Blog Archive

Wednesday, August 31, 2016

අවකලනය තේරෙන සිංහලෙන්

අවකලනය යනු කුමක්ද?
ඉහත දැක්වෙන්නේ විස්තාපන කාල ප්‍රස්තාරයකි . නැතිනම් නියමිත කාල ප්‍රාන්තරයක් තුල වස්තුවක් එය ගමන ආරම්භ කල ස්ථානයේ කොතරම් දුරට ගමන් කර ඇද්දැයි පෙන්වන ප්‍රස්තාරයකි.



ඕනෑම ප්‍රස්තාරය x හා y යනුවෙන් කන්ඩාංක රේකා දෙකක් පවතින බව අප දනිමු. ඕනෑම විටෙක. ත්‍රිමාණ ඛන්ඩාංක තලයක නම් Z රේඛාවතක්ද පැවතිය හැක.   සෑම විටම y එයට අදාල x අගයෙන් බෙදූවිට අපට ලැබෙන්නේ එම රේඛාවේ ඇල යයි. නැතිනම් අනුක්‍රමණයයි. මෙම් රේඛාවේ ඇල ඉර මගින් පෙන්නුම් කරන්නේ කුමක්ද? එනම් ප්‍රවේගයයි. මෙම වස්තුව නියත ප්‍රවේගයකින් ගමන් කර ඇත. වේගය සහ ප්‍රවේගය අතර වෙනස ප්‍රවේගයට දශාවක් තිබීමයි. එසේ නොමැතිව S1 මගින් පෙන්වන රේඛවා පමනක් මෙහි තිබුනේ නම් ඉන් කියවෙන්නේ වස්තුවක් කිසියම් ස්ථානයක t1 කාලයක් දක්වා නවතා තිබුනු බවයි.

ඉහත විස්තාපන කාල ප්‍රස්තාරය  ප්‍රවේග කාල ප්‍රස්තාරයකින් නිරූපනය කල විට දිස් වන්නේ පහත පරිදිය. නියමිත කාලයක් තුල නියත ප්රවේගයෙන් ගමන් කර ඇත.





නමුත් ප්‍රවේග කාල පුස්තාරයක ඇල ඉරකින් නිරූපනය වන්නේ කුමක්ද එය ත්වරණයයි. එනම් පහත පරිදිය.

මෙහි v1/t1 මගින් ලැබෙන්නේ ත්වරණයයි. 

මෙසේ චලිනතය සම්බන්ධයෙන් ගැනීමේදී ප්‍රස්ථාරයක අනුක්‍රමණයක් නැතිනම් එප ඉරත් තිබීඹ මගින් නිරූපපනය වන්නේ වස්තුවක යම්කිසි චලනයකදී එම වස්තුවේ චලනයට සිදුවුනු වෙනසයි. විස්තාපන ප්‍රස්තාරයේ අනුක්‍රමණය ප්‍රවේගයයි. එසේම ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ත්වරණයයි.  

මෙහිදී විස්තාපන කාල ප්‍රස්ථාරයක් ව්‍යුත්පන්න කල විට ඉන් ලැබෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථරයකැයි අපට පැවසිය හැක. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ව්‍යුත්පන්නය (derivative) ත්වරණකාල ප්‍රස්ථාරයකි. ව්‍යුත්පන්නය වනාහී කලනයේදී සිහියේ තබා ගත යුතු වැදගත් වදනකි. 
                                          

මේ විස්තාවපන කාල ප්‍රස්ථාරය ආයෙමත් සලකන්න. අපට මෙහි ඇල ඉර නැතිනම් අනුක්‍රමණය නැතිනම් ප්‍රවේගය t අකුරට සාපේක්ෂව S හි වෙනස් වීමක් ලෙස නැතිනම් ශ්‍රිතයක් ලෙස දැක්විය හැක. 
එනම් S(t)  =  V(t)  (විස්තාපනයේ ඇලය ප්‍රවේගයයි) එලෙසම V(t) = a(t) එසේම කාලයට සාපේක්ෂව ප්‍රවේගයේ වෙනස ත්වරණයයි. එම නිසා ප්‍රස්තාරයක ඇල ඉර නැතිනම් අනුක්‍රමණය ව්‍යුත්පන්නය ලෙස හැදිනේවේ. 

නමුත් ස්වභාවධර්මයේ සිදුවන වෙනස් වීම් සිදු වෙන්නේ බොහෝ විට රේඛීයව නෙමෙයි. වක්‍රීයවයි. ඒ කියන්නේ කාර් එකකින් ගමනක් ගියත් වලාවකට වේගෙ වැඩි කරනවා වෙලාවකට අඩුකරනවා ඒ කියන්නේ ප්‍රවේගයත් අඩු වැඩි වෙනවා . සෑඹ විටම පවතින නියත ප්‍රවේගයක් වත් විස්තාපනයක් වත් නැහැ. 
            
මේ ප්‍රස්තාරේ දැක්වෙන්නේ එහෙම අවස්ථාවක් මේ ප්‍රවේග කාල ප්‍රස්තාරයෙන් නිරූපනය වන වස්තුවේ ත්වරණය ඒකාකාරී නැහැ. මේවගේ වෙලාවක මුලු ශ්‍රිතයේම අනුක්‍රමණය එකම සමීකරණයකින් නිරූපනය කරන්න බැහැ. නමුත් අපිට අවශ්‍ය වෙන්න පුලුවන් යම් t කාලයකදී  තිබුනු ත්වරණය මොකද්ද කියලා දැන ගන්න. අන්න ඒ වෙලාවේදී අප ි මුලින් කතා කලා වගේම ඒ සදහා අපිට අවශ්‍ය වෙනවා ඒ යම් ස්ථානයේ තිබුනු අනුක්‍රමණය දැන ගන්න.  මේක සරල කර ගන්න පහත ප්‍රස්තාරය සලකමු.





දැන් මේ කියන ස්ථානයේ අනුක්‍රමණය අපිට හොයා ගන්න පුලුවන්ද ? බැහැ.මොකද ඒ ලක්ෂ්‍යයට අනුක්‍රමන රාශියක් තියෙන්න පුලුවන්  නමුත් ලක්ෂ දෙකක් තිබුනනම් පහල විදියට අපිට යම් සැලකීමක් කරන්න තිබුනා.

අපි කියලා ලක්ෂයක් තවත් තැනතින් තිබ්බොත් හා ලක්ෂයත් අතර රේඛාවක් ඇන්දොත් ඒ ලක්ෂ දෙක එකිනෙකට යා කලොත් ඔන්න අපිට සෘජුරේඛාවක් හමු වෙනවා. දැන් අපි  ලක්ෂය ටිකෙන් ටික අරන් එන කොට අපි ටිකෙන් ටික හරි  x ලක්ෂයේ නිවැරදි අනුකමණයට ලංවෙනවා. නමුත් අපිට හරිම උත්තරයක් ලැබෙන්න Z = x කලොත් බැහැ. ඒ නිසා අපි අනුමාන කරනවා ආසන්න වශයෙන් x වෙතම යනවා නැත්නම් ඉතාමත් කෙටි මිනිය නොහැකි තරම් වෙනසක් දක්වා ඒ කියන්නේ ආසන්න වශයෙන් බිංදුව කරා ලංකලොත් අපිට x ලක්ෂය වන විට ප්‍රස්ථාරයේ නිවැරදි අනුක්‍රමණය ලැබෙනවා කියලා.
දැන් ඒ z xට ආසන්නම වුනු අවස්ථාවේ රේඛාව පිහිටන විදිය අපි විශාල කරලා පහල විදියට සලකමු.


මේක හොදින් බලන්න අපි  සහ  අක්ෂයන්ගේ  අගයන් සහ අනුව අක්ෂයේ ශ්‍රිතයන් ලෙස යොදා පෙන්වලා තියෙනවා.
කියන්නේ x ලක්ෂයේ අක්ෂයේ අගය නම් එහි අගය f(a) වලින් නිරූපනය කරනවා. ලක්ෂයේ අක්ෂයේ අගය a+h නම් ලක්ෂයේ අගය f(a+h) වලින් දනක්වනවා. ඒ කියන්නේ දුරකදී හා අගවයන්ගේ සිදුවුනු වෙනස් වීම. ඇත්තටම අපේ ඉහත උදාහරණයට අනුව කියන්නේ දැන් z x ලක්ෂයට ලගාවුනු ඒ ආසන්න මොහොත. දැන් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අපිට
f(t)  = f(a+h) – f(a) / h කියලා දක්වන්න පුලුවන් . මේක ගත්ත හැටි අමාරු වෙන්න බැහැ කාටවත්.

මේක අපිට ලියන්න පුලුවන් z  x කරා පැමිණීම 0 කරා යෑමක් ලෙස සලකලා. Lim කියන්නේ මොකද්ද සීමාව.(limit).
h->0lim    f(a+h) – f(a) / h
බින්දුව කරා යන කොට අනුක්‍රමණයේ සිදුවන වෙනස් කම් අපිට දැන් මේ සමීකරණයෙන් පෙන්වන්න පුලුවන්.
කෙනෙකුට මෙහෙම අහන්න පුලුවන් බින්දුව කරා යන කොට h = 2 වෙන කොට මොකද වෙන්නේ කියලා.
ගණිතඥයෙක් ඕකට උත්තරේ දෙන්නේ උඩ සමීකරණය භාවිතා කරලා. ඒකියන්නේ h 2 සීමාවට යනකොට ශ්‍රිතයට මොකද වෙන්නේ කියන එක
h->2lim    f(a+h) – f(a) / h

අපි හිතමු අපි ලග තියෙනවා  ශ්‍රිතයක් f(x)=    x2+ 5x +6 කියලා මේක අවශ්‍ය නම් ශ්‍රිතයක අදින්න් පුලුවන්.
කොහොමද කරන්නේ ? සමීකරණය a,b,c යනුවෙන් කොටස් තුනකට අපි සෑම විටම කඩනව.වැඩිවෙලා තියෙන සැබෑ ඉලක්කම් තමා මෙතනදී සැලකිල්ලට ගන්නේ.  පලවෙනියට තියෙන  වර්ගගය වැඩි වෙලා තියෙන්නේ 1 න් දෙවෙනියට තියෙන එක 5න් තුන්වෙනියට හය. a = 1 , b = 5, c = 6 . ඇයි 6  1න් වැඩි වෙලා තියෙන විදියට ගන්නේ නැත්තේ ? .සමස්ථයක් වශයෙන් එතන පෙන්වන්නේ නියම සංඛ්‍යාවක් නිසා. ඊට පස්සේ සමමිතික අක්ෂය සොයා ගන්න සමීකරණය මොකද්ද ? x =     ඒ අනුව   =-2.5 ඒ කියන්නේ x =- 2.5  හරහා තමා සමමිතික අක්ෂය වැඩටිලා තියෙන්නේ. දැන් වගුවක්. පලවෙනි අගය වෙන්නේ අපේ සමමිතික අක්ෂය ඒක දැම්මා සමීකරණයට ගත්තා අගය . x2+ 5x +6  =  -2.52 +(- 2.5) x 5 +6 = 0.25 .ඊලග  අගය හොයන ඒකට
 x = -1 කරමු.
එතකොට (0,2) ඊලගට අගයක් හොයා ගන්න x = 1 කරමු.  උත්තරේ  y = 12

X
Y
-3
0
-2.5
0.25
-1
2
0
6
1
12
2.5
24.75
3
30

අපි දැන් අපේ සමීකරණය යොදා ගෙන මේක විසදමු. ඒ කියන්නේ h->0lim    f(a+h) – f(a) / h
යොදා ගෙන. කරන්න තියෙන්නේ මේ සමීකරණය අපේ ශ්‍රිතයේ සමී කරණය . x2+ 5x +6   ඇතුලට රිංගවන එක.
ඒ කියන්නේ අපි දැන් අනුකුමණය නැත්නම් ව්‍යුත්පන්නය හොයන්න යන්නේ  f’(2)  වෙනකොට.
F(2) තමා කලින් අපි f(a) වලින් දැක්වුයේ. ඒක නිසා   අපි x    දක්වමු    .ගේ ශ්‍රිතයක් ලෙස
 F(a) = a+5a +6
F(a+h)   (a+h)+5(a+h) + 6
ව්‍යුත්පන්නය පෙන්නන්න අපිට  ලකුණ පාවිච්චි කරන්න පුලුවන්.
f‘(2)   =  h->  0lim     (a+h)+5(a+h) + 6 –( a+5a +6)/h
a = 2 නිසා
               =  h->  0lim   h2+9h/h   
                = h->  0lim         h(h+9)/h
                = h->  0lim        h+9
                 h= 0  කල විට
                = 9//
එනම් h-> 0 කරා යනවිට a = 2 වන විට ශ්‍රිතයේ අනුක්‍රමණය 9 කි.  
ඉතින් මේ තමා අවකලනය. සරල උදාහරණයක් හැටියට පහත විස්තාපන කාල ප්‍රස්ථාරය සලකන්න
මේකේ ශ්‍රිතය f(x) = x වලින් දෙනවා
 මේ වාහනය ධාවනය වෙන්න පටන් අරගෙන ලගවෙනි තත්පර දහය තුල ගමන් කරපු දුර 100කියලා හිතමු. අපි හිතම යම් අවස්ථාවක අපිට මේකේ ඡාරායාරූපයක් ගැනීඹ සදහා කැමරාවක් සකසන්න ඕනෑ. ඒ සදහා අපි මේක අවකලනය කරලා අනුක්‍රමණය සොයා ගත යුතු වෙනවා.

        F(a)   = h->0lim    f(a+h) – f(a) / h
මේක අරගෙන f(x) = x ඇතුලට ඔබමු.
h->0lim    (x+h)(x+h)(x+h) - (x)/h
 = h->0lim     x³ + 3x²h + 3xh² + h³ – x/h
සුලු කරලා අන්තිමට h = 0 කෙරුවම
= 3x2
(අවකලනයේ පවර් රූල් එක එන විදිය මතක් වෙන්න ඕනෑ දැන් ඒ ගැන දන්න අයට.
f’(x) =  n x(n-1))
දැන් මේ ලබා ගත්ත උත්තරෙන් කියවෙන්නේ මොකද්ද? යම් කිසි කාලයක් තුල (x අක්ෂයේ) F(x) ප්‍රමාණයක් චලනය වුනු වස්තුවේ ප්‍රවේගය එහෙමත් නැත්නම් ශ්‍රතයේ අනුත්‍රමණය එහෙමත් නැත්නම් ව්‍යුත්පන්නය මේ මගින් කිය වෙනවා. ඒ කියන්නේ අපි සරලව හිතුවොත් මේ වාහනය තත්පර දහයක් තුල මීටර් 200 ක් ගියා කියලා එහෙම උනොත් ප්‍රවේගය ඇවිල්ලා 200/10 = 20 ms-1  නමුත් ඒ කියන්නේ වස්තුව ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කලා කියන එක. ඒ ඇවිල්ලා සමස්ථ සාමාන්‍ය අගය. නමුත් පැහැදිලිවම මේ වස්තුවට ඒකාකාර ප්‍රවේගයක් තිබිලා නැහැ. නියම ප්‍රවේගය ලබා දෙන්නේ  3x සමීකරණයෙන්. තත්පර දහයකදී එයට 3x10   = 300ms-1 ප්‍රවේගයක් තිබිලා තියෙනවා. අවශ්‍යනම් තත්පර 20 , 30 දී උනත් ප්‍රවේගය ඒ තත්පරයටම බලන්න පුලුවන්. මේ තමා අවකලනය.
යම් කිසිවක් කෑලි වලට බෙදලා ඒ ක්ෂණය තුල සිදුවුනු වෙනස බැලීමට අපි අවකලනය භාවිතා කරනවා.
මෙතනින් පටන් ගන්න අවකලනය අපි මෙහෙම මුල ඉදන්ම සරලව විසදන්නැතුව සමීකරණ සෙට් එකක් භාවිතා කරලා පහසුවෙන් හොයනවා. ඒ කියන්නේත් මේ වගේ උදාහරණ ආදියෙන් ව්‍යුත්පන්න කර ගත්ත දේ.
මේ තමයි වූත්පන්නයක් දැක්වීමට සාමාන්‍යයෙන් යොදා ගන්න ලකුණ. මේක කියවන්නේ ට අනුරූප ගේ වෙනස්වීම හෙවත් අනුක්‍රමණය. නැත්නම් ව්‍යුත්පන්නය.
කියලා ගත්තොතත් මේකේ වලින් පෙන්වන්නේ නියතයක් ඒ කියන්නේ යම් නියම සංඛ්‍යාවක්
හරියට අපි 6 කියන සංඛ්‍යාව ව්‍යුත්පන්න කලොත් අපිට ලැබෙන්නේ 0 . ඇයි ඒ ?

මේ තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. a1 වලින් දැක්වෙන්නේ නියතයක් . නියත ප්‍රවේගයක්. ඉතින් අනුක්‍රමණය 0යි. ඒකම  nxn-1   වලිනුත් දක්වන්න පුලුවන්.
නැත්නම්
මේවගේ දෙයකින් කියවෙන්නේ මොකද්ද? එනම් x ට අනුරූපව දෙවරක් ව්‍යුත්පන්න කර ඇති බවයි. මේකේ හැටියට කියන්නේ විස්ථාපනය නම් හෝ දෙවන සමීකරණයේ පරිදි කාලයේ ශ්‍රිතය අනුව   මගින් පෙන්නුම් කෙරෙන්නේ ත්වරණය. 

සරලම උදාහරණය  Δs/Δt   ව්‍යුත්පන්නය නැතිනම් ප්‍රවේගය.  Δ වලින් හැම වෙලේම පෙන්වන්නේ වෙනස් වීම කියන එක.  නැවතත් Δv/Δලබා දෙන්නේ ත්වරණය. එනම් දෙවරක් ව්‍යුත්පන්න කර ඇති බවයි.


වලින් එහෙමනම් මොකක් පෙන්නයිද ? ඔව් කාලයට සාපේක්ෂව ත්වරණය වෙනස් වීම.
පහල වගුවලින් මේ ආකාරයෙන් නොයෙක් අවස්ථාවල යොදා ගත හැකි අවකල සමීකරණ දැක් වෙනවා. ත්‍රිකෝණ මිතික සමීකරණ පවා දැක ගන්න පුලුවන්. අපි මුලින්ම සාකච්ඡා කරපු පවර් රූල් එක පවා ඇති බලන්න. එ් වගේම ශ්‍රිත දෙකක ගුණිතයක් තියෙන කොට ශ්‍රිත දෙකක බෙෙදීමක් තියෙන කොට කලයුත් දේ දැක ගන්නත්  පුලුවන්. හොදින් මතක තියා ගන්න මේ සියල්ලම අපි උඩ සාකච්ඡා කරපු සරල මුලධර්මය මතම පදනම් වෙලා ගොඩ නගලා තියෙන බව. මේ ඕනෑම එකක් ඒ හරහා ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්සාධාරණයි කියලා. 
tan = x/y කියල ගන්න පුලුවන්. ඒක නිසා අනුක්‍රමණයට ටැංජන් ලයින් එක කියලාත් කියනවා.
ඒ වගේම
                                                    
ඒ කියන්නේ sinϴ    වලට අනුරූපව ව්‍යුත්පන්නය = cosϴsinϴ = 1 උනොත් cosϴ = 0මොකද අපි දන්නවා හැම වෙලේම ව්‍යුත්පන්නයක් වෙන්නේ අනුක්‍රමණයක් කියලා. පහල ප්‍රස්ථාරයේ sin අනුක්‍රමණය බින්දුව හරහා යන කොට cos ශ්‍රිතයේ අනුක්‍රමණයක් නැහැ.

මේ තමා අවකලනයේ පියා වන සර් අයිසෙක් නිව්ටන්ගේම f = ma සමීකරණයේ අවකලන ව්‍යුත්පන්නය. හොදින් බලන්න .මෙහි f(t) වෙනුවට x(t) යොදා ගෙන තියෙන්නේ බලය පෙන්වීමට යොදන සමග ඇතිවන පටලැවිල්ල නවත්වා ගන්න. නැත්නම් ඕනෑම එකක් දාගත්තට කමක් නැහැ . කියන්නේ කාලයේ ශ්‍රිතයක් (x අක්ෂයදෙවරක් ව්‍යුත්පන්න කරලා තියෙනවා .  ඒ කින්නේ ත්වරණය. බලය නැතිනම් එම ශ්‍රිතයේම අනුරූපයක්
මේක f(x(t)) වෙනුවට නිකම්ම දැම්මත් x(t) වෙනුවට නිකම්ම දැම්මත් වෙනසක් නැහැ. ලියන විදිය විතරයි. මේක ව්‍යුත්පන්න කරන්න පුලුවන් ත්වරණය ව්‍යුත්පන්න කිරීමෙන්මයි. අපි කලින් කලා වගේ.  .

පහත රූපයෙන් අවකල ව්‍යුත්පන්න හා නීති ගැන සරලව හොද අවබෝධයක් ලබා ගන්න පුලුවන් ඒ වගේම https://www.mathsisfun.com/calculus/derivatives-rules.html යොමුවෙන් මේ නීති හා ක්‍රම යොදා ගන්න ආකාරය ඉතාමත් සරලව පැහැදිලිව පෙන්වලා දීළා තියෙනවා. 
   

මේකේ ගැටලුවක් වෙන්න පුලුවන් තැනක් තියෙන්නේ චේන් රූල් එක තේරුම් ගැනීමේදීයි. චේන් රූල් එකේ අවකල ව්‍යුත්පන්ය තේරුම් ගන්න ලේසියි චේන් රූල් එකේ පෙන්වන දේ තේරුම් ගත්තොත්.
F(g(x)) කියන එක තේරුම් ගන්න පුලුවන් ශ්‍රිතයක් තුල ශ්‍රිතයක් විදියටඋදාහරණයක් විදියට   g(x) = xසහ  f(x) = x+3     කියලා ගනිමු.   (g º f)(x) කියන්නේ  g(f(x)) කියන එකමයි. ඒ කියන්නේ
g(f(x)) = (x+3)3   //    

e  කියන්නේ මොකද්ද ?
සාමාන්‍ය x2 ,   y   වගේම උනත් මේකේ පොඩි වෙනසක් තියෙනවා පහල බලන්න.   2! ,3! කියන්නේ මොකද්ද? ! පෙන්වන්නේ ෆැක්ටෝරියල් කියන එක.  ඒ කියන්නේ
2! = 2 x 1   , 3! = 3 x 2 x 1 , 5! = 5 x 4 x 3 x 2 x 1  කියන එක.

අවකල ව්‍යත්පන්නය ඔප්පු කිරීම . (Power Rule)




























නිදහස


ඔබ මරණීය දන්ඩනයට නියම වී කොලඹ සිරගෙදරට යනවා නම් සතියකට එක් වරක් පැය බාගයකට ඔබව එලියට දමනා විට එහි කුඩා පිට්ටනිය කෙලවරේ ඇති ඇටඹ ගහ ලගට යන්න. උල් සවිකල යකඩ දැල් වලට ඉදිරියෙන්, රැදවුම් ශාලාවේ සිට ඇටඹ ගහ දෙසට සිට ගත් විට වම් පසට වන්නට ඔබට ඝනව තන කොල වලින් වැසුනු පස් ගොඩැල්ලක් හමුවනවා ඇත . අන්න එය අඩි හයක් පමණ පතුලට හාරා  ඔබට ඇතුලත දකින්නට හැකිනම් ඔවුන් මා වලදමා ඇති ආකාරය ඔබට දිස්වනු ඇත. ඔව් මගේ  ඉරී ගිය ශරීරය සහිත ඒ මගේ සොහොනයි.

සරසවි ආචාර්යය වරයකු වශයෙන් කටයුතු කලද මා අතින් සිදුවුනු වරද වෙනත් අයෙකු විසින්ද එවන් මොහොතක නොකර සිටිනු ඇතැයි මා නොසිතමි. කාලයක සිට පැවති  හැංගි හොරාව අතටම අසුවන විට මට කර ගත හැකි කිසිවක් නොවීය. සමාජය හමුවේ ලැජ්ජාවට පත්වීමට පෙර සාක්ෂි අතුරු දන් කිරීම පිලිඹදව පමණක් එවෙලේ අවධානය යොමු විය. මාගේ පෙම්වතියත් ඇගේ සැමියාත් දෙදෙනාම මා අතින් මිය ගියේය.

මරණීය දන්ඩනය නියම වූ මා ඇතුලු මා වැනිම වූ අනෙක් සිරකරුවන්යො රදවා තැබුනේ සෙසු සිරකරුවන්ගෙන් වෙන්වූ වෙනමම කොටසකය . ඝන බිත්ති වලින් හා දැඩි රැකවලින් යුතු එහි සිටියේ මා වැනිම වූ ලග ලගම එන මරණය ගැන මොහොතක් පාසා නැගෙන සිතිවිලි නිසාම  ජීවත්ව සිටිමින්ම මලවුන් වැනිවූ තවත් සිරකරුවන් පිරිසක් සමගිනි.  සියලු දේ පිලිබද ආශාවන්ගෙන් තොරවූ වැනි  සහ හා කිසියම් ආකාරවූ ආශ්චර්යයමත් ආකාරයකින් ලැබිය හැකි අද්භූත සමාවක් පිලිඹදව බලාපොරාත්තුවක් මත ජීවත් වූ පිරිසකි. අප සියලු දෙනා ශක්තියෙන් පිරිහී සිටියේ ජීවත්වන මලවුන් මෙනි.

මා එල්ලා මරණ දිනට දින තුනකට පෙර රාත්‍රියේ සෑම දාම මෙන් බියකරු සිහිනයකින් මා පිබිදුනි. නින්ද වනහී ශරීරයට අවශ්‍ය වුවද මට අවශ්‍ය වන්නක් නොවීය. අවධිවනු සෑම විටම මා ආත්ම අනුකම්පාවෙන් වෙලී රහසේ වැලපුනෙමි. නමුත් එදා කිසියම් දෙයක් සිදු වෙමින් පැවතුනි. අපගේ සිර ගෙවල දොර හැර අප තිහකින් පමන යුතු කණ්ඩායමක් මාංචු හා දම්වැල් වලින් බැද අතිශය අදුරු වුනු විශාල ට්‍රක් රථයකට පටවා රැගෙන යන්නට විය. මරණ දඩුවමට ලංවූවන් වෙනම ගාල් කෙරෙන බව මම අසා තිබුනෙමි. මේ එය බවට සැකයක් නොවුනද අපව බිමට බැස්වූ තැන මා බලාපොරාත්තුවූ ආකාරයේ තැනක් නොවිනි.

අප ඉදිරියේ අදුරු අහස් කුසත් අවට පරිසරයත්  සමග කොහේදී හෝ එක් වන බවක් පෙනෙන දැවැන්ත පාෂානයමය  තාප්පයකි. අපට පුරුදු ආරක්ෂකයින් වෙනුවට අති දැවැන්ත කලු හැද ගත් වෙස් මුහුණුු පැලදි ආරක්ෂකයින් අපව වට කර ඇත. ගොඩ නැගිල්ලේ අදුරට ඇතුල්වුනු අපට ඈත කොහේදො සිට විහිදෙන දිලිසෙන ආලෝකයක්ද මිනිසුන්ගේ මහා ගාලගෝට්ටයක්ද ඇසෙන්නට විය. මර බියෙන් තැති ගැනුනු අප එක එකා අද්දන්නට විය.

සමාවක් නොමැතිව දැවැන්ත පොලු පහරවල් අප මත පතිත වන්නට විය. දැවැන්ත ආලෝකයට මෙහා කිසියම් දොරක් විවර වුනු අතර  වැසුනු අයෝමය දොරක් සහිත කනාමැදිරි එලියක් සහිත  කාමරයේ ටයිකෝට් දැමූ පුද්ගලයින් කිහිප දෙනෙකි. උපැස් යුවලක් පැලදි මහලු පුද්ගලයකු අප අසලට ආවේය ඔහු දෙපස බර අවි දෙක් දරා ගත් ආරක්ෂකයින් දෙනෙකි.

ලයින් කී සැනින් පෝලිම් ගැසීඹ අපට හුරුය. පේලියකට හය බැගින් වූ පේලි පහකට අප වෙන් වුනෙමු.

මහත්වරුන්ට වැදගත් ප්‍රීතිදායක සහ අසුබදායක  ආරංචි දෙකක් දෙන්නයි අපි මේ ලෑස්තිවෙන්නේ. ඔබතුමන්ලා දන්නවා තව දින කිහිපයින් ඔබගේ ජීවිත අවසන් වන බව. නමුත් අපි මේ හදන්නේ ඔබට ජීවත් වීඹට අවස්ථාවක් දෙන්න. ඔව් නිදහස් වෙලා යන්න.

අදහා ගත නොහැකි වුනු එම වදන් වලින් අප සිහිසුන් නොවුනා පමනි. නමුත් නමුත් කුමන ඇපයකටද ? මොහොතකින් අප නැවතත් පියවි ලොවට පැමිනියෙමු.

ඒක තමා සුබදායක ආරංචිය. ඊලග විනාඩි පහ ඇතුලත ඔයගොල්ලෝ මේ කාමයට ඇතුල් වෙනවා. ඔහු දැවැන්ත අයෝමය දොරටුව පෙන්වීය. කරන්න තියෙන්නේ සුලු දෙයයි. හෙමීට පයින් ඇව්ද්දොත් මේ එහා පැත්තේ තියෙන දොරටුවෙන් මේක වැටිලා තියෙන වංකගිරිය හරහා පැය එකහමාරකියන් එලියට එන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නේ පැයකින් ඒ දොරෙන් එලියට එන එක විතරයි.

තවමත් අපට දෙසවන් අදහා ගත නොහැක.

හැබැයි එලියට එන්න පුලුවන් වෙන්නේ එක්කෙනකුට විතරයි. ඕක තමයි නරක ආරංචිය. ඒ එන එක්කෙනා නිදහස්. මොහු කියන්නේ කුමක්ද යන්න පිලිබදව පොත් කියවා ඇති මාහට අමතු දෙයක් නොවිනි. වචනාර්ථයෙන්ම තිරිසන් ක්‍රියාවක් වුනු  මෙයට අනුව ඔහුට අවශ්‍යව ඇත්තේ වංකගිරිය තුල අපි එකි නෙකා මරා ගනිමින් අනෙක් පසින් එලියට ඒමයි.



දැන් යන්න මහත්වරුනි. ඔබට ජය. අපේ පිරිසෙන් විරෝධයක් නැගෙත්ම හැඩි දැඩි වෙසැස්ලූ ආරක්ෂකයින් පහර දෙමින් අපව උමග තුලට ඇද දමන්නට විය. උමග රත්පැහැයෙන් ආලෝකමත්ව තිබුනු අතර එහි දෙපස කෙටි බිත්වතියේ සිට වහලය ලෙස විනිවිද පෙනන වීදුරු සෙවිල්ලා තිබුනි එයට ආසන්නයේ සිටම කෑකෝ ගසමින් ඔල්වරසන් නගන සිය ගණන් වුනු නරඹන්නන්ද අපව පැහැදලිව පෙනෙන පරිදි උමග තුල ඇටවූ කැමරා මගින් රූපගත කෙරුනු දර්ශණ පෙන්වීමට ඇටවූ යෝධ රූපවාහිනී තිරද දිස්වන්නට විය.

ඔබගේ මාංචු සියල්ලටම ගැලපෙන එකම ආකාර යතුරුත් ඇවැසි ආයුධත් ඉදිරියෙන් හමුවේ. එලියට එන කෙනා වෙන කිසිවෙන් ඇතුලේ ඉතුරු කර නොපැමිනිය යුතුයි.එතකම්මේ  දොර  ඇරෙන්නැනේ නැහැ.  මතක තබා ගන්න වීදුරු බිද දැමීම කල නොහැකියි. දොර වැසී යත්ම මහලු පුද්ගලයාගේ කට හඩද නෑසී ගියේය. දැන් ඇසෙන්නේ නරඹන්නන්ගේ කන්බිහිරි කරවන ඔල්වර සන් නැගීම පමනි. ඔවුන් අපව තෝරමින් සූදු කෙලීමටද පටන් ගෙන ඇත.

වැලි ගොඩැලි සහිත පස මත තිබුනු යතුරු මගින් අප වහ වහා මංචු හැර ගත්තෙමු. ඒ දෙපසම විවිධ වර්ගයේ කඩු තෝමර කිනිසි ආදිය එල්ලා තිබුනි.

අහපල්ලා අපිට මෙහෙම මරා ගන්න අවශ්‍ය නැහැ මේක නීති විරෝධී . අපගේ නඩයේ සිටි සිහින් ඇග ඇති පුවත්පත් කලා වේදියොකු වශයෙන් සිටි පුද්ගලයකු කෑගැසීය. අප සියලු දෙනා කුමක් කරන්නදැයි සිතමින් මුහුනින් මුහුණ බලා ගතිමු.

මෝඩ වැඩ කරන්න එපා. කලා වේදියා.   නැවත කෑ ගැසීය. ඒක ඇත්ත එයට සහොයෝගය දක්වමින් හොද ධනවතෙක්ව සිටි අයෙක් කෑ ගැසීය. මා ඉදිරියේ සිටියේ සිර ගෙදරදී මට ආසන්නම කුටියේ රදවා සිටි හැදි දැඩි පාතාල නායකයෙකි. ඔහු මා දෙස බැලීම මමද ඔහු දෙස බැලුවේ කුමක් කරන්න දැයි සිතා ගත නොහැකිවය. කිසිවකුත් කිසිත් නොකී විනාඩියක් ගත විය.

එක් වරම පාතාල නායකයා බිත්තියේ වූ කඩුවක් වෙත පැන්නේය. ඔහුව වැලැක්වීමට මෙන් කිසිවකු ඔහුගේ ඇගේ එල්ලුනද ඊට වඩා ඉක්මන් වුනු පාතාලයාගේ කඩු තුඩ ඔහුගේ පිටුපසින් මතු විය. සියලු දෙනාම උමතුවෙන් ආයුධ ඇද ගත් අතර එකිනෙකා හා සටන් කරමින් දුවන්ට විය. එකිනෙක ගැටෙන කඩු හඩද වේදනාත්මක කෑ ගැසීම්ද ඇසිනි. අමුතුම හැඩයේ මදක් බරැති කඩුවක් ඇද ගත් මා කිසිවකුට පහර දීමට නොබලාම දිවයන්නට වුනෙමි. කිසිවක් එල්ලකල පහරකින් ලෙයින් නැහැවුනු කවන්ධයක් මා ඉදිරිපිට වැටුනි. මට ඉදිරියෙන් දහ දෙනෙකු පමන වේයෙන් දිව යමින් වංගුවකින් හැරුනි. ඒ සැරින් අප ඉදිරියේ බිත්ති වල කවුලු හැරී කුඩා පිස්තෝල බිමට වැටෙන්නට විය. සැනින් මට පිටුපසින් පත්තු වුනු වෙඩි පහරක් ඉදිරි වංගුවෙන් හැරීමට ඔන්න මෙන්න සිටියකු බිම ඇද දැමීය.  මේවායේ එක උන්ඩයයි. තවත් වෙඩි පහර කීපයක් හුවමාරු වන අතර කිසිවකු කෑ ගැසීය. උමග තුල පෙරට වඩා වැඩි පිරිසක් සිටින බවත් මට සිතුනේ මන්දැයි නොදනිමි. මගේ පිටුපසින් වදින උන්ඩයක් මග හැරීම බලාපොරාත්තුවෙන් මමද වේගයෙන් වංගුව තුලට වැදුනෙමි. එවිටම එතැන හැංගී සිටියකු මට එල්ල කල කඩු පහරකින් මගේ උරහිස ලගින් කැපී ගියේය. මරබියෙන්ද වේදනාවෙන්ද ක්‍රෝධයෙන්ද උමතු වූ මම ඔහු නැවත කඩුව ඇද ගැනීමට පෙර ඔහු මතට පැනීමට සමත් වුනෙමි. වේගවත් මුෂ්ටිපහර කීපයකින් බිම ඇද වැටුනු ඔහු ගේ හිස මගේ කඩුවෙන් කදින් වෙන්විය.

කෙසේ හෝ මේ ආකාරයෙන් සාර්ථකව මැදක් හරියට යන විට ඉතුරු වී යැයි සිතා ගත හැකි අප කිහිප දෙනෙකු හති දමමින් විඩාවෙන් දුර්වලව ගාටමින් සිටියෙමු. අයෙකු ක්ලාන්තව බිම ඇද වැටුනු අතර පිටු පසින් ඔහුගේයැයි සිතිය හැකි විලාපයක් ඇසුනි. මගේ සිරුරකඩු හා කිනිසි පහර වලින් ධරුණු ලෙස තුවාල වී රුධිරය ගලයි.

අප ඉදිරියෙන් නිදහස යැයි සදහන් දෙරටුවක් පෙනෙත්ම මට ඉදිරියෙන් සිටි දෙදෙනා ආපසු හැරුනි. නමුත් ඔවුන්ට වඩා මා කපටි වී අවසානය. සාක්කු දෙකින් ඇද ගත් තනි උන්ඩයේ  පිස්තෝල දෙකකින් ඔවුන් දෙදෙනා මා මතට පැනීමට ගත් උත්සාහය ව්‍යවර්ත විය. හති දමමින් පිටු පස බැලූ මා දුටුවේ පොරකා ගන්නා හතර දෙනෙකි. එයට පිටුපසින් තවත් කිසිවෙක් ඇවිදිමින් සිටියේය. පොරකෑමෙන් දෙදෙනෙකු බිම ඇද වැටුු තැන මම කඩුව අමෝරාගෙන ඔවුන් වෙත පැන්නෙමි.

පිටපස කී දෙනෙක් ඉතුරුදැයි නොදන්නා නමුදු අවසානයේ මා වෙනුවෙන් ඒ දොරටුව විවර විය. රුධිරයෙන් වැකී සිටි මා පිලිගැනීමට ගැහැනු පිරිමි සෑහෙන පිරිසක් වටවී සිටියහ . ඒ අතර මට හොදින් හරු පරුදු ජනප්‍රිය පුද්ගලයන්ද සිටින බවද දැක ගත හැකි විය. මා ජයග්‍රාහකයා ලෙස නම් කරන විටද ම හට සුබ පතන විටද තුවායක් කරට දා රැගෙන යන විටද මම සිටියේ වැලපෙමිනි. මගේ මුලු ශරීරයම වෙව්ලයි. මා අතින් අද කී දෙනෙකු ඝාතනය වූවාදැයි මා හට දැනීමක් නොවීය. අවසානයේ මා පෙර අපට කතා කල මහලු පුද්ගලයා සමග කාමරයක වාඩිවී සිටිමි.

ඇයි මේ ???? මම කදුලු පිරි දෙනෙතින් ඔහුගෙන් විමසීමි. ආචාර්යතුමනි . ඔයට වැටහෙන නිසා කියන්නම්
මේ අපේ රටේ නීතිය හා සාමය සදහාමයි.

නීතිය හා සාමය සදහා ??? මා ඇසුවේ විමතියෙනි.

මේ සමාජේ හැම දාම කොටසක් ඉන්නවා සමාජය එක්ක වෛරයෙන් ජීවත් වන එක්කො තමුන්ට පෙර සිදුවුනු අසාධාරණ කම් නිසා, තමුන් විදි දුක් නිසා, තමුන්ගේ හිතවතුන්ට සිදුවුනු අසාධාරණ කම් නිසා ,අතෘප්තිකර ලිංගික ආශා නිසා වෙන්න පුලුවන් මේ අය වැඩෙනකොට වැඩෙන කොට මේ හිත යට තියෙන වෛරයත් උඩට එනවා. ඊලගට ඔවුන් සමාජයේ යම් තැනකට ආවත් ඔවුන්ට මේ දෙයින් ගැලවීමක් නැහැ. ඊට පස්සේ මේක වෙන වෙන ආකාර වලින් එලියට එන්න පටන් ගන්නවා. සමහරුන්ට දුප්පත් මිනිසුන් වෙනුවෙන් තමුන් යමක් කල යුතු ලෙස සමාජවාදයට ඇති ආසාවක් ලෙස මෙය එන්න පුලුවන්.  විශ්ව විද්‍යාල ශීෂ්‍යයකුට අනෙක් ශිෂ්‍යයන්ට හෝ අනාගත ශිෂ්‍යන්ට සිදුවන අසාධරනකම් සදහා සටන් වැදීමට අවශ්‍ය ලෙස මෙය උඩට එන්න පුලුවන්, සමහරුන්ට රටේ සංස්කෘතිය වරදක් ලෙසත් නැතිනම් ආගම වරදක් ලෙසත්  එය විනාෂ කල යුතු දෙයක් ලෙසත් මේ නිසා පෙනෙන්න පුලුවන්.රාජ්‍ය විරෝධය් ලෙසත් මෙය එන්න පුලුවන්. නමුත් ඔවුන්ගේ මේ සියල්ලටම මූලය වන වෛරයට පිලියමක් කරන්න පුලුවන් නම් මේ සියල්ලම මගහරින්න අපට පුලුවන්. මේ නිසා අපි මෙවැනි ක්‍රියාවලියක් දැන් ගෙනියනවා. ප්‍රතිපල හොදයි. ගොඩක් දේශපාලන පක්ෂ නියොජනය කරපු සහ ඒවා සදහා මුදල් ලබා දුන් ගොඩක් අය දැන් එයින් අයින් වෙලා. නිතර කැරලි ගැසූ වර්ජන වලට සහය දුන් ගොඩ දෙනෙක් දැන් අයින් වෙලා. ඔව් ඔවුන් සියලු දෙනාම මෙම ක්‍රීඩාවේ හොද ප්‍රේක්ෂකයන්. හැමෝම මෙහෙම නෙමෙයි. නමුත් වැඩි දෙනෙකුගේ වෛරය තව කෙනෙකුගේ විද වීම නොදැකීමයි. සමහරුන්ට සියතින්ම තවකෙකෙුට විදවවීම. ඔබ නොදැනුවත්ව උවත් උමග තුල ක්‍රීඩාවෙදී මොවුන්ගෙන් සමහර දෙනෙකුත් එකතු උනා.

කියන්න ආචාර්යතුමනි ඔබ අද වූ දෙය නිසා පසු තැවෙනවාද?

පසුතැවෙනවා කාලන්නියා. මා කෑගැසුවෙමි.

ඔබගේ උත්තරය නිවැරදි නැහැ ආචාර්යතුමනි. සමජයට වෛර නොකරන ඔබ මේ සමාජයේ සමාවට සුදුසු නැහැ. කනගාටුයි.

ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද පිටිය මධ්‍යයේ සිටවූූ කනුවකට බැද සිටියදී මාකල මෝඩ කම වැටහුනි. මේ දහජරා සමාජය අනුව මරණ දඩුවම ලැබීමට මා කර ඇත්තේ කොතරම් සුලු වරදක්ද? එම වරද තවත් සමජයකගේ පැවැත්මේ නිවැරැද්ද වී ඇත.  උන් විදවනවා බැලීමට ඉඩ තිබුනි. හදිස්සියේම මා අද කල මරණයන්ට නව අර්ථයක් එක්වී තිබුනි. එල්ල කල සෑම කඩු පහරක්ම, කැපී ගිය සෑම නහරයක්ම , ඇද වැටුන සෑම රුධිර බිදුවක්ම මට නව අර්ථයක් ගෙන අවුත් තිබුනි. මට ඔවුන්ව නැසීමෙන් මේ කාලකන්නි සමාජය විනාෂ කිරීමට හැකිව තිබුනි.මට නිදහස ලබා මේ සදහා සටන් කිරීමට තිබුනි. මට මේ කාලකන්නි බල්ලන් එක එක මරා දැමීමට හැකියාව තිබුනි. ඔවුන්ට මරණයෙන් පාඩමක් ඉගැන්වීමට තිබුනි. අහෝ කෙතරම් අගනා අවස්ථාවක්ද?  නමුත් දැන් පමා වූවා වැඩිය පිටිය මධ්‍යයේ වේදනාත්මක මරණයක් මට හිමි වනු ඇත.

“I’d like to confess, papa, at that moment I discovered that I really like killing”

Sunday, September 13, 2015

අන්තර්ජාල යුද්ධය

අන්තර්ජාලය අද වන විට ලංකාවේ සමහරෙකුට එක් ආකාරයක හිසරදයකි. එහෙත් සමහරුක්ට මහා නිධානයකි. සමහරුන්ට මේ ගැන කිසිවක්ම නොතෙරේ. සමස්ථයක් ගෙන බැලූ විට අන්තර්ජාලය හා එහි වර්ථමාණ තත්වය පිලිබද ලංකාවේ බොහෝ දෙනෙකු දැනුවත් නොවන බවම පැවසිය හැක. බොහෝ දෙනෙකු එය යහපත සදහා යොදා ගැනීමට නොදන්නා අතර තවත් අය දැනුවත්ව හෝ නොදැනුවත්ව එය තමුන්ගේ හා සමාජයේ අයහපත සදහාම භාවිතා කරයි. අන්තර්ජාලය ලංකාව තුල මෑත කාලයේ වැඩියෙන්ම ජනප්‍රිය වූයේ පසුගිය ජනාධිපතිවරණයත් සමගය. ෆේස්බුක් වැනි සමාජ ජාලා හරහා ගොඩ නැගූ බලවත් මඩ ප්‍රහාර තුලින්ම ලබා ගත් ජයග්‍රහණයක් ලෙස බොහෝ දෙනෙකු වර්ණනා කරනු අසන්නටද ලැබුනි.  බොහෝ තරුන පිරිස් මෙය තමුන් විසින් සිදුකල ජයග්‍රහණයක් ලෙස සැලකුවේද තමුන් විසින් සමාජ ජාල අඩවි වල බෙදා ගත් පලකිරීම් නිසාය.

නමුත් බොහෝ දෙනෙකු නොදන්නා කරුණ වූයේ මේ සියලු දෙනාම වෙනත් පිරිසක් හරහා අතේ නැටවුනු රූකඩ බව තේරුම් නොගැනීමයි. මෙයට පිටුපසින් විශාල සැලැස්මක් තිබුනු අතර මාධ්‍ය හෝ අන්තර්ජයාලය හෝ ෆේස් බුක් වැනි සමාජ ජාල පිලිබද දැනීමක් නොමැති තුට්ටු දෙකේ ලංකාවේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලංකාකියා මෙහිදී රූකඩයක් මෙන් අතේ නැටවුනි. මේ නැටවීම සම්බන්ධයෙන් දැන් දැන් සමහරුන්ට අවබෝධ වෙමින් පවතී. කෙසේ වුවත් මේ සැලැස්මේ හොදම කොටස සම්බන්ධයෙන් පරාජ්‍යට පත් ජනාධිපතිතුමා හෝ ඔහුගේ පුත්‍රයින් හෝ නොකියන බව මගේ හැගීමය. පලවෙනි ප්‍රහාරය ජනාධිපතිතුමගේ දුර්වල ස්ථානයක් බලා එහි වාසිය ලබා ගැනීමයි. එය ජනාධිපතිතුමාගේ අන්ධ ජෝතිෂ්‍ය විශ්වාසය විය. හරියටම එය වැඩ කලේය. අනික සිය පුත්‍රයන් ආදාරය නිසා හෝ පාලනය නොකිරීමය. පුතාලා චාටු බස් දොඩන්නන් හරහා පුහු මානයෙන් උදම්ව මෝඩ ලෙස හැසිරෙන්නට වුනු අතර ජනාධිපතිතුමා කෙරෙහි පොදුජන මතය බිද දැමීමට ඔවුන්ව පහසුවෙන් යොදා ගනු ලැබුනි. අන්තර්ජාලයට පෙර විවිධ පුවත් පත් හරහාද මතයක් ගෙන යන ලදී. මේ සියල්ල සම්පූර්ණ වුනු විට සැලස්මේ අවසන් අදියර නම් රැස්කරගත් ධ්‍යාන්‍ය වපුරමින් අන්තර්ජාලය හරහා යකා නැටීමයි. මෙම අන්තර්ජාලයේ මඩ සමාජජාල තුල හරි අඩක්ම ඇත්ත කරගන්නේ නොදැනුවත්වම වුව එහි පරිශීලකයාමය. ෆේස්බුක් හීදි මෙය පර්සනලයිස්ට් සෝර්ටින්ග් ලෙස හැදින්වේ. එනම් පුද්ගලයින්ගේ කැමැත්ත අනුව ඔහුට එවැනිදේ හා එවැනි  රුචිකත්ව ඇති පුද්ගලයින් වැඩිපුර හයිලියට් කර පෙන්වීමයි. එනම් තම මතය නිවැරදි බවට සෑම විටම හැගීමක් ඇතිවීමයි. බොහෝ විට ලංකාවේ මේ සිය ගණනක් ලෙස පෙනෙන පුද්ගල ගිණුම් බොහෝ විට හසුරුවන්නේ කිහිප දෙනෙකු විසිනි.දුශ්ටයා වීරයා ලෙසද වීරයා දුශ්ටයා ලෙසද මෙහිදී මේවා පුද්ගලයා තුල ස්වයං මෝහණයක් ඇති වේ. මේවායින් ෆෝම් වන්නට වන්නට නිර්මාණය කෙරෙන හුවමාරු කෙරෙන වැරදි අදහස්ද නොදැනීම වැඩි වෙමින් යයි. අද සමහර පුවත්පත්ද අන්තර්ජාලයේ පලවූ පුවතක් ඇසුරෙන් යැයි පුවත් දැමීම කොරම් හාස්‍ය ජනකදැයි කියාද බලන්න. අවසානයේ තමුන් මුලාවූ බව වැටහෙන විට අවශ්‍ය දේ සිදුවී හමාරය.

මිනිසුන් ගොනාට ඇන්දවීම හෝ මිනිසුන් තුලට අදහස් ඇතුල් කිරීම අද ජයටම අන්තර්ජාලය තුල සිදු කෙරෙමින් යන්නකි. මෙය Paid online manipulation ලෙස හැදින්වේ. මෙය අන්තර්ජාතික වශයෙන් රට රටවල් විසින් අද ජයටම භාවිතා වෙන්නකි. විශේසයෙන්ම වැරදි දෙයක් හොද බව පෙන්වීමට. අන්තර්ජාතිකව කිසිවකුගේ ප්‍රතිරූපය නැංවීමට , භාන්ඩ විකුණා ගැනීම, කිසිවකුගේ ප්‍රතිරූඵයට හානි කිරීමට. තමුන්ගේ වාසි වෙනුවෙන් ජනමතයක් ගොඩ නැගීමට ආදී විවිධ කටයුතු මේ හරහා ඉටු කර ගනී.

මිනිසුන් මුලා කිරීමේ සුලු තරම අවස්ථාව කිසියම් පුද්ගලයකු විසින් තනිවම  සමාජ ජාලාථ ප්‍රවෘත්ති අඩවි වැනි අඩවි සදහා බොරු ගිණුම් රැසක් භාවිතා කිරීමයි. ඔහු මේ ගිනුම් හරහා වෙනස් වෙනස් පුද්ගලයින් ලෙස පෙනී හිදියම් කිසියම් දෙයක් වෙනුවෙන් යූටුයුබ් වනි අඩවි හරා වීඩියෝ ප්‍රචාර දෙමින්, පුවත් අඩවි වල කොමන්ට් දමමින්, සමාජ ජාල අඩවි වල පලකිරීම් බෙදා ගනිමින් කොමන්ට් දමමින් තම මතය වෙනුවෙන් පුද්ගලයි් රුසක් සිටින බවක් පෙන්වා ලයි. ව්‍යාපාරයක් ාවනුවෙන් මෙහිදී ඔවුන්ගේ අඩවිය තුල එය අගය කරමින් අදහස් පල කිර ගැනම මෙයට උදාහරණයකි. මෙහිම දෙවන පැතිරුණු අවස්ථාව නම් පුද්ගලයින් රුසක් ගිණුම් රුසක් යොදා ගනිමින් එවැනුනක් වෙනුවෙන් පෙනී සිටීමයිත එජාපය විසින් මෙවැනි ස්ථානයක් පසුගිය මැතිවරණය අලලා ක්‍රියාත්මක කල බව දැන් සැවොම දනිති. එම අදහස ඔවුන්ට ලැබුනේ මෙරටින් නොවේ. එසේම රුසියාව විසින් පුටින් ගේ ප්‍රතිරූපය ගොඩ නැංවීමටද පුද්ගලයින් 125 පමන යුත් මෙවැනි වැඩ සටහනක් දියත් කල බවට ආරංචි ඇත. මෙවැනි රැකියා අද කාලයේ ස්ථිර රැකියා වෙයි. මොවුන්ට ඇත්තේ උදේ සිට රෑ වන තුරු අන්තර්ජාලයේ සැරි සරමින් යම් කිසිවක් වෙනුවෙන් ඊමේල් යවමින්, බොරු අද්දැකීම් පෙන්වමින්, බොරු වාර්ථා හදමින්,  කොම්න්ට් කරමින් එහි රැදීී සිටීමය.  මෙහිම ඊලග අවස්ථාව නම් මිනිසුන්ගෙන් තොරව අන්තර්ජාලය තුල කිසිියම් අදහසක් සම්බන්ධව ක්‍රියාත්මක විය හැකි පරිඝණක වැඩසටහන් නිපදවීමයි. පරිඝණක ක්‍රීඩා තුලද ඇති සජීව කරණය කල අනුරූ වලට කියනවාක් මේවාද BOTS ලෙස හැදින්වේ. අන්තර්ජාල මත විමසීම් අද බොහෝ සේ ජනප්‍රියය. එක් පුද්ගලයකුට එක් වරක් පමණක් ඡන්දය දිය හැකි ලෙස මෙවැනි බොහෝ වැඩසටහන් ඡන්ද 

දායකයාගේ අන්තර්ජාල IP ලිපිනය හෝ ඊමේල් ගිණුමක් වැන්නක් සටහන් කර ගත්තද පරිඝණක වැඩසටහන් හරහා මේවා ට නොයෙක් ලෙස IP ලිපිනයක් වෙනස් කර ගනිමින් එක් මතයක් වෙනුවෙන් ස්වයං ක්‍රීයව ඡන්දය ලබා දිය හැක. අද මෙහි භයානකම පැත්ත වන්නේ විවිධ පුද්ගලයිගේ ඊමේල් සමාජ ජාල ගිණුම් වැනි අන්තර්ජාල හැදුනුම්පත් සොයාගැනීමටද මේවාට හැකියාව තිබීමයි. අප යම් ස්ථාන වල අප නොකල අදහසක් අපේ නමින් පලවී තිබෙනු දුටුවද අප විරුද්ධ මතයක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දුටුවද , අපගේ නමින් බොරු කොමන්ට් වැටී තිබෙනු දුටුවද මේ නිසා පුදුම විය යුතු නැත. 



මෙම අන්තර්ජාල බොරු පලකිරීම් වලට අද ඇති තරගකාරීත්වය වන්නේ මිනිසුන් නොමැතිව සැබැවින්ම කොමන්ට් සදහා ප්‍රතිචාර දැක්විය හැකි , වාර්ථා නිපදවිය හැකි, හැකි නම් මිනිසුන් සමග අදහස් හුවමාරුකර ගත හැකි BOTS ලා තැනීමයි.යම් දෙයක්  වෙනුවෙන් ඔවුන්ව ක්‍රියාත්මක කල පසු ඉතිරි සියල්ල ඉබේ සිදුවනු ඇත. මෙම නිසා ට්මිනේටර් චිත්‍රපට නරඹා සැබැවින් එලියට එන රොබෝවෙකු සමග සටන් වැදීමට බලා සිටින මිනිසුන්ට එම සටන ආරම්භ වී ඇත්තේ වසර ගණනාවකට පෙර බව දැන ගන්නා විට පමා වැඩි විය හැක. 

අද ලංකාවේ තත්වය පිලිබද කල නිරීක්ෂණය කිරීමේදී ෆේස්බුක් වැනි අඩවි තුල නොයෙක් ලිංගික ක්‍රියා සම්බන්ධ පෝස්ට් නිරන්තරයෙන් සමහරුන් විසින් පලකරනු දැකිය හැක. සමහරුන් තමුන්ගේ වෙබ් අඩවි වලට මිනිසුන් අද්දවා වෙළද දැන්වීම් පෙන්වා මුදල් සොයා ගැනීමට මේවා සිදුකලද  සමහරුන් පැහැදිලිව පෙනෙන පරිදි හුදෙක් තම මානසික තෘප්තිය සදහා හෝ නැතිනම් කාගේ හෝ අවශ්‍යාවක් ඉටු කිරීමට නැතිනම් වෙළද ප්‍රචාර සදහා මෙවැනි දේ සිදු කරනු දැකිය හැක. කෙසේ හෝ අද ලෝකයේ එක් රටක ජන මතය කිසිවක් වෙනුවෙන් ඒක් වර වෙනස් වූ යේයි හෝ අද ජනප්‍රිය මතය මෙය යැයි අන්තර්ජාලය තුලින් දුටුවේ යැයි යන්න සිතා මුලාවේ නොවැටීමට සෑම දෙනාම සිහියට ගත යුතුය. අන්තර්ජාලය තුල දකින දෙය පිලිබදව අවබෝධ කර කරුණු සොයා බලා මිස ඒවා හරහා අදහස් ලබා ගැනීම කිසිවිටෙක සුදුසු නැත.

ලංකාව තුල අද මුදල් ලබාගෙන  අන්තර්ජාල අඩවි තුල විවිධ බොරු , මඩ ලිපි පලකරන පුවත් පත් කලා වේදීන් ඇතුලු පිරිස් සිටී නමුත් බොහෝ ලාංකිකයින් නොදන්නා පරිදි ලංකාවට මෙම Online Manipulation නොදන්නා නිසාම එහි හොදම වාසි ලබා ගත්තේ LTTE ත්‍රස්තවාදයයි. අතින් පයින් ගැසීමෙන් පසු සියල්ල අහවරයැයි සිතා ලාංකිකයින් ලංකාව තුල එකි නෙකා එකිනෙකාට චෝදනා කර ගනිද්දී LTTE ය වෙනුවෙන් පෙනී සිටින්නන් යූටුබ් විවිධ පුවත් අඩවි. ප්‍රොෆයිල් හරහා අන්තර්ජාතික මතයක් ගොඩ නැගීමට සමත් වූහ. අදද මේ තත්වය පිලිබද ලංකිකකයින්ට හරි අදහසක් නැත. ඉතිහාසයේ නැති දෙමල නිජබිමක් පිලිබද මතයක් නගා පෙන්වීමද ඔවුන් සමත් විය.  මෙය අද මුස්ලිම් අන්තවාදීන් විසින්ද බොහෝ සේ සිදු කරයි. ලොව පුරා විවිධ ඝාතන සම්බන්ධ වැරදි මත පැතිර වීම, තමුන්ගේ නොවන දේ තමුන්ගේ ලෙස පෙන්වීම, තම මත සාධාරණීය කරණය කිරීම ත්‍රස්ථවාදය සාධාරණය කිරීම ආදය සදහා ඔවුන් මේවා භාවිතා කරයි. සමහරුන් බුරුමයේ අසරණ මුස්ලිමුන් ඝාතනය වුනු ලෙස පෙන්වමින් ලාකාවේ යුද්ධයේ ඡායාරූප පවා පෙන්වනු පසුගිය කාලයේ දැක ගැනීමට ලැබුනි.යූටියුබ් ගූගල් ඕනෑම එකක මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධ සෙවීමක් සිදු කරන්න. එකම ප්‍රවෘත්තිය විවිධ නම් වලින් වෙබ් අඩවි රැසක පලවී තිබෙන ආකාරය දැක ගැනීමට ලැබෙනු ඇත. 


මෙම නිසා රටක් පිලිබදව අන්තර්ජාතික මතයක් නගා සිටුවීම සදහා අද මේ Online Manipulation යන්න අත්‍යාවශ්‍යම දෙයකි. චීනය ඇමරිකාව ඊශ්‍රායලය වැනි රටවල්ද අද තම රට වෙනුවෙන් මෙවැනි සේවා ක්‍රියාත්මක කරගෙන යයි. එසේ නොකලහොත් ඕනෑම විටෙක කිසියම් රටක් වෙත ඇති අන්තර්ජාතික මතය හානිකර ලෙස වෙනස් කිරීමට වෙනත් කිසිවකු කටයුතු කරනු ඇත.