Blog Archive

Tuesday, October 29, 2019

සිතිවිලි වලට භෞතික ලෝකය වෙනස් කරන්න පුලුවන්ද ? - ග්ලෝබල් කොන්ෂස්නස් ප්‍රොජෙක්ට්


කාසියක් අහඹු ලෙස උඩ දමමින් වැටෙන පැත්ත නිරීක්ෂනය කිරීමේදී එකම අවස්තා සියයකදී අවස්තා අනූනමක්ම හිසම වැටුනහොත් එය අසාමන්‍යයද ? නැහැ. නමුත් තනියම කාසිය උඩ දමන විට අවස්තා සියයකදී එක එක සියයට අගයන් ලැබී තවත් මිනිසුන් රැසක් සමග මෙය සිදු කරන සෑම විටම අවස්තා සියයකදී සියයට අනූනමයක්ම හිසම වැටීම අසාමාන්‍යයද ? ඔව්.
ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය මගින් නිර්මාණය වුනු ග්ලෝබල් කොන්ෂස්නස් ප්‍රොජෙක්ට් කියන මේ ව්‍යාපෘතියේ විද්‍යාඥයින් පවසන ආකාරයට ‍භේතික ලෝකය තුල යම් යම් වෙනස් කම් සිදුවීමට බොහෝ පිරිසගේ සිතිවිලි හේතු විය හැකි බවයි.
මේ සදහා ඔවුන් විසින් දියත් කල පර්යේෂනයයි ග්ලෝබල් කොන්ෂස්නස් ප්‍රොජෙක්ට්. මෙයට අනුව ලොව පුරා ස්ථාන හැත්තෑවක පමන අහඹු සංඛ්‍යා නිපදවීමේ පරිඝනක යන්ත්‍ර තබා තිබෙනවා. ප්‍රධාන පරිඝනකයක් මගින් සෑම තත්පරයක් නැතිනම් විනාඩියක් තුල මේ අහඹ සංඛ්‍යා එකතු කරනවා. ඔවුන් පෙන්වා දෙනවා ලෝකය තුල මිනිසුන් යම් කම්පනයකට පත් කරන සිදුවීමේ වලදී අහඹු ලෙස නිපද වන අංක අතර අසාමාන්‍ය සමානත්වයක් පැවති බව. ඔවුන් මෙය 1997 ඩයනා කුමරියගේ අභාවයේ සිට විවිධ ඛෙද වාචක වලදී නිරීක්ෂනය කර තිබුනා. විශේෂයෙන් 2001 9/11 ප්‍රහාරය අවස්තාවේදී දින දෙකක් යන තුරු මේ අසාමාන්‍ය ප්‍රතිපල දැක ගත හැකි වුනු දත්ත ඔවුන් සතුයි. මෙම ව්‍යාපෘතිය සාර්තක වුවහොත් ලබා ගත හැකි ප්‍රායෝගික ප්‍රතිපල රැසක්ද ඔවුන් පෙන්වා දෙනවා.
මේ තියෙන්නේ ඔවුන්ගේ රැයල් ටයිම් ඩේටා පෙන්වන වෙබ් අඩවිය. ඔය පාට පාට බුබුලු තමා අහඹු සංඛයා නිපදවන යන්ත්‍ර . අනෙක් තැන්වල භුමිකම්පා ඇතුලු විවිධ විපත් තිබේ නම් පෙන්වනවා. කනෙක්ෂන්ස් හරහා සමාන දත්ත නිපවෙන අවස්තා අවශ්‍ය නම් නිරීක්ෂනය කරන්න පුලුවන්. නමුත් නියම ප්‍රතිපල පෙන්වීමට ඩේලි ඇනලිසිස් වෙත යන්න ඕනේ. ඔය පාට බුබුලු රතු පාට වීඹ පෙන්නුම් කෙරෙන්නේ අසාමාන්‍ය ලෙස සම්භාවිතාවයේ වෙනස් වීමක්. අනෙක් බුබුලු පාට අනුව අසාමාන්‍ය අපේක්ෂා කල හැකි වේරියන්ස් එකක් වැනිදේ පෙන්වා දෙනවා. ඕකේ සියලුම දේ නම් මම දන්නේ නැහැ. පුලුවන් නම් හොයලා අපිටත් කියන්න.
හැමදමෙ වගේ මෙයට විරෝධය පල කරන පිරිසකුත් නැත්තේ නැහැ. ඔවුන් පවසා සිටින්නේ අංක නිපද වීම අසාමාන්‍යය නම් ඒ අසාමාන්‍ය බව ඕනෑම ආකාරයකට බලාපොරාත්තු විය යුතු බවයි. නමුත් අදාල ව්‍යාපෘතියේ පර්යේෂකයන් . තමුන් ගේ දත්ත අනුව එය ප්‍රතික්ෂේප කරනවා. කොහොම නමුත් ව්‍යාපෘතිය තව දුරටත් පර්යේෂනය කර ගෙන යනවා.
සමස්ත පිරිසකගේ එකම සිතිවිලි ගොඩකින් ලෝකය වෙනස් වේ නම් තනි පුද්ගලයකුගේ එකග කර ගත් මනසට භෞතික ලෝකය අභිබවා යාමේ හැකියාවක් නොමැති වීමට බැහැ. ඒ වගේම නිරීක්ෂකයා නිසා පැනවුනු ලෝකයක් තිබෙන බව සමහර පර්යේෂන හරහා පෙනීම ක්වොන්ටම් භෞතිකයේත් ඇති විශාල ගැටලුවක්.
මීට පස්සේ යමක් සිදු උනහම මේ සයිට් එක චෙක් කරලා බලන් න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වගේ පර්යේෂන සියලු දෙනාටම ඇවැසිනම් කරන්නත් පුලුවන්.
සම්පූර්ණ සිතියම
සාරාංශයක්
LEGENDS
Interview

No comments:

Post a Comment