Blog Archive

Tuesday, October 29, 2019

සිතිවිලි වලට භෞතික ලෝකය වෙනස් කරන්න පුලුවන්ද ? - ග්ලෝබල් කොන්ෂස්නස් ප්‍රොජෙක්ට්


කාසියක් අහඹු ලෙස උඩ දමමින් වැටෙන පැත්ත නිරීක්ෂනය කිරීමේදී එකම අවස්තා සියයකදී අවස්තා අනූනමක්ම හිසම වැටුනහොත් එය අසාමන්‍යයද ? නැහැ. නමුත් තනියම කාසිය උඩ දමන විට අවස්තා සියයකදී එක එක සියයට අගයන් ලැබී තවත් මිනිසුන් රැසක් සමග මෙය සිදු කරන සෑම විටම අවස්තා සියයකදී සියයට අනූනමයක්ම හිසම වැටීම අසාමාන්‍යයද ? ඔව්.
ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය මගින් නිර්මාණය වුනු ග්ලෝබල් කොන්ෂස්නස් ප්‍රොජෙක්ට් කියන මේ ව්‍යාපෘතියේ විද්‍යාඥයින් පවසන ආකාරයට ‍භේතික ලෝකය තුල යම් යම් වෙනස් කම් සිදුවීමට බොහෝ පිරිසගේ සිතිවිලි හේතු විය හැකි බවයි.
මේ සදහා ඔවුන් විසින් දියත් කල පර්යේෂනයයි ග්ලෝබල් කොන්ෂස්නස් ප්‍රොජෙක්ට්. මෙයට අනුව ලොව පුරා ස්ථාන හැත්තෑවක පමන අහඹු සංඛ්‍යා නිපදවීමේ පරිඝනක යන්ත්‍ර තබා තිබෙනවා. ප්‍රධාන පරිඝනකයක් මගින් සෑම තත්පරයක් නැතිනම් විනාඩියක් තුල මේ අහඹ සංඛ්‍යා එකතු කරනවා. ඔවුන් පෙන්වා දෙනවා ලෝකය තුල මිනිසුන් යම් කම්පනයකට පත් කරන සිදුවීමේ වලදී අහඹු ලෙස නිපද වන අංක අතර අසාමාන්‍ය සමානත්වයක් පැවති බව. ඔවුන් මෙය 1997 ඩයනා කුමරියගේ අභාවයේ සිට විවිධ ඛෙද වාචක වලදී නිරීක්ෂනය කර තිබුනා. විශේෂයෙන් 2001 9/11 ප්‍රහාරය අවස්තාවේදී දින දෙකක් යන තුරු මේ අසාමාන්‍ය ප්‍රතිපල දැක ගත හැකි වුනු දත්ත ඔවුන් සතුයි. මෙම ව්‍යාපෘතිය සාර්තක වුවහොත් ලබා ගත හැකි ප්‍රායෝගික ප්‍රතිපල රැසක්ද ඔවුන් පෙන්වා දෙනවා.
මේ තියෙන්නේ ඔවුන්ගේ රැයල් ටයිම් ඩේටා පෙන්වන වෙබ් අඩවිය. ඔය පාට පාට බුබුලු තමා අහඹු සංඛයා නිපදවන යන්ත්‍ර . අනෙක් තැන්වල භුමිකම්පා ඇතුලු විවිධ විපත් තිබේ නම් පෙන්වනවා. කනෙක්ෂන්ස් හරහා සමාන දත්ත නිපවෙන අවස්තා අවශ්‍ය නම් නිරීක්ෂනය කරන්න පුලුවන්. නමුත් නියම ප්‍රතිපල පෙන්වීමට ඩේලි ඇනලිසිස් වෙත යන්න ඕනේ. ඔය පාට බුබුලු රතු පාට වීඹ පෙන්නුම් කෙරෙන්නේ අසාමාන්‍ය ලෙස සම්භාවිතාවයේ වෙනස් වීමක්. අනෙක් බුබුලු පාට අනුව අසාමාන්‍ය අපේක්ෂා කල හැකි වේරියන්ස් එකක් වැනිදේ පෙන්වා දෙනවා. ඕකේ සියලුම දේ නම් මම දන්නේ නැහැ. පුලුවන් නම් හොයලා අපිටත් කියන්න.
හැමදමෙ වගේ මෙයට විරෝධය පල කරන පිරිසකුත් නැත්තේ නැහැ. ඔවුන් පවසා සිටින්නේ අංක නිපද වීම අසාමාන්‍යය නම් ඒ අසාමාන්‍ය බව ඕනෑම ආකාරයකට බලාපොරාත්තු විය යුතු බවයි. නමුත් අදාල ව්‍යාපෘතියේ පර්යේෂකයන් . තමුන් ගේ දත්ත අනුව එය ප්‍රතික්ෂේප කරනවා. කොහොම නමුත් ව්‍යාපෘතිය තව දුරටත් පර්යේෂනය කර ගෙන යනවා.
සමස්ත පිරිසකගේ එකම සිතිවිලි ගොඩකින් ලෝකය වෙනස් වේ නම් තනි පුද්ගලයකුගේ එකග කර ගත් මනසට භෞතික ලෝකය අභිබවා යාමේ හැකියාවක් නොමැති වීමට බැහැ. ඒ වගේම නිරීක්ෂකයා නිසා පැනවුනු ලෝකයක් තිබෙන බව සමහර පර්යේෂන හරහා පෙනීම ක්වොන්ටම් භෞතිකයේත් ඇති විශාල ගැටලුවක්.
මීට පස්සේ යමක් සිදු උනහම මේ සයිට් එක චෙක් කරලා බලන් න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වගේ පර්යේෂන සියලු දෙනාටම ඇවැසිනම් කරන්නත් පුලුවන්.
සම්පූර්ණ සිතියම
සාරාංශයක්
LEGENDS
Interview

Monday, October 28, 2019



ඔන්න මම පලවෙනි වතාවට වැදගත් දෙයක් කියලා දෙන්න යනවා. මේක ගොඩක් ඉස්සර ඉදන් දන්න දෙයක් නමුත් යම් කිසි හේතුවක් නිසා අදටත් නොකියන්නයි හිටියේ. නමුත් දැන් ඉතින් කාරනා වෙනස් වෙනවා. ඒ නිසා මේ ගැටලුව තමයි සත්ත්වයාගේ හා විශ්වයේ මුල මොකද්ද කියන ගැටලුවට පිලිතුර.
පිලිතුර තමයි එක පැත්තකින් ප්‍රශ්නය වැරදියි අනෙක් පැත්තෙන් මුලක් නැහැ. කොහොමද එහෙම වෙන්නේ . සරලවම මෙහෙමයි.
ඔයා වැලි ගොඩක් ලග ඉදගෙන එකේ යම් කිසි රූපයක් මවා ගන්නවා. අපි ලග තියෙනවා විශෞෂ කාල යන්තරයක් . මේ කාල යන්තරයට පුලුවන් මේ වැලි ගොඩත් ඔයත් යන දෙදෙනාම අතීතයට ගෙන යාමට. ඔන්න දැන් ඔයා රූපයක් වැලි ගොඩේ වෙන් කර ගත්තු ගමන් කාල යානයෙන් ඔබව අතීතටයට ගෙනියනවා. දැන් බලන්න ඔබ අනන්ත කල්ප ගණනාවත් අතීතයට ගියත් වැලිගොඩ වෙනස් නොවී ම තිබුනා කියලා ගත්තොත් අර රූපයේ මුලක් දකින්න පුලුවන්ද ? මෙන්න මෙදා මේ රූපය හැදුනා කියලා දකින්න පුලුවන්ද ? බැහැ. දැන් හිතන්න අතීතයට යනකොට මේ වැලිගොඩත් වෙනස් වෙනවා කියලා. දැන් මොකද්ද පේන්නේ අතීතයට යනකොට වැලි ගොඩේ වෙනස් වීමට අනුරූපව අර රූපයත් වෙනස් වෙලා යන හැටි පෙනෙයි නමුත් කවදාවත් මුලක් නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක අත ඇරලා අනාගතයට යනවා කියලා හිතමු. කෙලවරක් පෙනෙයිද? ඒත් නැහැ. එතකොට මෙතන ගැටලුව මේ බෙදා වෙන් කර ගැනීමේ නේද ? මම සහ ලෝකය කියලා දෙකක් වෙන් කර ගත්තු ගමන් මේ දෙකෙන් එකට වත් මුලක් හොයාන්න බැහැ. මෙතන මුල කියන එක වැරදි සංකල්පයක්. මේ උදාහරනයේදී ඇත්තටම වැලි ගොඩේ රූපය නෙමෙයි වැලිගොඩත් බෙදා වෙන් කර ගැනීමක් . තමුනුත් ඒ වැලිගොඩේම රූපයක්. තමුනුත් අර රූපයට සාපේක්ෂව බෙදා වෙන් කර ගැනීමක්. කෙනෙක් අහයි මුල අර රූපය වෙන් කර ගත්ත වෙලාව වෙන්න බැරිද සත්ත්වයා හෝ ලෝකය ඇති වෙච්ච වෙලාව කියලා කියලා. බැහැ. හේතුව මේ බෙදා වෙන් කර ගැනීඹ නිසාම තමා කාලය කියන සංකල්පය ඇති වෙන්නේ. කාලය කියන්නේ සාපේක්ෂ වෙනස් වීම්. බෙදා වෙන් කර ගැනීම් නැතුව කාලයක් අපිට තියෙන්න පුලුවන්ද ? . බැහැ. ඒ නිසා බෙදා වෙන් කර ගැනීම සියල්ලටම මුලයි.
ඔය නිසා තමයි පටිච්ච සමුප්පාදයට කාලය අදාල නොවෙන්නේ . කාලය තියෙන්නේ ඒක ඇතුලේ . එයට පිටින් නෙමෙයි. විඥ්ඥානයෙන් පටන් ගන්න බෙදා වෙන් කර ගැනීම් ඇතුලේ, නාම රූප වශයෙන් බෙදා වෙන් කර ගැනීම් නිසා. ඒ තුල කාලය සැප දුක කර්ම සියලු විගඩම් ටික තියෙනවා. ඔය බෙදා වෙන් කර ගැනීඹ අහෝසි කර ගත්තු ගමන් කාලය ඇතුලු සියලු දෙයින් මිදෙනවා. තවදුරටත් මම හෝ ලෝකය කියලා දෙකක් නැහැ. බුදු දහමේ යම් දෙයක් සදහන් වෙනවා නම් ඒ දේ තමා සැබෑම සත්‍යය කියන එක මෙතනදිත් තේරුම් ගන් න පුලුවන්. මම නම් ආඩම්බර වෙනවා ඇත්තටම ඒ වගේ දැනුමක හිමිකාරයෙක් වීමට ලැබීම ගැන.
ඉතින් මෙන්න මෙහෙමයි බිලියන ගණන් වියදම් කරගෙන විශ්වයේ සත්ත්වයාගේ මුල හොයන බටහිරි විද්‍යාවේ සංකල්ප වලින් අපි ගෙදර ඉදන් ෆුට් බෝල් ගහන්නේ. ඩයලෙක්චුවල් මැටීරියලිසම් හරි භෞතික වාදය හරි වචන කීපෙකින් සුන් කරලා දාන්නේ. සත්ත්වයා සහ ලෝකය එකිනෙකා වෙන් කල නොහැකි බව මෙතනින්ම තේරුම් ගන්න පුලුවන්. අවශය අයට ඕනේ නම් ඇත්තම විදිහට ඔය ඩාවින්ගේ පරිනාමය හෝ දේවා මැවුම් සංකල්පයට දෙකටම අයත් නොවන පෘතිවියේ හා විශෟවයේ සැබෑ පරිණාමය සහ අනෙකුත් සියලු මේ සංකල්ප පෙන්වන්න පුලුවන් ප්‍රායෝගික දේත් සමග. නමුත් ලංකාවේ අද ගොඩ දෙනෙක් අන්ධයි තමුන්ගේ ඉස්සරහ තියෙන මැණිකක වටිනාකම නොදකින්න තරම්. ඒ නිසා එයින් තේරුමක් නැහැ.
මේක කියවපු අය මේ පෝස්ට් එක පුලුවන් තරම් ෂෙයා කරන්න.සියලු දෙනා දැනුවත් කරන්න. ගෙදර අයට කියලා දෙන්න. ගමේ අයට කියලා දෙන්න. ආයේ මේ ගැටලුව ගැටලුවක් කර ගන්න එපා.
අසන්නන්ගේ ගැටලු වලට පිලිතුරු : වැලි ගොඩ මොකද්ද ?‍
ඔය ඇස් දෙකට පේන්නේ ඔය හිතෙන්නේ , ඔය ඇහෙන්නේ , ඔය දැනෙන්නේ වැලිගොඩේ වෙනස් වීම තමා 


ඩාවින්ගේ පරිණාමවාදය හා බුදු දහම


බොහෝ බෞද්ධයන්ට අද ඕනෑ කරන දෙයක් තමයි මේ පරිනාමවාදය හා බුදු දහමේ සදහන් සත්ත්වයාගේ විකාශනය දෙක එකිනෙක ගලපා ගැනීම. බුදු දහම සහ මේ පරිණාමවාදය එකිනෙක ගැටෙන් ස්ථානය තමයි බුදු දහමේ එන අඥ්ඥන සූත්‍රය. මේ සූත්‍රයට අනුව සත්ත්වයා මුලින්ම අභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා පෘතිවිය මත පහල වෙනවා. මේකාලය තුල හිරු සදු වත් තාරකා වත් දර්ශනය වීමක් නෑ. නමුත් ශරීරයේ ප්‍රභාවයෙන් මේ සත්ත්වයා ආලෝකයේ බබලනවා. මේ සත්ත්වයා තමයි කාලයක් ගිහින් කෙමෙන් කෙමෙන් අද දකින මිනිසෙක් බවට පත් වෙන්නේ . මේ පරිණාම කාලය තුල තමයි සද හිරු දැකීම , තාරකා පෙනෙන්නට පටන් ගැනීම , ගස් වැල් ඇති වීම , වෙනත් තිරිසන් සතුන් වැනි සතුන් ඇති වීම ආදී සියල්ලම සිදුවෙන්නේ . එතකොට මෙතනදී මිනිසා තමයි පලමු සත්ත්වයා පෘතිවිය මත බිහිවන. ඩාර්විාන්ගේ පරිණාම වාදය මොකද්ද මේ ගැන කියන්නේ . ඩාර්වින්ගේ පිරිණාම වාදය සත්ත්වයාගේ බිහිවීම පැහැදිලි කරන්නේ නැහැ. එයට එය පැහැදිලි කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. මේ වාදය විස්තර කරනවා යම් ආකාරයකින් කුඩා සත්ත්වයෙක් ඇති උනා ආදි පෘථිවිය මත කෙමෙන් කෙමෙන් පිරනාමය වෙලා ගිහින් බෙදිලා ගිහින් අද දකින ලෝකය සහ සත්ත්වයින් බවට පත් උනා කියන එක. මෙතන මූලික උඵකල්පනය තමයි මෙන්න මේ ආකාරයන් කුඩා සත්ත්වයකු ජීවියකු හැටියට බිහි වෙලා පරිනාමය විය යුතුයි කියන එක. ඇත්තටම බැලුවොත් මේ හදන්නෙත් සත්ත්වයාගේ මුල හොයා ගන්නම බව පැහැදිලි වියු යුතුයි. නමුත් ඒක මුලටම දාල කර ගන්න බෑ ඒ නිසා පුලුවන් තරම් දුරට ගියා අර කුඩාම ජීවියකුගේ ඇති වීම දක්වා.
දැන් ඩාවින්ගේ පරිණාම වාදය සහ බුදු දහමේ පරිනාමෙ වාදය එකට ගැලපෙනවද ? නැහැ කිසි සේත්ම නෑ. නමුත් පරිනාමය කියන වචනය තුල දෙකේම යම් සමස්ත වෙනස් වීම් ක්‍රියාවලියක් කියන දේ අඩංගු වෙනවා. දැන් මේක ඇත්තටම බෞද්ධයන්ට ගැටලුවක් ද ? නැ එහෙම වෙන්නෙත් නෑ. බුදු දහමේ අරමුණ සත්ත්වයාට නිර්වාණ අවබෝධය ලබා දීම. ඒ සදහා අවහය සියලු දේ ඒ තුල සදහන්. එතකොට පරිනාමවාදයෙන් ඔය වැඩේ කරලා දෙනවද ? නෑ .එක් වෙනත් යම් වූ කුතුහලයක් සංසිදවීඹ සදහා තනා ගත් සංකල්පයක්. එතකොට බුදු දහම තුල එවැනි කුතුහලයන් සංසිදවීමේ ක්‍රියාවලියක් නැහැ මොකද එහි අරමුන එය නොවන නිසා. ඒ වගේම භේතික විද්‍යාව , රසායනික විද්‍යාව වගේ දේ කියවෙන්නෙත් නෑ. පෙර හේතුවම නිසා.
ඒ උනාට අද සමහරුන්ට බුදු දහම ප්‍රතික්ෂේප කරන්නම මේදේ ඇති වෙලා. ඒක ඇත්තටම මෝඩ කම සහ අනවබෝධය මිස වෙන කිසිවක් නෙමෙයි.
ඒත් අපි මෙහෙම බලමු. බුදු දහම තුල විස්තර කෙරෙන පරිනාමය ඇත්තටම තර්කානුකූල නැතිද ? තර්කාණුකූළයි. ඒක තේරෙන්න බුදු දහම තුලින් ඒ කියවෙන දේ හදාරන්න වෙනවා.
දැන් සමහරු කියනවා ඔය ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආවා කියන සත්ත්වයේ ගැන තමා ඩාවින්ගේ පරිණාමවාදයේ ක්ෂුද්‍ර ජීවීන් හැටියට සදහන් වෙන්නේ කියලා. මේක සම්පූර්ණ කතා විකෘති කිරීඹක් වගේම තනිකර බොරුවක් . බුදු දහමට අනුව බ්‍රහ්මලෝකයේ ඉපදෙන්නේ අතිශය කුශල සම්පත්තියක් හිමි සත්තවයින් . ඒ සත්ත්වයාගේ එතනින් චුතියේ කිසිම විදිහකින් කෙලින්ම අපාය ගාමී වෙන්නේ නෑ. එතරම් ඒ සත්ත්වයාගේ පින ප්‍රබලයි. ඒ වගේම පෘතිවිය මත මුලින්ම පහල වුනත් ඒ සත්තවයින් ඉතාමත්ම ප්‍රීතියෙන් යුතුව සිටින බවත් ශරීර ආලෝකයෙන් බැබලෙන බවත් සදහන්.
මේ සත්ත්වයාගේ පහල වීමේ කතාව දිහා හොදට බැලුවොත් මේ කතාව මෙහෙම වෙන්න සත්ත්වයා තුල ඇති කරුනු කීපයක් බලපානවා. එකක් තමයි මේ සත්ත්වයා කියන කෙනාට මුලක් නැහැ, මුලක් පෙන්වන්නත් බෑ, තවත් විදිහින් බැලුවොත් සත්ත්වයාගේ මුල පිලිබදව ඇසීමම වැරදියි. මේ ගැටලුවට මෙහෙම සාර්තකම පිලිතුර ලබා දෙන්නේ බුදු දහමෙන් පමනයි. මේක ඉතාමත් පැහැදිලිව අපි පෙන්වා දී තිබෙනවා. (https://www.facebook.com/groups/258884548052152/permalink/441425213131417/)
අදටත් මේ ලෝකයේ කිසිම විද්‍යාඥයෙක් මේ පැහැදිලි කි්රීම කරලා නෑ. මේ පැහැදිලි කිරීඹ ඉක්මවන්නත් කිසි කෙනෙකුට බෑ. ඒත් මේ කියන දේවලා බොහෝමයක් බෞද්ධයන්ටම තේරෙන්නෙත් නෑ. ඒක ඉතින් කනගාටුවට කරුනක්.
කොහොම උනත් එතකොට මේ පෘතිවිය මත මූලිකව සත්ත්වයකු ඇති වීම සත්ත්වයාගේ මුල නෙමෙයි. එක් තැනකින් තවත් තැනක ඉපදීමක් පමනයි. දැන් ඩාර්වින්ගේ පරිණාමවාදය බලමු. මේක තනිකරම භෞතික පදනමක ඉදන් විස්තර කෙරෙන්නේ. සියලු දේ භෞතිකයි හැබැයි සත්ත්වයෝ කියන පිරිසට විතරක් වෙනම මොකක් හරි ස්වයං බවක් තියෙනවා ඒක ඉබේ ඇති වෙලා තියෙන්නේ . එහෙම අරගෙන අනෙකුත් භෞතික පද්ධතීන් එක්ක මේ සත්ත්වයා කියන භෞතික පද්ධතියේ විකාශනය පැහැදිලි කරන්න උත්සාහ කරනවා.
බුදු දහමේ සිදු කෙරෙන පැහැදිලි කිරීඹ තනිකරම තොරතුරු මත සිට සිදු කෙරෙන පැහැදිලි කිරීමක්. මොකද සත්ත්වයාගේ සියලුම දේට මුල් වන්නේ හදුනා ගැනීම. ඒකට කියනවා නාම කියලා. මේ හදුනා ගැනීඹ නිසාම හදුනා ගැනීමට ලක්වන දේවලුත් තියෙනවා . ඒකට කියනවා රූප කියලා.එතකොට මෙන්න මේ නාමරූඵ ලෝකයේ වෙනස් වීම් තමයි බුදු දහමේ සත්ත්වයාගේ පැවැත්ම හැටියට පෙන්වන්නේ .
ටිකකට බලමු මොනවද මේ නාම කියන්නේ කියලා. නාම කියන්නේ සරලවම නම කියන එක. නමුත් මෙතන ඊට වඩා ගැඹුරු අර්තයක් තිබෙනවා . මොනවද මේ නාම ? සංඥා, වේදනා, චේතනා, ඵස්සය(ස්පර්ෂය) , මනසිකාරය . මේවා තමයි නාම ධර්ම කියන්නේ. මේක කොහොමද අපි තේරුම් ගන්නේ? කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ මේ ගැන දේශනා කරනවා හොද විග්‍රහයක් .
කුඩා ලමයකුට පලවෙනි වතාවට රබර් බොලයක් දෙනවා. මේ ලමයා දන්නේ නෑ මේ රබර් බොලය කියන්නේ මොකද්ද කියලා. ඔන්න දැන් මේ ලමයා මේ බෝලය තේරුම් ගන් න උත්සාහ කරනවා. ඒකේ හැඩේ දිහා බලනවා , පාට බලනවා, ස්වභාවය දිහා බලනවා (සංඥා), වේදනා, මේක සමහර විට අතින් තද කරලා බලනවා අතට වැඩිය තද කරපුවහම වේදනාවක් දැනෙනවා. එක්කෝ විසික්කරලා ආයේ ඇවිල්ලා වැදුනොත් ඒත් වේදනාවක් දැනෙනවා. මීට වඩා මේක තේරෙනවා ගිනි දැල්ලක් වගේ දෙයක් පලවෙනි සැරේ නොදැනුව්කමින් අත ගෑවුනාම ඒක ස්පර්ශයක් නෙමෙයි කෙලින්ම වේදනාවක් ලෙසයි අදුරනා ගන්නේ ලෙස කිව්වහම. මෙහෙම වේදනාව පැත්තෙනුත් අදුරා ගන්නවා. ස්පර්ශය . මේක අල්ලලා බලනවා , මට සිලුටු බව, සිනිදු බව වගේ, මෘදු බව වගේ දේවල් (ස්පර්ෂය), අනික මනසිකාරය . මේ ගැන මෙනෙහි කරනවා , එක එක සංකල්ප හදා ගන්නවා. මෙතන තියෙනවා තව වැදගත් දෙයක් මේ ඔක්කොම හරි කියමුකෝ චේතනාව කොහොමද හදුනා ගැනීමක් වෙන්නේ ? ඒ තමයි මේ බොලයෙන් ගත හැකි ප්‍රයෝජනය කියන්නේ මොකද්ද කියන එක. ඒක සෙල්ලම් කරන්න ගන්න පුලුවන් සෙල්ලම් බඩුවක් කියලා හදුනා ගැනීම තමා ඔය. අපිට තුවක්කුවක් දැක්ක ගමන් එන හදුනා ගැනීම තමා මේකෙන් තිබ්බැහැකි කාට හරි කුඩු වෙන්න කියන එක. ඔය චේතනාව නිසා සිදුවන හදුනා ගැනීම. රූප කියන්නේ මොනවද එතකොට. සරලව බිදි බිදී වෙනස් වන ගතියට.
මොකද්ද මෙතන වෙනස් වෙන්නේ . මෙතන වෙනස් වන මෙන්න මෙහෙම දෙයක් කියලා පෙන්වන්න අපිට බෑ මොකද ඒ සියල්ල හදුනා ගැනීමක් නිසා ඉහත ආකාරයට . ඒ නිසා හදුනා ගන්නා සියල්ල වෙනස් වෙනවා. මේ වෙනස් වන රූප හදුනා ගැනීමේ ප්‍රතිපලයක්. එතකොට මේ නාම රූප කියන දෙක එකිනෙක බැදිලා තියෙන්නේ . මේ දෙක වෙන් කරන්න බෑ මෙතනදී තමා මේ රූප වල නිත්‍ය ස්වභාවය පිලිබද වැරදි වටහා ගැනීමකට ඇවිල්ලා සමහර විට මනසිකාරය හරහා සසර දික් කර ගන්නෙත්. එතකොට පැහැදිලී සත්ත්වයකුගේ මුලු සංසාරයේම පැවැත්මට හේතුවන මූලිකම ක්‍රියාදාමය මෙතනින්ම පැහැදිලි කෙරෙනවා. එතකොට මම කිව්ව විදිහට, මේ සත්ත්වයා කියන කෙනා තනිකර හදුනාගැනීම් පද්ධතියක් විදිහට, අපිට නිර්වචනය කර ගන්න පුලුවන්. අලුතෙන් හදුනා ගන්නවා ඒ හදුනාගැනීම් නිසාම වෙනස් වෙනවා . ඒ හරහා අලුත් හදුනාගැනීම් නිපදවා ගන්නවා (හරි විදිහට කිව්වොත් බෙදා ගන්නවා). ඒ වගේම වැදගත්ම දේ තමයි සෑඹ හදුනාගැනීම් පද්ධතියකටම අද ඒ නියමයට අදාල වෙන විදිහටම මේ හදුනාගැනීම් එකිනෙක බැදිලා තියෙන්නේ මේ වෙනස් වීම් හරහා එක් එක් හදුනාගැනීම් වෙනස් වීම් අලුතෙන් ලබා ගැනීම් අනුව අනෙක් හදුනාගැනීම් වෙනස් වෙනවා. මෙන්න පොදු සිදුවීම බුදු දහමේ කර්මය පල දීම ලෙස සරලව පෙන්වන්න පුලුවන්. එතකොට සත්ත්වයා කර්මය පිහිට කොට ඉන්නවා කියන්නේ මේ නිසා බව සරලව තේරුම් ගන්න පුලුවන්. දැන් මේ විස්තරය තර්කාණු කූළද නැද්ද ? සරලද නැද්ද ? මෙතනදිම ප්‍රත්‍යක්ෂද නැද්ද ? ප්‍රත්‍යක්ෂයි. මේකම ගලපාගන් න අර සත්ත්වයාගේ මුල සම්බන්ධ පැහැදිලිකිරීඹටත් ඔන්න සමස්ත සංසාරයම ඔබට ලැබෙනවා.
මේ තවත් පැහැදිලි කර ගන්න අපි බලමු මේ හදුනා ගැනීම කියන එක අදකාලේ වචදන වලින්. මේකට කියන්න පුලුවන් තොරතුර කියලා. Availability කියන්නේ තොරතුර වල එක ලක්ෂනයක්. මේ නිසා අපි හැම වෙලේම කරන හදුනා ගැනීම තොරතුරක්ම විදිහට අර්තකතනය කරන්න පුලුවන්. මොනවද එතකොට තොරතුරු කියන්නේ ? තොරතුර කියන්නේ බෙදා වෙන් කර ගැනීම්, නැතිනම් වෙනස් කම්, Distinctions, භෞතික විද්‍යාවට අනුව නම් බිටු (Bits). වෙනස් කම් කියුපු ගමන් ඔබට වැටහෙනවා මේවා අතර තියෙන අන්තර් බැදීම. එතකොට මේ බෙදා වෙන් කර ගැනීම නිසාම තමා අපිට ලෝකයක් , තියෙන්නේ, ගස් වැල් , මම,ඔබ මේ සියල්ලම බෙදා වෙන් කරගැනීම්.බෙදා වෙන් කරගැනීම් නිසා තමා අතීතයක් අනාගතයක් වර්තමානයක් තියෙන්නේ. අතීතයට සහ අනාගතයට සාපේක්ෂව වර්තමානය .වර්ථමානයට අනාගතයට සාපේක්ෂව අතීතය. හොදින් බලන්න මෙතනදී කාල කියන්නේ සරලවම බෙදා වෙන් කර ගැනීඹක් කියන කාරනයත් අපූරුවට එනවා. මේ බදාවෙන් කර ගැනීමේ සාපේකෂ බව අනුව කාලයේ සාපේක්ෂ බව ව්‍යුත්පන්න කරන්නත් පුලුවන්. හැබැයි ලංකාවේ ඉන්න බුද්ධිමතුන්ට කියන්න කවදාවත් මේවා හොයන්න යන් න එපා කියලා. මොකද වැඩක් නෑනේ . කවදා හරි පිටරක බුද්ධිමතෙක් කියලා දේවි.
කොහොම හරි යම් කාලයක පෘතිවිය විනාශ උනාට පස්සේ බ්‍රහ්ම ලෝකයේ ඉපදීම මේ තොරුතරුවල වෙනස් කම් නිසා සිදුවන දෙයක්. සියලුල බෙදා වෙන් කර ගැනීම නිසා නැතිනම් සියල්ල තොරතුරු නිසා සත්ත්වයා හා ලෝකය යන දෙකම එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා සත්ත්වයාගේ තොරතුරු වෙනස් වීඹ අනුව බාහිර ලෝකය වෙනස් වීමත් බාහිර ලෝකයේ වෙනස අනුව සත්ත්වයා වෙනස් වීමත් සිදු වෙනවා. ඒ වගේම සත්ත්වයකුගේ ඉපදීම සිදු වෙන්න පුලුවන් පරිසරය ඒ සත්ත්වයා තොරතුරු පද්ධතියක් ලෙස ඔහු තුල තිබෙන ඒ තොරතුරු වලට සාපේක්ෂ බවත් එම නිසා අදාල ස්ථන අදාල ලෝක, අදාල ශරීර අංග ලක්ෂන වැනි දේ ඔහුට ලැබෙනවා. මොකද එහෙම නැතිනම් තොරතුරු යනු බෙදා වෙන් කර ගැනීම් වෙන්නේ නෑ. මෙන්න මේ නිසා විවිධ අංග ලක්ෂන සහිත සත්ත්වයින් විවිධ ස්ථාන වල උපදිනවා. එවැනි විවිධ තොරතුරු වලට ගැලපෙන ලෝක පවතිනවා, විවිධ කාල ඇති වෙනවා නැති වෙලා යනවා. මතක් කර ගන්න සත්ත්වයින් ඇතුුලු මේ සියලු තොරතුර පද්ධති සියල්ලමත් සමස්ත එකම තොරතු පද්ධතියක් බව. සියල්ල බෙදා වෙන් කර ගැනීම්. ඒ නිසා එකිනෙක සම්බන්ධයි.
මෙන්න මේ කරුනු ටික පතහට එකට සිදුවා අර ගත්තහම පේනවා ආභස්සර බ්‍රහ්ම ලේාකයේ ඉදන් ආපු සත්ත්වයාගේ තොරුතරු වල වෙනස් වීමත් සමග, ආකල්ප වෙනස් වීමත් සමග ලෝකය වෙනස් වන ආකාරයත් ඉන් පසු විවධ අලුත් දේ අලුතෙන් බෙදා වෙන් කර ගැනීම වගේ හිරු සදු තාරකා පෙනෙන ආකාරයත් පටන් ගන්නවා , වෙනස් වන රූප වලින් කර්මානු රූපව ශාක වැනි දෑ ඇති වෙනවා නැතිනම් දකින්න ලැබෙනවා මේ වගේ ලෝකය වෙනස් වෙන්න වෙන්න ඒ වෙනස් කම් වලට අදාල , නැතිනම් අනුරූප තොරතුරු සහිත සත්ත්වයින් ලෝකය මත පහලවීමත් සිදු වෙනවා. අනික තමයි මේ තෙරතුරු පරිසරයේ වැඩිවීම නැතිනම් ENtropy ය වැඩි වීම මෙතනට කෙලින්ම අදාල කර ගන්න පුලුවන් . ්ඒ ඔස්සේ අතීතයට ගියොත් අන්න අර අඩු තොරතුරු සහිත ලෝකය ලැබෙනවා.
මෙතනදී ඉතින් කෙනෙකුගේ තොරතුරු වෙනස් වීම් අනෙක් කෙනාගේ හදුනා ගැනීමට බලපාන්නේ ඇයි වගේ ගැගේ සරල ගැටලු හිතලාම තේරුම් ගන්න. මේක ඒවත් කියන් න ගියොත් ලිපිය දිගු වෙනවා. සියල්ල සමස්ත තොරතුරුපද්ධතියක් කියන එක සරලව තේරුම් ගන්න. මේ සද හිරු තාරකා පහල වීම ගැනත් මම කලින් පෙන්වා තිබෙනවා. මේක හරියටම ෆැබ්‍රික් එකක් . මේ ලිපිය බලන්න . නැතිනම් මේක කියවලාම බලන්න. පහලිනුත් ලින්ක් එක දාලා ඇති. (https://www.facebook.com/qazwsx123456789gg/posts/339741520262887)
දැන් මම මේ කියපු එකක් වත් තර්කානු කූල නොවන දේද ? බ්‍රහම ලෝකය ගැන නෙමෙයි සත්ත්වයාගේ පැවැත්ම ගැන? නෑ මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ කර ගන්න පුලුවන් හිතලා , මුලින් දිහාම බලලා වෙන කිසිම පර්යේෂනයක් නැති උණත්.
දැන් අපි බලමු ඩාවින්ගේ පරිනාම වාදය දිහා. මෙතන මුලදීම කරනවා ලොකූ වැරැද්දක්. මොකද් දවැරැද්ද. අර සත්ත්වයකුගේ ඇති වීඹ ගැන කියනවා මෙහෙමයි අරෙහෙමයි කියලා නමුත් මේ ඇතිවීඹ සිදුවීම ගැන කතා කිරීමටම තමුන්ගේ හදුනා ගැනීඹ මුල් වන බව වටහා ගන්නේ නෑ. කොටින්ම ටෝච් එකේ බල්බ් එකේ පාටින් තමයි වස්තුවක් තමුන්ට දිස් වන්නේ කියලා තේරුම් ගන්නේ නෑ. ටෝච් එක අත ඇරලා වස්තුවේ පාට ඇතිවුනු හැටි ගැන වස්තුව ඇසුරෙන් පැහැදිලි කරන්න බලනවා.
හැබැයි මම කලින්ම කිව්වෙනේ පරිනාමය කියන එක පොදු දෙයක් හැටියට මේ තැන් දෙකටම අදාලයි කියලා. එතකොට බුදු දහමේ මිනිසාගේ පහල වීමෙන් පස්සේ වෙනස් වෙන ලෝකයේ විවිධ අවස්තා අනුව විවිධ සත්ත්වයින් පහල වෙන්න පුලුවන් ඒ පරිසරයට ගැලපෙන ආකාරයට. එතකොට මොකෙක් හරි සතෙක් ගෙන් පැටියෙක් යම් කාලයක බිත්තර යක ලෙස ඇති වීමත් අවශ්‍ය නම් මෙතනට ඈදා ගන්න පුලුවන් කිසිම ගැටලුවක් නෑ. අවුරුදු මිලියන ගණන් වලට පොර ඩයින සෝරයන් ඇති වීම, අමුතු අමුතු සත්ත්වයන් බිහිවීම , වදුරන් වැනි මිනිසාට සමාන සක්ෂන ඇති සත්ත්වයින් පහල වීඹ, නියැන්ඩතාලයන් පහල වීම, වදවී යාම වගේ සියල්ල මෙතනට අදාල කර ගන්න පුලුවන් කැමති කෙනෙකුට. එතකොට මෙතනදී ඩාවින්ගේ පරිණාම වාදය හා බුදු දහමේ සත්ත්වයා පිලිබද විග්‍රහය නොගැලපෙන එකම තැනයි එන්නේ. ඒ බුදු දහමට අනුව තිරිසන් සත්ත්වයකුගේ සිට ඇතිවුනු පරිණාමයක් මිනිසාට නැහැ. ඔච්චරයි වෙනස. අපිට ගන්න වෙනවා මිනිසා ලෝකයේ මුල පටන්ම සිටි බවට. මේ සම්බන්ධව මුල පටන්ම පැවති රජවරුගේ නාමාවලියත් බුදු දහමේ සදහන් . ඔය කතාව ඩාවින්ගේ පරිනාමය නිසා බොරු වෙනවද ? නෑ. මොකද ඩාවීන්ගේ පරිණාම වාදය භෞතික සාධක මතින් දුවන දෙයක් ඒ සදහා සාක්ෂි හමුවිය යුතුයි. නමුත් අපි දන්නේ නැහැ එහෙම සාක්ෂී තවදුරටත් සුරක්ෂිතව තියෙනවද ? හොයා ගන්න පුලුවන්ද කියලා වත් . හැබැයි මේ බුදු දහමේ සිදු කෙරෙන විග්‍රහය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගන්න පුලුවන් කිසිම සාක්ෂියක් නැතුව. දැන් මොකද් ද මෙතනින් හොද? සත්ත්වයාගේ මුලත් විශ්වයේ මුලත් පැහැදිලි කරලා, මේ දෙක වෙන් කරන්න බැරි බවත් පැහැදිලි කරලා පරිනාමයත් පැහැදිලි කරලා ලෝකයත් පැහැදිලි කරන බුදු දහමේ විග්‍රහය හොද නැද්ද? ඩාවින්ගේ පරිනාම වාදය ඕක මැදට අමුනා ගන්න පුලුවන්. හැබැයි මිනිසුන්ට බෑ. මෙනදී ආභස්සර බ්‍රහ්ම ලෝකය මොකද්ද එහෙම තියෙනවද කියන එක ගැටලුවක් නොවන බවත් තේරුම් ගන්න. මොකද මම දන්නවා සමහර අය මේක කියවන්නේ මේක තේරුම් ගන් නනෙමයි. ඉස්පිල්ලක් පාපිල්ලක් නැති තැනක් හොයන්න
මේ සම්බන්ධයෙන් තව බොහෝ දේ විස්තර කරන්න නම් පුලුවන් නමුත් ඉතින් ලංකාවේ ඉපදිලා මෙච්චර දැනුම් පද්ධතියක උරුමක්කාරයෝ වෙලා අද අද බාලයෝ වගේ අපේ මිනිස්සු හැසිරෙන හැටි දැක්කහම වෙලාවකට මේ ලියන දේවලුත් අපරාදේ කියලා හිතෙනවා.
දැන් මේ සියලු විග්‍රහයෙන් අයින් වෙලා වෙනම දෙයක් පොඩ්ඩක් පෙන්වන්නම් . මේ ලොකේ ඩාවින්ගේ පරිනාම වාදයට තියෙන ලොකුම තර්ජනය මැවුම් වාදය. ඔවුන් කියනවා අවුරුදු 6000 කලින් තමා ලොකය ඇති උනේ කියලා. ඩයිනසෝර කාල නිර්න වැරදී කියලා. මේ තියරි ඇරෙන්න අපේ මේ තොරුතුරු පරිණාමය පිලිබද වාදය ගැන මේ ලෝකේ කිසිම විද්‍යාඥයෙක් දන්නේ නැහැ. ඔය දෙකටයම කට උත්තර නැති වෙනවා මේ වාද එලියට ආවොත්. අඩුම තරමින් මනස පිලිගත්තොත් ඒත් ඩාවින්ගේ පරිනාමවාදය සෑහෙන ගැටලුවකට මුහුන පානවා. නමුත් අපිට පුලුවන් අවශ්‍ය නම් මේ පැහැදිලි කිරීඹ ලෝකයට ගෙන යන්න. අද වෙලා තියෙන්නේ ජනප්‍රිය මතය නිසා පරිනාමවාදයට තැනක් ලැබීම. මොකද ඒ විස්තරය වෙනත් විදිහකට පැහැදිලි කරන්න වෙන වාදයක් නැති නිසා.
මේ පැහැදිලි කිරීමේ කොච්චර ඉස්සරහට යන්න පුලුවන් ද කියලා කිව්වොත් අවශ්‍ය නම් partial differential සමීකරණ හදන්න පුලුවන් සත්ත්වයා කියන්නේ තොරතුරු තොරතුරු පද්ධතියක් කියලා අරගෙන. කොහොමද ඒ? ඇයි සත්තවයා තුල තිබෙන බෙදා වෙන් කර ගැනීම් අනුව තමයි ඔහු දකින ලෝකය නැතිනම් විශ්වය තීරනය වන්නේ . ඒවා තමයි Diravatives. ඒ දේ හරහා තමයි එතනින් එහා පවතින තොරුතුරු තීරනය වන්නේ. එතකොට මේ පෘතිවියේ ඉදන් යම් දුරක කලු කුහරයක් පැවතීමේ සම්භාවිතාය මේ සමීකරනයෙන් ගනනය කරන්න පුලුවන්. අර උඩ දාපු සැකසූ විශ්වය ලිපියේ විග්‍රහය එක්කම මේක සසදන්න. සංකීර්ණයි තමයි නමුත් කොහොමද ක්වොන්ටම් කම්පියටර් එකකට මේ තෙරතුරදාල වෙන මුකුත් නැතුව විශ්වය ගැන හොයන කොට . ඒ විතරක් නෙමෙයි අනාගතය ගැන අතීතය ගැන පවා විස්තර කියන්න පුලුවන්. අනික අද වගේ අතීත විශ්වය බැලීමක් නෙමෙයි මේ දැන් විශ්වය දෙස බැලීමක් . කාලයේ බලපෑමක් එන්නේ නැහැ. හැබැයි සම්භාවිතාවය මත පදනම් වෙමින්. ඉතින් මිනිසතුගේ අනාගතටයත් මේ වගේම කියන්න පුලුවන් නමුත් ඒ දියුනුව අපිට ක්වොන්ටම් පරිඝනකයකින්වත් ලබා ගන්න පුලුවන් ද දන්නේ නැහැ. නමුත් කරන්න පුලුවන් බව තේරෙනවද?
ඒ විතරක් නෙමෙයි විශ්වයේ බල වගේ දේවලුත් වෙනම පැහැදිලි කරන්න පුලුවන්. වෙන ලිපි වල සමහර තැන් වල දක්වාලා ඇති
අද පවතින ජනප්‍රියම වාදය ඩාවින්ගේ පරිනාමවාදය නිසා සියලු තොරතුරු සෙවීඹ සිදු වන්නේ එය සීමා කරගෙන. එය තමා සීමාව. ඔය අවුරුදු බිලියන ගනන් පැරනි යම් යම් උපකරන හමුඋනා කිව්වත් ඒවාි ඇත්ත හෝ බොරු හෝ හැම වෙලේම බොරු ගොඩටම දැමීමට පෙලඹීමක් තියේනනේ මේ නිසා. ඒ නිසා වැඩි දෙනෙක් ඒවා ගැන වැඩිය හොයන්නෙත් නැහැ. මෙතන කෙරෙන්නේ සාක්ෂි ගැලපීමක් , සාක්ෂි හරහා සිකල්පය පෝෂනය කිරීමක් . සංකල්පයක් කියන්නේ මොකද් දකියන එක තේරුම් ගැනීම වැදගත් . මේ ලිපිය => (https://www.facebook.com/qazwsx123456789gg/posts/158454035058304) . අපි ඕනෑඹ දෙයක් අරගෙන ගැලපෙන සාක්ෂි හොයලා සංකල්ප නිර්මාණය කරන්න පුලුවන්. ඉන් කියවෙන්නේ නෑ ඒක වෙනත් විදිහකට සිදුවිය නොහැකි බව. නමුත් සාක්ෂි වලට ගලපා ගැනීම නිසාම වැඩි තැනක් ලැබෙන්න පුලුවන්. අනික තමයි අතීතය ගැන හොය කොට වැඩිම එයට දායක වෙන පිරිස කවුද ? පුරාවිද්‍යාඥයින්ද ? නැහැ. පතල් ආදයේ කැනීම් කරන කම්කරුවන් තමයි මුල්. බලන්න බොහෝමයක් පොසිල සොයා ගැනීම් වගේ දේ සිදු වෙලා තියෙන්නේ මේ වගේ අහඹු දේ නිසා. මොකද අපිට අද දියුනු තාක්ෂනයක් ලොකය විනිවිද දකින්න. සාගරය සිසාරා පිරිික්සන්න. ලෝකයේ මැදට යනකොට මොනවගේද කියලා හරියටම තේරුම් ගන්න. ඉතින් සාකෂි හොයනවා කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙමෙයි.
කොහොම උනත් මෙච්චර දුර මේක කියවපු කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න ස්වභාවික සම්පත් වලින් නෙමෙයි දැනුම අතිනුත් අපේ රට මොන තරම් වාසනාවන්තද කියලා. මේ විශ්වය දෙවනත් කරන්න පුලුවන් දැනුමක් අපිට හදා ගන්න පුලුවන්. නමුත් අන්තිම නිවට විදිහට අන්තිම දීන විදිහට, අන්තිම මෝඩ විදිහට අර කවුරුවත් කියන දෙයක් අනේ එහෙමයි කියලා පිලි අරගෙන , තපුල්ල තපුල්ල ඉන්න අන්තිම ජරාම මෝඩම පිරිසක් වැඩිපුර මේ රටේ ඉන්නේ, පාලකයෝ වෙලා ඉන්නේ, අධ්‍යාපනය දෙන්නේ. ඉතින් මේ අද රට තියෙන තත්වය ඇත්තටම සාධාරනයි.
දැන් මගෙන් අහන් න එපා ඇයි මේ මම අනිත් අයට කියන්නේ මම ඕවා ගොඩ දාල ලෝකෙට දෙන්නැත්තේ කියලා. මේවා මුලින් තේරුම් ගන්න එක ලේසි දෙයක් උනේ නෑ., තොරතුරු හොයා ගැනීඹ ලේසි උනේ නෑ. සංකල්ප හදන එක ලේසි වෙන්නෙත් නෑ. ඉතින් මේවාම දිගට දිගට කර කර හිටියොතේ මට ජීවත් වෙන්න වෙන්නෙත් නෑ අතේ සතේ නැතුව. අඩුම ගානේ අද හෙට නම් බෑ.

Tuesday, January 15, 2019

දැන්වීම

වේලි වේලි හිටපු මටත් තිබුනු මෝල් අමාරුවට මේ දැක්කා විතරයි නම්බර් එකත් එක්කම ලියුමක් දැම්මා. දවස් තුනක් ගියේ නෑ මෙන්න කෝල් එක්ක ආවා. ඇත්තටම ගෑනු කෙනෙක් තමයි. කොහෙද ඉන්නේ මොනවද කරන්නේ විතරක් නෙමෙයි ලේ වර්ගේ ඉදන් ප්‍රශ්න වැලකින් පස්සේ හම්බවෙන්න තැනක් කිව්වා. මටත් ඉතින් වෙන මොනවද අදාල දවසේ කුකුලත් අතේ අරගෙනම පිටත් උනේ මරු කතරට දිය දෝතක් ලබා ගන් න හැටි හිත හිත. කලින් දවසේ රෑ හරියට නින්ද ගියෙත් නෑ අප්පා. 

හිතුවටත් වඩා කෑල්ල හොදයි. නම කාන්ති. මට අල්ලලාම ගියේ ඒ ඇස් දෙක. විනිවිද පේන තඹ පාට එහෙම ඇස් දෙකක් මම දැක්කමයි. මට වඩා ටිකක් වයසයි තමා . ඒත් ඉතින් කසාද බදින්න කියලයැ. අපි මගදී හම්බ වෙලා ටික්ක කතා කර කර හිටියා. පස්සේ කෑම ටිකක් කන්න ගියා. ගෙදර ප්‍රශ්නයි මිනිහගේ අසම්පූර්ණ කම ගැන යි ආදෝනාවකට සවන් දෙන්න උනත් මට ගොඩක් ඒවා ඇහුනෙවත් නෑ වෙන්න ඕනෙ. අපේ ගෙදර යමුද හබී නෑ. ඔන්න මට ඔන වචන ටික එලියට පැන්නා. කාන්ති ඇවිල්ලා තිබුනේ පොඩි කාර් එකක. කලින්ම අඩුම කුඩුමත් සපයාගෙන ආපු හින්දා දහසක් හීන මව මව මාත් නැගලා එයාගෙ ගෙදර යන්න ගියා. ටිකක් පාලු වගේ වත්තක් මැද තිබුනු ගේ නම් පොඩි නෑ. තඩි ගේට්ටු දෙකකුයි තාප්පෙකුනියි වට වෙච්චි වත්ත ඉස්සරහින් ඇලපාරක් යනවා . ගස් වැල් හින්දයි පරන ගතියයි හින්දා පොඩි කලුවරක් තිබුනත් සල්ලි කාරයෝ බව බැලූ බැල්මට පෙනුනා.
ඔන් න ඉතින් සාලෙට ගිය ගමන් මගේ ඉවසීම පැන්නා මම ගෑනිව බදාගෙන ඉබින්න හැදුවත් ගෑනි ටිකක් දගලලා එ්කෙන් ගැල උනා. අම්මෝ ඒ ඇගේ තියෙන සැප. කවදා කාපු ටකරන්ද ඉතින් .
පිස්සා ඉන්නවා හදිසි නොවී මේ දවසම තියෙන්නේ ඇති තරම් දගලන්න. මටයි ඕනෙ කම තිබුනේ මෙයාටනෙ තදියම් වෙලා තියෙන්නේ.
මේකි දන්න කෙහෙම්මල මම නේ දන්නේ මගේ අමාරුව .
ඉන්න මම වොෂ් එක්ක දාගෙන එන්නම්. අරක අපේ බෙඩ් රූම් එක සිගරට් එකක් බොන්න ඕනෙ නම් ඔයා ඉස්සරහ කාමරේ බොන්න . මම දොරවල් ලොක් කලා.ගෑනි එහෙම කියලා නටව නටව ගිහින් නිදන කාමරේ අස්සට රිංගුවා. එකට වොෂ් එකක් දාන්න ගෑනිට තව ලැජ්ජා ඇති. ඔව් ඉතින් අවුලක් වෙලාවට කොහොමත් පිහිට සිගරට් එකක් තමා. මම තඩි සාලෙ කෙලවර කාමරේට රිංගාගෙන දුමක් පත්තු කලා.
විනාඩි පහලවක් විතරම ගියත් මුකුත් උනේ නෑ ඒ අතරේ මට කබඩ් එකක් අරිනවා වහනවා පුටුවක් අදිනවා වගේ සද්ද ටිකක් ඇහුනා. විනාඩි විස්සක් විතරත් බලා හිටපු මගේ ඉවසීම පැන්නා. මම හෙමීට කාමරේ දොර ලගට ඇවිල්ලා දොර රෙද්ද ඈත් කරනවත් එක්කම හිතා ගන්න බැරි වේගෙන් කවුරු හරි සාලෙ හරහා ගියා වගේ දැක්කා කියලා මට හිතුනා. මම කලබලෙන් ඉක්මනට නිදන කාමරේට ඔලුව දැම්මා. දෙය්යනේ මෙන්න මේ ගෑනි ඇද උඩ උඩු බැල්ලෙන් වැටිලා. පපුව මැද පිහියක් නේද ? ඇදගෙන හිටපු නයිටිය වගේ එක රතු පාට පැල්ලම් වලින් වැහිලා.
කිට්ටු වෙලා බලන්නත් බය හිතුන පාර මම ක්ෂනිකව ඉස්සරහ දෙර ලගට දිව්වා. මල මගුලයි දෙර ලොක් වගේම යතුරත් දොරේ නෑ. මම යකඩ කූරු වලින් වැහිච්ච ජනෙල් දිහා බලාගෙන කුස්සිය පැත්ත කියලා හිතපු දිහාට දිව්වා. යකෝ මේක වංග ගිරියක් වගේ නේ. පිටිපස්සට දොරවල් තුනක් ඇරිලා . මුල් දෙකම ඉවර වෙන්නේ බිත්ති වලින්. මම තුන්වෙනි එක බලන්න එලියට එනවත් එක්කම මෙන්න දඩිස් දඩිස් ගාලා කවුද ඉස්සරහ දෙර ගහනවා. හුටා හුටා හුටා. දැන් නම් දෙවියොත් සිහි වෙනවා. මම තුන්වෙනි කාමරේට රිංගන්න හැදුවක් ඒක මැද වීදුරු තියෙන තඩි යකඩ වගේ දොරවල් දෙකක් දාලා වහලා තිබුනා. ඒක නිකම් ශාලාවක් වගේ මැද මේස තියලා. ශාලව ලෙවරේ කාමරේ ඇතුලේ කවුරු හරි ඉන්නවාද වගේ දේකු්ත වීදුරුවෙන් දැකපු චුට්ටට මට හිතුනා.
දඩිස් දඩිස් දඩිස් . පට්ට බැල්ලි. දොර ඇරපන්. ඉස්සරහ දොරට ගහපු එකා දැන් නම් මාරාවෙශ වෙලාද කොහෙද . දැන්නම් එලියෙ එකා දොර කඩන බව ෂුවර්. මම අපාහු හැරිලා අර ඉස්සලො ගිය දොරවල් තුනේ කෙලවරේ කොරිඩෝවේ කාමරයක් ඇතුලට රිංගුවා. ඒකේ පොඩි ඇදක් තියෙනවා මම ඉස්සලේලා දැක්කා මම කෙලින්ම ඇද යට. දඩාස් ගාලා එතකොටම ඉස්සරහා දෙර ඇරුනා. එකෙක් නෙමෙයි කීප දෙනෙක් ඉන්නවද කියලා මට හිතුනේ අඩි ශබ්ද වලින් වැඩි හාවක් හූවක් නැතුව එක් එක්කෙනා කඩිසරව එහෙ මෙහ යන හැටි මම අහගෙන හිටියේ කූල් වෙච්චි බොකු සහ බඩවැල් එක්කමයි. පෝන් එක එලියට ඇදලා ගත්තු මම ඒක සයිලන්ට් කරා. අපේ එකෙකුට මැසේජ් කරන්න බැලුවත් සිග්නල් කියලා කදුලක් වත් නැති බව දැක්කහම ඒ බලාපොරාත්තුවත් නැති උනා.
ඕකිට කිව්වා ඔය ටික. ටිකකින් එකෙක් මුමුනනවා මට ඇහුනා. යන්තම් ඇහෙන ශබ්ද අතරින් ඊලගට ඇහුනේ රෑටම බලමු කියන කතාව විතරයි. ටිකකින් සද්ද තුරන් උනාට පස්සේ ත් පැයක් විතර බලන් ඉදලා මම හෙමීට බඩ ගගෙන සාලෙ පැත්තට එබිකම් කලා. හිගන්නො වගේ පේන සරම් ැදගත්තු ඩබලක් සාලේ ඉදගෙන ටීවී බලනවා. හිටියේ මුන් දෙන්නා විතරද තව හිටියද කියල නොදන්න හින්දත් දුවන්න විදියක් නැති නිසාත් මම ආයේ බඩ ගාගෙන ඇද යටට ආවා.
පැය ගානක් පිච්චි පිච්චී මම ඇද යට ඉන් න ඇති . සැරින් සැරේ සාලෙටත් එබිකම් කරන්න ඇති . කොහොම කොහොම හරි රෑ වෙනකම්ම එතන හිටියා කියලා මම හිතනවා. අර කාලකන්නි දෙන්නා සාලෙන් හෙල්ලුනේ වත් නෑ.
ඔන්න එක පාරට මහා සද්දෙන් සාලේ දොර ඇරෙන හැටි මට ඇහෙන කොට මම ඇදත් එක්කම උඩ විසි නොවුනා විතරයි. දඩි දඩි ගාලා කට්ටියක් එයා මෙහා ඇවිදින හැටි මට ඇහුනා. බඩු එහා මෙහා අදිනවා වගේ සද්ද ඇහන්න උඩා. ගොඩක් බර සපත්තු සද්ද. ආපු අය මොනවා උනත් සද්ද බද්ද නැතුව ඉන්න ට්‍රයි කලා විතරක් නෙමෙයි කතාවත් රහසෙන් කලා කියලයි මට හිතුනේ. ටිකකින් එහා ශාලාවේ දොර ඇරුනා කියලා මට හිතුනාත් එක්කම. තද සීතලක් හැම තැනම පැතිරුනා . තවත් ටික වෙලාවකින් ඔන් න කවුද කෑ ගහනවා ඇහුනා. අනේ අය්යේ මට යන්න දෙන්න යන්න දෙන්න කියලා එකේක කෑ ගහනවාත් පොර බදනවාත් වගේ ඇහුනා. ඒත් ඒක වැඩි වෙලා ඒක තිබුනේ නෑ.
අයේමත් මගේ කාමරේ ඉස්සරැහින් බරට අඩි තියලා ඇවිදින සද්ද ඇහුනා. ඇග පන නැති වෙලා තියෙන විදිහටයි ගැහෙන විදිහටයි දැන් නම් කෑගහල අහුවෙලා මේ මගුල ඉවරයක් වෙනවනම් හොදයි කියලාත් මට හිතුනා. ඒත් ටිකකින් අර ශාලාවේ තඩි දොර ආයේ වැහෙන සද්දෙත් එක්ක වටේම නිශ්ෂබ්ධ උනා. ඒ එක්කම තද කලුවරකුත් පැතිරුනා. පැයක් හිටියද දෙකක් හිටියද මම දන්නේ නෑ. මම ආයෙත් බඩ ගාගෙන සාලෙ පැත්තට ගියත් හැම තැනම තද කලුවරක් විතරයි.එලියක් ආවේ තඩි ශාලාවෙන් විතරයි. මම හිමීට කෙලින් වෙලා අර වීදුරුවක් ඇතුලෙන් ඇතුල බැලුවා. හුටා. මෙන්න සුදු ලෝගු ඇද ගෙන සුදු තොප්පි දාගෙන මූනු වහගත්ත දොස්තරලා ටිකක් ඔපරේෂන් එකක. මේසෙ උඩ නිරුවත් මල සිරුරක් තිබුනා. එක දොස්තර කෙනෙක් ඇගෙන් වෙන් කර ගන්න මොනවදෝ දේවල් තවත් කෙනෙක් අතේ තිබ්බ කවර වලට දැම්මා.. දැන් ඉන්නෙ නම් හිගන්නො වගේ සෙට් එකක් නෙමෙයි. පස්දෙනෙක් විතර එතන හිටියා මතක විදිහට.
අයෙත් පරන තත්වෙටම මගේ බයයි ලේ ගමනයි වැඩි උනා කියලා හිතුනා. මම බඩ ගාගෙන කලුවරේ අතපත ගාගෙන සාලෙට ගියා මතක තියෙන විදිහට දොර හොයා ගන් න හැදුවත් දැන් සාලෙ වෙනස් වෙලා කියලා මට හිතුනා. සාලෙ මැද තිබ්බ සෙටිය වෙනුවට දැන් වෙන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා වගේ බව අඩ අදුරේ පෙනුනා. දොරක් කියලා නාමයක් නම් නෑ. කකුලේ වැදිලා රාක්කෙකින් සද්දෙකුත් ආවා .බයටම මම ආයේ බඩ ගාගෙන කාමරේට රිංගුවා. තවත් නොදන්න වෙලාවක් දෙගිඩියාවෙන් ඉදලා ඉදලා ආයේමත් ශාලාවෙ වීදුරුවෙන් එබිකම් කලා. හත්වලාමේ දැන් අර මේසෙ උඩ කාන්ති නේද ? අර එක්කෙනක් මොකක් හරි අවයවයක් කපලා අරගෙන බෑග් එකකට දාන හැටි ඒ වෙලාවෙ මම පැහැලිවම දැක්කා. ඒත් එක්කම ඊට මෙහා ඇදක ඇස් අත පය පවා නැති මල සිරුරක් තියෙන හැටි දැක්කා. ඒකෙ ඇගේ මැද ඉදන් හාරලා වගේ ඇරිලා තිබුනා. කකුල් දෙකේ ඉිතුරු වෙලා තිබුනු අන්තිම ශක්තියක්‍ත් නැතුව ඉන්ද නොවුනු ටික විතරයි. මුන් මේ අවයව විකුන උන් ටිකක් නේද ? අපිව ඇඩ් දාල ගෙන්වන්නේ මේකට නේද ?
එතකොටම දඩිං දඩිං ගාලා කොහෝ දෝ දොරකට ගහන සද්දයක් ඇහෙන් නඋනා ඒක ආවේ ශාලාව ඇතුලේ බිත්තියක් පැත්තෙන් කියලා මට හිතුනා. කෙනෙක් එතකොට මූනු අවාරනය ගලවන ගමන් දෙර පැත්තට එන්න ගත්තා. දෙය්යනේ උගේ මූනක් කියලා තිබුනේ හිල් ගොඩක් අත් දෙක වෙනුවට තිබුනේ වයර් ඇදපු යකඩ කම්බි ටිකක් වගේ දෙයක් . බැරි බැරි ගාතේ මම ආයෙමත් ඇද යටට රිංගා ගත්තා. සාලේ පැත්තේ මට හොයා ගන්න බැරි උනු දොර ඇරෙන සද්දේ මට ඇහුනා.
ටිකක් උස් හඩින් කතාවක් යනවා ඇහුනා. . අරූ ඇතුලේ ඉන් න ඕනේ. වැඩේ පත්තු වෙලා. මම බලාපොරාත්තු වෙච්චි කතාව. මම කියලා මුන් හිතන්න ඇත්තෙ මුලින් හිටපු එකෙක් වෙන්න ඇති . දැන් මොනවා කරන්නද මම තවතවත් හිටපු තැනම ගල් උනා.
හැම තැනම ලයිට් වැටුනා මගේ ඇද ලගටම එකෙක් ඇවිල්ලා ඇද යටට නැමෙන්න හදන කොටම මම උගේ කකුල් දෙක අල්ලා ගෙන පැන්නා. දැනුනු විදිහට යකඩ ගොඩක් විතරයි. කාමරෙන් එලියට පනිද්දිම සාලෙ පැත්තෙ එකෙක් දුවගෙන එනවා කරන් න දෙයක් නැති තැන මම මාරාවේසෙන් අර ශාලාව ඇතුලට පැන්නා. ඒක ඇතුලේ පුදුම සීතලක්. ලේ ගදින් පිරිච්ච කාමරේ බිමත් ලේ. මම කෙලින්ම මුලින් දැකපු කෙලවරේ කාමරේ ඇතුලට රිංගුවා. ඒක ඇතුලේ බිත්ති වගේ තියෙන්නේ වීදුරු ප්‍රිජ් . ඒවා ඇතුලේ ඇස් හදවත් අත පය වගේ දේවල් ප්‍රදර්ශනේට තියලා වගේ පිලිවෙලට අඩුක් කරලා. බයනේම පිස්සු වැටිච්ච මම හෝල් එකක් වගේ තිබ්බ ඒ කාමරේ තවත් ඇතුලට දිව්වත් තවත් යකඩ දොරකුයි පැත්තකින් පොලව යටට යන අන්ධකාර පඩිපෙලකුයි ලගින් ඒක කෙලවර උනා. පහලට බහින්න බය වෙච්චි මම මම ආපහු හැරිලා මර බයටම අර වීදුරු ප්‍රිජ් එකක් තල්ලු කලා. ලොකු උනත් වැඩි අමාරුවක් නැතුවම ප්‍රිජ් එක පෙරලුනා. මහ සද්දෙකුත් එක්ක මිනිස් අවයවය වීදුරුත් එක් ක හැම තැනම විසිරුනා. ඒ එක්කම අර පඩිපෙල පැත්තේ ආදෝනා දීලා කෑ ගහන සද්දයක් ඇහුනා. හරියට බේරා ගන් නකියනවා වගේ . ඒ වෙනකොට අරුන්ගෙන් තුන් දෙනෙක් කාමරේට රංගලා ඉවරයි. උන් මූනු වහගෙන . ඔහොම හිටපන් උන් කෑ ගැහුවා.
ලගට එන්න එපා මේකත් කුඩු කරනවා මම අනිත් ප්‍රිජ් එකෙත් එල්ලුනා. උන්ට මගේ අවයව කීපෙට වඩා ප්‍රිජ් එකේ තියෙන බඩු ටික වටින බව මට තේරුනා. කෑ ගහගෙන ප්‍රිජ් එක හොලවපු ගමන් අරුන් ටික පිටි පස්සට ගියා. මම උන්ට මාව පහු කරගෙන පිටි පස්සට යන්න කියලා තර්ජනය කලා. ඒ ගැන කිසි ගැටලුවක් නෑ වගේ කීකරුව උන් ඉක්මනට මාව පහු කරන් පස්සට ගියා. මම ඒ එක්කම පැනලා සාලේ පැත්තට දිව්වා. අරුන් මගේ පස්සේ පන්නන බව ටිකකින් යකඩ එකට වදිනවා වගේ සද්තේ එක්ක මට තේරුනා. සාලෙට එන කොට මම එනකොට ආපු තැන නෙමෙයි දොරක් තියෙන්නේ. ඒ දොර දොර බාගෙට ඇරිලා. විදුලිය වගේ මම යන්තම් මිදුලට පැන ගත්තා. දඩීං ගාල පිටි පස්සෙන් ඇහිච්ච මහ සද්දෙට හැරිලා බලන කොට මම දැක්කේ බිත්ති දොරවල් ගලවාගෙන එලියට පනින අර යක්කු. විදුලි වේගෙන් තාප්පේ එල්ලිච්ච මගෙ අත් විදගෙන යකඩ කූරු අනෙක් පැත්තෙන් මතු උනා තේරුනත් මර බියටම මම කාගෙනම තාප්පෙනුත් පැන්නා. ඒ දිවිල්ල කෙලවර උනේ කලුවරේම පහල ඇලටම පැනලයි. හැබැයි ඒ කොහෙන් ගියත් මුන්ට ඇලේ පීනන්නනම් බැරි වෙයි කියලා හිතලා නම් නෙමෙයි. ඇල දිගේ ටික දුරක් පීනපු මම එලියට පැනලා කටු අකුල් වල වැටි වැටී ලොවත් නොදන්න කැලෑව හරහා කෙලවරක් හම්බ වෙනකම් දිව්වා.
කොහොම හරි මම බේරුනා. එහෙම කියලා මම පොලීසි ගියාද නෑ, කාට හරි මේක කිව්වද නෑ. ඇයි දෙය්යනේ මම කොහොමද කටක් ඇරලා මේ කතාව කියන්නේ. අනික මොකා විස්වාස කරයිද. ඒ ඇරත් එතනින් පන බේරා ගත්තු එකම මදෑ තවත් ලෙඩ දා ගන්නේ මොකටද ? අත් දෙකම හිල් වෙලා තිබුනු තුවාල හොද වෙන්නම මාස හතරක් විතර ගියා. ඒත් තවත් මාස දෙකක් විතරත් බලලා මුකුත් සද්දයක් නැති එකේ උපතින්ම ආපු ජරා කුතුහලේ හින්දම මම හවසක බයික් එකක නැගලා ඒ පැත්තට ගියා . පැය දෙකක විතර ගමනක් උනාට බයික් එක මට ෂුවර් නිසයි එහෙම කලේ. අර පාලු පාර එහෙමමයි ඇලපාරත් එහෙමමයි. අර වත්තේ කාලකන්නි කමත් එහෙමම වෙන්න ඕන‍ෙ. වැහිච්ච ගේට්ටුව පාස්වෙන කොට මට එදා දැනිච්ච බයමත් එලෙසම දැනුනා. බයටම මම වත්ත පහු කරගෙන පාලුපාර දිගේ සෑහෙන දුරක් ගියා . ආයේ මොන මගුලට මේක අස්සෙ රිගන්න ආවද කියලා මටම සාප කර ගත්තා.
ආපහු එන කොට මෙන්න අලුත්ම ජාතියේ ලොකු ජීප් එකක් ගේට්ටුවෙන් ඇතුල් කරනවා . නවත්වන්නත් බය වෙච්චි බලන්නත් බය වෙච්චි මම වේගේ වැඩි කලත් කිට්ටු වෙනකොටම ජීප් එක දිහා බැලුනේ කවුරු හරි මාව අදුරා ගත්තද කියන බයටම වෙන්න ඖනේ. මෙන්න ජීප් එක ඇතුලෙන් සුදු මැලි ලොකු මූනක් මට හොදට පේනවා. යකෝ මේ අර කාන්තිගෙ වගේ ඇස් දෙකක් නේද ? ඒත් මූනේ තැන තැන තඩි කලු වලවලුත් එක්ක ? වලවල්ද නැතිනම් ඒවා ඇස්ද ? නැත්නම් තව මේ පොටි දාල පුරවන්න තියෙන බාගෙට හදපු මූනක්ද ? මුගේ හැටියට පිරිමි කෙනෙකුත් වගේ. ඔය සුලු වෙලාවට දැකපු දේ වල් විස්තර විදිහට ටිකකින් මතක් වෙච්චි හැටි. අනේ දෙය්යනේ යකෙක් තියා මොකෙක් උනත් ආයේ නම් පලාතේ යන්නේ නෑ.මොකටද මට. මදෑ මෝල් අමාරුවකට ගිහින් පන බේරාගෙන ආවා. අමාරුමනම් වොල්ට් 33000 ලයිට් කනුවක් ආස්සරය කරනවා මේ වගෙ ගොන් වැඩ නම් ආයේ කරන්නෑ.. මම කෙලින්ම ගෙදර ඉගිලුනා....
කොහොම හරි ඇඩ් එකේ තියෙන ටිකත් එක්ක ඔක්කොම සිදුවීම ගත්තම කාන්ති බොරුම කියල නැති වෙන්න පුලුවන් බවත් මට පස්සේ කාලෙකදි හිතුනා.

ලංකාවේ ප්‍රතම සද ගමන


ලංකාවේ ප්රතම සද ගමනටයි මේ සූදානම සජීවී විකාශනය ගෙන ඒන්නේ වතුර සමග ඔලුව ටීවී.
ඔබට සජීවී දර්ශන දැක ගන්න පුලුවන් මේ නිලකොබෙය්යා රොකට් යන්තරය තිබෙන ප්රදේශයේ දැඩි නොසන්සුන් කාරී තත්වයක් පවතිනවා. රතු හැදගත් විශල පිරිසක් බෝඩ් ඔසවා ගෙන යම් විරෝධතාවක නියැලෙන ආකාරයයි මේ දිස් වන්නේ. අපි සමීප දර්ශනනයකට ගොස් බලමු.
ඔව්
හදට ගිහින් හාල් ගේන්නද ?
හදෙන් පැනලා මැරෙන්නද ?
බිලියන දහයේ රොකට් වංචාව රටට හෙලි කරනු
හද කියන්නේ බොරුවක්
අගහරුට කැකිරිද ?
වගේ පුවරු තමයි මේ දර්ශනය කරමින් විරෝධතාවයේ නියැලෙන්නේ.
රාහු කලය පසු වී සුබ නැකත ලගා වීමට තව විනාඩි කීපයක් පමනයි තිබෙන්නේ. විශෞෂයෙන් මේ රොකට් යනායේ ආරක්ෂාව පතා නිර්මානය කරන ලද දෙහි මිරිස් වැල් රාශියක් ඔබට පෙනෙනවා ඇති එහි නාසයේ සිට පහලට ලස්සනට එල්ලෙන ආකාරය. තොටවත්ත මහතාට
මෙහිදී විශේෂයෙන් ස්තූති කල යුතුයි මෙහි නැකත් සාදා දීම සහ ආරක්ෂක විදි විදාන සලසා දීම ගැන.
මේ අතර යානය තුල පුධාන නියමු ලොක් අය්යා සහ ටොමියා මල්ලී අතර සංවාදයක්.
ලෝක් අය්යේ මොකද්ද බන් ඔය සුදු පාටට දිගට තියෙන හැන්ඩල් එක.
මම දන්නෙ කොහොමද බන් මම මේ රස්සාවක් ඉල්ල ගෙන අපේ එකා ලගට ආවහම මේකෙ පල කිව්ව නිසා මේකට ආව මිස මම මොන මගුලක් වත් දන්නෑ මේ ගැන. හදට යනවා කිව්වම අපි හිතුවේ මේ ජොලි සීන් එකක් කියලා බැලුවම මූ හැබැවටම හදට යවන්නනෙන එවල තියෙන්නෙ.උබ ?
අය්යේ මම නේ අර පාතාලේ ටොමියා කියන්නේ රොස්මිඩ් එකේ මර්ඩර් එක දුන්නේ. ලොක්කා කිව්වා මට ටික දවසක් මේකෙන් හදට ගිහින් හැංගිලා ඉදලා වර කියලා. මේකෙ කලින් හිටපු එකාව අයින් කරලා මාව දැම්මා.
ආ ඒකට කමන් නෑ. කොහොමත් අපි අපුවහම උන් තමා ගිය විදිහට එලියට එන්නේ.තොට රොකට් එලවන්න ලයිසන් තියෙනවද ? කෝ මේ සහයක චුට්ටෙ?
ඔව් ලොක් අය්යේ.
මගෙ අර බුලත් පයිය කෝ බොල. ඕං ඔය විට ටිකක් ගනින් යන්ඩ ඉස්සර කාල දාන්න.කෝ බොල මේකෙ ඇක්ලේටරේ. ඒක නැතත් කෝ යකෝ බ්රේක් එකයි ගියර් එකයි.
ලොක්කයියේ ඔතන කෙල ගහන්ඩ එපා බන් .
තෝ ඉදු මේකෙ මම නේ ඕඩර් දෙන්නේ. තෝ මම කියන විදියට හිටපිය. තුක්
රොකට් යානය ගුවන් ගත කෙරේ....
ඒයි චුට්ටෙ කෝ බන් අර පාතාලෙ ටොමියා.
ඒක තමා මාත් බැලුවේ උගේ සීට් එකත් එක්කම ඌ නෑනේ බන්. අපි උඩට යනකොට ඌ පිටිපස්සට යනවා දැක්කා වගේ මතකයි.
අය්යා...
මේ මොකදා යකෝ මේ ???
අය්යා මම අර මැකැනික් එකෙන්. මුරිච්චි වගයක් තද කර කර හිටියේ මේ යන්ට කියල දොර අරින්ට බැලුවා බෑනෝ වැ.
හුටා තෝ අර යට ඉදන් සීට් වල මුරිච්චි තද කර කර ද හිටියේ . ටොමිය එහෙනම් හිටපු තැනම ඇති තාම .
ලොක් අය්යේ අර එහා පැත්තේ තට්ට උඩ එල්ලිලා එලියේ එකෙක් අත වන වන මොනවද කියනවා්
මොකාද යකෝ ඒ. ආ අර මේක උඩ උපාවස කර කර නහිටපු එකා නේද ? හොද වැඩේ තෝ දැන් අබ්බියවකාසෙන් බැහැලා පයින් පල .
ලොක්කයියේ ආන් ආර දෙපැත්තේ බට දෙක ගැලවිලා ගියා බන්.
කෝ ??
නොදකින් විතරක් . අපේ හැත්ත වැඩක් කලොත් ඔහොමමයි. බගෙට අමුනන්න ඇති. බලපන් මම අවුරුදු තිහක් බස් එලවලා එක දවසක් රෝදයක් ගැලවීලා ගිහින් නෑ. මුන් මේ කාලකන්නි හැත්ත.
මේ ආන් අර මගුල වහපන්කෝ කනක් ඇහිලා පාඩුවේ ඉන්නනෑ අමතන්නලු අමතන්නලු. දැන් කීසැරයක් ඇමතුවද බන් තවත් මදිද.
ඒය් චුට්ටෙ දැන් හදට යන්න ආවට උබ පාර අහගත්තද ? මැප් එක බලපන් රෑක නම් කමක් නෑ මේ ගිනිමද්දහනේ ඉර පැත්තටවත් ගිහින් ගොඩ බෑවොත් එහෙම ආයේ ඇවිල්ලා විසුමක් වෙන්නේ නෑ මේකෙ එකාලගෙන්. අනික මේ ගිරිස්මෙ.
ඔය තියෙන්නේ බන් අය්යේ කෙලින්ම අපි කෙලින්ම ගියාම ඉවරනෙ.
ඔව්මනෙ යන එක පාගලම යමන් නැත්නම් එන ටිකට ආන්ඩුව මාරු වෙලා තිබ්බොත් එහෙම මුන් අපිට වීසත් කැන්සල් කරලා තියෙය්.
ලොක්කයියේ අනේ බන් ඔය සරම උස්සන් මුල්ලෙ කරන්න එපා බන්.
ඇයි තෝ කියන්නේ මට දොර ඇරන් එලියට ගිහින් එන්න කියලද . මේ උඹේ පාඩුවෙ ඉදින් .
ඒයි මිකැනික් කොල්ලෝ මට ප්ලෙන්ටියක් හදාගෙන වරකෝ.
ලොක්කය්යේ එපා බන් මේකේ ජොය්න්ට් පත්තු කරන්න . කැහ් කැහ්.
මේ වැඩි ය නෑ බන් ඊයෙ ඉතුරු වෙච්චි කොටේ. හදට යනකන් වෙන මොනව කරන්නද?
මද වේලාවක් ගත වෙයි. ඇතුලත දුමින් පිරී යයි.
ඒ ලෝක්කයියේ මාර ආතල් නේ . නිකම් පා වෙනවා වගේ බන් පන් පන් පන් මේවා ඈ හී හී හී. මේ බලහන්කො මේ.
පාවෙනවා වගේ නෙමෙයි බොල තෝ ඔය ඇත්තටම පා වෙනවා.
අඩේ ඇත්තටම පලවෙලි සැරේට නේ බන් ජොයින්ට් එකක් ගහලා පාවෙවී හදට යන .
කෝලේලො මේ මේන් මාව බලහන්. මගෙ සරම ඈ තනි සරමෙන් පියාබනව බලා ගනින් . හූ........යී හූ....................යි.
ඒයි මිකැනික් කොල්ලෝ මෙහෙ වර. මූ හොන්ද කොල්ල නේද බන්.
අය්යේ එපා බන් නිකම් හිටින්කෝ.
ලෝක්කය්යේ මේ විකාර නන් කරන්න හදන්න එපා මෙතන ඈ .
මම මේ නිකම් බන් හෙහ් හෙහ්. ඒ මේ බලහන්කො බන් මේවා ඔබපුවම මේ පාට පාට ලයිට් පත්තු වෙන හැටි . තොරනක් වගේ නේ බන්. ආ....ව්. රතුපාට එක ඇයි බන් මේ කැරකි කැරකි පත්තුවෙන්නේ?
එදින සවස.
ඒ බන් චුට්ටේ මේ අපි හදටද ඇවිල්ලා ඉන්නේ බන් උඹ වෙලාවට හෑන්ඩ් බ්රෙක් එක පෑගුවද? වැදුන වැදිල්ලටද කොහෙද දුන් දානවා බන් වටේටම .
එහෙම වෙන්ඩ එපෑ. බන් අය්යේ. බ්රෙක් එක කියල හිතලා තමා මම අර හැඩල් එක තද කරන් හිටියේ.
එතකොට යකෝ අර කතරගම කොලඹ බස් එකක් යනවා පේන්නේ උනුත් හදට ඇවිල්ලද බස් එකේ?

තොරතුරු,භවය, සත්ත්වයාගේ මුල ,.........

තොරතුරක් යනු සරලව බෙදා වෙන් කර ගැනීමක්. කලු නිසයි අපිට සුදු තියෙන්නේ. නිශ්ෂබ්ධයට සාපේක්ෂව ශබ්ධ තියෙනවා. ඒ ඒ ශබ්ධ වලටා සාපේක්ෂව අනෙක් ශබ්ධ අපි අදුරා ගන්නවා. ඉතින් හිතන්න සාපේක්ෂ බවින් තොරව යම් මුල් තොරතුරක් විශ්වයේ ඇති වෙන්න පුලුවන්ද ? දෙවියන් වහන්සේ විශ්වය මවන්නේ මොකට සාපේක්ෂවද ? සුදු පාට මවන්න කලුපාට නැතුව බැහැ. ඒ දෙකම තියෙන්න පාට කියන සංකල්පය තියෙන්න ඕනේ. එතකොට ඒවා දකින් ඉන්ද්‍රිය මේ හැම දෙයක්ම තියෙන්න ඕනේ. කැරකිලා කැරකිලා අන්තිමට ඔය ටික කරන්න මමෙක් ඉන්නත් ඕනේ . මම මම වෙන්නේ මොකට සාපේක්ෂවද ? ලෝකයට සාපේක්ෂව. ඉතින් ඒ කියන්නේ ලෝකය නැතුව මමෙක් ඉන්න බෑ. ඒත් මම තොරුතුරු නොකර ගෙන කොහොමද ලෝකයක් අදුරා ගන්නේ. හෝ තියෙන්නේ . ඒ කියන්නේ මගෙන් තොර ලෝකෙකුත් නෑ. ඉතින් කොහොමද තොරතුරු වල මුලක් පෙන්වන්නේ ? හැම වෙලේම සාපේක්ෂව තවත් යමක් පැවතිය යුතුයි. සත්ත්වයා හා ලෝකය යන දෙකටම මුලකුත් නැහැ. ඒ දෙකම එකම ප්‍රවාහයක බෙදා වෙන් කර ගැනීම්.
අනෙක් අතට තොරතුරු කියන්නේ සකස් කර ගැනීමක්. කම් බෙරයේ කම්පනය අපි ශබ්ධයක් ලෙස අදුරා ගන්නවා. ඒ හදුනා ගැනීම කම්පනයට සාපේක්ෂයි. වෙනස් කම්පනයක් අප වෙනස් ශබ්ධයක් ලෙස අදුරා ගන්නවා.
මේ තොරතුරු තමා සියලු හදුනා ගැනීම්.
සිතිවිලි කියලා හදුන්වන්නේ මෙයයි.
අවකාශය - තොරතුරක්
හැගීම් - තොරතුරු
වෙනස් වීම - තොරතුරු
අදුර - තොරතුරු
සංකල්ප - තොරතුරු
අපහැදිලි බව - තොරතුරු
ඉපදීම තොරතුරු
මරණය - තොරතුරු
වේදනාව - තොරතුරු
විශ්වය - තොරතුරු .............. and on and on ...
සකස් කිරීම බෙදා වෙන් කර ගැනීම කරන්න පුලුවන් සත්ත්වයාට විතරයි. එම නිසා සත්ත්වයාගෙන් තොරව තොරතුරු පවතින්නේ නැහැ.
මේ තොරතුරු ප්‍රවාහය නැතිනම් සිතිවිලි ප්‍රවාහයේ වෙනස් වීම තමා අපට එක් එක් වෙලාවල එක් එක් තොරතුරු වන්නේ. හැම ක්ෂණයකම තොරතුරු වෙනස් වෙනවා. ඒ තොරතුරු වෙනස් වීඹම තමා මරණය කියන්නෙත් . ඒකත් හදුනා ගැනීමක් මිස අමුතු යමක් නෙමෙයි . වෙනස් වීඹට අනුරූඵ ඊලග තොරතුරු අපට අලුත් භවයක් . මේ කනටිනුවස් ප්‍රවාහය තමා සංසාරය කියන්නේ.
තොරතුරු වලට පත්කර ගත්ත මූලිකව යොදා ගත්තු දෙයක් තියෙනවද කියන ගැටලුවට අපට අදාල නෑ. මොකද අපි සකස් කර ගෙන තිබෙන දේ තමා හැම විටම පේන්නේ.
මේ නිසා තමා පටිච්ඡ සමුප්පාදයේදී සකස් කිරීමෙන් අනතුරු බෙදා ගන්නවා විඥ්ඥාණයෙන්. විඥ්ඥාණය හෙවත් බෙදා වෙන් කර ගැනීඹ නිසා නාමය සහ රූපය කියලා දෙකක් බෙදා ගන්නවා. ඊලගට එම නිසා මේ දෙකේම ගැටීමෙන් ස්පර්ෂ කියලා දෙයක් ඇති කර ගන්නවා. ඊට පසසේ වේදනාව කියලා දෙයක් සකස් වෙනවා. අර කන් බෙරයේ කම්පනය වගේ, ඔන්න පටිච්ඡ සමුප්පාදය. එකක් සකස් වුනු ගමන් අනෙක් සියල්ලම එයට සාපේක්ෂව සැකසෙනවා . උපත මරණය පවා මෙහි අංග. විද්‍යාව පැත්තෙන් ගත්තොත් සකස් කර ගැනීඹ නිසා ආලෝකයේ ප්‍රවේගය යන සංකල්පයට හේතුවන දේ පවා සකස් වෙනවා. මේ එකකට පස්සේ එකක් ඇති වන ඒවා නෙමෙයි. මේ එකටම පවතින අංග. මේ සකස් කිරීමම තමයි පරිඝනක වල වෙන්නෙත් . 1 සහ 0 වේ විවිධ පැටර්න්ස්. = විවිධ තොරතුරු.
මෙච්චරයි කතාව.
මේ අවිද්‍යාව නිසා තමා අපිට හැම වෙලේම බාහිරව ලෝකයක් ඇත කියලා පේන්නේ. ඒ නිසා එයට සාපේක්ෂව අපේ සිරුර විනාශ වෙලා යනවා දකිනවා . නමුත් තමුන් දන්නේ නැහැ තමුන් මේ ලෝකයේම කොටසක් බව. බෙදා වෙන් කර ගැනීම තමා තමුන්ට මේ වැරදි වැටහීම ලබා දෙන්නේ. සත්ත්වයා සිතිවිලි ලෝකය යනු සියල්ලම එකම ප්‍රවාහයක්. බෙදා වෙන් කර ගැනීම හෙවත් විඥ්ඥානයය් මේ ලෝකය හා සත්ත්වයා දෙකක් යන වැරදි අවබෝද්‍ය ලබා දෙන්නේ.
මේ දෙක එකක් නිසා තමා මනස වැඩි දියුනු කිරීමෙන් භෞතික දේ වෙනස් කරන්න පුලුවන්. ක්වොන්ටම් මිනුම් වෙනස් වෙන්නේ. ඒ වගේම භෞතික දෙයින් මනස වෙනස් කරන්න පුලුවන්. මේ එකම ප්‍රවාහයක් නිසා තමා කර්මය කියල දෙයක් ඇදි ඇදි එන්නේ. කර්මය කියන්නෙත් , සකස් කිරීම්. නැතිනම් පුරුදු කිරීම්. එකක පුරුදු වන විට එයට සාපේක්ඹව තමා අනිත් දේ දකින්නේ.අනිත් තොරතුරු සැකසෙන්නේ.
ඒ නිසා තමා විඥ්ඥාන නිරෝධය . සංඛාර නිරෝධය වගෛ් මේ ඕනෑම අංගයක නිරෝධය නිවනට කියන නමක් වෙන්නේ. මරණයේ නිරෝධය කියන්නත් පුලුවන්. උපතේ නිරෝධය කියන්නත් පුලුවන්, අවිද්‍යාවේ නිරෝධය කියන්නත් පුලුවන්. මොකද එකක් නිරෝධය වුනු ගමන් අනෙක් සියල්ලමත් ක්ෂනිකවම නිරෝධය වන නිසා.
හොදම දේ තමා කාලය කියන වෙනස් වීමත් තියෙන්නේ මේ බෙදා වෙන් කර ගැනීම නිසා. ඒ නිසානේ අපට වෙනස් වීම් පේන්නේ. එම නිසා පටිච්ඡ සමුප්පාදයෙන් එපිට කාලයක් නැහැ. ඒ නිසා තමා නිවන් දුටු පුද්ගලයා ඒ ක්ෂනයෙන් මිය ගියත් ,කල්ප ගානක් ජීවත් වී මිය ගියත් ඒ නිවන් සැප කියන දේ නොඅඩුව විදින බව. කාලය යන්න එයට අදාල නැහැ. අනික මේ බෙදා වෙන් කර ගැනීම නිසා තමා කාලයත් එක්ක මුල කියන සංකල්පය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා තමා අපට හිතෙන්නේ හැම දේටම මුලක් ඇත කියලා. බලන්න උඩ කියපු සත්ත්වයා ලෝකය වෙන් කරන්න බෑ වගේම එහි මුලක් යන කොටසත් මේ වැරදි වැටහීම් නිසාම ඇති වන දෙයක් . එය බෙදා වෙන් කර නොගත්තා නම් කාලයක් යන්නත් නෑ, එම නිසා මුල කෝ කියන ගැටලුව වැරදි ගැටලුවක්. පිලිතුරු නැති ගැටලුවක් නෙමෙයි . තිබෙන ගැටලුවකුත් නෙමෙයි . බලන කෝණය අනුව වැරදි ගැටලුවක්.
ඔන්න තොරතුරු , සංස්කාර, විඥ්ඥාන ආදී සියල්ලේ ගැලපීම. තොරතුරු යන්න හදුනා ගැනීම නැතිනම් සිතිවිලි ලෙස අපේ වචන වලින් ගන්න් පුලුවන්. මෙතන තොරතුරු කියලා ගත්තේ ගොඩ දෙනෙක් අද දන්න වචනයක් නිසා.
කැමති කෙනෙකුට මේවා නිවනට දාගන්න පුලුවන් වගේම තවත් කෙනෙකුට අවශ්‍ය හිතේ හැටියට අලුත් විද්‍යාත්මක සංකල්ප නිර්මාණය කරන්න යොදා ගන්න පුලුවන්. ලෝකය තේරුම් කරන්න පුලුවන්.
මේ කියපු සියලු දේ තේරුම් ගන්න හොදම විදිහ තමුන්ට තොරතුරක් තොරතුරක් වන්නේ කොහොමද කියන එක කල්පනා කිරීම . මේක නිකම්ම පැහැදිලි වෙයි. එක සැරේම මේකට ඉන්ටිව්ටිව් එකක් මොලය හදා ගන්නේ නැහැ.
අනික මේක මේ බුදු දහමේ තිබුනු පලියට ගලපලා කියලා කෙනක් හිතනවානම් ඒක වැරදී. සරලව මේ මොනවත් නැතුවත් මේක තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා තමා විඥ්ඥානය, සංසාරය වගේ සංකල්ප අනෙක් දෘශ්ටිවලත් පැවතුනේ. ඔවුන්ගේ බුද්ධියෙන් ඔවුන් යම් තාක් දුරකට තේරුම් ගත්තා. නමුත් මේ ගැඹුරු අර්ථ දැක්වීම් සහ නිරෝධයන් ඔවුන්ට ගෝචර නැහැ.

Monday, January 14, 2019

නයනී

ආදරණිය නයනී.... ඔන්න අපි බලාපොරත්තු වුනු කාලය උදාඋනා. හැමදාමත් මම පතපු විදිහට මට හැමදාම මේ ඔයාගේ ලස්සන මූන දිහා බලාගෙන ඉන්නයි. ඔයා ආස කරපු විදිහට මට තුරුල් වෙලා ඉන්නයි අපේ කාලය උදා වෙලා නයනී. බලන්න මේ වගේ ඔයාට කිට්ටුවෙලා ඔයා ගේ ඇස් දිහා බලන්න පුලුවන් වෙන දවසක් එනකම් කොච්චර කල් මම බලා හිටියද ? මතකද අපි මුලින්ම හමුවුනු දවස ? අපේ පුහුනුවේ පලවෙනි දවසේ . එදා ඉදන් මම කොච්චර නම් උත්සාහ කලාද ඔයා ලගට එන්න. ඔයාට මතකද ඔයා මාව ගනන් නොගෙන ගිය හැටි. ගස්සලා ගිය ැටි. මගේ දිහා රවලා බලපු හැටි. ඒත් මම දැනගෙන හිටියා කවදා හරි ඔයාටයි මටයි එකතු වෙන්න පුලුවන් බව.අපේ දෛවයේ ඒක ලියවිලා තියෙන බව. අන් නඒ නිසයි මම මෙච්චර කල් මග බලාගෙන හටියේ. සහතිකයි මම කවදාවත් ඔයාව තනිකරන්නේ වත් ඔයාට නපුරුකමක් කරන්නේ වත් නෑ. ඔයා ඒක දන්න බව මම දන්නවා. මේ වෙලාව විශේෂයි. අපේ අලුත් ජීවිතය පටන් ගන්න තැනදි ඔයාට පොරාන්දු වෙන එක මගේ යුතුකමක්. විශේෂයෙන් කිලෝමීටර් ට්‍රිලියන ගනණක් ඈත මේ පාලු අභයාවකාශයේ… මම ඇර ඔයාව වෙන කවුද බලාගන්නේ. කාටවත් බැහැ ඔයාට මුකුත් කරන් නයනී. ඔයා මුලු විශෟවයෙන්ම සුරක්ෂිතයි නයනී...
අර කාලකන්නි ලුතිනන්. ඌට මොකද්ද තිබුනු අමාරුව අපේ සම්බන්දේ ගැන.මට ගැහුවා මතකද ඔයා ගැනම හිත හිත හිටපු නිසා මගේ වැඩ පොඩ්ඩක් මග ඇරුනාම. වයරින් එක වැරදිලා ඇන්ටෙනාව පිච්චුනේ මගේ වරදින් උනත් ඌට හිතන්න තිබුනා මම කලින් කොච්චර කැප වෙලා වැඩ කලාද කියන එක. ඔයාව මගෙන් වෙන් කරලා මගේ මනස වැට්ටුවේ ඌයි නයනී. ඒකට ඌ දඩුවමක් විදින්න ඖනෙ නයනී. රෙපායර් එකට ඉංජිනේරු සහයකයො එලියට යවන්න ගිය වෙලේ ඌ පිටවීමේ දොර ලග හිටගෙන හිටියා.ඔව් මම අරුන් යනකම් ඉදලා දොර ඇරලා මූවත් තල්ලු කරා වායු අගුල අතුලට. දාල දොර ඇරියා. ඔයා දකින්න තිබුනේ ඌ දොර අරින්න කියලා දොරට ගහ ගහ කෑ ගහපු හැටි . ඒත් අනතුරු සංඥා ඔබන්න ඉස්සර ඈත අභ්‍යාවකාශයෙට ඌ ව ඇදිලා යන් න ගියේ පොඩි වෙලාවයි. ඔයා දන්නවනේ ඇතුලතින් ලේ රත් වෙලා නටන කොටයි පිටත හීතලෙන් ගල් ගැහෙනකොටයි හුස්ම නැතුවත් මැරෙන්න යන පොඩි වෙලාවට උනත් විදින්න වෙන දුක. මම ඒ දිහා බලන් හිටියේ සතුටකින් නෙමෙයි නයනී. ඒ ගැන මට දෙවියෝ සමාව දෙයි මම ඒ ඔක්කොම කලේ අපේ ආදරේ වෙනුවෙන් නයනී අන්න ඒ නිසයි.
අර පර දොස්තර ගෑනි මොකෙද්ද ඒකි. ඇයි ඒකි අපේ ෂිෆ්ට් මාරු කලේ. දවසක් ඔයාට මම කරදර කරනවයි කියලා මගේ ග්‍රේඩ් බස්සන්ත් හැදුවා මතකද ? ඒකි මොනවා දැනගෙනද ඒ. ඔයා වෙනුවෙන් මම නිකම් ඉදීද ? මම හොරෙන් තියා ගත්තු බ්‍රෝමයිඩ් ටිකක් ඒකිට ඉන්ජෙක්ට් කලා. අගේ වාරු නැති උනහම තමා බෙහෙත් ගබඩාවේ දොරට බෙල්ලට තියලා දෙර වැහුවේ. වෙන්න බැරි උනත් දොර තද වෙන කොට ඒකිගේ ඇගට හිටි හැටියෙම වාරු ආවානේ.. ඒත් පරක්කු වැඩී එතකොට. කවුරුත් හිතුවේ හදිසි අනතුරක් කියලා ඒත් බලන්න හිතන්නේ බලන්නේ නැතුව පිවිතුරු ආදරයකට විරුද්ධ වෙන කොට වෙන දේ. මට ැමදාම ඕනේ උනේ ඔයා ලගටම වෙලා මෙහෙමම ඉන්න නයනී. කවුරුවත් එක්ක රන්ඩු වෙන්න නෙමෙයි. මගේ හිත සමනලයෙක් වගේ අහිංසකයි.
ප්‍රොපෙසර් ගැන උනත් එහෙමයි නයනී උනේ මට තීරණයක් ගන්න උනා. මම ඔයාට කරදර කරනවයි කියලා ඔයා කම්ප්ලේන් කලා කියලා මාව ලගට ගෙන්වලා කැප්ටන් ලගට අරන් යන් න හැදුවා. මම බලෙන් මිනිහව නවත්වලා ඔයාලා අර අලුත් මූල ද්‍රව්‍ය ටෙස් කරන්න තිබ්බ අංශු ත්වරකේ ඇතුලට දාලා ඔන් කලා. මට වෙන කරන්න දෙයක් නොතිබුනු බව ඔයාට තේරෙන්න ඕනේ. මිනිහාගේ ඇග ටිකෙන් ටික අතුරු දහන් උනේ හරියට වාශ්ප වෙලා හුලගට ගහගෙන යනවා වගේ. මම වැරදි නැහැ නේද නයනී.... මේ ඔක්කොම ඔයා ලගට එන්න මම කලේ. අපේ බලාපොරාත්තු හරියාගෙන එන කොටම මේ අය ඇයි මෙච්චර කුරිරු විදිහට අපිට එරෙහි වෙන්න පටන් ගත්තේ. අනික බොරු කතා හද හද කාවද රවට්ටන්න හැදුවේ. මේ අසරණ මාව නේද නැතිනම් ඔයාව?.
ඔයා ශිත නින්දට යන් න එතකොට ලං වෙලා තිබුනේ. මට ඔයාව නොදැක කාලයක් ඉන්න වෙනවා කියලා හිතෙන කොට දරා ගන්න බැරි උනා. නමුත් ඒ ටික දවසටවත් මට ඔයාව බලන්න බැරි වෙන තැනට මුන් ඔක්කොම එකතු වෙලා වැඩ කරන් න පටන් ගත්තා. කැප්ටන් ඉස්සරහදී ඔයා මගේ කම්මුලට ගැහුවේ බොරුවට බව මම දන්නවා. අපිට සම්බන්ධකම් පවත්වන්න තහනම් නිසා නේද. ඉතින් කැප්ටන් ඉස්සරහා ඔයාගේ ග්‍රේඩ් බහිනවට මමත් කැමති නැහැ. මගෙයි වැරැද්ද එදා ඔයාව අනශවශ්‍ය විදිහට නතර කර ගන්න හදපු එක. ඒක අනිත් අය දැක්කා. ඉතින් අන්තිමේ කොහොම නමුත් ඔයා නින්දට ගියා මටත් නොකියාම. මම තනිඋනා. ඒත් මම හිතුවා ඔයා නැගිටින කම් මම හිත තද කර ගෙන ඉන්නම් කියලා. ඒත් අපි කොච්චර අහිංසක උනත් ලෝකය එහෙම ඉන් නදෙන්නේ නැහැ අපිට නයනී . ඒක තමා මේ ලේාකයේ හැටි.
ඊට පස්සේ උනු දේ ගැන මට කරන් නදෙයක් තිබුනේම නැහැ . නමුත් දැන් හිතෙනවා ඒක අපේ හොදටමයි කියලා. දෙවියෝ මට පාර පෙන්නුවා ඔයා ලගට එන්න. චීප් ඉංජිනේරුවා ප්‍රොපෙසර් ගෙයි දොස්තරගෙයි මරණ වලට මාව සැක කලා ඔයා ශිත නින්දට යන් න ටික දවසකට කලින් ඉදන්ම. මම කලින් හයි වෝල්ටේජ් දීලා ඩේටා සෙන්ටර් එකේ ඉදන් සෙකියුරිටිකැමරා ඩේටා මෙමරි විනාශ කලා. මොනවා උනත් විදුලිය එන්නේ මගේ හරහානේ. ඒත් මට බැකප් ඩේටා වගයක් වෙනම අහු උනේ පස්සේ . මම ඒක මකන්න හදනකොට ඌ දැක්කා මාව. මම රෙපයාර් වලට ගෙනල්ලා ලග තිබුනු ලේසර් මීටරෙන් ගහලා වයර් උගේ බෙල්ල වටේ ඔතලා හිර කලා. එහෙම කරන්න උනේ පාරක් ගහන්න තරම් ලොකු ආයුධයක් මම ලග නොතිබුනු නිසා. පස්සේ ඇදගෙන ගිහින් පරමාණු ඇංජිමේ කෝව ඇතුලට දාලා දොර වැහුවා.
ඒත් ඒ වෙන කොටත් පරක්කු වැඩී. අර අයිටී කාරයා එලාම් ගහල. බඩ තඩි චෙෆයි ඩෝසරයයි මාව අල්ලන්න එනවා. මම ඇන්ජිමේ කූලරේ බටයක් ගලවලා මම හැංගිලා චෙපාගේ මූනට ඇල්ලුවාවිතරයි ඒක ගල් වෙලා ගියා. පස්සේ ඌ මාව පාලනය කරන්න ගෙනත් තිබුනු දිග බටෙන් ඩෝසරයාට ඇන ගෙන ඇන ගෙන ගියා.
එතකොට පස්සෙන් ආපු කැප්ටන් මාව පෙරලාගෙන වැටුනා. ඌ සද්දන්තයා බව දන්නවානේ. ඌ මාව උස්සලා පොලවේ ගහපු පාර මගේ ඉල ඇට තුනක් වත් කැඩුනා වෙන්න ඕනෙ. මම අමාරුවෙන් නැගිටලා හයිටෙන්ෂන් කේබ්ල දෙකක් ගලවා ගත්තා. කැප්ටන් ලංවෙනකොටම ඔලුවටම ඇල්ලුවා. උගේ ඇස් එලියට පැනලා ඔලුව කුඩු වෙච්චි හැටි ඔයාට දකින්නයි තිබුනේ. රතුපාට ලේ වලින් මාව නෑ උනා. ඒත් ඔයා වෙනුවෙන් මම ඒවා රතුමල් වැස්සක්ම කියලා හිතා ගත්තා නයනී. මේ බලන්න මගේ හැටි. මේක අපිට සදාකාලික සිහිවටනයක් වේවී.
එලාම් වැදුනු නිසා තවත් පරක්කු වෙන්න බැරි උනා. අනිත් අය එන්න කලින් මම පාලක මැදිරියට පැනලා දොර ලොක් කලා. දෙවෙනි නියමුවට ගහලා බිම දැම්මා. කෘත්‍රීම ගුරුත්වය ඕෆ් කරලා. ක්ෂනිකව යානාව පහලට ත්වරණය කලා. ගොඩ දෙනෙක්ට ඒ ගැටුම දරා ගන්න බැරි උනා. පස්සේ ගබඩාවයි ශාලාවයි යානෙන් ගලවලා අත ඇරියා. මොකද ෂිප්ට් එක නිසා ඉතුරු උන් ඔක්කොම ගබඩාවේ බව මම දැනගෙන හිටියා. අනික අපි දැන් ඔය බඩු කාට කියලා විකුණන්නද ? අපේ බඩුත් නෙමෙයිනේ. අසරණයෝ ටික ගැන කනගාටුයි. නමුත් තව හිටියා නම් මට උන් එක්කත් හැප්පෙන්න වෙයි. නමුත් ඔයා බලන්න අපේ අවංක ආදරේ වෙනුවෙන් මම කරපු කැපවීම. ඒ වෙනුවෙන් අපේ මේ යානාවේ වගකීම වුනත් බාර ගන්න ලෑස්ති වෙලයි මම ඒ දේ ඔක්කොම කලේ.
අපිට දැන් කෑම ටිකක් හිග වෙන බව ඇත්ත. නමුත් අපි ට ආදරයෙන් හිගයක් නම් වෙන්නේ නැති බව සහතික වෙන් න පුලුවන්.
තව ඉතුරු උනේ එක්කෙනයි නයනී. අපේ ලොකුම හතුරා. ඔව් ඔයා මාව තරහා ගස්සන්න බොරුවට ආදරේ බව පෙන්නපු ඌ. ඔව් ඔව් ඌ තමයි. ඌ ඔයාව වැලද ගත්තු හැටි සිප ගත්තු හැටි මම බලා හිටියේ මොන තරම් වේදනාවකින්ද කියලා ඔයා නිකමටවත් හිතුවද ? ඔයා ඇත්තටමද බොරුවටද ඒක කලේ??..................................................බොරුවට නේද ???? ..... මට ඕනෙ නම් ඔයාවත් ..... අනේ නෑ. මම කලබල වෙලා ඉන්නේ... මගේ ඔලුව විකාර වලින් පිරිලා... මොනවා කියනවද කියලා මම වත් දන්නෑ.. මම ශිත නින්දට යන කොට ඔයාටයි ඌටයි එක ශිෂ්ට් එකක් වැටෙන බව දැනගත්ත එකම තමා මේ ඔක්කොටම ගොඩක්ම හේතු උනේ.. අහගෙන ඉන්න . ඔන් නඇහෙනවා. ෂ් ෂ් ෂ් ........ ඇහෙනවද සද්දේ ......... ඔව් මම උගේ ශිත නින්දේ පෙට්ටියේ වයර් ටික ගැලෙව්වා . ඌ ට ඇහැරිලා උනත් දැන් එලියට එන්නත් බෑ... ඔය සද්දේ ඌ කෑගහන සද්දෙයි පෙට්ටියට ගහන සද්දෙයි. ඇහෙනවා නේද? . ඕක දවස් දෙක තුනකින් නැවතිලා යයි අපිට ඒ ගැන එච්චර හිතන් න දෙයක් නෑ. කරපු දේ වල් තමයි පස්සෙන් එන්නේ ... සමහර විට අපිට ආහාර මදි උනොත්..... නෑ නෑ එහෙම හිතන්න හොද නෑ.
මොනවා උනත් අපි දැන් නිදහස්. අපේම ලෝකයක් හමුවෙන බව විශ්වාස නිසාම මම යානය වෙන පැත්තකට හැරෙව්වා. දැන් යන්නේ කොහෙද කියලා මම වත් දන්නේ නෑ. නමුත් අපේ අහිංසක ආදරේ පල ගන්වන්න කොහේ හරි ලස්සන ලෝකයක් බලන් ඉන්න බව මට හොදටම විස්වාසයි. නැවුම් සුවද හමන පස් වලින් පිරිච්ච අලුතෙන් ජීවයට අත වනන ඒ ලෝකය අපේ ආදරෙන්ම පන ලබයි. අපේ පැටවුන්ගෙන්ම පිරිලා ඉතිරිලා යාවි. ඒක අපි දෙන්නාගේම ලෝකය වේවී. මෙතුවක් කල් කොච්චර ප්‍රාර්ථනා කලත් කිසිම ආදරයකට ඉෂ්ට නොවුනු ඒ දේ අපි දෙදෙනා වෙනුවෙන් ඉටුවේවි..... ලස්සනම ලස්සන සුන්දර ලෝකයක් අපි දෙන්නාගේ නාමයෙන් විශ්වයට එකතු වේවි.
එතකම් නිදන්න රත්තරනේ.. ඔයාට තව කල් තියෙනවා... එතකම් මම කරන්න තියෙන වැඩ ටිකක් කරන්නම්. ඔයා වෙනුවෙන් මේ යානය ටිකක් ලස්සන කරන්න මම හිතුවා.. අස් කරන්න දේවලුත් ගොඩක් තියෙනවානේ.....ඒත් ඒත් තනියම ඉන්න මම බයයි. දැන් පැය ගානකට ඉස්සෙල්ලා පිටවීමේ දොර පැත්තේ එලියෙන් දොරට ගහන සද්දයක් ඇහුනා. හරියට කවුරහරි දොර කඩාගෙන ඇතුලට එන්න හදනවා වගේ.. නමුත් එලියේ හිස් අභ්‍යාවකාශය විතරයි වෙන මුකුත් නෑ.... මම සලකුනු විදිහට තෝරලා තිබුනු ගැලැක්සි දෙකම හිටි හැටියේම ආගිය අතක් නැති උනා. එතන දැන් අදුරු විශ්වය විතරයි. .... ඉස්ලේලා ඇන්ටෙනාවෙන් ආපු සිග්නල් එකක් ඇහුවහම හරියටම ගෑනු කෙනෙක් යටි ගරියෙන් කෑ ගහන විදිහමයි හිතුනේ. ඒත් ඒ ආපු පැත්තේ බිලියන ගණනකටවත් එපිටින් මොනවත් නැති බවයි පේන්නේ...... මට හරි බයක් දැනෙනවා නයනී.... ඒත් ඒත් වැඩි කාලයක් නැහැනේ ..ඔයා ඉන්න කොට මොන බයක්ද ...ඒවායින් කමක් නෑ ඔයා හොදින් නිදා ගන්න. මම ඔයා ලගටම ලො ඉන්නම් පුලුවන් විදිහට . ..ඔයා කවදාවත්ම ආයේ නැගිට්ටේ නැති උනත්.මට සදාකාලිකවම ඉන්න පුලුවන් ඔයාගේ ඔය හුස්ම වැටෙන සද්දේ විතරක් අහගෙන උනත් ......

නිදහස


ඔබ මරණීය දන්ඩනයට නියම වී අගනුවරට නුදුරු සිරගෙදරට යනවා නම් සතියකට එක් වරක් පැය බාගයකට ඔබව එලියට දමනා විට එහි කුඩා පිට්ටනිය කෙලවරේ ඇති ඇටඹ ගහ ලගට යන්න. උල් සවිකල යකඩ දැල් වලට ඉදිරියෙන්, රැදවුම් ශාලාවේ සිට ඇටඹ ගහ දෙසට සිට ගත් විට වම් පසට වන්නට ඔබට ඝනව තන කොල වලින් වැසුනු පස් ගොඩැල්ලක් හමුවනවා ඇත . අන්න එය අඩි හයක් පමණ පතුලට හාරා ඔබට ඇතුලත දකින්නට හැකිනම් ඔවුන් මා වලදමා ඇති ආකාරය ඔබට දිස්වනු ඇත. ඔව් මගේ ඉරී ගිය ශරීරය සහිත ඒ මගේ සොහොනයි.
සරසවි ආචාර්යය වරයකු වශයෙන් කටයුතු කලද මා අතින් සිදුවුනු වරද වෙනත් අයෙකු විසින්ද එවන් මොහොතක නොකර සිටිනු ඇතැයි මා නොසිතමි. කාලයක සිට පැවති හැංගි හොරාව අතටම අසුවන විට මට කර ගත හැකි කිසිවක් නොවීය. සමාජය හමුවේ ලැජ්ජාවට පත්වීමට පෙර සාක්ෂි අතුරු දන් කිරීම පිලිඹදව පමණක් එවෙලේ අවධානය යොමු විය. මාගේ පෙම්වතියත් ඇගේ සැමියාත් දෙදෙනාම මා අතින් මිය ගියේය.
මරණීය දන්ඩනයට යොමු වූ අප රදවා තැබුනේ සෙසු සිරකරුවන්ගෙන් වෙන්වූ වෙනමම කොටසකය . ඝන බිත්ති වලින් හා දැඩි රැකවලින් යුතු එහි සිටියේ මා ලෙසම කිසියම් ආකාරවූ ආශ්චර්යයමත් ආකාරයකින් ලැබිය හැකි අද්භූත සමාවක් පිලිඹදව බලාපොරාත්තුවක් මත පමණක් ජීවත් වූ අමුතුම පිරිසකි. අප සියලු දෙනා ශක්තියෙන් පිරිහී සිටියේ ඇවිදින මලමිනී ලෙසිනි. අමුතුවෙන් එල්ලා දැමීමට කියා ජීවයක් එහි නොතිබුනි.
මා එල්ලා මරණ දිනට දින තුනකට පෙර රාත්‍රියේ සෑම දාම මෙන් බියකරු සිහිනයකින් මා පිබිදුනි. නින්ද වනහී ශරීරයට අවශ්‍ය වුවද මට අවශ්‍ය වන්නක් නොවීය. අවධිවනු සෑම විටම මා ආත්ම අනුකම්පාවෙන් වෙලී රහසේ වැලපුනෙමි. නැවත කිසිදා නොඑන අතීතය පිලිබද සිතිවිලි වලින් පීඩාවක් වෙන කිසිවකින් වත් නොලැබුනි. නමුත් එදා කිසියම් දෙයක් සිදු වෙමින් පැවතුනි. අපගේ සිර ගෙවල දොර හැර අප තිහකින් පමන යුතු කණ්ඩායමක් මාංචු හා දම්වැල් වලින් බැද අතිශය අදුරු වුනු විශාල ට්‍රක් රථයකට පටවා රැගෙන යන්නට විය. මරණ දඩුවමට ලංවූවන් වෙනම ගාල් කෙරෙන බව මම අසා තිබුනෙමි. මේ එය බවට සැකයක් නොවුනද අපව බිමට බැස්වූ තැන මා බලාපොරාත්තුවූ ආකාරයේ තැනක් නොවිනි.
අප ඉදිරියේ අදුරු අහස් කුසත් අවට පරිසරයත් සමග කොහේදී හෝ එක් වන බවක් පෙනෙන දැවැන්ත පාෂානයමය තාප්පයකි. අපට පුරුදු ආරක්ෂකයින් වෙනුවට අති දැවැන්ත කලු හැද ගත් වෙස් මුහුණුු පැලදි ආරක්ෂකයින් අපව වට කර ඇත. ගොඩ නැගිල්ලේ අදුරට ඇතුල්වුනු අපට ඈත කොහේදො සිට විහිදෙන දිලිසෙන ආලෝකයක්ද මිනිසුන්ගේ මහා ගාලගෝට්ටයක්ද ඇසෙන්නට විය. මර බියෙන් තැති ගැනුනු අප එක එකා පසුපසට අද්දන්නට විය.
සමාවක් නොමැතිව දැවැන්ත පොලු පහරවල් අප මත පතිත වන්නට විය.මෙතරම් අකාරුණික ලෙස කිසි දිනෙක අපට සකලා ඇති බවක් මතකයට නොඒ. මදකින් දැවැන්ත ආලෝකයට මෙහා කිසියම් දොරක් විවර වුනු අතර වැසුනු අයෝමය දොරක් සහිත කනාමැදිරි එලියක් සහිත කාමරයේ ටයිකෝට් දැමූ පුද්ගලයින් කිහිප දෙනෙකි. උපැස් යුවලක් පැලදි මහලු පුද්ගලයකු අප අසලට ආවේය ඔහු දෙපස බර අවි දෙක් දරා ගත් ආරක්ෂකයින් දෙනෙකි.
ලයින් කී සැනින් පෝලිම් ගැසීඹ අපට හුරුය. පේලියකට හය බැගින් වූ පේලි පහකට අප වෙන් වුනෙමු.
මහත්වරුන්ට වැදගත් ප්‍රීතිදායක සහ අසුබදායක ආරංචි දෙකක් දෙන්නයි අපි මේ ලෑස්තිවෙන්නේ. ඔබතුමන්ලා දන්නවා තව දින කිහිපයින් ඔබගේ ජීවිත අවසන් වන බව. නමුත් අපි මේ හදන්නේ ඔබට ජීවත් වීඹට අවස්ථාවක් දෙන්න. ඔව් නිදහස් වෙලා යන්න.
අදහා ගත නොහැකි වුනු එම වදන් වලින් අප සිහිසුන් නොවුනා පමනි. නමුත් නමුත් කුමන ඇපයකටද ? එය නිකම් විය නොහැක. මොහොතකින් අප නැවතත් පියවි ලොවට පැමිනියෙමු.
ඒක තමා සුබදායක ආරංචිය. ඊලග විනාඩි පහ ඇතුලත ඔයගොල්ලෝ මේ කාමරයට ඇතුල් වෙනවා. ඔහු දැවැන්ත අයෝමය දොරටුව පෙන්වීය. කරන්න තියෙන්නේ සුලු දෙයයි. හෙමීට පයින් ඇව්ද්දත් මේ එහා පැත්තේ තියෙන දොරටුවෙන් මේක වැටිලා තියෙන වංකගිරිය හරහා පැය එකහමාරකියන් එලියට එන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නේ පැයකින් ඒ දොරෙන් එලියට එන එක විතරයි.
හැබැයි එලියට එන්න පුලුවන් වෙන්නේ එක්කෙනකුට විතරයි. ඕක තමයි නරක ආරංචිය. ඒ එන එක්කෙනා නිදහස්. මොහු කියන්නේ කුමක්ද යන්න පිලිබදව පොත් කියවා ඇති මාහට අමතු දෙයක් නොවිනි. වචනාර්ථයෙන්ම තිරිසන් ක්‍රියාවක් වුනු මෙයට අනුව ඔහුට අවශ්‍යව ඇත්තේ වංකගිරිය තුල අපි එකිනෙකා මරා ගනිමින් අනෙක් පසින් එලියට ඒමයි.
දැන් යන්න මහත්වරුනි. ඔබට ජය. අපේ පිරිසෙන් විරෝධයක් නැගෙත්ම හැඩි දැඩි වෙසැස්ලූ ආරක්ෂකයින් පහර දෙමින් අපව උමග තුලට ඇද දමන්නට විය. උමග රත්පැහැයෙන් ආලෝකමත්ව තිබුනු අතර එහි දෙපස කෙටි බිත්තියේ සිට වහලය ලෙස විනිවිද පෙනන වීදුරු සෙවිල්ලා තිබුනි එයට ආසන්නයේ සිටම කෑකෝ ගසමින් ඔල්වරසන් නගන දහස් ගණන් වුනු නරඹන්නන්ද, අපව පැහැදලිව පෙනෙන පරිදි ඇටවූ යෝධ රූපවාහිනී තිරද දිස්වන්නට විය.අප එක් එක්කෙනා පිලිබදව මුල සිට කිසියම් ප්‍රචාරාත්මක දැන්වීම්ද පලවී තිබුනු බවක්ද පෙනුනි.
ඔබගේ මාංචු සියල්ලටම ගැලපෙන එකම ආකාර යතුරුත් ඇවැසි ආයුධත් ඉදිරියෙන් හමුවේ. එලියට එන කෙනා වෙන කිසිවෙන් ඇතුලේ ඉතුරු කර නොපැමිනිය යුතුයි.එතකම්මේ දොර ඇරෙන්නැනේ නැහැ. මතක තබා ගන්න වීදුරු බිද දැමීම කල හැකි දෙයක් නොවේ. ඇත්තේ එකම පිටවීමක් පමණයි. දොර වැසී යත්ම මහලු පුද්ගලයාගේ කට හඩද නෑසී ගියේය. දැන් ඇසෙන්නේ නරඹන්නන්ගේ කන්බිහිරි කරවන ඔල්වර සන් නැගීම පමනි. ඔවුන් අපව තෝරමින් ඔට්ටු දැමීමටද පටන් ගෙන ඇත.
වැලි ගොඩැලි සහිත පස මත තිබුනු යතුරු මගින් අප වහ වහා මංචු හැර ගත්තෙමු. ඒ දෙපසම විවිධ වර්ගයේ කඩු තෝමර කිනිසි ආදිය එල්ලා තිබුනි.
අහපල්ලා අපිට මෙහෙම මරා ගන්න අවශ්‍ය නැහැ මේක නීති විරෝධී . අපගේ නඩයේ සිටි සිහින් ඇග ඇති නමුත් ගැඹුරු කට හඩක් තිබුනු පුවත්පත් කලාවේදියොකු වශයෙන් සිටි පුද්ගලයකු කෑගැසීය. අප සියලු දෙනා කුමක් කරන්නදැයි සිතමින් මුහුනින් මුහුණ බලා ගතිමු.
මෝඩ වැඩ කරන්න එපා. කලාවේදියා කෑ ගැසීය. ඒක ඇත්ත එයට සහොයෝගය දක්වමින් පෙර ධනවත් ව්‍යාපාරිකයකුව සිටි අයෙක් කෑ ගැසීය. මා ඉදිරියේ සිටියේ සිර ගෙදරදී මට ආසන්නම කුටියේ රදවා සිටි හැදි දැඩි පාතාල නායකයෙකි. ඔහු මා දෙස බැලීය. මමද ඔහු දෙස බැලුවේ කුමක් කරන්න දැයි සිතා ගත නොහැකිවය. කිසිවකුත් කිසිත් නොකී විනාඩියක් ගත විය.
එක් වරම පාතාල නායකයා බිත්තියේ වූ කඩුවක් වෙත පැන්නේය. ඔහුව වැලැක්වීමට මෙන් කිසිවකු ඔහුගේ ඇගේ එල්ලුනද ඊට වඩා ඉක්මන් වුනු පාතාලයාගේ කඩු තුඩ ඔහුගේ පිටුපසින් මතු විය. හදිස්සියේම සියලු දෙනාම උමතුවෙන් ආයුධ ඇද ගත් අතර එකිනෙකා හා සටන් කරමින් දුවන්ට විය. එකිනෙක ගැටෙන කඩු හඩද වේදනාත්මක කෑ ගැසීම්ද ඇසිනි. අමුතුම හැඩයේ මදක් බරැති කඩුවක් ඇද ගත් මා කිසිවකුට පහර දීමට නොබලාම දිවයන්නට වුනෙමි. කිසිවක් එල්ලකල පහරකින් ලෙයින් නැහැවුනු කවන්ධයක් මා ඉදිරිපිට වැටුනි. මට ඉදිරියෙන් දහ දෙනෙකු පමන වේයෙන් දිව යමින් වංගුවකින් හැරුනි. ඒ සැරින් අප ඉදිරියේ බිත්ති වල කවුලු හැරී කුඩා පිස්තෝල බිමට වැටෙන්නට විය. සැනින් මට පිටුපසින් පත්තු වුනු වෙඩි පහරක් ඉදිරි වංගුවෙන් හැරීමට ඔන්න මෙන්න සිටියකු බිම ඇද දැමීය. මේවායේ එක උන්ඩයයි. තවත් වෙඩි පහර කීපයක් හුවමාරු වන අතර කිසිවකු කෑ ගැසීය. උමග තුල පෙරට වඩා වැඩි පිරිසක් සිටින බවත් මට සිතුනේ මන්දැයි නොදනිමි. මගේ පිට සීතල වී තිබුනු අතර පිටුපසින් වදින උන්ඩයක් මග හැරීම බලාපොරාත්තුවෙන් මමද වේගයෙන් වංගුව තුලට වැදුනෙමි. එවිටම එතැන හැංගී සිටියකු මට එල්ල කල කඩු පහරකින් මගේ උරහිස ලගින් කැපී ගියේය. මරබියෙන්ද වේදනාවෙන්ද ක්‍රෝධයෙන්ද උමතු වූ මම ඔහු නැවත කඩුව ඇද ගැනීමට පෙර ඔහු මතට පැනීමට සමත් වුනෙමි. වේගවත් මුෂ්ටිපහර කීපයකින් බිම ඇද වැටුනු ඔහු ගේ හිස මගේ කඩුවෙන් කදින් වෙන්විය. පිටුපස කිසිවකු එල්ල කල වෙඩි පහරක් මගේ කන ලගින් ඇදී ගිය අතර පහර දීමට පසුපස නොබැලූ මා වෙන්යෙන් ඉදිරියට දිව ගියෙමි.


මගේ සිරුරකඩු හා කිනිසි පහර වලින් ධරුණු ලෙස තුවාල වී රුධිරය ගලයි. කොපමන වේලාවක් දිව ගියේදැයි උමතු වූ මනසට නොදැනුනද තුවාල වලින් වහනය වූ ලෙයින්ද මහන්සියෙන්ද මා අඩපන වී තිබුනි. කෙසේ නමුත් සටන් කිරීමට නොසිට මුල සිටම වේගයෙන් දිව යාම නිසා මා හට මාරාන්තික තුවාලයක් සිදු වී ඇති බවක් නොසිතමි. නමුත් එය සතුටට කාරණයක් නොවුනේ මට ඉදිරියෙන් මෙන්ම පිටුපසින්ද පිරිස ඇදී එන බව වැටහුනු බැවිනි. ප්‍රේක්ෂකයින් උමතුවෙන් මෙන් අපව දිරිමත් කරමින් සිටියෝය.
අප කිහිප දෙනෙකු හති දමමින් විඩාවෙන් වේදනාවෙන් දුර්වලව ගාටමින් සිටියෙමු. මා ඉදිරියෙන් කීප දෙනෙකු එක රොත්තට මෙන් වැනෙමින් දිව යයි ඔවුන් අතර කිසියම් එකගතාවක් ඇති වූවාක් මෙනි . ඔවුන්ගේ අයෙකු ක්ලාන්තව බිම ඇද වැටුනු අතර මා ඔහු පසු කරත්ම පිටු පසින් ඔහුගේයැයි සිතිය හැකි විලාපයක් ඇසුනි. මේ පරිසරයේ ඇති භයංකාරත්වය වටහා ගැනීමට පිටස්තර කිසිවකුට කිසිදා දැන ගැනීමට හැකියැයි මම නොසිතමි.
අවසානයේ දුර තියා අප ඉදිරියෙන් නිදහස යැයි සදහන් දැවැන්ත පුවරුවක්ද එයට යටින් විශාල දොරටුවක්ද පෙනෙන්නට විය. ඒ සැනින් පිරිස අතර කිසියම් අමුතු ජවයක්ද යටිගිරියෙක් කෙරන උමතු කෑගැසීම්ද ඇතිවිය.
එක් වරම මට ඉදිරියෙන් මා ආසන්නයෙන්ම සිටි දෙදෙනා ආපසු හැරුනි. නමුත් ඔවුන්ට වඩා මා කපටි වී අවසානය. සාක්කු දෙකින් ඇද ගත් තනි උන්ඩයේ පිස්තෝල දෙකකින් ඔවුන් දෙදෙනා මා මතට පැනීමට ගත් උත්සාහය ව්‍යවර්ත විය. හති දමමින් පිටු පස බැලූ මා දුටුවේ පොරකා ගන්නා හතර දෙනෙකි. එයට පිටුපසින් තවත් කිසිවෙක් ඇවිදිමින් සිටියේය. පොරකෑමෙන් දෙදෙනෙකු බිම ඇද වැටුු තැන මම කඩුව අමෝරාගෙන ඔවුන් වෙත පැන්නෙමි. ඉදිරි පස පිරිස දොරටුව ලග මරා ගනිමින් සිටියෝය. එකකු තම කඩුව එල්ල කර ගෙනම තවකෙකු මත ඇද වැටුනේ ඔහුගේ කඩුව අනෙකාගේ පපුව හරහා යවමිනි.
පිටපස කී දෙනෙක් ඉතුරුදැයි නොදන්නා නමුදු ඒ පිරිසේ සිටි අවසාන ශක්තිවන්තයා මා අතින් පරලව ගියේය. තවත් දෙනෛකු බිම වැටී ලෙයින් නැහැවී කෙදිරි ගාමීන් සිටි අතර ඔවුන් වෙනුවෙන් කිසිවක් කල යුතු බවක් නොපෙනුනි. කෙසේ හෝ අවසානයේ මා වෙනුවෙන් ඒ දොරටුව විවර විය.
රුධිරයෙන් වැකී උමතුවෙන් හති දමමින් සිටි මා පිලිගැනීමට ගැහැනු පිරිමි සෑහෙන පිරිසක් වටවී සිටියහ. ඔවුන්ගේ සුභපැතුම් සමග නොයෙකුත් වර්ගයේ ගිණිකෙලි රැසක් දෙපසින් එලිය විය. එලිය අතරින් හදිස්සියේම මේ පිරිස පිලිබදව කිසියම් හදුනන බවක් මගේ උමතු සිතට දැනුනි. මට හොදින් හුරු පුරුදු රටේ ජනප්‍රිය පුද්ගලයන් රැසක්ද ඔවුන් අතර දැක ගත හැකි විය. කිසිදා මෙවන් ස්ථානයක දැක ගත හැකියැයි නොසිතන ඔවුන් මා වෙනුවෙන් ජයපැන් පානය කරමින් සිටියෝය. උත්සවාකාරී ලෙස මා ජයග්‍රාහකයා ලෙස නම් කර මා හට සුබ පතා බීමට වතුර මෙන්ම තුවාල වලට ප්‍රතිකාර කර ලේ නැවැත්වීමට කීප දෙනෙකුද ලබා දෙන ලදී. ප්‍රථමාධාර අවසාන වන විට මා සිටියේ පියවි සිහිය ලබමිනි . මානසික ද ශාරීරිකවදැයි කිව නොහැකි දැඩි වේදනාවකින් මා වෙව්ලයි. සිතින්ද ශරීරයෙන්ද මා වැලපෙයි. මේ කාලය අතර තුර තවත් මොනවදෝ වැඩසටහන් කීපයක් ඇදී ගියේය. කෙසේ හෝ අවසානයේ මා පෙර අපට කතා කල මහලු පුද්ගලයා සමග කාමරයක වාඩිවී සිටිමි.
ඇයි මේ ???? මම ක්‍රෝධයෙන්ද වේදනාවෙන්ද දැල්වුනු දෙනෙතින් ඔහුගෙන් විමසීමි.
ආචාර්යතුමනි . ඔබට වැටහෙන නිසා කියන්නම් මේ වැරැද්දක් ලෙස ඔබට පෙනේවී නමුත් මේ අපේ රටේ නීතිය හා සාමය සදහාමයි.
නීතිය හා සාමය සදහා ??? මා ඇසුවේ විමතිය මැඩගත් කෝපයෙනි .
ආචාර්යය තුමනි ඔබතුමා මේ ගැන හොදට දන්නවා. මේ සමාජේ හැම දාම කොටසක් ඉන්නවා සමාජය එක්ක වෛරයෙන් ජීවත් වන. එක්කො තමුන්ට පෙර සිදුවුනු අසාධාරණ කම් නිසා, තමුන් විදි දුක් නිසා, තමුන්ගේ හිතවතුන්ට සිදුවුනු අසාධාරණ කම් නිසා ,ජීවිතයේ අසාර්ථකත්වය නිසා, අතෘප්තිකර ලිංගික ආශා නිසා වෙන්න පුලුවන් මේ අය වැඩෙනකොට වැඩෙන කොට මේ හිත යට තියෙන වෛරයත් උඩට එනවා. ඊලගට ඔවුන් සමාජයේ යම් තැනකට ආවත් ඔවුන්ට මේ දෙයින් ගැලවීමක් නැහැ. ඔවුන් විදිධ ගැටලු සමාජය තුල ඇති කරනවා. ඊට පස්සේ මේක වෙන වෙන ආකාර වලින් එලියට අරන් ඔවුන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සමහරුන්ට දුප්පත් මිනිසුන් වෙනුවෙන් තමුන් යමක් කල යුතු ලෙස සමාජවාදයට ඇති ආසාවක් ලෙස මෙය එන්න පුලුවන්. නමුත් යටිඅරමුණ කාට හෝ විරුද්ධව සටන් කිරීම. විශ්ව විද්‍යාල ශීෂ්‍යයකුට අනෙක් ශිෂ්‍යයන්ට හෝ අනාගත ශිෂ්‍යන්ට සිදුවන අසාධරනකම් සදහා සටන් වැදීමට අවශ්‍ය ලෙස මෙය උඩට එන්න පුලුවන්, ඒ වෙනුවෙන් ලෙස පවසමින් ඔහු අනෙක් අයට හිංසා පීඩා කරන්න පුලුවන්. සමහරුන්ට රටේ සංස්කෘතිය වරදක් ලෙසත් නැතිනම් ආගම වරදක් ලෙසත් එය විනාෂ කල යුතු දෙයක් ලෙසත් මේ නිසා පෙනෙන්න පුලුවන්.ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් ක්‍රියාමාර්ග සදහා පෙලඹිය හැකියි. රාජ්‍ය විරෝධයක් ලෙසත් මෙය එන්න පුලුවන්. රට කුමන ලෙස දියුණු වුවත් මේ ක්‍රියාවන්ට පෙලඹීම ඔවුන් නතර කරන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ මේ සියල්ලටම මූලය වන නිදන්ගත වෛරයට පිලියමක් කරන්න පුලුවන් නම් මේ සියල්ලම මගහරින්න අපට පුලුවන් බව අප සොයාගත්තා.ඔවුන්ට අවශ්‍ය ඔවුන්ට වඩා දුක් විදන පිරිසක් බැලීම පමණයි . සතුටින් සිටින අය නිතරතුරු දැකීම ඔවුන්ට හිතකර වන්නේ නැහැ.
මේ නිසා අපි මෙවැනි ක්‍රියාවලියක් දැන් ගෙනියනවා. ප්‍රතිපල ඉතාම හොදයි. විශේෂයෙන් සමාජයේ වැදගත් තල වල සිටි අය මෙවැනි තත්වයක සිටිනවා බැලීමට ඔවුන් ඉතා කැමතී. ගොඩක් දේශපාලන පක්ෂ නියොජනය කරපු සහ ඒවා සදහා මුදල් ලබා දුන් ගොඩක් අය දැන් එයින් අයින් වෙලා. නිතර කැරලි ගැසූ වර්ජන වලට සහය දුන් ගොඩ දෙනෙක් දැන් අයින් වෙලා. ඔව් ඔවුන් සියලු දෙනාම මෙම ක්‍රීඩාවේ හොද රසිකයන්. හැමෝම මෙහෙම නෙමෙයි. නමුත් වැඩි දෙනෙකුගේ වෛරය තව කෙනෙකුගේ විද වීම නොදැකීමමයි. සමහරුන්ට සියතින්ම තවකෙකෙුට වධදීම. ඔබ නොදැනුවත්ව උවත් උමග තුල ක්‍රීඩාවෙදී මොවුන්ගෙන් සමහර දෙනෙකුත් එයට එකතු උනා.
කියන්න ආචාර්යතුමනි ඔබ අද වූ දෙය නිසා පසු තැවෙනවාද ඔබ සියලු දෙනා සිටියේ මරණයට නියමව. එය අද නැතිනම් තවත් දින කීපයකින් අනිවාර්යයෙන් සිදුවීමට තිබුනු දෙයක්. ඉතින් මේ නිෂ්චිත මරණයෙන් ඔබ මහන්සියෙන් නිදහස ලබා ගත්තා. එය නරකද ?
පසුතැවෙනවා කාලන්නියා. මා කෑගැසුවෙමි. මාව එල්ලලා මැරුවානම් සමහර විට මට සැනසීමක් ලැබෙන්න තිබුනා.....
ඔබගේ උත්තරය නිවැරදි නැහැ ආචාර්යතුමනි. සමජයට වෛර නොකරන ඔබ මේ සමාජයේ සමාවට සුදුසු නැහැ. කනගාටුයි. තීරණය ඔබේ අතේ ආචාර්යතුමනි.
ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද පිටිය මධ්‍යයේ දම්වැල් වලින් බැද සිටියදී මාකල මෝඩ කම වැටහුනි. මේ දහජරා සමාජය අනුව මරණ දඩුවම ලැබීමට මා කර ඇත්තේ කොතරම් සුලු වරදක්ද? එම වරද තවත් සමජයකගේ පැවැත්මට උපකාරී වී ඇත. හදිස්සියේම මා අද කල මරණයන්ට නව අර්ථයක් එක්වී තිබුනි. එල්ල කල සෑම කඩු පහරක්ම, කැපී ගිය සෑම නහරයක්ම , ඇද වැටුන සෑම රුධිර බිදුවක්ම මට නව අර්ථයක් ගෙන අවුත් තිබුනි. මට ඔවුන්ව නැසීමෙන් මේ කාලකන්නි සමාජය විනාෂ කිරීමට හැකිව තිබුනි.මට නිදහස ලබා මේ සදහා සටන් කිරීමට තිබුනි. මට මේ ක්‍රමය ඇති කල කාලකන්නි බල්ලන් එක එකා මරා දැමීමට හැකියාව තිබුනි. ඔවුන්ට මරණයෙන් පාඩමක් ඉගැන්වීමට තිබුනි. අහෝ කෙතරම් අගනා අවස්ථාවක්ද? නමුත් දැන් පමා වූවා වැඩිය. එය දැන් සිහිනයක් පමනි. පිටිය මධ්‍යයේ වේදනාත්මක මරණයක් මා ආසන්නයට දැන් පැමිණ ඇත....
“I’d like to confess, papa, at that moment I discovered that I really like killing”
-Che Guevara