Blog Archive

Sunday, January 13, 2019

කවමත් නොවිසදුනු ද්විත්ව සිදුරු පර්යේෂණය


ලෝකය හැදිල තියෙන්නේ මොනවායිද ඇහුවොත් අපි ඉගෙන ගෙන තියෙන විදිහට පරමාණු වලින් කියලා කියන්න පුලුවන්නේ . එතකොට පරමාණු හැදිලා තියේනනේ මොනවායිද ඉලෙක්ට්රෝණ ප්රොටෝණ න්යුට්රෝණ වගේ උපපරමාණුක අංශු වලින් කියලා කියන්න පුලුවන්. අංශු කිව්වහම අපිට මතකයට නැගෙන්නේ මොනවාද ? පුංචි පුංචි බෝල වගේ දේවල් එහෙම නේද ?
ඈත අතීතයේ ඉදන් මිනිස්සුන්ට තිබුනු ගැටලුවක් තමයි ආලෝකය කියන්නේ මොකද්ද ආලෝකය හැදිලා තියෙන්නේ මොනවායින්ද කියලා. Robert Hooke, Christiaan Huygens and Leonhard Euler අය කිව්වා මේක තරංගයක් කියලා . අයිසෙක් නිව්ටන් වගේ අය කිව්වා මේක අංශු ආකාර වෙන්න පුලුවන් කියලා. 

තරංගයක් කියන්නේ මොකද්ද. නිසල වතුර පිරිච්ච වලකට ගලක් අත ඇරියහමවටේටම විසිරෙණ රැ ලි වලට අපි ජල තරංග කියනවා.ලනුවක් දිගට ඇදලා එක් කොනකින් ගැස්සුවහමත් තරංගයක් ගමන් කරනවා බලන්න පුලුවන්. ශබ්ධය කියන්නෙත් තරංගයක්. තරංගයක් තරංගයක් වෙන්නේ ‍ෙකාහොමද ? තරංගයකට තියෙනවා, විස්තාරයක් (Amplitude), කම්පන සංඛ්යාතයක් (Frequency) , ආයාමයක්(Wavelenght) හා -කාල අන්තරයක් (period). මේක සරලව පලවෙනි රූපය බැලුවහම තේරෙයි.





ඔන්න 1801 අවුරුද්දේ තෝමස් යංග් කියලා විද්යාඥයෙක් පර්යේෂණයක් කරනවා. මෙයා ඉස්සෙල්ලාම ආලෝක තරංගයක් ඉතාමත්ම කුඩා සිදුරක් තුලින් යනවනවා. අමුතු දෙයක් දකින්නේ නැහැ. සාමාන්ය පරිදි ආලෝකය අනෙක් පැත්තේ තිරයේ විසිරෙනවා. නමුත් ඊලගට ඔහු මේ සිදුර ලගින්ම තවත් එැවනිම සිදුරක් හදලා ආලෝක තරංගයක් මේ හරහා යවනවා. මෙන්න මෙතෙන්දි ඔහු අපූරු දෙයක් දකිනවා. මේක පහසුවෙන් ඊලග පොටෝ එක බැලුවම තේරෙනවා. ඔන්න එකපාරටම ආලෝක තරංගය කෑලි තිරයේ වැදිලා තියෙන්නේ යම් රටාවකට අතර මැද හිදැස් එක්ක.. මේකට හේතු වෙන්න පුලුවන් එකම සිදුවීමක් බව යන්ග් තීරණය කලා ඒ කියන්නේ ආලෝකය තරංග ආකාරයි. මේක තුන්වන රූපයෙන් දැක ගන්න පුලුවන්. ඔය තියේනනේ ජල තරංග දෙක්ක කියලා ගන්න . ඒවායේ කැපෙන ස්ථාන වල වැඩි විස්තාරයක් ඇති වෙලා අහෝසි වන තැන් වල තරංගය අහෝසි වෙලා යනවා. (Interference) මෙම නිසා ලෝකය තරංග ආකාරයි කියලා ඔහු තීරනය කලා. පස්සේ කාලෙක අයින්ස්ටයින් කියන විද්යාඥයා පෙන්නුවා මේ ආලෝකය තරංග ආකාර තමා නමුත් මේ තරංගය හැදිලා තියෙන්නේ අංශු වලින් නැතිනම් ෆොටෝන කියන ශක්ති පැකැට්ටු වලින් කියලා. ඒවා ගමන් කරන්නේ තරංග ආකාරයෙන් කියලා. කියන්නේ මේ ෆොටෝන කියන අංශු සිග් සැග් වෙවී යනවා වෙන්න පුලුවන්කියලා ගනිමු.

මේ ශක්ති පැකැට්ටුවලට දීපු නම තමයි ක්වොන්ටා කියාන්නේ. මෙම නිසා අංශු පරමාණු පිලිබද ඉගෙන ගන්නා විදයාවේ කොටසට ක්වොන්ටම් භෞතික විදයාව කියන නම ලැබුනා. එහි සිදුවන ක්‍රියාවන් ක්වොන්ටම් ක්‍රියාවන්. සමහර අය අංශු තරංග සම්බන්ධය විස්තර කරනවා අංශුවම අමුතු විදිහක ජල තරංගයක් වගේ දෙයක් බවට පත්වනවා කියලා නමුත් ඒ අදහස නිවැරදි නෑ.
1899 අවුරුද්දෙදි ජේ ජේ තොම්සන් කියලා විදාඥයෙක් ඉලෙක්ට්රෝණය කියලා අංශුවක් තිබිය යුතු බවට සංකල්පයක් ගෙන ආවා ඔහුගේ කැතෝඩ නල පර්යේෂණය හරහා. මේක ඉස්කොල වල කරනවා කට්ටිය දැකලත් ඇති. පස්සෙ කාලකෙදී අර තෝමස් යංග් ආලෝකය සම්බන්ධයෙන් කරපු ද්විත්ව සිදුරු පර්යේෂනය විද්‍යාඥයින් ඉලෙක්ට්රෝණ ධාරා සම්බන්ධයෙනුත් කලා. කලින් ප්‍රතිපලම ලැබුනා. හරි අන්තිමට බලපුවහම සියලුම උපපරමාණූක අංශු වගේම පරමාණූ පවා තරංගමය ලකෂණ දරනවා. ඩෝල්ටන් ගේ පරමාණුක ආකෘතියෙන් මෙ වෙන කොට න්යෂෟටියක් සහ ඒ වටා කැර කැවෙන ඉලෙක්ට්රෝණ වලාවක් සහිත ආකෘතියක් හරහා මේ ආකාරයෙන් සීග්ර දියුනුවක් ලබපු භෞතික විද්යාවේ දියුනුවෙන් උදම් වුනු සමහර විද්යාඥයන් විදයාව විසින් විශ්වයේ සියලු රහස් අනාවරනය කර ගෙන ඇති බවටත් 20 වන ශතවර්ශයේ මුල උදම් අනා තිබුනා.


 

ඒත් ප්‍රශ්න තාම පටන් අරගෙනවත් තිබුනේ නැති බව ඔවුන් දැනං හිටියේ නැහැ. සමහර විද්‍යාඥයින්ට මේ අංශුවක් තරංග අකාරයෙන් හැසිරෙන්නේ කොහොමද කියන එක හොදින් පැහැදැලි කර ගන්න අවශ්‍ය උනා. එක් පර්යේෂණයකදී ඔවුන් අපූරු දෙයක් නිරීක්ෂණය කලා. දිවිත්ව සිදුරු පර්යේනයම ඔවුන් ඉලෙක්ට්‍රෝ ධාරාවක් යොදා ගෙන සිදුකලා නමුත් මෙවර එක සැරේකට එක ඉලෙක්ට්‍රෝණයක් විතරක් පිට වෙන ලෙස සකසලා. හරි විදිහට බැලුවොත් දැන් එක සිදුරකින් එක සැරේකට යන්න පුලුවන්එක ඉලෙක්ට්‍රෝණයකට විතරයි. ඉතින් තිරයේ නිකම් අංශු විසරීමක් විතරක් පස්සේ දකින්න පුලුවන වෙන්න ඕනේ. නමු ත් ප්‍රතිපලය ඔවුන් බලපෙතාතු වුුන දේ නෙමෙයි . මෙන්න ටික වෙලාවකට පස්සේ තිරයේ ආයෙත් තරංග රටාව මතුවෙලා. මේක එතෙක් තිබුනු විද්‍යාත්මක පිලිගැනීම් රැසකට එල්ල වුනු දැවැන්ත අභීයෝගයක් උනා.. ඇයි ඒ?
ජල තරංගයකින් උනත් තරංග රටාව ඇති වෙන්න එක්කෝ සිරු දෙක තුලින් තනි ජල තරංගය කැඩිලා යන්න ඕනේ නැතිනම් ජල තරංගදෙකක් යන්නම ඕනේ . නමුත් ඉලෙක්ට්‍රෝණය තනියම ගමන් කලත් ඒක එක්කෝ සිදුරු දෙකෙන්ම ගමන් කරලා අර ජල කරංග වගේ එකිනෙක ඡේදනය වෙලා තිරයේ වැදිලා තියෙනවා. නැතිනම් කොහොමද තරංග රටවක් ඇති වෙන්නේ? ඒත් තනි ඉලෙක්ට්‍රෝණයක් කොහොමද එක සැරේ සිදුරු දෙකකින් යන්නේ ? ඒක වෙන්න බැරි දෙයක් . මෙච්චර කල් තිබුනු තර්කය වූයේ යමක් සිදුවනවා හෝ සිදුනොවනවා යන්න පමනයි. පර්යේෂනයේ සිදුරු දෙක A සහ B කියලා ගනිමු. ඒ අනුව ඉලෙක්ට්‍රෝණය A තුලින් ගියොත් B හරහා ගියේ නැහැ . B හරහා .ගියොත් A හරහා ගිහින් නැහැ. නමුත් මේ පර්යේෂණය ගණිතමය විදිහට බැලුවොත් 1. ඉලෙක්ට්‍රෝණ A හා B දෙකම හරහා ගිහිල්ලා , 2. A හරහායි ගිහින් තියෙන්නේ. 3. B හරහායි ගිහින් තියෙන්නේ, 4. ඒවගේම A හරහා ගියා කියන්නේ B හරහා ගිහින් නෑ,B හරහා ගියා ගියන්නේ A හරහා ගිහින් නෑ ඒ විදිහට බැලුවොත් සිදුරු දෙක අතරින්ම ගිහිල්ලත් නෑ. ඔන් න අවස්තා හතරක්ම ඇවිල්ලා.
නමුත් විද්‍යාඥයෝා උත්සාහය අත ඇරයේ නෑ. කොයි වෙලේ හරි හොරේ අල්ලා ගන්නම් කියලා ඔවුන් විශේෂ ඇටවුමක් සකස් කලා. ඔවුන්ට දැන ගන්න ඕනෙ උනා ඉලෙක්ටොණය ඇත්තටම සිදුරු දෙකකින් යනවාද නැතිනම් එක සිදුරකින් පමනක් යනවාද කියලා දැන ගන්න. මේ සදහ ඔවුන් ඉලෙක්ටෝණය මොන සිදුරෙන්ද යන්නේ කියලා බලන්න විශේෂ ගණකයක් තිබ්බා. එතකොට ඉලෙක්ට්‍රෝණය A සිදුරෙන් නම් යන්නේ ගණකය එය A1 ලෙස සටහන් කර ගනීවි. Bසිදුරෙන් නම් යන්නේ B1 ලෙස සටහන් කර ගනිවී. නමුත් ලැබුනේ ඔවුන් බලාපොරාත්තු වුනු ප්‍රතිපල නෙමෙයි. . තිරය අටවන් පැය ගානක් ඉලෙක්ට්‍රෝණ ගනන් කර කර හිටියම ඔවුන් දැක්ක ඉලෙක්ට්‍රෝණ සාමාන්‍ය ලෙස වරකට එක බැගින් ලෙස එක් එක් සිදුරෙන් වරින් වර අහඹු ලෙස යන බව පමනයි. අර මුලින් දැකපු තරංග රටාවනම් තිරයේ සටහන් උනේ නෑ ....
මොකක්ද මේ ? ඉලෙක්ට්‍රෝණය දැන ගත්තද අපි එය දෙස බලා ඉන්න බව ? ඔවුන් නැවත නැවතත් පර්යේෂනය සිදු කලා . නමුත් නිරීක්ෂණය කරනකොට අංශු වල තරංග ගුන අතුරුදහන් වෙනවා. ඉලකේ‍ට්‍රෝණ තමුන්ව නිරීක්ෂනය කරන බව දැන ගෙන තමුන්ගේ අර අභිරහස් සිදුරු දෙක තුලින්ම යන විදිය හංගා ගන්න සාමාන්‍ය අංශුවක් විදිහට හැසිරෙන්න පටන් ගත්තාද ? නමුත් ඉලෙක්ට්‍රෝණය කියන්නේ ජීවියෙක් නෙමෙයි. ඒ උනත් යම් ආකාරයකට ඉලෙක්ට්‍රෝණයේ හැසිරීම නිරීක්ෂණය කරන්න හදන කොටම ඉලෙක්‍ර්ටෝණය තමුන්ගේ අර තරංග රටාව හංගාගෙන නිකම් ටෙනිස් බොලයක් වගේ කෙලින්ම තිරයේ වදිනවා. ඒ කියන්නේ මේ වගේ ක්වොන්ටම් ක්‍රියාවක් නිරීක්ෂණය කලොත් අපිට නිරීක්ෂණ වන්නේ වෙනස් ආකාරයක්. නිරීක්ෂනයම ක්වොන්ටම් ලෝකය වෙනස් කරනවා. මෙන්න මේ තරංගයක් ලෙස හැසිරීම නිරීක්ෂනයේදී බිද වැටීමට අපි කියනවා තරංග ශ්‍රීතයේ බිද වැටීම කියලා. (මේ උඩ විස්තර කරපු සම්පූර්ණ සිද්ධියම මේ කෙටි වීඩියෝවෙන් හොදින් තේරුම් ගන්න පුලුවන්
මේ සම්බන්ධව ගණිතඥයින් විද්‍යාඥයින් නොයෙකුත් තර්ක විතර්ක ඔස්සේ මෙය පැහැදිලි කරන්න ගණිතමය සිද්ධාන්ත නිර්මාණය කලා. සිදුවීම පැහැදිලි නැති උනත් නිරීක්ෂණය අනුමාන කරන්න හදපු ගණිතමය සිද්ධාන්ත නිසා ක්වොන්ටම් යාන්ත්‍ර විදයාවට පන ලැබුනා.

නමුත් ගොඩ දෙනෙකුට මේ ක්වොන්ටම් අංශු වල අදභූත හැසිරීම ඇල්ලුවේ නැහැ. ඒක අපේ සාමාන්‍ය තර්ක බුද්ධියට පටහැනියි. විද්‍යාඥයන් තව තවත් මේ අද්භූත සිදුවීම නිරීක්ෂණය කරන්න පුලුවන් වටහා ගන්න පුලුවන් කියලා නොයෙකුත් පර්යේෂන යෝජනා කලා. උඩ සිදුවීමෙදි ඇති චේච ප්‍රදානම ගැටලුව ඉලෙක්ට්‍රෝණය යමක් හරහා නිරීක්සණය කරන බව දැන ගැනීමනේ. ඒ නිසා පිරිසක් මෙන්න මේ වගේ ප්යේෂණයක් සිදු කලා. ඉලෙක්ට්‍රෝණ කලින් විදිහටම එකිනේ එක තිරයේ වදින විදිහටම සකස් කලා සිදුරු දෙකත් සමගම. ඊලගට මේවා ගණන් කරන උපකරනයට යම් වෙනස් කම් ටිකක් එකතු කලා. පර්යේෂනය ඇත්තටම සිදු කරන ආකාරය මීට ටිකක් සංකීර්ණයි නමුත් මම එය සරලව මෙහෙම විස්තර කරන්නම්. ඔන්න හිතමු අද විද්‍යඥයින් හිතා ගන්නව හෙට උදේ වෙනකම් පර්යේෂන සිදු කරලා හෙට උදේ ගනකය හා තිරය දිහා බලනවා ප්‍රතිපල සදහා කියලා. මෙහෙම හිතලා පර්යේෂනය සිදු කරපුවහම බලාපොරත්තු වෙන්න පුලුවන් විදිහටම තිරයේ සාමාන්‍ය අංශු රටාව සටහන් වෙලා සහ ගනකය මොන මොන සිදුරු වලින්ද ඉලෙක්ට්‍රෝණ ගමන් කලේ කියලා සටහන් කර ගෙන. නමුත් ඊලගට ඔවුන් ආයේත පර්යේෂනය කරලා හෙට උදේ විස්තර බලනවා කියලා හිතාගෙන ඉදලා පහුවදා උදේම තිරය දිහා බලන්න ඉස්සර වෙලා අර ගනක යන්ත්‍රයේ තිබුනු මොන සිදුරෙන්ද ගියේ කියලා සටහන් කර ගත්තු තොරතුරු ටික මකලා දානවා. ඔන්න අයෙත් ගැටලුවක්. . සටහන් කර ගත්ත තොරතුරු මකන්න තීරණය කර ගත්තෙ පහුවදා උදේ උනත් අර ටික මකලා තිරය දිහා බැලුවොත් මෙන් න තිරයේ තරංග රටාව මතුවෙලා. අවසානේ මොහොතේ ආයේ තීරනය වෙනස් කරලා තොරතුරු බැලුවොත් ඔන්න තිරයේ සාමාන්‍ය අංශු රටාව. ගනකය බලන්න ඉස්සර වෙලා තිරය බැලුවොත් ඔන්න සාමාන්‍ය අංශු රටාව. ගනකය ඒවා සටහන් කර ගෙන. ඒ කියන්නේ මුලු රෑම පර්යේෂනය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මේ දැන් ගන් න තීරනය දැන ගෙන වගේ. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝණ කලින්ම පර්යේෂන අටවන කොටම දැන ගන්න ඕනේ පහුවදා මේ මිනිහා ගන්න තීරනය මොකද්ද කියලා ?????ඩිලේයිඩ් ක්වොන්ටම් ඉරේසර් කියන මේ පර්යේෂනයෙන් විද්‍යාඥයින් තව තවත් අමාරුවේ වැටුනා. අපේ සිතිවිලි අනුව අතීත අනාගත සිදුවීම් වෙනස් වෙනවාද ? ක්වොන්ටම් සිදුවීම් වලට කාල බේදයක් නැද්ද වගේ තවත් ගැටලු මතු උනා.
පලවෙනි ද්විත්ව සිදුරු පර්යේෂනය කරලා අවුරුදු දෙසීයකට වඩා කාලයක් ගත වෙලා තිබුනත් අද වෙනකනුත් මේ කිසිම නිරීක්ෂණයක් සදහා නිවැරදි පැහැදිලි කිරීමක් නැහැ. තරංග විදියට හැසිරෙන බෝලද ? එහෙමනම් බෝල කොහොමද තරංග වගේ යන්නේ? නිරීක්ෂනය කලාම තරංගයට මොකද වෙන්නේ. තනි ඉලෙක්ට්‍රෝණ කොහොමද එක වර අවස්ා කීපයක පිහිටන්නේ වගේ ගැටලු අදටත් විවාදාත්මකයි.
මේ සම්බන්ධ තවත් නොයෙක් විදිහේ ප්‍රතිපල දෙන පර්යේෂන සිදුරකරලා තිබෙනවා වගේම අදටත් සිදු කෙරෙනවා . උදාහරනයක් විදිහට අෆ්ෂාර් කියලා කෙනෙක් 2004 වර්ෂයේදී පෙන්වා සිටියා එක් පර්යේෂනයක් මගින් මේ නිරීක්ෂනය කරන විට අතුරු දහන් වන තරංග ගති සහ අංශුමය ගති එක වර නිරීක්ෂණය කිරීමේ හැකියාවක්ද ඇති බව. නමුත් සාම්ප්‍රදායක ක්වොන්ටම් අර්ත දැක්වීමට විරුද්ධ නිසා එයට වැඩි තැනක් ලැබුනේ නෑ.
අද මුලු මහත් ක්වොන්ටම් භෞතික විද්‍යාවක්ම මේ පර්යේෂනය මුල් කර ගනෙ බිහි වෙලා ඒවායින් ක්වොන්ටම් පරිඝනක වගේ ප්‍රායෝගික ප්‍රතිපල ගන්න තැනටම ආවත් මේ ක්වොන්ටම් මට්ටමේදී අංශු හැසිරෙන ආකරය සහ නිරීක්ෂන වලදී වෙනස් වන හේතුව විස්තර කරන්න තවමත් හරිහැටි හැකියාවක් නැහැ.
නමුත් මොනවද මේ පර්යේෂනය ලබා දුන්නේ අපට කියලා ඇහුවෝත් සමහර විට පුදුමත් හිතෙයි.

A = A1 + A2 

මේ සරල සමීකරනය බලන්න. මොකද්ද මේ කියන්නේ. මේ සරල සමීකරණය තමයි මුලු මහත් ක්වොන්ටම් භෞතික විද්‍යාවේම පදනම. අවිනිෂ්චිත තා මූල ධර්මය, තරංග ශ්‍රිතය, ක්වොන්ටම් පැටලීම්, වගේ සියලුම දේ මේ තුල අඩංගුයි. මේකට කියනවා සුපර් පොසිෂන් ප්‍රින්සිපල් නැතිනම් අධිස්තාපන නියමය කියලා. කොටින්ම කිව්වොත් මුලු මහත් ක්වොන්ටම් භෞතික විද්‍යාවම කියන්නේ මේ සමීකරනය තමයි.
A කියන්නේ ඉලෙක්‍රටෝනය කියලා ගනිමු. ද්විත්ව සිදුරු පර්යේෂනයේ විදිහට බැලුවොත් අපි ඉලෙක්ට්‍රෝණය නිරීක්ෂන නොකරන කොට ඉලෙක්ට්‍රෝණය ඉලෙක්ට්‍රෝණය සිදුරු දකින්ම යාම හෝ නොයාම තමයි ඔය සමීකරනයෙන් පෙන්වන්නේ. A1 කියන්නෙ පලවෙනි සිදුර තුලින් යාමේ සම්භාවිතාවය A2 කියන්නේ දෙවන සිදුර තුලින් යාමේ සම්භාවිතාවය . මේ අවස්තාවේ පවතින තරංගමය ආකාරය තමයි A .

එතකොට Aට තයෙනවා අර මුල කියපු තරංගමය ලක්ෂන. නමුත් මේක ඇවිල්ලා අංශු දෙක සිදුරු වල පැවතීමේ සම්භාවිතාවන්ගේ එකතුවක් . එය සම්භාවිතාවේ ඝනත්වය පමනයි. (Probability Amplitude)
අපි බැරි වෙලාවත් නිරීක්ෂණයක් සිදු කලොත් සම්භාවිතාවය අනුව A1 හෝ A2 නැති වෙලා අනෙක සදහා සම්ාවිතාවය සියයට සියයක් වෙලා කුමන සිදුරෙන්ද ඉලෙක්ට්‍රෝණය ගියේ කියලා අපිට පෙනෙනවා. අපි නිරීක්ෂනය නොකරන තාක් කල් ඉලෙක්ට්‍රෝණය යම් තැනක පැවතීමේ සම්භාවිතාවයක් විතරයි තියෙන්නේ .එය A සිදුර විතරක් නෙමෙයි B සිදුරෙන් හෝ යෑමේ සම්භාවිතාවයක් තියෙනවා. එය තමා උඩ සමීකරනයෙන් සරලව පෙන්වන්නේ. නිරීක්ෂනය කරපු ගමන් එය සියයට සියයක් A හෝ B සිදුර තුලින් හමු වනවා. මෙවැනි අවස්තාවක් අප ක්වොටම් ස්ටේට් එකක් නැතිනම් මාතයක්? ලෙස හදුන්වනවා. ක්වොන්ටම් භෞතිකයේ තිබෙන සියලු සිදුවීම් මේ වගේ පරමාණුවේ ඉදන් උපපරමණුක අංශු , ශක්ති පැකැට්ටු ආදී සියල්ල පවතින්නේ යම් නිරීක්ෂණයක් සිදු කෙරෙනවානම් පමනයි. එසේ නොවන විට ඒවා ඒවාට පිහිටිය හැකි සියලුම පිහිටුම් වල යම් සම්භාවිතාවයක් තුල පිහිටන බවයි දැනට පිලිගැනෙන්නේ. සම්භාවිතා ඝනත්වය වැඩිම පෙදෙස තමයි අංශුව හමුවීමේ වැඩි සම්භාවිතාවයක් ඇති පෙදෙස. ඔව් ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝණ එකක් උනත් නිරීක්ෂණය නොකරන විට එය වලාවක් මෙන් මුලු නාශ්ටිය වටාම පැතිරී තිබෙනවා.
ඒ විතරක්ද එයට තිබිය හැකි සියලුම කෝනික ප්‍රවේගයන්ගෙත් නැතිනම් ගම්‍යතාවලත් පවතිනවා. එය හමු වීමේ වැඩි සම්භාවිතාවයක් තියෙන ප්‍රදේශ තමයි ශක්ති මට්ටම් කියලා අප හදුන්වන්නේ. නැතුව කිසිම ඉලෙක්ට්‍රෝණයකට නිෂ්චිත ගමන් මාර්ගවත් නිස්චිත පිහිටුම් වත් , නිෂ්චිත ගම්‍යාතාවන් වත් නැහැ. මේක අපේ සාමාන්‍ය පිලිගනීම් වලට පටහැනි උනත් දැනට පිලිගන්නා ක්වොන්ටම් කේාපන්හේගන් විග්‍රහය මෙයයි. ඒ වගේම ගණිතමය සිද්ධාන්ත සහ පර්යේෂන නිරීක්ෂන සමගත් නිවැරදිව ගැලපෙනවා.
මේ කතාව පිලිගන්න බැරි නිසා තමයි ප්‍රසිද්ධ ෂ්රූඩිංගර්ගේ බලලා කියලා හිතලු පර්යේෂනයකුත් මෙය බොරු බව කියන්න තර්කයක් විදිහට කලක් භාවිතා උනේ. යම් වහපු පෙට්ටියක් ඇතුලේ පූසෙකු තියලා තියෙනවා . ඒ තුල යම් විකිරනයක් පිටවන උපකරනයක් තිබෙනවා. එය ක්‍රියාත්මක වෙන්නත් පුලුවන් අහඹු ලෙස නැති වෙන්නත් පුලුවන්. නමුත් ක්‍රියාත්මක උනොත් පූසා මැරෙනවා. නමුත් පෙට්ටිය ඇරලා බලලා නිරීක්ෂණය කරන කම් ඌ මැරිලද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් අර ක්වොන්ටම් අධිස්තාපනය අනුව පූසා දැන් මැරිලාත් ඉන්න ඕනේ නොමැරීත් ඉන්න ඕනේ නිරීක්ෂනය කරනකම්. මොකද්ද උත්තරේ ?
මේ නිරීක්ෂනය නොකරන විට සියලුම පිහිටුම් වල හෝ ගම්‍යාතවල පවතින කතාව තියෙනවා නේද ? මේක පැහැදිලි කරන්න තමයි බහු මාන හෝ බහු ලෝක සංකල්පය කියලා එකකුත් ආවේ. ඇයි ක්වොන්ටම් වස්තු විතරක් අධිස්තාපනයේ තියෙන්නේ? ඇයි අපේ ලෝකයේ දකින විශාල වස්තු එහෙම නොවෙන්නේ ? මේකට පිලිතුර තමයි නෑ මේ අධිස්තාපනය කියන එක සියලු වස්තු වලට පොදු වනේන පුලුවන් . නමුත් අපි දකින ලෝකය හැම වෙලේම නිරීක්ෂනය වෙලා යි තියෙන්නේ .ඒවා එකිනෙකයට සම්බන්ධයි . ඒ නිසා අපිට අනෙක් අවස්තා පෙනෙන්නේ නැහැ. අර චිත්‍රපටිවල තියේනනේ අපේ ලෝකයේ මම ඉන්නවා වෙනත් මානයක අපේ ලෝකයේම වෙනත් කෙනෙක් වෙලා.
එකම අංශුවට එය පිහිටන් පුලුවන් සියලු අවස්තා වල එක විට පිහිටන්න පුලුවන් නම් ඒවගේ මම ඉන්න පුලුවන් සියලුම ආකාර සදහා වෙනම ලෝක පැවතිය හැකියි. අපිට පෙනෙන්නේ අපට නිරීක්ෂණය වන ලෝකය පමනයි. වෙන ලෝකෙක ඔබ ලංකාවේ ජනාධිපති වෙන්නත් පුලුවන්.
ඊලගට අර නිරීක්ෂනයේදී අංශු රටාව වෙනස් වීම නිසා අප නිරීක්ෂනය කරන ලෝකයට සිතිවිලි බලපානවද නැද්ද කියන විවාදයකුත් ආවා. නමුත් සමහර විද්‍යාඥයින් අර ඩිලේයිඩ් ක්වොන්ටම් ඉරේසරේ පර්යේෂනයම එහි තොරතුරු මැකෙන බව තීරනය කිරීම යන්ත්‍රයට භාර දෙමින් පර්යේෂන සිදු කලා. ඔවුන් දුටුවා යන්ත්‍රය තීරනයක් ගත්තත් ප්‍රතිපල වෙනස් වන බව .ඔවුන් ප්‍රකාෂ කලා එම නිසා මනසේ බලපෑමක් මේ සදහා නොවන බව. නමුත් එතනිනුත් ගැටලුව විසදුනේ නෑ. කොහෙන් හරි අවසාන නිරීක්ෂනය සිදුවන්නේ අපෙන්. එතකොට යන්ත්‍රයට මේ හරහා බලපෑමක් සිදුවිය නොහැකිද ? එහි මිනුම අපේ සිතෙන් ස්වායත්තද ? යන්ත්‍රය අපේ නිර්මාණයක් නිරීක්ෂනයත් අපේ වගේ ගැටලු නිසා විවිධ පිරිස් පර්යේෂන සිදු කරනවා මේ මනස සහ භෞතික ලෝකය අතර සම්බන්ධය පෙන්වීම සදහා. 

නමුත් මම දන්න විදිහට මේ මනස සම්බන්ධ උපකල්පනය නිවැරදී. මනස සහ භෞතික ලෝකය කියලා දෙකක් තිබෙන්නේ බෙදා වෙන් කර ගැනීමක් නිසා පමනයි. එම නිසා අනිවාර්යයෙන් මේ සම්බන්ධව පැහැදිලි පර්යේෂන ප්‍රතිපල බලාපොරාත්තු වෙන්න පුලුවන්. කවුරු හරි පර්යේෂන කරන්න බලාපොරාත්තු වෙනවානම් බය නැතිව එය සිදු කරන්න.
ක්වොන්ටම් ලෝකයේ තියෙන මේ අවිනිෂ්චිත අපහැදිලි බව නිසාම එහි ස්වබාවය නිවැරදිව පැහැදිලි කිරීමේ අරමුණින් දැනට විවිධ විද්‍යාත්මක මොඩල රැසක් බිහි වෙලා තියෙනවා. මේ එක එකේ එයටම ආවේනික අනෙක් මොඩල් වල නැති හොද පැහැදිලි කිරීම් තියෙනවා වගේම සියල්ලම සියයට සියයක් සාර්තකත් නැහැ. නමුත් සමහර මොඩල් අනෙක්වාට වඩා ඉතා සාර්තකව සමහර සිදුවීම් පැහැදිලි කරනවා.

1.Copenhagen interpretation (Niels Bohr)
දැනට පිලිගන්නා ප්‍රසිද්දම අර්ත කතනය මෙයයි. ක්වොන්ටම් නිරීක්ෂන හා හැසිරීම් සම්භාවිතවය මත පදනම් වුනු ගණිතමය සිද්ධාන්ත මගින් විස්තර කිරීම. ක්වොන්ටම් සිදුවීම් වෙන්නෙ කොහොමද කියලා සියයට සියයක් යතාර්තය නොදන්නවා උනත් මේ හරහා මේ මේ දේ නිරීක්ෂනය කරන්න පුලුවන්. මේ දේ සිදුවන්නේ මේ දේ සිදුවුනු නිසා වගේ සියලු දේ මේ හරහා තේරුම් ගන්න පුලුවන්. කොටින්ම මේ අර්ත කතනය තනිකරම සම්භාවිතාවය ගණනය කරන ගණිතමය මොඩලයක් ලෙස හදුන්වන්න පුලුවන්. මෙහි ගණිත ක්‍රම ඉතාමත්ම සිත්ගන්නා සුලු වගේම ගොඩක් දේ සම්බන්ධව පැහැදිලි කරන්න යොදා ගන්නත් පුලුවන්.

2.Bohmian Mechanics (David Bohm - De brouglee)
කෝපන් හේගන් අර්ත කතනයට ප්‍රබලම අභියෝගයක් ලබා දෙන්නේ මේ මගින්. මොන විදිහට හිතුවත් කෝපන් හේගන් අර්ත කතනයෙන් අපිට අංශු හැසිරීමේ අනුමාන කරන්න පුලුවන් උණත් ඒ ආකාරයෙන් හැසිරෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න බැහැනේ. මේ තියරියෙන් කියවෙන්නේ ඕනෑම අංශුවක් එය හා බැදුනු තවත් නියමු තරංගයකින් යුක්ත වන බව මේකට පයිලට් වේව තියරි කියලත් කියනවා. අංශුවේ ගමන් මග පෙන්වන්නේ මේ තරංගය. එමගින් තනි ඉලෙක්ට්‍රෝරණයකින් තරංග රටා හැදීම වගේ දේ පැහැදිලි කරන්න පුලුවන්.
මෙය සත්‍යය කියලාම හිතෙන වීඩියෝවක් මම පසුකලෙක වෙරිටෑසියම් වීඩියෝ චැනලයෙන් දැක්කා . තනි අංශුවකින් තරංගමය රටා ලැබෙන ආකාරය ස්පීකරයක කම්පනය හරහා නිරූපනය කරලා. එයින් තවත තව ගැටලු ඇති වන බව ඇත්ත. නමුත් අර මූලික ගැටලුවට හොද උදාහරනයක් පෙන්වනවා. (https://www.youtube.com/watch?v=WIyTZDHuarQ)

3.Decoherent Histories (Murray Gell-Mann and James Hartle)

4. Consciousness causes collapse (von Neumann–Wigner interpretation)

අර ෂ්රෝඩිංගර්ගේ පූසා ඉන්න පෙට්ටියේ පූසා මැරලද බලන්න මිනිකේ ගියා කියමු. දැන් පිටත ඉන්නඅයට ඒ ඔක්කොමන්ලා ඉන්නේ අධිස්තාපනයේ. තව කෙනෙක් ගිය ාකියම දැන් ඒ සියලු දෙනාම අධිස්තාපනයේ. මේ නිසා නිවැරදි මිනුම් සදහා මනසක් සහිත සත්ත්වයකු අවශ්‍ය බව මින් කියවෙනවා. පෙට්ටිය ඇතුලද තරංග ශ්‍රිතය බිද වැටෙන්න නම් අනිවාර්යයෙන්ම මනස්ක සහිත සත්ත්වයකු ඇතුල් විය යුතුයි. නමුත් එතැන් සිට ඒ සත්ත්වයත් අර අධිස්තාපනයේම කොටසක්. (Wigner's Friend paradox )

මේ විදිහට මුලු විශ්වයටම අධිස්තාපන නියමය දමන්නත් පුලුවන් බව පරිඝනකයේ දියුනුවට පුරෝගාමී වුනු වොන් නියුමාන් මුලින්ම තර්ක කලා. පසුව වෙනත් අය විසින් මෙය ඉදිරියට ගෙන ආවා.

5. Many Worlds Interpretation (Hugh Everett III)

6. Quantum Darwinism (Wojciech Zurek)

7. Many minds
බහු ලෝක පවතී නම් ඒවා නිරීක්ෂණය සදහා බහු මනස් තිබිය යුතු බව මින් කියවෙනවා.

8. Consistent Histories (Robert Griffiths)

9. Cosmological Interpretation (Anthony Aguirre and Max Tegmark)

10. Quantum Bayesianism (Christopher Fuchs, Carlton Caves, Rüdiger Schack)

11. Stochastic evolution interpretation (many versions)

මේ කීපයක් පමනයි .
නිව්ටෝනියානු විදයාවේ නියම එක්වෝන්ටම් භෞතිකයට වලංගු වන්නේ නැහැ. එම නිසා පසුකලෙක Modified Newtonian dynamics (MOND) කියලා කොටසකුත් ආවා.
උඩ දැක්වූ අෆ්ෂාර්ගේ පර්යේෂන වාර්තා ඇසුරෙන් අපේ රටේ මහාචාර්යය නලින්ද සිල්වා මහතා විසිනුත් අලුත් අර්ත කතනයක් එක් කර තිබෙනවා. එය මෙතනින් බලා ගන්න පුලුවන් .https://arxiv.org/abs/1006.4712
නමුත් ක්වොන්ටම් භෞතික විදයාව සම්බන්ධ ගැටලු මෙතනකින් නිමා වෙන්නෙත් නැහැ. ගුරුතුවය වගේ සංසිද්ධි ක්වොන්ටම් භෞතිකයට තාම ගලපා ගන්නත් බැහැ. ඒ නිසා අයින්ස්ටයින් ගේ අවාකශ කාල වක්‍රතාව ක්වොන්ටම් ලෝකත් සමග හරිහැටි එකග වෙන්නේ නැහැ.
මේවා පැහැදිලි කිරීම සදහා අවුරුදු තිහක් විතර මහන්සි වෙලා දහස් ගණන් විද්‍යාඥයින් එකතු වෙලා ගොඩ නගපු සුපිරි තන්තු වාදය කියන මෝඩලයක් අද වන විට ඉතාමත් අසාර්තක තත්වයකට පත්වෙලා තියෙනවා. මේ කරුනු නිසාම න්‍යායාත්මක භෞතික විදයාව අද වන කොට ප්‍රභල සිරවීමකට ලක්වෙලා තියෙනවා කිව්වත් නිවැරදී. කොහොම නමුත් සරලව ගෙදර ඉදන් උනත් ඕනම කෙනෙකුට කරන්න පුලුවන් පර්යේෂනයක් විස්තර කරන්න ගිහින් තවම විස්තර කර ගන්න බැරිව වුවත් ඒ හරහා මුලු මහත් දැනුම් පද්ධතියක්ම ගොඩ නැගුනු ආකාරය ගැන පුදුම නොවී බැහැ නේද?.
අනෙක් හේතුව උනේ ඉලෙක්ට්‍රෝණ න්‍යෂ්ටිය මතට ඇද වැටෙන් නැත්තේ ඇයි කියලා පැහැදිලි කිරීමට උත්සාහ ගැනීම.
දැන් මේ අනුව තේරුම් ගතයුතු කරුනු කීපයකුත් තියෙනවා.
යම් දෙයකින් ප්‍රයෝජන ගන්න අපිට ඒක සියයට සියයක් අවබෝධ කර ගන්න අවශ්‍ය නෑ.
ඒවගේම තමා ඒකෙන් වැඩ ගන්න පුලුවන් නිසා ඒ ගැන සියයට සියයක් දන්නවා කියන්නත් බෑ.
ප්‍රායෝගික අරමුුනු අනුව අර්ත දැක්වීම් වෙනස් වෙන්න පුලුවන්. නමුත් හැම වෙලේම ප්‍රායේගික ප්‍රතිපල වැඩිදේ තමයි ජනප්‍රිය වෙන්නේ. ඒ ඇර ජනප්‍රිය දේ සියයට සියයක් හරි කියලා විද්‍යාවේ කිය වෙන්නේ නැහැ.
ක්වොන්ටම් කොම්පියුටරය නිපදවීම සදහා කෝපන් හේගන් මෝඩලය උදව් වුනත් ඔබට අවශ්‍ය සිත ගැන පර්යේෂන කරන්න හෝ නිවන් දකින්න නම් මේ මෝඩලය සතපහකට වැඩක් වෙන්නේ නැහැ. ඒවා ඇත්තද නැත්ද කියලා හොයන්න වෙනත් පර්යේෂන හරහා යන්න ඕනේ. ඒ වගේම යම් දවසක එන වෙනස්ම අර්ත කතනයකින් මේ මොඩලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යන්න පුලුවන්. මේ කරුනු ටික මෙතන දැම්මේ ඇයි කියලාත් තේරෙනවා ඇති.
කොහොම උනත් ක්වොන්ටම් භෞතික විදයාව හැම කෙනෙක්ම යම් තරමක් හෝ ඉගෙන ගත යුතුයි. අනෙක් අයවත් ඒ සදහා උනන්දු කල යුතුයි. පාසල් සිසුන්ව දැනුත් කල යුතුයි . එකක් එහි සිත් ඇද ගන්නා සුලු බව නිසාම සහ එහි තිබෙන නොයෙකුත් නිව්ටෝනියානු භෞතිකයේ අර්ත දැක්වීම්වලට වෙනස් නිරීක්ෂන ආදියත් නිසාත් නොයෙකුත් තර්ක ක්‍රම ආදිය නිසාත් එය ඉතාමත්ම ඉගෙන ගන්න ආස හිතෙන විශයයක්. අනික තමයි ලංකාවේ අද පෙනෙන විශැාල ගැටලුවක් තමයි මේවා ගැන දන්න පිරිස හෝ උනන්දු වන පිරිස ඉතාමත් අඩුයි. නිව්ටෝනිය විද්‍යාව විතරක් දන්න අය විශ්වයම ඒවායින් විස්තර කරනවා බලන්න ඕනෙ නම් ලංකාවට තමා එන්න ඕනෙ. සාම්ප්‍රදායක නිව්ටෝනියානු භෞතික විද්‍යාවේ තර්ක ක්‍රමය තමයි අපි කුලක හරහා ඉගෙන ගන්නේ. නමුත් ක්වොන්ටම් භෞතිකය තනිකරම රදා පවතින්නේ තොරතුරු නියම( Information theory) මත. කුලක ක්වොන්ටම් ලෝකයට වලංගු වන්නේ නැහැ.
අද ලංකාවේ විද්‍යාඥයින් නැහැ. හැමෝම බලන්නේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න. පේල් වෙන මිනිහා දේශපාලුවෙක්. නැතිනම් දේවාලෙක කපුවෙක්. . අපිට අවශ්‍යයයි අපේ අය ඉස්සරහට ඇවිල්ලා ලෝකයට දැනුම බෙදා දෙන්න. අලුත් දැනුම අලුත් නිර්මාන බිහි කරන්න. පරන දැනුම පරීක්ෂා කරන්න. කවද්ද දැක්කේ කවුරු හරි ටීවී එකට ඇවිල්ලා විද්‍යාත්මක ගවේශන ගැන කතා කරනවා. විද්‍යාවෙන් නොවිසදපු දේ ගැන කතා කරනවා? මේවා වෙනස් වෙන්න ඖනේ. විකිපීඩියාවේ සිංහල කෙටසේ පවා ලිපි හරිම අඩුයි. ඒ නිසා ලෝකේ සාමාන්‍යයෙන් විද්‍යාව සම්බන්ධ ප්‍රකාශයක් බලන පිරිස සමස්ත පඨකයන්ගෙන් සියයට හයක් විතරක් වගේ කියලා තමයි තියෙන්නේ. නමුත් තමුන් නොබැලුවත් ෂෙයා වත් කරනවානම් ඒක තවත් සියයට හයකට වැදගත් වෙයි.
https://en.wikipedia.org/…/Mathematical_formulation_of_quan…
http://physicsforidiots.com/physics/quantum-mechanics/
ගෙදර ඉදන් ද්විත්ව සිදුරු පර්යේෂනය කරන හැටි.
https://www.youtube.com/watch?v=kKdaRJ3vAmA
ගෙදර ඉදන් ඩිලේයිඩ් ක්වොන්ටම් ඉරේසර් පර්යේෂනය සිදු කරන හැටි. නමුත් මේ පර්යේෂනය සමග මට නම් සියයට සියයක් එකග වෙන්න බැහැ.
https://www.youtube.com/watch?v=R-6St1rDbzo
ඩිලේයිඩ් ක්වොන්ටම් ඉරේසර් පර්යේෂනය ඉහත ද්විත්ව සිදුරු පර්යෙෂන වීඩියෝව සමගින් https://www.youtube.com/watch?v=H6HLjpj4Nt4
Books
http://ffmgu.ru/…/Holzner_Steve_-_Quantum_Physics_For_Dummi…
https://www.pdfdrive.com/quantum-physics-books.html
නොවිසදුනු ගැටලු .
https://en.wikipedia.org/…/List_of_unsolved_problems_in_phy…

අනිත්‍යය විද්‍යාත්මකද ?



වෙලාවක ඇදේ වැතිරිලා ඉන්න ගමන් ඇස් දෙක වහගෙන වටේ පරිසරය හිත යොමු කරලා තියෙනවද ? වෙනස් වීම් මෙනෙහි කරලා තියෙනවද ? අපි සාමාන්‍යයෙන් දන්නේ ඇති වීම් නැති වීම් කියලා වෙනස් වෙනවා කියලා. නමුත් ඒකත් වෙනස් වීම කියන තනි වචනයට දාලා අනිත්‍ය කියලා වෙනස් වීම් මෙනෙහි කරන්න. ඔබට ඇහෙයි වටේ පිටේ ශබ්ධ . වාහානයක් යනවා වගේ නම් හඩ අහගෙන ඉන්න. ඒ හඩ ඇහෙන්න පටන් ගත්තු තැන ඉදන් නොඇසෙන තැන දක්වා. කෙමෙන් වැඩි වෙවී පසුව අඩු වෙවී ශබ්ධය වෙනස් වේගන ගිය හැටි ඔබට දැනේවි. කුරුල්ලකු හෝ සතෙක් කෑ ගසන සද්දයක් නම් ඒත් ඇති වෙලා නැති වෙන හැටි දැනේවි.වෙනස් වීගෙන යන හැටි දැනේවි. ශබ්ධ එක දිගට ඇති වෙලා නැති වෙවී වෙනස් වන ආකාරය දැනේවි. සුලගේ ශබ්ධයේ සිට කුමන කුඩා හෝ ලොකු ශබ්ධය හොදින් මෙනෙහි කරන්න. හැම එකම කෙටිව හෝ දීර්ඝව කෙමෙන් කෙමෙන් ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් බව තේරේවි. වෙනස් වෙන බව තේරේවි. එක දිගටම තියෙන ශබ්ධයක් උනත් ඉක්මනින් ඉක්මනින් සිදුවන වෙනස් වීම් බවත් ඒවගේ කුඩා හෝ මහත් කොටස් වල එකතුවක් බවත් තේරේවි. බාහිර පරිසරය මේ ආකාරයෙන් වෙනස් වෙමින් යන තැනක් බවට මේ ආකාරයෙන් මෙනෙහි කරන්න.
වෙන මොනවද දැනෙන්නේ? ඊලගට මෙහෙමත් මෙනෙහි කරන්න. වෙනස් වන බව අරමුනු කරගෙන. ඇගට සුලං වදිනවා ම් ඔබට තේරේවි ඒකත් මේ ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් වල එකතුවක් බව. ඇගට දැනෙන ස්පර්ෂය ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීම් බව. සිරුර ඇදේ ගැටෙන ස්ථාන ගැන හොදි් අවධානය යොමු කලොත් පෙනෙය් ඒ ස්පර්ෂය ගැන දැනීමත් ඇති වෙලානැති වෙලා යන වෙනස් වීම් වල එකතුවක් බව. හදවත ගැහෙන හැටි. සිතිවිලි තැනින් තැන අල්ලා ගන්න හැටි සහ අරමුනෙන් අරමුනට මාරුවෙන හැටි.... මේ විදිහටම තමුන්ගේ සිරුර ගැනත් හිතන්න. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා . ඒ අනුව පපුව බඩ එහෙමත් සෙල වෙනවා. වෙනස් වෙනවා. ශරීරයේ කැසිල්ලක් ආවත් , වේදනාවක් ආවත් සතෙක් දෂ්ථ කලත් ඒ එන වේදනාවත් ඇති වෙනවා නැතිවෙනවා බව මෙනෙහි කරන්න පුුලුවන්.
දැන් අර බාහිර ලෝකයේ හදුනා ගත් වෙනස් වීමුයි ශරීරයේ වෙනස් වීමුයි සියල් ලම එකම වෙනස්
වීම් රැසක් පමනක් බව සමස්තයක් ලෙස හිතන්න පුලුවන්ද ? (නිකම් අත කැපෙන්න පුලුවන දෙයක් ලිහිල්ව අල්ලනවා වගේ ඒ දැඩිව ගන්නැතුව සියල්ල ගැන සමස්ත ලෙස ) එලියත් වෙනස් වෙනවා ඇතුලත් වෙනවා. වෙනස් වීම් ඇර වෙන කිසිම දෙයක් නෑ. දැන් කෝ ඔබ ? කෝ ලෝකය ??
දැන් මෙහෙමත් හිතන්න පොඩි කාලේ කුඩාවට හිටපු ඔබ ලොකු උනා දැන් වයසට යනවා . අනාගතේදි වයසට ගිහින් ඇග රැලි වැටිලා අවසානයේ මිය යනවා. අපේ ඇස් දුර්ල වෙනවා , විනාශ වෙනවා, මුහුන විරූපී වෙනවා, මොලෙත් අවසානයේ වෙනස් වෙලා විනාෂ වෙලා යනවා. මුලු ශරීරයම විනාෂ වෙලා නවා. ඇටකටු පවා විනාශ වෙනවා. මේ වෙනස් වීම....
ලෝකයත එහෙමයි ගස් වැවෙනවා, හිර පායනවා සද පායනවා , වහිනවා, පායනවා, වතුර ගලා යනවා, ගංගා ඇල දොල ගලා යනවා, මුහුදේ රැල නගිනවා. කුරුල්ලෝ පියාඹනවා , උන්ගේ පැටව් ලොකු වෙනවා , උනුත් මැරෙනවා, ලේකයේ ඉන්න මිනිස්සුත් තරුන වෙනවා , ලස්සන නෙවා, වයසට යනවා, විරූපී වෙනවා මැරෙනවා ශරීරය විනාෂ වෙනවා .... තමුන් පැත්තෙන් හිතුවත් ලෝකය පැත්තෙන් හිතුවත් වෙනස් වීමම නේද ? ? කොහෙන් ගත්තත් වෙනස් වීමම නේද ? මේ ඔක්කොම ගැන හිතලා මේ සියල්ල සමස්තයක් ලෙස වෙනස් වීම් ගොඩක් ලෙස සිතන්න පුලුවන්ද ? ඇහෙන දැනන ඔක්කොම කම වෙනස් වීම් ගොඩට දාන්න. දැන් එහෙම ගත්තහම කෝ ලෝකය? කෝ ඔබ ???
වෙනස් වීම් මෙච්චරද ? නැහැ. ඇසින් යම් දේවල් දකින එක ? බලන එක ? සිතිවිලි ව ල අතරමන් වන හැටි, සිතිවිලි ඇති වෙලා නැති වෙන හැටි, සින්දු අහපු හැටි, නටපු හැටි, ලෙඩ උනු හැටි, හොද වුනු හැටි, ඔබ පාසල් ගිය හැටි. ක්‍රීඩා කරපු හැටි, විනෝද වුනු හැටි . ඒ කාලේ ඉවරයි දැන්, ඇද ඔබ රැකියාවට යන එන එක . මාසේ අන්තිමට පඩි ගන්න එක . එදාට ඒ ගැන සතුටු වෙන එක. පඩිය ටික ටික වියදම් වෙලා යන හැටි. , ඒ ගැන හිතලා දුක් වෙන එක. කතා කරන එක ? ගෑනු ළමයකුට පිරිමි ළමයකුට හිත ගිය දවස , පෙම්වතෙක් පෙම්තියක් වුනු දවස? විරහ වේදනා විදපු කාලය විවාහ වුනු දවස? දරුවන් ලැබුනු හැටි දරුවන් උස්මහත වුනු හැටි හෝ ඉදිරියේ දි උස් මහත් වන හැටි. ගෙවල් හදන්න පටන් ගත්තා හෝ ඉියේදී හදන හැටි, එහි වැඩ අවසාන වන හැටි... වාහනයක් ගන්න හිතන , එක , අර ගත්තු හැටි . ලොතරයි දිනුම් ඇදුනු හැටි දිනුමක් ඇදෙන්න ලොතරයි ගන් න හැටි ?? තෑගි ලැබුනු හැටි.... මේත් මොනවද ???? වෙනස් වීමම තමා...
ඒ වගේම ලොකයේ අනිත් මිනිස්සු වෙනස් වන හැටි . පාසල් ගිය හැටි , රැකියා කරන හැටි, විවාහ වන හැටි, දික්කසාද වෙන හැටි , දරුවන් හදන හැටි , දරුව් ලොකු මහත් කරන හැටි, ලෙඩ වෙන හැටි. දෙමව් පියන් වයසට යන හැටි, විශාල ගොඩ නැගිලි ඉදිකෙරෙන හැටි, මිනිස්සු දියුනු වෙන හැටි, ග්‍රහලෝක ජය ගන් න හැටි, යුද්ධ ඇති වන හැටි, යුද්ද නැති වෙන හැටි.. සුනාමි, ගංවතුර ගලපු හැටි.... මේත් මෙනවාද? වෙනස් වීම්මම තමා..
දැන් මේ ඔක්කොම එකට තියලා සමස්තයක් විදිහට වෙනස් වීම් ගොඩක් විදිහට බලන්න පුලුවන්නම් කෝ ඔබ? කෝ ලෝකය ???? වෙනස් වීම් ගොඩක් විතරයි නේද ?
මද හෝ වේදානවකින් ඉන් න වෙලාවක උනත් ටිකක් මේක කරලා බලන් න. වේදනාව අඩුවෙයි. ඇයි ඒ ? වේදනාව වෙනස් වීමක් කියලා නොගෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කරන සිතිවිල්ලෙන්ම ඒ ගැන නොයිවසිල්ලක් ඇවිල්ලා වේදනාව වැඩි කරනවා. නමුත් වේදනාව වෙනස් වීමක් කියලා මෙනෙහි වෙනවා නම් අර පිටත හො අනෙකුත් වෙනස් වීම් වගේම එය තවත් වෙනස් වීමක් පමනක් බවම පිලිගන්නවා. ලොතරයියක් ඇදීමත්, සින්දුවක් රස විදීමෙන් තුට ඇති වීමත්, මේ වේදනාවත් ඔක්කොම වෙනස් වීම්ම පමනක් බව තේරුම් යනවා. මේ වගේ අනිත්‍ය මෙනෙහි කලොත් ගැහුවත් බැන්නත් දිනුවත් පැරදුනත් ධන පතියෙක් උනත් දුප්පතෙක් උනත් හෙට හෝ ලබන සතියේ එල්ලලා මරන් න හිටියත් කිසිම කම්පාවක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇයි අර සමස්ත වෙනස් වීමේම කොටසක් තමා මේ. වෙනස් වීම් හැරුනු කොට වෙන කිසිම දෙයක් නෑ.
සියලුම රාග ද්වේශ සියල්ලමත් මේ වෙනස් වීම් කියලා මෙනෙහි කරන්න . කවදා හරි තවදුරටත් රාගය රාගයක වෙන්නේ වත් ද්වේශය ද්වේශයක් වෙනනේ වත් නෑ. තවත් වෙනස් වීම් විතරයි. ලෝකයේ වෙනස් වීම් සහ මේ සිතේ වෙනස් වීම් කියලා දෙක්ක් වෙන්නෙත් නැහැ. සියල්ල සමස්ත වෙනස් වීම් ගොඩක් විතරයි. ඒකෙ මම වත් ඔබවත් ලෝකයක් වත් නෑ. අපේ අවිද්‍යාව තමයි මේ වෙනස් වීම වෙනස් වීම කියලා නොගෙන මේක සැපක් මේක දුකක් මේක මගෙ මේක අරයගේ , අරක කරනවා මේක කරනවා කිය කිය බෙදාගෙන ඉන්නේ . අන්න ඒ නිසාම තමයි ඒවා වෙනස් වෙන කොට තව දුක සැප කියලත් අල්ලා ගන්නේ. නමුත් සමස්තයම වෙනස් වීම් කියලා තේරුම් ගත්තහම කෝ දුකක් ? කෝ සැපක් ? කෝ ඔබ?? කෝ ලෝකය ? කො දරුවෝ කෝ මිනිස්සු ?
මේ තියෙනනේ විද්‍යාවෙන් හොයන ග්‍රෑන්ඩ් යුනිෆීල්ඩ් තියරිය නැතිනම් සියලුම දේ එක තැනකට ගන්න පුලුවන් නියමය අගේට දක්වලා බුද දහමේ. සියල් ල සමාන වෙනවා සියල් ල අනිත්‍යය නිසා. සියල් ල වෙනස් වීම් නිසා. අපි අල්ලා ගන්න විදිහ නිසයි අපිට එක එක විදිහට පේන්නේ. නැතුව වෙනස් වීම් හැර වෙන කිසිවක් නෑ.... ඔය වෙනස් වීම් වල එකක් හරි අල්ලා ගත්තොත් දුකක් හරි සැපක් හරි කියලා ඔන්න අනිත් වෙනස් වීම් වලටත් ලේබල් එනවා.ඇඩීම් වැලපීම් සතුටු වීම් සියල්ලම සමග තන්හා මාන වගේ ඔක්කෝම ඇදිලා එනවා.
මේ අවබෝධය බටහිර විද්‍යාවද පෙරදිග විදයාවද ? සාපේක්ෂතාවාදයද ? ක්වොන්ම් භෞතිකයද ? ආගම්ද ? දර්ශනද ?ගුප්ත විද්‍යාවද ? නෑ. පැහැදිලිව පේනවා නේද මේ එකක් වත් නෙමෙයි කියලා. තවදුරටත් බුදු දහම දර්ශනයක් හෝ වෙනවද ? නෑ. ඒක බුදු දහමම විතරයි.
යම් වාදයක් සමග වාද නොකරන යම් වාදයක් වේද එය මගේ වාදයයි. - බුදු රජානන් වහන්සේ. ඒ වාදය තමා උඩ දැක්වූවේ. අනක් සියලු වාද ඔය වෙනස් වීම් ඇතුලේ කර ගත්තු අල්ලා ගැනීම් කියලා දැන් තේරෙනවද ?
අනිත්‍ය නිර්මාණශීලී විදිහට හිතන්න , නිර්මාණශීලී විදිහට දකින්න . ඔලුවට එන හැම අරමුනක්ම හෝ වේදනා හෝ දකින දේ හෝ විදින සියලු දේ අනිත්‍යයට දාන්න පුරුදු වෙන්න. දිනපතා නිදා ගන්න කොට හරි කරලා බලන්න. ලෝකයම මැරී මැරී යන මිනිස්සුන්ගෙන් හා සත්ත්වයින් පිරුනු වෙනස් වෙන දේවලින් පිරුනු තැනක් විතරයි විදිහට බලන්න අනෙක් ලෝක ගැනත් හිතන්න. පුරුදු උනහම දුකින් ඉන්න වෙලාවක කරලා බලන් න දුක තුනී වෙන හැටි. අත පය කැපිලා ගියත් , මරන්න හැදුවත් ඒක ගානක් නැතිවෙයි. සියල්ල වෙනස් වීම්ම විතරයි කියලා තේරෙයි කවදා හරි දවසක කිසිම දේකින් දුකක් දැනෙන එකක්ම නෑ. ඔන්න ප්‍රායොගිකත්වය බුදු දහමේ. ඔන්න ප්‍රත්‍යක්ෂව පැහැදිලිව ඔබට තේරෙයි බුදු දහමේ සන්දිට්ඨික බව නැතිනම් මේ ජීවිතයේදීම තේරුම් ගන්න පුලුවන් බව ඇත්තම ඇත්ත බව.
.ගැටලුව දුක නම් ඒක නැතිකරන්න අවශ්‍ය වෙනනේ වෙන වෙන විජ්ජාවල් නෙමෙයි. මේ අදහස සංසාරය කියන එකට දාපුවහම ඇත්තම මෙහෙම කරන්න ඕනෙ ඇයි කියලා තේරෙයි.

විද්‍යාවෙ දියුනුවද අවිද්‍යාවෙ දියුනුවද ?

මේ දවස් වල නැගලා යන මාතෘකාවක් හැටියට මනසක් තියෙනවාද කියන මාතෘකාව ගන්න පුලුවන්. මේකට මම සමහර අය විරුද්ධ තර්ක ගෙනෙනවා දැක්කා රොබොලාව උදාහරනයට ගෙන.
නමුත තිබෙන සරලම ගැටලුව ඔවුන් තෙරුම් අරන් නැහැ. ඔබ කියනවා මම කියන පරමානු ගොඩ විසින තවත් පරමානු ගොඩක් පරමානු ගොඩක් ලෙස හදුනාගෙන ඇති බව . එ වගෙම මම කියන පරමානු ගොඩ අනෙක පරමානු ගොඩ නොවන බව හදුනා ගෙන ඇති බව. 

ඊට වඩා එ් ගැන විස්තර කරන්න යනනෙ නැහැ මොකද මෙ ලිපියේ අරමුන වෙනත් දෙයක් නිසා. ඔතනින් එහාට රොබෝලා නෙමෙයි සත්තුම හැදුවත් එච්චරයි. අරයට වැඩියෙන් තියෙනවද මෙයාට අඩුවෙන් තියෙනවාද කියන එකවත් නෙමෙයි . ගැටලුව තියෙනනෙ තමුන්ගෙ හදුනා ගැනීම පිලිබදව. එහෙම නැතුව කවදාවත් තවත් සත්ත්වයකුගේ හදුනා ගැනීම දැන ගන්න අපට බැහැ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒ සත්ත්වයාට. 

හැම දේම බුද්ධියෙන් හෝ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කර ගන්නත් බැහැ. නිවන , යලි නොඋපදින බව , වගේ දේ
ප්‍රත්‍යකෂ වෙනනෙ ප්‍රඥාවට, එ වගේම මතක විදිහට අතීත භව වල තමන ඉපදුනු බව ප්‍රත්‍යකෂ වෙන්නෙ මෙනෙහි කිරීමට . මේ වගෙ ස්පර්ෂයෙන් ප්‍රත්‍යකෂ කර ගත යුතු දේ තිබෙනවා, දැකීමෙන් ප්‍රත්‍යකෂ කර ගත යුතු දෙ තිබෙනවා, ඇසීමෙන් ප්‍රත්‍යකෂ කර ගත යුතු දේ තිබෙනවා. සිංදුවක් ලසසනයි කියපු නිසා ඔබට එහි ලසසන වැට හෙනනෙ නෑ. එ් නිසා ගැටලුව පිලිතුර තිබෙනනෙ තමුන් තුල. මිස පිටත සතතවයන් තුල හෝ ක්‍රියාවන් තුල නෙමෙයි.
මේ ලිපිය ලිවීමට හෙතුවුනු කාරනය වුනේ මේ යම් යම් පිරිස් විසින මේ ආකාරයෙන් කරන විග්‍රහ හරහා අපේ තරුණ පරපුරට හා විද්‍යාවෙන් ඉදිරියට යාමට සිටින පිරිසට කරන අති විශාල හානිය නිසායි. 
මොකද්ද මෙ හානිය? මම දැකකා එක මහතමයෙකු ලිපියක දක්වලා තියෙනවා ඔහු දුටු රොගියකු ගැන. ඔහු ගේ මොලය අක්‍රීය වෙන්න වෙන්න ඔහු ගේ ක්‍රියාවනුත් අඩු වෙලා අවසානයේ පොඩි ලමයෙක වගේ වුනු බව.ඒ නිසා තර්කය මොලයේ රසායානික ක්‍රියාවලිය පමනක් පවතී.
නමුත අපි කා කරන මනස කියන එක මොවුන් පටලවාගෙන ඉන්නවා මේ අද්භූත යම් ආත්මයක වගෙ දෙයක් ලෙස . නැහැ. අනෙක් ඉනද්‍රියයන්ට වගේම සිතිවිලි ග්‍රහනය වනනෙ මොලයට. එතකොට වෙනම සිත නැතිනම් සිතිවිලි වශයෙන ප්‍රෙසෙස් එකක් තිබෙනවා පිටි පසසෙ. එ්ක ඇවිල්ලා භෞතික ලෝකයෙන් වෙනස් වෙනනේ අපේ හදුනා ගැනීම නිසා. බෙදා වෙන් කර ගැනීම නිසා. ඉන්ද්‍රියයන්ගෙන ලැබෙන සංඥා අනුව මේක වෙනස් වෙනවා. එ්වා මොලයට ග්‍රහනය වෙනවා. මෙ ප්‍රෙසෙස් එක සරලව බෙදීම නැතිනම් මායවක ප්‍රතිපලයක් මෙන්න මම මෙන්න ලෝකය කියන. ලෝකය තමයි පරමානු හදුනා ගත්තෙ. මොකකට සාපෙකෂවද ? තමුන්ට සාපෙකෂව.සාපේක්ෂ හදුනා ගැනීම පලවෙනිම කාරනය බව තෙරෙනවාද ? මේ කියපුවාත් තරකානුකුලව පෙන්වන්න පුලුවන් මෙන්න මේ නිසයි මෙහෙම කියන්නෙ කියලා. ඉතින් අඩුමගානෙ මූලික තර්ක ක්‍රම වත් නැතුව මූලික දැනුම වත් නැතුව තමුන්ට ඖනෙ අර්ත කතන දීලා කරන විනාෂයට පොඩි උදාහරනයක් මෙහෙම බලමු.
මම වෛද්‍ය පර්යේෂකයෙක් නම් පෙර අර මොලය දුර්වල වුනු රෝගියා මට ලැබුනා නම්. එකක් තමා මම කරන්න පුලුවන් අර තර්ක අහලා දැන් වැඩැක් නැ . රෝගියා සමග ගනු දෙනු කල නොහැකියි කියා අල්ලලා දාන එක. නමුත් මම එහෙම කරන්නේ නෑ. මම අහලා තියෙනවා මොලය සිත දෙකක් විය හැකි බව. එ නිසා මම බලනවා යන්තරයක් හරහා මොලයේ කුඩා ප්‍රමානයක් හෝ රෙප්ලිකෙට් කරලා ඉලෙකට්‍රොනිකව අර ප්‍රෙසේස් එක මට බාහිරව ග්‍රහනය කර ගන්න පුලුවන්ද කියලා. හරි ගියොත කොහොමද? වැරදි උනොත් අලුත් යන්ත්‍රයක නිර්මානයක් හෝ ඉතුරු වෙයි. සමහරු දැන් මේකට ප්‍රති තර්කයක් ගෙනෙයි එහෙනම දෙවියන් වහන්සෙව ඩිටෙක්ට් කරන හො කමියුනිකෙට් කරන මැසිමකුත් ට්‍රයි කරමු කියලා. ගැටලුවක නෑ. දෙවියන වහනසෙව දැනටමත කොතනට හරි දැනෙනවා නම් 
අර සිතන්න පුලුවන් ද කියන ලිපිය බලපු නැති අය අනිවාරයයෙනම බලනන. මොකද ඔය පැහැදිලි කිරීම තුල තියෙනවා අතිවිශාල දැනුම සමභාරයක්. ලොකය ගැන තනියම ඉනපසු ඉගෙන ගන්න පුලුවන්. සිතිවිලි හො දැනුම අහසින් පාතවෙනනෙ නෑ. ඔබෙ දරුවාට ඔබ අනෙක සියලල ප්‍රතික්ෂෙප කරලා බුද්ධිමත් විද්‍යාතමක චින්නයක ඇති දරුවෙක් හදනවා කියලා විද්‍යාව සහ ගණිතය පමනයි නම උගන්වන්නෙ ඔහු තරම කිසිම නිරමාණශීළීතවයක් නැති මෙලා රහකට නැති ගොබ්බයෙක් තවත් නෑ.
ලංකාවේ මෙ විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා කියන අය කරන්නෙ මෙක. මෙකටත් වඩා ඇතතටම ගත්තොත් බුදු දහම සමග තියෙන මොකද්දෝ ඇරියස් කවර කිරීමක්. නමුත් පේනවා නේද. අපි බුදු දහම තුලින විද්‍යාවත් දියුනු කරන කොට මොවුන් විද්‍යාවෙ දියුනු වත් වලකවන්න උතසාහ කරන හැටි. බුදු දහමේ සහ නවීන විද්‍යාවෙ අරමුනු වෙනස් . එක නැවත නැවත පැහැදිලිව පෙනවා දී තිබෙනවා. නමුත් අපිට පුලුවන් දෙකින්ම වැඩ ගන්න. ඇවැසි දෙයට දෙකේ දැනුම මාරුකරගනන. ලබන සතියෙ මාව එල්ලන්න ඉනනකොට මම භෞතික විද්‍යාව කරපු කෙනෙකනම් මම දන්නවා මගෙ ස්කනධය, පහලට වැටෙන කොට තවරනය කොචචරද, මෙ සියලලම එතනදී එකට එකු වෙන ආකාරය වගෙ දේ. වෛද්‍යෙ විද්‍යාව කරපු කෙනෙේ නම් නහර තද වන ආකාරය, ලේ ගමන නවතින හැටි , එ් අනුව මොලය මිය යන හැටි වගෙ දේ. නමුත් මෙ එකකටවත් බැහැ. මරනය ගැන මගෙ බිය නවතවන්න , මමම මොහොතින් මොහොත මනසින් වැටෙන එක නවවනන. තවත් භයානක විදිහට බ්‍රේසින් බුල් වගේ එකකට දාලා නැතිනම් උල තියලා මරනවා කියලා හිතුවොත් වැඩේ තවත් අමාරුයි. එ්කට පිලිතුර තියෙනනේ බුදු දහමෙ. අර 4999 කම නෙමෙයි. අර අනිත්‍යය ලිපිය තුලින පෙන්වලා දුන්නෙ එයයි. ඒ ත් වැඩිදෙනෙක් ඒක තේරුම් ගත්තේ නෑ.
එ් නිසා හොදින් තෙරුම් ගන්න මෙ රටේ මේ කාලකන්නි අධ්‍යාපනයෙන් බිහි කරන මොටටපාලයන් තවත් පහලට දාලා කවදාවත් විද්‍යාඥයෙක් වත බිහි නොකරන තැනට කටයුතු කරනනෙ කවුද යන්න.
අනික මෙ දැන මම කියන කොට අවුල වගෙ නම මෙ තවත බටහිර විද්‍යෘඥයොම ඉනනවා මනස ගැන කතා කරන සහ එ සදහා පරයෙෂන සාධක පවා තිබෙනවා කියන . හැබැයි මෙයාලා ඔවුන එකක ආගිව කරනන යනනෑ. ඇයි ගැටලුව තියෙනනෙ බුදු දහම සමග 
අර කකුල කැපුවම ගෙම්බන්ට ඇහෙන්නැතුව යනවා කියල නිගමනය කරපු කතාවත් උඩටම දා ගන්න. 
////////////////////////////////////////////////////////////////////////////////
https://qz.com/…/scientists-say-your-mind-isnt-confined-to…/
Cardiologist Dr Michael Sabom has described a near-death experience that occurred while its experiencer - a woman who was having an unusual surgical procedure for the safe excision and repair of a large basilar artery aneurysm - met all of the accepted criteria for brain death. Neither is this is an isolated instance for there are now a growing number of people who have testified that they experienced consciousness - indeed, frequently consciousness on a very high and vivid plane, while they were - for a short period - technically "brain-dead." The University of Southampton, England, has also conducted some research which is quite compelling,
"...University of Southampton researchers have just published a paper detailing their pioneering study into near death experiences (or near-death experiences) that suggests consciousness and the mind may continue to exist after the brain has ceased to function and the body is clinically dead.
Independent EEG studies have confirmed that the brain's electrical activity, and hence brain function, ceases at that time. But seven out of 63 (11 per cent) of the Southampton patients who survived their cardiac arrest recalled emotions and visions during unconsciousness." (more information here: http://www.mikepettigrew.com/afterlife/html/u_k__study.html).
Interestingly, the old challenge from sceptical scientists that after-death experiences were simply the result of near-death hallucinations caused by medication or oxygen-starvation are now just about completely refuted. The quoted report of the University of Southampton research briefly also raises this same point:
"...There are currently three explanations for these accounts. The first is physiological; that the hallucinations patients experience is due to disturbed brain chemistry caused by drug treatment, a lack of oxygen or changes in carbon dioxide levels.
In the Southampton study none of the four patients who had near-death experiences had low levels of oxygen or received any unusual combination of drugs during their resuscitation."
It might also be added that 'technically after death' consciousness experiences right across many countries and cultures show a remarkable similarity - this tends to rule out the idea that particular western medical practises tend to cause the dying to hallucinate.
Dr Bruce Greyson has given some attention to near-death and after-death experiences. Addressing the frequent rejoinder that such events can be accounted for as hallucinations, Dr. Greyson notes that if NDEs are hallucinations, then how is it that such incredibly accurate and verifiable information is resulting from the NDEs? People on drugs who have NDEs see fewer deceased relatives when they travel out of body. This suggests that people who do see relatives are clear-minded, not hallucinating. In some cases of children, they see dead relatives whom they had never met or seen pictures of. This begs the following question: How could they hallucinate accurately the visual images of someone they have never met? When assessing the surmounting data as a whole, Greyson said that the survival hypothesis is the most parsimonious explanation for the growing database of NDEs (source: http://www.near-death.com/evidence.html#a2. Please note: as always, we do not necessarily agree with everything on that or any other websites which we might quote).
Some might be shocked here at the reference to "deceased relatives" but we must accept that it seems well-established from many cultures that those on the point of death do indeed often appear to see their deceased relatives who come to them to escort them away from this physical life to 'beyond the river.'
The Blind Appear Able to See During After-Death Consciousness Experiences
Dr Kenneth Ring Ph.D, who is Professor Emeritus of Psychology at the University of Connecticut, and Sharon Cooper completed a two-year study into the NDEs of the blind. They published their findings in a 1999 book entitled "Mindsight" in which they documented the solid evidence of 31 cases in which blind people report visually accurate information obtained during an NDE. Perhaps the best example in his study is that of a forty-five year old blind woman by the name of Vicki Umipeg. Vicki was born blind, her optic nerve having been completely destroyed at birth because of an excess of oxygen she received in the incubator. Yet, she appears to have been able to see during her NDE. Her story is a particularly clear instance of how NDEs of the congenitally blind can unfold in precisely the same way as do those of sighted persons.

Tuesday, January 8, 2019

බංකලොත් තර්ක


-AD Hominem
තර්කය පිලිබදව නොව තර්ක කරන කෙනා හෝ තරකයට අදාල වන පුද්ගලයකුගේ පෞද්ගලික දේ ගැන කතා කරයි.
උදා : “හරි මිනිහ එහෙම කියනවා තමා. ඒත් බලනවකො මිනිහගේ පවුල් ජීවිතේම අසාර්තකයිනේ. ගෑනි වෙන මිනිහෙක් එක්ක ගියා. මේ මිනිහා බංලෛාත් උණා. බීඹට ඇබ්බැහි උනා. ලොකු කොල්ලා හොරකම් කරලා අහු උනා. මොකෙද්ද ඌ”
“කැම්පස් යාගන්න බැරුව ඉරිසියාවට කියන කතා මේ “
“මූන දැක්කම පේන්නැද්ද කියන කතා විස්වාස කරන් න බැරි බව”

-Bandwagon Policy
බොහෝ දෙනෙකු එය පිලිගන්නා නිසා බොහෝ දෙනා සිදු කරන නිසා තමුන්ගේ තර්කය නිවැරදි බව තර්ක කරයි.
උදා: දෙවියෝ ලෝකෙ මැව්ව බව කීදෙනෙක් නම් පිලිගන්නවද ඔයා පිලිගත්තේ නැතුවට. ඒ ඔක්කොම වැරදිද ??
“ ඔයා ඔහොම කිව්වට ඔය වාදය ලෝකෙ පුරාම අද පිලිගන්නවා හරිද. එ් නිසා ඔය තර්කය වැරදී”
“අපේ භාන්ඩය කී දෙනෙක් නම් මිලට ගන්නවාද? ඒ ඔක්කොටම වරදින්න පුලුවන්ද ? “

-Argument from Antiquity
අතීතයේ සිට පිලිගෙන තිබූ නිසා, පුරුදු කරනු ලැබූ නිසා චාරිත්‍රයක් නිසා මේ දෙය නිවැරදි යැයි පැවසීම.
සෑහෙන කාලයක් තිස්සේ මේක මිනිස්සු පිලිගත්තා. ඉතින් මේක වැරදිනම් ඔච්චර කල් මිනිස්සු පිලිගනීද ?
විවිධ ඇදහීම්, විශ්වාස සියල්ල ඉතිහාසයේ සිට සිදු කර තිබෙන නිසා හෝ චාරිත්‍ර නිසා පිලි ගත යුතුයැයි කරන තර්කය බංකොලොත් තර්කයකි.

-All Natural Fallacy
ස්වභාවිකබව පෙන්වා සත්‍ය බවට තර්ක කිරීම.
‘’මේ කෑම එකට අත්තික්කා, වසාවාසි. ගස්ලබු පිති, හබරල කොල, දුංකොල, නියගලා අල ඔක්කොම දාලා තියෙන්නේ. මේ ඔක්කොම ස්වභාවික දේවල් ඉතින් ගුණ නැද්ද?. ‘’
“ මේ තද කොල පාටීන්ම පේන්නැද්ද මේවා ස්වභාවික පලතුරු කියලා”
Telemarketing බඩු දැක්කහමත් වෙලාවකට ගන්න ඕනේ අදහසක් එන්න මේවගේ කෑලි එකතු කරනවා.

-Argument From Authority
තමුන්ගේ තර්කය වෙනුවට වෙනත් පුද්ගලයකුව ගාවා ගනමින් තමුන් නිවැරදි බව පෙන්වීඹට යාම..
“ඔයා ඔය මොනවා කිව්වත් මම මේ කියන දේවල් විද්‍යාඥයොත් කියලා තියෙන්නේ”
“ඔයා දන්නැතුවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලේ මයිකල් මයර්ස් කියන විද්‍යාඥයත් මේක පිලි අරන් තියෙනවා. ඉතින් ඔයා කොහොමද වැරදී කියන්නේ ? "
“මේ කතාව අපේ අල්ලපු ගෙදර මිනිහත් කිව්වා. එයාගේ බාප්පා ඩොක්ට කෙනෙක්”

-Appeal to Quantum Physics
තමුන් කියන මොන දේ හරි හරි කියලා පෙන්නන්න විද්‍යාවෙන් කොටසක් ගලපා ගන්නවා. ඒක කිසිවිදියකින් අදාල නැති උනත්. වර්ත මානයේ ආගම් , ජෝතිෂ්‍යයය, වගේ දේ පතුරන අය අතරේ මේක හොදටම දකින්න පුලුවන්. මේ අනුව අසන්නා තුල මේ පවසන දෙයෙහි යම් විද්‍යාත්මක සත්‍යයතාවක් ඇති බව ඒත්තු ගැන්වීඹට උත්සාහ කරනවා.
“ අපේ ආත්ම සම්බන්ධ වීම තමා ක්වොන්ටම් එන්ටෑන්ග්ල්මන්ට් වලින් විස්තර වෙන්නේ. නැතුව වෙන මොකද්ද ? අපේ සිතිවිලි තමයි ක්වොන්ටම් සුපර්පොසිෂන් එකෙන් විස්තර වෙන්නේ “
“ හසන්ත මහත්තයෝ මෙහෙමයි අද භෞතික විද්‍යාවෙත් ජෝතිෂ්‍යය ගැන කතා වෙනවා. අගහරු වලට රොකට් එක යවන්න හොද නැකතුත් හැදුවා මොකද මේ අගහරුගෙන් පිටවන නරක විද්‍යුත් චුම්භක තරංග එක් කාලයකට වැඩි වන නිසා එය යානාවේ ඇන්ජින් එකේ චුම්භක ක්ෂේත්‍රයට හානී කරන්න පුලුවන් නිසා. “
මේ අකාරයෙන් තරක්යක් ගොඩ නගන්න බැරි කක් නැහැ. නමුත් තර්කය ගෙනෙන්නාට හැකි විය යුතුයි ඒ සම්බන්ධය නිවැරදි ලෙස හුවා දක්වන්න. එහොම නැතුව කාන්දමකුයි ගුරුත්වාකර්ෂණයයි දෙකම ආකාර්ෂණ නිසා සමානයි කියනවා වගේ සරල කතා සම්පූර්ණයෙන්ම වැරදී. ග්‍රහලෝක වලින් එන කිරණ, විශ්ව ශක්තිය වගේ මේ නොයෙක් කතා අද කාලේ අහන්න පුලුවන්.

-Weasel Words
තර්කය දිනා ගැනීම සදහා ජනප්‍රිය පොදු වචනයක් භාවිතා කරනවා කොහොමද වෙන්නේ කියලා විස්තර නෙවෙන.
“මේක ගැහුවොත් නම් ඇගට මාර හොදක් තියෙන්නේ ඈ. අරගෙනම බලහන්කො”
“ඔයා මොනවා කිව්වත් මේක ආපු එකෙන් තමා ලෝකෙට මෙච්චර හොදක් වෙලා තියෙන්නේ”
මෙතෙන්දී "හොද" කියන වචනයේ ගොඩක් අර්ත තිබුනත් අහන කෙනා අර කියන කෙනා ඒ කියන්නේ හොදින් යමක් ගැන දැනගෙන බව හිතලා නතර වෙනවා. නමුත් එය නිකම්ම අදහසක් වෙන්න පුලුවන් තර්කය දිනා ගැනීම සදහාම.
මේ වගේ කතා අද සමහර ලිපි ලේකන වල දකින්න පුලුවන් මෙහෙම:
විද්‍යාඥයෝ අද වෙන කොට විස්වාස කරනවා.. ,
බොහෝ දෙනාගේ පිලි ගැනීම තමයි ..
මේ වගේ කතා සමහර විට නිවැරදි විය හැකී. නමුත් තර්කයට අදාලව බැලිය යුතුයි මොහු මේ උත්සාහ ගන්නේ බංකොලොත් තර්කයක් සදහා මේ පොදු වචනයකින් යම් වැරදි අදහසක් ලබා දීමටද බව . ගොඩක් විද්‍යඥයෝ පිලිගන්නවා කිව්වහම සමහරුන්ට හිතෙන්න පුලුවන් මෙයා මේ ගැන සොයලා විද්‍යාඥයෝත් පිලිගන්න නිසා තමා මේ කියන්නෙ නියලා. නමුත් බොහෝ විට කවුරුවත් පිලි නොගන් නදෙයක් වෙන්න පුලුවන්.

-Straw Man Argument
බොහෝම පොදු තර්කන විදිහ. ප්‍රධාන තර්කය අත ඇරලා ඒ මත ඉතාමත් සරල හෝ පහත් තර්කයකට ටික ටික බහිනවා. මේක තේරුම් ගත්තේ නැතුවහම අන්තිමට දෙපාර්ශවයම අර සරලා මෝඩ කතාව ගැනයි අන්තිමේදී තර්ක කර ගන්නේ.
“දැන් නම් රට යන විදිහ නම් හොදම නෑ නේද? “
“ඉතින් මහින්ද ගෙනාපුවහම හරිද ? මහින්ද හොරා”
‘’ කවුද මහින්ද ගේමු කිව්වේ රනිලුත් හොරානේ“
“දැක්කද ඔප්පු කරපන්”
“ඔප්පු කරන්නේ මොකටද දන්නවනේ හැමොම.......”
ඔව් ඔයා තමා දන්නේ ලෝකෙ ගැන. අනේ නිකම් පලයන් යන්න.

-Loaded Question
යම් නියත පිලිතුරු කිහිපයකට සීමා වුනු ප්‍රශ්න කිරීම්
“ කෝ කෝ අවකාශ කාල වක්‍රතාවය පෙන්නහන් බලන්න මෙතන. කෝ පුලුවන්ද බෑනේද හූ...”
“සංසාරය පෙන්නහන් බලන්න කෝ කෝ හෑලි වැඩක් නෑ ?? නෑ නෑ වෙන කතා නෑ පුලුවන්ද බැයිද එච්චරයි. බෑ නේද හූ...... “
“නිවන් අවබෝධ උනා කියන එක මෙතන පෙන්නහන් බලන්න? සමාධිය පුලුවන්ද ?? බෑ නේද ? පට්ටපල් බොරු “
මෙය නඩු දිනා ගැනීම සදහා නීතිඥයන් අතර ඉතා ජනප්‍රිය තර්ක ක්‍රමයකි.
නොබොන මිනිහෙක්ගෙන් :
අරක්කු බොන එක බොට සතුටක්ද ??
නෑ නෑ මේ.....
ආ නෑ ? නේද ඒ කියන්නේ අකමැත්තෙන් උණත් බොනවානේ. ඔයා අරක්කු බොන කෙනෙක්”

-Poisoning the well
තමුන්ගේ මතය දුර්වල උනත් ඒක තමා දැනට පිලිගන්න එක කියලා පෙන්වීම.
“පිස්සෝ විතරයි ඔය කතාව පිලිගන්නේ”
‘’ මම නම් පිලිගන්නවා ඇයි ඔයාට පිලිගන්න බැරි”
“ මේ අර පරන යල්පැනපු කතාවමනේ. ඉන්ජකසන් දෙන්නලු ලෙඩ වලින් වලකින්න නම්” (කවද්ද යල් පැනලා ගියේ ?)
“ මේක පිලිගන්න බැරි තොපි සිංහලයෝ නෙමේ. අවජතක පරයෝ නිසා ”
“ දැන්ම ලමයි හදන්න බෑ?? තමුසේ ලමයින්ට අකමැතියි නේද මෙහෙමත් මිනිස්සු “
මේ නම ඇවිල්ලා තියෙන්නේ යුරෝපයේ මහාමාරිය වසංගතය පැතිරෙන විට යුදෙව්වන්ට විරෝධයක් තිබීම නිසා ඔවුන් ලිං වලට වස මුසු කරන බව එයට හේතුව බව පෙන්වීමට උත්සාහ ගැනීම නිසා. ඒ වන විට වෛරස ගැන දැනුමක් තිබී නැහැ.

-Apeal to Ignorance
සරල එක් තර්ක්යකින් සමස්තයක් මැනීමට යැයි කීම.
“පිටස්වල ජීවියෝ දැක්කද ? සාක්කි තියෙනවද? නෑනේ. ඒ නිසා මේ විශ්වයේ අපි විතරයි ඉන්නේ ඒකේ දෙකක් නෑ. “
‘’අනේ බන් දැන් බලහන් අර හාමුදුරුවො කෙලින පිස්සු. ඉතින් බුද්ධාගම වැරදී”
කෝ මහාමේරු පර්වතය ? නෑ නේද ? ඉතින් බුද්ධාගම බොරු.
‘’ අර දොස්තර කරපු වැඩේ බලහන්. මේ දොස්තරලා අපේ බදු වලින් ඉගෙන ගෙන දැන් හැසිරෙන විදිහ. දොස්තරලා ඔහොමමයි”
"පිරිමි ඔක්කොම එක වගේ"
“ආගම් ඔක්කොම එකයි බන්. ඔයා සමහර උන් බෝම්බත් පුපුරවා ගන්නේ “

-Proof By Verbosity
තමුන් යමක් ගැන හොදින් දන්නා බව හෝ තරක්ය නිවැරදි බව පෙන්වීමට නිමක් නැති වචන ඇද බෑම. අසන්නාට සමහර විට නොතේරෙුනද අනෙකා මේ ගැන හොදින් සොයා ඇති බවක් දැනේ.
දේව බලෙන් ලෙඩ හොද කරන එක වැරදී තියලද කියන්නේ? මේ බලනව මම හොදට හෙයලා තියෙන්නේ.
states that if two bodies are in thermal equilibrium with a third body, they are also in thermal equilibrium with each other. This principle, as noted by James Maxwell in 1872, asserts that it is possible to measure temperature. An idealized thermometer is a sample of an ideal gas at constant pressure. pV=nRT,3.1415926535897932384626433832795028841971693993751058209749445923078164062868998628034825342117067982148086513282306647093844609550582231725359408128481117450284102701938521105559644622948954930381964428810975665933446128475648233786783165271201909145648566923460 Leading scientists once felt strongly that the answer was no. Now they generally accept that there was a beginning to the universe. The Bible said that clearly all along.—Genesis 1:1.
දැන් තේරුනාද ?

-Excluded Extreme
මොකක් හරි බොරුවක් පිලිනොගන්න එකට හේතුව ඊට වඩා පට්ට පල් බොරුවකින් හො සාක්ෂී නොමැති තවත් දෙයකින් සාධාරනය කරන්න යන එක.
මේක නෙමේ නම් පිලිතුර / මේක නිවැරදි නැතිනම් අනික අනිවාර්යයෙන්ම නිවැරදී.
“ඔයාට පිටසක්වල ජීවියෝ අපි අතරේ ඉන්නවා කියලා පේන්නැත්තේ පිටසක්වල ජීවියෝ ඔයාගේ මොලේ වෙනස් කරලා තියෙන නිසා. ඉතින් ඔයාට ඕකම තමා හරි කියලා පේන්නේ”
"බුදුන් ලංකාවේ බව පෙන්වන්න සාක්ෂි නැත්තේ සුද්දෝඒවා ඔක්කොම විනාෂ කරපු නිසා"
“රාවණා ගැන සාක්කි නෑ කියන්න බෑ. සුද්දෝ ඒවා ඔක්කෝම වහලා දැම්මා “

-Red Herring
තර්කය එයට කිසිම විදිහනි් අදාල නැති කතාවකින් යටපත් කරන්න හදන එක.
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය මම නම් පිලිගන්නෑ. මොකද අයින්ස්ටියින් කිව්වා නේද විශ්වයම වක්‍රයක ගමන් කරනවා කියලා. ඒක වැරදුනා නේද විශ්වය ප්‍රසාරණය වන බව හොයා ගත්තු එකෙන් ? ඉතින් තවත් මොනවද කියන්නේ?
“සිරිසේන නම් දැන් තනිකර කෙලින්නේ පිස්සු නේද බන් ?
“එහෙම කියන්න එපා ඔයා දන්නවද සිරිසේන කොච්චර සරල ජීවිතයක්ද ගත කරන්නේ කියලා”
විල්පත්තු විනාශයට මුකුත් කරන්න බැයිද අපිට ?
“මේ නිකම් ජාතිවාදේ අව්ස්සන්නැතුව ඉන්නවා උබලා වගේ ජාතිවාදියෝ හින්දා තමා මේ රටට කෙල වෙලා තියෙන්නේ”
‘’ මිනිහා ඕක කලේ නෑ බන් පොරගෙ තාත්තා තමා මෙයා .........
මිනිහා කොච්චර හොද මනුස්සයෙක්ද? ”

-Special Pleading
තර්කය දිනා ගන්න බැරි උනහම ඔප්පු කරන්න බැරි නොදන්නා කතාවක් කීම.
ඔය වනිගසේකර බොරුවක් නෙමෙයි කරන්නේ. මිනිහා විශ්ව ශක්තිය ඔය භාවිතා කරන්නේ . තාම අද විද්‍යාවට බෑ ඕක හොයා ගන්න. පිස්සු නැතුව යමන්.
දෙවියන්වහන්සේගේ බලය විශ්වයේ පැතිරිලා තියෙන්නේ. ඉතින් මේක විස්වාස නොකර ඔයාට තේරෙන්නෑ.”

-Non Sequitur
නොගැලපෙන කොටසකින් තර්කයක් ඔප්පු කරන්න යැම.
“සමහර සිංහල වචන ඇවිල්ලා තියෙන්නේ දෙමල බාසාවෙන් ඉතින් උතුර නිජභූමියක් කියන එක සාධාරනයි”
“ඒඩ්ස් වලට බේත් නෑ. ඉතින් ඕකට හරියන්නෙ මේ වෙදමහත්තයා තමා “
,මෙයාල මේ ගම දෙන්න කියනවා කොහොමද දැන් ගම හදන්න බලාපොරාත්තු වෙන්නේ ?
මේ බලපන් මේ තමා නායක තුමා ඉන්න ගෙදර . තාම ගෙදරවත් හරියට හදා ගෙන නෑ. හොරකම් කරනවනම් මොනවා කරන්න තිබ්බේ නැද්ද. අන්න අවංකව සේවය කරන අය මචන් . ඉතින් ගමයි රටයි හදන එක අහන්න දෙයක්ද ? “

-Argument from Ignorance
තමුන් නොදන්නා දෙයක් නිසා එය නෙත් අයටත් සාධාරණ බව පවසා තවත් දෙයක් හරි යැයි කීම.
“කාන්දම් වැඩ කරන හැටි ඹට නම් තේරෙන්නේ නෑ. ඉතින් මම හිතන්නෑ ඕක වෙන කාටවත් තේරෙයි කියලා ? ඒ කියන්නේ මේව මවපු කිසියම් බලයක් තියෙනවා කියන එක “
“ඔය ප්‍රමේයය ඔප්පු කරන්න මම ත් බැලුවා ඕක කාටවත් විසදන්න බෑ. ”
"විද්‍යාවෙන් හැම දේම ඔප්පු කරන්න බෑනේ ඒ නිසා අපිට පිලිගන්න වෙනවා වෙන විශ්ව බලයක් තියෙන බව “

විද්‍යඥයෙක් වෙනනේ කොහොමද

අයින්සටයින් ඉස්සර කෝච්චියේ වැඩට යනවා. යන කොට නරගය මැද තියෙන ඔර ලෝසු කනුව පේනවා. දවසක් අයින්ස්ටයින් හිතුවා මම බැරි වෙලාවත් මේ කනුවේ ඉදන් ඈතට මේ කෝච්චියේ ආලෝකයේ ප්‍රවේගයෙන් ගියොත් මොනවා වෙයිද කියලා.( ඒ වෙන කොට ආලෝකයේ ප්‍රවේගය නියතයක් බවට පර්යේෂන සාධක තිබුනා. ) එහෙම උනොත් එහෙම මම කොච්චර දුර මේ ඔරලෝසු කනුවෙන් ඈතට ගියත් මට හැම වෙලේම එකම වෙලාව තමයි පේන්න ඕ නේ. මොකද ආලෝකයත් සමගම ඔහුත් ගමන් කරන නිසා. විකාරයක් වගේ පෙනුනට ඔහු නිකම් හිටියේ නෑ. ආලෝකයේ ප්‍රෙවේගයෙන් ගමන් ගන්න වස්තු වල කාලය ගත වීම ශුන්‍යය විය යුතු බව ඔහු නිගමනය කලා. අවසානයේ පර්යේෂණ වලිනුත් ඔප්පු උනා.
අයින්ස්ටයින් ආයේ මෙහෙම කිව්වා. ලිෆිට් එකේ යන කොට දැනෙන ත්වරණය වගේම තමා ගුරුත්වයෙදිත් දැනෙන්නේ. ඉතින් නොදන්නා කෙනෙකුට මේ ත්වරණය ලිෆ්ට් එකෙන් එනවද නැතිනම් ගුරුත්වයෙන් එනවද කියලා හොයා ගන්න බෑ. ඊට පස්සේ වැඩිදුර හිතුවා ඒ විතරක් නෙමෙයි මේ ලිෆිට් එක අධික වේගයෙන් ත්වරණය උනොත් එහි සිට දකින ආලෝක තරංග කොහොම පෙනෙයිද ? සාමාන්‍යයෙන් අප බෝලයක් සෘජුව විසි කලත් අපට පෙනිය යුත්තේ වක්‍රාකාර මාර්ගයක. එම නිසා අධික ගුරුත්වයකදී ආලෝක තරංගත් වක්‍රවී පෙනිය යුතුයි. මේ හිතලුව අනුව ඔහු නිගමනය කලා ආලෝක තරංග ස්කන්ධයන් හමුවේ වක්‍ර විය යුතු බව.( වැඩි ස්කන්ධය = වැඩි ගුරුත්වය) ඔන් න අවකාශ කාල වක්‍රතාව එලියට ආවා. නැවතුනේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් විසදිය නොහැකිව තිබුනු ගැටලුත් විසදලා.
සෘණ සංඛ්‍යා ගණිතයට හදුන්වාදීමෙන් පසු ගණිතඥයන්ට ගැටලුවක් ආවා X^2+1 = 0 වගේ ශ්‍රිතයක් කොහොමද විසදන්නේ කියලා. ඇත්තටම පිලිතුරු නැති ගැටලුවක්. ඔවුන් උතාස කරලා කරලා බැරිම තැන ඒක අත ඇරලා දැම්මා. මතක විදිහට රෙනේ ඩෙකාර්ට් පසු කාලෙක කිව්වා මෙහෙමයි මේකට විසදුමක් නැතුව නෙමෙයි . විසදුම තියෙන්නේ මේ අපි දන්න තලයේ නෙමෙයි කියලා. ඔහු ඒ සම්බන්ධ සංකීර්ණ සංඛ්‍යා සම්බන්ධ විසදුමක් හැදුවා. ඒ සමග අර විසදිය නොහැකි වුනු සමී කරන සියල්ලටම විසදුමක් ආවා. විසදුම තිබුනේ වෙනත් තලයක . අද භෞතික විද්‍යාවේදී මෙම සංකීර්ණ සංඛ්‍යා කොතරම් වැදගත්ද කියලා දන්න අය දන්නවා ඇති.
‍මේ වගේ කතා ඕන තරම් තිබෙනවා ඉතිහාසයේ.
දැන් මේ සිදුවීම් දිහා බලන්න. එක විදිහට සාමාන්‍යය සිදුවීමක් හෝ නැතිනම් අමුතු සිදුවීමක් වෙනත් කෝණයකින් බැලූ විට එය හැම අතින්ම සාධාරණ තත්වයකට පත් වෙනවා විතරක් නෙමෙයි ප්‍රයෝගික වටිනා කමකුත් එක් කර දෙනවා.
බටහිර විද්‍යාවේදී යම් දෙයක් ඇයි මේ දේ කියන එකට පිලිතුරක් නැහැ. ඔවුන්ට එය හොයන්නත් බැහැ. නමුත් අපි බලමු අපේ බුදු දහමේ එන අඥ්ගඥ්ඤ සූත්‍රය දිහා අඥ්ගඥ්ඤ සූත්‍රය අනුව සත්ත්වයා පහල උනාට පසුව තමා අනෙක් සියලු දේ ලෝකය මත ඇති උනේ . ඉර හද තරු පවා. මේක දිහා අපි කොහොමද දැන් බලන්න ඕනේ. අයිනිස්ටයින් වගේ බලන්න ට්‍රයි කරනවාද නැතිනම් අනේ බිග් බෑන්ග් එකෙන්නේ විශ්වය පටන් ගත්තේ කියලා හබල් කියලා තියෙවනේ මේවා නිකම් බොරු කතා කියලා හිතා ගන්නවද ?
නමුත් මෙහෙම බැලුවොත් . සත්ත්වයා කියන්නේ තනිකර හදුනා ගැනීම් නැතිනම් තොරතුරු මත යැපෙන සත්තවයෙක්. ඉර හද වේවා, ගුරුත්වය වේවා, කාන්දම් වේවා, පෙනෙන දේවල්, අපේ සිරුර, අපේ ඉන්ද්‍රිය , අපිට දැනෙන් දේවල් , හැගෙන දේවල් මේ සියල්ල අපිට තොරතුරු. ඉතින් තොරුතුර කියන ඒවා කාලයත් සමග වෙනස් වෙනවා. අපි වැඩි පුර තොරතුරු ගන්න ගන්න මේ තොරතුරු වෙනස් වෙනවා. තොරතුරු වෙනස් වෙනවා කියන කොට සත්ත්වයාගේ ඇගත් වෙනස් උනා කිව්වට කමක් නෑනේ නේද? ඇයි ඇග කියන එකත් සත්ත්වයට තොරතුරක්. ස්පර්ශයත් තොරතුරක්. වේදනාව තොරතුරක්. ඉතින් දීර්ග කාලයක් මෙහෙම යනකොට අර යම් යම් දේ සත්ත්වයාට සාපේක්ෂව සකස් වෙලා තියෙන බව පේනවා. ඒ හැම දෙයක්ම සත්ත්වයාට සාපේක්ෂවයි. ඉර පහල උනා කියලත් දකින්න පුලුවන් . සද පහල උනා කියලත් දකින්න පුලුවන්. තරු පහල උනා කියලත් දකින්න පුලුවන්. කාන්දම් යකඩ වලට ඇලෙනවා කියලත් දකින්න පුලුවන්. තමුන්ගේ තොරතුරු වලට සාපේක්ෂව ඩී එන් ඒ යනුවෙන් යමක් පවා පරිණාමය වී ඇති බව දකින්න පුලුවන්. මේ තමයි සංකල්පීය පරිණාමය. (මේ නම මම දැම්මේ අවශ්‍ය නම් වෙන හොද නමක් දා ගන්න  )
දැන් බලන්න අර මුලින් මම අග්ගඥ්ඤ සූත්‍රය ගැන කියපු කොටසේ ඉර හද පහල උනෙත් සත්ත්වයාට පසුව කියන එක එතෙන්දී කොච්චර වෙන්න බෑ වගේ දැනුනනත් දැන් වෙන කොට වෙනසක් තියෙනවා නේද ? ඔය කතාව නේද මේ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ ?? (ඇත්තටම වුනු සිදුවීමත් මේකම තමයි නමුත් අවශ්‍ය නම් මේ ගලපා ගත්තු කතාවක් කියලා ගන්නකො. ඒත් කමක් නෑ)
නමුත් අපි හබ්ල් ගේ කතාව අල්ලාගෙන ඒකෙන් මේක මනින්න ගියා නම් මේක විකාරයක් නේද ? ඔන්න ඔය නිසා තමා බටහිර විද්‍යා කියන වචනයක් මේ අපෙත් සමහර අය භාවිතා කරන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ අපේ සමහර චින්තනයන් සමග . අපේ සංස්කෘතියේ සමහර දේ සමග. දැන් අපේ අය මොකද කරන්න ඕනේ මේ වගේ දෙයක් දැක්කහම? සසරින් ගැලවෙන්න අවශ්‍ය අය ඒ ගැන තවත් සිත පහදවාගෙන එතනින් යන්න. අනිත් අයට බැයිද අර බටහිර විද්‍යාවට බැරි උනු මේ බලය ඇති උනු ආකාරය වගේ දේවලට මෙතනින් පිලිතුරක් සපයන්න ?? පිලිතුරක් සපයන්න විතරක් නෙමෙයි ප්‍රයෝගික ප්‍රතිපල වලට පවා යන්න පුලුවන් 
දැන් කෙනෙක් කියයි . ආ එහෙම නන් ඉතින් දෙය්යන් වහන්සේවත් සාධාරනේ කරන්න පුලුවන්නේ කියලා. එකක් තමා ඒක බෑ. හරි ඒත් පුලුවන් නම් කරන්න. කරලා බලමු. මොකද්ද සාර්ථක කියලා. කවදා හරි දවසක් හරි එක මොකද්ද කියලා ප්‍රත්‍යක්ෂම වෙයි. නමුත් එතකම් හරි අපිට පුලුවන් අන් දැනුම් පද්ධති අභිබවා යන්න මෙන්න මේ විදිහට හිතුවොත් ( මොකද අපේ දැනුම ප්‍රත්‍යක්ෂයන් මත ගොඩ නැගුනක් වීමත් විශෞෂයි) අද එක තැන පල්වෙන විද්‍යාවත් එක්ක අපිත් පල්වෙන්න ඖනෙ නෑ. මැරෙන්න ඉස්සෙල්ලා යුරෝපාවල ඉදන් බ්‍රහස්පතී පායන හැටි බලන්න අපිත් ආසයිනේ. අපේ චක්‍රාවාටෙම එහා කොනේ තනිකර ග්‍රහලෝකයක්ම වෙන් කරලා තියෙනවලු එන්ජෝයි කරන්න විතරක් .
වැදගත්ම දේ නිර්මාණශීලීත්වය සදහා අමුද්‍රව්‍ය සකසා ගන්න එක. ඒවා නැහැ විද්‍යා පොත්වල. හබල් ගේ කතා වල ඒවා නැහැ. සාපේක්ෂතාවාදයෙන් මිනිහෙක් නිර්මාණශීලී වෙන්නේ නැහැ. 

වෙන්නේ මොනවායින්ද ? කතන්දර වලින් , සින්දු වලින් , ජාතක කතා වලින් , ජන කතා වලින් වගේම වෙනත් විග්‍රහයන් තුලින් පමණයි. බුදු දහමේ තිබෙන මේ යම් යම් සිදුවීම් අපිට හොදට යොදා ගන්න පුලුවන් නව දැනුමක් නිර්මාණය කරන්න. අනිත් එක බුදු දහමේ යම් සංසිද්ධි අපිටම විස්තර කරන්න පුලුවන් දැනුමකුත් ලබා ගන්න පුලුවන්. ගැටලුව වෙලා තියෙන්නේ බටහිර දැනුමින් එය සෘජුවම ප්‍රතික්ෂේප වීම. ඒක නිසා මේ විද්‍යාව කියන එක හොදින් තේරුම් ගන්න. අනිත් දවසේ අඩේ විද්‍යාවේ මෙහෙමයි උබලගෙ මෙහෙමයි කිව්වහම අවශ්‍ය උත්තර දෙන්න. මේක කුඩා දරුවාගේ ඉදන් හැමෝටම කියලා දෙන්න.
හැම දේටම වඩා බුද්ධිමත්ව ලෝකය දිහා බලන එකත් ඊටත් වඩා නිර්මාණශීලීත්වයත් හරිම වැදගත්.
Imagination is more important than knowledge. Knowledge is limited. Imagination encircles the world
-අයින්ස්ටයින්