Blog Archive

Thursday, October 27, 2016

රන් සමනලයා


කුරුල්ලන්ගේ කෑ කෝ සද්දෙට පුංචි කුරුමිනියාට ඇහැරුනා. උදේ හිරු රැස්වැටිලා පලාතම රන්වන්පාටින් බැබලනවා. ගස්වල කොල අග එල්ලෙන පිනිබිංදුවලට ඉර එලිය වැටිලා මුතුකැට වගේ බබලනවා. තැන තැන ලස්සන ලස්සන මල්පිපිලා මල්සුවද හැම තැනම පැතිරිලා. ඇත්තටම කුරුල්ලෝ කෑ ගහන්නේනෑ. මේ ලස්සනෙන් වසීවෙලා වගේ. උන් සින්දු කියනවා. කොච්චර ලස්සන උදෑසනක්ද? තව ටිකක්නිදා ගන්න හිතුනත්මේ වගේ ලස්සන උදෑසනක කම්මැලිවෙන එක හොද නෑ කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
සුබ උදෑසනක් යාලුවේ ......අය්යෝ යාලුවේ ඔයා තාම නිදිද? පුංචි කුරුමිණියාගේ යාලූ තනකොල පෙත්තප්පු සන්තොසෙන් පුංචි කුරුමිණියා වටේ පියාඹන ගමන් ලංවෙලා ඇහුවා.මම දැනුයි නැගිට්ටේ ඔයා කොහේද යන්නේ පුංචි කුරුමිණියා ඇහුවා.අද හරිම ලස්සන දවසක් යාලුවේ මම යනවා වට පිට බලන්න හැම තැනම හරිම ලස්සනයි ඔයත් එනවද මගෙත් එක්ක යන්න? පුංචි කුරුමිණියාට යන්න ආස වුනත් තනකොල පෙත්තප්පු හයියෙන් පියාඹන නිසා තනියෙන් යන්න ඕනෑ කියලා හිතුනා. තනකොල පෙත්තප්පු එක්ක වේගෙන් පියාඹන්න පුංචි කුරුමිණියාට බෑ . එයා තාම පොඩීනේ. ඔයා යන්න යාලූවේ මම පස්සේ එන්නම් පුංචි කුරුමිණියා කිව්වා. ගිහින් එන්නම් පෙත්තප්පු ඈතට පියාඹලා ගියා.


.පුංචි කුරුමිණියා එයාගේපුංචි අත් දෙකෙන් ඇස් දෙක පොඩි කරලා ලග තිබිචිච පි ණි බිංදුවකින් මූ ණ කට හෝදා ගත්තා. උදේ නැගිටිට ගමන් පිරිසිදු වෙන එක හොද පුරුද්දක්බව අපේ මේ පොඩිත්තො වගේම පුංචි කුරුමිණියාත් දැනගෙන හිටියා. ඊට පස්සේ අත්දෙක හොදට සෝදාගෙන ලග තිබුනු නිල්මල් ගහේ මලක් ඇතුලට රිංගලා ඇති තරම් මල් පැණි බිව්වා.


ඔන්න දැන් පුංචි කුරුමිනියාත් ලස්සන උදෑසන බලන්න යන්න සූදානම් ්‍ කුරුමිණියා කෙලින්ම පෙකු ණ පැත්තට පියෑඹුවා.. ඇත්තටම කොචිචර ලස් සන දවසක්ද හැමදාමත් හැම හැමදාම මෙහෙමම ලස්සනනම් . පුංචි කුරුමිණියාට තව ටිකක් උඩට පියාඹලා වටපිට බලන්න ඕනෑ කියලා හිතුනා. උඩට පියාඹන කොට ටිකක් බය හිතුනත් ඈතට යනකම් පරිසරය ලස්සනට පේන බව පුංචි කුරුමිනියා දැනගෙන හිටියා . අනිත් එක පුංචි කුරුමිණියාගේ යාලූ පැණි කුරුල්ලෝ. ලේන හාමිලා ගිරා හාමිලා වගේ අයත් ඉන්න නිසා පුංචි කුරුමිණියාට බය වෙන්න දෙයක් තිබුනෙත් නෑ.පුංචි කුරුමිණියා අඹ මල් පිරිලා තියෙන අඹ ගහක මුදුන් අත්තේ කොලයක වහලා වට පිට බැලූවා. එතනට කොලවරක් නැති නිල් අහසත් ඈතට යනකම් කොල තන පිට්ටනියක් වගේ ගස්මුදුනුත් ඒ මැද නිල්පාටින් දිලිසෙන පොකු ණත් ගස්වලට ඈතින් හොරෙන් හොරෙන් ගලා ගෙන යන ගංගවත් හොදට පෙනුනා . ඈත කදු යායාක් සුදුම සුදු පාට වාලාකුලූ ගොඩකින් වටවෙලා හරිම ලස් සනයි. ගග පැත්තේ ඉදන්ආපු හීතල සනීප හුලංවලින අපේ පුංචි කුරුමිණියාව නෑවිලා ගියා.අඹ ගහේ මල් අතු අපේ පුංචි කුරුමිනියාට අත වනනවා වගේ හිමීට පැද්දුනා.


අහස දිහා බලපු පුංචි කුරුමිනියා දැක්කේ තවත් පුදුම දෙයක්. මේ මොකද්ද මේ. අද ඉරවල් දෙකක් පායලා නේද? ඈත අහසේ තවත් දිලිසෙන ඉරක් පායලා තියෙන හැටි දැකලා පුංචි කුරුමිණියා පුදුම උනා. ඇත්තටම අපේ ඉර වගේම තවත් දිලිසෙන ඉර ක් ඈත අහසේ පායලා තිබුනා. ඒක තමා අද මෙචිචර ලස් සන. පුංචි කුරුමිණියාට හරිම සංතෝෂයක් දැනුනා. ඒත් ඒ ඉර අපේ යාලූ පරණ ඉරහාමි වගේ නොවන බව පුංචි කුරුමිණියාට තේරුණා එයා අපේ ඉරහාමි තරම් සැර නෑ ඒ දිහාබලාගෙන ඉන්න කොට ඇස්රිදෙන්නේනෑ. ඒ විතරක් නෙමෙයි ඒ ඉර හාමි ටිකෙන් ටික ලොකු වෙනවා නේද .ඒඇයි? ආනේ එයා අපිව බලන්න එනවා වත්ද කියලා පුංචි කුරුමිනියාට හිතුනා. හරි හරි මේ අපේ ලෝකේ ලස්සන බලන්න ආපු අපේ ඉර හාමිගේ යාලූවෙක්ද කොහෙද. පුංචි කුරුමිණියා සන්තෝසෙන් හිතුවා.ටිකකින් අලූත් ඉරහාමි ලං වෙන එක නැවතුනා. ඒ විතරක් නෙමෙයි. පුංචි කුරුමිණියා පුදුම කරමින් ඒ ඉර හාමිගෙන් තවත්ඉර හාමිලා ගෙඩක් මතුඋනා. කලින් ඉර හාමි තරම් ලොකු නොවුනත් ඒ ඉරහාමිලා හාමිලාත් එක්ක දැන් ඉර හාමිලා ගොඩයි. හරියට තරු ගොඩකුත් එක්කගෙනම ඉර පායලා වගේ . ඒ අලූත් ඉරහාමිගේ පැටව්ද කොහේද කියලා පුංචි කුරුමිණියාට හිතුනා.ඒත් එක්කම ඒපුංචි ඉරහාමි කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න ඇත්නම් කොචිචර හොදද කියලා ත් පුංචි කුරුමිණියාට හිතුනා. ඒ අයත් පොඩීනේ. . අනේ පුංචි ඉර හාමිලාට තාම හරියට පියාඹන්න බැරුවා වද්ද පුංචි කුරුමිණියාට හිතුනේ ඉරහාමිලා පොලවට හය්යෙන් එනවා වගේ හිතිලා. හිතවාත් එක්කම ඒ එක පුංචි ඉර හාමි කෙනෙක් ඩොග් ගාලා පුංචි කුරුමිණියාට දුරින් තිබිච්ච පොකු ණ පැත්තට වැටුනා


. අනේපව් පුංචි ඉර හාමිට හරියට රිදෙන්න ඇති. මම ගිහින් එයාට උදව් කරන්න ඕනෑ. පුංචි කුරුමිණියා ඉක්මනට ඒපැත්තට පියාඹන්න පටන්ගත්තා. කෙනෙක් කරදරේ වැටුනාම ඒඅයට හිනා වෙන නරක ලමයිනුත් ඉන්න බව අපේ පොඩිත්තොත් දන්නවනේ. එහේම කරන්න හොද නෑ. අපේ පුංචි කුරුමිණියා වගේ හැම වෙලාවෙම කෙනෙක් කරදරේ වැටුනාම ඒඅයට උදව් කරන්න පුංචි ඔයාලත් හිතට ගන්න ඔීනෑ. පුංචි කුරුමිණියා පුංචි ඉර හාමි වැටිචිච තැනට ගිහින් බැලූවා. අනේ එතන එක එක පාට කෑලි ගොඩක් සමහර ඒවායින් මීදුම් පිට වෙනවා අනේ පුංචි ඉර හාමි මැරුණාවත්ද පුංචි කුරුමිණියාට හුගාක් දුක හිතුනා. අලූතෙන් ආපු ඉර හාමි ආපහු ඈත අහසට ගහිල්ලා දුකෙන් වගේ බලා ගෙන ඉන්න හැටි පුංචි කුරුමිණියාට පෙනුනා. එයා දැන්ගොඩාක් උඩින්ඉන්න නිසා පේන්නේ ගොඩාක් පුංචියට. ඒත් එයා පුංචි ඉරහාමිට මොකද වුනේවත් බලන්න එන්නැත්තේ ඇයි. එයා නේ පුංචි ඉර හාමිලාව පොලවට එව්වේ. සමහර විට එයාට එන්න බැරිතරම් දුක ඇති පුංචි කුරුමිණියාට හිතුනා අනේ පව්. පුංචි කුරුමිණියා දුකෙන් අර ඉරහාමි ගේ පැටියා වැටුනු තැන බැලූවා. ඒත් එක්කම පුංචි කුරුමිණියා දැකපු දෙයින් පුදුම උනා. මෙන්න රත්තරන් සමනලයෙක් අම්මෝ උගේ ලස් සන. පුංචි කුරුමිණියාට ඇස් අදහා ගන්නත් බැරි වුනා . උගේ තටු දෙක හරහායි ඇග හරහායි ගිය ඉරියි ි, ඇස්දෙකයි, කටයි එහෙම පිටින්ම රත්තරන්පාටයි. තව ඇග පල්ලෙහාට දිග රැල් වගයකුත් එල්ලිලා තිබුනා. රන්සමනලයා අවේ මේ ඉර හාමි වැටුනු තැනින්නේද? ඒකියන්නේමේ ඉරහාමි වගේ ඇවිල්ලා තියෙන්නේමේ සමනලයාද නැතිනම් මැරුනු ඉරහාමි සමනලයෙක් වෙලා ඉපදුනාවත්ද ?. පුංචි කුරුමිණියාට හිතාගන්න බැරිවුනා. ඒත් අනේ උගේ ලස්සන. හරියට දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා වගේ.


රන්සමනලයා හෙමීට උඩට පියාඹලා බොහෝම ආඩම්බරෙන් වට පිට බැලූවා.හරියට මේ පැත්ත ගැන හොදට දන්න කෙනෙක්වගේ. රන් සමනලයා එක්ක යාලූ වෙන්න හිතාගෙන පුංචි කුරුමිණියා එයා ඉස්සරහට ගියා. එයා පුංචි කුරුමිණියාව දැක්කත් පුංචි කුරුමිණියාව ගණන්ගත්තේ නෑ.පුංචි කුරුමිණියාට දුක හිතුනා. හරිම ආඩම්බර සමනලයෙක් එයා ලස්සන බව ඇත්ත. ඒත් එයා ඔචිචර ආඩම්බර වෙන්නේ ඇයි. ආඩම්බර වෙන එක හොද නැති දෙයක් බව පුංචි කුරුමිණියා දැනගෙන හිටියා. ආඩම්බර මොනරා අන්තිමට දුකට පත් වෙච්චි කථාව පුංචි කුරුමිණියාට මතක්වුනා. මේ කැලෑවේ යාලූවො වගේම කොචිචර නරක සත්තුත් ඉන්නවද. බළල් හාමිලා ගැන මේ රන්සමනලයා දන්නවාද? මගෙත් එක්ක යාලූ වුනා නම් මම මේ සේරම කියලා දෙනවානේ. අනේ මට ඕන්නෑ එයත්එක්ක යාලූ වෙන්න. මට ඕනෑ තරම් තව යාලූවෝ ඉන්නේ. පුංචි කුරුමිණියා තරහින් හිතුවා.රන් සමනලයා වටපිට බලලා හෙමින් හෙමින් පියාඹලා කොහේදෝ යන්න පටන් ගත්තා. යාලූවෙන්න ඕනෑ නැති වුනත් රන් සමනලයා යන්නේ කෙහේද කියලා බලන්න පුංචි කුරුමිණියාට ආස හිතුනා. පුංචි කුරුමිණියාත් හොරෙන් හොරෙන් රන් සමනලයා පස්සෙන්ම පියාඹලා ගියා. ගස් අතරින්,මල් අතරින් රන්සමනලයා පියාඹලා ගියත් එයා මල්වල පැණිබොන්නවත් ලස් සන බලන්නවත් නැවතුනේනෑ. එයා කෙලින්ම පියාඹන්නේ පිටිටනියා පැත්තට නේද කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
ඉස්කොලෝ නිවාඩුකාලේ නිසා සිරිමලූයි එයාගේ යාලූ යහෙලෙියෝ ටිකයි පිටිටනියේ සෙල්ලම් කරනවා. සිරිමල් හරිම හොද ලමයෙක් බව පුංචි කුරුමිණියා දැනගෙන හිටියා. උදේ පාන්දරම ඇහැරෙන සිරිමල් පිරිසිදු වෙලා පාඩම් වැඩ කරන්න පටන් ගන්නවා පුංචි කුරුමිණියා දැකලා තිබුනා. ඊට පස්සේ අම්මටයි තාතතටයි වැදලා, එයාගේ තාත්තත් එක්ක ඉස්කෝලෙට යනවා. හවස ගෙදර ඇවිල්ලාත් පාඩම් වැඩ කරනවා. ගේදොර අස්පස්කරනවා. කි සිම කම්මැලිකමක් නෑ. පුංචි සිරිමල් ගෙදර ඉන්න දවස්වල උදේට එයාගේ කුරුලූයාලූවන්ටයි ලේන යාලූවන්ටයි කෑම කවනවා. එයාගේ තාත්තගේ හරි අම්මගේ හරි වැඩට උදව් වෙනවා. ඒවගේම හරිම කීකරුයි.අසරණ කෙනෙක් දැ ක්කොත් උදව් කරනවා. ඒක නි සා පුංචි සිරිමල්ට පුංචි කුරුමිණියා ගොඩාක් කැමතිවුනා. පුංචි සිරිමල්වගේ හොද ළමයෙක් වෙන්න පුංචි ඔයාලත් අදම හිතට ගන්නඕනෑ. එහෙම අයට හැමෝම කැමතියි.


පිටිටනිය ලගට ගිය රන්සමනලයා පුංචි ළමයින්ට පෙනෙන විදියට පිටිටනිය අයිනෙන් පියාඹන්න පටන් ගත්තා. අනේ රන් සමනලයාට පුංචි අයත් එක්ක සෙල්ලම් කරන්න හිතිලාද කොහේද පුංචි කුරුමිණියාට හිතුනා. කොචිචර හොදද පුංචිකුරුමිණියාට රන්සමනලයා එක්ක මුලින් තිබුනු තරහා අමතක වුනා. පුංචි ළමයි එක්ක සෙල්ලම් කරන්න පුංචි කුරුමිණියාටත් ඔීනෑ වුනත් ඒ අය තමුන්එක්ක සෙල්ලම් කරන්න නොඑන බව පුංචි කුරුමිණියා දැන ගෙන හිටියා. ඒක නි සා ගහක කොලයක් උඩට වෙලා දුකෙන්බලා ගෙන ඉන්නවා ඇරෙන්න පුංචි කුරුමිණියාට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.රන් සමනලයාව දැකපු පුංචි ඈයෝ හරියට සන්තෝ ස උනා. . අන්න රන් සමනලයෙක් කිය කියා ඒඅය රන් සමනලයා ලගට දුව ගෙන ආවත් ඒ අය ලං වෙන කොට රන් සමනලයා ටිකෙන් ටික ඈතට යන්න පටන් ගත්තා. පුංචි අයත්හිනා වෙව් ඒපස්සේයන හැටි පුංචි කුරුමිණියා ආසාවෙන් බලා ගෙන හිටියා. මෙහෙම වට කීපයක් ගියපු රන් සමනලයා එක පාරට ආපහු කැලේ ඇතුලට ගියා. රන්සමනලයාට මහන්සි ඇති පුංචි කුරුමිණියාට හිතුනා.


ඒත් පුංචි සිරිමල් විතරක් රන්සමනලයා පස්සෙන්ම හිනා වෙවී කැලෑව ඇතුලට ගියා. අනේ මටත් රන් සමනලයා එක්ක යාලූ වෙලා සෙල්ලම් කරන්න ඇත්නම් පුංචි කුරුමිණියාට ආයෙත් හිතුනා. පුංචි කුරුමිණියා ආයෙත් රන් සමනලයයි පුංචි සිරිමලූයි ඉන්න පැත්තට ගියා. රන්සමනලයයි පුංචි සිරිමලූයි සෙල්ලම් කරනවා රන්සමනලයා පුංචි සිරිමල් වටේට පියාඹනවා. පුංචි සිරිමල් රන්සමනලයාව අල්ලන්න වගේ අත්පුඩි ගහ ගහ උඩ පනිනවා. ඒත් එක සැරේටම සිරිමල්ගේ පිටිපස්සට ගිය රන්සමනලයා සිරිමල්ගේ ඔලූව පිටිපස්සෙන් නොපෙනීගියා. පුංචි සිරිමල් එකපාරටම බය වෙලා එයාගේඔලූව අල්ලාගෙන හය්යෙන් කෑ ගහන්න පටන්ගත්තා. පුංචි කුරුමිණියාටත් බය හිතුනා එයා ඉක්මනට පුංචි සිරිමල් ලගට පියාඹලා ගියා. පුංචි සිරිමල්ගේ ඔලූව පිටිපස්සෙන් මොනවදෝ රතුපාට තීන්ත වගයක් බිමට වැටෙනවා. රන්සමනලයා පේන්න නෑ. අනේ මොකද්ද වුනේ රන්සමනලයා කෝ . පුංචි සිරිමල් අඩන්නේඇයි. පුංචි කුරුමිණියාට හිතා ගන්නවත් බැරිවුනා. ඒත් එක්කම පුංචි සිරිමල්බිමට වැටුනා.රන් සමනලයා පේන්නවත්නෑ. අනේ පුංචි සිරිමල්ට මොකද වුනේ රන් සමනලයා ඒයාට රිදෙන්න මොනවා හරිකලාද? ඉක්මනට පුංචි සිරිමල්ගේ යාලූවන්ට මේ ගැනකියන්න ඕනෑ. පුංචි කුරුමිණියාට හිතුනා. පුංචි කුරුමිණියා ඉක්මනටම පියාඹලා පිටිටනියට ගිහිල්ලා පුංචි සිරිමල්ගේ යාලූවන්ට ඒගැන කෑ ගහලා කිව්වත් ඒ අයට පුංචි කුරුමිණියා කියපුදේ තේරුනේ නෑ. අනේ ඉක්මන්කරන්න. පුංචි කුරුමිණියා කෑගැහුවා.කවුරුවත් අහන්නේ නැති නිසා ආපහු සිරිමල් ලගට යන්න ඕනෑ කියලා පුංචි කුරුමිණියා හිතුවා. ඒත් මෙන්න බොලේ එතකොට සිරිමල් ආපහු පිටිටනියට එනවා. පුංචි කුරුමිණියාට හරිම සතුටක්දැනුනා. රන්සමනලයා පේන්න නැතිවුනත් මුලින් රන්සමනලයා පුංචි සිරිමල්ට අනතුරුක් කරයි කියලා හිති ච්ච එක ගැන පුංචි කුරුමිණියාට ගොඩාක්ලැජ්ජා හිතුනා. ඒ ගැන රන්සමනලයාට කියලා සමාව ගන්න ඕනෑ කියලාත් පුං චි කුරුමිණියාට හිතුනා. ඒත් රන්සමනලයා පේන්න නෑ. රන් සමනලයාආපහු යන්න ගියාද. පුංචි කුරුමිණියාට දුක හිතුනා.


සිරිමල් ආපහු පිටිටනියට ආවත් එයා යාලූ යෙහෙලියො ලගට යන්නැතුව කෙලින්ම වෙන පැත්තකට යන්න පටන් ගත්තා. එයා නිකමටවත් තමුන්ගේ යාලූවෝ දිහා බැලූවේ වත් නැහැ. සිරිමල්ට එයාගේ යාලූවොත් එක්ක තරහා ඇති. ඇයි එයා කරදරේ වැටුනහම එක්කෙනක්වත්උදව් කරන්නවත් ආවේ නැහැනේ. පුංචි කුරුමිණියා කල්පනා කලා අනේ පව් තරහ ගන්න එක නරක දෙයක් වුනත් පුංචි සිරිමල්ට දුක හිතෙන්න ඇති. පුංචි කුරුමිණියාට හිතුනා. පුංචි කුරුමිණියාත් හෙමින් හෙමින් පුංචි සිරිමල් පස්සෙන් යන්න පටන් ගත්තා අඩුගානේ මම හරි එයාගේ තනියට ඉන්නවානේ.පුංචි සිරිමල් කෙලින්ම ගියේ සිරිපාල මාමා වාහන හදන තැනට ඒක ඇතුලේ සිරිපාල මාමා මොකක්දෝ ලොකූ වැඩක්. වෙනදාටත් පුංචි සිරිමල් නිවාඩු දවස්වල සිරිපාල මමා ගේ වැඩපලට ඇවිල්ලා සිරිපාල මාමා කරන වැඩ දිහා බලා ගෙන ඉන්නවා පුංචි කුරුමිණියා දැකලා තිබුනා. ඒත් සිරිපාල මාමා සිරිමල් එක්ක කථා කලේ කලාතුරකින්. එයාගේ යන්ත්‍ර සූත්‍ර ගැන පුංචි සිරිමල් ඇහුවොත් විතරක් වෙලාවකට බුම්මාගෙන මොනවදෝ කියනවා. සමහර දවස්වල සිරිපාල මාමාට මොනවාදෝ වෙලා වැනි වැනී දකින දකින එක්කෙනා එක්ක රන් ඩු කර ගන්න හැටි පුංචි කුරුමිණියා දැකලා තිබුනා. පුංචි කුරුමිණියා එයාට පොඩිඩක්වත් කැමති වුනේනෑ. එක සැරයක් පුංචි කුරුමිණියාව දැකපු සිරිපාල මාමා කොස්සක් අරගෙන පස්සෙන් පන්නාගෙන ආවා. පුංචි කුරුමිණියා ඉක්මනටම කැලේට පියාඹලා එදා පන බේරා ගත්තා. ඒත් එයා පුංචි සිරිමල්ට නම් මොනවත් කිව්වේ නැහැ.


පුංචි සිරිමල්ව දැකපු සිරිපාල මාමා වෙනදා වගේ හැසිරුනේනෑ. පුංචි සිරිමල්ව දැකපු සිරිපාල මාමා එක පාරටම බය වෙලා වගේ පස් සට පැන්නා. ඒ ඇයි කියලා පුංචි කුරුමිණියාට හිතා ගන්නවත් බෑ. ඒත් පුංචි සිරිමල් ගාණක්වත් නැතුව සිරිපාල මාමා ලගටම ගියා. එතකොට සිරිපාල මාමා කෑ ගහලා අත්දෙක වනලා පුංචි සිරිමල්ට මොනවදෝ කිව්වා. ඒත්පුංචි සිරිමල් ඉස් සරහටම ගියා. පුංචි සිරිමල් ලගටම එනකොට පැනලා දුවන්න වගේ හදලා එක පාරටම ලග තිබීච්ච යකඩ පොල්ලක්අරගෙන පුංචි සිරිමල්ට ගහන්න පැන්නා. පුංචි කුරුමිණියාට හරියට බය හිතුනා ඒවගේම හරියට තරහාත් ගියා.කොච්චර නරක මනුස් සයෙක්ද සිරිමල්වගේ හොද ලමයකුට නිකං ගහන්න හදන්නේ සිරිමල මොන වරදක්කලාටද? අනික පුංචි සිරිමල්ට වුනුදේ නිකමටවත් ඇහුවේ නෑ නේද? සිරිපාල මාමා ගහන්න පැන්නත් පුංචි සිරිමල් පොඩිඩක්වත් බය වුනේ නෑ. එයා ලොකු මිනිහෙක්වගේ සිරිපාල මාමාගේ අතින් අල්ලලා පොල්ල විසිකරලා දැම්මා. සිරිපාල මාමා කෑ ගහලා බයෙන් අඩන්න ගත්තම පුංචි කුරුමිණියාට පුංචි සිරිමල් ගැන පුදුම හිතුනා. ඒ වගේම ලොකුසතුටකුත් දැනුනා. පුංචි සිරිමල් පොඩි වුනාට එයාට කොච්චර ශක්තියක් තිනවාද? හොද වැෙඩි නපුරු මනුස් සයාට.පුංචි සිරිමල්බිම වැටුන සිරිපාල මාමාව හිර කරගෙන එක අතකින්අල්ලාගෙන අනිත් අතින් එයාගේ ඔලූව ඇල්ලූවා. සිරිපාලමාමා බය වෙලාද මන්දා හය්යෙන් කෑ ගැහුවත් සිරිමල් එයාව අත ඇරියේ නෑ ටිකකින් සිරිපාල මාමා සද්ද නැතුව නිදා ගත්තාම තමයි සිරිමල් නැගිටිටේ. එතකොට සිරිපාල මාමාගේ ඔලූවෙනුත් තැනින්තැනින් රතුපාටට මොනවදෝ ගලා ගෙන එන බව පුංචි කුරුමිණියා දැක්කා. පුංචි සිරිමල් මොකක්කරාද කියලා පුංචි කුරුමිණියාට තේරුනේනැහැ. මෙකක් උනත් ඒ සිරිපාල මාමා නරක විදියට හැසිරුනු නිසා බව විතරක් පුංචි කුරුමිණියාට තේරුනා. ඔව් කවුරු වුනත් අනික් අයට නරක විදියට සලකපුවාම කවදාහරි එයාටත් ඒකේ විපාක විදින්න වෙන බව මේ පොඩිත්තොත් හොදට හිතට අරගන්න ඕනෑ. අනික් අයට හැම වෙලේම ආදරයෙන් කරුණාවෙන් සලකන්න ඕනෑ. එතකොට තමයි අනිත් අයත් අපිට ආදරෙන් සලකන්නේ.
සිරිමල් හැරිලා එලියට එන්න එනකොට තමා පුංචි කුරුමිණියා දැක්කේ පුංචි සිරිමල්ගේ ඇස්දෙක වෙනදා වගේ නෙමෙයි.ඒකේ කලූපාට බොල දෙකක් නෑ මුලූ ඇස්දෙකම රත්තරන් පාටට බැබලෙනවා. හරියට අර රන් සමනලයා වගේ. පුංචි කුරුමිණියාට තේරුනා මේ තෑග්ග දෙන්න ඇත්තේ රන් සමනලයා බව. එයත් එක්ක සෙල්ලම් කෙරුවාට.ඒක ඇත්තටම තෑග්ගක් වෙන්න ඕනෑ. පුංචි සිරිමල් එලියට එනකොටම මෙන්න බොලේ අර බිම වැටිලා හිටිය සිරිපාල මාමා නැගිට්ටා පුංචි කුරුමිණියාට බය හිතුනා එයා පුංචි සිරිමල්ට අනතුරක් කරයිද?. පුංචි කුරුමිණියා පුංචි සිරිමල් ලගට ඉක්මනට පියාඹලා ගියා. හරියට සිරිපාල මාමාගෙන් පුංචි සිරිමල්ව බේරා ගන්න වගේ. ඒත් සිරිපාල මාමා ඉස්සෙල්ලා වගේ කලබල කරේ නෑ. පුංචි සිරිමල්එයාගේපාඩුවේ යනවා දැක්කත්සිරිපාල මාමා ඒක ගණන් නොගෙන එයාගේ බඩු අස්සේ මොනව දෝ හොයන්න පටන්ගත්තා.


. පුංචි කුරුමිණියාට පුදුම හිතුනා ඉස්සෙල්ලා පි ස් සුවෙන් වගේ හිටපු සිරිපාල මාමා දැන්හොද කෙනෙක් වෙලා වගේ.පුංචි සිරිමල්ගේ දඩුවමෙන් එයා හොද කෙනෙක් වෙන්න තීරණය කරන්න ඇති කියලා පුංචි කුරුමිණියාට හිතුනා.කොච්චර හොදද. බලන්න හොද ලමයින් නිසා වැඩිහිටියොත් හොද අය වෙන හැටි. පුංචි කුරුමිනියා අලුත් පාඩමකුත් ඉගෙන ගත්තා.


පුංචි සිරිමල් එහා ගෙදර එයාගේ පුංචිව බලන්න යනවා පුංචි කුරුමිණියා බලා හිටියා.සිරිමල්ගේ ඒ පුංචිත් පුංචි කුරුමිණියාවගේ අහිංසක සත්තුන්ට කි සිම කරුණාවක් නැති කෙනෙක් නිසා එහෙට යන්න පුංචි කුරුමිණියා බය වුනා. එයාලගේ බලූහාමි වෙලාවකට අඩ අඩා පාරේ යන හැටි පුංචි කුරුමිණියා දැකලා තිබුනා. සිරිපාල මාමා මොනවා දෝ බඩු පොදියක් අතට ගන්නවා දැකලා සිරිපාල මාමා කරන්න යන්නේමොකද්ද කියලා බලන්න එතනට වෙලා ඉන්න පුංචි කුරුමිණියාට ආසා හිතුනා. සිරිපාල මාමා වෙනදා නැතිවිදියට හරිම සංසුන්විදියට බඩු මල්ලත්කරේ තියාගෙන පිට්ටනිය පැත්තට යන්න පටන්ගත්තා. අපේ පුංචිකුරුමිණියාත් එයා පිටිපස්සෙන් යන්න පටන්ගත්තා. මෙන්න පිට්ටනිය මැද ළමයි දෙන්නෙක්නිදි. සංජුගේ තාත්තත් නිදාගෙන ඉන්නවා පුංචි කුරුමිණියා දැක්කා. ඒත්සිරිපාල මාමා ඒගැන බැලූවේ නෑ. ඒ ගොල්ලන් නිදි නිසා කරදර කරන එක හොද නැති නි සා ත් පුංචි කුරුමිණියාත් ඒ ලගට ගියේනෑ.


සිරිපාල මාමා යන දිහාව දැක්කහම එයා යන්නේ අර රන්වන් ස මනලයා ආපු පැත්තට නේද කියලා පුංචි කුරුමිණියාට හිතුනා. අය්යෝ මට දැන්නේ තේරුනේ වෙලා තියෙන දේ පුංචි කුරුමිණියා පුදුම වුනා. අර රන්වන් සමනලයා නිකම් සමනලයෙක් කියලා හිතුවත් ඒක එහේම නොවන බව පුංචි කුරුමිණියාට තේරුනා. එයා නරක අයව පුංචි සිරිමල්වගේම හොද අය කරන්න කියලා පුංචි සිරිමල්ට කිව්වා වද්ද? රන් සමනලයා එහෙම අයව තමුන් ලගට එවන්න කියලා පුංචි සිරිමල්ට කිව්වා වත්ද? ඔව් ඒක එහෙම වෙන්න ඕනේ.
ගස් අතරින් පුංචි දිය සීරා මැදින් වල අගොඩැලි අතරින් සිරිපාල මාමා නොනැවතීම ගමන්කලා. පුංචි කුරුමිණියාට දැන් හරිම මහන්සියි ඇයි උදේ නැගිට්ට වෙලාවේ ඉදන්ම එයා කලේ හැම තැනම පියාඹපු එකනේ. ඒත් සිරිපාල මාමා යන තැනට ගිහින් බලන්නත් පුංචි කුරුමිණියාට ඕනෑ වුනා. පුංචි කුරුමිණියා ටිකක් බයෙන් වුනත් සිරිපාල මාමා ලගට ගිහිල්ලා මාමේ මාව අරන් යන්නකෝ මට හරි මහන්සියි. මමත් ආසායි ඔයත්එක්ක එන්න කියලා කනට කරලා කිව්වා. සිරිපාල මාමා ඔලූව වැනුවා. සිරිපාල මාමා ඇත්තටම හොද කෙනෙක් වෙලා බව පුංචි කුරුමිණියාට තේරුනා. එයා සිරිපාල මාමාගේඋරහිසක්උඩින් වැහුවා. දැන්පුංචි කුරුමිණියාට පියාඹන්න ඕන්නෑ. ඇයි සිරිපාල මාමා එයාව එක්කගෙන යනවානේ.


ගස් උඩ තවමත් කුරුල්ලෝ මිහිරි ගීත ගායනා කරනවා. ලේන් හාමිලා ගස්වල අතු දිගේ තරගෙට එහේට මෙහෙට දුවනවා. මල් ගස්වලින් මල් සුවදක්හැම තැනම පැතිරිලා . . ගස්වල කොල අතරින් තැනින් තැන ඉර හාමි පොලවට එඹිකම් කරනවා. ඒ අස්සේ මකුලූ හාමි කෙනෙක් හරිම හදි ස් සියකින් දැලක් බදිනවා. ගහක හිටපු පුංචි කුරුමිණියාගේ යාලූ කටසුහාමි කෙනෙක් පුංචි කුරුමිණියාව දැකලා ඔලූව හොල්ලලා කොහේද පුතේ යන්නේ කියලා ඇහුවා. මම ලොකු වැඩකට යනවා මාමේ ගිහින් එන්නම් කියලා පුංචි කුරුමිණියා උත්තර දුන්නා. කටුසුහාමි අතවනලා පරි ස් ස මින් ගිහින් එන්න කියලා කිව්වා.


පුංචි කුරුමිණියා හිතපු විදියටම හරියටම හරි. සිරිපාල මාමා කෙලින්ම ගියේ අර රන්වන් සමනලයා ආපු තැනටමයි. එතකොට තමා පුංචි කුරුමිණියා දැක්කේ එතන තවත් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්න බව. ඒ අය මොකද්දෝ හදනවා. හැබැයි හැමෝම හරිම හොද වෙලා.කවුරුවත් කෑ ගහන්නේවත්. කථා කරන්නේවත්නෑ.එතන කොහෙන් ආවද දන්නැති ලොකූ යන්තරයක් වගේ එකක් එතන තියෙනවා පුංචි කුරුමිණියා දැක්කා. පුංචි සිරිමල්ගේ පුංචිත් ඒ වෙලාවේම එතනට එනවා පුංචි කුරුමිණියා දැක්කා.මේ ඔක්කොම රන් සමනලයා ආපු නි සා හොදවෙචිච අය වෙන්න ඇති කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
සිරිපාල මාමලා ඒ හදන එක මොකද්ද කියලා බලන්න පුංචි කුරුමිණියාටත් ආසා හිතුනා. ඒ ත් තවම ඒගොල්ලෝ හදනවානේ. එතකන් මහනසිය යන්නත් එක්ක ටිකක් නිදාගන්න ඕනෑ කියලා පුංචි කුරුමිණියාට හිතුනා. ඇවිදලා ඇවිදලා එයාට හරිම මහන් සියි. අනික ඉතින් එයා හරිම පොඩියිනේ.ලස් සන කහ පාට මලක් ඇතුලට රිංගා ගත්තු පුංචි කුරුමිණියාට මල හුලගේ පැද්දෙන තාලෙට හොදටම නින්ද ගියා. හීනෙන් එයා දැක්කා පුංචි සිරිමලූයි එයාගේ යාලුවෝ කට්ටියයි, සිරිපාල මාමායි ඒ විතරක්ද රන් සමනලයයි. එයත් එක්ක සෙල්ලම් කරනවා. ඒ විතරක්ද වටේ තවත් අයත් ගොඩාක් හිටියා ඒ අය ඒ අය දිහා බල බල. ඒ අය සන්තෝසෙන් කෑගැහුවා. පුංචි කුරුමිණියාට හරිම සතුටුයි.


එතකොටම පුංචි කුරුමිණියාට ඇහැරුනා. අනේ මට හොදටම නින්ද ගියා නේද? ඒත් වටේ ඇත්තටම මිනිස්සු කෑගහන හැටි පුංචි කුරුමිණියාට ඇහුනා. එතකොට මම දැක්කේ හීනයක් නෙමෙයිද පුංචි කුරුමිණියාට හිතුනා.එයාට සිරිපාල මාමලා මතක්වුනා. ඉක්මනට නැගිටලා සිරිපාල මාමලා හිටපු තැනට පියාඹලා ආවා. එතකොටයි එයා දැක්කේ. සද්දේ එන්නේ එතනින් කියලා. සිරිපාල මාමය් එතන අනික් මාමලයි නැනදල යි එකතු වෙලා මොකද්දෝ ලොකූම ලොකූ යන්තරයක් හදලා.ඒක අර මුලින් තිබු බුනු යන්තරේටත් හයි කරලා හයිකරලා. ඒක හරියට පණ තියෙන එකක්වගේ සද්ද කර කර වැඩ කරනවා. කැලෑව ඇතුලේ ඉදන් එක් කෙනා දෙන්නා එක එක නැන්දලාවයි මාමලාවයි එතනට අරගෙන ආවා. ඒ ගොල්ලෝ එන්න බෑ කියලා හරියට කෑගහනවා, අඩනවා. ඒත් සිරිපාල් මාමලාගේ අය ඒ අයව අල්ලලා අර යන්තරේ ඇතුලට දාලා දොර වැහුවා.


පුංචි කුරුමිණියා ඉක්මනට පියාඹලා අර මුලින් තිබුනු යන්තරේ සිදුරකින් යන්තරේ ඇතුලට රිංගලා බැලූවා. ඇතුලේ තැන තැන. නැන්දලා මාමලා නිදාගෙන ඉන්නවා මකුලු හාමිලාගේ අඩු වගේ අඩු ගොඩකින් ඒ අයව අල්ලා ගෙන. සමහරු නිදාගෙන හිටියත් තවමත් කෑ ගහනවා. සමහර අයගේ ඇගවල් හරහා තැනින් තැනින් න්මොනවාදො කූරු ගෝ ඩාක් ගිහිල්ලා තියෙනවා . එක මාමි කෙනෙක්ගේ ඔලුව ඇතුලට කූරක් අර එක අඩුවකින් යනව කොට ඒ මාමා කෑ ගහ ගහ ඇඩුවා.


පුංචි කුරුමිණියා යන්තරේ පිටිපස්ස පැත්තට ගිහින් බැලුවා. ඒ යන්තරේ පිටිපස්සේ දොරකින් අලුත් කට්ටියක් එලියට යනවා ඒ අය අපේ නැන්දලා මාමලා වගේ නෙමෙයි. ඇස් හරියට අර පුංචි සිරිමල්ගේ වගෙයි. ඒ අය යන තැන එහා පැත්තේ තවත් නැන්දලා මමාලා ගෙඩක් බිම නිදා ගෙන හිටියා. ඒඅය අර අලූත් අය වගේ නෙමෙයි. කලින් හිටපුඅය වගෙයි. ඒ ගොල්ලන් ලගින් අර රතුපාට සායම් ගගක් වගේ දිගටම ගලාගෙන ගියා. මේ අලූතෙන් යන අය බොහොම හොදින් යන්නේ ඒ අය හොද වෙලා නිසා බව පුංචි කුරුමිණියාට තේරුම් ගියා.ඒ අලූත් අය හරිම සන්සුන් විදියට කොහේදෝ . යන්න පිටත් උනා. එයාලා හොද වෙලා ගෙවල් වලට යනවා වෙන්න ඖනේ පුංචි කුරුමිණියා හිතුවා.


එතකොටම අහසේ බඹර කැරකෙන යකඩ කුරුල්ලෝ පියාඹන්න පටන්ගත්තා ඒ ගොල්ලෝ ඔකකොමන්ලාම එකම පැත්තකට ගියා. හරිම සද්දයි. පුංචි කුරුමිණියා උඩටම පියාඹලා ඒඅය කොහේ යනවාද කියලා බැලූවා. එතකොට තමා පුංචි කුරුමිණියා දැක්කේ ඈතින් මල්වෙඩි පුපුරනවා. හැම තැනින්ම එලිවිහිදුනා. එක තැනකින් හරියට මීදුම වගේ මොනවදෝ අහසට යනවා. ඒ පැත්තම අහස රතුපාට වෙලා. පුංචි කුරුමිණියා උඩ බලපුවහම දැක්කා අර උදේ ආපු දෙවෙනි ඉර හාමි තවමත් ඈතට වෙලා පොලව දිහා බලාගෙන ඉන්නවා.ඉරහාමී ඔයාගේ රන් සමනලයා කෝ ?කියලා පුංචි කුරුමිණියා කෑ ගහලා ඒ ඉර හාමිගෙන්ඇහුවා.


මෙන් බොලේ එතකොටම අපේ පුංචි කුරුමිණියා කියපු එක ඇහුනා එයාගේ යාලූ රන්සමනලයා ඈතින් පියාඹනවා. පුංචි කුරුමිණියාට හරිම සන්තෝ සයක් දැනුනා. එයා යාලූවේ කියලා කෑ ගහගෙන රන් සමනලයා ලගට ගියා. ඒත් ලගට ගියහමයි දැක්කේ. මෙතන එක රන් සමනලයෙක් නෙමෙයි. රන්සමනල්ලලූ ගොඩාක්. ගණන්කරන්න බැරිතරම් රන් සමනල්ලූ. අනේ මගේ යාලූ සමනලයාව මම කොහොමද හොයා ගන්නේ පුංචි කුරුමිණියාට හිතා ගන්න බැරිවුනා.ඒත් මේ රන් සමනලයින් ඇවිත් ඉන්නේ අපේ ලෝකේ අයව හොද කරන්න නේද? එහෙම නිසා මේ හැම සමනලයෙක්ම හොද ඇති කියලා පුංචි කුරුමිණියාට හිතුනා.
රන් සමනල්ලූ මී මැසි පොදියක් වගේ සද්ද නැතුව ඈතට පියාඹලා යන හැටි පුංචි කුරුමිණියා බලාගෙන හිටියා. මේ රන් සමනල්ලූ ඈතට ගිහින් හොද ළමයින්ව හොයලා ඒඅයට අනික් අයවත් එයලා වගේ හොද අය කරන්න කියලා කියාවි. ඒකට අකමැති අයව බලෙන්ම හොද අය කරන්න කියලත් කියාවි කියලා පුංචි කුරුමිණියාට හිතුනා. ඕව් නරක අය හොද අයවෙන්න හරිම අකමැතීනේ. ඒත් හොද වෙන එක්කොච්චර හොදද කියලා ඒගොල්ලන්ටම තේරෙන්නේ ඒ ගොල්ලන් හොද අයවුනාම තමයි.


පුංචි කුරුමිණියාගේ ඇග රතුපාට සායම් වැස් සකින් තෙමුනා ඒක කොහෙන්ද ආවේ කියලා බලපු පුංචි කුරුමිණියා දැක්කේ ඈත අහසේ ගිය යකඩ කුරුල්ලෙක් දුරින් තියෙන පිටිටනිය පැත්තට පාත්කරන්න යනවා ඒකෙනුත් මීදුම් වගේ මොනවාදෝ පිට වෙනවා. ටිකකින් ලොකු සද්දයක ඇවිල්ලා ගිණිබෝලයක් පිටවුනා. අම්මෝ පුංචි කුරුමිණියා බය වෙචිචතරම. ඒවා බිමට එන කොට මෙචිචර සද්ද නම් ඒවා හදන්නේ මොකටද කියලා පුංචි කුරුමිණියාට හිතුනා.


අයෙත් රතුපාට වැහි බීංදුදි අහසෙන් වැටෙන්න පටන්ගත්තා අර මීදුම් උඩට නගින හරියේ ඉදලා ඒවා ගොඩාක් එනවා කියලා පුංචි කුරුමිණියාට හිතුනා. ඒ විතරක් නෙමෙයි අර යකඩ කුරුල්ලන් ආවාට පස්සේ තවත් තැන් ගොඩකින් මීදුම් පිට වෙන්නත් පටන් අරගෙන. මල්වෙඩි පුපුරණ පැතිවලින් එන සද්දේ කුරුලූ හාමිලාගේ ගී හඩ යට කරගෙන ටික ටික වැඩිවුනා. ඒ පැතිවලින් කපුටුහාමිලා ගොඩාක් පියාඹාගෙන එනවා පුංචි කුරුමිණියා දැක්කා සමහර විට කපුටුහාමිලාට මෙහෙට එන්න කියලා රන් සමනලයින් කියන්න ඇති.මේ නි සා දැන් අර උදේ තිබුනු ලස්සන ටිකෙන් ටික නැතිවෙලා යනවාද කියලා පුංචි කුරුමිණියාට හිතුනා. අහසත් ටිකෙන් ටික අදුරු වෙනවා වගේ . ඒත් ඉතින් මේ ඔක්කොම හොද වැඩක් නිසානේ. රන්සමනලයින් මේ මුලූ ලෝකෙම කවදා හරි හොද තැනක් කරයි අපේ පුංචි කුරුමිණියා කල්පනා කලා. ඒක එහෙමම වෙන්න ඕනෑ කියලා හිතපු පුංචි කුරුමිණියාට ලොකූ සන්තෝසයක් දැනුනා. එදාට මේ ලෝකේ කොචිචර ලස්සන වෙයිද? හැමෝම කොචිචර සතුටු වෙයිද? පුංචි කුරුමිණියා සතුටින් නැටුමක් නටලා හුලගේ ගලා ගෙන එන රතුසායම් අතරින් ඈතට ඉගිලිලා ගියා.


ඉතින් පුංචි යාලූවනේ ඔයාලත් කවදා හරි ලොකුවෙලා මේ රන් සමනලයින් වගේලෝකේ ලස්සන තැනක් කරන්න හිතට ගන්න ඕනෑ. ඉතින් අපේ රන් සමනල යාලූවෝත් පුංචි ඔයාලාවත් හොයාගෙන ඉක්මනින්ම ඒවි. එතකොට ඒ අයට උදව් කරන්න අමතක කරන්න එපා. ඒ අය හමුඋනාම අපේ මේ පුංචි කුරුමිණි යාලුවත් ඒ අයව ආදරයෙන් මතක් කරපු බව කියන අමතක කරන්නත් එපා.. .

ඔබට සිතන්න පුලුවන්ද ?


මම ඔඛෙන් එසේ ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. —මට මොකද සිතන්න බැරි ?˜ ඔබ අසනු ඇති. ඔව්, ඔබ හරි විය හැකියි. නමුත් අපි කුඩා පරීක‍ෂණයක් කර බලමු.
 මම ඔබට මෙසේ කියමි. කිසියම් දෙයක් ගැන සිතන්න. ඔබට කැමති
ඕනෑම දෙයක් ගැන. පුද්ගලයෙක්, ගසක්, මලක්, වාහනයක්, ඕනෑම දෙයක් ගැන සිතුවාද?
එසේ නම් එය පවසන්න. — මොකටද? ඔබට එය පැවසිය හැකිද?˜ කියා ඔබ අසනු ඇත. ඇත්ත ඔබ සිතුවේ හෝ කීවේ කුමක්ද? කියා දැන ගැනීමේ හැකියාවක් මට නොමැත. නමුත් ඇත්තටම කිසිවක් ගැන සිතන්න ඔබ කිසිවක් ගැන සිතුවා ලෙස අපි ගනිමු. උදාහරණයක්
ලෙස ඔබ සිතුවේ මලක් ගැනයි. රෝසමලක් ගැනයි. හරි නමුත් දැන් ගැටළුව මෙයයි. ඔබ මේ මොහොතේ රෝසමල ගැනම සිතුවේ ඇයි කියා කීමට ඔබට පුලූවන්ද? නැත්නම් මේ මොහොතේ රෝසමල ගැන සිතීමට හේතුව ඔබට කිව හැකිද?
 —ඔව් මට පුලූවන්˜ ඔබ කියනු ඇත. සමහර විට එයට ඔබ කැමති නිසා යැයි  ඔබ කියනු ඇත. නැතිනම් එය ඔබේ කිසියම් පෞද්ගලික සිද්ධියකට සම්බන්ධ නිසා විය.  හැකියි. ඒ කුමක් වුවත් මට මෙය කියන්න. මේ මොහොතේ ඔබට සිතීමට ඇති එකම දෙය මේ
රෝස මල පමණක්ද? නැත. ඔබ දන්නා එකම දේ මේ රෝසමල පමණක්ද? නැත. එසේ නම් ඔබ එය ගැනම සිතුවේ ඇයි. —මට හිතුනා˜ ඔබ කියනු ඇත. එසේ නම් මෙයට ඔබ සිතා කිවූ දෙයක් කියා ඔබ කියන්නේ ඇයි? ඔබ සිතුවාද? ඔබට සිතුනාද?
 අපි තවත් ඒ ගැටලූව නිරාකරණය කර ගනිමු. මම ඔබට යමක් සිතීමට
යැයි කී විට ඔබ ඔබ දන්නා සියලූම දේවල් ගැන සිතා මේ පිළිබඳව කිව යුතුයැයි තීරණය කලේද? ඔව් සමහරවිට ඔබ කිපයක් පිළිබඳව සිතුවාද විය හැකියි. එයින් රෝස මල තීරණය වූවා විය හැකියි. නමුත් ඔබ දන්නා සියලූ දේ ඒ ටික නොවේ. ඒ මොහොතේ ඒ සිතූ දේවල් ටික
ඔබ දන්නා සියලූදේ අතරින් තෝරාගන්නේ නැත. ඒ මොහොතේ ඒ ඒ දේ පිළිබඳව ඔබට සිතුනා මිස සිතුවේ නැත. මම නිවැරදිද?
 සමහර විට ඔබ මෙවැනි උත්තරයක් දෙන්නට ඇත. —මම සිතුවේ බඩ
ගින්න ගැනයි. එවිට එසේ සිතුවේ ඇයිද? යන්න ඇසූවිට —මට බඩගිනි නිසා˜ යැයි ඔබ
පවසන්නට ඇත. නමුත් බලන්න ඔබට බඩ ගින්න නොතිබුනේ නම් ඔබ එසේ පවසනවාද? එය
සිතෙනවාද? ඉහත රෝස මලේදී මෙන්ම මෙතනදීත් ඔබ නොදැනුවත්වම සිතිවිල්ලක් පහලවී
ඇත. එය ඔබ සිටින පරිසරයට තත්ත්වයට අනුව අවස්ථානුකූලව පහලවී ඇත. නමුත් එය ඔබට සිතුන එකක් විනා ඔබ සිතූ එකක් නොවේ. මම නිවැරදිද ? මෙය මෙතනින් නවත්වා ඔබේ සිතුවිලිද ඒවාට හේතුද? පිළිබඳව විමර්ශනයක යෙදෙන්න. ඔබට සිතෙනවා
විනා සිතිය නොහැකි බව වැටහෙනු ඇත.
 ඔබ සිතනවා යන මතයම ඇතිවී තිඛෙන්නේ කෙසේදැයි බලමු. මදකට
ඔබේ සිත දෙස හොදින් අවධානය යොමුකරන්න. ඔඛෙ අවධානය වැඩි වෙලා නොපවතිනු ඇත. නොයෙකුත් සිතුවිලි ඇතිවෙමින් නැතිවන ආකාරය ඔබට දැනෙනු ඇත. ඔබ නොදැනුවත්ව ඔබේ සිත නොයෙක් දේ වලට යොමුවනු ඇත. නමුත් හොදින් බලන්න
බොහෝමයක් සිතිවිලි ඔබ අවට පරිසරයට ඔබට හා දැන් ඔබ සිටින තත්ත්වය පිළිබඳව වනු ඇත. එනම් මේ මොහොතේ ඔබට රාවණා පිළිබඳව හෝ බ්‍රහස්පති ග්‍රහයා පිළිබඳව මතක් නොවනු ඇත. පහල වන්නේ හෝ ඔබේ අවධානයට හසුවන්නේ ඔබට වැදගත් වන
දේ පිළිබඳව සිතුවිලි පමණි.
දැන් මම මුලින් ඔඛෙන් ඇසූ ප්‍රශ්නය ගනිමු. මම එසේ ඇසුවිට ඔබට පහල වීමට පටන් ගන්නේ එයට අනුකූල සිතිවිලිය. එයින් ප්‍රභලව පහලවුනු සිතිවිල්ල ඔබ කීවේය. ඔව් සමහර විට ඔබ කිහිපයක් පිළිබඳව සිතුවාද විය හැකියි. එයින් රෝස මල , ප්‍රභලව පහලවුනු සිතිවිල්ල ඔබ කීවේය. නමුත් මම මේ ප්‍රශ්නය නො අසුවේ නම් ඔබ මෙවැනි
යමක් දැන් කරයිද?
 හොදින් සිත දෙස බලා තේරුම් ගන්න. ඔබට පහල වන සිතිවිලි සෑම විටම හේතුවක් නිසා පහල වන බව ඔබට වැටහෙනු ඇත. හේතුව එක්කෝ සිතුවිල්ලක්මය. නැතිනම් ඔබ දුටු දෙයක්ය. නැතිනම් ඇසුනු දෙයක් හෝ දැනුනු දෙයක් විය හැක. නිතර සිත දෙස අවධානය
යොමුකරමින් සිටිමෙන් සිතිවිලි ඇතිවන ආකාරය ඔබට වටහාගත හැක. ඔබ මුහුදු වෙරලක සිටී නම් මුහුද වෙරළ අවට පරිසරය පිළිබඳ සිතිවිලි පහලවනු ඇත. එය වැඩි දුර ගොස් අවසානයේ යහලූ හිත මිත්‍රාදීන් නොයෙකුත් සිදුවීම් පිළිබඳවත් සිතුවිලි පහල වනු ඇත. ඒ
මොහොතේ ඔබ වෙරලේ වැටී ඇති සිප්පි කටුවක් දුටුවේ යැයි සිතමු. එවිට ඔබේ සිතිවිලි නැවත එය මුල්කරගෙන පහල වනු ඇත. සිප්පිකටු වලින් තැනූ භාණ්ඩයක් පිළිබඳව හෝ කුඩා කල ඔබ සිප්පි කටු වලින් ක්‍රීඩා කල ආකාරයද ඒ ඔස්සේ ඔබේ දෙමව්පියන් පිළිබඳවද
සිතුවිලි පහල වනු ඇත.
 මේ සිතිවිලි පහල වන ආකාරයට උදාහරණයක් පමණි. එසේ නොමැතිව සෑම විටම ඔබ මුහුදු වෙරලේ සිටියහොත් සිතිවිල මේ ආකාරයටම පහල නොවනු ඇත. නමුත් ඔබේ සිත පිළිබඳව අවධානයෙන් සිටිය හොත් සිතිවිලි පහල වන්නේ මේ ආකාරයට බව ඔබට වැටහෙනු ඇත.
 ඔබේ සිතිවිලි පහල වන්නේ මෙසේ හේතු මුල් කර ගනිමිනුයි. ඔබ කිසියම් ගණනක් සෑදීමට හදන විට ඒ මොහොතේ ඔබට එම ගණන් පිළිබඳව ඔබ ඉගෙන ඇති දේ පිළිබඳ සිතිවිලි පහල වනු ඇත. ඒ සිතිවිලි මුල් වීමෙන් ගණන විසදීමට ඇවැසි සිතිවිලි පහල වනු
ඇත. නමුත් ඔබ ගණන් විසදීමට ඉගෙන නැතිනම් ඒ සම්බන්ධ සිතිවිලි ඔබට පහලවීමේ හැකියාවක් නොමැත. —මම දන්නෑ˜ ඔබ කියනු ඇත. ඔබට කිසිදු ගණනක් විසදීමට අවශ්‍ය තොරතුරු නොදනී නම් කෙතරම් දුරට උත්සාහ කළත් ඔබට එය විසදීමට නොහැක. මන්ද
අවශ්‍ය සිතිවිලි පහල නොවන බැවිනි. ඔබට සිතන්න පුලූවන්නම් එම ගණන විසදීමටද ඔබට හැකිවිය යුතුය.
 සිතිවිලි කුමන හෝ හේතුවක් මුල්කොට ගෙන පහල වන බව ඔබ තේරුම් ගත්තේද?
කුඩා කල සිට විවිධ දේ ඇසීමෙන්, දැකීමෙන්, ගද, සුවද, දැනීමෙන් ස්පර්ශ කිරීමෙන් හටගත් විවිධ සිතිවිලි ඔබ සතුව පවතී.
 අනාගතයේ ඔබ යම් කිසි සිදුවීමකට මුහුණ දෙන විට යමක් දකින විට එයට සම්බන්ධව පෙර ඔබ දැනීමෙන් ඇසීමෙන් දැකීමෙන් හටගත් සිතුවිලි ඒ මොහොතේ අවස්ථානු කූලව ඔබට පහලවනු ඇත. ඔබට කුඩා දරුවෙකු හමුවූවිට ඔවුන් සමග පලස්තීන අර්බුදය ගැන කථා නොකරන්නේ මේ නිසාය. කුඩා දරුවාට ගැලපෙන සිතිවිලි ඔබ තුල පහල වනු
ඇත. රැකියා කරන ස්ථානයක් ප්‍රධානියා සමග පවුලේ ප්‍රශ්න කථා නොකරන්නේ (බොහෝවිට) මේ නිසාය. මෙම සිදුවීම ඔබ බුද්ධිමත් ජීවියකු ලෙස පෙන්වයි.
 ඔබට මෙසේ යම් කිසි අත්දැකීමකදී පහල වන සිතුවිලි අතරින් එක් සිතිවිල්ලක් ප්‍රභලවීමෙන් ඔබ ඒ අනුව ක්‍රියා කරනු ඇත. එම සිදුවීමට සෑම විටම අනෙක් සිතිවිලි හේතුකරගෙනම ප්‍රභලව මතු වන්නකි.
 කිසිවෙකු සොරකමක් කල අවස්ථාවක් සලකමු. කිසිවකු නිවසකින් බඩු
සොරාගෙන පාරට පනිත්ම පොලිස් නිලධාරියෙකු ඔහුව දැක පසුපස පන්නන්නට විය. මේ අවස්ථාවේ සොරකම් කල මිනිසා තුල ඇතිවිය හැකි සිතිවිලි මොනවාද? ප්‍රධාන වශයෙන් පැන දිවීම පිළබඳ සිතිවිලිද පැනගොස් ෙබිරීම පිළිබඳවද මාර්ගය පිළිබඳවද සිතිවිලි පහල විය
හැක. එසේම පොලිස් නිලධාරියා අත ගිණි අවියක් තිබුනිනම් ඔහු වෙඩි තියන බවට තර්ජනය කලේ නම් නොදුවා බාරවීම පිළිබඳවද තම ජීවිතය බේරීම පිළිබඳවද සිතිවිලි පහන  විය හැක. ඔහුගේ දිවීම නොදිවීම තීරණය වන්නේ මේ සිතිවිලි වල ගැටීමෙන් හට ගන්නා
සිතිවිල්ල මතයි. මීට පෙර අයෙකුට මෙසේ වෙඩි තැබූ සිද්ධියක් භයානක සිතිවිල්ලක් ඇතිවුව හොත් ඔහු නොදුවා බාර විය හැක. මීට පෙර ඔහුට සොරකම් කර පුරුදු නම් බේරී  දිව යාම් පිළිබඳ සිතිවිලි පහලවීමෙන් ඔහු දිව යාමටද හැක. මෙසේ අවසාන සිතිවිල්ල මුල්
සිතිවිලි වල ගැටීමෙන් හටගනු ඇත.
 මුලින් මම කිසිවක් පිළිබඳව සිතන්න යැයි කියන විට ඔබ සිටියේ මට ඉදිරියේ  යැයි සිතමු. මගේ ඉල්ලීමට ඔබ කැමති වුනි නම් එය ඉටුකිරීමට විවිධ සිතිවිලි ඔබ තුල පහල වනු ඇත. පහලවූ දේ අතරින් ඔඛෙ සමහර දෙයක් පෞද්ගලික නම් එය මට නොකියන
ලෙසට ඒවා පිළිබඳව සිතිවිලි පහල වනු ඇත. මෙය කීමෙන් මොහු තුල මෙවැනි හැගීමක් ඇතිවේ යැයි වැනි සිතිවිලි ඔබ තුල ඇති වනු ඇත. ඔබට පහල වන එක් එක් සිතිවිලි අරභයාද මෙසේ සිතිවිලි පහලවී අවසානයේදී ගැලපෙන බවට සිතිවිලි පහල වුනු සිතිවිල්ලක්
ඔබ මට කියනු ඇත.  සිතිවිල්ලක් සැම විටම කිසියම් හේතුවක් නිසා උපදී එනම් හේතුවක් නොමැතිව සිතිවිල්ලක් පහළ විය නොහැක. එම හේතුවට අප අරමුණක් යැයි කියනු ලැබේ. අරමුණ ඔබ දකින දෙයක් දැනෙන දෙයක් ඇසෙන දෙයක් විදින දෙයක් හෝ මෙන්ම සිතිවිල්ලක් ද විය හැක.  ඔබට පහලවන සියලූම සිතිවිලි කිසියම් හේතුවක් මුල් කරගෙනම පහල වන බව තේරුම් ගැනීමට අපහසු නැත. ඔබ උපන්දා සිට සිදුවූයේ මෙසේ හේතු අනුව සිතුවිලි පහලවීමයි. පසුව එම සිතිවිලි නව අත්දැකීම් මුල්කරගනිමින් සිතිවිලි පහල විය. ඒවායින්
තව තවත් සිතිවිලි ඇතිවිය. නමුත් හොදින් තේරුම් ගන්න. නව සිතිවිලි යනුවෙන් පහලවන අමුතුම ආකාරයේ අලුත් සිතිවිලි නොමැත. ඒවා පරණ අත්දැකීම් අනුව පහලවූ සිතිවිලි, සිතිවිලි සමගද නව අත්දැකීම් සමගද මිශ්‍රවී ඇතිවන ඒවා පමණි.නමුත් අත්දැකීම් ද ඒවා
තේරුම් ගැනීමද පැරණි සිතිව්ලි මතම තීරණය ෙවි.
 ඉපදුනු අවධියේම කුඩා දරුවෙකුට මෙලොව පිළිබඳ අත්දැකීම් නොමැත. එම නිසා සිතිවිලි ඉතාමත් සුලූ ප්‍රමාණයක් තමුන්ට දැනෙන දේ අතරින් පහලවිය හැක. නමුත් කල්යන්නට යන්නට නිතර නිතර සිතිවිලි ඇතිවීමෙන් විවිධ කරුණු සම්බන්ධව ඔහුට සිතිවිලි
පහලවනු ඇත. උදාහරණ ලෙස ආහාර පිළිබඳව සිතිවිලි වලින්ද අනෙක් කරුණු පිළිබඳව සිතිවිලි නොමැති බැවින්ද දකින සමහර ආකාරයට නොසුදුසු ද්‍රව්‍ය පවා ආහාරයට ගැනීමට ඔහු පෙළඹිය හැක. මෙසේ එක් එක් අවස්ථා පිළිබඳව හේතු සිතිවිලි පහල වන ආකාරය
අනුව සොයා බලා තේරුම් ගැනීමට ගන්න.
 පුද්ගලයෙකුට බාහිර දේ පිළිබඳව දැනුම ලැබීම යනු ඒ ඒ දේ පිළිබඳව
සිතිවිලි පහලවීමයි. ළමයකු මොලොවට බිහිවූ පසු නොයෙක් දේ පිළිබඳව ඔහුට අත්දැකීම් වලින් ඒ ඒ දේ පිළිබඳව සිතිවිලි ඔහුට ඇතිවේ. මීලගට හමුවන අලූත් අත්දැකීමක් ඔහු තේරුම් ගන්නේ එනම් අලූත් අත්දැකීම් පිළිබඳ සිතිවිලි පහල වන්යේ මේ පැරණි සිතිවිලි අනුසාරයෙනි.   එනම් මුල් වතාවට මිරිස් කරලක් දකින දරුවෙක් එය තම අත්දැකීම් අනුව ස්පර්ශකර බලනු ඇත. ආහාර ගන්නා පුරුද්ද අනුව සපා කෑමටද පෙළඹෙනු ඇත. නමුත් එහි සැර දැනුනු පසු එය සැරබවට සිතිවිලි පහලවීමෙන් නැවත එය සිදු නොකරනු ඇත. ඔහුට
ඉන්පසු මිරිස් කරල හා පැහැය ඇති රසකැවිල්ලක් දුන්නද? ප්‍රතික්ෂේප කරනු ඇත. නමුත්  ඒවායේ වෙනස පිළිබඳ තේරුම් කරදුන් පසු හෝ උපායකින් රස කැවිල්ල කෑමට සැලැස්විමෙන් ඒ දෙකේ වෙනස පිළිබඳ සිතිවිලි පහල වනු ඇත. මේ සිතිවිලි ඔහුගේ අවබෝධයයි. අත්දැකීම් මදකම නිසා ඒවා සෑම විටම නිවැරදි නොවේ. අත්දැකීම් බහුලවීමත්
ඒවා පැරණි අත්දැකීම් සමග ගැටීමත් නිසා අලූත් දේ පිළිබඳව මෙම නිවැරදි සිතිවිලි පහලවේ.
 නමුත් අවබෝධය තමුන් අත්දැකීම් ලබාගත පරිසරය මත රදාපවතින්නකි.  එනම් කිසියම් කුඩා දරුවෙකු සොරුන් බහුල පරිසරයක හැදී වැඩේ යැයි සිතන්න.   ඔහුගේ ඥතීන් සියලූ දෙනාද වැරදි වැඩම කරයි නම් ඒවා පිළිබඳවම කථා කරයි නම් ඒවායේ වරදක් නොකියයි නම් දරුවාට පහල වන්නේද එම සිතිවිලි පමණි. ඔහු
වෙනත් හොද අත්දැකීම් නොලැබුනේ නම් වැරදි වැඩවල ආදිනව නොදුටුවේ නම් දුටුවාද අනෙක් අය එය සාමාන්‍ය දෙයක් ලෙස දුටුවේ නම් ඔහුද දිගින් දිගටම වැරදි ක්‍රියාවල යෙදෙනු ඇත. මන්ද දැනුම ලබා ගැනීම අතින් ඔහු අසරණයෙකි. ඔහුට පහලවන සිතිවිලි වැරදි
අත්දැකීම් මතට පදනම් වීම මෙයට හේතුවයි. ඔහු මින් මිදීමට කරුණු කීපයක් මුල්කොට ගෙන සිදුවිය හැක. එකක් නම් කිසිවකු විසින් ඔහුට සැබෑ තතු පහදා දිය යුතුය. ඒවායේ ආදිනව පිළිබඳව කරුණු පහදා දිය යුතුය. නොඑසේ නම් සොරකම් කර අසුවීමෙන් ලැඛෙන
විපාක දැකීමෙන් ඔහු ඉන් මිදිය හැක. මෙවන් යමක් සිදුවිනි නම් ඔහු ඉන් නොමිදෙනු ඇත.  සිතිවිලි පහල වීමටද ඔහු තුල ඒවා ඇතිවීමට හේතුවන සිතිවිලි තිබිය
යුතුය.

එනම් සමහර විට කෙනෙකු ඔහුට කරුණු අවබෝධකර දෙන විටද මීට පෙර එහි ආදීනව පිළිබඳ අත්දැකීමක් ඔහුට නොමැතිනම් එම සිතිවිලි නොමැති නිසා බොරුකීම හා බොරු කියන්නන් පිළිබඳව සිතිවිලි තිබේ නම් අනෙකා බොරුකාරයෙකු ලෙස හැගවෙන සිතිවිලි  පහලවී ඔහුව නොසලකා හැරීමටද හැක. එය ඔහුගේ අත්දැකීම්වල අඩු පාඩුවයි. ලැඛෙන දඩුවමට බියෙන් ඔහු ඉන් අත්මිදීමට හැක. නමුත් කිසිවක් අවබෝධයෙන් අත්හැරවිය හැකි නම් එය ඉතාමත්ම විශිෂ්ඨය.
 මෙවැනි කරුණු අනුව අප සියලූ දෙනා මෙවැනි අසරණයින්ය. අප
ලබාගන්නා අත්දැකීම් මත එනම් දකින අසන දැනෙන දේ අනුව පහල වන සිතිවිලි විනා වෙනත් දැනුමක් අපට නොමැත.
 නුඹ මෙච්චර විභාග සමත්වුන අයෙකු වෙලත් මෙවැනි වැරැද්දක් කලේ
ඇයි දැයි සමහරුන් සමහරුන්ට චෝදනා කරනු ඔබ අසා ඇති.
 මෙයට හේතුව වැරැද්ද කල තැනැත්තාගේ අත්දැකීම් වල අඩුපාඩුව විය
හැක. එනම් ඔහු කෙතරම් අධ්‍යාපනය ලැබුවද එය එක් පසකට පමණක් සීමාවීම මෙයට එක් හේතුවක් විය හැක. තමුන්ට ලැබුනු ලැඛෙන අත්දැකීම් ඇසුරෙන් පහලවුනු සිතිවිලි අනුව
පහලවන සිතිවිලි විනා සිතීමට හැකි අයෙකු නොමැත. මෙවැනි තත්ත්වයක් තුල ඔහු වැරදි කරුවකු නොවේයැයි අපට සිතිය හැකි වුවද ලබා දෙන දඩුවම මත ඔහුත් අනෙක් සමාජයත් එය වරදක් බවත් නොකල යුතු= බවත් තේරුම් ගනු ඇත. හොද මිනිසකු වීම පිළිබදව
ඉගැන්වීම අධ්‍යාපනයේදී වැදගත් වන්නේ මේ නිසායි. එය අන් සියල්ලටම වඩා වැදගත්ය. කුඩා දරුවකු ලොකුවත්ම ඔහු ලබන අති විශාල අත්දැකීම් ප්‍රමාණයද ඒවා මත පහල වන
සිතිවිලිද එම සිතිවිලි ගැටීමෙන් හටගන්නා සිතිවිලිද නිසා වැඩිවියට පත් පුද්ගලයෙකු තුල හට ගන්නට සිතිවිලි ප්‍රමාණය අනන්තය මෙම නිසා යම් කිසි පුද්ගලයෙකු කිසියම් දෙයක් ගැන තනිවම සිතා මීලගට ගන්නා පියවර කුමක්ද? එම පියවර ගන්නේ ඇයි යනුවෙන් තීරණය කිරීම
ඉතාමත් අපහසුය. සමහරුන්ට වැරැද්දක් පිළිබඳව අත්දැකීම් තිබුනද ඉන්කිසියම් ලාබයක් ලබයි නම් ඉන් ලැඛෙන සතුට පිළිබඳ සිතිවිලි වඩා ප්‍රභලව පහලවීමෙන් ඔහු වැරැද්ද සිදු කිරීමට හැක. මෙම නිසා සිතිවිලි අනුව කරුණු තේරුම් ගැනීමේදී කිසියම් ක්‍රියාවක් සිදුකිරීමට
ඇතිවන සිතුවිලි වලට අනන්ත හේතු තිබිය හැක. මෙහිදී අප සිදු කරන්නේ සරලව කරුණු තේරුම්කර ගැනීමයි.
මිනිසුන්ට සිතීමට අප දැන් දන්නා පරිදි, අප සිතා සිටි ආකාරයට සිදු නොකළහැකි බැවින්ද මේ කරුණු එක් පුද්ගලයෙකු වශයෙන් මෙම සමාජීය වශයෙන් සැලකීමේදීද ඉතාමත්
වැදගත්වේ. මිනිසුන් අද සමාජයේ පහත් බොළඳ දේට වඩාත් රැවටී ඇතැයි පැවසෙන කථා ඔබ අසා ඇති මෙයට හේතුව ඉහත සදහන් වුනු ලෙස අත්දැකීම් මද වීමයි. නිතර රස වින්දේ කුමක් ද? රස විඳින්නේ කුමක්ද? ඔහුගේ රස වින්දනය එය තුළට සීමා වේ. වෙනත් දැනුමක්
ලබා ගත හැකි මඟක් ඔහුට නොමැත.නමුත් මේවා සාපේක්ෂ බවද සිතන්න. එක් එක් අය තම අත්දැකීම් අනුව නිර්මාණ කරනු ඇත. ඒවා රස විඳින්නන් විසින් ද තමුන් ලැබූ අත්දැකීම් අනුව නිර්මාණය කරනු ඇත. ඒවා රස විදින්නන් විසින්ද තමුන් ලැබූ අත්දැකීම් මත පදනම් වී මෙය හොදය මෙය නරකය කියා ඒවා වර්ග කරනු ඇත. ඔවුන්ගේ
ක්‍රියාවන් මත අත්දැකීම් ලබා ගන්නා මීලග පරපුරද ඒවා මතම පදනම් වෙමින් තීරණ ගනු ඇත. ඉතිහාසයේ සිට ශ්‍රාස්තීය සංගීතය නොතිබුනේ නම් සමහරවිට අද සියලූ දෙනා රොක් සංගීතය පමණක් රසවිදිනවා විය හැකියි. නොඑසේ නම් කිසියම් හේතුවක් මත සද ඇති රැයක
බල්ලන් උඩුබිරලීමද මිහිරි සංගීතයක් සේ සැලකීමටද හැක. වෙනත් අත්දැකීම් නොමැතිවට පවතින කුමන හෝ දෙය යහපත් දෙය වනු ඇත.
 පිදෙල් කැස්ත්‍රෝ හො එවැනි කිසිවකු වරක් මෙවැනි ප්‍රකාශයක් ගන බව මම අසා
තිබේ. එනම්
—විප්ලවය ඇතිවන්නේ දුප්පත්කම නිසා හෝ පෝසත්කම නිසා හෝ නොවේ දුප්පත් කම අසල පෝසත්කම කැපීපෙනෙන විටය˜.
 මෙය ඉතාමත් විශිෂ්ඨ කියමනකි. පිරිසක් ඉනට වස්ත්‍රයක් පමණක් සහිතව අද කාලයේ ඒවා සලකන ආකාරයට ඉතාමත් දුගී ලෙස ආහාර පමණක් සපයාගෙන ජීවත් වේ නම්ද තවත් පිරිසක් අද කාලයට අනුව සුඛෝපභෝගී ලෙස නමුත් මුල් පිරිසට නොපෙනෙන දුරින් ජීවත් වෙයි යැයි සිතමු. දුගී පිරිසට පොහොසතුන් පිළිබඳව අත්දැකීම් නොමැති නිසා
කිසි විටෙක ඔවුන්ට තම තත්ත්වය පිළිබඳව සිතිවිලි ඇති නොවේ. නමුත් ඔවුන් පොහොසතුන් දුටුවහොත් ඔවුන් ආකාරයටම විමට උත්සාහ ගනු ඇත.

 මෙතෙක් දුරට ඔබ මට සමගද? මන්ද යත් අපට තව බොහෝදුරට යාමට
තිඛෙන බැවිනි. නැවතත් අපි සිතිවිලි ඇතිවන ආකාරයට යොමු වෙමු. මෙතෙක් අප කථා කල කරුණු වලට අනුව සියලූම සිතිවිලි හේතුවලට අනුව ඔබට තේරුම් ගත යුතුය ඔබ කිසියම් අත්දැකිමකට මුහුණදුන් විට ඔබට ඇතිවන්නේ එම අත්දැකීමට සම්බන්ධ සිතිවිලිය.
ඒ සම්බන්ධයෙන් මීලගට ඔබ ගන්නා පියවර මේ පහලවූ සිතිවිලි අනුව තීරණය වේ. එම පියවර ගැනීමට සිතිවිල්ලටද කිසියම් සිතිවිල්ලක් හේතුවී ඇත. එම සිතිවිල්ල ඇතිවීමටද තවත් සිතිවිල්ලක් හේතුවී ඇත.
 ඔබ පාරේ තනිව ගමන් කරණ විට බිම වැටී ඇති රන් මුදුවක් දුටුවේ යැයි
සිතමු. මේ මුදුව සම්බන්ධයෙන් දැන් ඔබට පහල වයි හැකි සිතිවිලි මොනවාද? අප උදාහරණ ලෙස ගනිමු. එහි පැහැය තව ලස්සන පිළිබඳව සිතිවිලි ඔබ තුල පහල වනු ඇත. දැන් බලන්න ඔබ පාරේ තිඛෙන අසූචි ගොඩක් දුටුවේ නම් ඒ පිළිබඳ ඔබට මේ සිතිවිලි පහල නොවේ. එවිට එම සිතිවිලි පහල වීමටද හේතුවක් තිබිය යුතුය. රත්තරන් මෙන් රන්
පැහැය පිළිබඳ ඔබට කලින් සිතිවිලි තිබුනු බැවිනි. එසේම මුදුවේ වටිනාකම පිළිබඳව සිතිවිලිද පහල වනු ඇත. ඒවාටද පෙර ඔබ රන් පිළිබඳව ඇති සිතිවිලි හේතුවනු ඇත. එසේම මෙය ලබාගෙන පරීක‍ෂා කොට රත්තරන් බව දැනගන්නේ යැයි සිතමු. (ඔබේ මේ සෑම
ක්‍රියාවකටම සිතිවිල්ලක් මූලක වේ.)
 මීලගට මෙය අයිතිකරු සොයා බාර දෙම්ද නොදෙම්ද යන සිතිවිලි පහල විය හැක. ඔබ කුඩා කල සිට දහම් අධ්‍යාපනයක් ලැබුවේ නම් එම සිතිවිලි ප්‍රභලවද නැතිනම් මුලින් අප කථා කල සොරුන් ඇසුරේ තැනුනු පුද්ගලයා මෙන් නම් එය තමා සතුකරගෙනම යාමටද හැක. මෙවන් අවස්ථාවක අයෙකු තුල පහල වන සිතිවිලි අප්‍රමාණය. ඒවාට හේතු
ලෙසද ඒවායින් තවත් සිතිවිලිද වශයෙන් සිතිවිලි පහල ෙවි. නමුත් කිසිදු සිතිවිල්ලක් ඒ මොහොතේ කිසිවක් හේතුවක් නොමැතිව පහල විය නොහැක.මේ පිළිබඳව තේරුම් ගත හැක්කේ ඔබම සිතා බලා තීරණය කිරීමෙනි.
මදකට නවතින්න. ඔබ පවසනු ඇති ඔව් ඔබේ පැනය මම දනිමි. මීට පෙර ඔබේ මනසේ පහලවූ පැනයක් මම මුලින්ම විසදා සිටිමි. —මේ කරුණු අනුව ඔබ කියන්නේ මට සිතිය නොහැකි බවයි. මෙහි තේරුම මමත් යන්තරයක්ම වැනි බවද ˜, ඔබට මේ ප්‍රශ්ණය මුලින්ම නැගුණා නොවේද? පිළිතුර කනගාටුවෙන් වුවද බොහෝ දුරට ඔව් යන්න ෙවි. නමුත් බොහෝ දුරට යන්න මතක තබා ගන්න.
ඔබ කයින් අත්දැකීම් ලබයි ඒ අනුව මනසේ සිතිවිලි ඇතිවේ. නැවතත් එම සිතිවිලි අනුව කයින් ක්‍රියාකරයි. බලයි දකියි. අසය. විදියි, නැවතත් ඒවා අනුව සිතිවිලි පහල වේ. මුල් සිතිවිලි අලූත් සිතිවිලිද අනුව නැවතත් ක්‍රියාකරයි. නැවතත් සිතිවිලි පහලවේ. නැවතත් ඔබ මෙවැනි යන්තරයකි.
අසනීප වුනු කිසිවකු ඒ සදහා ප්‍රථීකාර ලබන විටම තවත් ස්ථානයක හාස්කම් ඇතැයි මුලාවී එයට පුද පූජා කරයි යැයි සිතන්න. අවසානයේදී ඔහු සුවපත් වේ. ඔහු සුවපත් වූයේ නිසි ප්‍රථීකාර ගැනීම නිසා වුවද ඔහු සිතන්නේ තමුන් විසින් සිදු කල පුද පූජා නිසා සුවපත්වූ බවයි.
මෙලෙසම අප කිසියම් දෙයක් සිදුකරන විට හෝ සිදුකල විට එය අප විසින් සිතා කරන බව හෝ කරන ලද බව සිතයි. නමුත් සිදුවූයේ අවස්ථාව අනුව සිදුවුනු දේ අප විසින් සිතා කරන
ලද්දක් බවට සිතිවිල්ලක් පහල වීමයි. සියල්ල අනිත්‍යය සියල්ල වෙනස් වේ. මෙම වෙනස් වීම අනුව අප තුල මම යන හැගීම ඇතිවී තිඛෙන්නේ ඇතිවන්නේ මෙසේයි.
ඔබේ මීලග ප්‍රශ්ණය —ඔබට සිතීමට නොහැකිනම් මට ඔබ සිතා බලන්න යැයි කියන්නේ ඇයි ?˜.
නමුත් මේ බලන්න මම ඔබට සිතා බැලීමට නොකීවේ නම් ඔබ ඒ ගැන සිතා බලයිද? සමහරවිට ඔබ ඒ ගැන සිතා බලනු ඇත. නමුත් මම ඒ ගැන සිතා බැලීමට යැයි කී නිසා ඔබ ඒ ගැන බොහෝ විට සිතා බලනු ඇත. ධර්ම දේශණ හෝ අවවාද දීමේ හෝ වැදගත්කම බට වැටහුනිද? ඔබ තුල සිතිවිලි පහලවන එක් විදියක් නම් අත්දැකීම් හේතුකොට ගෙන සිතිවිලි පහලවීමයි. අනේක විදි සිතිවිලි හේතුකොට ගෙනද සිදුවිය හැක.
ඉහත මම ඔබට සිතා බලන්න යැයි කීම ඔබට අත්දැකීමකි. එයින් ඔබ කියවූ කරුණු පිළිබඳ සිතා බැලීමට පොලඹවන සිතිවිල්ලක් ඔබ තුල පහලවනු ඇත.
ඒ අනුවද අනෙක් සිතිවිලි වල බලපෑම තීරණය වන ආකාරය මතද ඔබ ඒ ගැන සිතා බැලීමට පෙළඹිය හැක. එනම් ඔබ මෙතෙක් දැන සිටි කරුණු දැන් දැනගත් කරුණුද හේතුකොට ගනිමින් අලූත් සිතිවිලි පහලවිය හැක. එනම් මෙය වඩාත් තේරුම් ගැනීම පිළිබඳව සිතිවිලි මෙන්ම අත්දැකීම් අනුව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ සිතිවිලිද විය හැක.
තම පැරණි අත්දැකීම් අනුව නව අත්දැකීම් තේරුම් ගැනීම පිළිබඳව සරල කථාවක් මෙසේය. පෙර මෙන්ම අදත් ලංකාවේ සමහර හරකුන් දක්කන්නන් උන් දක්කන්නේ ජඃ පිට මඃ යනුවෙනි. වරක් මෙය අසා සිටි සුදු ජාතිකයෙකු තම රටට ගොස් කියා සිටියේ ලංකාවේ
ගවයින්ට දමා ඇත්තේ තම භාෂාවේ නම් බවය. එනම් ජැක් පීටර් හා මැක් පීටර් යනුවෙනි.
කතාව සත්‍යය වුවද අසත්‍ය වුවද මෙහි සිදුවීම බලන්න. සුදු ජාතිකයාට මෙරට පිළිබඳ මෙහි ජඃ පිට මඃ පිළිබඳව අත්දැකීම් නොමැත. ඔහුට තිබුනේ තම රටේ නම් පිළිබඳව මතකයයි. ඔහු තම අත්දැකීම් තුලින් මේ වාක්‍යය තේරුම් ගත් ආකාරයයි ඒ. ගුරුත්වාකර්ශණය යන සංකල්පය මුලින්ම ඉදිරිපත් කෙරුවේ සර් අයිසැක් නිව්ටන් විසිනි. ඔහුට අනුව පෘථීවිය මත ඇද ගැනීමේ බලයක් ඇත ආකර්ශණයක් ඇත.
ආකර්ශණයක්? අකාර්ශනය යන අදහස ඔහුට පහල වන්නට ඇත්තේ කුමන හේතුවකින්ද?
කුමන අත්දැකීමක් මෙයට හේතු වන්නට ඇද්ද? මිහිපිට ඔබ ආකර්ශණයන් දකින අනෙක් සිදුවීම් මොනවාද? ඒ කලය දෙස බලන විට මට සිහියට එන්නේ එකම දෙයකි. ඒ චුම්භකත්වයයි. සර් නිව්ටන් චුම්භකයකට යකඩ ඇදෙනු නිසැකවම දැක තිබීමට ඇති
අදහස ගුරුත්වාකර්ශණය පැමිණෙන්නට ඇත්තේ නිසැකවම චුම්භකත්වය තුලිනි. 
මේ පිළිබදව පසු කලෙක කිසිවෙක් මට නිව්ටන් විද්වතාගේ ආකර්ශණ බලය යන්නට හේතු වූයේ අශ්වයින් බඩු ඇදගෙන යාම වැන්දේ දැකීම තුල ඇති වුනු අදහසක් බවයි. එය එසේ වුවද එයද පෙර අත් දැකීමක්ම වේ.
අද ලෝකයේ විද්‍යාත්මක මත සියල්ලට පදනම්ව ඇත්තේ මෙවැනි පෙර අත්දැකීම්ම වේ. කිසිවකු ඔබට විද්‍යාත්මක මතයක් මෙය ඉතා ගැඹුරුය. ඔබට තේරුම් ගැනීමට අපහසුයැයි කියයිද එම මතය සරල කොටස්වලට ඛෙදා දමන්න. එම මතය මත හා ඔහු පිළිබඳව ඔබට වැටහීමක් ලැඛෙනු ඇත. නමුත් සංකල්ප සරල අත්දැකීම් තුලින් පහල වුවද පසුව තම තමන් සංකල්ප ඒවටා ගොඩනැගීමෙන් මුල් සංකල්පය වැසී යනු ඇත. එයට පාදක වුනු අත්දැකීම සොයා ගැනීම මෙවිට අපහසුවේ. නමුත් මා දකින පරිදි මේ සෑම ගැඹුරු විද්‍යාවක්ම තුලම සරල බව පැවතිය යුතුය. ඔබම එය සොයා බලන්න.
බෞද්ධ කථා වස්තුවලට අනුව ලෝකය මත මිනිසා පහලවීමෙන් පසු ලොව තුල පළමු බොරුව කීවේ චේතිය නම් රජ කෙනෙකි. එදා බොරුව යනු කුමක්දැයි දැක ගැනීමට සෙනග එක් රැස්වී බලා සිටිබව පැවසේ. ඒ කාලය අනුව මෙය හුදෙක් ප්‍රවාදයක් පමණක් විය නොහැක. කිසිවකු බොරුවක් යනු කුමක්දැයි දැන සිටියේ නැත. චේතිය රජතුමා බොරුව
නිර්මාණය කලේ කෙසේදැයි මෙහිදී ඔබ මගෙන් ප්‍රශ්ණ කරනු ඇත. නව සිතිවිලි හටගන්නේ පැරණි සිතිවිලි සමගම මිශ්‍ර වීමෙන් හා නව අත්දැකීම් / අරමුණු සමග මුසුවීමෙනි. සර් නිව්ටන්ගේ ආකර්ශණය සිතිවිලි තුලින්ම ඇතිවිය හැකිද? නමුත් බොරුව එසේ නොවේ. සිතා බලන්න.
බාහිර පරිසරයේ අරමුණු වැඩි වන්නට වන්නට සිතිවිලි පහල වීමද ඒවා මිශ්‍රවීමද වැඩිවේ. එවිට සත්ත්වයා තව තවත අරමුණු නිර්මාණය කරයි ඒ තුලන් තව තවත් සිතිවිලි ඇතිවේ. මෙය වැලැක්විය නොහැක. මුලින් ලෝකය තුළ ආහාර ගැනීමට පමණක් සිටි සත්ත්වයා අද වන විට කොතරම් අරමුණු ප්‍රමාණයක් තුල සිතිවිලි ප්‍රමාණයක් තුල ගිලී
ඇත්ද? කෙමෙන් බොරුවෙන් සොරකමින් පටන් ගත් ලෝකය සිතිවිලි මිශ්‍රවීම තුල අද තත්ත්වයට පත්ව ඇත. අද මෙසේ නම් අනාගතය කෙසේ වේ දැයි ඔබට සිතාගත කළ හැකිද? මෙයට ප්‍රධාන හේතුව නව අරමුණු ලොව තුල නිර්මාණය කිරීමයි. අරමුණු නිර්මාණය අඩුවුවහොත් මිනිසුන් විනාශයෙන් ගැලවෙනු ඇත. අරමුණු නිර්මාණය යනු කුමන හෝ සිතිවිලි පෙලකින් බිහිවන නව නිර්මාණයකි. මේ තුල අද ලොව තුල මිනිසකු කරන වරදක් දැක ඔබ සේ නොකරන්න යැයි එම අපරාධය කල
මිනිසා වෙත කියා දීම එකකි. එය සියලූම මිනිසුන් උදෙසා කීම තවත් දෙයකි. එය එම වරද තවදුරටත් කිරීමට තවෙකෙකුට නෙදන්නා අයෙකුට කියා දීමකි. පත්තර තුලින් හෝ වෙනත්
මාධ්‍ය තුලින් හෝ අද ඔබ දකින අපරාධ විස්තර වනාහී හෙට දවසේ අපරාධවල පෙරවදනකි. හෙට දවසේ අපරාධ වලට ඔබට කරන ආරාධනයයි. 
නමුත් අද තිඛෙන අරමුණු ප්‍රමාණය දෙස බලන විට අපට කල හැක්කේ මිනිසුන් විනාශයට යන ගමන මදකින් වත් පමා කිරීම පමණි. නමුත් නැවැත්වීම කිසිදාක නොකල හැකි වෙයි.
පැවිදි වියට පත්වන බෞද්ධ භික්ෂුවක් සියලූ දේ අතහැර මහණ වන්නේ මේ නිසාය.
අරමුණු අවම කර ගැනීමද සදහාය. දැන් අපි නැවතත් සිතිවිලවල ක්‍රියාකාරිත්ව බලමු. නව සිතිවිලි පැරණි සිතිවිලි මිශ්‍රවී
ඇතිවන බවට හොදම උදාහරණයක් නම් ඔබ සිතින් මවා ගන්නා හෝ සිහිනෙන් දකින රූපයි. ඔබ කවර ආකාර මුහුණක් අලූතින් සිතාගත්තද දුටුවද එය ඔබ දැක ඇති සුපුරුදු මුහුණුවල කොටස්වලට වෙන්කර ගැනීමට ඔබට හැකි වනු ඇත. මා දුරකථනයකින් ඔබ
අමතා කිසිවකුගේ රූපයක් ඔබට විස්තර කරනවායැයි සිතන්න මෙවිටද ඔබ තුළ මා කියන රූපයට සමාන රූප පිළිබඳව රූප මතුවී ඒවා මිශ්‍රවී මට කියන රූපයට සමාන යැයි ඔබට සිතෙන රුවක් ඇතිවනු ඇත.
සත්ත්වයාට අප මේ සිතා සිටින ආකාරයට සිතීමට නොකළහැකි බව තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්ය. ඔබ දුටුවද නොදුටුවද මෙය තුල ඇති විශාල රහස් ප්‍රමාණයක් ගැබ්ව පවතී.
දැන් අප තුළ සිතිවිලි පහල වන ආකාරය පිළිබඳව කථා කලෙමු. ඒවා අවස්ථාවට අනුව පහල වන බව ඔබ දැන් තේරුම් ගෙන ඇති. දැන් මට මෙය කියන්න. මේ සිතිවිලි ඔබ තුල ඇති කෙරුවේ කව්ද? ඔබ මෙලොව ඉපදුනු පසු මේ ගසය, මේ හිරුය,මේ මිනිසා යැයි හදුන්වා දෙමින් මේ සිතිවිලි ඔබ තුල පහල කෙරුණා විනා ඔබ විසින් මේ සිතිවිලි ඇතිකර ගනු නොලැබූවකි. ඒවා ඔබ විසින් කරන ලද නිර්මාණ නොවේ. මා කීදෙය තේරුණාද ඔබ ලෝකය දකින්නේ ඔබ තුල සිතිවිලි පහල වන්නේ ඔබ ඉපදුනු පසු ඒ පරිසරය තුලින් ඔබ තුල පහල
කෙරවු සිතිවිලි තුලිනි. දැන් ඔබට සිතීමට බැරිබවට අපි කරුණු දැක්වූයෙමු. නමුත් දැන්
පෙනෙන්නේ කුමක්ද? ඔබ තුල ඒ පහලවන සිතිවිලි පවා ඔබේ නොවන බවයි. ඔබ විසින් හෝ ඔබේ දෙමව්පියන් විසින් ඒවා නිර්මාණය නොකරන ලදී. ඔබ වනාහී අතීතයේ සිට අනාගතය ගලා යන අනන්ත වූ සිතිවිලි ප්‍රමාණයකි. මම යනුවෙන් ඇතිවුනු නමුත් සැබැවින් නොපවතින) මායාවකි.
ලෝකයේ සත්ත්වයාගේ මුල කුමක්දැයි පැනයට බුදු දහම දෙන පිළිතුර වන නොපෙනෙන කෙලවර යනු මේ චිත්ත ප්‍රවාහයයි. සැබෑවටම මුලක් සෙවීමට සත්ත්වයකු නොමැත.

සංකල්පයක් යනු කුමක්ද?

සංකල්පයක් යනු කුමක්ද? කිසියම් සිදුවිමක් දකින ඔබ මෙය සිදුවූයේ මෙසේ යැයි තිරණය කරයි. මෙම සංකල්පයකි. ඔබ පාරේ ගමන් කරන විට පාරේ වැටී ඇති කිසියමි දුලබ දෙයක්
දකී. මෙය දුටු විට මෙය මෙතනට පැමිණි ආකාරය පිළිබඳව ඔබට සිතිවිලි පහල ෙවි.අවසානයේ අවට සාක‍ෂි ඇතොත් ඒවාද මුල් කර ගනිමින් මෙය මෙසේ පැමිණියේ යැයි ඔබ නිගමනය කරයි. නමුත් නියම සත්‍ය ඔබ දන්නේ නැන. ඇත්තේ සිතින් කළ නිවැරදි යැයි සිතන
සිතිවිල්ලකි. මෙය සංකල්පයකි.
ලෝකය දකින අප මෙය සත්‍යය ලෙසම මෙහි පවතින්නක් ලෙස සිතමු. අපට ඇසෙන, දකින,විදින ලෝකය සැක කිරීමට හේතුවක් නොමැත. නමුත් සමහර සිදුවීම් අපට තේරුම්ගත නොහැකි ආකාරයට සිදුවේ. එවිට එය පැහැදිලිකර ගැනීමට අප සංකල්ප බිහි කරනු ලැබේ.
සමහර මිනිසුන් අතීතයේ අකුණු ගසන විට එය දෙවිවරුන් සිදුකරන ක්‍රියාවක් ලෙස සිතූහ. ලෝකය පැතලි බවට ඔවුන් තුල සංකල්පයක් විය.
විද්‍යාව යනුවෙන් අප අද කථා කරන දෙයද මෙවැනි සංකල්පයි. පුද්ගලයකු තුල පහල වන
සිතිවිලි ඔහුගේ අත්දැකීම් මත රදා පවතින බව අප මුලින් දැක්වූයෙමු. මේවායින් පරිභාහිරව
ඔහු තුල පහලවන අමුතු සිතිවිලි නැත. එනම් හිටි හැටියේ හේතුවක් නොමැතිව සිතිවිලි පහල
නොවේ. මෙම නිසා කිසියම් පුද්ගලයකු කිසියම් සිදුවීමක් දුටු විට එය විස්තර කරන්නේ තම
අත්දැකීම් මත පදනම් වෙමිනි. තමුන් ඇසූ දෙය දුටු දෙය විදි දෙය හා දැනුනු දෙය මත පදනම්
වෙමිනි. මෙම නිසා එක් එක් පුද්ගලයා එක් එක් සංසිද්ධි විස්තර කරන ආකාරය එකිනෙකට
වෙනස්ය. එක් අයෙකුට සද තමුන් ඉගෙන ගත් දේ අනුව ග්‍රහවස්තුවක් වන විට තවත්
අයෙකුට තම සමාජයේ පිළිගැනීම් අනුව සද යනු දෙවිකෙනෙකි. අයෙකුට අකුණ ගැසීම
ආරෝපණය වනු වලාකුලූ නිසා සිදුවන්නකි. අයෙකුට එය තමුන්ගේ පව් වලට සිදුවන දෙයකි.
නමුත් අකුණේ හානිය දෙදෙනාම දනී. අකුණු ගසන විට දෙදෙනාම ආරක්ෂක ස්ථානයකට දුවයි.
නමුත් එකම සිදුවීම විවිධ අත්දැකීම් අනුව ඔවුන් විස්තර කරන්නේ වෙනස් ලෙසයි. අප
දකින්නේ අපගේ සිතිවිලිම යැයි අප මුලින් කථා කලේද මෙයමයි. අද අප විද්‍යාව ලෙස
හදුන්වන දෙය උපත ලැබීම කොහේ සිදුවුනද පෝෂණය වූයේ බටහිරිනි. පෙරදිගට වඩා
බටහිර සංස්කෘතියද එම නිසා සිතන ආකාරද වෙනස්ය. බටහිර විද්‍යාව යනු මෙසේ ඔවුන්
විසින් තම අත්දැකීම් මත කාලයක සිට ගොඩනැගුනු දේය. ඔවුන්ගේ සංස්කෘතිය තුල
නොමැතිවීම නිසාම සිතිවිලි වල බලයක් තිබේ, පුනර්භවයක් තිබේ වැනි කාරණා බටහිර
විද්‍යාවෙන් සෘජුවම ප්‍රතික්ෂේප විය. නමුත් පෙරදිගදී මේවා සැබෑ බවට මුල්බැස ගෙන තිබූ
කරුණුය. අද බටහිර විද්‍යාව ඉගෙනගත් සමහරුන් ඒ මත පිහිටා මෙවැනි කරුණු බොරු ලෙස
බැහැර කරති. නමුත් ඔවුන් නොදන්නා දෙය වන්නේ මෙම සංකල්ප බිහිකිරීම් අනුව බටහිර
සංස්කෘතිය තුලද මෙවැනි සංකල්ප තිබුනේ නම් ඔවුන්ගේ අද විද්‍යාව නැමති සංකල්ප තුලද
මේවාට සාක්ෂි සපයන දේ අඩංගු වනු ඇතිබවයි. සමහර පුද්ගලයින් අප වනාහී යථාර්තවාදීන්
යැයි සිතමින් දකින දේ අසන දේ විදින දේ අනුව පමණක් ලෝකය යන්න තේරුම් ගැනීමට
උත්සාහ කලද තමුන්ගේ සිතිවිලිවල සෑම විටම වහලූන් වේ.
වෙනස් පාරවල් දෙකකින් පැමිනි පුද්ගලයින් දෙදෙනෙකු ඉතාමත් අන්ධකාර මාවතකට පිවිසීම
සලකන්න. දෙදෙනාම ගමන් ගන්නේ එකම පාරේ වුවද ඔවුන් කලින් පැමිණි මාර්ග දෙකේදී ලැබූ
අතිදැකීම් අනුව මේ මාර්ගය පිළිබදව පරීක්ෂාකාරී වන ආකාරයද ඒ පිළිබදව තීරණ ගැනීමද
වෙනස්ය.
මෙසේ සංකල්ප වල පිහිටා ලෝකය දැකීම හරියටම පාට කන්නාඩියකින් ලෝකය දැකීමක්
වැනිය. නිල් කන්නාඩියක් දැමූ විට නිල් පාටින් ලෝකය පෙනේ. කන්නාඩිය යනු සංකල්පයයි. 
අප බොහෝදෙනා දමා ගෙන සිටින කන්නාඩියේ පාට බටහිර විද්‍යාවයි. එම නිසා අපට ඒ
පාටින්ම ලෝකය පෙනේ.
මෙම ලිපි මගින් අප සිදුකරන්නේද සංකල්ප බිහි කිරීමකුයි. නමුත් මෙහිදී එක් වෙනසක් ඇත.
අප සංකල්ප නිර්මාණය කරා ලෙස ගැනීමට වඩා සංකල්ප පැහැදිලි කර ගැනීමට උත්සාහ ගත්
බව දැක්වුව හොත් එය වඩා නිවැරදි යැයි සිතිය හැක. අප උත්සාහ කලේ ලෝකය පාට පාටින්
දැකීමට හේතුව කන්නාඩියේ වීදුරු පාට වී තිබීම බව අවබෝධ කර ගැනීමටයි. නමුත් ගැටලූව
වන්නේ මේ කන්නාඩියද එහි වීදුරු වල කිසියම් පාටක්ද නොමැතිව අපට ලෝකය දැකීමට
නොහැකි වීමයි. කන්නාඩියේ වීදුරු පාට බව අප දුටුවේද පාට වීදුරු තුලිනි. එයද සංකල්ප
නිර්මාණයක්ම වේ. අප ඉපදී ඇත්තේ මේ පාට කන්නාඩිය සමගින්මය.
තම අත්දැකීම් අනුව සත්ත්වයින් කුමන සංකල්ප බිහි කලත් එහි සීමාවක් පවතී. සත්ත්වයින්
සියලූ දෙනා බොහෝ කරුණු වලින් සමාන අතර ඔවුන්ව වෙනස් තත්වයන්ට පමුණුවා ඇත්තේද
වෙනස් වෙනස් දේ දකින්නේද ඔවුන්තුල ඇති මේ සිතිවිලි මගිනි. කුමන සංකල්ප තුල ජීවත්
වුවත් සියලූ දේ වෙනස් වීම ස්ථීරය සත්ත්වයින් මියයාම ස්ථීරය. ජීවත්වීම තුල සැප දුක් විදීම
සියලූ දෙනාට පොදුය.
අප කථා කළ ලෙසට සත්ත්වයා තුල ඇති සිතිවිලි අනුව ඔවුන් මෙය මෙසේය, මෙය මෙසේය,
යනුවෙන් සංකල්ප බිහි කරයි. නමුත් ඔවුන් තුල එම සංකල්ප බිහි කිරීමට පැවති සිතිවිලිද
සංකල්පම වේ. සත්ත්වයා නොදන්නා දෙය වන්නේ මෙයයි. මෙසේ පවතින සංකල්ප මුල් කර
ගෙන සිතිවිලි බිහිවීමෙන් තව තවත් සංකල්ප ගොඩ නැගේ. මෙසේ අද සිටින ලෝකය සංකල්ප
රාශියක එකතුවකි. ලෝකයම සිතිවිලි වල නිර්මාණයකි. නමුත් මේ සංකල්පයේ මුලක් සොයා
ගත නොහැක. මෙය කෙසේ ඇතිවුනිද යන්න පිළිතුරක් නොමැති පැනයකි. අපට එය ප්‍රත්‍යක්ෂ
නොවේ. මෙය ඔබට මුලින් පැහැදිළි වීමට ඇත. සත්ත්වයාගේ සිතිවිලි වල ඔහු දැනුවත්වත්
නොදැනුවත්වත් මෙම සංකල්පය නිර්මාණය කර ඇත. එනම් සංකල්ප සම්මත වී ඇත.
එලෙසම අද ඔබ බිහිකරන කිසියම් සංකල්පයක්වේද එයද කාලයාගේ ඇවෑමෙන් සම්මතයක්
විය හැක. එය සම්මතයක් වීම තුළ එය යථාර්ථයක්වේ. එය බොරුවක් බවත් සංකල්පයක්
බවත් අවබෝධ කරගැනීම අපහසුවේ. අපගේ සිතිවිලි සෑම විටම මෙහෙයවන්නේ කිසියම්
සතුටක් වින්දනයක් සොයමිනි.මේ තුළ සමහර සංකල්ප අප විසින් නොසිතාම බිහිවේ. එසේම
සමහර සංකල්ප වැරදි වැටහීම් නිසා ඉබේම බිහිවේ.

පෙර එක් පන්සලක ස්වාමීන් වහන්සේලා භාවනා කිරීමට වාඩිවූ විට බළලෙකු කෑගසන්නට විය.
එවිට නායක ස්වාමීන්වහන්සේ ඌව බැද දමන ලෙස නියෝග කලේය. ඉන්පසුව භාවනාවේ
යෙදුනහ. පසුදාද ඔවුන් භාවානාවටම වාඩිවන විට ද බළලා කෑගැසුවෙන් එදාද ඌව බදින ලදී.
මෙසේ මෙය දිගු කලක් සිදුවුනු අතර මින් පසු බළලා කෑගැසුවද නැතද ඌව භාවනාවට පෙර
බදිනු ලැබිනි. එම බළලාගෙන් පසු ගෙනා බළලාටද එම ඉරණම සෑම විටම භාවනාවට පෙර
අත්විය. මෙසේ මෙම නායක ස්වාමීන්වහන්සේලා බොහෝ දෙනෙකුගේ ඇවෑමෙන් පසු බොහෝ
කලකට පසු අවුරුදු සිය ගණනකට පසු එහි එක් භික්ෂූන් වහන්සේ නමක් තම පොතක සෑම
විටම භාවනාවට පෙර බළලෙකු බැද දැමිය යුතු බව දක්වා තිබුනි.



ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊජිප්තු පිරමීඩ වලින් සොයාගත් පිටසක්වල ජීවියෙකුගේ
ඡායාරූපයක් යැයි අවුරුදු ගණනාවක් ලොව පුරා විශ්වාස කෙරුනු රූපයකි. නමුත් පසුව
මෙය මල් බදුනක රූපයක් විකෘතිවී පෙනීමක් බව


පරිඝනක ඇසුරෙන්වෙනස් කර බැලූ විට
චිත්‍රය පැහැදිලිවිය.එය මල්බදුනකි.

නමුත් මිනිසුන් මෙය පිටසක්වල ජීවියෙකුගේ රූපයක් යැයි සිතුවේ ඇයි? මෙම ලොකු ඇස් හා අමුතු මුහුන නිසාය. නමුත් ඉහත රූපයේ ව්‍යාජ බව ඔප්පු නොවී නම් එය තවත් සංකල්පද සමග සමහරකුට පිරමිඩ තැනුවන් සෘජුවම පිටසක්වල ජීවීන් පිරිසක් සමග සම්බන්ධකම් පැවැත්වූ බවත් එම ජීවියකුගේ රූපය පිරමිඩි බිත්ති මත ඇද ඇති බවත් සම්මත සංකල්පයක්, යතාර්ථයක්, වීමට තිබුනි.
සිත සෑම විටම තමාගේ සතුට සොයා යන නිසා සංකල්ප බිහිකල තැනැත්තාට සෑම විටම තම සංකල්පය නිවැරදි යැයි පෙනෙයි. චීන උපමා කථාවකට අනුව එක් මිනිසෙකු සතු වටිනා
භාණ්ඩයක් වරක් කිසිවෙකු විසින් සොරා ගනු ලැබිණි. ඔහුට ඒ ගැන අසල්වැසියෙකු පිළිබඳව සැක ඇතිවිය. එතැන් සිට ඒ මිනිසා දකින විට ඔහු ඇවිදින්නේද සොරෙකු ලෙස යැයිද බලන්නේ සොරෙකු ලෙස යැයිද ඔහුට පෙනිනි. නමුත් බඩු සොරාගත් තැනැත්තා පසුව අසුවිය.
ඔහු වෙනත් අයෙකි. එදා සිට අසල්වැසියාගේ සොර හැසිරීම් ඔහුට නොපෙනිනි.

සංකල්ප බිහි කිරීම සතුක් හෝ වින්දනයක් සෙවීම සදහා යැයි ගැනීම වැදගත් කාරණයකි. අදද බොහෝ විට කිසිවකු සංකල්පයක් අලූතින් බිහි කරන්නේ හෝ පිළිගන්නේ ඒ මගින් තමුන්ට ලැඛෙන්නාවූ කිසියම් පෞද්ගලික වින්දනයක් හෝ ලාභයක් පවත්නා බැවිනි එනම් ප්‍රධාන වශයෙන් තමුන් තුල ඇති අසාවට යටත්වයි. තවත් අයෙකු මේ ගැන විවාදයට ඉදිරිපත් වුව හොත් සංකල්පය පිළිගත් තැනැත්තා වෙත් එය පිළිගැනීමට ප්‍රධානම වූ පෞද්ගලික ලාභය වසා
ගනිමින් ඒ සම්බන්ධ අනෙක් නොයෙකුත් තර්ක විතර්ක ඔහුටත් නොදැනුවත්වම ඔහුගේ යටිසිත මගින් ඉදිරිපත් කරයි. වඩාත්ම නරක දෙය වන්නේ තමුන් පිළිගත් හෝ නිර්මාණය කල සංකල්පය තමුන්ගේ වාසිය සදහා නිමවුනු බොරුවක් විය හැකි නමුදු කල් යත්ම එය සැබෑවක්
බවට තම යටිහිතේම ධාරණය වීමයි. තමුන් තනා ගත් හො පිළිගත් සංකල්ප වලින් එම පුද්ගලයා බැදී යයි. එම සංකල්ප වලට ඔහු බැස ගනී. ඒ තුල ජීවත් වේ. 

නස්රුදීන්ගේ කථාවකට අනුව වරක් නස්රුදීන් පාරේ ගමන් කරන විට කරදර කාර කොලූ රැලක් ඔහු වට කර ගත්තේය. කොලූ රැලෙන් බේරීමට ඔහු පොහොසත් එමීර් එදින සියලූ දෙනාටම නොමිලේ දානයක් දෙන බවට බොරුවක් පැවසීය. වටපිට බැලූ නස්රුදීන් දුටුවේ ඒ
වන විටත් කොලූරැල එමීර්ගේ නිවස වෙත දිව යන ආකාරයයි. ඒක ඇත්තක්ම විය හැකියැයි මෙහිදී නස්රුදීන්ටම සිතුනි එය සැබෑවක් නම් නොයෙකුත් රසවත් ආහාර පාන ඔහු විසින් ආහාරයට ගන්නා අයුරු ඔහුට මැවී පෙනුනි. මොහොතකින් ඔහුද කොලූ රැල පසුපස දිව
යන්නට විය.
තමුන් තනා ගත් හෝ පිළිගත් සංකල්ප වල සිරවී කල්ගත වන විට එම පුද්ගලයා එම සංකල්ප තුලින්ම තමුන් යනු මෙවැනි වූ විශිෂ්ඨයකු බව දකී. කෙටියෙන් පැවසුවහොත් එම පුද්ලයාත් එම සංකල්පත් යනු එකකි. ඔහු ජීවත්වන්නේ එම සංකල්ප වලට අනුවයි. ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන් කළ නොහැකි යයි ඇල්බට් අයින්ස්ටයින් විද්වතා විසින් මතයක් බිහි කලේය. මෙම මතය පිළිගන්නා තවත් නවක විද්‍යාඥයෙකු ඇතැයි සිතන්න.
(මෙය අවතක්සේරු හෝ පිලිනොගැනීමක් නොවේ. අවස්ථාවට මතක්වුනු උදාහරණයකි. එය වැරදි යැයි ඉන් නොහැගවේ.) මේ මතය ඔහුගේ මනසේ පැලපදියම් වී යථාර්ථයක් වූ විට කල් ගතවී ඔහු කිසියම් පර්යේෂණයක් සිදුකළද ඔහු නොදැනුවත්වම ඔහු එම පරීක‍ෂණය
සිදුකරන්නේ එම මතයට අනුකූලවමය. එය නොබිදෙන පරිදිය.

වයස්ගත පුද්ගලයකු වෙත ඔහු පිළිගත් හෝ නිර්මාණය කල සංකල්පයක් නිවැරදි නොවන බවට කොතරම් සාක‍ෂි ඉදිරිපත් කලද පිළිගැනීම ප්‍රතිෙක‍ෂ්ප කරයි. නමුත් තරුණ පුද්ගලයකු සම්බන්ධයෙන් මෙය එසේ නොවේ. තරුණ වියේදී නව සංකල්ප නිර්මාණය කල පුද්ගලයන් වයස් ගත වන විට නව නිර්මාණ කරන්නේ කලාතුරකිනි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මුල් සංකල්ප තුල බැස ගෙන සිටින ඔවුන්ගේ සිත් අලූත් දේ කරා යොමු වීමට නොනැමීමයි. සමහර
විට එවැනි දෙයකින් තමුන්ගේ මුල් සංකල්ප බිද වැටිය හැකි යැයි බියක්ද යටිහිත තුල මතුවිය හැක.
ලෝකය දෙවියෙකුගේ නිර්මාණයක් ලෙස දකින මිනිසුන් තම සිත තුළ එය පැලපදියම්ව, යථාර්ථයක්ව තිඛෙන විට කෙතරම් වෙනත් සාක‍ෂි තිබුණද ලෝකය තුළ දකින්නේ තමුනුත් නොදැනුවත්වම තම සංකල්පය නිවැරදි බව පෙනෙන දේවල්ම වේ. ගසකින් හෝ ගලකින්
සලකුණක් මවා ගත හැකි වුවද. ඛෙහෙත් මගින් කිසිවකුගේ රෝගයක් සනීප වුවද වර්ෂාව නිසා ගංවතුරක් ගැලූවද, කැලෑ කැපීම නිසා වතුර හිග වීමද, තමුන් ගේ මහන්සියට ලැඛෙන මාසික
වේතනය හෝ පාරිතෝෂිකයද ඔවුන්ට පෙනෙන්නේ දෙවියන්ගේ කි්‍රයාවක් ලෙසයි.

සංකල්ප යථාර්ථ බවට පත්වීමට ප්‍රධාන හේතුව එක් සංකල්පයක් බිහිවුනු විට එය අලලා තව තවත් සංකල්ප බිහිවීමයි. එවිට මුල් සංකල්පය සම්මතයක් වේ. මෙය හරියටම අප පෙර තිත්
කොලයේ උදාහරණය මගින් දුටු දෙයට සමානය. තින් එකතු කර රූප තනනන්නාක් මෙන්ම සංකල්ප එකතු කර නව සංකල්ප බිහි කර ගනී. එවිට මුල් සංකල්ප දෙවන සංකල්පයෙන් වැසී
යයි. එය මත තවත් සංකල්ප බිහිවීමෙන් මුල් සංකල්පය නොපෙනීම යයි. එනම් ඔබේ සිතිවිලි මීලගට දකින්නේ පසුව නිර්මිත සංකල්පය පමණකි. යථාර්තය වන්නේ එයයි. ලෝකයේ සියලූ දේ වෙනස් වේ සෑම මොහොතකම සියලූ දේ වෙනස් වේ. නමුත් මෙම වෙනස්
වීම් මත අප සැබැවින් පවතින ලෝකයක දකින්නේ කිසිදා වෙනස් නොවන බව සිතමින් ලෝකය අල්ලා ගන්නේ මෙම වෙනස් වීම් සැබැවින්ම පවතින බව පුරුදු කර ඇති නිසයි. 

Monday, October 10, 2016

මේක තමයි නියම ආදරය.


විනාඩි 5k වෙන්කරලා කියවපන් මචන් ආදරයයි,කාමයයි පටල ගත්ත අයට හුගක් වටින කතාවක්...
ඔහු : නංගී , මම ඔයාට කැමතියි.
මට හිතෙන්නෙ ඊටත් එහා මම ඔයාට ආදරෙයි.
ඇය : අයියෙ , මම කවදාවත් කොල්ලෙක් බලාපොරොත්තු වෙන තරම් හොඳ ආදරවන්තියක් වෙන එකක් නෑ.
ඔහු : ඇයි නංගි එහෙම කියන්නෙ ?
ඇය : මම හරිම වෙනස් අයියෙ.
මගේම කියලා පිළිවෙලක් තියෙනවා.
ඒ පිළිවෙලට එහා නොයනව නම් විතරයි ආදරයක් ගැන හිතන්නෙ.
එහෙම ඉන්න කිසිම කොල්ලෙක් කැමති වෙන එකක් නෑ අයියෙ.
ඔහු : කොහොම ඉන්නද ?
ඇය : අවුරුදු ගාණක් අපිව ලෝකයම කරගත්තු අම්මා තාත්තගෙ බලාපොරොත්තු වලින් කොටසක් වත් මට ඉටු කරන්න ඕන.
ඉතින් එයාව ජීවිතේ අංක එක කරගන්න නොකියන කෙනෙක් වෙන්න ඕන.
මට මගහැරේවි එයාට හැම නිතරම කතා කරන්න , හැම නිතරම හමුවෙන්න.
එයා මාව තේරුම් ගන්න ඕන.
එයාටත් ඒ නිදහස මම දෙනවා.
ඔව් මටත් දුක හිතේවි.
ඒත් මට තේරුම් ගන්න පුලුවන්.
මම මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල නෙවෙයි.
මගේ මෝස්තර ඔය කියන සෙක්සිම ඒවා නෙවෙයි.
ඒත් එයා කවදාවත් මා එක්ක , මා ළඟ නැති අපූරු දේ ගැන කියන්න වර්ණනා කරන්න බැහැ.
එයා මගේ ස්වරූපෙ එයා දකින්න ආස වෙනස්කම් මොනවද මට කියන්න ඕන.
මම එයාට හුඟක් ආදරෙයි.
ඉතින් මම එයා වෙනුවෙන් වෙනස් වෙනවා.
මමත් කවදාවත් කිසිම කෙනෙක්ගෙ දෙයක් වර්ණනා කරන්නෙ නෑ.
එයාගෙ වෙන්න ඕන වෙනස්කම් ගැන ආදරෙන් එයාගෙන්ම ඉල්ලනවා.
මට අවධානය දෙන්න.
මං වෙනුවෙන් වෙලාව දෙන්න.
මාව විශ්වාස කරන්න.
මමත් ඒ හැමදේම එයාට දෙනවා.
මමයි එයාගෙ හොඳම යාලුවා වෙන්න ඕන.
එයාගෙ හැම රහසම මට රහසක් නොවෙන්න ඕන.
එයත් මගේ හොඳම යාලුවා වෙයි.
මම මගේ හැමදේම එයාට කියනවා.
මම ගැන හොඳ නරක ඕනම දෙයක් පිට තුන්වන පාර්ශවයකට කියන්න ඉඩ තියන්නෙ නෑ.
මම කියවන රේඩියෝ එකක්.
වෙලාවකට කියන කිසිම දේක තේරුමක් නැති වේවි.
අනේ ඒත් අහන් ඉන්න ඕන.
මා එක්ක මගේ බාල සහෝදරයා වගේ රණ්ඩු වෙන්න ඕන. ටික වෙලාවකින් ආයිමත් යාලු වෙන්න ඕන.
මගේ වැඩිමහල් සහෝදරයා වගේ මට තරවටු කරන්න ඕනෙ. මට ජීවිතේ වරදින්න පුලුවන් තැන් එමටයි.
අප්පච්චි වගේ මට රැකවරණය කරන්න. කෙල්ලෙක් කියන්නෙ රැකබලා ගන්න ඕන පොහොට්ටුවක්.
පෙම්වතා වගේ ආදරේ කරන්න. මා එක්ක හුරතල් වෙන්න.
හැබැයි මා එක්ක මගේ කසාඳ සැමියා වගේ වෙන්න හදන්න එපා. ආදරේ පොහොට්ටුව ඉල්ලන්න නම් එපා. පිපෙන්න කලියෙන් පරවෙන්න මට උවමනාවක් නෑ
ඔව් මට මං ආදරේ කරන කොල්ලා එක්ක සෙක්ස් කරන්න ආසාව තියේවි.
ඒත් කවදාවත් ඇඳුම් දෙපා මුල දාන්න ඉල්ලන්න එපා.
ලිංගික ආසාවන් පිරිමහගන්න හදන්න එපා.
එහෙම උණොත් ඔයාට හැමදාටම මාව නැති වේවි.
මාව ඉඹින්න.
ආදරෙන් තුරුලු කරගන්න.
මට උණුහුම දෙන්න.
සෙක්ස් කරන්න ඉල්ලන්න එපා.
මගේ හැමදේම ඔයාගෙ තමයි.
හැම කෙල්ලටම එයාගෙම කියලා සීමාවන් තියෙනවා.
ඔයාට පුලුවනි මාව තදින් වැළඳ ගන්න.
නාබිය සිප ගන්න.
කිතියි කියනකම් හාදු දෙන්න.
පපුව යන්තමට අත ගාන්න.
සද්දෙට කන තියලා මූණ දිහා බලන් මං ඔයාගෙමද අහන්න.
ඒත් මට ඇඳුමෙන් වැහිලා තියෙන මුකුත් පෙන්වන්න කියන්න එපා.
මං තවම ආදරේ කරලා නෑ කාටවත්.
ඉතින් මේ සීමාවන් ඉස්සරහට වෙනස් වෙයි.
මම නිරුවත් වෙයි.
අනේ තුරුලට වෙලා උණුහුම් වෙන වෙලාවක මට මාව පාලනය කරගන්න බැරි උනොත් මාව නවත්තන්න.
මොකද දන්නවද ?
අපේ අවාසනාවකට අපිට අපේ වෙන්න බැරි උනොත් , අර මගේ ආදර වන්තයා , අර මගේ ආදර වන්තිය කියලා මට ඔයාට කටපුරා කියන්න පුලුවන් කම තියෙන්න ඕන.
මම නොකැළැල් කියන්න මට පුලුවන්කම තියෙන්න ඕන.
ඔව් ආදරේ කරන ඕනම දෙන්නෙක්ට ලිංගික ජීවිතයක් තියෙනවා.
මේ මීට කලින් කවදාවත් ආදරේ කරල නැති මගේ සීමාවන්.
ඉස්සරහට වෙනස්කම් වෙයි.
අනේ මන්දා.
ඔයාගෙ යාලුවො ඉස්සරහ , මේ මගේ කෙල්ල කියලා කටපුරා කියන්න ඔයාට පුලුවන් කම තියෙන්න ඕන.
නළලට කම්මුලට එයාලා ගාව දෙන හාදුව මං ඔයාගෙමයි කියලා මට මතක් කරාවි.
වෙන කෙනෙක් නිසා හැඟීම් ඇවිස්සෙන දෙයක් වෙනවද , වෙන්න යනවද ; මම ඔයාට හුඟක් ආදරේ කියලා මතක තියාගන්න.
ඔයා ඇරෙන්න වෙන ආදරයක් මට නැති බව හැම වෙලාවෙම මතක තියාගන්න.
ඔයා කෙල්ලෙක් නැති කමට නම් මාව තෝරගන්න එපා.
මොකද මට කාගෙවත් අවසාන විසඳුම වෙන්න ඕන නෑ.
මම ඔයාට ඔයාගෙ ලොකුම දුර්වලකම කියලා දැනේවි.
ඒත් ජීවිතේ දුක , කරදරය , වේදනාව..... සැප , සතුටටත් වඩා හොඳින් මම බෙදාගන්න කෙනා වෙන්නම්.
මට ඔයාගෙ තෑගි සල්ලි නෙවේ.
ඔයාවයි ඔයාගෙ වෙලාවයි ඕනෙ.
පෙම්වතිය වෙන්න ඔයාට මට ලස්සන ජීවිතයක් දෙන්න පුලුවන් වෙන්න ඕන නෑ.
ඔයාගෙ දරුවන් දරන බිරිඳ වෙන්න ඔයාට යම්තාක් හොඳ ජීවිතයක් මට දෙන්න පුලුවන් වෙන්න ඕන.
ලුණුයි බතුයි කන සුරංගනා කතා වල නැහැ මම.
ඒත් ඔයා උපරිම වෑයම ගන්න තැන ,
මම මගේ උපරිම සහයෝගය ජීවිතේට නොවිඳපු දුක් විඳලා හරි ඔයා වෙනුවෙන් දෙන්න සූදානම්....
ඒත් ඒ ඉස්සරහට...
මම මහත් වේවි..
සමහර විට කෙට්ටු වේවි..
පෙනුමට විතරක් ආදරේ එපා.
පැවැත්මක් නැතිවේවි....
ඔයාගෙ වැරැද්දක් තිබුණොත් මම තුන් විදියකට ඒක ඔයාට කියලා දෙනවා.
ආදරෙන් , හොඳින් , සැරෙන්...
ඒ අයිතිය මට ඕන...
ඔයාටත් මම ඒ අයිතිය දෙනවා. ඒත් මට අත උස්සන්න නම් එපා.
මම කවදාවත් ඒ තරම් ලොකු වැරද්දක් කරන්නෙ නෑ.
එක්කෙනෙක් තරහෙන් ඉන්න වෙලාවෙ අනිකා ඉවසන්න.
සාධාරණ උනත් සාධාරණීකරණයට යන්න එපා.
තරහ නිවුණම උකුලෙ ඔලුව තියන් වරද කියාදෙන්න.
මම අඬන වෙලාවට මුකුත්ම කියන්න එපා.
මට උරහිස දෙන්න අඬන්න.
මගේ අතින් අල්ලගන්න.
මාව තුරුලු කරගෙන ඉවසන් ඉන්න.
තව තියෙනවා.
දැනට ඔය ඇති.
අයියට දැනටම මාව එපා උනා නේද ?
ඔහු : මං ආදරෙයි.
ඇය : ම්ම්... එහෙනම් මුලින් යාලුවෙක් වෙලා මට ඔයාව අඳුනගන්න කල් දෙන්න..
ඔහු : ආදරේ ඉල්ලපු ගමං friend zone එකට දානවද නංගී ?
ඇය : නෑ අයියේ...
දැනුනොත් මට ගැලපෙනවා කියලා හදේ දොරට යතුර දෙන්න ඉස්සෙල්ලම හොයන්නෙ ඔයාව....
හදට ගැලපෙනවද කියලා ඉස්සෙල්ලම බලන්නෙ ඔයාව...
මොහොතක් හිතන්න ආදරය කියන්නේ මේකට නෙමෙයිද..???❤❤❤විනාඩි 5k වෙන්කරලා කියවපන් මචන් ආදරයයි,කාමයයි පටල ගත්ත අයට හුගක් වටින කතාවක්... group එකකින් ගත්තේ...

මේ කතාව  ලිංගික ආශාව යන්න කොතරම් ආකාර වලින් පැමිනිය හැකිදැයි මනාව පෙන්නුම් කරන්නක්. ක්ෂිරපායින් දෙදෙනෙක් තමුන්ගේ ජාන වලින් කියපු කාරියට  එකග වෙන්න යන එකයි මේ සිදුවෙන්නේ. නමුත් මේ වැනි වක්‍රමය වෙන වෙන හේතු දාගත්තම තමුන් බැදිලා ඉන්න යම් යම් සංස්කෘතික,ආගමික, ඥාතිමය බැදීම් වලට වරදක් නොකරනවා / බිද නොදමනවා යනුවෙන් ස්වයං මෝහනයකට පත් වෙනවා.නැතිනම් තමා තුලින්ම සාධාරණිය කර ගැනීමකට ලක් කර ගන්නවා.  එවැනි බැදීම් අඩු අය මෙච්චර කතා කිය කිය ඉන්නේ නැහැ. හොදම උදාහරනය තමයි ඉංග්‍රීසි සහ හින්දි ආදර කතා වල තියෙන වෙනස්කම්. ඒක නිසා කොහෙන් ගියත් මොනවා කතා කලත් වචනෙන් වචනේ මේ තමා ලිංගික ආශාව. විවාහයෙන් පසු දෙදෙනෙකු අතර පෙර ආදරයක කරන සමයේ නිරතුරුව පැවති ඉහත ලිපියේ වැනි ලක්ෂන බොහෝමයක් දුරස් වී යනවා. නමුත් අලුත් පෙම්වතියක් පෙම්වතෙක් මේ විවාහක සහකරුවෙකුට හෝ සහකාරියකට නැවතත් මුණ ගැසුන හොත් තම පවුල් ජීවිතයේ අඩුපාඩු වල සිට ඉහත ලිපියේ කරුණු නැවතත් අලුත් තැනැත්තා හෝ තැනැත්තිය කෙරෙහි නැවතත් ප්‍රකාශ කිරීම නිතැතින්ම ඇරෙඹෙනවා.