Blog Archive

Thursday, October 27, 2016

ඔබට සිතන්න පුලුවන්ද ?


මම ඔඛෙන් එසේ ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. —මට මොකද සිතන්න බැරි ?˜ ඔබ අසනු ඇති. ඔව්, ඔබ හරි විය හැකියි. නමුත් අපි කුඩා පරීක‍ෂණයක් කර බලමු.
 මම ඔබට මෙසේ කියමි. කිසියම් දෙයක් ගැන සිතන්න. ඔබට කැමති
ඕනෑම දෙයක් ගැන. පුද්ගලයෙක්, ගසක්, මලක්, වාහනයක්, ඕනෑම දෙයක් ගැන සිතුවාද?
එසේ නම් එය පවසන්න. — මොකටද? ඔබට එය පැවසිය හැකිද?˜ කියා ඔබ අසනු ඇත. ඇත්ත ඔබ සිතුවේ හෝ කීවේ කුමක්ද? කියා දැන ගැනීමේ හැකියාවක් මට නොමැත. නමුත් ඇත්තටම කිසිවක් ගැන සිතන්න ඔබ කිසිවක් ගැන සිතුවා ලෙස අපි ගනිමු. උදාහරණයක්
ලෙස ඔබ සිතුවේ මලක් ගැනයි. රෝසමලක් ගැනයි. හරි නමුත් දැන් ගැටළුව මෙයයි. ඔබ මේ මොහොතේ රෝසමල ගැනම සිතුවේ ඇයි කියා කීමට ඔබට පුලූවන්ද? නැත්නම් මේ මොහොතේ රෝසමල ගැන සිතීමට හේතුව ඔබට කිව හැකිද?
 —ඔව් මට පුලූවන්˜ ඔබ කියනු ඇත. සමහර විට එයට ඔබ කැමති නිසා යැයි  ඔබ කියනු ඇත. නැතිනම් එය ඔබේ කිසියම් පෞද්ගලික සිද්ධියකට සම්බන්ධ නිසා විය.  හැකියි. ඒ කුමක් වුවත් මට මෙය කියන්න. මේ මොහොතේ ඔබට සිතීමට ඇති එකම දෙය මේ
රෝස මල පමණක්ද? නැත. ඔබ දන්නා එකම දේ මේ රෝසමල පමණක්ද? නැත. එසේ නම් ඔබ එය ගැනම සිතුවේ ඇයි. —මට හිතුනා˜ ඔබ කියනු ඇත. එසේ නම් මෙයට ඔබ සිතා කිවූ දෙයක් කියා ඔබ කියන්නේ ඇයි? ඔබ සිතුවාද? ඔබට සිතුනාද?
 අපි තවත් ඒ ගැටලූව නිරාකරණය කර ගනිමු. මම ඔබට යමක් සිතීමට
යැයි කී විට ඔබ ඔබ දන්නා සියලූම දේවල් ගැන සිතා මේ පිළිබඳව කිව යුතුයැයි තීරණය කලේද? ඔව් සමහරවිට ඔබ කිපයක් පිළිබඳව සිතුවාද විය හැකියි. එයින් රෝස මල තීරණය වූවා විය හැකියි. නමුත් ඔබ දන්නා සියලූ දේ ඒ ටික නොවේ. ඒ මොහොතේ ඒ සිතූ දේවල් ටික
ඔබ දන්නා සියලූදේ අතරින් තෝරාගන්නේ නැත. ඒ මොහොතේ ඒ ඒ දේ පිළිබඳව ඔබට සිතුනා මිස සිතුවේ නැත. මම නිවැරදිද?
 සමහර විට ඔබ මෙවැනි උත්තරයක් දෙන්නට ඇත. —මම සිතුවේ බඩ
ගින්න ගැනයි. එවිට එසේ සිතුවේ ඇයිද? යන්න ඇසූවිට —මට බඩගිනි නිසා˜ යැයි ඔබ
පවසන්නට ඇත. නමුත් බලන්න ඔබට බඩ ගින්න නොතිබුනේ නම් ඔබ එසේ පවසනවාද? එය
සිතෙනවාද? ඉහත රෝස මලේදී මෙන්ම මෙතනදීත් ඔබ නොදැනුවත්වම සිතිවිල්ලක් පහලවී
ඇත. එය ඔබ සිටින පරිසරයට තත්ත්වයට අනුව අවස්ථානුකූලව පහලවී ඇත. නමුත් එය ඔබට සිතුන එකක් විනා ඔබ සිතූ එකක් නොවේ. මම නිවැරදිද ? මෙය මෙතනින් නවත්වා ඔබේ සිතුවිලිද ඒවාට හේතුද? පිළිබඳව විමර්ශනයක යෙදෙන්න. ඔබට සිතෙනවා
විනා සිතිය නොහැකි බව වැටහෙනු ඇත.
 ඔබ සිතනවා යන මතයම ඇතිවී තිඛෙන්නේ කෙසේදැයි බලමු. මදකට
ඔබේ සිත දෙස හොදින් අවධානය යොමුකරන්න. ඔඛෙ අවධානය වැඩි වෙලා නොපවතිනු ඇත. නොයෙකුත් සිතුවිලි ඇතිවෙමින් නැතිවන ආකාරය ඔබට දැනෙනු ඇත. ඔබ නොදැනුවත්ව ඔබේ සිත නොයෙක් දේ වලට යොමුවනු ඇත. නමුත් හොදින් බලන්න
බොහෝමයක් සිතිවිලි ඔබ අවට පරිසරයට ඔබට හා දැන් ඔබ සිටින තත්ත්වය පිළිබඳව වනු ඇත. එනම් මේ මොහොතේ ඔබට රාවණා පිළිබඳව හෝ බ්‍රහස්පති ග්‍රහයා පිළිබඳව මතක් නොවනු ඇත. පහල වන්නේ හෝ ඔබේ අවධානයට හසුවන්නේ ඔබට වැදගත් වන
දේ පිළිබඳව සිතුවිලි පමණි.
දැන් මම මුලින් ඔඛෙන් ඇසූ ප්‍රශ්නය ගනිමු. මම එසේ ඇසුවිට ඔබට පහල වීමට පටන් ගන්නේ එයට අනුකූල සිතිවිලිය. එයින් ප්‍රභලව පහලවුනු සිතිවිල්ල ඔබ කීවේය. ඔව් සමහර විට ඔබ කිහිපයක් පිළිබඳව සිතුවාද විය හැකියි. එයින් රෝස මල , ප්‍රභලව පහලවුනු සිතිවිල්ල ඔබ කීවේය. නමුත් මම මේ ප්‍රශ්නය නො අසුවේ නම් ඔබ මෙවැනි
යමක් දැන් කරයිද?
 හොදින් සිත දෙස බලා තේරුම් ගන්න. ඔබට පහල වන සිතිවිලි සෑම විටම හේතුවක් නිසා පහල වන බව ඔබට වැටහෙනු ඇත. හේතුව එක්කෝ සිතුවිල්ලක්මය. නැතිනම් ඔබ දුටු දෙයක්ය. නැතිනම් ඇසුනු දෙයක් හෝ දැනුනු දෙයක් විය හැක. නිතර සිත දෙස අවධානය
යොමුකරමින් සිටිමෙන් සිතිවිලි ඇතිවන ආකාරය ඔබට වටහාගත හැක. ඔබ මුහුදු වෙරලක සිටී නම් මුහුද වෙරළ අවට පරිසරය පිළිබඳ සිතිවිලි පහලවනු ඇත. එය වැඩි දුර ගොස් අවසානයේ යහලූ හිත මිත්‍රාදීන් නොයෙකුත් සිදුවීම් පිළිබඳවත් සිතුවිලි පහල වනු ඇත. ඒ
මොහොතේ ඔබ වෙරලේ වැටී ඇති සිප්පි කටුවක් දුටුවේ යැයි සිතමු. එවිට ඔබේ සිතිවිලි නැවත එය මුල්කරගෙන පහල වනු ඇත. සිප්පිකටු වලින් තැනූ භාණ්ඩයක් පිළිබඳව හෝ කුඩා කල ඔබ සිප්පි කටු වලින් ක්‍රීඩා කල ආකාරයද ඒ ඔස්සේ ඔබේ දෙමව්පියන් පිළිබඳවද
සිතුවිලි පහල වනු ඇත.
 මේ සිතිවිලි පහල වන ආකාරයට උදාහරණයක් පමණි. එසේ නොමැතිව සෑම විටම ඔබ මුහුදු වෙරලේ සිටියහොත් සිතිවිල මේ ආකාරයටම පහල නොවනු ඇත. නමුත් ඔබේ සිත පිළිබඳව අවධානයෙන් සිටිය හොත් සිතිවිලි පහල වන්නේ මේ ආකාරයට බව ඔබට වැටහෙනු ඇත.
 ඔබේ සිතිවිලි පහල වන්නේ මෙසේ හේතු මුල් කර ගනිමිනුයි. ඔබ කිසියම් ගණනක් සෑදීමට හදන විට ඒ මොහොතේ ඔබට එම ගණන් පිළිබඳව ඔබ ඉගෙන ඇති දේ පිළිබඳ සිතිවිලි පහල වනු ඇත. ඒ සිතිවිලි මුල් වීමෙන් ගණන විසදීමට ඇවැසි සිතිවිලි පහල වනු
ඇත. නමුත් ඔබ ගණන් විසදීමට ඉගෙන නැතිනම් ඒ සම්බන්ධ සිතිවිලි ඔබට පහලවීමේ හැකියාවක් නොමැත. —මම දන්නෑ˜ ඔබ කියනු ඇත. ඔබට කිසිදු ගණනක් විසදීමට අවශ්‍ය තොරතුරු නොදනී නම් කෙතරම් දුරට උත්සාහ කළත් ඔබට එය විසදීමට නොහැක. මන්ද
අවශ්‍ය සිතිවිලි පහල නොවන බැවිනි. ඔබට සිතන්න පුලූවන්නම් එම ගණන විසදීමටද ඔබට හැකිවිය යුතුය.
 සිතිවිලි කුමන හෝ හේතුවක් මුල්කොට ගෙන පහල වන බව ඔබ තේරුම් ගත්තේද?
කුඩා කල සිට විවිධ දේ ඇසීමෙන්, දැකීමෙන්, ගද, සුවද, දැනීමෙන් ස්පර්ශ කිරීමෙන් හටගත් විවිධ සිතිවිලි ඔබ සතුව පවතී.
 අනාගතයේ ඔබ යම් කිසි සිදුවීමකට මුහුණ දෙන විට යමක් දකින විට එයට සම්බන්ධව පෙර ඔබ දැනීමෙන් ඇසීමෙන් දැකීමෙන් හටගත් සිතුවිලි ඒ මොහොතේ අවස්ථානු කූලව ඔබට පහලවනු ඇත. ඔබට කුඩා දරුවෙකු හමුවූවිට ඔවුන් සමග පලස්තීන අර්බුදය ගැන කථා නොකරන්නේ මේ නිසාය. කුඩා දරුවාට ගැලපෙන සිතිවිලි ඔබ තුල පහල වනු
ඇත. රැකියා කරන ස්ථානයක් ප්‍රධානියා සමග පවුලේ ප්‍රශ්න කථා නොකරන්නේ (බොහෝවිට) මේ නිසාය. මෙම සිදුවීම ඔබ බුද්ධිමත් ජීවියකු ලෙස පෙන්වයි.
 ඔබට මෙසේ යම් කිසි අත්දැකීමකදී පහල වන සිතුවිලි අතරින් එක් සිතිවිල්ලක් ප්‍රභලවීමෙන් ඔබ ඒ අනුව ක්‍රියා කරනු ඇත. එම සිදුවීමට සෑම විටම අනෙක් සිතිවිලි හේතුකරගෙනම ප්‍රභලව මතු වන්නකි.
 කිසිවෙකු සොරකමක් කල අවස්ථාවක් සලකමු. කිසිවකු නිවසකින් බඩු
සොරාගෙන පාරට පනිත්ම පොලිස් නිලධාරියෙකු ඔහුව දැක පසුපස පන්නන්නට විය. මේ අවස්ථාවේ සොරකම් කල මිනිසා තුල ඇතිවිය හැකි සිතිවිලි මොනවාද? ප්‍රධාන වශයෙන් පැන දිවීම පිළබඳ සිතිවිලිද පැනගොස් ෙබිරීම පිළිබඳවද මාර්ගය පිළිබඳවද සිතිවිලි පහල විය
හැක. එසේම පොලිස් නිලධාරියා අත ගිණි අවියක් තිබුනිනම් ඔහු වෙඩි තියන බවට තර්ජනය කලේ නම් නොදුවා බාරවීම පිළිබඳවද තම ජීවිතය බේරීම පිළිබඳවද සිතිවිලි පහන  විය හැක. ඔහුගේ දිවීම නොදිවීම තීරණය වන්නේ මේ සිතිවිලි වල ගැටීමෙන් හට ගන්නා
සිතිවිල්ල මතයි. මීට පෙර අයෙකුට මෙසේ වෙඩි තැබූ සිද්ධියක් භයානක සිතිවිල්ලක් ඇතිවුව හොත් ඔහු නොදුවා බාර විය හැක. මීට පෙර ඔහුට සොරකම් කර පුරුදු නම් බේරී  දිව යාම් පිළිබඳ සිතිවිලි පහලවීමෙන් ඔහු දිව යාමටද හැක. මෙසේ අවසාන සිතිවිල්ල මුල්
සිතිවිලි වල ගැටීමෙන් හටගනු ඇත.
 මුලින් මම කිසිවක් පිළිබඳව සිතන්න යැයි කියන විට ඔබ සිටියේ මට ඉදිරියේ  යැයි සිතමු. මගේ ඉල්ලීමට ඔබ කැමති වුනි නම් එය ඉටුකිරීමට විවිධ සිතිවිලි ඔබ තුල පහල වනු ඇත. පහලවූ දේ අතරින් ඔඛෙ සමහර දෙයක් පෞද්ගලික නම් එය මට නොකියන
ලෙසට ඒවා පිළිබඳව සිතිවිලි පහල වනු ඇත. මෙය කීමෙන් මොහු තුල මෙවැනි හැගීමක් ඇතිවේ යැයි වැනි සිතිවිලි ඔබ තුල ඇති වනු ඇත. ඔබට පහල වන එක් එක් සිතිවිලි අරභයාද මෙසේ සිතිවිලි පහලවී අවසානයේදී ගැලපෙන බවට සිතිවිලි පහල වුනු සිතිවිල්ලක්
ඔබ මට කියනු ඇත.  සිතිවිල්ලක් සැම විටම කිසියම් හේතුවක් නිසා උපදී එනම් හේතුවක් නොමැතිව සිතිවිල්ලක් පහළ විය නොහැක. එම හේතුවට අප අරමුණක් යැයි කියනු ලැබේ. අරමුණ ඔබ දකින දෙයක් දැනෙන දෙයක් ඇසෙන දෙයක් විදින දෙයක් හෝ මෙන්ම සිතිවිල්ලක් ද විය හැක.  ඔබට පහලවන සියලූම සිතිවිලි කිසියම් හේතුවක් මුල් කරගෙනම පහල වන බව තේරුම් ගැනීමට අපහසු නැත. ඔබ උපන්දා සිට සිදුවූයේ මෙසේ හේතු අනුව සිතුවිලි පහලවීමයි. පසුව එම සිතිවිලි නව අත්දැකීම් මුල්කරගනිමින් සිතිවිලි පහල විය. ඒවායින්
තව තවත් සිතිවිලි ඇතිවිය. නමුත් හොදින් තේරුම් ගන්න. නව සිතිවිලි යනුවෙන් පහලවන අමුතුම ආකාරයේ අලුත් සිතිවිලි නොමැත. ඒවා පරණ අත්දැකීම් අනුව පහලවූ සිතිවිලි, සිතිවිලි සමගද නව අත්දැකීම් සමගද මිශ්‍රවී ඇතිවන ඒවා පමණි.නමුත් අත්දැකීම් ද ඒවා
තේරුම් ගැනීමද පැරණි සිතිව්ලි මතම තීරණය ෙවි.
 ඉපදුනු අවධියේම කුඩා දරුවෙකුට මෙලොව පිළිබඳ අත්දැකීම් නොමැත. එම නිසා සිතිවිලි ඉතාමත් සුලූ ප්‍රමාණයක් තමුන්ට දැනෙන දේ අතරින් පහලවිය හැක. නමුත් කල්යන්නට යන්නට නිතර නිතර සිතිවිලි ඇතිවීමෙන් විවිධ කරුණු සම්බන්ධව ඔහුට සිතිවිලි
පහලවනු ඇත. උදාහරණ ලෙස ආහාර පිළිබඳව සිතිවිලි වලින්ද අනෙක් කරුණු පිළිබඳව සිතිවිලි නොමැති බැවින්ද දකින සමහර ආකාරයට නොසුදුසු ද්‍රව්‍ය පවා ආහාරයට ගැනීමට ඔහු පෙළඹිය හැක. මෙසේ එක් එක් අවස්ථා පිළිබඳව හේතු සිතිවිලි පහල වන ආකාරය
අනුව සොයා බලා තේරුම් ගැනීමට ගන්න.
 පුද්ගලයෙකුට බාහිර දේ පිළිබඳව දැනුම ලැබීම යනු ඒ ඒ දේ පිළිබඳව
සිතිවිලි පහලවීමයි. ළමයකු මොලොවට බිහිවූ පසු නොයෙක් දේ පිළිබඳව ඔහුට අත්දැකීම් වලින් ඒ ඒ දේ පිළිබඳව සිතිවිලි ඔහුට ඇතිවේ. මීලගට හමුවන අලූත් අත්දැකීමක් ඔහු තේරුම් ගන්නේ එනම් අලූත් අත්දැකීම් පිළිබඳ සිතිවිලි පහල වන්යේ මේ පැරණි සිතිවිලි අනුසාරයෙනි.   එනම් මුල් වතාවට මිරිස් කරලක් දකින දරුවෙක් එය තම අත්දැකීම් අනුව ස්පර්ශකර බලනු ඇත. ආහාර ගන්නා පුරුද්ද අනුව සපා කෑමටද පෙළඹෙනු ඇත. නමුත් එහි සැර දැනුනු පසු එය සැරබවට සිතිවිලි පහලවීමෙන් නැවත එය සිදු නොකරනු ඇත. ඔහුට
ඉන්පසු මිරිස් කරල හා පැහැය ඇති රසකැවිල්ලක් දුන්නද? ප්‍රතික්ෂේප කරනු ඇත. නමුත්  ඒවායේ වෙනස පිළිබඳ තේරුම් කරදුන් පසු හෝ උපායකින් රස කැවිල්ල කෑමට සැලැස්විමෙන් ඒ දෙකේ වෙනස පිළිබඳ සිතිවිලි පහල වනු ඇත. මේ සිතිවිලි ඔහුගේ අවබෝධයයි. අත්දැකීම් මදකම නිසා ඒවා සෑම විටම නිවැරදි නොවේ. අත්දැකීම් බහුලවීමත්
ඒවා පැරණි අත්දැකීම් සමග ගැටීමත් නිසා අලූත් දේ පිළිබඳව මෙම නිවැරදි සිතිවිලි පහලවේ.
 නමුත් අවබෝධය තමුන් අත්දැකීම් ලබාගත පරිසරය මත රදාපවතින්නකි.  එනම් කිසියම් කුඩා දරුවෙකු සොරුන් බහුල පරිසරයක හැදී වැඩේ යැයි සිතන්න.   ඔහුගේ ඥතීන් සියලූ දෙනාද වැරදි වැඩම කරයි නම් ඒවා පිළිබඳවම කථා කරයි නම් ඒවායේ වරදක් නොකියයි නම් දරුවාට පහල වන්නේද එම සිතිවිලි පමණි. ඔහු
වෙනත් හොද අත්දැකීම් නොලැබුනේ නම් වැරදි වැඩවල ආදිනව නොදුටුවේ නම් දුටුවාද අනෙක් අය එය සාමාන්‍ය දෙයක් ලෙස දුටුවේ නම් ඔහුද දිගින් දිගටම වැරදි ක්‍රියාවල යෙදෙනු ඇත. මන්ද දැනුම ලබා ගැනීම අතින් ඔහු අසරණයෙකි. ඔහුට පහලවන සිතිවිලි වැරදි
අත්දැකීම් මතට පදනම් වීම මෙයට හේතුවයි. ඔහු මින් මිදීමට කරුණු කීපයක් මුල්කොට ගෙන සිදුවිය හැක. එකක් නම් කිසිවකු විසින් ඔහුට සැබෑ තතු පහදා දිය යුතුය. ඒවායේ ආදිනව පිළිබඳව කරුණු පහදා දිය යුතුය. නොඑසේ නම් සොරකම් කර අසුවීමෙන් ලැඛෙන
විපාක දැකීමෙන් ඔහු ඉන් මිදිය හැක. මෙවන් යමක් සිදුවිනි නම් ඔහු ඉන් නොමිදෙනු ඇත.  සිතිවිලි පහල වීමටද ඔහු තුල ඒවා ඇතිවීමට හේතුවන සිතිවිලි තිබිය
යුතුය.

එනම් සමහර විට කෙනෙකු ඔහුට කරුණු අවබෝධකර දෙන විටද මීට පෙර එහි ආදීනව පිළිබඳ අත්දැකීමක් ඔහුට නොමැතිනම් එම සිතිවිලි නොමැති නිසා බොරුකීම හා බොරු කියන්නන් පිළිබඳව සිතිවිලි තිබේ නම් අනෙකා බොරුකාරයෙකු ලෙස හැගවෙන සිතිවිලි  පහලවී ඔහුව නොසලකා හැරීමටද හැක. එය ඔහුගේ අත්දැකීම්වල අඩු පාඩුවයි. ලැඛෙන දඩුවමට බියෙන් ඔහු ඉන් අත්මිදීමට හැක. නමුත් කිසිවක් අවබෝධයෙන් අත්හැරවිය හැකි නම් එය ඉතාමත්ම විශිෂ්ඨය.
 මෙවැනි කරුණු අනුව අප සියලූ දෙනා මෙවැනි අසරණයින්ය. අප
ලබාගන්නා අත්දැකීම් මත එනම් දකින අසන දැනෙන දේ අනුව පහල වන සිතිවිලි විනා වෙනත් දැනුමක් අපට නොමැත.
 නුඹ මෙච්චර විභාග සමත්වුන අයෙකු වෙලත් මෙවැනි වැරැද්දක් කලේ
ඇයි දැයි සමහරුන් සමහරුන්ට චෝදනා කරනු ඔබ අසා ඇති.
 මෙයට හේතුව වැරැද්ද කල තැනැත්තාගේ අත්දැකීම් වල අඩුපාඩුව විය
හැක. එනම් ඔහු කෙතරම් අධ්‍යාපනය ලැබුවද එය එක් පසකට පමණක් සීමාවීම මෙයට එක් හේතුවක් විය හැක. තමුන්ට ලැබුනු ලැඛෙන අත්දැකීම් ඇසුරෙන් පහලවුනු සිතිවිලි අනුව
පහලවන සිතිවිලි විනා සිතීමට හැකි අයෙකු නොමැත. මෙවැනි තත්ත්වයක් තුල ඔහු වැරදි කරුවකු නොවේයැයි අපට සිතිය හැකි වුවද ලබා දෙන දඩුවම මත ඔහුත් අනෙක් සමාජයත් එය වරදක් බවත් නොකල යුතු= බවත් තේරුම් ගනු ඇත. හොද මිනිසකු වීම පිළිබදව
ඉගැන්වීම අධ්‍යාපනයේදී වැදගත් වන්නේ මේ නිසායි. එය අන් සියල්ලටම වඩා වැදගත්ය. කුඩා දරුවකු ලොකුවත්ම ඔහු ලබන අති විශාල අත්දැකීම් ප්‍රමාණයද ඒවා මත පහල වන
සිතිවිලිද එම සිතිවිලි ගැටීමෙන් හටගන්නා සිතිවිලිද නිසා වැඩිවියට පත් පුද්ගලයෙකු තුල හට ගන්නට සිතිවිලි ප්‍රමාණය අනන්තය මෙම නිසා යම් කිසි පුද්ගලයෙකු කිසියම් දෙයක් ගැන තනිවම සිතා මීලගට ගන්නා පියවර කුමක්ද? එම පියවර ගන්නේ ඇයි යනුවෙන් තීරණය කිරීම
ඉතාමත් අපහසුය. සමහරුන්ට වැරැද්දක් පිළිබඳව අත්දැකීම් තිබුනද ඉන්කිසියම් ලාබයක් ලබයි නම් ඉන් ලැඛෙන සතුට පිළිබඳ සිතිවිලි වඩා ප්‍රභලව පහලවීමෙන් ඔහු වැරැද්ද සිදු කිරීමට හැක. මෙම නිසා සිතිවිලි අනුව කරුණු තේරුම් ගැනීමේදී කිසියම් ක්‍රියාවක් සිදුකිරීමට
ඇතිවන සිතුවිලි වලට අනන්ත හේතු තිබිය හැක. මෙහිදී අප සිදු කරන්නේ සරලව කරුණු තේරුම්කර ගැනීමයි.
මිනිසුන්ට සිතීමට අප දැන් දන්නා පරිදි, අප සිතා සිටි ආකාරයට සිදු නොකළහැකි බැවින්ද මේ කරුණු එක් පුද්ගලයෙකු වශයෙන් මෙම සමාජීය වශයෙන් සැලකීමේදීද ඉතාමත්
වැදගත්වේ. මිනිසුන් අද සමාජයේ පහත් බොළඳ දේට වඩාත් රැවටී ඇතැයි පැවසෙන කථා ඔබ අසා ඇති මෙයට හේතුව ඉහත සදහන් වුනු ලෙස අත්දැකීම් මද වීමයි. නිතර රස වින්දේ කුමක් ද? රස විඳින්නේ කුමක්ද? ඔහුගේ රස වින්දනය එය තුළට සීමා වේ. වෙනත් දැනුමක්
ලබා ගත හැකි මඟක් ඔහුට නොමැත.නමුත් මේවා සාපේක්ෂ බවද සිතන්න. එක් එක් අය තම අත්දැකීම් අනුව නිර්මාණ කරනු ඇත. ඒවා රස විඳින්නන් විසින් ද තමුන් ලැබූ අත්දැකීම් අනුව නිර්මාණය කරනු ඇත. ඒවා රස විදින්නන් විසින්ද තමුන් ලැබූ අත්දැකීම් මත පදනම් වී මෙය හොදය මෙය නරකය කියා ඒවා වර්ග කරනු ඇත. ඔවුන්ගේ
ක්‍රියාවන් මත අත්දැකීම් ලබා ගන්නා මීලග පරපුරද ඒවා මතම පදනම් වෙමින් තීරණ ගනු ඇත. ඉතිහාසයේ සිට ශ්‍රාස්තීය සංගීතය නොතිබුනේ නම් සමහරවිට අද සියලූ දෙනා රොක් සංගීතය පමණක් රසවිදිනවා විය හැකියි. නොඑසේ නම් කිසියම් හේතුවක් මත සද ඇති රැයක
බල්ලන් උඩුබිරලීමද මිහිරි සංගීතයක් සේ සැලකීමටද හැක. වෙනත් අත්දැකීම් නොමැතිවට පවතින කුමන හෝ දෙය යහපත් දෙය වනු ඇත.
 පිදෙල් කැස්ත්‍රෝ හො එවැනි කිසිවකු වරක් මෙවැනි ප්‍රකාශයක් ගන බව මම අසා
තිබේ. එනම්
—විප්ලවය ඇතිවන්නේ දුප්පත්කම නිසා හෝ පෝසත්කම නිසා හෝ නොවේ දුප්පත් කම අසල පෝසත්කම කැපීපෙනෙන විටය˜.
 මෙය ඉතාමත් විශිෂ්ඨ කියමනකි. පිරිසක් ඉනට වස්ත්‍රයක් පමණක් සහිතව අද කාලයේ ඒවා සලකන ආකාරයට ඉතාමත් දුගී ලෙස ආහාර පමණක් සපයාගෙන ජීවත් වේ නම්ද තවත් පිරිසක් අද කාලයට අනුව සුඛෝපභෝගී ලෙස නමුත් මුල් පිරිසට නොපෙනෙන දුරින් ජීවත් වෙයි යැයි සිතමු. දුගී පිරිසට පොහොසතුන් පිළිබඳව අත්දැකීම් නොමැති නිසා
කිසි විටෙක ඔවුන්ට තම තත්ත්වය පිළිබඳව සිතිවිලි ඇති නොවේ. නමුත් ඔවුන් පොහොසතුන් දුටුවහොත් ඔවුන් ආකාරයටම විමට උත්සාහ ගනු ඇත.

 මෙතෙක් දුරට ඔබ මට සමගද? මන්ද යත් අපට තව බොහෝදුරට යාමට
තිඛෙන බැවිනි. නැවතත් අපි සිතිවිලි ඇතිවන ආකාරයට යොමු වෙමු. මෙතෙක් අප කථා කල කරුණු වලට අනුව සියලූම සිතිවිලි හේතුවලට අනුව ඔබට තේරුම් ගත යුතුය ඔබ කිසියම් අත්දැකිමකට මුහුණදුන් විට ඔබට ඇතිවන්නේ එම අත්දැකීමට සම්බන්ධ සිතිවිලිය.
ඒ සම්බන්ධයෙන් මීලගට ඔබ ගන්නා පියවර මේ පහලවූ සිතිවිලි අනුව තීරණය වේ. එම පියවර ගැනීමට සිතිවිල්ලටද කිසියම් සිතිවිල්ලක් හේතුවී ඇත. එම සිතිවිල්ල ඇතිවීමටද තවත් සිතිවිල්ලක් හේතුවී ඇත.
 ඔබ පාරේ තනිව ගමන් කරණ විට බිම වැටී ඇති රන් මුදුවක් දුටුවේ යැයි
සිතමු. මේ මුදුව සම්බන්ධයෙන් දැන් ඔබට පහල වයි හැකි සිතිවිලි මොනවාද? අප උදාහරණ ලෙස ගනිමු. එහි පැහැය තව ලස්සන පිළිබඳව සිතිවිලි ඔබ තුල පහල වනු ඇත. දැන් බලන්න ඔබ පාරේ තිඛෙන අසූචි ගොඩක් දුටුවේ නම් ඒ පිළිබඳ ඔබට මේ සිතිවිලි පහල නොවේ. එවිට එම සිතිවිලි පහල වීමටද හේතුවක් තිබිය යුතුය. රත්තරන් මෙන් රන්
පැහැය පිළිබඳ ඔබට කලින් සිතිවිලි තිබුනු බැවිනි. එසේම මුදුවේ වටිනාකම පිළිබඳව සිතිවිලිද පහල වනු ඇත. ඒවාටද පෙර ඔබ රන් පිළිබඳව ඇති සිතිවිලි හේතුවනු ඇත. එසේම මෙය ලබාගෙන පරීක‍ෂා කොට රත්තරන් බව දැනගන්නේ යැයි සිතමු. (ඔබේ මේ සෑම
ක්‍රියාවකටම සිතිවිල්ලක් මූලක වේ.)
 මීලගට මෙය අයිතිකරු සොයා බාර දෙම්ද නොදෙම්ද යන සිතිවිලි පහල විය හැක. ඔබ කුඩා කල සිට දහම් අධ්‍යාපනයක් ලැබුවේ නම් එම සිතිවිලි ප්‍රභලවද නැතිනම් මුලින් අප කථා කල සොරුන් ඇසුරේ තැනුනු පුද්ගලයා මෙන් නම් එය තමා සතුකරගෙනම යාමටද හැක. මෙවන් අවස්ථාවක අයෙකු තුල පහල වන සිතිවිලි අප්‍රමාණය. ඒවාට හේතු
ලෙසද ඒවායින් තවත් සිතිවිලිද වශයෙන් සිතිවිලි පහල ෙවි. නමුත් කිසිදු සිතිවිල්ලක් ඒ මොහොතේ කිසිවක් හේතුවක් නොමැතිව පහල විය නොහැක.මේ පිළිබඳව තේරුම් ගත හැක්කේ ඔබම සිතා බලා තීරණය කිරීමෙනි.
මදකට නවතින්න. ඔබ පවසනු ඇති ඔව් ඔබේ පැනය මම දනිමි. මීට පෙර ඔබේ මනසේ පහලවූ පැනයක් මම මුලින්ම විසදා සිටිමි. —මේ කරුණු අනුව ඔබ කියන්නේ මට සිතිය නොහැකි බවයි. මෙහි තේරුම මමත් යන්තරයක්ම වැනි බවද ˜, ඔබට මේ ප්‍රශ්ණය මුලින්ම නැගුණා නොවේද? පිළිතුර කනගාටුවෙන් වුවද බොහෝ දුරට ඔව් යන්න ෙවි. නමුත් බොහෝ දුරට යන්න මතක තබා ගන්න.
ඔබ කයින් අත්දැකීම් ලබයි ඒ අනුව මනසේ සිතිවිලි ඇතිවේ. නැවතත් එම සිතිවිලි අනුව කයින් ක්‍රියාකරයි. බලයි දකියි. අසය. විදියි, නැවතත් ඒවා අනුව සිතිවිලි පහල වේ. මුල් සිතිවිලි අලූත් සිතිවිලිද අනුව නැවතත් ක්‍රියාකරයි. නැවතත් සිතිවිලි පහලවේ. නැවතත් ඔබ මෙවැනි යන්තරයකි.
අසනීප වුනු කිසිවකු ඒ සදහා ප්‍රථීකාර ලබන විටම තවත් ස්ථානයක හාස්කම් ඇතැයි මුලාවී එයට පුද පූජා කරයි යැයි සිතන්න. අවසානයේදී ඔහු සුවපත් වේ. ඔහු සුවපත් වූයේ නිසි ප්‍රථීකාර ගැනීම නිසා වුවද ඔහු සිතන්නේ තමුන් විසින් සිදු කල පුද පූජා නිසා සුවපත්වූ බවයි.
මෙලෙසම අප කිසියම් දෙයක් සිදුකරන විට හෝ සිදුකල විට එය අප විසින් සිතා කරන බව හෝ කරන ලද බව සිතයි. නමුත් සිදුවූයේ අවස්ථාව අනුව සිදුවුනු දේ අප විසින් සිතා කරන
ලද්දක් බවට සිතිවිල්ලක් පහල වීමයි. සියල්ල අනිත්‍යය සියල්ල වෙනස් වේ. මෙම වෙනස් වීම අනුව අප තුල මම යන හැගීම ඇතිවී තිඛෙන්නේ ඇතිවන්නේ මෙසේයි.
ඔබේ මීලග ප්‍රශ්ණය —ඔබට සිතීමට නොහැකිනම් මට ඔබ සිතා බලන්න යැයි කියන්නේ ඇයි ?˜.
නමුත් මේ බලන්න මම ඔබට සිතා බැලීමට නොකීවේ නම් ඔබ ඒ ගැන සිතා බලයිද? සමහරවිට ඔබ ඒ ගැන සිතා බලනු ඇත. නමුත් මම ඒ ගැන සිතා බැලීමට යැයි කී නිසා ඔබ ඒ ගැන බොහෝ විට සිතා බලනු ඇත. ධර්ම දේශණ හෝ අවවාද දීමේ හෝ වැදගත්කම බට වැටහුනිද? ඔබ තුල සිතිවිලි පහලවන එක් විදියක් නම් අත්දැකීම් හේතුකොට ගෙන සිතිවිලි පහලවීමයි. අනේක විදි සිතිවිලි හේතුකොට ගෙනද සිදුවිය හැක.
ඉහත මම ඔබට සිතා බලන්න යැයි කීම ඔබට අත්දැකීමකි. එයින් ඔබ කියවූ කරුණු පිළිබඳ සිතා බැලීමට පොලඹවන සිතිවිල්ලක් ඔබ තුල පහලවනු ඇත.
ඒ අනුවද අනෙක් සිතිවිලි වල බලපෑම තීරණය වන ආකාරය මතද ඔබ ඒ ගැන සිතා බැලීමට පෙළඹිය හැක. එනම් ඔබ මෙතෙක් දැන සිටි කරුණු දැන් දැනගත් කරුණුද හේතුකොට ගනිමින් අලූත් සිතිවිලි පහලවිය හැක. එනම් මෙය වඩාත් තේරුම් ගැනීම පිළිබඳව සිතිවිලි මෙන්ම අත්දැකීම් අනුව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ සිතිවිලිද විය හැක.
තම පැරණි අත්දැකීම් අනුව නව අත්දැකීම් තේරුම් ගැනීම පිළිබඳව සරල කථාවක් මෙසේය. පෙර මෙන්ම අදත් ලංකාවේ සමහර හරකුන් දක්කන්නන් උන් දක්කන්නේ ජඃ පිට මඃ යනුවෙනි. වරක් මෙය අසා සිටි සුදු ජාතිකයෙකු තම රටට ගොස් කියා සිටියේ ලංකාවේ
ගවයින්ට දමා ඇත්තේ තම භාෂාවේ නම් බවය. එනම් ජැක් පීටර් හා මැක් පීටර් යනුවෙනි.
කතාව සත්‍යය වුවද අසත්‍ය වුවද මෙහි සිදුවීම බලන්න. සුදු ජාතිකයාට මෙරට පිළිබඳ මෙහි ජඃ පිට මඃ පිළිබඳව අත්දැකීම් නොමැත. ඔහුට තිබුනේ තම රටේ නම් පිළිබඳව මතකයයි. ඔහු තම අත්දැකීම් තුලින් මේ වාක්‍යය තේරුම් ගත් ආකාරයයි ඒ. ගුරුත්වාකර්ශණය යන සංකල්පය මුලින්ම ඉදිරිපත් කෙරුවේ සර් අයිසැක් නිව්ටන් විසිනි. ඔහුට අනුව පෘථීවිය මත ඇද ගැනීමේ බලයක් ඇත ආකර්ශණයක් ඇත.
ආකර්ශණයක්? අකාර්ශනය යන අදහස ඔහුට පහල වන්නට ඇත්තේ කුමන හේතුවකින්ද?
කුමන අත්දැකීමක් මෙයට හේතු වන්නට ඇද්ද? මිහිපිට ඔබ ආකර්ශණයන් දකින අනෙක් සිදුවීම් මොනවාද? ඒ කලය දෙස බලන විට මට සිහියට එන්නේ එකම දෙයකි. ඒ චුම්භකත්වයයි. සර් නිව්ටන් චුම්භකයකට යකඩ ඇදෙනු නිසැකවම දැක තිබීමට ඇති
අදහස ගුරුත්වාකර්ශණය පැමිණෙන්නට ඇත්තේ නිසැකවම චුම්භකත්වය තුලිනි. 
මේ පිළිබදව පසු කලෙක කිසිවෙක් මට නිව්ටන් විද්වතාගේ ආකර්ශණ බලය යන්නට හේතු වූයේ අශ්වයින් බඩු ඇදගෙන යාම වැන්දේ දැකීම තුල ඇති වුනු අදහසක් බවයි. එය එසේ වුවද එයද පෙර අත් දැකීමක්ම වේ.
අද ලෝකයේ විද්‍යාත්මක මත සියල්ලට පදනම්ව ඇත්තේ මෙවැනි පෙර අත්දැකීම්ම වේ. කිසිවකු ඔබට විද්‍යාත්මක මතයක් මෙය ඉතා ගැඹුරුය. ඔබට තේරුම් ගැනීමට අපහසුයැයි කියයිද එම මතය සරල කොටස්වලට ඛෙදා දමන්න. එම මතය මත හා ඔහු පිළිබඳව ඔබට වැටහීමක් ලැඛෙනු ඇත. නමුත් සංකල්ප සරල අත්දැකීම් තුලින් පහල වුවද පසුව තම තමන් සංකල්ප ඒවටා ගොඩනැගීමෙන් මුල් සංකල්පය වැසී යනු ඇත. එයට පාදක වුනු අත්දැකීම සොයා ගැනීම මෙවිට අපහසුවේ. නමුත් මා දකින පරිදි මේ සෑම ගැඹුරු විද්‍යාවක්ම තුලම සරල බව පැවතිය යුතුය. ඔබම එය සොයා බලන්න.
බෞද්ධ කථා වස්තුවලට අනුව ලෝකය මත මිනිසා පහලවීමෙන් පසු ලොව තුල පළමු බොරුව කීවේ චේතිය නම් රජ කෙනෙකි. එදා බොරුව යනු කුමක්දැයි දැක ගැනීමට සෙනග එක් රැස්වී බලා සිටිබව පැවසේ. ඒ කාලය අනුව මෙය හුදෙක් ප්‍රවාදයක් පමණක් විය නොහැක. කිසිවකු බොරුවක් යනු කුමක්දැයි දැන සිටියේ නැත. චේතිය රජතුමා බොරුව
නිර්මාණය කලේ කෙසේදැයි මෙහිදී ඔබ මගෙන් ප්‍රශ්ණ කරනු ඇත. නව සිතිවිලි හටගන්නේ පැරණි සිතිවිලි සමගම මිශ්‍ර වීමෙන් හා නව අත්දැකීම් / අරමුණු සමග මුසුවීමෙනි. සර් නිව්ටන්ගේ ආකර්ශණය සිතිවිලි තුලින්ම ඇතිවිය හැකිද? නමුත් බොරුව එසේ නොවේ. සිතා බලන්න.
බාහිර පරිසරයේ අරමුණු වැඩි වන්නට වන්නට සිතිවිලි පහල වීමද ඒවා මිශ්‍රවීමද වැඩිවේ. එවිට සත්ත්වයා තව තවත අරමුණු නිර්මාණය කරයි ඒ තුලන් තව තවත් සිතිවිලි ඇතිවේ. මෙය වැලැක්විය නොහැක. මුලින් ලෝකය තුළ ආහාර ගැනීමට පමණක් සිටි සත්ත්වයා අද වන විට කොතරම් අරමුණු ප්‍රමාණයක් තුල සිතිවිලි ප්‍රමාණයක් තුල ගිලී
ඇත්ද? කෙමෙන් බොරුවෙන් සොරකමින් පටන් ගත් ලෝකය සිතිවිලි මිශ්‍රවීම තුල අද තත්ත්වයට පත්ව ඇත. අද මෙසේ නම් අනාගතය කෙසේ වේ දැයි ඔබට සිතාගත කළ හැකිද? මෙයට ප්‍රධාන හේතුව නව අරමුණු ලොව තුල නිර්මාණය කිරීමයි. අරමුණු නිර්මාණය අඩුවුවහොත් මිනිසුන් විනාශයෙන් ගැලවෙනු ඇත. අරමුණු නිර්මාණය යනු කුමන හෝ සිතිවිලි පෙලකින් බිහිවන නව නිර්මාණයකි. මේ තුල අද ලොව තුල මිනිසකු කරන වරදක් දැක ඔබ සේ නොකරන්න යැයි එම අපරාධය කල
මිනිසා වෙත කියා දීම එකකි. එය සියලූම මිනිසුන් උදෙසා කීම තවත් දෙයකි. එය එම වරද තවදුරටත් කිරීමට තවෙකෙකුට නෙදන්නා අයෙකුට කියා දීමකි. පත්තර තුලින් හෝ වෙනත්
මාධ්‍ය තුලින් හෝ අද ඔබ දකින අපරාධ විස්තර වනාහී හෙට දවසේ අපරාධවල පෙරවදනකි. හෙට දවසේ අපරාධ වලට ඔබට කරන ආරාධනයයි. 
නමුත් අද තිඛෙන අරමුණු ප්‍රමාණය දෙස බලන විට අපට කල හැක්කේ මිනිසුන් විනාශයට යන ගමන මදකින් වත් පමා කිරීම පමණි. නමුත් නැවැත්වීම කිසිදාක නොකල හැකි වෙයි.
පැවිදි වියට පත්වන බෞද්ධ භික්ෂුවක් සියලූ දේ අතහැර මහණ වන්නේ මේ නිසාය.
අරමුණු අවම කර ගැනීමද සදහාය. දැන් අපි නැවතත් සිතිවිලවල ක්‍රියාකාරිත්ව බලමු. නව සිතිවිලි පැරණි සිතිවිලි මිශ්‍රවී
ඇතිවන බවට හොදම උදාහරණයක් නම් ඔබ සිතින් මවා ගන්නා හෝ සිහිනෙන් දකින රූපයි. ඔබ කවර ආකාර මුහුණක් අලූතින් සිතාගත්තද දුටුවද එය ඔබ දැක ඇති සුපුරුදු මුහුණුවල කොටස්වලට වෙන්කර ගැනීමට ඔබට හැකි වනු ඇත. මා දුරකථනයකින් ඔබ
අමතා කිසිවකුගේ රූපයක් ඔබට විස්තර කරනවායැයි සිතන්න මෙවිටද ඔබ තුළ මා කියන රූපයට සමාන රූප පිළිබඳව රූප මතුවී ඒවා මිශ්‍රවී මට කියන රූපයට සමාන යැයි ඔබට සිතෙන රුවක් ඇතිවනු ඇත.
සත්ත්වයාට අප මේ සිතා සිටින ආකාරයට සිතීමට නොකළහැකි බව තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්ය. ඔබ දුටුවද නොදුටුවද මෙය තුල ඇති විශාල රහස් ප්‍රමාණයක් ගැබ්ව පවතී.
දැන් අප තුළ සිතිවිලි පහල වන ආකාරය පිළිබඳව කථා කලෙමු. ඒවා අවස්ථාවට අනුව පහල වන බව ඔබ දැන් තේරුම් ගෙන ඇති. දැන් මට මෙය කියන්න. මේ සිතිවිලි ඔබ තුල ඇති කෙරුවේ කව්ද? ඔබ මෙලොව ඉපදුනු පසු මේ ගසය, මේ හිරුය,මේ මිනිසා යැයි හදුන්වා දෙමින් මේ සිතිවිලි ඔබ තුල පහල කෙරුණා විනා ඔබ විසින් මේ සිතිවිලි ඇතිකර ගනු නොලැබූවකි. ඒවා ඔබ විසින් කරන ලද නිර්මාණ නොවේ. මා කීදෙය තේරුණාද ඔබ ලෝකය දකින්නේ ඔබ තුල සිතිවිලි පහල වන්නේ ඔබ ඉපදුනු පසු ඒ පරිසරය තුලින් ඔබ තුල පහල
කෙරවු සිතිවිලි තුලිනි. දැන් ඔබට සිතීමට බැරිබවට අපි කරුණු දැක්වූයෙමු. නමුත් දැන්
පෙනෙන්නේ කුමක්ද? ඔබ තුල ඒ පහලවන සිතිවිලි පවා ඔබේ නොවන බවයි. ඔබ විසින් හෝ ඔබේ දෙමව්පියන් විසින් ඒවා නිර්මාණය නොකරන ලදී. ඔබ වනාහී අතීතයේ සිට අනාගතය ගලා යන අනන්ත වූ සිතිවිලි ප්‍රමාණයකි. මම යනුවෙන් ඇතිවුනු නමුත් සැබැවින් නොපවතින) මායාවකි.
ලෝකයේ සත්ත්වයාගේ මුල කුමක්දැයි පැනයට බුදු දහම දෙන පිළිතුර වන නොපෙනෙන කෙලවර යනු මේ චිත්ත ප්‍රවාහයයි. සැබෑවටම මුලක් සෙවීමට සත්ත්වයකු නොමැත.

සංකල්පයක් යනු කුමක්ද?

සංකල්පයක් යනු කුමක්ද? කිසියම් සිදුවිමක් දකින ඔබ මෙය සිදුවූයේ මෙසේ යැයි තිරණය කරයි. මෙම සංකල්පයකි. ඔබ පාරේ ගමන් කරන විට පාරේ වැටී ඇති කිසියමි දුලබ දෙයක්
දකී. මෙය දුටු විට මෙය මෙතනට පැමිණි ආකාරය පිළිබඳව ඔබට සිතිවිලි පහල ෙවි.අවසානයේ අවට සාක‍ෂි ඇතොත් ඒවාද මුල් කර ගනිමින් මෙය මෙසේ පැමිණියේ යැයි ඔබ නිගමනය කරයි. නමුත් නියම සත්‍ය ඔබ දන්නේ නැන. ඇත්තේ සිතින් කළ නිවැරදි යැයි සිතන
සිතිවිල්ලකි. මෙය සංකල්පයකි.
ලෝකය දකින අප මෙය සත්‍යය ලෙසම මෙහි පවතින්නක් ලෙස සිතමු. අපට ඇසෙන, දකින,විදින ලෝකය සැක කිරීමට හේතුවක් නොමැත. නමුත් සමහර සිදුවීම් අපට තේරුම්ගත නොහැකි ආකාරයට සිදුවේ. එවිට එය පැහැදිලිකර ගැනීමට අප සංකල්ප බිහි කරනු ලැබේ.
සමහර මිනිසුන් අතීතයේ අකුණු ගසන විට එය දෙවිවරුන් සිදුකරන ක්‍රියාවක් ලෙස සිතූහ. ලෝකය පැතලි බවට ඔවුන් තුල සංකල්පයක් විය.
විද්‍යාව යනුවෙන් අප අද කථා කරන දෙයද මෙවැනි සංකල්පයි. පුද්ගලයකු තුල පහල වන
සිතිවිලි ඔහුගේ අත්දැකීම් මත රදා පවතින බව අප මුලින් දැක්වූයෙමු. මේවායින් පරිභාහිරව
ඔහු තුල පහලවන අමුතු සිතිවිලි නැත. එනම් හිටි හැටියේ හේතුවක් නොමැතිව සිතිවිලි පහල
නොවේ. මෙම නිසා කිසියම් පුද්ගලයකු කිසියම් සිදුවීමක් දුටු විට එය විස්තර කරන්නේ තම
අත්දැකීම් මත පදනම් වෙමිනි. තමුන් ඇසූ දෙය දුටු දෙය විදි දෙය හා දැනුනු දෙය මත පදනම්
වෙමිනි. මෙම නිසා එක් එක් පුද්ගලයා එක් එක් සංසිද්ධි විස්තර කරන ආකාරය එකිනෙකට
වෙනස්ය. එක් අයෙකුට සද තමුන් ඉගෙන ගත් දේ අනුව ග්‍රහවස්තුවක් වන විට තවත්
අයෙකුට තම සමාජයේ පිළිගැනීම් අනුව සද යනු දෙවිකෙනෙකි. අයෙකුට අකුණ ගැසීම
ආරෝපණය වනු වලාකුලූ නිසා සිදුවන්නකි. අයෙකුට එය තමුන්ගේ පව් වලට සිදුවන දෙයකි.
නමුත් අකුණේ හානිය දෙදෙනාම දනී. අකුණු ගසන විට දෙදෙනාම ආරක්ෂක ස්ථානයකට දුවයි.
නමුත් එකම සිදුවීම විවිධ අත්දැකීම් අනුව ඔවුන් විස්තර කරන්නේ වෙනස් ලෙසයි. අප
දකින්නේ අපගේ සිතිවිලිම යැයි අප මුලින් කථා කලේද මෙයමයි. අද අප විද්‍යාව ලෙස
හදුන්වන දෙය උපත ලැබීම කොහේ සිදුවුනද පෝෂණය වූයේ බටහිරිනි. පෙරදිගට වඩා
බටහිර සංස්කෘතියද එම නිසා සිතන ආකාරද වෙනස්ය. බටහිර විද්‍යාව යනු මෙසේ ඔවුන්
විසින් තම අත්දැකීම් මත කාලයක සිට ගොඩනැගුනු දේය. ඔවුන්ගේ සංස්කෘතිය තුල
නොමැතිවීම නිසාම සිතිවිලි වල බලයක් තිබේ, පුනර්භවයක් තිබේ වැනි කාරණා බටහිර
විද්‍යාවෙන් සෘජුවම ප්‍රතික්ෂේප විය. නමුත් පෙරදිගදී මේවා සැබෑ බවට මුල්බැස ගෙන තිබූ
කරුණුය. අද බටහිර විද්‍යාව ඉගෙනගත් සමහරුන් ඒ මත පිහිටා මෙවැනි කරුණු බොරු ලෙස
බැහැර කරති. නමුත් ඔවුන් නොදන්නා දෙය වන්නේ මෙම සංකල්ප බිහිකිරීම් අනුව බටහිර
සංස්කෘතිය තුලද මෙවැනි සංකල්ප තිබුනේ නම් ඔවුන්ගේ අද විද්‍යාව නැමති සංකල්ප තුලද
මේවාට සාක්ෂි සපයන දේ අඩංගු වනු ඇතිබවයි. සමහර පුද්ගලයින් අප වනාහී යථාර්තවාදීන්
යැයි සිතමින් දකින දේ අසන දේ විදින දේ අනුව පමණක් ලෝකය යන්න තේරුම් ගැනීමට
උත්සාහ කලද තමුන්ගේ සිතිවිලිවල සෑම විටම වහලූන් වේ.
වෙනස් පාරවල් දෙකකින් පැමිනි පුද්ගලයින් දෙදෙනෙකු ඉතාමත් අන්ධකාර මාවතකට පිවිසීම
සලකන්න. දෙදෙනාම ගමන් ගන්නේ එකම පාරේ වුවද ඔවුන් කලින් පැමිණි මාර්ග දෙකේදී ලැබූ
අතිදැකීම් අනුව මේ මාර්ගය පිළිබදව පරීක්ෂාකාරී වන ආකාරයද ඒ පිළිබදව තීරණ ගැනීමද
වෙනස්ය.
මෙසේ සංකල්ප වල පිහිටා ලෝකය දැකීම හරියටම පාට කන්නාඩියකින් ලෝකය දැකීමක්
වැනිය. නිල් කන්නාඩියක් දැමූ විට නිල් පාටින් ලෝකය පෙනේ. කන්නාඩිය යනු සංකල්පයයි. 
අප බොහෝදෙනා දමා ගෙන සිටින කන්නාඩියේ පාට බටහිර විද්‍යාවයි. එම නිසා අපට ඒ
පාටින්ම ලෝකය පෙනේ.
මෙම ලිපි මගින් අප සිදුකරන්නේද සංකල්ප බිහි කිරීමකුයි. නමුත් මෙහිදී එක් වෙනසක් ඇත.
අප සංකල්ප නිර්මාණය කරා ලෙස ගැනීමට වඩා සංකල්ප පැහැදිලි කර ගැනීමට උත්සාහ ගත්
බව දැක්වුව හොත් එය වඩා නිවැරදි යැයි සිතිය හැක. අප උත්සාහ කලේ ලෝකය පාට පාටින්
දැකීමට හේතුව කන්නාඩියේ වීදුරු පාට වී තිබීම බව අවබෝධ කර ගැනීමටයි. නමුත් ගැටලූව
වන්නේ මේ කන්නාඩියද එහි වීදුරු වල කිසියම් පාටක්ද නොමැතිව අපට ලෝකය දැකීමට
නොහැකි වීමයි. කන්නාඩියේ වීදුරු පාට බව අප දුටුවේද පාට වීදුරු තුලිනි. එයද සංකල්ප
නිර්මාණයක්ම වේ. අප ඉපදී ඇත්තේ මේ පාට කන්නාඩිය සමගින්මය.
තම අත්දැකීම් අනුව සත්ත්වයින් කුමන සංකල්ප බිහි කලත් එහි සීමාවක් පවතී. සත්ත්වයින්
සියලූ දෙනා බොහෝ කරුණු වලින් සමාන අතර ඔවුන්ව වෙනස් තත්වයන්ට පමුණුවා ඇත්තේද
වෙනස් වෙනස් දේ දකින්නේද ඔවුන්තුල ඇති මේ සිතිවිලි මගිනි. කුමන සංකල්ප තුල ජීවත්
වුවත් සියලූ දේ වෙනස් වීම ස්ථීරය සත්ත්වයින් මියයාම ස්ථීරය. ජීවත්වීම තුල සැප දුක් විදීම
සියලූ දෙනාට පොදුය.
අප කථා කළ ලෙසට සත්ත්වයා තුල ඇති සිතිවිලි අනුව ඔවුන් මෙය මෙසේය, මෙය මෙසේය,
යනුවෙන් සංකල්ප බිහි කරයි. නමුත් ඔවුන් තුල එම සංකල්ප බිහි කිරීමට පැවති සිතිවිලිද
සංකල්පම වේ. සත්ත්වයා නොදන්නා දෙය වන්නේ මෙයයි. මෙසේ පවතින සංකල්ප මුල් කර
ගෙන සිතිවිලි බිහිවීමෙන් තව තවත් සංකල්ප ගොඩ නැගේ. මෙසේ අද සිටින ලෝකය සංකල්ප
රාශියක එකතුවකි. ලෝකයම සිතිවිලි වල නිර්මාණයකි. නමුත් මේ සංකල්පයේ මුලක් සොයා
ගත නොහැක. මෙය කෙසේ ඇතිවුනිද යන්න පිළිතුරක් නොමැති පැනයකි. අපට එය ප්‍රත්‍යක්ෂ
නොවේ. මෙය ඔබට මුලින් පැහැදිළි වීමට ඇත. සත්ත්වයාගේ සිතිවිලි වල ඔහු දැනුවත්වත්
නොදැනුවත්වත් මෙම සංකල්පය නිර්මාණය කර ඇත. එනම් සංකල්ප සම්මත වී ඇත.
එලෙසම අද ඔබ බිහිකරන කිසියම් සංකල්පයක්වේද එයද කාලයාගේ ඇවෑමෙන් සම්මතයක්
විය හැක. එය සම්මතයක් වීම තුළ එය යථාර්ථයක්වේ. එය බොරුවක් බවත් සංකල්පයක්
බවත් අවබෝධ කරගැනීම අපහසුවේ. අපගේ සිතිවිලි සෑම විටම මෙහෙයවන්නේ කිසියම්
සතුටක් වින්දනයක් සොයමිනි.මේ තුළ සමහර සංකල්ප අප විසින් නොසිතාම බිහිවේ. එසේම
සමහර සංකල්ප වැරදි වැටහීම් නිසා ඉබේම බිහිවේ.

පෙර එක් පන්සලක ස්වාමීන් වහන්සේලා භාවනා කිරීමට වාඩිවූ විට බළලෙකු කෑගසන්නට විය.
එවිට නායක ස්වාමීන්වහන්සේ ඌව බැද දමන ලෙස නියෝග කලේය. ඉන්පසුව භාවනාවේ
යෙදුනහ. පසුදාද ඔවුන් භාවානාවටම වාඩිවන විට ද බළලා කෑගැසුවෙන් එදාද ඌව බදින ලදී.
මෙසේ මෙය දිගු කලක් සිදුවුනු අතර මින් පසු බළලා කෑගැසුවද නැතද ඌව භාවනාවට පෙර
බදිනු ලැබිනි. එම බළලාගෙන් පසු ගෙනා බළලාටද එම ඉරණම සෑම විටම භාවනාවට පෙර
අත්විය. මෙසේ මෙම නායක ස්වාමීන්වහන්සේලා බොහෝ දෙනෙකුගේ ඇවෑමෙන් පසු බොහෝ
කලකට පසු අවුරුදු සිය ගණනකට පසු එහි එක් භික්ෂූන් වහන්සේ නමක් තම පොතක සෑම
විටම භාවනාවට පෙර බළලෙකු බැද දැමිය යුතු බව දක්වා තිබුනි.



ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊජිප්තු පිරමීඩ වලින් සොයාගත් පිටසක්වල ජීවියෙකුගේ
ඡායාරූපයක් යැයි අවුරුදු ගණනාවක් ලොව පුරා විශ්වාස කෙරුනු රූපයකි. නමුත් පසුව
මෙය මල් බදුනක රූපයක් විකෘතිවී පෙනීමක් බව


පරිඝනක ඇසුරෙන්වෙනස් කර බැලූ විට
චිත්‍රය පැහැදිලිවිය.එය මල්බදුනකි.

නමුත් මිනිසුන් මෙය පිටසක්වල ජීවියෙකුගේ රූපයක් යැයි සිතුවේ ඇයි? මෙම ලොකු ඇස් හා අමුතු මුහුන නිසාය. නමුත් ඉහත රූපයේ ව්‍යාජ බව ඔප්පු නොවී නම් එය තවත් සංකල්පද සමග සමහරකුට පිරමිඩ තැනුවන් සෘජුවම පිටසක්වල ජීවීන් පිරිසක් සමග සම්බන්ධකම් පැවැත්වූ බවත් එම ජීවියකුගේ රූපය පිරමිඩි බිත්ති මත ඇද ඇති බවත් සම්මත සංකල්පයක්, යතාර්ථයක්, වීමට තිබුනි.
සිත සෑම විටම තමාගේ සතුට සොයා යන නිසා සංකල්ප බිහිකල තැනැත්තාට සෑම විටම තම සංකල්පය නිවැරදි යැයි පෙනෙයි. චීන උපමා කථාවකට අනුව එක් මිනිසෙකු සතු වටිනා
භාණ්ඩයක් වරක් කිසිවෙකු විසින් සොරා ගනු ලැබිණි. ඔහුට ඒ ගැන අසල්වැසියෙකු පිළිබඳව සැක ඇතිවිය. එතැන් සිට ඒ මිනිසා දකින විට ඔහු ඇවිදින්නේද සොරෙකු ලෙස යැයිද බලන්නේ සොරෙකු ලෙස යැයිද ඔහුට පෙනිනි. නමුත් බඩු සොරාගත් තැනැත්තා පසුව අසුවිය.
ඔහු වෙනත් අයෙකි. එදා සිට අසල්වැසියාගේ සොර හැසිරීම් ඔහුට නොපෙනිනි.

සංකල්ප බිහි කිරීම සතුක් හෝ වින්දනයක් සෙවීම සදහා යැයි ගැනීම වැදගත් කාරණයකි. අදද බොහෝ විට කිසිවකු සංකල්පයක් අලූතින් බිහි කරන්නේ හෝ පිළිගන්නේ ඒ මගින් තමුන්ට ලැඛෙන්නාවූ කිසියම් පෞද්ගලික වින්දනයක් හෝ ලාභයක් පවත්නා බැවිනි එනම් ප්‍රධාන වශයෙන් තමුන් තුල ඇති අසාවට යටත්වයි. තවත් අයෙකු මේ ගැන විවාදයට ඉදිරිපත් වුව හොත් සංකල්පය පිළිගත් තැනැත්තා වෙත් එය පිළිගැනීමට ප්‍රධානම වූ පෞද්ගලික ලාභය වසා
ගනිමින් ඒ සම්බන්ධ අනෙක් නොයෙකුත් තර්ක විතර්ක ඔහුටත් නොදැනුවත්වම ඔහුගේ යටිසිත මගින් ඉදිරිපත් කරයි. වඩාත්ම නරක දෙය වන්නේ තමුන් පිළිගත් හෝ නිර්මාණය කල සංකල්පය තමුන්ගේ වාසිය සදහා නිමවුනු බොරුවක් විය හැකි නමුදු කල් යත්ම එය සැබෑවක්
බවට තම යටිහිතේම ධාරණය වීමයි. තමුන් තනා ගත් හො පිළිගත් සංකල්ප වලින් එම පුද්ගලයා බැදී යයි. එම සංකල්ප වලට ඔහු බැස ගනී. ඒ තුල ජීවත් වේ. 

නස්රුදීන්ගේ කථාවකට අනුව වරක් නස්රුදීන් පාරේ ගමන් කරන විට කරදර කාර කොලූ රැලක් ඔහු වට කර ගත්තේය. කොලූ රැලෙන් බේරීමට ඔහු පොහොසත් එමීර් එදින සියලූ දෙනාටම නොමිලේ දානයක් දෙන බවට බොරුවක් පැවසීය. වටපිට බැලූ නස්රුදීන් දුටුවේ ඒ
වන විටත් කොලූරැල එමීර්ගේ නිවස වෙත දිව යන ආකාරයයි. ඒක ඇත්තක්ම විය හැකියැයි මෙහිදී නස්රුදීන්ටම සිතුනි එය සැබෑවක් නම් නොයෙකුත් රසවත් ආහාර පාන ඔහු විසින් ආහාරයට ගන්නා අයුරු ඔහුට මැවී පෙනුනි. මොහොතකින් ඔහුද කොලූ රැල පසුපස දිව
යන්නට විය.
තමුන් තනා ගත් හෝ පිළිගත් සංකල්ප වල සිරවී කල්ගත වන විට එම පුද්ගලයා එම සංකල්ප තුලින්ම තමුන් යනු මෙවැනි වූ විශිෂ්ඨයකු බව දකී. කෙටියෙන් පැවසුවහොත් එම පුද්ලයාත් එම සංකල්පත් යනු එකකි. ඔහු ජීවත්වන්නේ එම සංකල්ප වලට අනුවයි. ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන් කළ නොහැකි යයි ඇල්බට් අයින්ස්ටයින් විද්වතා විසින් මතයක් බිහි කලේය. මෙම මතය පිළිගන්නා තවත් නවක විද්‍යාඥයෙකු ඇතැයි සිතන්න.
(මෙය අවතක්සේරු හෝ පිලිනොගැනීමක් නොවේ. අවස්ථාවට මතක්වුනු උදාහරණයකි. එය වැරදි යැයි ඉන් නොහැගවේ.) මේ මතය ඔහුගේ මනසේ පැලපදියම් වී යථාර්ථයක් වූ විට කල් ගතවී ඔහු කිසියම් පර්යේෂණයක් සිදුකළද ඔහු නොදැනුවත්වම ඔහු එම පරීක‍ෂණය
සිදුකරන්නේ එම මතයට අනුකූලවමය. එය නොබිදෙන පරිදිය.

වයස්ගත පුද්ගලයකු වෙත ඔහු පිළිගත් හෝ නිර්මාණය කල සංකල්පයක් නිවැරදි නොවන බවට කොතරම් සාක‍ෂි ඉදිරිපත් කලද පිළිගැනීම ප්‍රතිෙක‍ෂ්ප කරයි. නමුත් තරුණ පුද්ගලයකු සම්බන්ධයෙන් මෙය එසේ නොවේ. තරුණ වියේදී නව සංකල්ප නිර්මාණය කල පුද්ගලයන් වයස් ගත වන විට නව නිර්මාණ කරන්නේ කලාතුරකිනි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මුල් සංකල්ප තුල බැස ගෙන සිටින ඔවුන්ගේ සිත් අලූත් දේ කරා යොමු වීමට නොනැමීමයි. සමහර
විට එවැනි දෙයකින් තමුන්ගේ මුල් සංකල්ප බිද වැටිය හැකි යැයි බියක්ද යටිහිත තුල මතුවිය හැක.
ලෝකය දෙවියෙකුගේ නිර්මාණයක් ලෙස දකින මිනිසුන් තම සිත තුළ එය පැලපදියම්ව, යථාර්ථයක්ව තිඛෙන විට කෙතරම් වෙනත් සාක‍ෂි තිබුණද ලෝකය තුළ දකින්නේ තමුනුත් නොදැනුවත්වම තම සංකල්පය නිවැරදි බව පෙනෙන දේවල්ම වේ. ගසකින් හෝ ගලකින්
සලකුණක් මවා ගත හැකි වුවද. ඛෙහෙත් මගින් කිසිවකුගේ රෝගයක් සනීප වුවද වර්ෂාව නිසා ගංවතුරක් ගැලූවද, කැලෑ කැපීම නිසා වතුර හිග වීමද, තමුන් ගේ මහන්සියට ලැඛෙන මාසික
වේතනය හෝ පාරිතෝෂිකයද ඔවුන්ට පෙනෙන්නේ දෙවියන්ගේ කි්‍රයාවක් ලෙසයි.

සංකල්ප යථාර්ථ බවට පත්වීමට ප්‍රධාන හේතුව එක් සංකල්පයක් බිහිවුනු විට එය අලලා තව තවත් සංකල්ප බිහිවීමයි. එවිට මුල් සංකල්පය සම්මතයක් වේ. මෙය හරියටම අප පෙර තිත්
කොලයේ උදාහරණය මගින් දුටු දෙයට සමානය. තින් එකතු කර රූප තනනන්නාක් මෙන්ම සංකල්ප එකතු කර නව සංකල්ප බිහි කර ගනී. එවිට මුල් සංකල්ප දෙවන සංකල්පයෙන් වැසී
යයි. එය මත තවත් සංකල්ප බිහිවීමෙන් මුල් සංකල්පය නොපෙනීම යයි. එනම් ඔබේ සිතිවිලි මීලගට දකින්නේ පසුව නිර්මිත සංකල්පය පමණකි. යථාර්තය වන්නේ එයයි. ලෝකයේ සියලූ දේ වෙනස් වේ සෑම මොහොතකම සියලූ දේ වෙනස් වේ. නමුත් මෙම වෙනස්
වීම් මත අප සැබැවින් පවතින ලෝකයක දකින්නේ කිසිදා වෙනස් නොවන බව සිතමින් ලෝකය අල්ලා ගන්නේ මෙම වෙනස් වීම් සැබැවින්ම පවතින බව පුරුදු කර ඇති නිසයි. 

Monday, October 10, 2016

මේක තමයි නියම ආදරය.


විනාඩි 5k වෙන්කරලා කියවපන් මචන් ආදරයයි,කාමයයි පටල ගත්ත අයට හුගක් වටින කතාවක්...
ඔහු : නංගී , මම ඔයාට කැමතියි.
මට හිතෙන්නෙ ඊටත් එහා මම ඔයාට ආදරෙයි.
ඇය : අයියෙ , මම කවදාවත් කොල්ලෙක් බලාපොරොත්තු වෙන තරම් හොඳ ආදරවන්තියක් වෙන එකක් නෑ.
ඔහු : ඇයි නංගි එහෙම කියන්නෙ ?
ඇය : මම හරිම වෙනස් අයියෙ.
මගේම කියලා පිළිවෙලක් තියෙනවා.
ඒ පිළිවෙලට එහා නොයනව නම් විතරයි ආදරයක් ගැන හිතන්නෙ.
එහෙම ඉන්න කිසිම කොල්ලෙක් කැමති වෙන එකක් නෑ අයියෙ.
ඔහු : කොහොම ඉන්නද ?
ඇය : අවුරුදු ගාණක් අපිව ලෝකයම කරගත්තු අම්මා තාත්තගෙ බලාපොරොත්තු වලින් කොටසක් වත් මට ඉටු කරන්න ඕන.
ඉතින් එයාව ජීවිතේ අංක එක කරගන්න නොකියන කෙනෙක් වෙන්න ඕන.
මට මගහැරේවි එයාට හැම නිතරම කතා කරන්න , හැම නිතරම හමුවෙන්න.
එයා මාව තේරුම් ගන්න ඕන.
එයාටත් ඒ නිදහස මම දෙනවා.
ඔව් මටත් දුක හිතේවි.
ඒත් මට තේරුම් ගන්න පුලුවන්.
මම මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල නෙවෙයි.
මගේ මෝස්තර ඔය කියන සෙක්සිම ඒවා නෙවෙයි.
ඒත් එයා කවදාවත් මා එක්ක , මා ළඟ නැති අපූරු දේ ගැන කියන්න වර්ණනා කරන්න බැහැ.
එයා මගේ ස්වරූපෙ එයා දකින්න ආස වෙනස්කම් මොනවද මට කියන්න ඕන.
මම එයාට හුඟක් ආදරෙයි.
ඉතින් මම එයා වෙනුවෙන් වෙනස් වෙනවා.
මමත් කවදාවත් කිසිම කෙනෙක්ගෙ දෙයක් වර්ණනා කරන්නෙ නෑ.
එයාගෙ වෙන්න ඕන වෙනස්කම් ගැන ආදරෙන් එයාගෙන්ම ඉල්ලනවා.
මට අවධානය දෙන්න.
මං වෙනුවෙන් වෙලාව දෙන්න.
මාව විශ්වාස කරන්න.
මමත් ඒ හැමදේම එයාට දෙනවා.
මමයි එයාගෙ හොඳම යාලුවා වෙන්න ඕන.
එයාගෙ හැම රහසම මට රහසක් නොවෙන්න ඕන.
එයත් මගේ හොඳම යාලුවා වෙයි.
මම මගේ හැමදේම එයාට කියනවා.
මම ගැන හොඳ නරක ඕනම දෙයක් පිට තුන්වන පාර්ශවයකට කියන්න ඉඩ තියන්නෙ නෑ.
මම කියවන රේඩියෝ එකක්.
වෙලාවකට කියන කිසිම දේක තේරුමක් නැති වේවි.
අනේ ඒත් අහන් ඉන්න ඕන.
මා එක්ක මගේ බාල සහෝදරයා වගේ රණ්ඩු වෙන්න ඕන. ටික වෙලාවකින් ආයිමත් යාලු වෙන්න ඕන.
මගේ වැඩිමහල් සහෝදරයා වගේ මට තරවටු කරන්න ඕනෙ. මට ජීවිතේ වරදින්න පුලුවන් තැන් එමටයි.
අප්පච්චි වගේ මට රැකවරණය කරන්න. කෙල්ලෙක් කියන්නෙ රැකබලා ගන්න ඕන පොහොට්ටුවක්.
පෙම්වතා වගේ ආදරේ කරන්න. මා එක්ක හුරතල් වෙන්න.
හැබැයි මා එක්ක මගේ කසාඳ සැමියා වගේ වෙන්න හදන්න එපා. ආදරේ පොහොට්ටුව ඉල්ලන්න නම් එපා. පිපෙන්න කලියෙන් පරවෙන්න මට උවමනාවක් නෑ
ඔව් මට මං ආදරේ කරන කොල්ලා එක්ක සෙක්ස් කරන්න ආසාව තියේවි.
ඒත් කවදාවත් ඇඳුම් දෙපා මුල දාන්න ඉල්ලන්න එපා.
ලිංගික ආසාවන් පිරිමහගන්න හදන්න එපා.
එහෙම උණොත් ඔයාට හැමදාටම මාව නැති වේවි.
මාව ඉඹින්න.
ආදරෙන් තුරුලු කරගන්න.
මට උණුහුම දෙන්න.
සෙක්ස් කරන්න ඉල්ලන්න එපා.
මගේ හැමදේම ඔයාගෙ තමයි.
හැම කෙල්ලටම එයාගෙම කියලා සීමාවන් තියෙනවා.
ඔයාට පුලුවනි මාව තදින් වැළඳ ගන්න.
නාබිය සිප ගන්න.
කිතියි කියනකම් හාදු දෙන්න.
පපුව යන්තමට අත ගාන්න.
සද්දෙට කන තියලා මූණ දිහා බලන් මං ඔයාගෙමද අහන්න.
ඒත් මට ඇඳුමෙන් වැහිලා තියෙන මුකුත් පෙන්වන්න කියන්න එපා.
මං තවම ආදරේ කරලා නෑ කාටවත්.
ඉතින් මේ සීමාවන් ඉස්සරහට වෙනස් වෙයි.
මම නිරුවත් වෙයි.
අනේ තුරුලට වෙලා උණුහුම් වෙන වෙලාවක මට මාව පාලනය කරගන්න බැරි උනොත් මාව නවත්තන්න.
මොකද දන්නවද ?
අපේ අවාසනාවකට අපිට අපේ වෙන්න බැරි උනොත් , අර මගේ ආදර වන්තයා , අර මගේ ආදර වන්තිය කියලා මට ඔයාට කටපුරා කියන්න පුලුවන් කම තියෙන්න ඕන.
මම නොකැළැල් කියන්න මට පුලුවන්කම තියෙන්න ඕන.
ඔව් ආදරේ කරන ඕනම දෙන්නෙක්ට ලිංගික ජීවිතයක් තියෙනවා.
මේ මීට කලින් කවදාවත් ආදරේ කරල නැති මගේ සීමාවන්.
ඉස්සරහට වෙනස්කම් වෙයි.
අනේ මන්දා.
ඔයාගෙ යාලුවො ඉස්සරහ , මේ මගේ කෙල්ල කියලා කටපුරා කියන්න ඔයාට පුලුවන් කම තියෙන්න ඕන.
නළලට කම්මුලට එයාලා ගාව දෙන හාදුව මං ඔයාගෙමයි කියලා මට මතක් කරාවි.
වෙන කෙනෙක් නිසා හැඟීම් ඇවිස්සෙන දෙයක් වෙනවද , වෙන්න යනවද ; මම ඔයාට හුඟක් ආදරේ කියලා මතක තියාගන්න.
ඔයා ඇරෙන්න වෙන ආදරයක් මට නැති බව හැම වෙලාවෙම මතක තියාගන්න.
ඔයා කෙල්ලෙක් නැති කමට නම් මාව තෝරගන්න එපා.
මොකද මට කාගෙවත් අවසාන විසඳුම වෙන්න ඕන නෑ.
මම ඔයාට ඔයාගෙ ලොකුම දුර්වලකම කියලා දැනේවි.
ඒත් ජීවිතේ දුක , කරදරය , වේදනාව..... සැප , සතුටටත් වඩා හොඳින් මම බෙදාගන්න කෙනා වෙන්නම්.
මට ඔයාගෙ තෑගි සල්ලි නෙවේ.
ඔයාවයි ඔයාගෙ වෙලාවයි ඕනෙ.
පෙම්වතිය වෙන්න ඔයාට මට ලස්සන ජීවිතයක් දෙන්න පුලුවන් වෙන්න ඕන නෑ.
ඔයාගෙ දරුවන් දරන බිරිඳ වෙන්න ඔයාට යම්තාක් හොඳ ජීවිතයක් මට දෙන්න පුලුවන් වෙන්න ඕන.
ලුණුයි බතුයි කන සුරංගනා කතා වල නැහැ මම.
ඒත් ඔයා උපරිම වෑයම ගන්න තැන ,
මම මගේ උපරිම සහයෝගය ජීවිතේට නොවිඳපු දුක් විඳලා හරි ඔයා වෙනුවෙන් දෙන්න සූදානම්....
ඒත් ඒ ඉස්සරහට...
මම මහත් වේවි..
සමහර විට කෙට්ටු වේවි..
පෙනුමට විතරක් ආදරේ එපා.
පැවැත්මක් නැතිවේවි....
ඔයාගෙ වැරැද්දක් තිබුණොත් මම තුන් විදියකට ඒක ඔයාට කියලා දෙනවා.
ආදරෙන් , හොඳින් , සැරෙන්...
ඒ අයිතිය මට ඕන...
ඔයාටත් මම ඒ අයිතිය දෙනවා. ඒත් මට අත උස්සන්න නම් එපා.
මම කවදාවත් ඒ තරම් ලොකු වැරද්දක් කරන්නෙ නෑ.
එක්කෙනෙක් තරහෙන් ඉන්න වෙලාවෙ අනිකා ඉවසන්න.
සාධාරණ උනත් සාධාරණීකරණයට යන්න එපා.
තරහ නිවුණම උකුලෙ ඔලුව තියන් වරද කියාදෙන්න.
මම අඬන වෙලාවට මුකුත්ම කියන්න එපා.
මට උරහිස දෙන්න අඬන්න.
මගේ අතින් අල්ලගන්න.
මාව තුරුලු කරගෙන ඉවසන් ඉන්න.
තව තියෙනවා.
දැනට ඔය ඇති.
අයියට දැනටම මාව එපා උනා නේද ?
ඔහු : මං ආදරෙයි.
ඇය : ම්ම්... එහෙනම් මුලින් යාලුවෙක් වෙලා මට ඔයාව අඳුනගන්න කල් දෙන්න..
ඔහු : ආදරේ ඉල්ලපු ගමං friend zone එකට දානවද නංගී ?
ඇය : නෑ අයියේ...
දැනුනොත් මට ගැලපෙනවා කියලා හදේ දොරට යතුර දෙන්න ඉස්සෙල්ලම හොයන්නෙ ඔයාව....
හදට ගැලපෙනවද කියලා ඉස්සෙල්ලම බලන්නෙ ඔයාව...
මොහොතක් හිතන්න ආදරය කියන්නේ මේකට නෙමෙයිද..???❤❤❤විනාඩි 5k වෙන්කරලා කියවපන් මචන් ආදරයයි,කාමයයි පටල ගත්ත අයට හුගක් වටින කතාවක්... group එකකින් ගත්තේ...

මේ කතාව  ලිංගික ආශාව යන්න කොතරම් ආකාර වලින් පැමිනිය හැකිදැයි මනාව පෙන්නුම් කරන්නක්. ක්ෂිරපායින් දෙදෙනෙක් තමුන්ගේ ජාන වලින් කියපු කාරියට  එකග වෙන්න යන එකයි මේ සිදුවෙන්නේ. නමුත් මේ වැනි වක්‍රමය වෙන වෙන හේතු දාගත්තම තමුන් බැදිලා ඉන්න යම් යම් සංස්කෘතික,ආගමික, ඥාතිමය බැදීම් වලට වරදක් නොකරනවා / බිද නොදමනවා යනුවෙන් ස්වයං මෝහනයකට පත් වෙනවා.නැතිනම් තමා තුලින්ම සාධාරණිය කර ගැනීමකට ලක් කර ගන්නවා.  එවැනි බැදීම් අඩු අය මෙච්චර කතා කිය කිය ඉන්නේ නැහැ. හොදම උදාහරනය තමයි ඉංග්‍රීසි සහ හින්දි ආදර කතා වල තියෙන වෙනස්කම්. ඒක නිසා කොහෙන් ගියත් මොනවා කතා කලත් වචනෙන් වචනේ මේ තමා ලිංගික ආශාව. විවාහයෙන් පසු දෙදෙනෙකු අතර පෙර ආදරයක කරන සමයේ නිරතුරුව පැවති ඉහත ලිපියේ වැනි ලක්ෂන බොහෝමයක් දුරස් වී යනවා. නමුත් අලුත් පෙම්වතියක් පෙම්වතෙක් මේ විවාහක සහකරුවෙකුට හෝ සහකාරියකට නැවතත් මුණ ගැසුන හොත් තම පවුල් ජීවිතයේ අඩුපාඩු වල සිට ඉහත ලිපියේ කරුණු නැවතත් අලුත් තැනැත්තා හෝ තැනැත්තිය කෙරෙහි නැවතත් ප්‍රකාශ කිරීම නිතැතින්ම ඇරෙඹෙනවා. 

Wednesday, October 5, 2016

අද සිංහලයාට වැරදුනු තැන

 
අද සිංහල මිනිස්සුන් කරන ලොකුම මෝඩ වැඩේ තමා හැම වෙලේම තවත් කෙනෙක් කරන කන් හෝ කරලා දෙන කන් බලාගෙන ඉදීම.
*රස්සාව ඉගෙන ගත්තට පස්සේ ආන්ඩවෙන් දෙන්න ඕනෑ.
*හොද පඩියක් අනිවා වුරු හරි දෙන්න ඕනෑ. *තමුන් කොච්චර බීල පාරේ ගියත් , හෙල්මට් නැතුව ගියත් අහු උනාම පොලිස් කාරය තමා වැරදි.
*ඡන්දේ පාවිච්චි කරන කොට තමුන්ගේ මාරුව හදා ගන්න මොකෙක් හරි කුපාඩියෙකුට ඡන්දේ දීලා අනිත් උන් රට ගැන හිතලා ඡන්දේ දෙයි කියලා බලා ගෙන ඉන්නවා.
*ජීවිතේට පන්සලකට නිකම අඩියක් නොතියා පංසලේ හාමුදුරුවෝ හරියට සිල් රකී කියල බලන් ඉන්නවා.
* තමුන්ගේ වත්තෙම කුණු ගොඩ ගහගෙන අනිත් වතු වල උන් වතු සුද්ද කරලා මදුරුවෝ එන එක වලක්වයි ියල ඉන්නවා.
*ගාමේ උන් ටික එකතු වෙලා හ්‍රමදානයක් දා ගන්නැතුව හැම රෙද්දම ප්‍රාදේශිය සභාවෙන් කරයි කියල ඉන්නව.
*තමුන් හොදට වැල බලල අනිත් එවුන් වැලත් නොබල අපචාර කරන්නෙත් නැතුව ඉදී කියල හිතනව විතරක් නෙමෙයි ධර්ම දේශනාත් කරනව.
* තමුන් කුණු වෙනකම් බිබී අනිත් එවුන්ට බොන එකේ විපාක ගැන කියනව.
*තමුන් අර තුට්ටු දෙකේ ඉන්දියන් ටෙලි නාට්‍ය වලට ඇබ්බැහි වෙලා රටේ උන් මෝඩයි කිය කිය බනිනවා.
හිතල බලන්න මේ වගේ තව කොච්චර දේවල් තියෙනවද කියලා. මුස්ලිම් මිනිහෙක් හරි දෙමල මිනිහෙක් හරි පාර්ට් එකක් දැම්මම පෝස්ට් එකක් හදලා ශෙයා කරන්න අය ඕන තරම් ඉන්නවා. නමුත් එතෙන්දි කෙලින් ඒ මිනිහට කතා කරන්නවත් නැත්නම් ඒකත් පෝස්ට් එකක් නම් ඒකට උත්තර දෙන්නවත් කවුරුවත් යන්නේ නෑ. කවුුරු හරි බුද්ධගම ගැන ප්‍රශ්න කලාම ඌ අපහාස කලා කිය කිය යනවා නමුත් උත්තර දෙන්න දැනුමක් නැහැ. මොකක් හරි අනවශ්‍ය වීඩියෝ එකක් පොටෝ එකක් ආපුවහම බලන එක එකා රිපෝර්ට් කලා නම් ඒක අයින් වෙනවා. ඒත් ඒ වෙනුවට ඒක ගැන පෝස්ට් ශෙයා කර කර බැන බැන වෙන කවුරු හරි ඒ පොස්ට් එක අයින් කරයි කියල බලාගෙන ඉන්නවා. හොදින් හිතලා බලන්න මේක නෙමේද මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. දේශපාලන බෙදීම් සියල්ලටමත් හේතුව මේ ආත්මාර්ථකාමී කම නෙමෙයිද ? ඇයි රස්සාවක් කරන ගමන් හරි තව වැඩි පුර සල්ලි ටිකක් හොයා ගන්න පුලුවන් විදි බලන්නේ නැත්තේ. ඇයි දේශපාලුවෙකුට මූනට කතා කරන්න අපේ මිනිස්සුන්ට කොන්දක් නැත්තේ ? ඇයි වැරදි කරන එකාගේ සුලු හොදක් අල්ලන් අගය කරන්නේ ඉතුරු ටික මූනට කියා ගන්න පන නැතුව? ඇයි අපි එක එකාට බය වෙලා මේ ජීවත් වෙන්නේ?  අපි අපි හැදෙන යුතුකම කලොත් විතරයි අපි හැමෝම ගොඩ යන්නේ. එහෙම නැති තාක් අර පක්ෂෙ එකාගෙයි මේ පක්ෂෙ එකාගෙයි කතා අහ අහ රැලෙ වැටිච්ච සුනකයො වගේ එහෙ මෙහෙ යයි. යම් කිසි අදහසක් තියෙනවා නම් මුලින්ම ඒක සාකච්ඡා කරන්න ඒක වෙනුවෙන් පෙනී සිටින්නට පෙර. එක්කො දැන්න කෙනෙකුගෙන් අහන්න. හැබැයි කියන පලියට කිසි දෙයක් පිලි ගන්න නම් එපා. හෙට දවස අදට වඩා හොද කර ගන්න හැම වෙලේම හිතා ගනිමු.

Thursday, September 1, 2016

පොඩි හැකරා පොරක්ද?

පොඩි හැකරා පොරක්ද?
සාමාන්‍යයෙන් හැකින් එකකදී භාවතා කරන්නේ වෙන කාගෙ හරි IP එකක් . හොදම දේ තමා ෆ්‍රී ප්‍රොක්සි සයිට් එකකින් යන එක. (http://www.proxy4free.com/list/webproxy1.html මේ සයිට් එකකට ගිහින් යන්න ඕනෑ සයිට් එකේ නම ගැහුවම ඒකට යන්නේ මේක හරහා) හැක් වුනාම කරන්නේ ඒ වෙලාවේ රික්වෙස්ට් ඇවිත් තියෙන අයිපී ලිස්ට් එක බලලා ටෙලිකොම් එක වගේ සර්එවිස්ක ප්රොවයිඩර්ගෙන් අදාල අයි පී එකේ නියම ලිපින ලබා ගැනීම.(හැම වෙලේම මැෂින් එකකට අයිපී එකක් ඇසයින් වෙන බව දන්නවනේ ඒකෙන් හොයන්න පුලුවන් කොහෙද අදාල කෙනා ඉන්නේ කියන එක http://www.ip-tracker.org/ වගේ සයිට් එකකින් ) ඒත් ප්‍රොක්සියකින් ගියාම වැඩේ කචල්. පෙaන්නන්නේ ප්‍රාක්සියෙන් ඇසයින් කරපු අයි පී එක. එතනින් අයිපී ලිස්ට් ගන්නත් බෑ අරන් හොයනවා කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි. සමහර ප්‍රොක්සි සර්වර් ඔව්නර්ස්ල හොයන්නත් බැරි තරම්. මේ යකා ප්‍රොක්සියකින් වැඩේ දුන්නත් එක් වෙලාවක ඩිරෙක්ට් ලොග් වෙන්න යනවා ප්‍රොක්සිය අත ඇරලා. ඒ කෙන් තමා වැඩේ මාට්ටු වෙන්නේ. අපේ පොඩි හැකරා ඇත්තටම කරලා තියෙන්නේ බංගලි හැකර්ලා හැක් කොට සොයා ගත් Password එක දැන් තහනම් කල yakadaya.com forum හරහා ඉල්ලාගෙන wordpress වලින් තියෙන වෙබ් අඩවියට ජනාධිපතිගේ වෙබ් එකට anonymous නොවී (ෆ්‍රී පෙක්සියක් භාවිතා නොකර) එක් ඇතුල් වී අතේ මාට්ටු වීමයි. හැක් කිරීම සඳහා facebook සහ chat වැනි සෙල්ලම් කිරීමට වඩා දැනුමක් අවශ්‍ය බව මෙම තරුණයාට වැටහීමක් තිබී නැති බව පෙනේ. Anonymous පළමු පාඩම - what is my ip? කියා Google එකේ ගසා බලන්න. //// උපුටා ගැනීමකි සාමාන්‍යයෙන් හැකින් වල වැදගත්ම දේ තමා ලොගින් විස්තර ඇතුලත් කුකී වල ඉදන් තමුන්ගේ මැෂින් එකේ පවා විස්තර මකා දැමීම, ප්‍රොක්සියකින් ලොග් උනා උනත්. ඊලග සැරේ මේ ලොග් වෙන ප්‍රාක්සියේ අයිපී එක අහුවෙලා තිබුනොත් ටෙලිකොම් එකට පුලුවන් තමුන්ගේ පාරිභෝගිකයන් අතරින් මේකට රිගන්නේ කවුද කියන එක රැකලා ඉදලා අල්ලා ගන්න. ඒක නිසා හැකින් වල වැදගත්ම දේ පාත්විස්තර මකා දැමීම, තමුන්ගේ අනන්‍ය තාවය හැම විට සගවා තබා ගැනීමට කටයුතු කිරීම සහ එකම දේ නැවත නැවත භාවිතයෙන් වැලකීම.
අද කාලේ අනික හැකින් කරන්නේ ෆිල්ම් වල වගේ කෝඩ් ලිය ලිය කියලා හතින්න එපා . බේසික් හැකින් වලට ටූල්ස් නැත්නම් සොෆ්ට් වෙයාර්ස් තියෙනවා ඕන තරම්. පාවිච්චිය දැන ගත්තම ඇති. ටිකක් ඇඩ් වාන්ස් වෙන්න ඕන නම් අපි අපේ මැෂින් එක සහ වෙබ් අඩවිය අතර අපේම ප්‍රොක්සි සර්වර් එකක් අටෝ ගන්න පුලුවන්. ඒකෙන් අපිට වෙබ් අඩවියේ සිදුවන පනිවුඩ හුවමාරුව දිහා පිට ඉදන් බලලා තේරුම් ගන්න පුලුවන්. මම හිතන්නේ නැහැ මේ පොඩි එකා එච්චර දුරට යන්න ඇති කියලා. මෙතන කෙරුනු බලවත්ම වැරුද්ද තමා හැකින් පිලිබද විස්තර දැමූ තරුණයාව සිරගත කිරීම. අපේ නායකයන්ගේ සහ බලධාරීන්ගේ නූගත්කම වගේම ජනතාව දැනුමෙන් ඈත් කර තැබීමට කොතරම් උත්සාහ කරනවාද කියන එක. එතිකල් හැකින් කියන්නේ ලේකයේ පිලිගත් විශයයක්. බිත්තියක් බැන්දම ඒකේ ශක්ිය මනින්න ගහලා බලන්න එපා කියනව වගේ වැඩක් තමා අපේ කාලකන්නි කලේ. එතිකල් හැකින් නිසා අපිට හැකි වෙනවා වෙබ් අඩවි වල ආරක්ෂාව තහවුරු කරගන්න. මේක හොද ඉතාම ඉහල පඩි ගෙවන රස්සාවක්. වෙබ් සෙකියුරිටි කරන අය අනිවාර්යෙන් දැන ගත යුතු විශයයක්. ඒකෙන් තමා තමුන්ගේ සේවය කරන සමාගමේ සයිබර් ආර්ක්ෂාව තහවුරු කරගන්න පුලුවන්. මේ පාඨමාලා ලංකාවෙත් තියෙනවා. යූටියුබ් එකේ වැහි වැහැලා වීඩියෝ, වෙබ් සයිට් වෙනම ඕනෑ තරම්, ටූල්ස් වුනත් නොමිලේ ඩවුන්ගෝඩ් කරන්න පුලුවන්.(මේ තියෙන්නේ ප්‍රොක්සි සර්මවර්ගි සහ ටූල්ස් මගින් හැක් කරන හැටි තිියෙන සුපිරි යුනිවර්සිටි ලෙක්චර් එකක් . https://www.youtube.com/watch?v=O90lSMmTjjo ).බලන්න මේවා ඉගෙන ගන්න. මේ සයිට් එක හදලා තියෙන්නේම හැක් කරන්න. හැමෝටම ට්‍රයි කරන්න පුලුවන්. https://www.hackthissite.org/ නිකමට යූටුයුබ් එකේ හරි ගූගල් එකේ හරි how to hack a website කියලා ගහලා බලන්න. හැක් කිරීම වරදක් නොවන බව නෙමෙයි මෙතන කියන්නේ. හැක් කිීමේ අරමුණ මොකද්ද කියන එකයි ගැටලුව වන්නේ . පැහැදිවම වෙබ් පිටුවේ ආරක්ෂාවක් නැහැ. මේ අපේ කාලකන්නි පාලකයෝ මිනිස්සු දැනුවත් වෙනවට බය බව දැන් තේරෙනවා නේද? ලිදේ ඉන්න ගෙම්බො වගේ හින්දි ටෙලිනාට්ටියි, ක්‍රිකට් මැචුයි බල බල මිනිස්සු ඉන්න තරමට උන් හරි කැමතී. පොඩි හැකරා අපේ සමහර උන්ට හෙන පොරක් වන්නේත් පාලකයන්ට සහ නිලධාරීන්ට ධරුණු ගණයේ අපරාධ කාරයක් වන්නේත් එකම හේතුවක් නිසා දැන් තේරෙනවා නේද? දෙපැත්තේම නූගත් කම. හැබැයි අර 27 තරුණයා සමාජයට යමක් දෙන්න උත්සාහ කරපු කෙනෙක්. ඔහුව අපිට වටින්නේ මේ නූගත් කම නැති කරන්න කටයුතු කරපු නිසා. අපි සටන් කල යුත්තේ ප්‍රධාන වශයෙන් ඔවුන් වැන්නන් බේරා ගැනීමටයි. හැබැයි සිරාගේ සයිට් එක පිටරට සෙට් එකක් හැක් කරලා වැල පින්තූර ටිකක් දාල තිබ්බනම් අද ඔය කයියවල් මුකුත් නෑ. නූගතුන්ට සහ ගල් මෝඩයන්ට ගිය රට.

Wednesday, August 31, 2016

අනුකලනය තේරෙන සිංහලෙන්

අනුකලනය කියන්නේ මොකද්ද ?
අනුකලනය කියන සංකල්පය මුලින්ම ආවේ යම්කිසි දෙයක වර්ගඵලය සොයන්නේ කොහොමද කියන ැටලුවට පිළිතුරක් වශයෙන්. අපි දන්න තරමින් සමචතුරස්‍රයක , සෘජුකෝණාස්‍රයක, ත්‍රිකෝණයක පිරමීඩයක නැතිනම් ගොලයක  උනත් අපිට වර්ග ඵලය හොයන අපිට අමාරු නැහැ. නමුත් ගැටලුව එන්නේ හැඩය නිෂ්චිත නැති තැනකදී එහි වර්ග ඵලය සොයන්නේ කොහොමද කියල එක. මේකට විසදුමක් විදියට තමා අනුකලනය බිහි වුනේ.

අනුකලනයේදී යොදා ගන්නේ අවකලනයේදී යොදා ගත් සිද්ධාන්තයේම අනික් පැත්ත. අවකලනයේදී  යම් තැනක අනුක්‍රමණ්‍ය සෙවීමයි අපි සිදු කලේ. ඒ කියන්නේ යම්කිසි විචල්‍යයක් යම් සීමාවකට යද්දී ශ්‍රිතයට මොකද වෙන්නේ කියන අදහස. එතෙන්දී යම් විචල්‍යයක් බින්දුවට ආසන්න අගයක් කරා යන ලෙස සැලකීමෙන් තමා y/x  අනුක්‍රමණය ලබා ගත්තේ.
අනුකලයයේදී සිදුවන්නේ මේ බින්දුවට ආසන්නම යැයි යනුවෙන් ලබා ගත්ත මුලු අගයන් ප්‍රමාණය එකතු කරලා ඒ වක්‍රයේ වර්ගඵලය සෙවීම. මේ බව පැහැදිලී පහත රූප සටහන් බැලුවාම














මෙයින් එක ප්‍රස්ථාරයක් තෝරාගෙන එහි යම් ස්ථානය, යම් අවස්ථාවක අදිනු ලබන සෘජු කෝණයක දිග ∆x   වලින්ද එ් අවස්ථාවේ y අගය පෙර අවකලනයේදී ලෙසම  f(w) වලින්ද නිරූපනය කරමු. මේ අනුව අප තැනින් තැන අදින සෘජුකෝණාස්‍ර වල දිග වන ∆w  සමාන වුවද එයට සාපේක්ෂ y අගයන් නැතිනම් f(w) අගයන් වෙනස් වේ මන්ද උස වෙනස් වන බැවිනි. (එනම් ඉහත ශ්‍රිතය f(w) = w2  ආකාර විය හැක.) කෙසේ හෝ අප මෙසේ  ∆w  බින්දුවටම ආසන්න ඉතා මත් කුඩා අගයක් කරාම යන ලෙස සලකා ඒ සියලු සෘජු කෝණ වල වර්ගඵලයන් එකතු කල හොත් අපහට ලැබෙන්නේ එම වක්‍රයේ වර්ග ඵලයයි.  එනම් අපගේ

 f(w) x w  මගින් දෙනු ලබන්නේ එක් සෘජුකෝණ වල වර්ගඵලයි (උස x පලල).  මේ සියලුම සෘජුකෝණ එකතු කලොත් අපිට ලැබෙන්නේ වක්‍රයේ වර්ගභලයයි.
මෙය අපට මෙසේ පෙන්විය හැක . 
E අකුර වගේ එකෙන් ගණිතයේදී පෙන්වන්නේ යම් රටාවක සියලුම අංග එකතු කරන බව පෙන්වීම. මෙතෙන්දී ඒක ඉස්සරහායින් පෙන්වන w හා ඊට අනුරූපව වෙනස් වුනු f(w) එකිනෙක වැඩි කරහම එන සියලුම සාජුකෝණ එකතු කරන බව පෙන්වීම. 0 හා 2 කියන්නේ මුලු w දිග ප්‍රමාණය. ඒ කියන්නේ 2 ඉදන් 0 දක්වා සියලුම සෘජුකෝණ එකතු කරන බව පෙන්වීම.  නමුත් මෙතන f(w) යන විචල්‍යය නිසා මේක පෙන්වන්න අපි S අකුරක් වගේ තියෙන විශේෂ ලකුණක් පෙන්වනවා. මෙතනදී x අක්ෂය නිරූපණය කිරීඹ w වලින් සිදු කලේ වැඩිකිරීමේ ලකුණ සමග පැටලෙන නිසා. නමුත් අවසානයේ අවකලනයේදී වගේම අනුකලනයේ මූලක සමීකරණය අපිට මෙහෙම පෙන්වන්න පුලුවන්. 
    
මින් කියවෙන් f(x) හා ඊට අදාල (d) x අගයන් එකිනෙක වැඩි කරන බවයි. යම් සීමාවක් තියෙනවානම් ඉස්සෙල්ලා 0 හා 2 වගේ ,දැන් අර E අකුරේ වගේම මේ S අකුර වගේ එකේ කෙලවර දෙකෙන් පෙන්වනවා. 

මෙම වර්ගපල සෙවීම වැදගත් වන තැන් මොනවාද ? උදාහරණයක් ලෙස කිසිවකුගේ ඉඩමක් සෘජු ආකාර නොවී වක්‍රවලින් පිරී පවතින්නක් නම් එහි වර්ගඵලය මැන ගැනීමට අනුකලනයේ පිහිට පැතීමට සිදුවනු ඇත.

තවත් උදාහරණයක් ලෙස අප සතුව ඉලෙක්ට්‍රෝණ විදින තුවක්කුවතක් තිබේ යැයි සිතන්න. තත්පරයකට තුවක්කුවෙන් පිටවන ඉලෙක්ට්‍රෝණ ප්‍රමාණය නියතයක් නොවේ යැයි සැලකුවහොත් විනාඩියක කාලයක් තුල අපට මෙම ඉලෙක්ට්‍රෝණ පිටවීමට අදාල ශ්‍රිතය  හරහා විනාඩියක් තුල පිටවුනු මුලු ඉලෙක්ට්‍රෝණ ප්‍රමාණය සොයා ගැනීමට හැකියි. උදාහරණයක් ලෙස ඉලෙක්ට්‍රෝණය විමෝචනය 3x +5x -10 වැනි ශ්‍රිතයකින් දැක් වේ නම් විනාඩියක් තුල පිටවුනු ඉලෙක්ට්‍රෝණ ප්‍රමාණය අවකලනය මගින් සොයා ගත හැක.

මේ සාමාන්‍ය අනුකලනයක් පෙන්වන් ආකාරයයි එස් අකුර වැනි කොටසින් මෙය අනුකලනයක් බවත් දෙපස ඇති a හා b  මගින් අපගේ සීමාවන් දෙකද දැක්වෙනවා . ඉන්පසුව ඇති f(x) යනු අපට අනුකලනය කිරීමට අවශ්‍ය ශ්‍රිතයයි. dx මගින් පෙර අවකලනයේදී මෙන්ම xගේ ව්‍යුත්පන්න බව නිරූපනය කෙරෙනවා.

f(x) = 3x ගැටලුවට විසදුමක් හෙව්වොත් විසදුම ඉතාම සරලයි. මොකද අනුකලනය  කියන්නේ අවකලනයේ අනික් පැත්ත. පවර් රූල් එක මතක නම් ඒකේ අන්ක් පැත්ත ගත්තොත් උත්තරේ.

                                             x3  + c  

මේකේ C වලින් කියවෙන්නේ මොකද්ද ? ඒ තමයි අපි කිසියම් ශ්‍රිතයක් අවකලනය කරන කොට යම් කිසි නියතයක් තිබුනොත් එහි ව්‍යුත්පන්නය සමාන වෙන්නේ බින්දුවට. මේක නිසා යම් ශ්‍රිතයක් අනුකලනය කරන කොට අපි දන්නේ නැහැ මේ ශ්‍රිතයේ කලින් නියතයක් තිබුනද කියලා. ඒ නිසා මේ සැකය නිසා අපි සෑම විටම අනුකලයක් අවසානයේ අගට නියතයත් එකතු කරනවා. නමුත් මේකේ ප්‍රායෝගික බවක් තියෙනවා . ඒ කියන්නේ යම් මට්ටමක ඉදන් නම් යම් මිනීමක් සිදු කරන්නේ ඒ අවස්ථාව දක්වා තිබුනු යම් මට්ටමක් මේ මගින් නිරූපනය කරන්න පුලුවන්. උදාහරනයක් ලෙස ස්ප්‍රින්ග් එකක් එල්ලුවාම ඒකෙම බරට යම් ප්‍රමාණයක් ස්ප්‍රින් එක දිග ඇරෙනවා. ඊට පස්සේ අපි තවත් බරක් මේකේ එල්ලලා  ඉහල පහල චලනය වෙන්න පටන් ගන්න ඇරලා ඒ පැද්දීම කෙලවර දක්වා එම චලනය ශ්‍රතයක නිරූපනය කලොත් අර මුලින් පටන් ගත්ත ඇදිලා තිබුනු ප්‍රමාණයෙන් ඉහලට බර චලනය වෙන් නැත්නම් ඒ ප්‍රමාණය C වලින් නිරූපනය කරන්න පුලුවන්.

මේ නීතිය පවර් රූල් එකේම අනික් පැත්ත 
  xn dx = [x(n+1)/(n+1)] + c මෙහි n = -1 විය නොහැක.

ඒ වගේම 

∫cos(x) dx  = sin(x) +c //


ඉස්සෙල්ලා ගැටලුවම මෙහෙම ලිව්වොත් මොකද්ද මේ කිය වෙන්නේ. ඔව් කිසියම් a අගයක සිට b අගය දක්වා කියන එක. නැතිනම් සීමාවන් දෙකක් කියන එක. වක්‍රයක කොටසක වර්ග ඵලය සෙවීම කියලත් මේක කියන්න පුලුවන්.






මෙතනින් ගැටලුවක් වෙන්න පුලුවන් අමාරු දෙයකට තියෙන්නේ කොටස් වශයෙන් අනුකලනය යන කොටසයි Substitution කොටසයි විතරයි . කොටස් වශයෙන් අනුකලනය කොටස මුලින් සලකමු. මේක ආවේ කොහෙන්ද ? අවකලනය කොටසේ  ව්‍යුත්පන්න සදහා ප්‍රොඩක්ට් රූල් එක මතක් කර ගන්න. (uv)' = uv' + u'v  මේක අනුකලනය කලොත් 


∫(uv)' dx = ∫uv' dx + ∫u'v dx
වම් පැත්තේ තියේනනේ අවකලන සමීකරණයයි. ' ලකුණ මතක් කර ගන්න. අනුකලනය කියන්නේ ඒ ලකුණ ඉවත් වෙනවා. 
uv = ∫uv' dx + ∫u'v dx  
පොඩ්ඩක් පැති මාරු කරලා.
∫uv' dx = uv − ∫u'v dx


uv dx = uv dx − u'(v dx) dx

පහත ගැටලුව සලකන්න.
x sin x dx. 
මෙය කොටස් වශයෙන් අනුකලනය කරමු. මුලින්ම සහ අදුරා ගන්න .
අවකලනය කරන්න - කියන්නේ එලියේ තියෙන කොටසයි. එනම්  අවකලනයෙන් 
X' = 1
අනුකලනය කරන්න.- කියන්නේ ඇතුලේ තියෙන කොටසයි.                                = sinX  අනුකලනයෙන් =  -cosX
                       =  -x (cos(x)) + 1 cos(x) 
නැවත අග කොටස අවකලනයෙන්                       =  -xcos(x) + sin(x) + c // 

මෙහිදී මතක තබා ගත යුත්තක් විය යුත්තේ uv dx = uv dx − u'(v dx) dx සමීකරණයේ  ∫u'(∫v dx) dx කොටසේදී පැවසෙන්නේ වල අවකලනය නැවත ඉදිරියේ ඇති අනුකලන ලකුන යටතේ අනුකලනය කල යුතු බව නොවේ. වල අවකලනය හි අනුකලනයෙක් ගුණ කර අවසානයේ සමස්ථ ප්‍රතිපලය අවකලනය කිරීමයි.

   ∫(x + 2) e dx උදාහරණය සලකන්න 

• u = x + 2
• v = ex
අවකලනය u' = (x + 2)' = 1
අනුකලනය  v: ∫v dx = ∫ ex dx = ex
සුලු කිරීමෙන්
(x + 2) ex − ∫ exdx 
= (x + 2)ex − ex + c
= (x + 1)ex + c
(මෙම උදාහරනය mathisfun වෙබ් අඩවියෙනි.)

අවකල අනුකල අන්තර්ජාලය තුලින් සිදු කර ගැනීමට http://www.integral-calculator.com/ අඩවිය භාවිතා කල හැක. අවකලනය හා අනුකලනය රන ආකාරය කුමක් වවත් මේවා සෑම විටම මේවායේ මූලිකම සිද්ධාන්තය මත රදා පවතින බව මතක තමා ගන්න. මේවා හොදින් අවබෝධ වන්නේ එම මූලික සමීකරණයේ සිට මේ කොටස් වශයෙන් අනුකලනය ආදීයේදී සිදුවන දෙව අවබෝධ කර ගැනීමෙනි.ඒවා ව්‍යුත්පන්න කිරීමට උත්සාහ ගැනීමෙනි. මෙමගින් සෑම විටම ගැටලුවක් පහසුවෙන් අදුනා ගැනීමේ හැකියාවද තේරුම් ගැනීමටද හැකිවේ. එක් ගණනක් බැගින් උදාහරන වශයෙන් දී කොතරම් ගණන් හැදුවද මූලික ප්‍රමේයේ සිට ලැබෙන අවබෝධය මද වේ . 
                        
අවකලය අනුකලනය සරලව පහසුවෙන් ඉගෙන ගැනීමට ද ගැටලු විසදීමටද  http://www.mathsisfun.com/calculus/  අඩවිය භාවිතා කරන්න.