Blog Archive

Wednesday, October 5, 2016

අද සිංහලයාට වැරදුනු තැන

 
අද සිංහල මිනිස්සුන් කරන ලොකුම මෝඩ වැඩේ තමා හැම වෙලේම තවත් කෙනෙක් කරන කන් හෝ කරලා දෙන කන් බලාගෙන ඉදීම.
*රස්සාව ඉගෙන ගත්තට පස්සේ ආන්ඩවෙන් දෙන්න ඕනෑ.
*හොද පඩියක් අනිවා වුරු හරි දෙන්න ඕනෑ. *තමුන් කොච්චර බීල පාරේ ගියත් , හෙල්මට් නැතුව ගියත් අහු උනාම පොලිස් කාරය තමා වැරදි.
*ඡන්දේ පාවිච්චි කරන කොට තමුන්ගේ මාරුව හදා ගන්න මොකෙක් හරි කුපාඩියෙකුට ඡන්දේ දීලා අනිත් උන් රට ගැන හිතලා ඡන්දේ දෙයි කියලා බලා ගෙන ඉන්නවා.
*ජීවිතේට පන්සලකට නිකම අඩියක් නොතියා පංසලේ හාමුදුරුවෝ හරියට සිල් රකී කියල බලන් ඉන්නවා.
* තමුන්ගේ වත්තෙම කුණු ගොඩ ගහගෙන අනිත් වතු වල උන් වතු සුද්ද කරලා මදුරුවෝ එන එක වලක්වයි ියල ඉන්නවා.
*ගාමේ උන් ටික එකතු වෙලා හ්‍රමදානයක් දා ගන්නැතුව හැම රෙද්දම ප්‍රාදේශිය සභාවෙන් කරයි කියල ඉන්නව.
*තමුන් හොදට වැල බලල අනිත් එවුන් වැලත් නොබල අපචාර කරන්නෙත් නැතුව ඉදී කියල හිතනව විතරක් නෙමෙයි ධර්ම දේශනාත් කරනව.
* තමුන් කුණු වෙනකම් බිබී අනිත් එවුන්ට බොන එකේ විපාක ගැන කියනව.
*තමුන් අර තුට්ටු දෙකේ ඉන්දියන් ටෙලි නාට්‍ය වලට ඇබ්බැහි වෙලා රටේ උන් මෝඩයි කිය කිය බනිනවා.
හිතල බලන්න මේ වගේ තව කොච්චර දේවල් තියෙනවද කියලා. මුස්ලිම් මිනිහෙක් හරි දෙමල මිනිහෙක් හරි පාර්ට් එකක් දැම්මම පෝස්ට් එකක් හදලා ශෙයා කරන්න අය ඕන තරම් ඉන්නවා. නමුත් එතෙන්දි කෙලින් ඒ මිනිහට කතා කරන්නවත් නැත්නම් ඒකත් පෝස්ට් එකක් නම් ඒකට උත්තර දෙන්නවත් කවුරුවත් යන්නේ නෑ. කවුුරු හරි බුද්ධගම ගැන ප්‍රශ්න කලාම ඌ අපහාස කලා කිය කිය යනවා නමුත් උත්තර දෙන්න දැනුමක් නැහැ. මොකක් හරි අනවශ්‍ය වීඩියෝ එකක් පොටෝ එකක් ආපුවහම බලන එක එකා රිපෝර්ට් කලා නම් ඒක අයින් වෙනවා. ඒත් ඒ වෙනුවට ඒක ගැන පෝස්ට් ශෙයා කර කර බැන බැන වෙන කවුරු හරි ඒ පොස්ට් එක අයින් කරයි කියල බලාගෙන ඉන්නවා. හොදින් හිතලා බලන්න මේක නෙමේද මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. දේශපාලන බෙදීම් සියල්ලටමත් හේතුව මේ ආත්මාර්ථකාමී කම නෙමෙයිද ? ඇයි රස්සාවක් කරන ගමන් හරි තව වැඩි පුර සල්ලි ටිකක් හොයා ගන්න පුලුවන් විදි බලන්නේ නැත්තේ. ඇයි දේශපාලුවෙකුට මූනට කතා කරන්න අපේ මිනිස්සුන්ට කොන්දක් නැත්තේ ? ඇයි වැරදි කරන එකාගේ සුලු හොදක් අල්ලන් අගය කරන්නේ ඉතුරු ටික මූනට කියා ගන්න පන නැතුව? ඇයි අපි එක එකාට බය වෙලා මේ ජීවත් වෙන්නේ?  අපි අපි හැදෙන යුතුකම කලොත් විතරයි අපි හැමෝම ගොඩ යන්නේ. එහෙම නැති තාක් අර පක්ෂෙ එකාගෙයි මේ පක්ෂෙ එකාගෙයි කතා අහ අහ රැලෙ වැටිච්ච සුනකයො වගේ එහෙ මෙහෙ යයි. යම් කිසි අදහසක් තියෙනවා නම් මුලින්ම ඒක සාකච්ඡා කරන්න ඒක වෙනුවෙන් පෙනී සිටින්නට පෙර. එක්කො දැන්න කෙනෙකුගෙන් අහන්න. හැබැයි කියන පලියට කිසි දෙයක් පිලි ගන්න නම් එපා. හෙට දවස අදට වඩා හොද කර ගන්න හැම වෙලේම හිතා ගනිමු.

No comments:

Post a Comment