දකී. මෙය දුටු විට මෙය මෙතනට පැමිණි ආකාරය පිළිබඳව ඔබට සිතිවිලි පහල ෙවි.අවසානයේ අවට සාකෂි ඇතොත් ඒවාද මුල් කර ගනිමින් මෙය මෙසේ පැමිණියේ යැයි ඔබ නිගමනය කරයි. නමුත් නියම සත්‍ය ඔබ දන්නේ නැන. ඇත්තේ සිතින් කළ නිවැරදි යැයි සිතන
සිතිවිල්ලකි. මෙය සංකල්පයකි.
ලෝකය දකින අප මෙය සත්‍යය ලෙසම මෙහි පවතින්නක් ලෙස සිතමු. අපට ඇසෙන, දකින,විදින ලෝකය සැක කිරීමට හේතුවක් නොමැත. නමුත් සමහර සිදුවීම් අපට තේරුම්ගත නොහැකි ආකාරයට සිදුවේ. එවිට එය පැහැදිලිකර ගැනීමට අප සංකල්ප බිහි කරනු ලැබේ.
සමහර මිනිසුන් අතීතයේ අකුණු ගසන විට එය දෙවිවරුන් සිදුකරන ක්‍රියාවක් ලෙස සිතූහ. ලෝකය පැතලි බවට ඔවුන් තුල සංකල්පයක් විය.
විද්‍යාව යනුවෙන් අප අද කථා කරන දෙයද මෙවැනි සංකල්පයි. පුද්ගලයකු තුල පහල වන
සිතිවිලි ඔහුගේ අත්දැකීම් මත රදා පවතින බව අප මුලින් දැක්වූයෙමු. මේවායින් පරිභාහිරව
ඔහු තුල පහලවන අමුතු සිතිවිලි නැත. එනම් හිටි හැටියේ හේතුවක් නොමැතිව සිතිවිලි පහල
නොවේ. මෙම නිසා කිසියම් පුද්ගලයකු කිසියම් සිදුවීමක් දුටු විට එය විස්තර කරන්නේ තම
අත්දැකීම් මත පදනම් වෙමිනි. තමුන් ඇසූ දෙය දුටු දෙය විදි දෙය හා දැනුනු දෙය මත පදනම්
වෙමිනි. මෙම නිසා එක් එක් පුද්ගලයා එක් එක් සංසිද්ධි විස්තර කරන ආකාරය එකිනෙකට
වෙනස්ය. එක් අයෙකුට සද තමුන් ඉගෙන ගත් දේ අනුව ග්‍රහවස්තුවක් වන විට තවත්
අයෙකුට තම සමාජයේ පිළිගැනීම් අනුව සද යනු දෙවිකෙනෙකි. අයෙකුට අකුණ ගැසීම
ආරෝපණය වනු වලාකුලූ නිසා සිදුවන්නකි. අයෙකුට එය තමුන්ගේ පව් වලට සිදුවන දෙයකි.
නමුත් අකුණේ හානිය දෙදෙනාම දනී. අකුණු ගසන විට දෙදෙනාම ආරක්ෂක ස්ථානයකට දුවයි.
නමුත් එකම සිදුවීම විවිධ අත්දැකීම් අනුව ඔවුන් විස්තර කරන්නේ වෙනස් ලෙසයි. අප
දකින්නේ අපගේ සිතිවිලිම යැයි අප මුලින් කථා කලේද මෙයමයි. අද අප විද්‍යාව ලෙස
හදුන්වන දෙය උපත ලැබීම කොහේ සිදුවුනද පෝෂණය වූයේ බටහිරිනි. පෙරදිගට වඩා
බටහිර සංස්කෘතියද එම නිසා සිතන ආකාරද වෙනස්ය. බටහිර විද්‍යාව යනු මෙසේ ඔවුන්
විසින් තම අත්දැකීම් මත කාලයක සිට ගොඩනැගුනු දේය. ඔවුන්ගේ සංස්කෘතිය තුල
නොමැතිවීම නිසාම සිතිවිලි වල බලයක් තිබේ, පුනර්භවයක් තිබේ වැනි කාරණා බටහිර
විද්‍යාවෙන් සෘජුවම ප්‍රතික්ෂේප විය. නමුත් පෙරදිගදී මේවා සැබෑ බවට මුල්බැස ගෙන තිබූ
කරුණුය. අද බටහිර විද්‍යාව ඉගෙනගත් සමහරුන් ඒ මත පිහිටා මෙවැනි කරුණු බොරු ලෙස
බැහැර කරති. නමුත් ඔවුන් නොදන්නා දෙය වන්නේ මෙම සංකල්ප බිහිකිරීම් අනුව බටහිර
සංස්කෘතිය තුලද මෙවැනි සංකල්ප තිබුනේ නම් ඔවුන්ගේ අද විද්‍යාව නැමති සංකල්ප තුලද
මේවාට සාක්ෂි සපයන දේ අඩංගු වනු ඇතිබවයි. සමහර පුද්ගලයින් අප වනාහී යථාර්තවාදීන්
යැයි සිතමින් දකින දේ අසන දේ විදින දේ අනුව පමණක් ලෝකය යන්න තේරුම් ගැනීමට
උත්සාහ කලද තමුන්ගේ සිතිවිලිවල සෑම විටම වහලූන් වේ.
වෙනස් පාරවල් දෙකකින් පැමිනි පුද්ගලයින් දෙදෙනෙකු ඉතාමත් අන්ධකාර මාවතකට පිවිසීම
සලකන්න. දෙදෙනාම ගමන් ගන්නේ එකම පාරේ වුවද ඔවුන් කලින් පැමිණි මාර්ග දෙකේදී ලැබූ
අතිදැකීම් අනුව මේ මාර්ගය පිළිබදව පරීක්ෂාකාරී වන ආකාරයද ඒ පිළිබදව තීරණ ගැනීමද
වෙනස්ය.
මෙසේ සංකල්ප වල පිහිටා ලෝකය දැකීම හරියටම පාට කන්නාඩියකින් ලෝකය දැකීමක්
වැනිය. නිල් කන්නාඩියක් දැමූ විට නිල් පාටින් ලෝකය පෙනේ. කන්නාඩිය යනු සංකල්පයයි.
අප බොහෝදෙනා දමා ගෙන සිටින කන්නාඩියේ පාට බටහිර විද්‍යාවයි. එම නිසා අපට ඒ
පාටින්ම ලෝකය පෙනේ.
මෙම ලිපි මගින් අප සිදුකරන්නේද සංකල්ප බිහි කිරීමකුයි. නමුත් මෙහිදී එක් වෙනසක් ඇත.
අප සංකල්ප නිර්මාණය කරා ලෙස ගැනීමට වඩා සංකල්ප පැහැදිලි කර ගැනීමට උත්සාහ ගත්
බව දැක්වුව හොත් එය වඩා නිවැරදි යැයි සිතිය හැක. අප උත්සාහ කලේ ලෝකය පාට පාටින්
දැකීමට හේතුව කන්නාඩියේ වීදුරු පාට වී තිබීම බව අවබෝධ කර ගැනීමටයි. නමුත් ගැටලූව
වන්නේ මේ කන්නාඩියද එහි වීදුරු වල කිසියම් පාටක්ද නොමැතිව අපට ලෝකය දැකීමට
නොහැකි වීමයි. කන්නාඩියේ වීදුරු පාට බව අප දුටුවේද පාට වීදුරු තුලිනි. එයද සංකල්ප
නිර්මාණයක්ම වේ. අප ඉපදී ඇත්තේ මේ පාට කන්නාඩිය සමගින්මය.
තම අත්දැකීම් අනුව සත්ත්වයින් කුමන සංකල්ප බිහි කලත් එහි සීමාවක් පවතී. සත්ත්වයින්
සියලූ දෙනා බොහෝ කරුණු වලින් සමාන අතර ඔවුන්ව වෙනස් තත්වයන්ට පමුණුවා ඇත්තේද
වෙනස් වෙනස් දේ දකින්නේද ඔවුන්තුල ඇති මේ සිතිවිලි මගිනි. කුමන සංකල්ප තුල ජීවත්
වුවත් සියලූ දේ වෙනස් වීම ස්ථීරය සත්ත්වයින් මියයාම ස්ථීරය. ජීවත්වීම තුල සැප දුක් විදීම
සියලූ දෙනාට පොදුය.
අප කථා කළ ලෙසට සත්ත්වයා තුල ඇති සිතිවිලි අනුව ඔවුන් මෙය මෙසේය, මෙය මෙසේය,
යනුවෙන් සංකල්ප බිහි කරයි. නමුත් ඔවුන් තුල එම සංකල්ප බිහි කිරීමට පැවති සිතිවිලිද
සංකල්පම වේ. සත්ත්වයා නොදන්නා දෙය වන්නේ මෙයයි. මෙසේ පවතින සංකල්ප මුල් කර
ගෙන සිතිවිලි බිහිවීමෙන් තව තවත් සංකල්ප ගොඩ නැගේ. මෙසේ අද සිටින ලෝකය සංකල්ප
රාශියක එකතුවකි. ලෝකයම සිතිවිලි වල නිර්මාණයකි. නමුත් මේ සංකල්පයේ මුලක් සොයා
ගත නොහැක. මෙය කෙසේ ඇතිවුනිද යන්න පිළිතුරක් නොමැති පැනයකි. අපට එය ප්‍රත්‍යක්ෂ
නොවේ. මෙය ඔබට මුලින් පැහැදිළි වීමට ඇත. සත්ත්වයාගේ සිතිවිලි වල ඔහු දැනුවත්වත්
නොදැනුවත්වත් මෙම සංකල්පය නිර්මාණය කර ඇත. එනම් සංකල්ප සම්මත වී ඇත.
එලෙසම අද ඔබ බිහිකරන කිසියම් සංකල්පයක්වේද එයද කාලයාගේ ඇවෑමෙන් සම්මතයක්
විය හැක. එය සම්මතයක් වීම තුළ එය යථාර්ථයක්වේ. එය බොරුවක් බවත් සංකල්පයක්
බවත් අවබෝධ කරගැනීම අපහසුවේ. අපගේ සිතිවිලි සෑම විටම මෙහෙයවන්නේ කිසියම්
සතුටක් වින්දනයක් සොයමිනි.මේ තුළ සමහර සංකල්ප අප විසින් නොසිතාම බිහිවේ. එසේම
සමහර සංකල්ප වැරදි වැටහීම් නිසා ඉබේම බිහිවේ.
පෙර එක් පන්සලක ස්වාමීන් වහන්සේලා භාවනා කිරීමට වාඩිවූ විට බළලෙකු කෑගසන්නට විය.
එවිට නායක ස්වාමීන්වහන්සේ ඌව බැද දමන ලෙස නියෝග කලේය. ඉන්පසුව භාවනාවේ
යෙදුනහ. පසුදාද ඔවුන් භාවානාවටම වාඩිවන විට ද බළලා කෑගැසුවෙන් එදාද ඌව බදින ලදී.
මෙසේ මෙය දිගු කලක් සිදුවුනු අතර මින් පසු බළලා කෑගැසුවද නැතද ඌව භාවනාවට පෙර
බදිනු ලැබිනි. එම බළලාගෙන් පසු ගෙනා බළලාටද එම ඉරණම සෑම විටම භාවනාවට පෙර
අත්විය. මෙසේ මෙම නායක ස්වාමීන්වහන්සේලා බොහෝ දෙනෙකුගේ ඇවෑමෙන් පසු බොහෝ
කලකට පසු අවුරුදු සිය ගණනකට පසු එහි එක් භික්ෂූන් වහන්සේ නමක් තම පොතක සෑම
විටම භාවනාවට පෙර බළලෙකු බැද දැමිය යුතු බව දක්වා තිබුනි.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊජිප්තු පිරමීඩ වලින් සොයාගත් පිටසක්වල ජීවියෙකුගේ
ඡායාරූපයක් යැයි අවුරුදු ගණනාවක් ලොව පුරා විශ්වාස කෙරුනු රූපයකි. නමුත් පසුව
මෙය මල් බදුනක රූපයක් විකෘතිවී පෙනීමක් බව
පරිඝනක ඇසුරෙන්වෙනස් කර බැලූ විට
චිත්‍රය පැහැදිලිවිය.එය මල්බදුනකි.
සිත සෑම විටම තමාගේ සතුට සොයා යන නිසා සංකල්ප බිහිකල තැනැත්තාට සෑම විටම තම සංකල්පය නිවැරදි යැයි පෙනෙයි. චීන උපමා කථාවකට අනුව එක් මිනිසෙකු සතු වටිනා
භාණ්ඩයක් වරක් කිසිවෙකු විසින් සොරා ගනු ලැබිණි. ඔහුට ඒ ගැන අසල්වැසියෙකු පිළිබඳව සැක ඇතිවිය. එතැන් සිට ඒ මිනිසා දකින විට ඔහු ඇවිදින්නේද සොරෙකු ලෙස යැයිද බලන්නේ සොරෙකු ලෙස යැයිද ඔහුට පෙනිනි. නමුත් බඩු සොරාගත් තැනැත්තා පසුව අසුවිය.
ඔහු වෙනත් අයෙකි. එදා සිට අසල්වැසියාගේ සොර හැසිරීම් ඔහුට නොපෙනිනි.
සංකල්ප බිහි කිරීම සතුක් හෝ වින්දනයක් සෙවීම සදහා යැයි ගැනීම වැදගත් කාරණයකි. අදද බොහෝ විට කිසිවකු සංකල්පයක් අලූතින් බිහි කරන්නේ හෝ පිළිගන්නේ ඒ මගින් තමුන්ට ලැඛෙන්නාවූ කිසියම් පෞද්ගලික වින්දනයක් හෝ ලාභයක් පවත්නා බැවිනි එනම් ප්‍රධාන වශයෙන් තමුන් තුල ඇති අසාවට යටත්වයි. තවත් අයෙකු මේ ගැන විවාදයට ඉදිරිපත් වුව හොත් සංකල්පය පිළිගත් තැනැත්තා වෙත් එය පිළිගැනීමට ප්‍රධානම වූ පෞද්ගලික ලාභය වසා
ගනිමින් ඒ සම්බන්ධ අනෙක් නොයෙකුත් තර්ක විතර්ක ඔහුටත් නොදැනුවත්වම ඔහුගේ යටිසිත මගින් ඉදිරිපත් කරයි. වඩාත්ම නරක දෙය වන්නේ තමුන් පිළිගත් හෝ නිර්මාණය කල සංකල්පය තමුන්ගේ වාසිය සදහා නිමවුනු බොරුවක් විය හැකි නමුදු කල් යත්ම එය සැබෑවක්
බවට තම යටිහිතේම ධාරණය වීමයි. තමුන් තනා ගත් හො පිළිගත් සංකල්ප වලින් එම පුද්ගලයා බැදී යයි. එම සංකල්ප වලට ඔහු බැස ගනී. ඒ තුල ජීවත් වේ.
නස්රුදීන්ගේ කථාවකට අනුව වරක් නස්රුදීන් පාරේ ගමන් කරන විට කරදර කාර කොලූ රැලක් ඔහු වට කර ගත්තේය. කොලූ රැලෙන් බේරීමට ඔහු පොහොසත් එමීර් එදින සියලූ දෙනාටම නොමිලේ දානයක් දෙන බවට බොරුවක් පැවසීය. වටපිට බැලූ නස්රුදීන් දුටුවේ ඒ
වන විටත් කොලූරැල එමීර්ගේ නිවස වෙත දිව යන ආකාරයයි. ඒක ඇත්තක්ම විය හැකියැයි මෙහිදී නස්රුදීන්ටම සිතුනි එය සැබෑවක් නම් නොයෙකුත් රසවත් ආහාර පාන ඔහු විසින් ආහාරයට ගන්නා අයුරු ඔහුට මැවී පෙනුනි. මොහොතකින් ඔහුද කොලූ රැල පසුපස දිව
යන්නට විය.
තමුන් තනා ගත් හෝ පිළිගත් සංකල්ප වල සිරවී කල්ගත වන විට එම පුද්ගලයා එම සංකල්ප තුලින්ම තමුන් යනු මෙවැනි වූ විශිෂ්ඨයකු බව දකී. කෙටියෙන් පැවසුවහොත් එම පුද්ලයාත් එම සංකල්පත් යනු එකකි. ඔහු ජීවත්වන්නේ එම සංකල්ප වලට අනුවයි. ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන් කළ නොහැකි යයි ඇල්බට් අයින්ස්ටයින් විද්වතා විසින් මතයක් බිහි කලේය. මෙම මතය පිළිගන්නා තවත් නවක විද්‍යාඥයෙකු ඇතැයි සිතන්න.
(මෙය අවතක්සේරු හෝ පිලිනොගැනීමක් නොවේ. අවස්ථාවට මතක්වුනු උදාහරණයකි. එය වැරදි යැයි ඉන් නොහැගවේ.) මේ මතය ඔහුගේ මනසේ පැලපදියම් වී යථාර්ථයක් වූ විට කල් ගතවී ඔහු කිසියම් පර්යේෂණයක් සිදුකළද ඔහු නොදැනුවත්වම ඔහු එම පරීකෂණය
සිදුකරන්නේ එම මතයට අනුකූලවමය. එය නොබිදෙන පරිදිය.
වයස්ගත පුද්ගලයකු වෙත ඔහු පිළිගත් හෝ නිර්මාණය කල සංකල්පයක් නිවැරදි නොවන බවට කොතරම් සාකෂි ඉදිරිපත් කලද පිළිගැනීම ප්‍රතිෙකෂ්ප කරයි. නමුත් තරුණ පුද්ගලයකු සම්බන්ධයෙන් මෙය එසේ නොවේ. තරුණ වියේදී නව සංකල්ප නිර්මාණය කල පුද්ගලයන් වයස් ගත වන විට නව නිර්මාණ කරන්නේ කලාතුරකිනි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මුල් සංකල්ප තුල බැස ගෙන සිටින ඔවුන්ගේ සිත් අලූත් දේ කරා යොමු වීමට නොනැමීමයි. සමහර
විට එවැනි දෙයකින් තමුන්ගේ මුල් සංකල්ප බිද වැටිය හැකි යැයි බියක්ද යටිහිත තුල මතුවිය හැක.
ලෝකය දෙවියෙකුගේ නිර්මාණයක් ලෙස දකින මිනිසුන් තම සිත තුළ එය පැලපදියම්ව, යථාර්ථයක්ව තිඛෙන විට කෙතරම් වෙනත් සාකෂි තිබුණද ලෝකය තුළ දකින්නේ තමුනුත් නොදැනුවත්වම තම සංකල්පය නිවැරදි බව පෙනෙන දේවල්ම වේ. ගසකින් හෝ ගලකින්
සලකුණක් මවා ගත හැකි වුවද. ඛෙහෙත් මගින් කිසිවකුගේ රෝගයක් සනීප වුවද වර්ෂාව නිසා ගංවතුරක් ගැලූවද, කැලෑ කැපීම නිසා වතුර හිග වීමද, තමුන් ගේ මහන්සියට ලැඛෙන මාසික
වේතනය හෝ පාරිතෝෂිකයද ඔවුන්ට පෙනෙන්නේ දෙවියන්ගේ කි්‍රයාවක් ලෙසයි.
සංකල්ප යථාර්ථ බවට පත්වීමට ප්‍රධාන හේතුව එක් සංකල්පයක් බිහිවුනු විට එය අලලා තව තවත් සංකල්ප බිහිවීමයි. එවිට මුල් සංකල්පය සම්මතයක් වේ. මෙය හරියටම අප පෙර තිත්
කොලයේ උදාහරණය මගින් දුටු දෙයට සමානය. තින් එකතු කර රූප තනනන්නාක් මෙන්ම සංකල්ප එකතු කර නව සංකල්ප බිහි කර ගනී. එවිට මුල් සංකල්ප දෙවන සංකල්පයෙන් වැසී
යයි. එය මත තවත් සංකල්ප බිහිවීමෙන් මුල් සංකල්පය නොපෙනීම යයි. එනම් ඔබේ සිතිවිලි මීලගට දකින්නේ පසුව නිර්මිත සංකල්පය පමණකි. යථාර්තය වන්නේ එයයි. ලෝකයේ සියලූ දේ වෙනස් වේ සෑම මොහොතකම සියලූ දේ වෙනස් වේ. නමුත් මෙම වෙනස්
වීම් මත අප සැබැවින් පවතින ලෝකයක දකින්නේ කිසිදා වෙනස් නොවන බව සිතමින් ලෝකය අල්ලා ගන්නේ මෙම වෙනස් වීම් සැබැවින්ම පවතින බව පුරුදු කර ඇති නිසයි.
No comments:
Post a Comment