Blog Archive

Tuesday, January 8, 2019

යුනිට් 731 (සංවේදී අය සදහා නොවේ)

“තිස් හැවිරිදි වියේ පමන වුනු තරුණයකු ඇද මත හොවා තදින් ගැට ගසනු ලැබුනි. සුපරුදු ලෙසම නිර්වින්දක භාවිතා කිරීමක් නොමැත. අවට සිදුවන ක්‍රියාවන්හි අරමුණ ගැන වැටහීමක් නොමැති වුවද මේ තමුන්ගේ අවසානය විය යුතු බව ඉවෙන් මෙන් දැනුනු නිසාදෝ ඇතිවුනු භීතිය තරුණයාගේ මුහුනින් පිළිඹිබු වේ. ප්‍රදාන වෛද්‍ය වරයා සැත්කම් පිහිය ගනිත්ම හු බැමි වලින් මිදීමට දැවැන්ත උත්සාහයක් ගත්තද එය අසාර්ථක විය. සැත්කම් පිහිය සෙමෙන් ඔහුගේ පපු ප්‍රදේශයෙන් ඇතුලු වී බඩ දක්වා කැපුමක් ඇති කරන්නට විය. දරා ගත නොහැකි. අදික වේදනාවෙන්මර හඩ නැගූ ඔහුගේ හඩ ගලා යන රැධිරයද සමග කෙමෙන් නිසල විය.”
“ශාලාවට අප සැම රැස් කරවූ ඔවුන් අප ඉදිරියට සිරකරුවන් දෙදෙනෙකු ගෙන එන ලදී. අපගේ ඇස් පනා පිටම වුන්ට වෙඩි පහර බැගින් එල්ල කලේය. අනතුරුව තවමත් පන තිබෙන සිරකරුවන් පසෙකින් පිහිටි සැත්කම් කාමරයට ගෙන ගොස් වැදුනු උන්ඩ දෙක එලියට ගැනීමට අපට නියම කලේය. නිර්වින්දක නොමැතිව සිදු කරන්නට නියම වුනු මෙම කාර්යය නවකයන් වුනු අපට මෙය එදින දැඩි කම්පනයක් ඇති කලත් පසුව කෙමෙන් කෙමෙන් සාමාන්‍ය දෙයක් බවට පත්විය.”


ඔබ මේ කිව්වේ අලුත් හොරර් ෆිල්ම් එකක හරි සිදුවීම් දෙකක් ගැන කියලද හිතන්නේ ? නැහැ. 189 4 චීනයේ කුයින්ග් අධිරාජ්‍යය සහ ජපන් අධිරාජ්‍යය අතර වර්තමාන කොරියාව සම්බන්ධයෙන් විශාල ගැටුමක් හට ගන්නවා. යුදස්ධය අවසන් වන්නේ කුයින්ග් අධිරාජ්‍යයේ කොටසක් ජපානය සතු කරමින් සහ ජපායනට ජය ගෙන දෙමින්. කොරියාව , තායිවානය , කහ මුහුද ආහ්‍රිතව ඇතිවන මේ ගැටුමෙදී ජපානය චීනය සතුවුනු මැන්චූරියාව නම් ප්‍රදේශය අත්පත් කර ගන්නවා. ඉන්පසු පුරා දශක තුනක් පමනම මේ ප්‍රදේශයේ අණසක පතුරවන්නේ ජපනුන්. මැන්චූරියා ප්‍රදේශය දුප්පත් ගොවීන්ගෙන් සමන්විත මිශ්‍ර ජනවර්ගය සිටි පලාතක්. වැඩිපුර චීන ජාතිකයන් සමග රැසියානු සහ මොන්ගෝලියානු ජාතිකයන්ද මේ පලාගේ ජීවත් වුනා. 1931 වසරේ චීනයත් එක්ක එතෙක් පැවති යුද්ධයේ පියවරක් එක් චීන හමුදා නිලධාරියකුගේ බෝම්බ ඇටවීමේ ක්‍රියාවක් නිසා ජපානය මැන්චූරියාව චීනයෙන් වෙන් කර වෙනම ප්‍රාන්තයක් ලෙස පාලනය කිරීමට පටන් ගන්නවා. 1925 දී පලවෙනි ලෝක යුද්ධයේ අද්දැකීම් අනුව නිකුත් වුනු ප්‍රඥ්ඥප්තියක් අනුව ජීව විදයාත්මක අවි නිපදවීම තහනම් කෙරුනත් . චීනුන් වැනසීමේ අරමුණින් සිටි ජපනුන් විසින් 1937 වර්ෂයේදී පමන මැන්චූරියාව පෙදෙසේ ජලපිරිපහදු කම්හලක් ලෙස අගවමින් ජීව විද්‍යාත්මක අවි පිලිබද පර්යේෂණ සිදු කිරීම සදහා විශාල පර්යේෂණා ගාරයක් රහසිගතව ආරම්භ කරනවා. 1941 දී මෙයට යුනිට් 731 යන නම ආරූඨ වනවා. මුලු ලේාකයේම මෙම ම්ලේච්ඡ පර්යේෂනා ගාරය අද කාලයේ ප්‍රසිද්ධ මෙම නාමයෙන්. මෙහි ප්‍රධාන තැන ගන්නේ හිරෝඉෂි නම් දක්ෂ ජපන් අණදෙන නිලධාරී වරයෙක්. ඔහු දක්ෂ වෛද්‍යවරයෙක් මෙන්ම භෞත චිකිත්සකවරයෙක්. මෙම විශාල පර්යේෂනාගාරයට ප්‍රධානම හේතුව වන්නේ 1937 වර්ෂයේදී අමෙරිකාවේ සහ රුසියාවේ ආධාර ඇතුව ජාපානය සමග නැවතත් චීනය යුද්ධයට එලබීම.

එලඹ සිටින සතුරාගේ විශාලත්වය මෙන්ම පර්යේෂනා ගාරයද වශාල විය යුතුයි. සතුරාගේ ප්‍රහාර දැඩි වනවාක් ලෙසම පර්යේෂණ ක්‍රියාවලියද දැඩි කල යුතුයි. වර්ග කිලෝමීටර තුනක පමණ ප්‍රදේශයක් පුරා පැතිරුනු මෙම පර්යේෂණා ගාරය සතුව ඒ වනවිට පැවති නවීනතම වෛද්‍ය උපකරණ පහසුකම් සහ එක්දහස් පන්සියයක පමණ වෛද පර්යේෂකයන් පිරිසකගෙන්ද සැදුම් ලත් අති විශාල කාර්යය මණ්ඩලයක්ද සහිතව නිවාස සිර කුටි, විවිධ පර්යේණාගාර, සත්ත්ව ගාල් ආදී සියලු දෙයින් සමන් විත ගොඩ නැගිලි එකසිය පනහකට අධික සංඛ්‍යවෙක් ඉදිවී තබෙනවා. අදික උසින් යුත් බැමි සහ ඊටත් උඩින් ඇදුනු විදුලිය යෙදූ කම්බි වලිනුත් බාහිර ලෝකයෙන් මේ පර්යේෂනාගාරයා සහ එහි කෲරත්වය වසා දැමුනා.
එක් පර්යේෂ ණඅංශයක් වෙන් කර තැබුනේ කොලරා, මහාමාරිය, සරම්ප, ඇන්ත්‍රැක්ස් වැනි ලෙඩ රෝග හා විශ පිලිබදව පර්යේෂණ සදහා. තුන්සීයයක් පමණ රැදවිය හැකි සිරකුටියක්ද සමගින් පැවති මෙහිදී පර්යේෂණයට ලක්වූවන්ට බලහත් කාරයෙන් නොයෙකුත් මේ ආකාර ලෙඩ රෝග වලදවා පසුව රෝගයේ විවිධ අවදි වලදී ශරීරයට සිදුවන වෙනස් කම් දැක ගැනීම සදහා විවිධ මට්ටම් වල සිටින පුද්ගලයින් ශරීර විවච්ඡේනයට (VIVISECTION) ලක් කර පරීක්ෂා කර තිබෙනවා. නමුත් භයානකම දෙය නම් පර්යේෂණ ප්‍රතිපල වලට හානි වේ යැයි යන සැකය නිසා කිසිවකුටත් නිර්වාන්දක (ANESTHETIC) භාවිතා කිරීමක් සිදුවී නෑ.
දෙවන අංශය වෙන්වී තිබුනේ හානිකර ලෙඩ රෝග බෝකරමින් මිනිසුන් වනසා දැමීම සදහා පර්යේෂණ සිදු කිරීමටයි. විශේෂයෙන් සිපිලිස් වැනි සමාජ රෝග සිරකරුවන් හා සිරකාරීයන් හරහාම අනෙකුත් සිරකරුවන් හා සිරකාරියන් දූශණය කරමින් බලහත් කාරයෙන් වලදවා පෙර මෙන්ම විවිධ අවස්ථා සදහා පන තිබියදීම විවච්ඡේදනයට ලක් කර තිබෙනවා. සමහර සිරකාරියන්ට මේ හර හා දරු උපත් සිදුවූ විට එය පවා පර්යේෂණයට හේතුවක් වී තිබෙනවා.
තුන්වන කොටස ජීව විද්‍යාත්මක අවි ආයුධ නිපදවීමේ පර්යේෂණ සදහාත් හතරවන කොටස මෙම බැක්ටීරියා බෝ කිරීම සහා ගබඩා කිරීම සදහාත් යොදා ගෙන තිබෙනවා. පහ හය හත අට වැනි කොටස් පුහුණු කටයුතු කාර්යාලීය කටයුතු ආදිය සදහාද යොදා ගෙන තිබෙනවා.






පර්යේෂන සදහා බිලිවන මිනිසුන් සපයා ගැනීමට මැන්චූරියාව පෙදෙසේ ජීවත් වන අහින්සක ජනතාව ඉතාමත් පහසුවක් වී තිබෙනවා. එමෙන්ම විවිධ වැරදි යටතේ අල්ලා ගෙන එන සිරකරුවන්ද මෙයට යොදා ගෙන තිබෙනවා. විවිධ ලෙඩ රෝග වලදවා පනපිටින් ශරීරයේ විවිධ අවයව ඉවත් කිරීමේ සිට අත්පා ඉවත් කිරීම . එ්වා වැරදි පැති වලින් ශරීරයට බද්ධ කිරීම, සත්ත්ව රැධිරය ශරීරයට එකතු කිරීම , ශරීරයට වෙනත් නොයෙකුත් අහිතකර දේ එක් කිරීම ගිනි තැබීම, අදික විකිරණ වලට ලක්කිරීම, අවයව කපා දමා ලේ ගලා යාමට හැර මරණයට ගත වන කාලය පරීක්ෂා කිරීම, බඩගින්නේ තබා මරණයට පත්වන කාලය බැලීම, කකුල් වලින් සිටුවා මරණයට ගත වන කාලය බැලීම, වකුගඩු වලට අශ්ව මුත්‍ර එක් කිරීම, අදික පීඩනයන්ට ලක් කිරීම අධික ශීතලට ලක් කිරීම ( ඒ ඒ අවස්තාවල ශරීරයට වන බල පෑම් පර්යේෂන කිරීම සදහා), කනු වල ගැට ගසා බෝම්බ වලට කෙලින්ම නිරාවරණය කිරීම මගින් එක් එක් දුර ප්‍රමාණ වලදී පුද්ගලයන්ට සිදුවන හානි පරීක්ෂා කිරීම ආදී අතිශය ම්ලේච්ඡ පර්යේෂන සිය ගණන් මේ තුලදී සිදු කර තිබෙනවා. සමහර දේ පර්යේෂන නොව ඉතාමත් ම මෝඩ ක්‍රියාවන් පමණයි . මේ කාය විවෙච්ඡේදන අවසාන වන්නේ පැය විසිහතර පුරාම අහසට කලු දුම් විදින ආදාහනාගාරයට ජීවයට ගෙන දෙමින් බවත් පැවසිය යුතු නැහැ. මේ පර්යේෂන සදහා කිසිදු ආකාරයකින් වත් කාන්තා පිරිමි හෝ අඩුවයස් ආදී භේදයක් පැවතීත් නැහැ.
ඊටත් අමතරව ප්‍රශ්න කිරීම සදහා රැගෙන එන සිරකරුවන්ට වධ හිංසා පමුනුවා ප්‍රශ්න කිරීම්ද මෙයටම සමගාමීවම සිදුකර තිබෙනවා. මේ ආකරයෙන් සිරකරුවන් තුන්දහසත් හාරදහසත් අතරගේ පමණ ඉරණම මේ පර්යේශනාගාරය තුල විසදෙද්දී එයට ඇතුලත් නෙවී නමුත් පිටත ජීවත් වුනු ගැමියන් පිටත සිටගෙනත් මේ පර්යේශණ වල කොටස් කාරයින් බවට පත්වීමට සිදුවුනා. එයට හේතු වුනේ මහාපරිමාණයෙන් මෙම් ජීව අවි පරීක්ෂා කිරීම සදහා ජපනුන් අවට ගම්මාන තොරා ගැනීම. වසංගත රෝග පැතිරවීමේ සිට විවිධ විශ ද්‍රවශ පරිසරයට මුසු කිරීම හරහාත් විසි පන්දහසකට නොඅඩු ජීවිත සංඛ්‍යාවක් බිලි ගැනීමට මේ පර්යේෂණ හේතු වී තිබෙනවා.






අණදෙන නිලධාරී හිරෝ ඉෂිගේ සැලසුම් වලට අනුව පිටතට නොපෙනන ලෙස සිරකරුවන් පර්යේෂාගාර කරා රැගෙන ගොස් පවා තිබුනේ පොලව යට පිහිටවූ විශේෂිත උමං මාර්ග හරහායි.
කෙසේ වුවත් පසෙක් සිටි පරම හතුරාට මුල්ම ප්‍රහාරය දියත් කිරීම සදහා මෙමගින් නිපදවුනු ජීව විදයාත්මක අවි රැගත් මරාගෙන මැරෙන ගුවන් නියමුවකු සහිත ගුවන් යානාවක් (Kamikaze Flight) එක්සත් ජනපදය වෙත යැවීමට කටයුතු කෙරුවත් හේතුවක් නිසා එය සාර්තක වන්නේ නැහැ.. මේ වන විට පර්ල් වරායට ජපනුන් එල්ල කල ප්‍රහාරයත් සමගම ජපානය දෙවන ලේක යුද්ධයේ ප්‍රදාන කොටස් කරුවන්ද වී හමාරයි. අමෙරිකාව මෙහිදී විශේෂ ඉලක්කයක් බවට පත්වීමට මෙය විශේධම හේතුවක්.
ලෝකයේ එක් පසෙක මෙසේ ජීවි විද්‍යාත්මක මිනිසුන් වැනසීමට පර්යේෂණ සිදු කෙරනා අතර තුර අනෙක් පස භෞතික විද්‍යාත්මකව මිනිසුන් වනසන්නේ කෙසේ දැයි යන පර්යේෂද ගජරාමෙට සිදුවෙමින් පැවතුනා. මෙහිදී ප්‍රධානත්වය ගත්තේ එන්රිකෝ ෆර්මි , රොබර්ට් ඔපෙන්හයිමර් වැනි ලෝ පතල විද්‍යාශයන් විසින්. අයින්ස්ටයින්ගේ E=mc^2 නිවැරදි බව තහවුරු කරමින් සහ ජීව විද්‍යාත්මක අවියට වඩා භායනක අවි තවත් ලොව තුල ඇති බව පෙන්වමින් 1945 අගොස්තු හය සහ නමය යන දිනවල ජපානයේ හරෝශිමා සහ නාගසාකි නගර පදාර්ථයේ සැගවුනු ශක්තියෙන් ගිණියම් වී යන්නේ දෙවන ලෝක යුද්ධයට නැවතීමේ තිත තබමින් වගේම ලක්ෂ දෙකකට වැඩි ජනතාවකට මරණය අත්කර දෙමින්.
නොසිතූ විරූ පුහාරය හමුවේ යටත් වුනු ජපානයත් සමග ඔවුන්ගේ පර්යේෂනාගාර ආදී සියල්ලද අත හැර දැමෙනවා. පර්යේෂනාගාර පුපුරවා දැමෙන අතර හිරෝ ඉෂිගේ අනින් ඉතිරීවී සිටි සිරකරුවන් මරා දැමෙනවා.
නමුත් පුදුමයකට වගේ මේ පිලිබදව පසුව දැන ගත්තත් යුධ අපරාධ චෝදනා යටතේ මෙතෙක් කල් මේ ම්ලේච්ඡ පර්යේෂනා ගාරයේ සේවය කල හිරෝ ඉශි ඇතුලු වෛද්‍යවරුන්ට කිසිදු දඩුවමක් හිමි වන්නේ නැහැ. රැසියාව මොවුන්ට දඩුවම් ලබා දීමට උත්සාහ කලත් අමෙරිකාව මෙහිදී එයට මැදහත් වෙනවා. ඔවුන් මෙහිදී ඉල්ලා සිටින්නේ එක දෙයයි. ජීව විද්‍යාත්ම පර්යේෂන වාර්තා අප වෙත ලබා දෙන්න . එය ලබා දීමට නම් ජීවිත දානය හිරෝ ඉෂිගේ පාර්ෂවය මගින් සිදු කෙරෙනවා. ඉතා සාදාරණ ගනුදෙනුවක් මෙසේ සාර්ථකව අවසන් වනවා පමණක් නෙවෙයි ඔවුන් පසුව නැවතත් අමෙරිකාණු අනුග්‍රහය මෙම පර්යේෂණ ඉදිරියට ගෙන යාම සදහාත් අවස්තාවක් ලැබෙනවා. ඔහු පසු කලෙක අමෙරිකාව බලා පිටත් වන්නේත් මේ සම්බන්ධ පර්යේෂණ සදහා අනුග්‍රහය ලබ ාදීමටමයි. එසේම 1951 වසර වන විට උතුරු කොරියාව සමග ජීව විද්‍යාත්මක අවිහරඹද රැගත් යුද්යකට පැටලී සිටි අමෙරිකානුවන්ට සහය වීම සදහා ඔහු දකුනු කොරියාවට පැමිනි බවටත් සමහර වාර්තා පලවී තිබෙනවා. ඔහු පසුකලේක මිය යන්නේ ඉතාමත් ස්වාවික හේතූන් මත.
දිගු කලක් සිදුවුනු මේ පර්යේෂනාගාරය පිලිබද විවිධ අදහස් සහ හැල හැප්පීම් අවසන 2018 වර්ශයේ ජපානය මගින් පලමු වරට මෙම පර්යේෂනාගාරය ආහ්‍රිතව සේය කල පුද්ලයන් තුන්දහස් ගණනකගේ නාම ලේකනයක් එලි දක්වනවා මෙන්ම ජපානය මේ පිලිබදව සමාවද අයැද සිටිනවා.
පලමුවෙන්ම මේ පර්යේෂනාගාරයේ සිදුවුනු සමහර පර්යේෂණ වල දැනුම අදටත් යම් දේ සදහා යොදා ගැනෙනවා. මින් ජනප්‍රියම සොයා ගැනීම නම් අධික ශීතලෙන් ගල් ගැසුනු ශරීර අවයව යතා තත්වය පත් කිරීමට කලයුතු හොදම දෙය එය අතින් ඇතිල්ලීම නොව අංශක 100 ත් 120 අතර ජලයෙන් සෝදා හැරීම බව. එම සොයා ගැනීම සිදු කල ආකාරය මෙහිදී ඔණැම කෙනෙකුට සිතා ගන්න පුලුවන්.
මෙම කතාව තුලින් අපට ලබා ගැනීමට වැදගත් පණිවුඩ කීපයක්ද තිබෙනවා.
පලවන දෙය තමයි විද්‍යාව හා තාක්ෂනය කොතරම් දියුනු වුවත් එය මිනිසාගේ සදාචාරය සදහා ඉවහ්ල නොවන බව. සාමාන්‍ය පිලිගත් මතය වන්නේ විදයාව වැනි විශයය් ඉගෙනීම සිදු කරන්නේ බුද්ධිමත් පුද්ගලයින් බවත් එම නිසා අනෙක් සාමාජමය ගැටලු ආදිය පිලිබදවත් ඔවුන් බුද්ධිමත් වන බවයි. නමුත් මෙය ඉතාමත් වැරදි බව ඉහත උදාහරණ දෙකෙන්ම පෙන්වා දෙනවා. විද්‍යාව හෝ ගණිතය මිනිසත් කම උගන්ව්නනෙ නැහැ. ඒ පිලිබදව සිතන්න පොලඹ වන්නේ නැහැ. මෙම නිසා අනිවාර්යයෙන් හොද මිනිසුන් බිහි කිරීමට නම් ප්‍රාථමික අද්‍යාපනය සම්පූර්ණයෙන්ම ගුණ ධර්ම ඉගැන්වීම සදහාම වෙන් කල යුතු වෙනවා. ඒ වගේම මෙය දිගටම අතරින් පතර හෝ කර ගෙන යායුතුද වෙනවා. විද්‍යාවෙන් තාක්ෂනයෙන් ඉදිරියට යන ලෝකය මනුෂ්‍යත්වය ඉදිරියට රැගෙන යන්නේ නැහැ. මනුෂ්‍යත්වය නොමැතිව ඉදිරියට යන ලෝකය තුල බිහිවන්නේ මෙවැනි බිහිසුණු යක්ෂයින් පමණයි. අද ලංකාව තුල පවා විෂය අධ්‍යාපනය පමණක් මූලික වුනු අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වරදක් මෙය. මෙයට ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්ද හවුල්කාරයින් වනවා.
මීලග දෙය නම් මෑතකදී සිදු කෙරෙුනු මනේ විද්‍යා ගවේශනකයට අනුව හෙිල කෙරුනු යම් අණක් ඔසසෙ හෝ යම් කිසිවකුගේ යටතේ සිටීමේදී මිනිසුන් තවත් මිනිසකුට හිංසා කිරීම සදහා පැකිලීමක් නොදක්වන බව. සාමාන්‍යයෙන් තම පෞද්ලික ගැටලුවකදී වුවත් තවත් පුද්ගලයකුට හිංසා කිරීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයකු වුවත් යම් ආිපත්‍යයක් යටතේදී මේ සදහා නොපැකිලෙන බව. එය අණක් නොව රාජකාරියක්සේ සැලකීම වුවද මෙයට සෑහෙනවා. ඒ විතරක් නෙමෙයි ඔනෑම නිලධාරයකු වුනත් වැරදි පාලනය යටතේ වැරදි සිදු කරන්න පුලුවන්. ඉහත යුනිට් 731 පර්යේෂනා ගාරයේදී පර්යේෂණයට යොදා ගන්නා සිරකරුවන්ට යොදා ගෙන තිබුනු වචනය වූයේ කොටන් යන්නයි. අද කොටන් කීයක් අවසන් කලාද ආදිය පර්යේෂකයන්ගේ සාමාන්‍ය කතාබහක් වී තිබෙනවා.
දැන් මේ වගේ පර්යේෂන සිදු කිරීම මෙයින් පසුව නැවතුනාද ? නැහැ දෙවන ලෝක යුද්ධ සමයේම දොස්තර මෙන්ගල් ගේ විධාන යටතේ ජර්මනියේ අවුට්ස්විච් සිරකදවුර තුලදීම මෙවැනි පර්යේෂණ බොහෝ ගණනක් සිදුවුනා. මෙයට පෙර හා පසුව කැනඩාව එරට නොදියුනු ජනකොට්ඨාෂ යොදා ගනිමින්ද, ඕස්ට්‍රේලියාව ඇබෝජීනියන් වරු යොදවාද, එංගලන්තයද මෙවැනි පර්යේෂණ වල නිරත වුනා පසු කාලීන අමෙරිකාවෙන්, අප්‍රිකානු රටවලින්ද මෙවැනි පර්යේෂණ වාර්තා වුනා. නමුත් මේ වාර්තා වුනු දේ පමණයි.
නමුත් මේ පර්යේෂන වල ඉතිහාසයේ සිටම දිනපතාම නිරන්තරම ගොදුරක් වන්නේ තිරිසන් සතුන්. ඉහත යුනිට් 731 පර්යේෂනාගාරයටත් වඩා අන්ත පර්යේෂණ වලට ඔවුන් නිතිපතාම පත්වන්නේ බොහෙත් ආදිය සදහා ලෙඩ රෝග වලදවාගෙන මෙන්ම රූප ලාවන්‍ය නිෂාපදන මත්ද්‍රව්‍යයය අදී දේ සදහාද පර්යේෂන මාධයයක් ලෙස භාවිතා වෙමින්. මෙහිදීද බල්ලන් බළලුන් වදුරන් මීයන්, කුරුල්ලන් වැනි බොහෝ සතුන් විවිධ පනපිටින්ම විවිධ සැත්කම් ආදියට ලක්වන්නේ අපේ සුවපහසුව වෙනුවෙන් මයි. මේ නිසාම සත්ත්ව අයිතීන් සදහා පෙනී සිටින සංවිධාන බොහෝ අවස්තාවල මේවට විරුද්ධව උද්ගොෂන වල නියැලෙනවා. අටෙප් රටවල මෙවැනි පර්යේෂන සිදු නොවීම එක් අතකට වාසනාවක් වුවත් සත්ත්ව අයිතීන් අතින් අපේ රටද පහත් තත්වයක පවතින බව දැනට දෙහිවල සත්ත්ව උද්‍යානය පවා රාත්‍රියේ හැර තබමින් විදුලි ආලෝක මධ්‍යයේ සත්ත්ව හිංසන සිදු කිරීම මෙයට හොද උදාහරණයක්.



Man Behind the Sun සහ Philosophy of the knife යන චිත්‍රපට වලින් යුනිට් 731 පර්යේනාගාරය පිලිබද තවත් බොහෝ දේ කියා දේවී. මේවා යූ ටුයුබ් හි නොමිලේ නැරඹීමට හැකියි. නමුත් ඉතා සංවේදී චිත්‍රපට බැවින් සියලු දෙනාටම මේවා සුදුසු වන්නේ නැහැ. එසේම මිහිමත මිනිසුන් නිසා තිරිසන් සත්ත්වයින් විදින දුක පිලිබදව Earthlings චිත්‍රපටය අතිශයින් ප්‍රසිද්ධ වුනු අනිවාර්යයෙන් නැරඹිය යුතු විශිෂ්ඨ චිත්‍රපටයක්.

Tuesday, December 12, 2017

මොට්ටයන් බිහිකිරීමේ නවීන විද්‍යාත්මක ක්‍රමය



මිනිසුන් ස්වභාවයෙන්ම සිහින දකින්නවුන්ය, කුතුහලයෙන් පිරුනු සත්ත්ව කොට්ඨාශයකි.අද්භූත අමුතු දේ ගැන සෙවීමට කැමැත්තක් දක්වයි. දකින අසන දේ වලට ප්‍රපංච නිර්මාණය කිරීමෙහිලාද දක්ෂයෝය. මානව ඉතිහාසය දෙස හැරී බැලීමේදී අද ලෝකය යම් ලෙසකින් විද්‍යාවෙන් තාක්ෂණයෙන් කලා නිර්මාණයන්ගෙන් විචිත්‍ර වී ඇද්ද මෙයට හේතු භුත වී ඇත්තේ ඉකුත් කාරණා හැර වෙන කිසිවක් නොවේ.   ඈත අතීතයේ විද්‍යාප්‍රබන්ධ කියා සාහිත්‍ය කොටසක් තිබුනේ නැතමුල්ම විද්‍යා ප්‍රබන්ධ එලි දකින්නෙ දහඅටවන ශත වර්ශයේ මුල් භාගයේදීය. ඊට පෙර තිබුනු යථාර්තයෙන් ඔබ්බට ගිය සාහිත්‍යය වැටුනේ සුරංගනා කතා ගණයට හෝ නැතිනම් ආගමික කතා ගණයටය.

    විද්‍යා ප්‍රබන්ධ විද්‍යාත්මක පසුබිමක සිට පැවසෙන කතාන්තර වුවද සැම විටම එය එසේ නොවේ. බොහෝවීට විද්‍යාප්‍රබන්ධ තුල සුරංගනා කතා වලට අදාල ලක්ෂද දැකිය හැක. සුපර්මෑන් ස්පයිඩර් මෑන් වැනි කතා තුල මේ ලක්ෂණ දැකිය හැක. විද්‍යා ප්‍රබන්ධ වර්ථමාන විද්‍යාම්ක තාක්ෂනික දියුනුවේ  සියයට හැත්තෑපහකට වඩා නව සොයා ගැනීම් සදහා දායක වී  ඇත. රොබෝවන්, ණයපත්, චන්ද්‍රිකා, ලේසර්,  වැනි බොහෝ දේ සදහා මූලාරම්භය විද්‍යා ප්‍රබන්ධ මගින් ලබා දී ඇත.  ඒ අනුව අප මුලින් කල කරුනු දැකවීම සත්‍යය බව ඔප්පු වේ. එනම් ලෝකය විචිත්‍රවත් වූයේ මිනිසාගේ සිහින දැකීමේ හැකියාවෙනි. ඈත අතීතය දෙස බලන විට වර්තමාන මිම්මෙන් විද්‍යාප්‍රබන්ධ නොතිබුනද එයට සමාන කතාන්තර ඕනෑ තරම් දොයා ගත හැක. අහසින් යා හැකි ලනු මගින් පානය කල හැකි ගරුඩ යන්ත්‍ර යානා,  දඩු මොනර, ස්වංක්‍රීය ආලෝක විහිදුම් ක්‍රම උම්මග්ග ජාතකය) , පලාත් පිටින් වනසා දමන ආයුධ, වෙනත් මානයන්( රාමායනය),  නොපෙනී සිටීමේ හැකියාවන් , අහසේ පාවෙන මාලිගා , අමරණීය වීම ආදිය මෙයට උදාහරන කීපයක් පමණි. අතීතයේ පෙරදිග කතා බොහොමයක එන යම් යම් අද්භූත දේ වලට එයට යොදා ඇති සත්ත්ව නම අත හැර අගට යන්ත්‍රය යනුවෙන් යෙදුවේ නම්  සමහර කතා ක්ෂනිකවම සුරංගනා කතා ගොඩෙන් විද්‍යා ප්‍රබන්ධ ගොඩට ඇද වැටෙනු ඇත. කෙසේ වුවත් ඒ කාලයේ ඒ කතා ඇසුරෙන් මිනිසාගේ නව සොයා ගැනීම් කෙරෙහි සෘජුවම බලපාන්නට ඇත. අමරණීය වීම සදහා බෙහෙත් සොයන්නට හො නිපදවන්නට උත්සාහ කරන්නට ඇත . එයින් අවසානයේ මරණය පරදුවේ නැතිදු දක්ෂ වෛද්‍යවරයෙක් බිහිවන්නට ඇත. දෙව්ලොව යාමට විශාල ඉදිකිරීම් සිදු කරන්නට ඇත. දෙව් ලොව නොගියද දක්ෂ ඉංජිනේරු ශිල්ප ක්‍රම බිහිවන්නට ඇත.
      
එක් එක් කාල සීමා වල මිනිසුන් සිහින දකින ආකාරය එම පරිසරයට සාපේක්ෂය .ඒ කාලයේ පාවෙන අලියා පසු කලෙක පාවෙන බැලුම වී  උඩ ගියේය. ඒ කාලයේ මන්තරයෙන් මිනී වලෙන් අවදි වුනු මිනිසා අද විද්‍යාවේ පිහිටෙන් මරනයෙන් නැගී සිටීන්නෙකි, ඒ කාලයේ අහසේ පාවෙන මාලිගා අද ප්‍රතිගුරුත්වය යටතේ පාවෙන නගර වී ඇත. ඒ කාලයේ යකුන් පෙරෙතයින් අද විද්‍යාත්ම ක ලෙස සෝම්බීන්, ජාන විකෘති වූවන්,  පිටසක්වල ජීවීන් ආදීන් ලෙස එලියට පැමින ඇත. මහා මකරුන් ඇත් කද ලිහිණීන්  ඩයිනසොර්ලා වී ඇත. ටෙලි පති සිතිවිලි අනුව ක්‍රියාත්මක වන මැෂින් වී ඇත.  අද වන විට ප්‍රතිගුරුත්වය, ජාන ක්ලෝනීකරනය, ඩයිනසෝර්ලා නැවත බිහිකිරීම, නොපෙනී සිටීම, වැනි දේ සම්බන්ධව දහස් ගණන් පර්යේෂණ සිදුකෙරේ. හෙට දවසේ මේවා යතාර්තයක් වීමට බොහෝ සේ ඉඩ ඇත. කෙසේ නමුත් මෙහි තේරුම් ගත යුතු යතාර්තය වන්නේ කුමන හෝ නිර්මාණශීලී පරිකල්පනය මිනිසාට සෑම විටම සුබ අතට තිබූ බවයි. ඒ කාලයේ මන්තරයේ මිකැනිසම් එකට අර්තකතනයක්, අහසේ පාවීමට යම් හේතු සහගත විග්‍රහයක් තිබුනා විය හැක. නමුත් ඒ කාලයේ අයට අද කාලයේ විද්‍යාප්‍රබන්ධ පෙන්වුව හොත් ඒවා නිසැකවම සුරංගනා කතා ගනයටම ඇද වැටෙනු ඇත.


                මෙම සාපේක්ෂ බව තේරුම් නොගැනීම නිසා අප වැනි රටවල වැසියන්ට සිදුව ඇත්තේ අරුම පුදුම සිදුවීමකි. නිර්මාණශීලීත්වතුල පිහිටක් සොයා ගත නොහැකිව අතරමන්ව ඇති  ආතක් පාතක් නැති පිරිසක් බිහිවී ඇත. මෙයට ප්‍රධානම හේතුව අද විද්‍යාව විසින් පෙර තිබුනු විද්‍යා ප්‍රබන්ධ හෝ සුරංගනා කතා යන්න ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව ඒවා ගැන කතා කරන්නන් සිතන්නන් මෝඩයන් ලෙස සැලකීමට පටන් ගෙන තිබීමයි. මෙයට ප්‍රධානම හේතුව බුද්ධිමත් කම පෙන්වීම සදහාපමනක් කිසිදු ආසාවකින් තොරව කොහෙන් හෝ බඩගා අමාරුවෙන් විද්‍යාව සම්බන්ධ උපාධියක් ලබා ගෙන ඉන් මත්තට ඒ දැනුමින් කිසිවක් කර ගත නොහැකිවූ මොට්ටයන් පිරිසක් තම කැපී පෙනීමේ එකම අවස්ථාව නිසාදෝ එලව එලවා පැරනි සාහිත්‍යයන්ට හා විශ්වාසයන්ට පහර දෙනු දැකිය හැක. අතීතයෙන් පැමිනි යම් කතාවක සදහන් වුනු දෙයක් රසවිදීම ඒ තුල සිහින දැකීමේ හෝ තමුන්ට අනුව නැවරදි යැයි සිතේ නම් එැවැනි යම් යම් දේ සම්බන්ධව සොයා බැලීම පරීක්ෂන කිරීම හෝ වත් වැරදි වන්නේ නැත. නමුත් අද වන විට මෙවැනි දේ තනිවචනයකින් කපා හරිනු ලැබේ. එනම් සාක්ෂි නැත. මෙම නිසාම අප ජනතාව අද නිර්මාණෂීලීත්වය අතින් මොට ජාතියක් වී ඇති බව හොදා කාරවම දැක ගත හැක. ඔවුන් සිතීමට බියය. අලුතින් සිතීමට බියවන්නේ තමුන් පිලිබද ඇති දැනුම හීනමානය නිසාවෙනි.   උන් දන්නා කෙහෙම්මල් විද්‍යාවක් නැත. අම්ම අප්පා කියා දුන්දේ විදීමට නිදහසක්ද නැත.  කල හැකි එකම දෙය විද්‍යාවනම් මේ මොකද්දො මගුලෙන් කොහෙන් ලබා ගන්නා  අදහස් තුලින් දැයි  සිතා ගත නොහැකි මහා විස්මිත නිර්මාන  බටහිරයන් විසින් ගෙනත් දෙන තෙක් කට බලියාගෙන සිටීම පමනි.  නමුත් අනිත් අතින් බටහිරයන්ට තමුන්ට කැමති කැමති ලෙස සිහින දැකීමටද නිර්මාණ කිරීමටද උපරිම නිදහස ඇත. මන්ද  නිර්මාණශීලීත්වයේ උපත එය බව ඔවුන් දන්නා බැවිනි.  නිර්මාණශීලීත්වය අහසින් පාත් වන්නෙ නැත පැරනි සුරංගනා කතා වල සිට නොයෙකුත් ආගමික කතා පවා ඇසීම  රස විදීමේ හැකියාව සිහින දැකීම   අනිවාර්යයෙන් ම  මෙහි මුදුන් මුල් වේ. එම නිසා සක් දෙවිදුන් හදේ හාව ඇදීමේ සිට දෙවියන්ටවත් බිය නොවුනු  හර්කියුලිස් , කල්ප ගණන් පෙර ආත්ම වල ඉපදී ගුන දම් වැඩූ  බෝසත් වරුන්,  සුලැගිල්ලෙන් සක්වලම බැබලිය හැකි බ්‍රහ්මයන් පිලිබදවත්  , ලෞකික සෘද්ධි පිලිබදවත් ආදී සියලු දැනුම දරුවන්ට ලබා දීමට පසුබට නොවන්න. කවදා හෝ ඔවුන් එක්කො ඒවා සත්‍ය අසත්‍ය බව පසක් කර ගනු ඇත. එසේ නොවුනද නිර්මාණශීලී පුද්ගලයෙක් සමජයට දායාද වී ඇත. දැන් පාරමී පිරීම නිර්මාණශීලීත්වයට හේතුවන්නේ කෙසේද යනුවෙන් ඇසීමට තරම් මොට්ට නොවෙන්න. :-)


සෑහන කලක සිට දකින්නට ලැබෙනන උක්ත  මොට්ට විද්‍යාපාලලාගේ  අපූරු තරකයකින් ලිපිය අවසාන කරමි. ඔවුන්ට අනුව ඉලෙක්ට්‍රෝණය ඇත්තකි. පුනර්භවය බොරුවකි. ඉලෙක්ට්‍රෝණය ඇත්ත වන්නේ එය අපට නොපෙනුනද සිදුම් පරීක්ෂණ ආදී දහස් ගණන් ප්‍රතිපල මතය. එසේ නම් පුනර්භවය බොරු වන්නෙ කෙසේද? මට මතකත් නෑ ඔබට මතකත් නෑ අරයට මතකත් නෑ කාටවත් මතක නෑ කලින් හිටපු ජීවිතේ ගැන . ගැටලුව මෙයයි. මුල් ඉලෙක්ට්‍රෝණය දැකීමට නොහැකි වීම ඇහැට එම හැකියාව නොමැති වීම වී පෙර ජීවිතයක් මතක නැති වීම මතකයේ අවුලක් නොවන්නේ යැයි කෙලින්ම පවසන්නේත්  කෙසේ ද ?  


          පුනර්භවය ගැන මෙතෙර එතෙර කතා කරන කුමන විද්වතා වුවද අන්තිම ප්‍රාථමික ලෙස මෙතෙක් කල් සෑම තැනම තා කර ඇත්තේ පොත් ලියා ඇත්තේ පර්යේශණ කර ඇත්තේ ද මේ මතකය සම්බන්ද ඉතාමත්ම ප්‍රාතමික ක්‍රම වේදයක් අල්ලා ගනිමිනි. පුනර්භවය ගැනද  ඉලෙක්ට්‍රෝණය ගැන ලෙසම පර්යේෂණ කල යුතුය. කිසිවක් තොරතුරක් වන්නේ කෙසේද , තොරුතරු ඇති වන්නේ සෙදෙ විනාෂ වන්නේ කෙසේද ? පුද්ගලයෙක් වැලි පස්  ගල් වලින් වෙනස් වන්නේ කෙසේද ,සත්ත්වයෙක් සත්ත්වයෙක් වන්නේ කෙසේද  යන සියුම් පර්යේෂණ ගණිතමය සාධන  ආදිය සිදු කල යුතුය. අන්න එවිට තොරුතුරු විනාශ විය නොහැකි බව හා යම් අකාරයක් ගනී බව ආදී ලෙස යම්  දිනක සාධනය වේ නම් එයම සංසාරය ඔප්පු කල හැකි මගත් වන්නේය.
     පුනර්භවය ඔප්පු කිරීම ප්‍රායේගිකව උපකාරී වන්නේ කෙසේද ? ජාන ගත රෝග නිධාන හදුනා ගැනීම ප්‍රතිකාර කිරීම, ජන විකෘතිතා පැහැදිලි කිරීම මෙන්ම පුද්ගල හැකියාවන් හදුනා ගැනීම සහ පෞර්ෂ වර්ධනය සදහා වුවද යොදා ගැනීමට හැක. 

Friday, October 6, 2017

සංකීර්ණ සංඛ්‍යා හා එ්කක වෘත්තය - ක්වොන්ටම් පරිඝණක ක්‍රමලේකනය සදහා

සංකීර්ණ සංඛ්‍යා යනු මනඞකල්පිත කොටසක් සහිත සංඛ්‍යාය. එම මනහ්කල්පිත කොටස නම්  \sqrt{-1}  යන්නයි. මෙය i අකුරෙන් දැක්වෙන අතර මෙම නිසා  i2 =  -1 . එනම් එම සංඛ්‍යාවෙන්ම වැඩි කිරීමෙන් සෘණ අගයක් ලැබෙන සංඛ්‍යාවක් මනහ්කල්පිත කල්පිත සංඛ්‍යාවක් වේ. මෙය සිදුවිය නොහැකි නිසාම මනහ්කල්පිත නමභාවිතා වුවද ගණනය කිරීම් වලදී මෙය සැබැවින්ම උපකාරීවේ. කිසියම් ගණනය කිරීමකදී අප කටු කොලයක් භාවිතා කර පසුව නියම උත්තරය පොතක ලියන්නාක් මෙන් ගණිත කර්ම වලදී අප යම් යම් ගැටලු මෙම මනහ්කල්පිත අංක සහිත සංකීර්ණ අවකාශය තුල සිදු කර අවසාන උත්තරය නැවතත් නියම සංඛ්‍යා ලෙස ලබා ගනු ලැබේ. මෙම මනහ්කල්පිත සංඛ්‍යා වලට ගණිතයේදී අතාත්වික සංඛ්‍යා යැයි ියනු ලැබේ.


 
 සංකීර්ණ සංඛ්‍යාවක් යනු  a + ib වේ.  යනු ඕනෑම සැබෑ සංඛ්‍යාවකුයි .  සෑම සංකීර්ණ සංඛ්‍යාවකටම එය හා බැදුනු ප්‍රතිබද්ධය යන්නක් ඇත. එනම් a + ib සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය  (a-ib) වේ.

(a+ib) (a-ib) = a2-aib + aib– ib2   
i2 =  -1 නිසා

a+b2   (මෙමගින් පෙන්නුම් කලේ ප්‍රතිබද්ධය භාවියෙන් මනඞකල්පිත කොටස ඉවත්ව නැවතත්  තාත්වික සංඛ්‍යාවක්ම ලබා ගැනීමට හැකි බවයි.)
 
සංකීර්ණ සංඛ්‍යාතාත්වික කොටසඅතාත්වික කොටස
3 + 2i32
550
−6i0−6
සාමාන්‍ය සංඛ්‍යා යනුද සංකීර්ණ සංඛ්‍යා වේ. මන්ද සංකීර්ණ සංඛ්‍යාවක සංකීර්ණ කොටස i සමග බින්දුව වීමටද (උදා ib = 0)  හැකි බැවිනි.
 

සංකීර්ණ සංඛ්‍යා අපට ශ්‍රිතයක් ඇසුරින් මෙසේ නිරූපනය කල හැත මෙම අවකාශය සංකීර්ණ අවකාශය ලෙසද ශ්‍රිතය ආගන්ඩ් තලය ලෙසද හදුන්වනු ලැබේ. . මෙම ශ්‍රිතයේ x යනු සැබෑ සංඛ්‍යාවක් වන විට y යනු අතාත්වික කොටසයි. 

x2 - 1 = 0 යන ශ්‍රිතය සැලකුවහොත් අපට බැලූ බැල්මට මෙහි විසදුමක් දැකිය නොහැක. නමුත් විසදුමක් තිබිය යුතු බවද පැහැදිලිය. ආතාත්වික සංඛ්‍යා පිහිටට එන්නේ මෙවැනි ගැටලු හමුවේයි. 

නමුත් ආතාත්වික සංඛ්‍යා භාවිතයට ගැනීමෙන් අපට x අක්ෂය කැපෙන ලක්ෂ -i හා +i ලෙස වටහා ගත හැක. සරලව විසදුම ඇත්තේ අපට පෙනෙන මානයේ නොව  සංකීර්ණ අවකාශය තුලයි.

අතාත්වික සංඛ්‍යාවක් එම ආතාත්වික සංඛ්‍යාවෙන්ම ගුණ කරනවා යනු එම ගුණ කරන වාරයක් පාසා එය ,\sqrt{-1}  ,-1,1 ලෙස එකම ලක්ෂය ඔස්සේ කරකැවේ.
\sqrt{-1}  \sqrt{-1}   = -1  , -1\sqrt{-1}   = \sqrt{-1}  , \sqrt{-1}  \sqrt{-1}  \sqrt{-1}  \sqrt{-1}  =1 
අතාත්වික සංඛ්‍යාව සංඛ්‍යා ඉංග්‍රීසි i අකුරෙන් නිරූපනය කෙරේ.



 
එවිට සංකීර්ණ සංඛ්‍යාවක් යනු  a + ib වේ.  යනු ඕනෑම සැබෑ සංඛ්‍යාවකුයි .  සෑම සංකීර්ණ සංඛ්‍යාවකටම එය හා බැදුනු ප්‍රතිබද්ධයක් ඇත.. එනම් a + ib සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය(a-ib) වේ.

(a+ib) (a-ib) = a2-aib + aib– ib2   
i2 =  -1 නිසා

a+b2   (මෙමගින් පෙන්නුම් කලේ ප්‍රරතිබද්ධය භාවියෙන් අතාත්වික කොටස ඉවත්ව නැවතත් සැබෑ සංඛ්‍යාවක්ම ලබා ගැනීමට හැකි බවයි.)

සාමාන්‍ය සංඛ්‍යා යනුද සංකීර්ණ සංඛ්‍යා වේ. මන්ද සංකීර්ණ සංඛ්‍යාවක ඕනෑම අගයක්  බින්දුව වීමටද (උදා b = 0)  හැකි බැවිනි.
<A|A>    අවස්ථාවේදී    |A> යනු සංකීර්ණ සංඛ්‍යා පෙලක් නම්  <A| යනු එහි ප්‍රරතිබද්ධයයි. 


a+bi ආදී සංකීර්ණ සංඛ්‍යා 2x2 න්‍යාස ලෙසද දැක්විය හැක. 
 i^{2}= -1  

a +ib = \begin{pmatrix} a & -b \\ b & a \end{pmatrix}
සාධනය මෙතනින්

ඔයිලර් ගේ සමීකරණය 

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී ගණනය කිරීම් වලදී ඉතාමත්ම වැදගත් වන සම්බන්ධයක් ඔයිලර් ගේ සමීකරණය ලෙස හැදින් වේ. 
සංකීර්ණ සංඛ්‍යාවන් වුනු මෙය

e^{i\Theta }  = =sin\Theta + icos\Theta  ලෙස දක්වනු ලැබේ. 

ඡායාරූප උපුටා ගෙන ඇති නිසා පහත රටාවේ \Theta , x මගින් දක්වා ඇත.
ඕනෑම cos x හෝ  sin x සදහා 
taylor series cos(x) = 1-x^2/2! + x^4/4! - ..., and  sin(x) = 1-x^3/3! + x^5/5! - ... 
(! යනු ඖනෑම සංඛ්‍යාවක් සදහා 3! = 1 x 2 x 3,   4! = 1 x2 x 3 x 4  වේ)

සත්‍ය වේ .

පහත රටාව සලකන්න.

x සදහා කුමන අගයක් යෙදුවද රටාවේ එකතුව 2.718281828459045 ට  ආසන්න වේ. 

e^x = Sigma n=0 to infinity of x^n/n! = 1 + x + x^2/2! + x^3/3! + x^4/4! + x^5/5! + ...
මෙම රාශියට i එකතු කිරීමෙන් 
e^ix = 1 + ix + (ix)^2/2! + (ix)^3/3! + (ix)^4/4! + (ix)^5/5! + ...
i අගයන් වර්ගය අනුව සුලු කිරීමෙන් (  i^{2}= -1  )

e^ix = 1 + ix - x^2/2! - ix^3/3! + x^4/4! + ix^5/5! - ...
i අගයන් සහිත කොටස් වෙන් කර i පිටතට ගැනීමෙන්

taylor series e^ix = (1-x^2/2! + x^4/4! - ...) + i (1-x^3/3! + x^5/5! - ...)

මෙය ඉහත cos හා  sin  සදහා ලැබුනු කොටස්ම බව පැහැදිලි වනු ඇත . 
එම නිසා. x ,\Theta මගින් නිරූපනය වේ.

e^{i\Theta }   =sin\Theta + icos\Theta 
 e^{i\Theta }  අපට ඛන්ඩාංක තලයක (සංකීර්ණ ඛන්ඩාංක තලයක) නිරූපනය කල හැක. \Theta කුමණ අගයක් ගත්තද මෙය සෑම විටම අපට අරය 1 වූ වෘත්තයක් මත පිහිටි කෝණයක් ගෙන දේ. මෙය ඒකක වෘත්තය නැතිනම්  unit circle ලෙස හැදින්වේ.\pi, රේඩියන් හෝ ඕනෑම අගයක් සදහා මෙය වලංගුය. මෙම ඒකක වෘත්තය වැදගත් වන්නේ ගණනය කිරීම් මේ හරහා සුලු කර ගැනීම හැකි වීමයි. උදාහරණයක් ලෙස තරංගයක කම්පනය අපට මෙම වෘත්තයේ මධ්‍යා ලක්ෂය වටා භ්‍රමණය වන වාරගණනින් නිරූපනය කල හැක. අරය1 බැවින් sin සහ cos ආදී ත්‍රිකෝණ මිතික ගණනය කිරීම්ද පහසු වේ. එසේම මෙය ත්‍රිමාණ ගෝලයක් ලෙස සැලකීමෙන් ක්වොන්ටම් බිටු නිරූපනය කිරීම සදහා ත්‍රිමාණ අවකාශයේ  ඉලෙක්ට්‍රෝණයක භ්‍රමණය නිරූපනය එය තුලින් සිදු කෙරේ. මෙම ගෝලය බ්ලොච් ස්පියර් ලෙස හැදින් වේ. 

e^{i\pi } +1 = 0  යන්න ද මෙවැනිමය.
පහසුවෙන් ත්‍රිකෝණමිතිය මතක් කර ගැනීමට පහත රූපය උදව් කරගන්න. 



Monday, July 3, 2017

අකුණු සන්නායක තැටි වංචාව



මෙම ලිපියේදී අප සාකච්ඡා කිරීමට බලාපොරාත්තු  වසර සිය ගණන් පැරණී අකුණු සන්නායක හා ඒවා තුල ගැබ්වී තිබෙන ශක්තියක් පිලිබද ව්‍යාපාරයයි. සමහරුන් රැපියල් කෝටි ගණනකට මෙම ශක්තිය යම් යන්ත්‍ර භාවිතා කර ඒවා තුලට ඇද ගනිමින් රැගෙන ගොස් අතර සමහරුන් අකුණු සන්නායක පාද තැටි පිටින්ද රැගෙන ගොස් තිබුනි. වසර සිය ගණනක් අකුණු ගැසීඹ නිසා මේවා තුල අනුතර් ගත වී ඇති ශක්තිය කොපමනද යත් එය භාවිතා කර මිසයිල ගමන් මාර්ග වෙනස් කිරීම අභ්‍යවාකාශ යානා ධාවනය මෙන්ම න්‍යශ්ටික අවි තැනීම වැනි විවිධ කටයුතු සදහා භාවිතා කල හැක.තැටියක් රැගෙන වාහනයක් තුලට නැගුනු විට වාහනය නවතින අතර නැවතත් එය කාබන් කොලයකින් වුසුව හොත් වාහනය පන ගැන්වේ. මෙම තැටි අපට අයත් දෙයක් වුවද කුණු කොල්ලයට මේ සියල්ල ඉන්දියන් සමාගම් විසින් රැගෙන ගොස් තිබුනි. සමහර ඒවා ලක්ෂ පනහේ සිට කෝටි සියය දක්වා අගය වී තිබුනි. විශේෂයෙන්ම මේවා ඉතා ඉහල මිල ගණන් වලට මිළදී ගන්නේ අමෙරිකාවේ නාසා ආයතනය වීමද වි‍ශ්ෂත්වයකි.


මෙම ශක්ති විශේෂය සෑම අකුණු තැටියකම ස්ථාපනය වී නොතිබීඹද විශේෂත්වයකි. මෙම ශක්තිය මැන ගැනීමට එක්කෝ අකුණු පාද තැටිය අසල හාල් ඇට දමා ඒවා අකාර්ශණය වීම නැරඹීය යුතු අතර නැතිනම් අත තබා රෝම කූප කෙලින් වීම වැන්නකින් හෝ නැතිනම් විශේෂ යන්ත්‍ර භාවිතයෙන් මෙගා බයිට් වලින් මැනිය යුතුය. කෙසේ වුවත් අතරමැදියන් සියගණන් හරහා මෙවැනි පාද තැටි බොහෝමයක් දැනටමත් ගලවාගෙන ගොස් අවසන්ය.
ලෝකයේ පළමු අකුණු සන්නායක නිපදවීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලාංකිකයින්ටය. පසුව සුද්දන් විසින් ලංකාව යටතක් කර ගැනීමෙන් පසු ඔවුන්ගේ තේ වතු බංගලා ආදිය අකුණු පහර වලින් රැක ගැනීම සදහා තඹ භාවිතා කල මෙම අකුණු පාද තැටි යොදමින් තඹ අකුණු සන්නායක සවිකර තිබුනි. මෙම අකුණු සන්නායක තැටි වල විශේෂයක් වූයේ තඹත් සමග දුර්ලභ විකිරණ ශීලී ලෝහයක් වන ඉරිඩියම් අඩංගු වීඹයි. අධික තාපාංකයකින් යුත් ඉරිඩියම් වටිනා ලෝහයකි. ප්ලැටිනම් පවුලට අයත් මෙම ලෝහය බොහෝ විට උල්කාපාත වලින් හමු වෙයි. පෘථාවිය මත ඩයිනසෝරයන් විනෂ වූයේ උල්කාපාතයක් නිසා බවට මතයක් ගොඩ නැගුනේ විශාල උල්කාවක් වැටුනු බවට සැක කෙරෙන ඇරිසෝනා? ප්‍රාන්තයේ ඇති විශාල ආවාටයතුලින් හමුවුනු අධික ඉරිඩියම් ප්‍රමාණයයි. වර්ථ මානයේ වෛද්‍ය උපකරණ වල සිට ස්පාර්ක් ප්ලග් දක්වා විවිධ උපකරණ සෑදීම සදහා ඉරිඩියම් යොදා ගනු ලබයි.
ඉරිඩියම් ඝණැති ලෝහයක් වුවද විකිරණශීලී ලෝහයකි. විකිරණ ශීලීග්තව මනින මිනුම් ඒකක වන්නේ බෙකියුරල් වන අතර එය ප්‍රමාණය අනුව මෙගා බෙකියුරල්( Mbq) ගිගා බෙකියුරල් (Gbq) වෙනස් වේ. ලංකාවේදී මෙගබෙයිට් ගිගා බයිට් ලෙස වෙනස් වූයේ මෙයයි. 37Gbq කියුරීස් එකක් වේ. සමහරුන් විකිරණමාන වලින් අකුණු පාද තැටි මැන බැලුවේ මෙම විකිරණශීලීත්වයයි. නමුත් වර්ථමාන ලෝක වෙළද පොලේ ඉරිඩියම් අවුන්සයක් ඩොලර් අටසියයකට පමන මිලට ගත හැක (http://www.infomine.com/investment/metal-prices/iridium/). සමස්ථානික වුවද මෙහි වැඩි වෙනසක් නොමැත. නමුත් අකුණු පාද තැටියක අඩංගුවන ඉරිඩියම් ප්‍රමාණය ඉතාමත්ම සුලුය. එසේනම් ඉරිඩියම් මිශ්‍ර තඹ තැටියක් සදහා එහි විකිරණශීලීත්වය අනුව bq එකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට රුපියල් කෝටි ගණනක් ගෙවන්නේ ඇයි? කෙසේ නමුත් මෙම තැටිය රැගෙන නොගොස් විකිරණශීලීත්වය පමනක් යන්ත්‍රයකින් ය ඇද ගත හැකි යැයි සිතීම මුලාවකි. එය හරියටම විදුලි බුබුලකින් ආලෝකය උරාගන්නවා වැනි දෙයකි. තඹ ඉරිඩියම් තරම් වටිනා ලෝහයක් නොවේ . එම නිසා තඹ වල වටිනා කම මෙහිදී අදාල නොවේ . නමුත් සමහරුන් අත තබා මෙ තැටි වලින් මැන බැලුවේ කුමක්ද? අකුණු සන්නායකයක් සමහර විට නිවසේ විදුලි රැහැන් සමගද සම්බන්ද වී තිබිය හැක. අර්ත් නැතිනම් බිම් ගත් වයරයක් ලෙස මෙය භාවිතා වන විට එය හරිහැටි බිම් ගත නොවී නම් එය තුලින් යම් විදුලියක් රැදීම සාමාන්‍යයය. මෙයම නියුට්‍රල් වයරය සදහාද බලපායි. හාල් ඇට ඇද ගැනීඹ රෝමකූප කෙලින් වීම මහි තුල රැදි ස්ථීතික විද්‍යුතයේ ප්‍රති පලයි. නමුත් දැනටමත් වෝල්ට් ලක්ෂ ගණනක ස්ථිතික විද්‍යුතය නිපද විය හැකි යන්ත්‍ර ලොව ඇත. එසේ නම් මේ තැටි සදහා ඉහල මිලක් ගෙවන මෙය තුල රැදි අභ්‍යවකාශ යානා පවා රැගෙන යා හැකි අධික ශක්තිය කුමක්ද?
මෙය තුල රැදී පවතින අධික ශක්තිය නම් අධික වංචාවයි. ලංකාවට මෙය අලුත් වුවද දැනට වසර ගණනාවක සිට මෙවැනි දේ ඉන්දියාව ප්‍රමුක කර ගනිමින් ක්‍රියාත්මක වේ. සරලව මෙහිදී සිදු කරන්නේ වැඩි අගයක් නොමැති දෙයකට බොරුහේතු රැසක් දමා ඉහල අගයකට පත් කිරීමයි. ට්‍රයිටන් නම් වාලම්පුරි ව්‍යාපාරයද මෙසේම විය. ආකාර කීපයකින් ක්‍රියත්මක වන මෙය තුල අවසානයේ කිසිවකු හෝ අධික මුදල් හානියකට පත් වේ.
ඔබ හොදින් මුදල් හදල් ඇති අයෙකු නම් මම ඔබ හමුවී මෙවැනි තැටි සදහා කෝටි ගණණ් මුදල් ගෙවන බව පවසයි. මින් පසු මා හදුනන බව නොදන්නා නමුත් ඔබ හදුනන අයෙකු හෝ අලුත් තැරුව් කරුවකු මෙවැනි තැටි රැපියල් ලක්ෂ පනහකට පමන රැගෙන යා හැකි බවත් ඒ සදහා පරීක්ෂක වරුන් පවා සිටින බව පවසයි. රැපියල් පනස් ලක්ෂයක ලාභයක් ගැන සිතන ඔබ තැටිය පරීක්ෂා කරයි. සමහර විට ඉන්දියාවේදී නම් හාල් ඇට පොගවා එය යකඩ කුඩු සමග මිශ්‍රකර පැරණි තඹ කාසි මුට්ටි ආදිය තුල කාන්දමක් සගවා එයට ඇදෙන බව පෙන්වාද වංචා කර ඇත. මෙවැනි වීඩියෝ යූ ටියුබ් තුලින් කොතෙකුත් බලා ගත හැක.කෙසේ හෝ ලක්ෂ පනහක් දී ඔබ තැටිය මිලට ගනී. ඉන් භාගයක් තැටියේ හිමි කරුට යන අතර ඉතිරිය තැරැව් කරු හා මා අතර බෙදේ. ඔබ තැටිය විකීණීමට මා සොයන ත් සමග විට පමා වී වැඩිය. නැතිනම් මම කරදරයකට පත්වී ඇති නිසා මුදල් ගෙවිය නොහැක. තැටිත් සමග ඔබ අතරමන් වෙයි.
මෙහිම තවත් ආකාරයක් වන්නේ මිලදී ගන්නා සතුව නාසා ආයතනයෙන් මෙම තැටි ලබා ගැනීම සදහා නිකුත් කල සහතියක් පවා පෙන්වීමයි.මේ අනුව ඔබ උනන්දු වී කෝටි ගණන් වලින් තැටි කිහිපයක් සොයා ගනී. නමුත් ඔබ මෙය විකිනීමට මිලදී ගන්නා වෙත ගිය විට ඔහු විශාල මුදල් අර්බුදයකට මුහුණ පා ඇත. ඔහු පවසන්නේ මෙම සහතිකයද ඇතුලුව ඔහු සතුව ඇති අනෙක් තැටි කිහිපයකුත් ඔබට ලබා දිය හැකි බවත් තමුන් සදහා රැපියල් කෝටි දහයක් ලබා දෙන ලෙසත් තැටි සියල්ල රැපියල් කෝටි දහසකට පමන නාසා ආයතනට විකිනිය හැකි බවත්ය. ඔබ මෙයට කැමති වන අතර ඉන්පසුව සිදුවන දේ ගැන අමුතුවෙන් කිව යුතු නැත. සමහරුන් පවසන පරිදි තැටි රැගෙන නොයන අතර යම් ශක්තියක් උරා ගත හැකි යන්ත්‍ර මගින් එම ශක්තිය පැය ගණන් ලබා ගනී. යන්ත්‍රය කුමක් වුවත් වංචාවේ වෙනසක් නොමැත. සමහරුන් මේ සදහා ඇමීටර ආදියද යොදා ගෙන ඇත. තැටිය වෙනුවට එම ශක්තිය ගබඩා වුනු යන්ත්‍රය විකුණයි.
මෙම වංචාව ප්‍රසිද්ධීයේ හදුන්වන්නේ රයිස් පුලර් වංචාව ලෙසයි (Rice Puller scam). මෙය පෙර තඹ කාසි , භාන්ඩ ආදියටද වලංගු වූවකි. මෙම වංචාවේ විශේෂත්වය වන්නේ එක් රටක් තුල නොව රටවල් ගණනාවක් තුල මෙය පැතිර තිබීමත් මිළදී ගණ්නා අසරණයා සමහර විට පිටරැටියකු වීමටත් ඉඩ තිබීමෙනි. අනෙක් අතට මෙය ඉතාමත් පිලිගත් ව්‍යාපාරයක් බව පෙන්වීම සදහා වෙනම වෙබ් අඩවි වීඩියෝ පවා දැක ගත හැක. නමුත් මෑතකදීද ඉන්දියාවේ මෙසේ වංචා කල කිහිප දෙනෙකුට එරෙහිව නීතිය කටයුතු කර තිබුනි.