ඔබ මරණීය දන්ඩනයට නියම වී කොලඹ සිරගෙදරට යනවා නම් සතියකට එක් වරක් පැය බාගයකට ඔබව එලියට දමනා විට එහි කුඩා පිට්ටනිය කෙලවරේ ඇති ඇටඹ ගහ ලගට යන්න. උල් සවිකල යකඩ දැල් වලට ඉදිරියෙන්, රැදවුම් ශාලාවේ සිට ඇටඹ ගහ දෙසට සිට ගත් විට වම් පසට වන්නට ඔබට ඝනව තන කොල වලින් වැසුනු පස් ගොඩැල්ලක් හමුවනවා ඇත . අන්න එය අඩි හයක් පමණ පතුලට හාරා ඔබට ඇතුලත දකින්නට හැකිනම් ඔවුන් මා වලදමා ඇති ආකාරය ඔබට දිස්වනු ඇත. ඔව් මගේ ඉරී ගිය ශරීරය සහිත ඒ මගේ සොහොනයි.
සරසවි ආචාර්යය වරයකු වශයෙන් කටයුතු කලද මා අතින් සිදුවුනු වරද වෙනත් අයෙකු විසින්ද එවන් මොහොතක නොකර සිටිනු ඇතැයි මා නොසිතමි. කාලයක සිට පැවති හැංගි හොරාව අතටම අසුවන විට මට කර ගත හැකි කිසිවක් නොවීය. සමාජය හමුවේ ලැජ්ජාවට පත්වීමට පෙර සාක්ෂි අතුරු දන් කිරීම පිලිඹදව පමණක් එවෙලේ අවධානය යොමු විය. මාගේ පෙම්වතියත් ඇගේ සැමියාත් දෙදෙනාම මා අතින් මිය ගියේය.
මරණීය දන්ඩනය නියම වූ මා ඇතුලු මා වැනිම වූ අනෙක් සිරකරුවන්යො රදවා තැබුනේ සෙසු සිරකරුවන්ගෙන් වෙන්වූ වෙනමම කොටසකය . ඝන බිත්ති වලින් හා දැඩි රැකවලින් යුතු එහි සිටියේ මා වැනිම වූ ලග ලගම එන මරණය ගැන මොහොතක් පාසා නැගෙන සිතිවිලි නිසාම ජීවත්ව සිටිමින්ම මලවුන් වැනිවූ තවත් සිරකරුවන් පිරිසක් සමගිනි. සියලු දේ පිලිබද ආශාවන්ගෙන් තොරවූ වැනි සහ හා කිසියම් ආකාරවූ ආශ්චර්යයමත් ආකාරයකින් ලැබිය හැකි අද්භූත සමාවක් පිලිඹදව බලාපොරාත්තුවක් මත ජීවත් වූ පිරිසකි. අප සියලු දෙනා ශක්තියෙන් පිරිහී සිටියේ ජීවත්වන මලවුන් මෙනි.
මා එල්ලා මරණ දිනට දින තුනකට පෙර රාත්‍රියේ සෑම දාම මෙන් බියකරු සිහිනයකින් මා පිබිදුනි. නින්ද වනහී ශරීරයට අවශ්‍ය වුවද මට අවශ්‍ය වන්නක් නොවීය. අවධිවනු සෑම විටම මා ආත්ම අනුකම්පාවෙන් වෙලී රහසේ වැලපුනෙමි. නමුත් එදා කිසියම් දෙයක් සිදු වෙමින් පැවතුනි. අපගේ සිර ගෙවල දොර හැර අප තිහකින් පමන යුතු කණ්ඩායමක් මාංචු හා දම්වැල් වලින් බැද අතිශය අදුරු වුනු විශාල ට්‍රක් රථයකට පටවා රැගෙන යන්නට විය. මරණ දඩුවමට ලංවූවන් වෙනම ගාල් කෙරෙන බව මම අසා තිබුනෙමි. මේ එය බවට සැකයක් නොවුනද අපව බිමට බැස්වූ තැන මා බලාපොරාත්තුවූ ආකාරයේ තැනක් නොවිනි.
අප ඉදිරියේ අදුරු අහස් කුසත් අවට පරිසරයත් සමග කොහේදී හෝ එක් වන බවක් පෙනෙන දැවැන්ත පාෂානයමය තාප්පයකි. අපට පුරුදු ආරක්ෂකයින් වෙනුවට අති දැවැන්ත කලු හැද ගත් වෙස් මුහුණුු පැලදි ආරක්ෂකයින් අපව වට කර ඇත. ගොඩ නැගිල්ලේ අදුරට ඇතුල්වුනු අපට ඈත කොහේදො සිට විහිදෙන දිලිසෙන ආලෝකයක්ද මිනිසුන්ගේ මහා ගාලගෝට්ටයක්ද ඇසෙන්නට විය. මර බියෙන් තැති ගැනුනු අප එක එකා අද්දන්නට විය.
සමාවක් නොමැතිව දැවැන්ත පොලු පහරවල් අප මත පතිත වන්නට විය. දැවැන්ත ආලෝකයට මෙහා කිසියම් දොරක් විවර වුනු අතර වැසුනු අයෝමය දොරක් සහිත කනාමැදිරි එලියක් සහිත කාමරයේ ටයිකෝට් දැමූ පුද්ගලයින් කිහිප දෙනෙකි. උපැස් යුවලක් පැලදි මහලු පුද්ගලයකු අප අසලට ආවේය ඔහු දෙපස බර අවි දෙක් දරා ගත් ආරක්ෂකයින් දෙනෙකි.
ලයින් කී සැනින් පෝලිම් ගැසීඹ අපට හුරුය. පේලියකට හය බැගින් වූ පේලි පහකට අප වෙන් වුනෙමු.
මහත්වරුන්ට වැදගත් ප්‍රීතිදායක සහ අසුබදායක ආරංචි දෙකක් දෙන්නයි අපි මේ ලෑස්තිවෙන්නේ. ඔබතුමන්ලා දන්නවා තව දින කිහිපයින් ඔබගේ ජීවිත අවසන් වන බව. නමුත් අපි මේ හදන්නේ ඔබට ජීවත් වීඹට අවස්ථාවක් දෙන්න. ඔව් නිදහස් වෙලා යන්න.
අදහා ගත නොහැකි වුනු එම වදන් වලින් අප සිහිසුන් නොවුනා පමනි. නමුත් නමුත් කුමන ඇපයකටද ? මොහොතකින් අප නැවතත් පියවි ලොවට පැමිනියෙමු.
ඒක තමා සුබදායක ආරංචිය. ඊලග විනාඩි පහ ඇතුලත ඔයගොල්ලෝ මේ කාමයට ඇතුල් වෙනවා. ඔහු දැවැන්ත අයෝමය දොරටුව පෙන්වීය. කරන්න තියෙන්නේ සුලු දෙයයි. හෙමීට පයින් ඇව්ද්දොත් මේ එහා පැත්තේ තියෙන දොරටුවෙන් මේක වැටිලා තියෙන වංකගිරිය හරහා පැය එකහමාරකියන් එලියට එන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නේ පැයකින් ඒ දොරෙන් එලියට එන එක විතරයි.
තවමත් අපට දෙසවන් අදහා ගත නොහැක.
හැබැයි එලියට එන්න පුලුවන් වෙන්නේ එක්කෙනකුට විතරයි. ඕක තමයි නරක ආරංචිය. ඒ එන එක්කෙනා නිදහස්. මොහු කියන්නේ කුමක්ද යන්න පිලිබදව පොත් කියවා ඇති මාහට අමතු දෙයක් නොවිනි. වචනාර්ථයෙන්ම තිරිසන් ක්‍රියාවක් වුනු මෙයට අනුව ඔහුට අවශ්‍යව ඇත්තේ වංකගිරිය තුල අපි එකි නෙකා මරා ගනිමින් අනෙක් පසින් එලියට ඒමයි.
ඔබගේ මාංචු සියල්ලටම ගැලපෙන එකම ආකාර යතුරුත් ඇවැසි ආයුධත් ඉදිරියෙන් හමුවේ. එලියට එන කෙනා වෙන කිසිවෙන් ඇතුලේ ඉතුරු කර නොපැමිනිය යුතුයි.එතකම්මේ දොර ඇරෙන්නැනේ නැහැ. මතක තබා ගන්න වීදුරු බිද දැමීම කල නොහැකියි. දොර වැසී යත්ම මහලු පුද්ගලයාගේ කට හඩද නෑසී ගියේය. දැන් ඇසෙන්නේ නරඹන්නන්ගේ කන්බිහිරි කරවන ඔල්වර සන් නැගීම පමනි. ඔවුන් අපව තෝරමින් සූදු කෙලීමටද පටන් ගෙන ඇත.
වැලි ගොඩැලි සහිත පස මත තිබුනු යතුරු මගින් අප වහ වහා මංචු හැර ගත්තෙමු. ඒ දෙපසම විවිධ වර්ගයේ කඩු තෝමර කිනිසි ආදිය එල්ලා තිබුනි.
අහපල්ලා අපිට මෙහෙම මරා ගන්න අවශ්‍ය නැහැ මේක නීති විරෝධී . අපගේ නඩයේ සිටි සිහින් ඇග ඇති පුවත්පත් කලා වේදියොකු වශයෙන් සිටි පුද්ගලයකු කෑගැසීය. අප සියලු දෙනා කුමක් කරන්නදැයි සිතමින් මුහුනින් මුහුණ බලා ගතිමු.
මෝඩ වැඩ කරන්න එපා. කලා වේදියා. නැවත කෑ ගැසීය. ඒක ඇත්ත එයට සහොයෝගය දක්වමින් හොද ධනවතෙක්ව සිටි අයෙක් කෑ ගැසීය. මා ඉදිරියේ සිටියේ සිර ගෙදරදී මට ආසන්නම කුටියේ රදවා සිටි හැදි දැඩි පාතාල නායකයෙකි. ඔහු මා දෙස බැලීම මමද ඔහු දෙස බැලුවේ කුමක් කරන්න දැයි සිතා ගත නොහැකිවය. කිසිවකුත් කිසිත් නොකී විනාඩියක් ගත විය.
එක් වරම පාතාල නායකයා බිත්තියේ වූ කඩුවක් වෙත පැන්නේය. ඔහුව වැලැක්වීමට මෙන් කිසිවකු ඔහුගේ ඇගේ එල්ලුනද ඊට වඩා ඉක්මන් වුනු පාතාලයාගේ කඩු තුඩ ඔහුගේ පිටුපසින් මතු විය. සියලු දෙනාම උමතුවෙන් ආයුධ ඇද ගත් අතර එකිනෙකා හා සටන් කරමින් දුවන්ට විය. එකිනෙක ගැටෙන කඩු හඩද වේදනාත්මක කෑ ගැසීම්ද ඇසිනි. අමුතුම හැඩයේ මදක් බරැති කඩුවක් ඇද ගත් මා කිසිවකුට පහර දීමට නොබලාම දිවයන්නට වුනෙමි. කිසිවක් එල්ලකල පහරකින් ලෙයින් නැහැවුනු කවන්ධයක් මා ඉදිරිපිට වැටුනි. මට ඉදිරියෙන් දහ දෙනෙකු පමන වේයෙන් දිව යමින් වංගුවකින් හැරුනි. ඒ සැරින් අප ඉදිරියේ බිත්ති වල කවුලු හැරී කුඩා පිස්තෝල බිමට වැටෙන්නට විය. සැනින් මට පිටුපසින් පත්තු වුනු වෙඩි පහරක් ඉදිරි වංගුවෙන් හැරීමට ඔන්න මෙන්න සිටියකු බිම ඇද දැමීය. මේවායේ එක උන්ඩයයි. තවත් වෙඩි පහර කීපයක් හුවමාරු වන අතර කිසිවකු කෑ ගැසීය. උමග තුල පෙරට වඩා වැඩි පිරිසක් සිටින බවත් මට සිතුනේ මන්දැයි නොදනිමි. මගේ පිටුපසින් වදින උන්ඩයක් මග හැරීම බලාපොරාත්තුවෙන් මමද වේගයෙන් වංගුව තුලට වැදුනෙමි. එවිටම එතැන හැංගී සිටියකු මට එල්ල කල කඩු පහරකින් මගේ උරහිස ලගින් කැපී ගියේය. මරබියෙන්ද වේදනාවෙන්ද ක්‍රෝධයෙන්ද උමතු වූ මම ඔහු නැවත කඩුව ඇද ගැනීමට පෙර ඔහු මතට පැනීමට සමත් වුනෙමි. වේගවත් මුෂ්ටිපහර කීපයකින් බිම ඇද වැටුනු ඔහු ගේ හිස මගේ කඩුවෙන් කදින් වෙන්විය.
කෙසේ හෝ මේ ආකාරයෙන් සාර්ථකව මැදක් හරියට යන විට ඉතුරු වී යැයි සිතා ගත හැකි අප කිහිප දෙනෙකු හති දමමින් විඩාවෙන් දුර්වලව ගාටමින් සිටියෙමු. අයෙකු ක්ලාන්තව බිම ඇද වැටුනු අතර පිටු පසින් ඔහුගේයැයි සිතිය හැකි විලාපයක් ඇසුනි. මගේ සිරුරකඩු හා කිනිසි පහර වලින් ධරුණු ලෙස තුවාල වී රුධිරය ගලයි.
අප ඉදිරියෙන් නිදහස යැයි සදහන් දෙරටුවක් පෙනෙත්ම මට ඉදිරියෙන් සිටි දෙදෙනා ආපසු හැරුනි. නමුත් ඔවුන්ට වඩා මා කපටි වී අවසානය. සාක්කු දෙකින් ඇද ගත් තනි උන්ඩයේ පිස්තෝල දෙකකින් ඔවුන් දෙදෙනා මා මතට පැනීමට ගත් උත්සාහය ව්‍යවර්ත විය. හති දමමින් පිටු පස බැලූ මා දුටුවේ පොරකා ගන්නා හතර දෙනෙකි. එයට පිටුපසින් තවත් කිසිවෙක් ඇවිදිමින් සිටියේය. පොරකෑමෙන් දෙදෙනෙකු බිම ඇද වැටුු තැන මම කඩුව අමෝරාගෙන ඔවුන් වෙත පැන්නෙමි.
පිටපස කී දෙනෙක් ඉතුරුදැයි නොදන්නා නමුදු අවසානයේ මා වෙනුවෙන් ඒ දොරටුව විවර විය. රුධිරයෙන් වැකී සිටි මා පිලිගැනීමට ගැහැනු පිරිමි සෑහෙන පිරිසක් වටවී සිටියහ . ඒ අතර මට හොදින් හරු පරුදු ජනප්‍රිය පුද්ගලයන්ද සිටින බවද දැක ගත හැකි විය. මා ජයග්‍රාහකයා ලෙස නම් කරන විටද ම හට සුබ පතන විටද තුවායක් කරට දා රැගෙන යන විටද මම සිටියේ වැලපෙමිනි. මගේ මුලු ශරීරයම වෙව්ලයි. මා අතින් අද කී දෙනෙකු ඝාතනය වූවාදැයි මා හට දැනීමක් නොවීය. අවසානයේ මා පෙර අපට කතා කල මහලු පුද්ගලයා සමග කාමරයක වාඩිවී සිටිමි.
ඇයි මේ ???? මම කදුලු පිරි දෙනෙතින් ඔහුගෙන් විමසීමි. ආචාර්යතුමනි . ඔයට වැටහෙන නිසා කියන්නම්
මේ අපේ රටේ නීතිය හා සාමය සදහාමයි.
නීතිය හා සාමය සදහා ??? මා ඇසුවේ විමතියෙනි.
මේ සමාජේ හැම දාම කොටසක් ඉන්නවා සමාජය එක්ක වෛරයෙන් ජීවත් වන එක්කො තමුන්ට පෙර සිදුවුනු අසාධාරණ කම් නිසා, තමුන් විදි දුක් නිසා, තමුන්ගේ හිතවතුන්ට සිදුවුනු අසාධාරණ කම් නිසා ,අතෘප්තිකර ලිංගික ආශා නිසා වෙන්න පුලුවන් මේ අය වැඩෙනකොට වැඩෙන කොට මේ හිත යට තියෙන වෛරයත් උඩට එනවා. ඊලගට ඔවුන් සමාජයේ යම් තැනකට ආවත් ඔවුන්ට මේ දෙයින් ගැලවීමක් නැහැ. ඊට පස්සේ මේක වෙන වෙන ආකාර වලින් එලියට එන්න පටන් ගන්නවා. සමහරුන්ට දුප්පත් මිනිසුන් වෙනුවෙන් තමුන් යමක් කල යුතු ලෙස සමාජවාදයට ඇති ආසාවක් ලෙස මෙය එන්න පුලුවන්. විශ්ව විද්‍යාල ශීෂ්‍යයකුට අනෙක් ශිෂ්‍යයන්ට හෝ අනාගත ශිෂ්‍යන්ට සිදුවන අසාධරනකම් සදහා සටන් වැදීමට අවශ්‍ය ලෙස මෙය උඩට එන්න පුලුවන්, සමහරුන්ට රටේ සංස්කෘතිය වරදක් ලෙසත් නැතිනම් ආගම වරදක් ලෙසත් එය විනාෂ කල යුතු දෙයක් ලෙසත් මේ නිසා පෙනෙන්න පුලුවන්.රාජ්‍ය විරෝධය් ලෙසත් මෙය එන්න පුලුවන්. නමුත් ඔවුන්ගේ මේ සියල්ලටම මූලය වන වෛරයට පිලියමක් කරන්න පුලුවන් නම් මේ සියල්ලම මගහරින්න අපට පුලුවන්. මේ නිසා අපි මෙවැනි ක්‍රියාවලියක් දැන් ගෙනියනවා. ප්‍රතිපල හොදයි. ගොඩක් දේශපාලන පක්ෂ නියොජනය කරපු සහ ඒවා සදහා මුදල් ලබා දුන් ගොඩක් අය දැන් එයින් අයින් වෙලා. නිතර කැරලි ගැසූ වර්ජන වලට සහය දුන් ගොඩ දෙනෙක් දැන් අයින් වෙලා. ඔව් ඔවුන් සියලු දෙනාම මෙම ක්‍රීඩාවේ හොද ප්‍රේක්ෂකයන්. හැමෝම මෙහෙම නෙමෙයි. නමුත් වැඩි දෙනෙකුගේ වෛරය තව කෙනෙකුගේ විද වීම නොදැකීමයි. සමහරුන්ට සියතින්ම තවකෙකෙුට විදවවීම. ඔබ නොදැනුවත්ව උවත් උමග තුල ක්‍රීඩාවෙදී මොවුන්ගෙන් සමහර දෙනෙකුත් එකතු උනා.
කියන්න ආචාර්යතුමනි ඔබ අද වූ දෙය නිසා පසු තැවෙනවාද?
පසුතැවෙනවා කාලන්නියා. මා කෑගැසුවෙමි.
ඔබගේ උත්තරය නිවැරදි නැහැ ආචාර්යතුමනි. සමජයට වෛර නොකරන ඔබ මේ සමාජයේ සමාවට සුදුසු නැහැ. කනගාටුයි.
ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද පිටිය මධ්‍යයේ සිටවූූ කනුවකට බැද සිටියදී මාකල මෝඩ කම වැටහුනි. මේ දහජරා සමාජය අනුව මරණ දඩුවම ලැබීමට මා කර ඇත්තේ කොතරම් සුලු වරදක්ද? එම වරද තවත් සමජයකගේ පැවැත්මේ නිවැරැද්ද වී ඇත. උන් විදවනවා බැලීමට ඉඩ තිබුනි. හදිස්සියේම මා අද කල මරණයන්ට නව අර්ථයක් එක්වී තිබුනි. එල්ල කල සෑම කඩු පහරක්ම, කැපී ගිය සෑම නහරයක්ම , ඇද වැටුන සෑම රුධිර බිදුවක්ම මට නව අර්ථයක් ගෙන අවුත් තිබුනි. මට ඔවුන්ව නැසීමෙන් මේ කාලකන්නි සමාජය විනාෂ කිරීමට හැකිව තිබුනි.මට නිදහස ලබා මේ සදහා සටන් කිරීමට තිබුනි. මට මේ කාලකන්නි බල්ලන් එක එක මරා දැමීමට හැකියාව තිබුනි. ඔවුන්ට මරණයෙන් පාඩමක් ඉගැන්වීමට තිබුනි. අහෝ කෙතරම් අගනා අවස්ථාවක්ද? නමුත් දැන් පමා වූවා වැඩිය පිටිය මධ්‍යයේ වේදනාත්මක මරණයක් මට හිමි වනු ඇත.
“I’d like to confess, papa, at that moment I discovered that I really like killing”
No comments:
Post a Comment