞරව නමස්කාර කල යුතුමය. මන්දයත් මේ ධර්මය සහිත ක්ෂණය ඉක්මුනු තැන ඉදිරිය පිලිබදව පැවසිය හැක්කේ දරුණු දිය වැලකට හසුව ගසාගෙන යන මිනිසකුගේ උපමාවෙන් පමනි. (වැඩි විස්තර https://www.scribd.com/doc/27216299/So-You-Think-You-Can-Think)

සමහරකු බුදු දහම එක් අයෙකුගේ ලෝකය පිලිබද සාපේක්ෂ මතයක් ලෙස දක්වති. නැත.එයට පිළිතුරද ඉහල පරිච්ඡේදයේම වෙයි. සියලු ආගම් එකයි හෝ සර්වාගමික සංහිදියාවක් ගැන කථා කරන බොහෝ දෙනො බුදු දහම යන්න නොදන්නා එහි ප්රතිඵලයක් නොදන්නා පිරිස වෙයි. බුදු දහම මේ ආගම් ගොඩට ඇද දැමිය නොහැකි බවත් බුදු දහම තවත් එක් ආගමක් නොවන බවවත් නොදනිති. අනිත්ය ශුන්ය අනාත්ම ලක්ෂණ මතුවන ලෙස ධර්මය ප්‍රකාශකල හැකි නැතිනම් බුදු දහම කෙරෙහි පැහැදිය හැකි වන ලෙස ධර්මය දෙසිය හැකි පුද්ගලයා වේවා , භික්ෂුව වේවා අන්යය තීර්තකයන් සමග සමසුන් ගැනීම සුදුසු නොවේ. මේ පුහු ආගමික උමතුවක් නොව ප්රඥාව සම්බන්ධ ගැටලුවකි. එය තේරුම් ගන්නා බෞද්ධයාට මෙන්ම අන්යය තීර්ථකයාටද සිදුවන්නේ හොදක්ම මිස වරදක් නොවේ.

මීලගට බෞද්ධයින්ගෙන් අසන පශ්නයක් නම් ප්‍රාතිහාර්යය සම්බන්ධ ගැටලුයි. මේවාට පිලිතුරු දීමට යමින් විද්‍යාව අනුව පැහැදිලි කිරීම් කරමින් එරෙන බෞද්ධයෝ පිරිසක්ද වෙති. මේවාට සැබැවින්ම පිලිතුරු දීමට අවශ්‍ය නැත. මන්ද යත් බුදුන් වහන්සේම මෙය ධර්මය නොවන බව ප්‍රකාශ කර ඇති බැවිනි. නමුත් ඇවැසි කෙනෙකුට ඒවා ලබාගන්නා ආකාරයද පැහැදිලිව දේශනා කර ඇත. එම නිසා ඇවැසි කෙනෙකුට භාවනා කර බලා ගැනීම හැරුනු කොට එය බුදු දහමෙන් බලාපොරාත්තුවන විමුක්තියට අදාල නැත. දෙව්ලොව අපාය සම්බන්ධයෙන්ද මෙය මෙසේමය. මෙය බොහෝ දෙනෙකු නොදනා කරුනකි. බුදුන් වහන්සේ තම ශ්‍රාවකයින්ටද ප්‍රාතිහාර්යය පෑම තහනම් කලේ ප්‍රඥාවට පමණක් මුල් තැන දිය යුතු බව පෙන්වමිනි. නමුත් මෙයද ඇවැසි අයෙකුට ලබා ගත හැකි මාර්ගය පෙන්වීමටද අමතක නොකලහ. මෙහිදී සමහරුන් බුදුන් වහන්සේ ප්‍රාතිහාර්යය පෑවේ ඇයි කියා අසන අතර ඔවුන්ට පිළිතුරු දීමට අවශ්‍ය නැත. පෙර පාසල් ගැටලු මෙතනට අදාල නොවේ.

තවත් කිසිවෙක් රහත් බව ප්‍රකාශ කරමින් යන අතර බුදුන් වහන්සේද බුදු බව ප්‍රකාශ කලේ නම් එහි වරද කුමක්දැයි අසයි. මෙහිදී ඒ උතුමන් රහත්වී දැයි නොරහත් දැයි අපට විමසීමට නොහැක. නමුත් බුදුන් සමග ගැලපීම සුදුසු නොවේ. මන්ද යත් බුදුන් වහන්සේ බුද්ධත්වය ප්‍රකාශ නොකලානම් බුදුන් වහන්සේ පිලිබදව ලෝකයාට දැන ගැනීමට හැකියාවක් නොතිබුනු බැවිනි. අනෙක් අතට එය සත්ත්වයින්ට
ප්‍රත්‍යක්ෂ කරවීමේ හැකියාවද උන්වහන්සේ සතු විය. අනෙක් රහතන් වහන්සේලා මා දන්නා තරමින් නොකරම බැරි අවස්ථ‍ාවක රහත් භාවය ප්‍රකාශ කිරීම හැරුනු කොට එය ප්‍රකාශ නොකල බව මගේ හැගීමයි. ප්‍රකශකලේ නම් එයද වක්‍රාකාරයෙනි. උදාන වාක්‍ය සෑම විටම පිරිසක් ඉදිරිපට දේශනා කලේයැයි මා දන්නේ නැත. නමුත් හොදම දෙයනම් ප්‍රඥාවෙන්ම රහත් නොරහත් බව දැන ගැනීමයි. සෝවාන් ආදී මහතික ලබා දීම් සම්බන්දයෙන්ද සාකච්ඡා කල යුතු නැත. සෝවාන් පුද්ගලයාට පටිච්චසමුප්පාදය අතැඹුලක්මෙන් පැහැදිලි බව ප්‍රකාශිත අතර සක්කාය දිට්ඨිය සිද දමා ඇත.
තවත් තැනකදී බුදුන් වහන්සේ පළිතුරු නොදුන් ගැටලු පෙලක් අල්ලාගෙන සමහරුන් තර්ක ඉදිරිපත් කරයි. දිනක චුල්ල මාලුන්ක්ය පුත්ය හිමියන් බුදුන් වහන්සේවෙත ගොස්

1. ලෝකය සදාකාලිකද? (ශාශ්වතද?)
2. ලෝකය සදාකාලික නොවේද? (උච්ඡේදද?)
3. ලෝකයේ කෙළවරක් තිබේද? (අත්තවත්ද)
4. ලෝකයේ කෙළවරක් නැතිද? (අනන්තවත්ද?)
5. මනස හා ශරීරය එක්ව පවතීද?
6. මනස හා ශරීරය වෙන් වෙන්ව පවතීද?
7. තථාගතයන් මරණින් පසු සිටීද?
8. තථාගතයන් මරණින් පසු නොසිටීද?
9. තථාගතයන් මරණින් පසු සිටී හා නොසිටින තත්ත්වයක්ද?
10. තථාගතයන් මරණින් පසු සිටින්නේත් නොව නොසිටින්නේත් වේද?

යන පැනයන් විමසා සිටියේය. නමුත් බුදුන් වහන්සේ මේ කිසිවකට පිළිතුරු ලබා දෙනු නොලැබීය. සමහරුන්ට අනුව මේවා බුදු වහන්සේ නොදත් නිසා නිහඩව සිටීමකි. සමහරකුට අනුව මේවා නිවනට අදාල නොවන නිසා පිලිතුරු නොදී සිටීමකි. ( මෙම තර්ක සමහර විට අන්යාගමිකයින් සිය ආගම් ප්රචලිත කිරීම සදහාද යොදා ගනී. ඔවුන්ගේ දෙවියන් නිවැරදි වුවද බුදුන් වහන්සේ ඒ. සම්බන්ධයෙන් දේශනා කොට නොමැත.) දෙවන මතය නිවැරදි වුවද මේ සම්බන්ධයෙන් තවත් විශිෂෟඨ විග්රහයක් අති පූජ්ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ ලබා දේ. මෙයට ප්රධානම හේතුව මෙම ගැටලු මූලයම වැරදි සහගත වීමය. එනම් කිසිදිනෙක මත්පැන් පානය නොකල පුද්ගලයකුගෙන් නීතීඥයකු ඔබ දැන් මත්පැන් පානය නවතා ඇද්දැයි අසන ගැටලුව මෙනි. එයට ඔව් කීවද නෑ කීවද කොහෙන් හෝ වැරදි මතයකට හසු වෙයි. මෙලෙසම ඉහත ගැටලුවලට අපේක්ෂා කල ඔව් නෑ පිළිතුරු නිසා එක්කෝ ශාසෘත වාදයට අසුවෙයි. නැතිනම් අශාසෘත වාදයට හසු වෙයි. එක්කෝ ආත්මවාදයට හසු වෙයි (5 සිට 10 දක්වා ගැටලු මෙවැනිය.). මෙයට පිළිතුරු දුන් විට අසන්නා. කොහේ හෝ වැරදි කොනක් අල්ලා ගනී. මේ ගැටලු වල වැරදි බව පිලිතුරු ඉහත විග්රහය අනුව තේරුම් ගන්න. තවත් දුටු තර්කයක් නම් ඒහි පස්සිකෝ යන්න විද්යාත්මක ක්රමවේදයක් නොවේ, මොකද තනි පුද්ගල දැක්මක් පමණක් හරියි කියා හිතන්න බෑ. ඔවුන් රැවටී ඇත් දැයි අප නො දන්නා නිසා. නැහැ මෙය කවුරුවත් දැනගන්න අවශ්ය නැහැ. එය දුටු පුද්ගලයා දන්නවා එය නිවැරදිද කියා. බුදු දහම විදයාතමකය යන්නේන් හැගෙන්නේ එය බටහිර විදයාවට අනුකූල බව නොවේ. එය ප්රත්යක්ෂයෙන් දැන ගත හැකි දෙයක් බැවිනි. තමුන්ටම අවබෝධ කර ගත හැකි බැවිනි. පරීක්ෂා කර විමාස බලා ප්රත්යක්ෂ කර ගත හැකි බැවිනි. ඒ සදහා සියලු මාර්ග ගතයුතු පියවර පැහැදිලි ර ඇති බවැනි. තන්හාව මත පදනම්ව ඇති බටහිර විද්යාවද මින් පැහැදිලි කෙරේ. මුලු මහත් විශ්වයේම
හරස්කඩ ගෙන හර දක්වයි. පෙර ජේදයේ පටිච්ඡ සමුප්පාදය පිලිබද විග්රහය නැවත කියවා බලන්න. විද්යාවක් හා අවිද්යාවක් පිලිබදව ප්රථමයෙන්ම පැහැදිිලි කලේද බුදු දහමේම බව බොහෝ දෙනාට අමතකය. එසේම ආර්යය පර්යේෂණ සූත්රයද මෙහිදී සිහිකල හැක. නමුත් අුද බොහෝ දෙනාට කිසිවක් පවසන විට ඔවුන් එය අසන්නේ සිහි බුද්ධියකින් නොවේ.

විද්යාව හා ආගම යනු දෙකක් බවද විද්යාවෙන් ආගම පැහැදිලි කිරීමට යාම වනාහී ඉතාමත් අනුවන ක්රියාවක් බව මිනිසාගේ සිතිවිලි අනුව තේරුම් ගත හැකි ආකාරය හා නිරාගමිකයන්ද මෙම ආගම් ඇතිවීමට හේතුවුනු සිතිවිලි වලින් මිදී නොමැති බවටත් මිට පෙර ලිපියකින් පෙන්වා දුන් නමුදු (http://twistedknowladge.blogspot.com/2015/05/blog-post.html ) එහි අන්තර්ගතයට අදාල මාතෘකාව වුනු මරණින් මතු ජීවිතයක් පවතීද යන්න බොහෝ බෞද්ධයින් වටහා ගත්තේ වැරදි ආකාරයෙනි. එහි මූලික අරමුණ තේරුම් නොගත් මොවුන් මර්ණින් මතු සිදුවන්නේ කුමක්ද යන්න මෙහි සදහන් නොමැති බවත් නැතිනම් විදයාවට වඩා බුදු දහම උසස් යැයි කරුණු දැක්වීමටත් පටන් ගත් විට එයට සිනහ වීමටදැයි කනගාටුවිය යුතු දැයි සිතා ගත නොහැකි විය. අනෙක් අතට එහි ආගම් හා බුදු දහම යනු දෙකක් බවද පැහැදිලිව දක්වා තිබුනි. නමුත් බොහෝ දෙනෙකු මාතෘකාව දෙස බලා ලිපිය තීරණය කරගත්තෝය. මෙම නිසා මෙවැනි ලිපි සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමට යාම තේරුමක් නොමැති බව පමනක් තේරුම් ගත යුතුය. වටහා ගන්නා තැනැත්තා මුල් අවස්ථාවේදීම එය වටහා ගනී.

තවත් පිරිසක් බුදු දහමේ ආගමික ලක්ෂණ ලෙස මල් පූජා කිරීම, බෝධි පිළිම නමස්කාර කිරීම, පිරිත් සඡ්ඡායනය ආදිය පෙන්වයි. මොන්ටිසොරි දරුවන්ට ක්වොන්ටම් යාන්ත්රිකය උගන්වන්නේ නැත. නමුත් එයට ආසාවක් ඇති කිරීම ගුරුවරුන්ගේ වගකීම වෙයි. අනෙක් අතට බඩගින්නේ හිද හෝ රෝගී වි හිද හොදින් මොන්ටිසොරි අධ්යාපනයවත් ලබා ගත නොහැක. කැමැත්තක් නොමැතිවද ළමයින් උගෙන නොගනී. නමුත් හෝඩියේ උගත් එකතු කිරීම අඩු කිරීම උසස් පෙලටද වලංගුය, විශ්ව විද්යාලයටත් වලංගුය. එසේම මල් පූජා කරන විට කියවන "පුප්පං මිලායාති යථා ඉදං මේ. කායො තථායාති විනාසභාවං" යන්න විදර්ශණා භාවනා වඩන විටද වලංගුය. හොදින් උගෙනීමට ගුරුවරයා ගැන සිත පහදවා ගැනීම අනිවාර්යය. ගුරුවරයා කෙරෙහි විශ්වාසයක් ඇති කර ගැනීම අනිවාර්යය. ඉදිරියේ ලබා ගන්නා දැනුම පිලිබද පැහැදීමක්ද,ආසාවක්ද, ඒ වෙනුවෙන් පෙනී සිටිනා ගුරුවරුන් ගැන පැහැදීමක් ලබා ගැනීමද අනිවාර්යය. එසේම ගුරුවරයාට කීකරු වීමද ගෞරව කිරීමද අනිවාර්යය. ගුරුවරයා නොමිලේ ලබාදෙන දැනුම වෙනුවෙන් දාන මාන සත්කාර කිරීමද අනිවාර්යය. ඒ දැනුම පෙර ලබා දුන් හෝ සොයා ගත් පුද්ගලයාට ගෞරව කිරීමද එතුමා අනුගමනය කිරීමද, ඒ පිලිබද විශ්වාසය වැඩිවීමට හා ඒ මග ගමන් කිරීමටද පහසුවක් ලබා දීමකි. මේ දැක්වූයේ මේ සම්බන්ධ සුලු මනස සම්බන්දයෙන් කරුණු කිහිපයක් පමනි. නමුත් මේවායින් ඇතිවන අනෙක් ප්රතිපල අති විශාලය. තමුන්ගේ දරුවා ගේ පාසල් අධ්යාපනය හෝ අඩු තරමින් තමුන් අධ්යාපනය ලැබූ ආකාරය ගැනවත් නොසිතන, තමුන්ට වැරදුනු තැනක් ඇත්නම් ඒ ගැනවත් නොසිතන පිරිස් බුදු දහමේ වන්දනා මාන කිරීම් ආදිය පිලිබදව මෙවැනි ගැටලු ඇසීම ගැන පුදුම විය යුතු නැත.

No comments:

Post a Comment