Blog Archive

Thursday, October 27, 2016

රන් සමනලයා


කුරුල්ලන්ගේ කෑ කෝ සද්දෙට පුංචි කුරුමිනියාට ඇහැරුනා. උදේ හිරු රැස්වැටිලා පලාතම රන්වන්පාටින් බැබලනවා. ගස්වල කොල අග එල්ලෙන පිනිබිංදුවලට ඉර එලිය වැටිලා මුතුකැට වගේ බබලනවා. තැන තැන ලස්සන ලස්සන මල්පිපිලා මල්සුවද හැම තැනම පැතිරිලා. ඇත්තටම කුරුල්ලෝ කෑ ගහන්නේනෑ. මේ ලස්සනෙන් වසීවෙලා වගේ. උන් සින්දු කියනවා. කොච්චර ලස්සන උදෑසනක්ද? තව ටිකක්නිදා ගන්න හිතුනත්මේ වගේ ලස්සන උදෑසනක කම්මැලිවෙන එක හොද නෑ කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
සුබ උදෑසනක් යාලුවේ ......අය්යෝ යාලුවේ ඔයා තාම නිදිද? පුංචි කුරුමිණියාගේ යාලූ තනකොල පෙත්තප්පු සන්තොසෙන් පුංචි කුරුමිණියා වටේ පියාඹන ගමන් ලංවෙලා ඇහුවා.මම දැනුයි නැගිට්ටේ ඔයා කොහේද යන්නේ පුංචි කුරුමිණියා ඇහුවා.අද හරිම ලස්සන දවසක් යාලුවේ මම යනවා වට පිට බලන්න හැම තැනම හරිම ලස්සනයි ඔයත් එනවද මගෙත් එක්ක යන්න? පුංචි කුරුමිණියාට යන්න ආස වුනත් තනකොල පෙත්තප්පු හයියෙන් පියාඹන නිසා තනියෙන් යන්න ඕනෑ කියලා හිතුනා. තනකොල පෙත්තප්පු එක්ක වේගෙන් පියාඹන්න පුංචි කුරුමිණියාට බෑ . එයා තාම පොඩීනේ. ඔයා යන්න යාලූවේ මම පස්සේ එන්නම් පුංචි කුරුමිණියා කිව්වා. ගිහින් එන්නම් පෙත්තප්පු ඈතට පියාඹලා ගියා.


.පුංචි කුරුමිණියා එයාගේපුංචි අත් දෙකෙන් ඇස් දෙක පොඩි කරලා ලග තිබිචිච පි ණි බිංදුවකින් මූ ණ කට හෝදා ගත්තා. උදේ නැගිටිට ගමන් පිරිසිදු වෙන එක හොද පුරුද්දක්බව අපේ මේ පොඩිත්තො වගේම පුංචි කුරුමිණියාත් දැනගෙන හිටියා. ඊට පස්සේ අත්දෙක හොදට සෝදාගෙන ලග තිබුනු නිල්මල් ගහේ මලක් ඇතුලට රිංගලා ඇති තරම් මල් පැණි බිව්වා.


ඔන්න දැන් පුංචි කුරුමිනියාත් ලස්සන උදෑසන බලන්න යන්න සූදානම් ්‍ කුරුමිණියා කෙලින්ම පෙකු ණ පැත්තට පියෑඹුවා.. ඇත්තටම කොචිචර ලස් සන දවසක්ද හැමදාමත් හැම හැමදාම මෙහෙමම ලස්සනනම් . පුංචි කුරුමිණියාට තව ටිකක් උඩට පියාඹලා වටපිට බලන්න ඕනෑ කියලා හිතුනා. උඩට පියාඹන කොට ටිකක් බය හිතුනත් ඈතට යනකම් පරිසරය ලස්සනට පේන බව පුංචි කුරුමිනියා දැනගෙන හිටියා . අනිත් එක පුංචි කුරුමිණියාගේ යාලූ පැණි කුරුල්ලෝ. ලේන හාමිලා ගිරා හාමිලා වගේ අයත් ඉන්න නිසා පුංචි කුරුමිණියාට බය වෙන්න දෙයක් තිබුනෙත් නෑ.පුංචි කුරුමිණියා අඹ මල් පිරිලා තියෙන අඹ ගහක මුදුන් අත්තේ කොලයක වහලා වට පිට බැලූවා. එතනට කොලවරක් නැති නිල් අහසත් ඈතට යනකම් කොල තන පිට්ටනියක් වගේ ගස්මුදුනුත් ඒ මැද නිල්පාටින් දිලිසෙන පොකු ණත් ගස්වලට ඈතින් හොරෙන් හොරෙන් ගලා ගෙන යන ගංගවත් හොදට පෙනුනා . ඈත කදු යායාක් සුදුම සුදු පාට වාලාකුලූ ගොඩකින් වටවෙලා හරිම ලස් සනයි. ගග පැත්තේ ඉදන්ආපු හීතල සනීප හුලංවලින අපේ පුංචි කුරුමිණියාව නෑවිලා ගියා.අඹ ගහේ මල් අතු අපේ පුංචි කුරුමිනියාට අත වනනවා වගේ හිමීට පැද්දුනා.


අහස දිහා බලපු පුංචි කුරුමිනියා දැක්කේ තවත් පුදුම දෙයක්. මේ මොකද්ද මේ. අද ඉරවල් දෙකක් පායලා නේද? ඈත අහසේ තවත් දිලිසෙන ඉරක් පායලා තියෙන හැටි දැකලා පුංචි කුරුමිණියා පුදුම උනා. ඇත්තටම අපේ ඉර වගේම තවත් දිලිසෙන ඉර ක් ඈත අහසේ පායලා තිබුනා. ඒක තමා අද මෙචිචර ලස් සන. පුංචි කුරුමිණියාට හරිම සංතෝෂයක් දැනුනා. ඒත් ඒ ඉර අපේ යාලූ පරණ ඉරහාමි වගේ නොවන බව පුංචි කුරුමිණියාට තේරුණා එයා අපේ ඉරහාමි තරම් සැර නෑ ඒ දිහාබලාගෙන ඉන්න කොට ඇස්රිදෙන්නේනෑ. ඒ විතරක් නෙමෙයි ඒ ඉර හාමි ටිකෙන් ටික ලොකු වෙනවා නේද .ඒඇයි? ආනේ එයා අපිව බලන්න එනවා වත්ද කියලා පුංචි කුරුමිනියාට හිතුනා. හරි හරි මේ අපේ ලෝකේ ලස්සන බලන්න ආපු අපේ ඉර හාමිගේ යාලූවෙක්ද කොහෙද. පුංචි කුරුමිණියා සන්තෝසෙන් හිතුවා.ටිකකින් අලූත් ඉරහාමි ලං වෙන එක නැවතුනා. ඒ විතරක් නෙමෙයි. පුංචි කුරුමිණියා පුදුම කරමින් ඒ ඉර හාමිගෙන් තවත්ඉර හාමිලා ගෙඩක් මතුඋනා. කලින් ඉර හාමි තරම් ලොකු නොවුනත් ඒ ඉරහාමිලා හාමිලාත් එක්ක දැන් ඉර හාමිලා ගොඩයි. හරියට තරු ගොඩකුත් එක්කගෙනම ඉර පායලා වගේ . ඒ අලූත් ඉරහාමිගේ පැටව්ද කොහේද කියලා පුංචි කුරුමිණියාට හිතුනා.ඒත් එක්කම ඒපුංචි ඉරහාමි කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න ඇත්නම් කොචිචර හොදද කියලා ත් පුංචි කුරුමිණියාට හිතුනා. ඒ අයත් පොඩීනේ. . අනේ පුංචි ඉර හාමිලාට තාම හරියට පියාඹන්න බැරුවා වද්ද පුංචි කුරුමිණියාට හිතුනේ ඉරහාමිලා පොලවට හය්යෙන් එනවා වගේ හිතිලා. හිතවාත් එක්කම ඒ එක පුංචි ඉර හාමි කෙනෙක් ඩොග් ගාලා පුංචි කුරුමිණියාට දුරින් තිබිච්ච පොකු ණ පැත්තට වැටුනා


. අනේපව් පුංචි ඉර හාමිට හරියට රිදෙන්න ඇති. මම ගිහින් එයාට උදව් කරන්න ඕනෑ. පුංචි කුරුමිණියා ඉක්මනට ඒපැත්තට පියාඹන්න පටන්ගත්තා. කෙනෙක් කරදරේ වැටුනාම ඒඅයට හිනා වෙන නරක ලමයිනුත් ඉන්න බව අපේ පොඩිත්තොත් දන්නවනේ. එහේම කරන්න හොද නෑ. අපේ පුංචි කුරුමිණියා වගේ හැම වෙලාවෙම කෙනෙක් කරදරේ වැටුනාම ඒඅයට උදව් කරන්න පුංචි ඔයාලත් හිතට ගන්න ඔීනෑ. පුංචි කුරුමිණියා පුංචි ඉර හාමි වැටිචිච තැනට ගිහින් බැලූවා. අනේ එතන එක එක පාට කෑලි ගොඩක් සමහර ඒවායින් මීදුම් පිට වෙනවා අනේ පුංචි ඉර හාමි මැරුණාවත්ද පුංචි කුරුමිණියාට හුගාක් දුක හිතුනා. අලූතෙන් ආපු ඉර හාමි ආපහු ඈත අහසට ගහිල්ලා දුකෙන් වගේ බලා ගෙන ඉන්න හැටි පුංචි කුරුමිණියාට පෙනුනා. එයා දැන්ගොඩාක් උඩින්ඉන්න නිසා පේන්නේ ගොඩාක් පුංචියට. ඒත් එයා පුංචි ඉරහාමිට මොකද වුනේවත් බලන්න එන්නැත්තේ ඇයි. එයා නේ පුංචි ඉර හාමිලාව පොලවට එව්වේ. සමහර විට එයාට එන්න බැරිතරම් දුක ඇති පුංචි කුරුමිණියාට හිතුනා අනේ පව්. පුංචි කුරුමිණියා දුකෙන් අර ඉරහාමි ගේ පැටියා වැටුනු තැන බැලූවා. ඒත් එක්කම පුංචි කුරුමිණියා දැකපු දෙයින් පුදුම උනා. මෙන්න රත්තරන් සමනලයෙක් අම්මෝ උගේ ලස් සන. පුංචි කුරුමිණියාට ඇස් අදහා ගන්නත් බැරි වුනා . උගේ තටු දෙක හරහායි ඇග හරහායි ගිය ඉරියි ි, ඇස්දෙකයි, කටයි එහෙම පිටින්ම රත්තරන්පාටයි. තව ඇග පල්ලෙහාට දිග රැල් වගයකුත් එල්ලිලා තිබුනා. රන්සමනලයා අවේ මේ ඉර හාමි වැටුනු තැනින්නේද? ඒකියන්නේමේ ඉරහාමි වගේ ඇවිල්ලා තියෙන්නේමේ සමනලයාද නැතිනම් මැරුනු ඉරහාමි සමනලයෙක් වෙලා ඉපදුනාවත්ද ?. පුංචි කුරුමිණියාට හිතාගන්න බැරිවුනා. ඒත් අනේ උගේ ලස්සන. හරියට දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා වගේ.


රන්සමනලයා හෙමීට උඩට පියාඹලා බොහෝම ආඩම්බරෙන් වට පිට බැලූවා.හරියට මේ පැත්ත ගැන හොදට දන්න කෙනෙක්වගේ. රන් සමනලයා එක්ක යාලූ වෙන්න හිතාගෙන පුංචි කුරුමිණියා එයා ඉස්සරහට ගියා. එයා පුංචි කුරුමිණියාව දැක්කත් පුංචි කුරුමිණියාව ගණන්ගත්තේ නෑ.පුංචි කුරුමිණියාට දුක හිතුනා. හරිම ආඩම්බර සමනලයෙක් එයා ලස්සන බව ඇත්ත. ඒත් එයා ඔචිචර ආඩම්බර වෙන්නේ ඇයි. ආඩම්බර වෙන එක හොද නැති දෙයක් බව පුංචි කුරුමිණියා දැනගෙන හිටියා. ආඩම්බර මොනරා අන්තිමට දුකට පත් වෙච්චි කථාව පුංචි කුරුමිණියාට මතක්වුනා. මේ කැලෑවේ යාලූවො වගේම කොචිචර නරක සත්තුත් ඉන්නවද. බළල් හාමිලා ගැන මේ රන්සමනලයා දන්නවාද? මගෙත් එක්ක යාලූ වුනා නම් මම මේ සේරම කියලා දෙනවානේ. අනේ මට ඕන්නෑ එයත්එක්ක යාලූ වෙන්න. මට ඕනෑ තරම් තව යාලූවෝ ඉන්නේ. පුංචි කුරුමිණියා තරහින් හිතුවා.රන් සමනලයා වටපිට බලලා හෙමින් හෙමින් පියාඹලා කොහේදෝ යන්න පටන් ගත්තා. යාලූවෙන්න ඕනෑ නැති වුනත් රන් සමනලයා යන්නේ කෙහේද කියලා බලන්න පුංචි කුරුමිණියාට ආස හිතුනා. පුංචි කුරුමිණියාත් හොරෙන් හොරෙන් රන් සමනලයා පස්සෙන්ම පියාඹලා ගියා. ගස් අතරින්,මල් අතරින් රන්සමනලයා පියාඹලා ගියත් එයා මල්වල පැණිබොන්නවත් ලස් සන බලන්නවත් නැවතුනේනෑ. එයා කෙලින්ම පියාඹන්නේ පිටිටනියා පැත්තට නේද කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
ඉස්කොලෝ නිවාඩුකාලේ නිසා සිරිමලූයි එයාගේ යාලූ යහෙලෙියෝ ටිකයි පිටිටනියේ සෙල්ලම් කරනවා. සිරිමල් හරිම හොද ලමයෙක් බව පුංචි කුරුමිණියා දැනගෙන හිටියා. උදේ පාන්දරම ඇහැරෙන සිරිමල් පිරිසිදු වෙලා පාඩම් වැඩ කරන්න පටන් ගන්නවා පුංචි කුරුමිණියා දැකලා තිබුනා. ඊට පස්සේ අම්මටයි තාතතටයි වැදලා, එයාගේ තාත්තත් එක්ක ඉස්කෝලෙට යනවා. හවස ගෙදර ඇවිල්ලාත් පාඩම් වැඩ කරනවා. ගේදොර අස්පස්කරනවා. කි සිම කම්මැලිකමක් නෑ. පුංචි සිරිමල් ගෙදර ඉන්න දවස්වල උදේට එයාගේ කුරුලූයාලූවන්ටයි ලේන යාලූවන්ටයි කෑම කවනවා. එයාගේ තාත්තගේ හරි අම්මගේ හරි වැඩට උදව් වෙනවා. ඒවගේම හරිම කීකරුයි.අසරණ කෙනෙක් දැ ක්කොත් උදව් කරනවා. ඒක නි සා පුංචි සිරිමල්ට පුංචි කුරුමිණියා ගොඩාක් කැමතිවුනා. පුංචි සිරිමල්වගේ හොද ළමයෙක් වෙන්න පුංචි ඔයාලත් අදම හිතට ගන්නඕනෑ. එහෙම අයට හැමෝම කැමතියි.


පිටිටනිය ලගට ගිය රන්සමනලයා පුංචි ළමයින්ට පෙනෙන විදියට පිටිටනිය අයිනෙන් පියාඹන්න පටන් ගත්තා. අනේ රන් සමනලයාට පුංචි අයත් එක්ක සෙල්ලම් කරන්න හිතිලාද කොහේද පුංචි කුරුමිණියාට හිතුනා. කොචිචර හොදද පුංචිකුරුමිණියාට රන්සමනලයා එක්ක මුලින් තිබුනු තරහා අමතක වුනා. පුංචි ළමයි එක්ක සෙල්ලම් කරන්න පුංචි කුරුමිණියාටත් ඔීනෑ වුනත් ඒ අය තමුන්එක්ක සෙල්ලම් කරන්න නොඑන බව පුංචි කුරුමිණියා දැන ගෙන හිටියා. ඒක නි සා ගහක කොලයක් උඩට වෙලා දුකෙන්බලා ගෙන ඉන්නවා ඇරෙන්න පුංචි කුරුමිණියාට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.රන් සමනලයාව දැකපු පුංචි ඈයෝ හරියට සන්තෝ ස උනා. . අන්න රන් සමනලයෙක් කිය කියා ඒඅය රන් සමනලයා ලගට දුව ගෙන ආවත් ඒ අය ලං වෙන කොට රන් සමනලයා ටිකෙන් ටික ඈතට යන්න පටන් ගත්තා. පුංචි අයත්හිනා වෙව් ඒපස්සේයන හැටි පුංචි කුරුමිණියා ආසාවෙන් බලා ගෙන හිටියා. මෙහෙම වට කීපයක් ගියපු රන් සමනලයා එක පාරට ආපහු කැලේ ඇතුලට ගියා. රන්සමනලයාට මහන්සි ඇති පුංචි කුරුමිණියාට හිතුනා.


ඒත් පුංචි සිරිමල් විතරක් රන්සමනලයා පස්සෙන්ම හිනා වෙවී කැලෑව ඇතුලට ගියා. අනේ මටත් රන් සමනලයා එක්ක යාලූ වෙලා සෙල්ලම් කරන්න ඇත්නම් පුංචි කුරුමිණියාට ආයෙත් හිතුනා. පුංචි කුරුමිණියා ආයෙත් රන් සමනලයයි පුංචි සිරිමලූයි ඉන්න පැත්තට ගියා. රන්සමනලයයි පුංචි සිරිමලූයි සෙල්ලම් කරනවා රන්සමනලයා පුංචි සිරිමල් වටේට පියාඹනවා. පුංචි සිරිමල් රන්සමනලයාව අල්ලන්න වගේ අත්පුඩි ගහ ගහ උඩ පනිනවා. ඒත් එක සැරේටම සිරිමල්ගේ පිටිපස්සට ගිය රන්සමනලයා සිරිමල්ගේ ඔලූව පිටිපස්සෙන් නොපෙනීගියා. පුංචි සිරිමල් එකපාරටම බය වෙලා එයාගේඔලූව අල්ලාගෙන හය්යෙන් කෑ ගහන්න පටන්ගත්තා. පුංචි කුරුමිණියාටත් බය හිතුනා එයා ඉක්මනට පුංචි සිරිමල් ලගට පියාඹලා ගියා. පුංචි සිරිමල්ගේ ඔලූව පිටිපස්සෙන් මොනවදෝ රතුපාට තීන්ත වගයක් බිමට වැටෙනවා. රන්සමනලයා පේන්න නෑ. අනේ මොකද්ද වුනේ රන්සමනලයා කෝ . පුංචි සිරිමල් අඩන්නේඇයි. පුංචි කුරුමිණියාට හිතා ගන්නවත් බැරිවුනා. ඒත් එක්කම පුංචි සිරිමල්බිමට වැටුනා.රන් සමනලයා පේන්නවත්නෑ. අනේ පුංචි සිරිමල්ට මොකද වුනේ රන් සමනලයා ඒයාට රිදෙන්න මොනවා හරිකලාද? ඉක්මනට පුංචි සිරිමල්ගේ යාලූවන්ට මේ ගැනකියන්න ඕනෑ. පුංචි කුරුමිණියාට හිතුනා. පුංචි කුරුමිණියා ඉක්මනටම පියාඹලා පිටිටනියට ගිහිල්ලා පුංචි සිරිමල්ගේ යාලූවන්ට ඒගැන කෑ ගහලා කිව්වත් ඒ අයට පුංචි කුරුමිණියා කියපුදේ තේරුනේ නෑ. අනේ ඉක්මන්කරන්න. පුංචි කුරුමිණියා කෑගැහුවා.කවුරුවත් අහන්නේ නැති නිසා ආපහු සිරිමල් ලගට යන්න ඕනෑ කියලා පුංචි කුරුමිණියා හිතුවා. ඒත් මෙන්න බොලේ එතකොට සිරිමල් ආපහු පිටිටනියට එනවා. පුංචි කුරුමිණියාට හරිම සතුටක්දැනුනා. රන්සමනලයා පේන්න නැතිවුනත් මුලින් රන්සමනලයා පුංචි සිරිමල්ට අනතුරුක් කරයි කියලා හිති ච්ච එක ගැන පුංචි කුරුමිණියාට ගොඩාක්ලැජ්ජා හිතුනා. ඒ ගැන රන්සමනලයාට කියලා සමාව ගන්න ඕනෑ කියලාත් පුං චි කුරුමිණියාට හිතුනා. ඒත් රන්සමනලයා පේන්න නෑ. රන් සමනලයාආපහු යන්න ගියාද. පුංචි කුරුමිණියාට දුක හිතුනා.


සිරිමල් ආපහු පිටිටනියට ආවත් එයා යාලූ යෙහෙලියො ලගට යන්නැතුව කෙලින්ම වෙන පැත්තකට යන්න පටන් ගත්තා. එයා නිකමටවත් තමුන්ගේ යාලූවෝ දිහා බැලූවේ වත් නැහැ. සිරිමල්ට එයාගේ යාලූවොත් එක්ක තරහා ඇති. ඇයි එයා කරදරේ වැටුනහම එක්කෙනක්වත්උදව් කරන්නවත් ආවේ නැහැනේ. පුංචි කුරුමිණියා කල්පනා කලා අනේ පව් තරහ ගන්න එක නරක දෙයක් වුනත් පුංචි සිරිමල්ට දුක හිතෙන්න ඇති. පුංචි කුරුමිණියාට හිතුනා. පුංචි කුරුමිණියාත් හෙමින් හෙමින් පුංචි සිරිමල් පස්සෙන් යන්න පටන් ගත්තා අඩුගානේ මම හරි එයාගේ තනියට ඉන්නවානේ.පුංචි සිරිමල් කෙලින්ම ගියේ සිරිපාල මාමා වාහන හදන තැනට ඒක ඇතුලේ සිරිපාල මාමා මොකක්දෝ ලොකූ වැඩක්. වෙනදාටත් පුංචි සිරිමල් නිවාඩු දවස්වල සිරිපාල මමා ගේ වැඩපලට ඇවිල්ලා සිරිපාල මාමා කරන වැඩ දිහා බලා ගෙන ඉන්නවා පුංචි කුරුමිණියා දැකලා තිබුනා. ඒත් සිරිපාල මාමා සිරිමල් එක්ක කථා කලේ කලාතුරකින්. එයාගේ යන්ත්‍ර සූත්‍ර ගැන පුංචි සිරිමල් ඇහුවොත් විතරක් වෙලාවකට බුම්මාගෙන මොනවදෝ කියනවා. සමහර දවස්වල සිරිපාල මාමාට මොනවාදෝ වෙලා වැනි වැනී දකින දකින එක්කෙනා එක්ක රන් ඩු කර ගන්න හැටි පුංචි කුරුමිණියා දැකලා තිබුනා. පුංචි කුරුමිණියා එයාට පොඩිඩක්වත් කැමති වුනේනෑ. එක සැරයක් පුංචි කුරුමිණියාව දැකපු සිරිපාල මාමා කොස්සක් අරගෙන පස්සෙන් පන්නාගෙන ආවා. පුංචි කුරුමිණියා ඉක්මනටම කැලේට පියාඹලා එදා පන බේරා ගත්තා. ඒත් එයා පුංචි සිරිමල්ට නම් මොනවත් කිව්වේ නැහැ.


පුංචි සිරිමල්ව දැකපු සිරිපාල මාමා වෙනදා වගේ හැසිරුනේනෑ. පුංචි සිරිමල්ව දැකපු සිරිපාල මාමා එක පාරටම බය වෙලා වගේ පස් සට පැන්නා. ඒ ඇයි කියලා පුංචි කුරුමිණියාට හිතා ගන්නවත් බෑ. ඒත් පුංචි සිරිමල් ගාණක්වත් නැතුව සිරිපාල මාමා ලගටම ගියා. එතකොට සිරිපාල මාමා කෑ ගහලා අත්දෙක වනලා පුංචි සිරිමල්ට මොනවදෝ කිව්වා. ඒත්පුංචි සිරිමල් ඉස් සරහටම ගියා. පුංචි සිරිමල් ලගටම එනකොට පැනලා දුවන්න වගේ හදලා එක පාරටම ලග තිබීච්ච යකඩ පොල්ලක්අරගෙන පුංචි සිරිමල්ට ගහන්න පැන්නා. පුංචි කුරුමිණියාට හරියට බය හිතුනා ඒවගේම හරියට තරහාත් ගියා.කොච්චර නරක මනුස් සයෙක්ද සිරිමල්වගේ හොද ලමයකුට නිකං ගහන්න හදන්නේ සිරිමල මොන වරදක්කලාටද? අනික පුංචි සිරිමල්ට වුනුදේ නිකමටවත් ඇහුවේ නෑ නේද? සිරිපාල මාමා ගහන්න පැන්නත් පුංචි සිරිමල් පොඩිඩක්වත් බය වුනේ නෑ. එයා ලොකු මිනිහෙක්වගේ සිරිපාල මාමාගේ අතින් අල්ලලා පොල්ල විසිකරලා දැම්මා. සිරිපාල මාමා කෑ ගහලා බයෙන් අඩන්න ගත්තම පුංචි කුරුමිණියාට පුංචි සිරිමල් ගැන පුදුම හිතුනා. ඒ වගේම ලොකුසතුටකුත් දැනුනා. පුංචි සිරිමල් පොඩි වුනාට එයාට කොච්චර ශක්තියක් තිනවාද? හොද වැෙඩි නපුරු මනුස් සයාට.පුංචි සිරිමල්බිම වැටුන සිරිපාල මාමාව හිර කරගෙන එක අතකින්අල්ලාගෙන අනිත් අතින් එයාගේ ඔලූව ඇල්ලූවා. සිරිපාලමාමා බය වෙලාද මන්දා හය්යෙන් කෑ ගැහුවත් සිරිමල් එයාව අත ඇරියේ නෑ ටිකකින් සිරිපාල මාමා සද්ද නැතුව නිදා ගත්තාම තමයි සිරිමල් නැගිටිටේ. එතකොට සිරිපාල මාමාගේ ඔලූවෙනුත් තැනින්තැනින් රතුපාටට මොනවදෝ ගලා ගෙන එන බව පුංචි කුරුමිණියා දැක්කා. පුංචි සිරිමල් මොකක්කරාද කියලා පුංචි කුරුමිණියාට තේරුනේනැහැ. මෙකක් උනත් ඒ සිරිපාල මාමා නරක විදියට හැසිරුනු නිසා බව විතරක් පුංචි කුරුමිණියාට තේරුනා. ඔව් කවුරු වුනත් අනික් අයට නරක විදියට සලකපුවාම කවදාහරි එයාටත් ඒකේ විපාක විදින්න වෙන බව මේ පොඩිත්තොත් හොදට හිතට අරගන්න ඕනෑ. අනික් අයට හැම වෙලේම ආදරයෙන් කරුණාවෙන් සලකන්න ඕනෑ. එතකොට තමයි අනිත් අයත් අපිට ආදරෙන් සලකන්නේ.
සිරිමල් හැරිලා එලියට එන්න එනකොට තමා පුංචි කුරුමිණියා දැක්කේ පුංචි සිරිමල්ගේ ඇස්දෙක වෙනදා වගේ නෙමෙයි.ඒකේ කලූපාට බොල දෙකක් නෑ මුලූ ඇස්දෙකම රත්තරන් පාටට බැබලෙනවා. හරියට අර රන් සමනලයා වගේ. පුංචි කුරුමිණියාට තේරුනා මේ තෑග්ග දෙන්න ඇත්තේ රන් සමනලයා බව. එයත් එක්ක සෙල්ලම් කෙරුවාට.ඒක ඇත්තටම තෑග්ගක් වෙන්න ඕනෑ. පුංචි සිරිමල් එලියට එනකොටම මෙන්න බොලේ අර බිම වැටිලා හිටිය සිරිපාල මාමා නැගිට්ටා පුංචි කුරුමිණියාට බය හිතුනා එයා පුංචි සිරිමල්ට අනතුරක් කරයිද?. පුංචි කුරුමිණියා පුංචි සිරිමල් ලගට ඉක්මනට පියාඹලා ගියා. හරියට සිරිපාල මාමාගෙන් පුංචි සිරිමල්ව බේරා ගන්න වගේ. ඒත් සිරිපාල මාමා ඉස්සෙල්ලා වගේ කලබල කරේ නෑ. පුංචි සිරිමල්එයාගේපාඩුවේ යනවා දැක්කත්සිරිපාල මාමා ඒක ගණන් නොගෙන එයාගේ බඩු අස්සේ මොනව දෝ හොයන්න පටන්ගත්තා.


. පුංචි කුරුමිණියාට පුදුම හිතුනා ඉස්සෙල්ලා පි ස් සුවෙන් වගේ හිටපු සිරිපාල මාමා දැන්හොද කෙනෙක් වෙලා වගේ.පුංචි සිරිමල්ගේ දඩුවමෙන් එයා හොද කෙනෙක් වෙන්න තීරණය කරන්න ඇති කියලා පුංචි කුරුමිණියාට හිතුනා.කොච්චර හොදද. බලන්න හොද ලමයින් නිසා වැඩිහිටියොත් හොද අය වෙන හැටි. පුංචි කුරුමිනියා අලුත් පාඩමකුත් ඉගෙන ගත්තා.


පුංචි සිරිමල් එහා ගෙදර එයාගේ පුංචිව බලන්න යනවා පුංචි කුරුමිණියා බලා හිටියා.සිරිමල්ගේ ඒ පුංචිත් පුංචි කුරුමිණියාවගේ අහිංසක සත්තුන්ට කි සිම කරුණාවක් නැති කෙනෙක් නිසා එහෙට යන්න පුංචි කුරුමිණියා බය වුනා. එයාලගේ බලූහාමි වෙලාවකට අඩ අඩා පාරේ යන හැටි පුංචි කුරුමිණියා දැකලා තිබුනා. සිරිපාල මාමා මොනවා දෝ බඩු පොදියක් අතට ගන්නවා දැකලා සිරිපාල මාමා කරන්න යන්නේමොකද්ද කියලා බලන්න එතනට වෙලා ඉන්න පුංචි කුරුමිණියාට ආසා හිතුනා. සිරිපාල මාමා වෙනදා නැතිවිදියට හරිම සංසුන්විදියට බඩු මල්ලත්කරේ තියාගෙන පිට්ටනිය පැත්තට යන්න පටන්ගත්තා. අපේ පුංචිකුරුමිණියාත් එයා පිටිපස්සෙන් යන්න පටන්ගත්තා. මෙන්න පිට්ටනිය මැද ළමයි දෙන්නෙක්නිදි. සංජුගේ තාත්තත් නිදාගෙන ඉන්නවා පුංචි කුරුමිණියා දැක්කා. ඒත්සිරිපාල මාමා ඒගැන බැලූවේ නෑ. ඒ ගොල්ලන් නිදි නිසා කරදර කරන එක හොද නැති නි සා ත් පුංචි කුරුමිණියාත් ඒ ලගට ගියේනෑ.


සිරිපාල මාමා යන දිහාව දැක්කහම එයා යන්නේ අර රන්වන් ස මනලයා ආපු පැත්තට නේද කියලා පුංචි කුරුමිණියාට හිතුනා. අය්යෝ මට දැන්නේ තේරුනේ වෙලා තියෙන දේ පුංචි කුරුමිණියා පුදුම වුනා. අර රන්වන් සමනලයා නිකම් සමනලයෙක් කියලා හිතුවත් ඒක එහේම නොවන බව පුංචි කුරුමිණියාට තේරුනා. එයා නරක අයව පුංචි සිරිමල්වගේම හොද අය කරන්න කියලා පුංචි සිරිමල්ට කිව්වා වද්ද? රන් සමනලයා එහෙම අයව තමුන් ලගට එවන්න කියලා පුංචි සිරිමල්ට කිව්වා වත්ද? ඔව් ඒක එහෙම වෙන්න ඕනේ.
ගස් අතරින් පුංචි දිය සීරා මැදින් වල අගොඩැලි අතරින් සිරිපාල මාමා නොනැවතීම ගමන්කලා. පුංචි කුරුමිණියාට දැන් හරිම මහන්සියි ඇයි උදේ නැගිට්ට වෙලාවේ ඉදන්ම එයා කලේ හැම තැනම පියාඹපු එකනේ. ඒත් සිරිපාල මාමා යන තැනට ගිහින් බලන්නත් පුංචි කුරුමිණියාට ඕනෑ වුනා. පුංචි කුරුමිණියා ටිකක් බයෙන් වුනත් සිරිපාල මාමා ලගට ගිහිල්ලා මාමේ මාව අරන් යන්නකෝ මට හරි මහන්සියි. මමත් ආසායි ඔයත්එක්ක එන්න කියලා කනට කරලා කිව්වා. සිරිපාල මාමා ඔලූව වැනුවා. සිරිපාල මාමා ඇත්තටම හොද කෙනෙක් වෙලා බව පුංචි කුරුමිණියාට තේරුනා. එයා සිරිපාල මාමාගේඋරහිසක්උඩින් වැහුවා. දැන්පුංචි කුරුමිණියාට පියාඹන්න ඕන්නෑ. ඇයි සිරිපාල මාමා එයාව එක්කගෙන යනවානේ.


ගස් උඩ තවමත් කුරුල්ලෝ මිහිරි ගීත ගායනා කරනවා. ලේන් හාමිලා ගස්වල අතු දිගේ තරගෙට එහේට මෙහෙට දුවනවා. මල් ගස්වලින් මල් සුවදක්හැම තැනම පැතිරිලා . . ගස්වල කොල අතරින් තැනින් තැන ඉර හාමි පොලවට එඹිකම් කරනවා. ඒ අස්සේ මකුලූ හාමි කෙනෙක් හරිම හදි ස් සියකින් දැලක් බදිනවා. ගහක හිටපු පුංචි කුරුමිණියාගේ යාලූ කටසුහාමි කෙනෙක් පුංචි කුරුමිණියාව දැකලා ඔලූව හොල්ලලා කොහේද පුතේ යන්නේ කියලා ඇහුවා. මම ලොකු වැඩකට යනවා මාමේ ගිහින් එන්නම් කියලා පුංචි කුරුමිණියා උත්තර දුන්නා. කටුසුහාමි අතවනලා පරි ස් ස මින් ගිහින් එන්න කියලා කිව්වා.


පුංචි කුරුමිණියා හිතපු විදියටම හරියටම හරි. සිරිපාල මාමා කෙලින්ම ගියේ අර රන්වන් සමනලයා ආපු තැනටමයි. එතකොට තමා පුංචි කුරුමිණියා දැක්කේ එතන තවත් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්න බව. ඒ අය මොකද්දෝ හදනවා. හැබැයි හැමෝම හරිම හොද වෙලා.කවුරුවත් කෑ ගහන්නේවත්. කථා කරන්නේවත්නෑ.එතන කොහෙන් ආවද දන්නැති ලොකූ යන්තරයක් වගේ එකක් එතන තියෙනවා පුංචි කුරුමිණියා දැක්කා. පුංචි සිරිමල්ගේ පුංචිත් ඒ වෙලාවේම එතනට එනවා පුංචි කුරුමිණියා දැක්කා.මේ ඔක්කොම රන් සමනලයා ආපු නි සා හොදවෙචිච අය වෙන්න ඇති කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
සිරිපාල මාමලා ඒ හදන එක මොකද්ද කියලා බලන්න පුංචි කුරුමිණියාටත් ආසා හිතුනා. ඒ ත් තවම ඒගොල්ලෝ හදනවානේ. එතකන් මහනසිය යන්නත් එක්ක ටිකක් නිදාගන්න ඕනෑ කියලා පුංචි කුරුමිණියාට හිතුනා. ඇවිදලා ඇවිදලා එයාට හරිම මහන් සියි. අනික ඉතින් එයා හරිම පොඩියිනේ.ලස් සන කහ පාට මලක් ඇතුලට රිංගා ගත්තු පුංචි කුරුමිණියාට මල හුලගේ පැද්දෙන තාලෙට හොදටම නින්ද ගියා. හීනෙන් එයා දැක්කා පුංචි සිරිමලූයි එයාගේ යාලුවෝ කට්ටියයි, සිරිපාල මාමායි ඒ විතරක්ද රන් සමනලයයි. එයත් එක්ක සෙල්ලම් කරනවා. ඒ විතරක්ද වටේ තවත් අයත් ගොඩාක් හිටියා ඒ අය ඒ අය දිහා බල බල. ඒ අය සන්තෝසෙන් කෑගැහුවා. පුංචි කුරුමිණියාට හරිම සතුටුයි.


එතකොටම පුංචි කුරුමිණියාට ඇහැරුනා. අනේ මට හොදටම නින්ද ගියා නේද? ඒත් වටේ ඇත්තටම මිනිස්සු කෑගහන හැටි පුංචි කුරුමිණියාට ඇහුනා. එතකොට මම දැක්කේ හීනයක් නෙමෙයිද පුංචි කුරුමිණියාට හිතුනා.එයාට සිරිපාල මාමලා මතක්වුනා. ඉක්මනට නැගිටලා සිරිපාල මාමලා හිටපු තැනට පියාඹලා ආවා. එතකොටයි එයා දැක්කේ. සද්දේ එන්නේ එතනින් කියලා. සිරිපාල මාමය් එතන අනික් මාමලයි නැනදල යි එකතු වෙලා මොකද්දෝ ලොකූම ලොකූ යන්තරයක් හදලා.ඒක අර මුලින් තිබු බුනු යන්තරේටත් හයි කරලා හයිකරලා. ඒක හරියට පණ තියෙන එකක්වගේ සද්ද කර කර වැඩ කරනවා. කැලෑව ඇතුලේ ඉදන් එක් කෙනා දෙන්නා එක එක නැන්දලාවයි මාමලාවයි එතනට අරගෙන ආවා. ඒ ගොල්ලෝ එන්න බෑ කියලා හරියට කෑගහනවා, අඩනවා. ඒත් සිරිපාල් මාමලාගේ අය ඒ අයව අල්ලලා අර යන්තරේ ඇතුලට දාලා දොර වැහුවා.


පුංචි කුරුමිණියා ඉක්මනට පියාඹලා අර මුලින් තිබුනු යන්තරේ සිදුරකින් යන්තරේ ඇතුලට රිංගලා බැලූවා. ඇතුලේ තැන තැන. නැන්දලා මාමලා නිදාගෙන ඉන්නවා මකුලු හාමිලාගේ අඩු වගේ අඩු ගොඩකින් ඒ අයව අල්ලා ගෙන. සමහරු නිදාගෙන හිටියත් තවමත් කෑ ගහනවා. සමහර අයගේ ඇගවල් හරහා තැනින් තැනින් න්මොනවාදො කූරු ගෝ ඩාක් ගිහිල්ලා තියෙනවා . එක මාමි කෙනෙක්ගේ ඔලුව ඇතුලට කූරක් අර එක අඩුවකින් යනව කොට ඒ මාමා කෑ ගහ ගහ ඇඩුවා.


පුංචි කුරුමිණියා යන්තරේ පිටිපස්ස පැත්තට ගිහින් බැලුවා. ඒ යන්තරේ පිටිපස්සේ දොරකින් අලුත් කට්ටියක් එලියට යනවා ඒ අය අපේ නැන්දලා මාමලා වගේ නෙමෙයි. ඇස් හරියට අර පුංචි සිරිමල්ගේ වගෙයි. ඒ අය යන තැන එහා පැත්තේ තවත් නැන්දලා මමාලා ගෙඩක් බිම නිදා ගෙන හිටියා. ඒඅය අර අලූත් අය වගේ නෙමෙයි. කලින් හිටපුඅය වගෙයි. ඒ ගොල්ලන් ලගින් අර රතුපාට සායම් ගගක් වගේ දිගටම ගලාගෙන ගියා. මේ අලූතෙන් යන අය බොහොම හොදින් යන්නේ ඒ අය හොද වෙලා නිසා බව පුංචි කුරුමිණියාට තේරුම් ගියා.ඒ අලූත් අය හරිම සන්සුන් විදියට කොහේදෝ . යන්න පිටත් උනා. එයාලා හොද වෙලා ගෙවල් වලට යනවා වෙන්න ඖනේ පුංචි කුරුමිණියා හිතුවා.


එතකොටම අහසේ බඹර කැරකෙන යකඩ කුරුල්ලෝ පියාඹන්න පටන්ගත්තා ඒ ගොල්ලෝ ඔකකොමන්ලාම එකම පැත්තකට ගියා. හරිම සද්දයි. පුංචි කුරුමිණියා උඩටම පියාඹලා ඒඅය කොහේ යනවාද කියලා බැලූවා. එතකොට තමා පුංචි කුරුමිණියා දැක්කේ ඈතින් මල්වෙඩි පුපුරනවා. හැම තැනින්ම එලිවිහිදුනා. එක තැනකින් හරියට මීදුම වගේ මොනවදෝ අහසට යනවා. ඒ පැත්තම අහස රතුපාට වෙලා. පුංචි කුරුමිණියා උඩ බලපුවහම දැක්කා අර උදේ ආපු දෙවෙනි ඉර හාමි තවමත් ඈතට වෙලා පොලව දිහා බලාගෙන ඉන්නවා.ඉරහාමී ඔයාගේ රන් සමනලයා කෝ ?කියලා පුංචි කුරුමිණියා කෑ ගහලා ඒ ඉර හාමිගෙන්ඇහුවා.


මෙන් බොලේ එතකොටම අපේ පුංචි කුරුමිණියා කියපු එක ඇහුනා එයාගේ යාලූ රන්සමනලයා ඈතින් පියාඹනවා. පුංචි කුරුමිණියාට හරිම සන්තෝ සයක් දැනුනා. එයා යාලූවේ කියලා කෑ ගහගෙන රන් සමනලයා ලගට ගියා. ඒත් ලගට ගියහමයි දැක්කේ. මෙතන එක රන් සමනලයෙක් නෙමෙයි. රන්සමනල්ලලූ ගොඩාක්. ගණන්කරන්න බැරිතරම් රන් සමනල්ලූ. අනේ මගේ යාලූ සමනලයාව මම කොහොමද හොයා ගන්නේ පුංචි කුරුමිණියාට හිතා ගන්න බැරිවුනා.ඒත් මේ රන් සමනලයින් ඇවිත් ඉන්නේ අපේ ලෝකේ අයව හොද කරන්න නේද? එහෙම නිසා මේ හැම සමනලයෙක්ම හොද ඇති කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
රන් සමනල්ලූ මී මැසි පොදියක් වගේ සද්ද නැතුව ඈතට පියාඹලා යන හැටි පුංචි කුරුමිණියා බලාගෙන හිටියා. මේ රන් සමනල්ලූ ඈතට ගිහින් හොද ළමයින්ව හොයලා ඒඅයට අනික් අයවත් එයලා වගේ හොද අය කරන්න කියලා කියාවි. ඒකට අකමැති අයව බලෙන්ම හොද අය කරන්න කියලත් කියාවි කියලා පුංචි කුරුමිණියාට හිතුනා. ඕව් නරක අය හොද අයවෙන්න හරිම අකමැතීනේ. ඒත් හොද වෙන එක්කොච්චර හොදද කියලා ඒගොල්ලන්ටම තේරෙන්නේ ඒ ගොල්ලන් හොද අයවුනාම තමයි.


පුංචි කුරුමිණියාගේ ඇග රතුපාට සායම් වැස් සකින් තෙමුනා ඒක කොහෙන්ද ආවේ කියලා බලපු පුංචි කුරුමිණියා දැක්කේ ඈත අහසේ ගිය යකඩ කුරුල්ලෙක් දුරින් තියෙන පිටිටනිය පැත්තට පාත්කරන්න යනවා ඒකෙනුත් මීදුම් වගේ මොනවාදෝ පිට වෙනවා. ටිකකින් ලොකු සද්දයක ඇවිල්ලා ගිණිබෝලයක් පිටවුනා. අම්මෝ පුංචි කුරුමිණියා බය වෙචිචතරම. ඒවා බිමට එන කොට මෙචිචර සද්ද නම් ඒවා හදන්නේ මොකටද කියලා පුංචි කුරුමිණියාට හිතුනා.


අයෙත් රතුපාට වැහි බීංදුදි අහසෙන් වැටෙන්න පටන්ගත්තා අර මීදුම් උඩට නගින හරියේ ඉදලා ඒවා ගොඩාක් එනවා කියලා පුංචි කුරුමිණියාට හිතුනා. ඒ විතරක් නෙමෙයි අර යකඩ කුරුල්ලන් ආවාට පස්සේ තවත් තැන් ගොඩකින් මීදුම් පිට වෙන්නත් පටන් අරගෙන. මල්වෙඩි පුපුරණ පැතිවලින් එන සද්දේ කුරුලූ හාමිලාගේ ගී හඩ යට කරගෙන ටික ටික වැඩිවුනා. ඒ පැතිවලින් කපුටුහාමිලා ගොඩාක් පියාඹාගෙන එනවා පුංචි කුරුමිණියා දැක්කා සමහර විට කපුටුහාමිලාට මෙහෙට එන්න කියලා රන් සමනලයින් කියන්න ඇති.මේ නි සා දැන් අර උදේ තිබුනු ලස්සන ටිකෙන් ටික නැතිවෙලා යනවාද කියලා පුංචි කුරුමිණියාට හිතුනා. අහසත් ටිකෙන් ටික අදුරු වෙනවා වගේ . ඒත් ඉතින් මේ ඔක්කොම හොද වැඩක් නිසානේ. රන්සමනලයින් මේ මුලූ ලෝකෙම කවදා හරි හොද තැනක් කරයි අපේ පුංචි කුරුමිණියා කල්පනා කලා. ඒක එහෙමම වෙන්න ඕනෑ කියලා හිතපු පුංචි කුරුමිණියාට ලොකූ සන්තෝසයක් දැනුනා. එදාට මේ ලෝකේ කොචිචර ලස්සන වෙයිද? හැමෝම කොචිචර සතුටු වෙයිද? පුංචි කුරුමිණියා සතුටින් නැටුමක් නටලා හුලගේ ගලා ගෙන එන රතුසායම් අතරින් ඈතට ඉගිලිලා ගියා.


ඉතින් පුංචි යාලූවනේ ඔයාලත් කවදා හරි ලොකුවෙලා මේ රන් සමනලයින් වගේලෝකේ ලස්සන තැනක් කරන්න හිතට ගන්න ඕනෑ. ඉතින් අපේ රන් සමනල යාලූවෝත් පුංචි ඔයාලාවත් හොයාගෙන ඉක්මනින්ම ඒවි. එතකොට ඒ අයට උදව් කරන්න අමතක කරන්න එපා. ඒ අය හමුඋනාම අපේ මේ පුංචි කුරුමිණි යාලුවත් ඒ අයව ආදරයෙන් මතක් කරපු බව කියන අමතක කරන්නත් එපා.. .

No comments:

Post a Comment