Blog Archive

Sunday, September 13, 2015

අන්තර්ජාල යුද්ධය

අන්තර්ජාලය අද වන විට ලංකාවේ සමහරෙකුට එක් ආකාරයක හිසරදයකි. එහෙත් සමහරුක්ට මහා නිධානයකි. සමහරුන්ට මේ ගැන කිසිවක්ම නොතෙරේ. සමස්ථයක් ගෙන බැලූ විට අන්තර්ජාලය හා එහි වර්ථමාණ තත්වය පිලිබද ලංකාවේ බොහෝ දෙනෙකු දැනුවත් නොවන බවම පැවසිය හැක. බොහෝ දෙනෙකු එය යහපත සදහා යොදා ගැනීමට නොදන්නා අතර තවත් අය දැනුවත්ව හෝ නොදැනුවත්ව එය තමුන්ගේ හා සමාජයේ අයහපත සදහාම භාවිතා කරයි. අන්තර්ජාලය ලංකාව තුල මෑත කාලයේ වැඩියෙන්ම ජනප්‍රිය වූයේ පසුගිය ජනාධිපතිවරණයත් සමගය. ෆේස්බුක් වැනි සමාජ ජාලා හරහා ගොඩ නැගූ බලවත් මඩ ප්‍රහාර තුලින්ම ලබා ගත් ජයග්‍රහණයක් ලෙස බොහෝ දෙනෙකු වර්ණනා කරනු අසන්නටද ලැබුනි.  බොහෝ තරුන පිරිස් මෙය තමුන් විසින් සිදුකල ජයග්‍රහණයක් ලෙස සැලකුවේද තමුන් විසින් සමාජ ජාල අඩවි වල බෙදා ගත් පලකිරීම් නිසාය.

නමුත් බොහෝ දෙනෙකු නොදන්නා කරුණ වූයේ මේ සියලු දෙනාම වෙනත් පිරිසක් හරහා අතේ නැටවුනු රූකඩ බව තේරුම් නොගැනීමයි. මෙයට පිටුපසින් විශාල සැලැස්මක් තිබුනු අතර මාධ්‍ය හෝ අන්තර්ජයාලය හෝ ෆේස් බුක් වැනි සමාජ ජාල පිලිබද දැනීමක් නොමැති තුට්ටු දෙකේ ලංකාවේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලංකාකියා මෙහිදී රූකඩයක් මෙන් අතේ නැටවුනි. මේ නැටවීම සම්බන්ධයෙන් දැන් දැන් සමහරුන්ට අවබෝධ වෙමින් පවතී. කෙසේ වුවත් මේ සැලැස්මේ හොදම කොටස සම්බන්ධයෙන් පරාජ්‍යට පත් ජනාධිපතිතුමා හෝ ඔහුගේ පුත්‍රයින් හෝ නොකියන බව මගේ හැගීමය. පලවෙනි ප්‍රහාරය ජනාධිපතිතුමගේ දුර්වල ස්ථානයක් බලා එහි වාසිය ලබා ගැනීමයි. එය ජනාධිපතිතුමාගේ අන්ධ ජෝතිෂ්‍ය විශ්වාසය විය. හරියටම එය වැඩ කලේය. අනික සිය පුත්‍රයන් ආදාරය නිසා හෝ පාලනය නොකිරීමය. පුතාලා චාටු බස් දොඩන්නන් හරහා පුහු මානයෙන් උදම්ව මෝඩ ලෙස හැසිරෙන්නට වුනු අතර ජනාධිපතිතුමා කෙරෙහි පොදුජන මතය බිද දැමීමට ඔවුන්ව පහසුවෙන් යොදා ගනු ලැබුනි. අන්තර්ජාලයට පෙර විවිධ පුවත් පත් හරහාද මතයක් ගෙන යන ලදී. මේ සියල්ල සම්පූර්ණ වුනු විට සැලස්මේ අවසන් අදියර නම් රැස්කරගත් ධ්‍යාන්‍ය වපුරමින් අන්තර්ජාලය හරහා යකා නැටීමයි. මෙම අන්තර්ජාලයේ මඩ සමාජජාල තුල හරි අඩක්ම ඇත්ත කරගන්නේ නොදැනුවත්වම වුව එහි පරිශීලකයාමය. ෆේස්බුක් හීදි මෙය පර්සනලයිස්ට් සෝර්ටින්ග් ලෙස හැදින්වේ. එනම් පුද්ගලයින්ගේ කැමැත්ත අනුව ඔහුට එවැනිදේ හා එවැනි  රුචිකත්ව ඇති පුද්ගලයින් වැඩිපුර හයිලියට් කර පෙන්වීමයි. එනම් තම මතය නිවැරදි බවට සෑම විටම හැගීමක් ඇතිවීමයි. බොහෝ විට ලංකාවේ මේ සිය ගණනක් ලෙස පෙනෙන පුද්ගල ගිණුම් බොහෝ විට හසුරුවන්නේ කිහිප දෙනෙකු විසිනි.දුශ්ටයා වීරයා ලෙසද වීරයා දුශ්ටයා ලෙසද මෙහිදී මේවා පුද්ගලයා තුල ස්වයං මෝහණයක් ඇති වේ. මේවායින් ෆෝම් වන්නට වන්නට නිර්මාණය කෙරෙන හුවමාරු කෙරෙන වැරදි අදහස්ද නොදැනීම වැඩි වෙමින් යයි. අද සමහර පුවත්පත්ද අන්තර්ජාලයේ පලවූ පුවතක් ඇසුරෙන් යැයි පුවත් දැමීම කොරම් හාස්‍ය ජනකදැයි කියාද බලන්න. අවසානයේ තමුන් මුලාවූ බව වැටහෙන විට අවශ්‍ය දේ සිදුවී හමාරය.

මිනිසුන් ගොනාට ඇන්දවීම හෝ මිනිසුන් තුලට අදහස් ඇතුල් කිරීම අද ජයටම අන්තර්ජාලය තුල සිදු කෙරෙමින් යන්නකි. මෙය Paid online manipulation ලෙස හැදින්වේ. මෙය අන්තර්ජාතික වශයෙන් රට රටවල් විසින් අද ජයටම භාවිතා වෙන්නකි. විශේසයෙන්ම වැරදි දෙයක් හොද බව පෙන්වීමට. අන්තර්ජාතිකව කිසිවකුගේ ප්‍රතිරූපය නැංවීමට , භාන්ඩ විකුණා ගැනීම, කිසිවකුගේ ප්‍රතිරූඵයට හානි කිරීමට. තමුන්ගේ වාසි වෙනුවෙන් ජනමතයක් ගොඩ නැගීමට ආදී විවිධ කටයුතු මේ හරහා ඉටු කර ගනී.

මිනිසුන් මුලා කිරීමේ සුලු තරම අවස්ථාව කිසියම් පුද්ගලයකු විසින් තනිවම  සමාජ ජාලාථ ප්‍රවෘත්ති අඩවි වැනි අඩවි සදහා බොරු ගිණුම් රැසක් භාවිතා කිරීමයි. ඔහු මේ ගිනුම් හරහා වෙනස් වෙනස් පුද්ගලයින් ලෙස පෙනී හිදියම් කිසියම් දෙයක් වෙනුවෙන් යූටුයුබ් වනි අඩවි හරා වීඩියෝ ප්‍රචාර දෙමින්, පුවත් අඩවි වල කොමන්ට් දමමින්, සමාජ ජාල අඩවි වල පලකිරීම් බෙදා ගනිමින් කොමන්ට් දමමින් තම මතය වෙනුවෙන් පුද්ගලයි් රුසක් සිටින බවක් පෙන්වා ලයි. ව්‍යාපාරයක් ාවනුවෙන් මෙහිදී ඔවුන්ගේ අඩවිය තුල එය අගය කරමින් අදහස් පල කිර ගැනම මෙයට උදාහරණයකි. මෙහිම දෙවන පැතිරුණු අවස්ථාව නම් පුද්ගලයින් රුසක් ගිණුම් රුසක් යොදා ගනිමින් එවැනුනක් වෙනුවෙන් පෙනී සිටීමයිත එජාපය විසින් මෙවැනි ස්ථානයක් පසුගිය මැතිවරණය අලලා ක්‍රියාත්මක කල බව දැන් සැවොම දනිති. එම අදහස ඔවුන්ට ලැබුනේ මෙරටින් නොවේ. එසේම රුසියාව විසින් පුටින් ගේ ප්‍රතිරූපය ගොඩ නැංවීමටද පුද්ගලයින් 125 පමන යුත් මෙවැනි වැඩ සටහනක් දියත් කල බවට ආරංචි ඇත. මෙවැනි රැකියා අද කාලයේ ස්ථිර රැකියා වෙයි. මොවුන්ට ඇත්තේ උදේ සිට රෑ වන තුරු අන්තර්ජාලයේ සැරි සරමින් යම් කිසිවක් වෙනුවෙන් ඊමේල් යවමින්, බොරු අද්දැකීම් පෙන්වමින්, බොරු වාර්ථා හදමින්,  කොම්න්ට් කරමින් එහි රැදීී සිටීමය.  මෙහිම ඊලග අවස්ථාව නම් මිනිසුන්ගෙන් තොරව අන්තර්ජාලය තුල කිසිියම් අදහසක් සම්බන්ධව ක්‍රියාත්මක විය හැකි පරිඝණක වැඩසටහන් නිපදවීමයි. පරිඝණක ක්‍රීඩා තුලද ඇති සජීව කරණය කල අනුරූ වලට කියනවාක් මේවාද BOTS ලෙස හැදින්වේ. අන්තර්ජාල මත විමසීම් අද බොහෝ සේ ජනප්‍රියය. එක් පුද්ගලයකුට එක් වරක් පමණක් ඡන්දය දිය හැකි ලෙස මෙවැනි බොහෝ වැඩසටහන් ඡන්ද 

දායකයාගේ අන්තර්ජාල IP ලිපිනය හෝ ඊමේල් ගිණුමක් වැන්නක් සටහන් කර ගත්තද පරිඝණක වැඩසටහන් හරහා මේවා ට නොයෙක් ලෙස IP ලිපිනයක් වෙනස් කර ගනිමින් එක් මතයක් වෙනුවෙන් ස්වයං ක්‍රීයව ඡන්දය ලබා දිය හැක. අද මෙහි භයානකම පැත්ත වන්නේ විවිධ පුද්ගලයිගේ ඊමේල් සමාජ ජාල ගිණුම් වැනි අන්තර්ජාල හැදුනුම්පත් සොයාගැනීමටද මේවාට හැකියාව තිබීමයි. අප යම් ස්ථාන වල අප නොකල අදහසක් අපේ නමින් පලවී තිබෙනු දුටුවද අප විරුද්ධ මතයක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දුටුවද , අපගේ නමින් බොරු කොමන්ට් වැටී තිබෙනු දුටුවද මේ නිසා පුදුම විය යුතු නැත. 



මෙම අන්තර්ජාල බොරු පලකිරීම් වලට අද ඇති තරගකාරීත්වය වන්නේ මිනිසුන් නොමැතිව සැබැවින්ම කොමන්ට් සදහා ප්‍රතිචාර දැක්විය හැකි , වාර්ථා නිපදවිය හැකි, හැකි නම් මිනිසුන් සමග අදහස් හුවමාරුකර ගත හැකි BOTS ලා තැනීමයි.යම් දෙයක්  වෙනුවෙන් ඔවුන්ව ක්‍රියාත්මක කල පසු ඉතිරි සියල්ල ඉබේ සිදුවනු ඇත. මෙම නිසා ට්මිනේටර් චිත්‍රපට නරඹා සැබැවින් එලියට එන රොබෝවෙකු සමග සටන් වැදීමට බලා සිටින මිනිසුන්ට එම සටන ආරම්භ වී ඇත්තේ වසර ගණනාවකට පෙර බව දැන ගන්නා විට පමා වැඩි විය හැක. 

අද ලංකාවේ තත්වය පිලිබද කල නිරීක්ෂණය කිරීමේදී ෆේස්බුක් වැනි අඩවි තුල නොයෙක් ලිංගික ක්‍රියා සම්බන්ධ පෝස්ට් නිරන්තරයෙන් සමහරුන් විසින් පලකරනු දැකිය හැක. සමහරුන් තමුන්ගේ වෙබ් අඩවි වලට මිනිසුන් අද්දවා වෙළද දැන්වීම් පෙන්වා මුදල් සොයා ගැනීමට මේවා සිදුකලද  සමහරුන් පැහැදිලිව පෙනෙන පරිදි හුදෙක් තම මානසික තෘප්තිය සදහා හෝ නැතිනම් කාගේ හෝ අවශ්‍යාවක් ඉටු කිරීමට නැතිනම් වෙළද ප්‍රචාර සදහා මෙවැනි දේ සිදු කරනු දැකිය හැක. කෙසේ හෝ අද ලෝකයේ එක් රටක ජන මතය කිසිවක් වෙනුවෙන් ඒක් වර වෙනස් වූ යේයි හෝ අද ජනප්‍රිය මතය මෙය යැයි අන්තර්ජාලය තුලින් දුටුවේ යැයි යන්න සිතා මුලාවේ නොවැටීමට සෑම දෙනාම සිහියට ගත යුතුය. අන්තර්ජාලය තුල දකින දෙය පිලිබදව අවබෝධ කර කරුණු සොයා බලා මිස ඒවා හරහා අදහස් ලබා ගැනීම කිසිවිටෙක සුදුසු නැත.

ලංකාව තුල අද මුදල් ලබාගෙන  අන්තර්ජාල අඩවි තුල විවිධ බොරු , මඩ ලිපි පලකරන පුවත් පත් කලා වේදීන් ඇතුලු පිරිස් සිටී නමුත් බොහෝ ලාංකිකයින් නොදන්නා පරිදි ලංකාවට මෙම Online Manipulation නොදන්නා නිසාම එහි හොදම වාසි ලබා ගත්තේ LTTE ත්‍රස්තවාදයයි. අතින් පයින් ගැසීමෙන් පසු සියල්ල අහවරයැයි සිතා ලාංකිකයින් ලංකාව තුල එකි නෙකා එකිනෙකාට චෝදනා කර ගනිද්දී LTTE ය වෙනුවෙන් පෙනී සිටින්නන් යූටුබ් විවිධ පුවත් අඩවි. ප්‍රොෆයිල් හරහා අන්තර්ජාතික මතයක් ගොඩ නැගීමට සමත් වූහ. අදද මේ තත්වය පිලිබද ලංකිකකයින්ට හරි අදහසක් නැත. ඉතිහාසයේ නැති දෙමල නිජබිමක් පිලිබද මතයක් නගා පෙන්වීමද ඔවුන් සමත් විය.  මෙය අද මුස්ලිම් අන්තවාදීන් විසින්ද බොහෝ සේ සිදු කරයි. ලොව පුරා විවිධ ඝාතන සම්බන්ධ වැරදි මත පැතිර වීම, තමුන්ගේ නොවන දේ තමුන්ගේ ලෙස පෙන්වීම, තම මත සාධාරණීය කරණය කිරීම ත්‍රස්ථවාදය සාධාරණය කිරීම ආදය සදහා ඔවුන් මේවා භාවිතා කරයි. සමහරුන් බුරුමයේ අසරණ මුස්ලිමුන් ඝාතනය වුනු ලෙස පෙන්වමින් ලාකාවේ යුද්ධයේ ඡායාරූප පවා පෙන්වනු පසුගිය කාලයේ දැක ගැනීමට ලැබුනි.යූටියුබ් ගූගල් ඕනෑම එකක මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධ සෙවීමක් සිදු කරන්න. එකම ප්‍රවෘත්තිය විවිධ නම් වලින් වෙබ් අඩවි රැසක පලවී තිබෙන ආකාරය දැක ගැනීමට ලැබෙනු ඇත. 


මෙම නිසා රටක් පිලිබදව අන්තර්ජාතික මතයක් නගා සිටුවීම සදහා අද මේ Online Manipulation යන්න අත්‍යාවශ්‍යම දෙයකි. චීනය ඇමරිකාව ඊශ්‍රායලය වැනි රටවල්ද අද තම රට වෙනුවෙන් මෙවැනි සේවා ක්‍රියාත්මක කරගෙන යයි. එසේ නොකලහොත් ඕනෑම විටෙක කිසියම් රටක් වෙත ඇති අන්තර්ජාතික මතය හානිකර ලෙස වෙනස් කිරීමට වෙනත් කිසිවකු කටයුතු කරනු ඇත. 

Sunday, July 26, 2015

දුටු ගැමුණු වීරයෙක් ද?

දුටු ගැමුණු රජතුමා වීරයෙක්ද යනුවෙන් පුගුලන් ‍දෙදෙනෙකු දමා තිබුනු වීඩියෝවක් පෙර දුුට නමුදු කිසිවකු විසින් ගණන් නොගන්නා බව දුටු නිසා නොසලකා සිටියෙමි. නමුත් මේ ඩබල අලුත් පරපරේ කුණු අපුල්ලන් බව දැනගත් බැවින් ඔවුන්ගේ දේශනා අසන්නන් සදහා මෙහි අනතර්ගතය විමසීඹකට ලක් කීරීමට සිතුවෙමි. මේවා වනාහී මෙවැනි ගැටලු සාමාජයතුලින් පැන නැගෙද්දී ඒවාට පිළිතරු ලබා දීම සදහාය.

මෙම කරුණු දැක්වීමට අදාල වීඩියෝවේ සැබැවින්ම පැහැදිලි කිරීමට කිසිදු බුද්ධිමත් මතවාදයක් නැත. තමුන්ගේ බුද්ධියේ අඩුපාඩුකම, තමුන්ගේ යම් තෘෂ්ණාවක් තුලින් මතුවුනු ස්වයං මෝහනයෙන් වසාගෙන දොඩවන දෙඩවීමක් පමනි මෙහි දැකිය හැක්කේ.

1. පලවෙනි තර්කය වීරයින් බිහිකරන්නේ ජයග්‍රාහී පන්තිය විසින් වන අතර ඉතිහාසය තුල වීරයන් පවතින්නේ මෙම පන්තිය මගින් උල්පපා දමන්නන් වේ. මේ වනාහී ප්‍රකට history is written by winners යන කියමනෙහි උපුටු ගැන්මකි. මෙය චර්චිල් විසින් කියුවක් විය නොහැක. මොවුන් ජාතික යන පදයට බොහෝ සේ ආශා කරන නිසා මෙසේ සලකමු. තමුන්, මම, අප යන හැගීම මනුෂ්‍ය සන්තානයේ නොවෙනස් වන මූලික සිතිවිලි බව අප පෙරද සාකච්ඡාකර ඇත. මේවා ගැන නොසලකා හිටපන් යැයි හෝ මේවා මා තුල නැත කියනා පුද්ගලයින් හමු විය හැක්කේ බුදු දහමේ එන සක්කාය දිට්ඨියේ මිදීමෙන්ම පමනි. මෙම නිසා කිසියම් විවිධාකාර පිරිසක් යම් කිසි කරුණක් හේකු කොට ගෙන එකතු වේද. එවුන් අතර එකගවීම් රාශියක් පවතීද ඔවුන්තුල අපේ කමක් නැගෙනු ඇත. කාලයක් ගත වීමෙන් මිශ්‍රවීමෙන් ජාතියක් හට ගැනනෙනු ඇත. පොදුවේ ඔවුන් වෙනුවෙන් සටන් කරන්නා ඔවුන් වෙනුවෙන් මිය යන්නා ඔවුන්ගේ වීරයකි. රාවණ යනු ජයග්‍රාහකයකු නොවේ. නමුත් ඔහුට වීරකමක් (මෑතක සිට හෝ ) අත්වී ඇත. ප්‍රභාකරන් ජයග්‍රාහකයකු නොවේ. නමුත් ඔහුට වීරත්වයක් යම් පිරිසක් ආරෝපණය කර ඇති බවක් පෙනේ. සිනමාවේ හේතුවක් නොමැතිව මිනීමරමින් යන චරිතයක් වුනු මයිකල් මයර්ස් චරිතය සමහර පුද්ගලයින් වීරත්වයෙන් සලතකි. මිනීමරු චේ ගුවේරා වීරයෙකි. කිසිවකු මේ තමුන්ගේ වර්ගයා ගැන සිතා මෙසේ වීරයන් බිහිකරගැනීම වරදක් ලෙස දකී නම් ඔහු මූඨයකු පමනි. දුටුගැමුණු රජු වීරයකු වන්නේ දෙමළුන් පරාද කල නිසා පමණක් නොව එතුමා සටන් වැදුනේ බුදු දහම රුක ගැනීඹ වෙනුවෙන්ම වීමයි. එම නිසා අනිවාර්යයෙන්ම අපට අනුව ඔහු වීරයෙකි. එසේ නොමැති නම් වීරයකු යනු කවුදැයි කියා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

2. පට්ටම මෝඩ කථාව එලියට පනින්නේ මින් පසුවය. මා කුඩා කල අදුරට බිය වුනෙමි. එලෙසම සියල්ලෝම සියලුම දරුවොම අදුරට බිය වෙති. එය නිරපේක්ෂ තර්කයකි. අවුරුදු හයක වයසේදී බුද්ධිය මරණය වැන්නක් තේරුම් ගැනීමට වැඩී නොමැත. මෙයද නිරපේක්ෂය. සියලු කුඩා දරුවෝ තම මවට පහර දෙන විට හෝ මව සහෝදරයින් හඩා වැටෙන විට මර බියෙන් කෑගසන විට කැපී පෙනීම සදහා බොරු වීරත්වයක් මවා ගෙන සිනාවෙති.(මේ ගෙදරක ජෝක් දැමීමක් නොවන අවස්ථාවකි) අනික මරණය යනු සංකල්පයකි :D මොහුට එක්කෝ ළමා කාලයක් තිබී නැත . නැතිනම් මවක් හෝ පියෙක්ගෙන් බිහිවී නොමැත. මෙයට වචන නාස්ති කල යුතු නැත. සරලව පහත ලිංකු දෙක හා ඡායාරූප පමණක් ඉදිරිපත් කරමි.
මරණය හමුවේ හඩා වැටෙන ඇෆ්ගන් දරුවන්

නත්තල් පප්පාට බියවී හඩන සහෝදරයින් දෙදෙනෙක්
http://www.dailymail.co.uk/news/article-2523173/Boy-4-IQ-Einstein-Bill-Gates-Stephen-Hawking.

html http://www.oddee.com/item_96629.aspx


3.මීලගට සිටින දූශනයට ලක්වූ බව පවසන පුද්ගලයා කියා සිටින්නේ මහාවංශයේ ඇති දේ පිලිගත නොහැකි බව හා මුතුන් මිත්තන් අනාගතය ‍ේ‍ගැන නොසිතා අවස්ථනුකූලව කටයුතු කල බවයි. මහා වංශයේ සියල්ල 100% සත්‍ය විය නොහැකි නමුදු එහි බොහෝ ප්‍රවෘත්ත සදහා සාධක සොයා ගත හැක. එසේම පරිණාමවාදය පවා මින් නොමිදෙයි. නමුත් රාවණාට වඩා සාක්ෂි අපට මහාවංශය තුලින් සොයා ගත හැක. එහම නිසා හොදම පිළිතුර මහාවංශයයි. මේ ආකාරයෙන් තොරව තැනුනු පුරාවිද්‍යා සංකල්ප ඇත්තේ කොහේද? පොත නොතිබුනද උපකල්පනයක් හො කිරීඹට සිදුවේ. මොහුට අනුව ඉතිහාසය වනාහී DVD පටයක් දමා ටීවී එකේ පෙන්විය යුත්තකි.

4 ඊලගට නැවතත් කට අරින පෙර පුද්ගලයා ඉතිහාසය අතින් ලංකාවේ තරම් පහත් මොළයක් ඇති කිසිවකුත් නොමැති බව පකාශ කරයි. ඒ අනුව රාවණා වැනි පුරාවෘත්ත ඉතිහාසය ලෙස සලකන්නේ ලංකාවේ හා ඉන්දියාවේ පමනි. කිසිවක් කීමට පෙර ඒ පිලිබදව කිසියම් අධ්‍යාපනයක් වත් ලබා ගෙන පැමිණීම වටී. ලංකාවේ ඉතිහාසය රාවණා ඉතිහාසය ලෙස පිලිගන්නා බවක් මොවුන් උගෙන ඇත්තේ කොයින්ද? එසේම අනෙක් සෑම රටකම මෙන්ම සාමාන්‍ය ජනතාව පුරාවෘත්ත විශ්වාස කරයි. එය ලංකාවට පමණක් උරුම වූ දෙයක් නොවේ. එසේ කියා එය එම රටේ සැබෑ ඉතිහාසය ලෙස පිළිගනු නොලැබේ. ග්‍රීක රෝම දේව පුරාණය මහාභාරතය වැනිම හෝමර් ගේ ඉලියඩ් වීර කාව්‍යය, රුසියානු වසිලිස්සා නවුම් මස්සිනා, බාබායාගා, යෝධයින් ඇතුලු ඉතිහාසය, ග්‍රිම් සොයුරන්ගේ කථාවන්ට භාජනය වුනු ප්‍රංශ ඉතාලි ජර්මන් ජනකථා, අරාබි නිසොල්ලාසය,  ප්ලේටෝගේ අත්ලාන්තිස් පුරාවෘත්තය, කිතුණු ආගමේ නෝවා වැනි වූ චීනයේ නුහ්වා, රා දෙවියන්ගෙන් පටන් ගන්නා ඊජිප්ත්තු පුරාවෘත්ත,  නවීන විද්‍යාවට පවා අභියෝග කරන තරම් වුනු ඩොගෝන් වරුන්ගේ සීරියස් තාරකාව පිළිබද කථා ආදී ලෙසින් ලොව පුරා මේ ආකාරයෙන් සාමාන්‍ය ජනතාව විශ්වාස කරන පුරාවෘත්ත මිළියන ගණනින් සොයා ගත හැක. නමුත් මේ පිලිගත්  ඉතිහාසය නොවේ. නමුත් යම් කලෙක සාක්ෂි හමුවීමෙන් යම් යම් කථා සැබෑ ලෙස පිළිගැනීමට නොහැකියාවක්ද නොමැත. කෙසේ වුවත් නැවත වරක් පුලගුන් දෙදෙනා තමුන්ගේ තරම පෙන්වා ඇත.

5. අවසාන මතය නම් දෙමළ මිනිසා යුද්ධය තුල සිංහල මිනිසාගේ සතුරා වී ඇත ලෙස සැලකීම යන්නයි. නැත යුද්දෙන් මරා දැමුනු දහස් ගණනක් අතරට දමිලයින්ද මුස්ලිම් වරුද අයත් වේ. මෙහිදී දමිලයන් විදි දුක සිංහලයින්ට වඩා යම් ආකාර වලදී භයංකාර විය. ඔවුන්ගේ දුවා දරුවන් බගෙලන් පහැරගෙන යනු ලැබුනි. සංවිධානයට නොබැදෙන අයට දසවධ හා සමූල දූශන වැටුනි. යුද්ධයට තම දූවරුන් ඇදගෙන යාම වැලැක්වීමට සමහර පියවරුන් ගත් උපක්‍රමය වූයේ තම දියණිවම දූශණය කර ගැබ් ගැන්වීමයි. එල්ටීටියට හසු වූවන්ට නිල් චිතපටවල රගපෑමට මෙන්ම මත්පැන් බෙදා හැරීම හා දිවිනසා ගන්නා බෝම්බ කරුවන් වීමටද අවස්ථාව ලැබුනි. ආදරය හා සෙනෙහස සදහටම ඉවත් විය. මොවුන්ට අනුව මෙය වැලැක්වීම ජාතිවාදය වෙයි.එය වැලැක්වීමට කථා කිරීම දේශපාලන කඩේ යාමකි.  මෙහිදී සෑහෙන දෙමළ ජනතාවක් ඉතාමත් සමගියෙන් රටේ අනෙකුත් පලාත්වල සිංහල අපපත් සමග දිවි ගෙවූ බවද  එල්ටීටී පරාජයෙන් අපත් සමගම සතුටු වවුනු බවද අමතක නොකල යුතුය. අනික් අතට හමුදාවට යන්නේ සල්ලි හෙවීමට බව කීම මෝඩම තර්කයකි. (එසේ නම් ප්‍රභාකරන් හොරෙක් බව මොවුන් පිලිගෙන ඇත. එතරන ඇති දෙමල ප්‍රශ්නයක් නොමැත .ප්‍රභාකරන් සමග එකතු වුනු සියලු දෙමළ පුද්ගලයින් මෙසේ හොරුම වෙයි.) මගේ අත්දැකීමේ හැටියට ආමි එක සදහා බැදීමට මා දන්නා තරමින් ගිය විශාල ප්‍රමාණයක තරුණයෝ එහි පඩියක් ගැන කිසිවක් දැන නොසිටියහ. නමුත් යුද්ධයේ අනතරු ගැන දැන සිටියහ. සමහරුන් අනෙක් අය මෙන් කදවුරේ නෙරැදී මහ රෑ රහසිගත මෙහෙයුම් වල යෙදදෙමින් සතුරා වැනසූයේ හෝ ජීවිතක්ෂයට පත්වූයේ ඔවුන්ගේ රාජකාරි අණටත් පිටු පාමිනි.රණවිරුවන් පිලිබදව මෙසේ මෝඩ අදහස් සහිතව කතා කරන මේ පුලුලන් අද ස්වයං වින්දනයේ යෙදෙන්නේද රණවිරුවන්ගේ කැපවීමෙන් ලත් නිදහස තුල බව නොදනිති.

Friday, July 10, 2015

එලිෂා ලාම් ගේ අභිරහස



කැනේඩියානු ජාතික එලිෂා ලාම් 21 හැවිරිදි කැනේඩියානු ජාතික තරුණියකි. 2013 වසරේ මුල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට පැමිනෙන ඇය එහි සෙසිල් නම් හෝටලයක ලගුම් ගන්නවා. ඇය නවාතැන් ගත් මේ සෙසිල් හෝටලය අවුරුදු සියයකට ලංවුනු ඉතිහාසයක් ඇති කාමර හයසියයකින් සමන්විත දැවැන්ත ගොඩනැගිල්ලක්. එසේම මේ හෝටලයේ ඉතිහාසයද මදක් ගුප්ත වූවක්.  සියදිවි නසා ගැනීම් මිනි මැරැම් කිහිපයක් මෙන්ම වෙනත් සාපරාධී ක්‍රියාවන්ටත් තෝතැන්නක් වුනු මෙම ස්ථානය සමහර බිහිසුණු ඝාතකයන් සැගවී සිටීමටත් යොදා ගත් ස්ථානයක්වීමත් විශේෂත්වයක් .කෙසේ හෝ ඇලීෂා දින ගණනාවක් නිදහසේ හැසිරෙමින් හිද එක් වරම අතුරුදහන් වනවා. ඇය පිලිබද යම්කිසි තොරතුරක් ලැබෙන්නේ ඊට සති දෙකකට පමන පසුයි. සති දෙකකට පමන පසු හෝටලයේ නේවාසිකයන් වෙතින් එහි කළමණාකාරීත්වයට පැමිනිලි ලැබෙන්නේ එහි වතුර ඉතාමත් අප්‍රසන්න ගදකින් හා ඇමුතු පැහැයකින් වන බව දන්වාලමින්. මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මුලින් සොයා ගැනීමට අපහසු වුවද පසුව දැඩි පරීක්ෂා කිරීම් වලදී සොයා ගැනීමට ලැබෙන්නේ හෝටලයේ වහලයේ ඇති වතුර ලබා රැස්කරගන්නා ටැංකියක් තුල වැටී නරක් වුනු කාන්තා මල සිරුරක්. මල සිරුරේ හිමිකාරිය එලීෂායි. එලීෂාගේ මරණ පිලිබද පරීක්ෂණ වලදී පරීක්ෂකයන් එහි රදවා ඇති ආරක්ෂක කැමරා පද්ධතිය පිලිබදව තම අවධානය යොමු කරන අතර එලිෂා මිය ගිය දින රාත්‍රියේ පටිගත වුනු වීඩියෝ පටය තුලින් ඔවුන් දකින්නේ කිසිසේත්ම බලාපොරාත්තු නොවුනු දර්ශණයක්. ලොව පුරා ජනප්‍රිය වුනු මෙම වීඩියෝ පටය සම්බන්යෙන් අදටත් බොහෝ දෙනා තර්ක කරනවා . පහත වීඩියෝපටය නරඹන්න.


රාත්‍රියේ හෝටලයේ විදුලි සෝපානය ලගට පැමිණෙන එලිෂා හැසිරෙන්නේ ඉතාමත් අස්වාභාවික ලෙස. කිසිවකුගෙන් බේරිමට පැමිණියාක් මෙන් සෝපානය තුල සැගවන ඇය විටින් විට පිටතට එබිකම් කරමින් කිසිවක් නිරීක්ෂණය කරනු පෙනෙනවා. කිසියම් අද්භූත හේතුවක් නිසාම සෝපනයද ක්‍රියත්මක නොවීම පුදුමයක්. පසුව ඇය පිටතට ගොස් පැමිණ සෝපානයේ සියලුම බොත්තන් ඔබා දැමුවත් සෝපනය ක්‍රියාත්මක වන්නේ නැහැ. පසුව ඉවතට යන ඇය. කිසිවක්  දෙස අවධානය යොමු කරමින් ඉතාමත් අස්වාභාවික ආකාරයට හැසිරෙන බව මීලගට දැක ගත හැකී. කෙසේ හෝ පසුව ඇය දර්ෂණ තලයෙන් ඉවත් වීමත් සමග සෝපානය යලි ක්‍රියාත්මක වන අතර ඇය පිලිබද නැවත දර්ෂණයක් ලැබෙන්නේ වතුර ටැංකියෙන්. මේ වතුර ටැංකිය පිළිබදවද පුදුම සහගත දෙය වන්නේ හෝටලයේ ඉහලම මාලයේ පිහිටා ඇති මේවා වෙත පිවිසීමට කිසිවකුට නොහැකි වීමයි. අගුල් ලූ දොර දෙකකින් මෙම පෙදෙස වැසී තිබුනු අතර එහි ලගා වුවත් වතුර ටැංකිය දිගේ නැග එය තුලට ඇතුල් වීම එලීෂා වැන්නියකට කිසිසේත් කල නොහැකි කටයුත්තක්. එසේ නැගුනද එහි පියන ඉවත් කිරීමද ඉන්පසු ඇතුලට බැස පියන වසා ගැනීමද ඉතාමත් අපහසු කටයුතු මෙන්ම අස්වාභාවික ක්‍රියාවන්. මෙම නිසා මෙම මරණය පිළිබව අදටත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය කිසියම් භූතාත්මයක ක්‍රියාවක් ලෙසයි. එලිෂා කිසිම ආකාරයක මත්ද්‍රව්‍යක් ගෙන නොසිටි බවට හෙලිවීමද මෙය ස්ථිර කිරීමට තවත්  හේතුවක්. එසේම තවත් අයගේ මත අනුව ඇය වතුර ටැංකිය තුල වැතුර ටටී ඇත්තේ සොපානය අසල දර්ෂණ තලයෙන් අතුරු දහන් වූ පස ඉතාම සුලු වේලවකින්. එයද ඇයට වතුර ටැංකියට ලගා වීමට ප්‍රමාණයවත් වෙලාවක් නොවන බවද පැවසෙනවා.

මිනිසුන් කෙසේ කීවද වීඩියෝ පල වුවද අප විසින් මේවා තේරුම් ගැනීමේදී වැඩි දුර කරුණු සොයා බැලීඹ අනිවාර්යය වන්නේ මේ නිසා. ලෝකයම දිව ගියද ඒ නිවැරදි මාවත යැයි කීමට කිසිදු හේතුවක් නොමැත. එලීෂා ගේ ගැටලුව විසදීම පහසුය. පලමු දෙය නම් ඇය බයිපෝලර් ඩිස්ඕඩර් නම් මානසික රෝගී තත්වයෙන් පෙලීමය. බියුටිෆුල් මයින්ඩ් චිත්‍රපටය ඔබ නැරඹුවේනම්  එහි මහාචාර්යය වරයා විදවන්නේද මෙම රෝගයෙන්. විවිධ රූප පෙනීම නැතිනම් අස්වාභාවිකව හැසිරීම මෙම රෝගයේ සමහර ලක්ෂණයන්ය. අනෙක් අතට විදුලි සෝපානයේ මුලින්ම නැග ඇය ඔබන්නේ තවදුරටත් දොර හැරී තිබීමට එබිය යුතු බොත්තම බව මගේ හැගීමයි. එසේම සමහර සෝපාන එහි එහා මෙහා කිසිවක් යන විටත් දොර වැසීම ප්‍රමාද කරයි. මේ සියල්ල මේ සෝපානයේ දොර හැරී තිබීමේ කාලය තුල දැක ගත හැකී. එසේ නම් ඉතිරිවන ගැටලුව වතුර ටැංකිය ලගට ගියේ කෙසේද යන්නයි. සැවොම සෑම විටම සැබෑ දේම නොකියයි. හෝටල් සේවකයින් දොරවල් අගුල් නොදමා සිටීමට හොදටම ඉඩ ඇති අතර පසුව මරණ පරීක්ෂණ වලදී තමුන්ගේ අතපසු වීම හෝ වැඩ පැහැර හැරීම හෙලිවීම වැලැක්වීමට තමුන් සුපුරුදු ලෙස අගුල් දමා තිබුනු බව පවසන්නට ඇත.  එසේ නොවී ඇලීෂෘ දොර විනිවිදගෙන ගියා විය නොහැක. එසේම වතුර ටැංකියට ගොඩ වී එහි පියන වසා ගැනීම  වැනි අසාමාන්‍ය කටයුත්තක් පියවි සිහියෙන් සිටින්නකු සිදු නොකරන අතර එලීෂාට පියාසර කිරීමේ හැකියාවක් නොතිබුනු නිසා හොදම පැහැදිලි කිරීම වන්නේ ඇගේ අවසානය සදහා කිසියම් පුදුගලයකු හෝ දෙදෙනෙකු සහභාගී වන්නට ඇති බවම වෙයි. සමහර විට ඇයගේ ස්වභාවය දැක ඔවුන් එයට පෙලඹුනා වීමටද හැක.ඒ අනුව අගුල් නොලෑ දොර අතරින් යාම ඔවුන්ම සොයා ගත්තක් විය හැක. දැනට ප්‍රසිද්ධව ඇති කරුනු ලෙසම එය හෝටලයේ පැරණි නේවාසිකයින් වීමට හොදින්ම ඉඩ ඇත. මෙවැනි පුවත් අද්භූත වීමට තරම් කරුණු නොවන බවට සෑම විටම සිහියේ තබා ගත යුතුය. කෙසේ වුවත් සමහරුන් එලීෂා සෝපානයෙන් පිටවුනු වේලාව දැන සිටියද ඇය වතුරට වැටුනු වේලාව සොයාගෙන ඇති අකාරය නම් පුදුම සහගතය.

වෙන අදහසක් වේ නම් කොමන්ට් කරන්න.

Sunday, July 5, 2015

මේ ජීවිතයේදීම නිවන් දැකිය යුත්තේ ඇයි?


සාමාන්‍ය ජීවිතයේදී මිනිසුන් මෙන්ම සත්ත්වයින්ද ඉපදීමෙන් පසු බොහෝ විට ගත කරන්නේ ඒකාකාරී ජීවන රටාවකි. මිනිසා නම් ඉපදීමෙන් පසු කිසියම් වූ ශිල්ප ශාස්ත්‍රයක් උගනියි, ඒ අනුව ජීවිකාව සිදු කර ගනී. ආවාහ විවාහ වෙයි, දරුමල්ලන් තනයි,අනතුරුව ජරාවට ගොස් මරණයට පත්වේ. මිළ මුදල් ලැබෙන ආකාරය අනුව සිතන ආකාරය අනුව නිරෝගී බව යන කරුණු මත මෙම ජීවන  රටාවේ යම් යම් වෙනස් කම් සිදුවිය හැකි නමුදු වැඩි බහුතරයකගේ එකම පැවැත්ම මෙය වේ. ළමා තරුණ කාලවලදී කෙලිදෙලෙන් ගත කලද කිසිවක් නොතැකුවද බොහෝ දෙනෙකුට මරණය පිළිබදව සිහිවන්නේ වයසට යෑමත් සමගිනි. ඒ බිය  නිසා ඒ සදහා පෙර නොසිතුනු උපක්‍රමද මතක් වේ. එනම් පෝයටවත් පන්සලට ගොඩ වී ශීල සමාදානයේ යෙදීමය. බොහෝ දෙනෙකු ඒ පිලිබදව සිතමින් තම තරුණ කාලයේ කල වැරදි අමතක කරමින් සිත හදා ගනිති. නමුත් තවත් සමහරුන්ට වයසටයත්ම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී අවසානයේ පන්සල් යෑමටවත් නොහැකි තත්වයකට පත් වේ. එවිට ඔවුන්ට මෙතුවක් කල් තමුන් කල මොඩ ක්‍රියවන් වැටහේ. මේ ලෝකයේ වයසට යන විට නැතිනම් අඩුම තරමින් තම තරුණ විය ගෙවී යන විට, අවුරුු තිහ පැන්න විට තම ගෙවී යන ජීවිතය බලා සුලු වූ හෝ දුකක් ඇති කර නොගන්නා මිනිසකු ගැහැණියකු නොමැත. නමුත් එය හරිහැටි තේරුම් නොගැනීම හේතුවෙන් ඒ කාලයේදීවත් මිනිසුන් තම ජීවිතයේ අනිත්‍ය බව පිලිබදව තේරුම් නොගනියි.

නමුත් වයසට ගොස් හෝ පොහොය දින සිල් සමාදන් වීම සදහා පැමිණෙන බොහෝ පිරිස් එකල්හිද වරද්දා ගනිමින් එම ශිල ක්‍රියාවෙන් බලාපොරාත්තු වන්නේ මීලග ආත්මයේ සුගතියකට පත්වීමයි. මෙය බොහෝ කොට දිව්‍ය සැපයි.(අවස්ථාවට මතක් වුනු දෙයක් මෙහිදී කිව යුතුය. සමහරුන් මිනිසකු කරන ක්‍රියාවන් පසු භවයේදී දිව්‍ය සැප හෝ ඔහුට ලැබෙන් මිල මුදල් වලට කෙසේ මුල් වේ දැයි අසති. අද දැනුමේ හැටියටද සියලු දේ සාපේක්ෂ වේයැයි බොහෝ දෙනෙකුට අවබෝධ කරගත හැකි වේයැයි සිතමි. ඒ අනුව සත්ත්වයාද ඔශු මතු ලබන සියලු දේද සාපේක්ෂ දේවල්ම වේ. ඒවායේ කිසිදු ගතිකත්වයක් නොමැත. ඒවා දිව්‍ය සැප හෝ යාන වාහාන හෝ මිල මුදල් ලෙස හදුන්වාගන්නේ මේ සාපේක්ෂ බවේම සිටින අප විසිනි. ) කිසියම් හේතුවක් නිසා එය වැරදුනොත් අඩුම තරමින් මනුෂ්‍ය භවයේ වුව හොද තැනක ඉපදීමට මෙම ශිලය හා පින්කම් ඉවහල් වනු ඇත. බුදු දහමේ ප්‍රධාන පරමාර්ථය වන නිර්වානය ඔවුන් සිතන්නේ ඉබේ සිදුවන්නක් ලෙසය. එනම් ලබන භවයේ දිව්‍ය සැප ලැබ නිවන් දැකිය හැක. නමුත් මේ භවයේ උත්සාහ නොකරන නිර්වාණය තවත් ඉතාමත් සැප ඇති තැනකදී කෙසේ වඩයිදැයි ඔවුන් සිතන්නේ නැත. එසේම තවත් පිරිසක්තුල නිර්වාණ්‍ය පිළිබදව ඇත්තේ බියකි. එනම් තමුන් නැති වන බවද, තවදුරටත් කිසිදු ලෞකික සැපයක් නොලබන බවත් සිතා පසුවට මෙවැන්නක් තේරුම් ගැනීමට මෙන් සිතා දිව්‍ය සැපම ප්‍රාර්ථනා කෙරෙති. මේ සියලු දේට හේතු වී ඇත්තේ සංසාරය පිළිබදව ඇති නොදැනුවත් කමයි . එහි භයානක කම ඝෝරතර බව පිලිබද ඇති නොදැනුවත් කමයි. මෙම නිසා මේ ලිපියෙන් අප අදහස් කරන්නේ මේ ජීවිතයේදීම සැවොම නිවන් අවබෝධ කර ගත යුත්තේ ඇයි යන ගැටලුවට පිළිතුරු ලබා දීමයි.
 
කිසියම් කෙනෙකු මේ ජීවිතයේදී දන් දීම් සිල් රැකීම් ආදී පින් කොට මතු දිව්‍ය සැප ප්‍රාර්ථනා කරයි යැයි සිතමු.  ඔහුගේ ප්‍රාර්ථනය අනුව පින් රැස්කිරීමද සිදු කර ඇති බැවින් මතු දිව්‍ය ලෝකයේ උපදී.නමුත් සියල්ලම අනිත්‍යය. කවදා හෝ ඔහුට ඉන් චුතවීම අනිවාර්යය වේ. ඉන්පසු ආත්මයක ඔහු සැප ඇති මිත්‍යා දෘශ්ටික පවුලක උපත ලබයි. මන්ද යත් බුදු දහම සෑම කාලයකම නැත. වැඩි පුර සිටින්නේද මිත්‍යා දෘශ්ටිකයන්ය. කොතරම් සැප ලැබුවත් දැන් මේ මිත්‍යාදෘශ්ටික බවෙන් ගැලවීමට ඔහුට හැකිවේද? පෙර තමුන් පිලිකුල් කල ප්‍රාණ ඝාත , අන්‍යයන් තැලීම් පෙලීම්, දේව යාතිකා, හදි හූනියම්, වැනියම් දෙයක් තිබුනද දැන් මිත්‍යාදෘශ්ටියේ නාමයෙන් එය සිදු කරයි. එයම සත්‍යයැයි සිතයි. මතු නැවත කිසිදා නොඑන ලෙස දුගතියෙහිම වැටේ. නැවත යම්තම් පිනට හෝ මිනිස් ලොවට පැමිනියද ඒ වන විට බොහෝ දුරට බුදු දහම නොමැත. නැතිනම් බෞද්ධයකු වී  ඉපදුනද වෙනත් මිත්‍යා දෘශ්ටීන්ට පහසුවෙන් යටවී ඒ වෙත ඇදී යයි. මන්ද යත් පුරුද්ද ඇත්තේ එයටම බැවිනි. අද වුවද උපතේ සිට බෞද්ධයකුව සිට අනෙක් ආගම් වෙත ඇදුනකුගේ හැසිරීම් බලන්න. ඔවුන් එහි ඉතාමත් භක්තිමත්ව හැසිරෙනු දැකිය හැක. කාශ්‍යප බුදු රජානන් වහන්සේ වැඩ සිටින සමයේ බුදු වරුන් විසිතුන්දෙනෙකුගෙන නියත විවරණ ලබා සිටි බෝධි සත්ත්වයන් මිත්‍යාදෆෂ්ටික බමුනකුව උපත ලබා තිබුනි. වර්ථමාන සක්දෙව් රජු එවකට බෝධිසත්ත්වයින්ගේ හොදම මිතුරා බවට පත්ව සිටියේය.නමුත් බෝධිසත්ත්වයින් වෙත කොතෙක් ඇවිටිලි කලද බුදු බන ඇසීමට යාම ප්‍රතික්ෂේප කලේය. ඒ මදිවාට බුදුන්ට පරිභව කිරීමද සිදුකලේය. මෙම පරිභව කිරීම බුදු වුනු පසු පවා පළදුන් කර්මයක් බවටද පත්විය. පසුව බෝධි සත්ත්වයන්ගේ හොදම මිතුරා උපක්‍රමයක් දමා බෝ සතුන් කාශ්‍යප බුදුරජානන් වහන්සේ වෙත රැගෙන යනු ලැබුනු අතර එහිදී බන ඇසීමෙන් බෝධි සත්ත්වයින් නැවතත් ශාසනය වැළද ගත්තේය.  පාරමිතා පිරීමෙහි උපරිමයට ලගා වී සිටි බෝධි සත්ත්වයින්ටත් මෙසේ වේ නම් අප වැනි පිරිස  පිළිබදව කථා කිරීමට දෙයක් නොමැත.

බුදු කෙනෙකුන් උපදින්නේ අති දීර්ඝ කාලයකට පසුවය. වසර ගණනක සුලු ජීවන කාලයක් ලබා  මිනිසත් බව ලබන සත්ත්වයාට එවන් සමයක්  මගහැරීයාම ඉතාමත් සුලු දෙයකි. නැවතත් සත්ත්වයා එම භවයට පැමිණෙන්නේද නැත. යම් හෙයකින් බුද්ධෝත්පාද සමයක උපත ලැබුවද එහිදී ධර්මය ඇසිය හැකි ආකාරයට ඇස් හා කන් පිහිටා අංගවිකල නොවී උපත ලැබිය යුතුය. තෙරක් නොමැති සාගරයේ වෙසෙන එක් ඇසක් කන කැස්බෑවෙකි. වසර සියයකට පමනක් මේ කැස්බෑවා ඉහලට පැමිණෙයි. එම එන අවස්ථාවේම අනන්ත සාගරයේ පාවි එන විය ගසක සිදුරක් ද කැසුබුවා සිටින පෙදෙසට පැමිණෙන අතර කැස්බෑවා අහස් දකිත්ම ඒ දකින්නේ ඒ පාවී යන විය ගසේ සිදුර තුලිනි. මිනිස් ආත්මයක් ලබා ගැනීමේ දුශ්කර බව මින් පෙන්වා ඇත. එනම් ඉතාමත් සුලු සම්භාවිතාවකින් යුතු අවස්ථාවකි. එනම් එක් අතකට එක් වරක් ලබා ගත් මිනිස් බව බොහෝ දෙනෙකුට නැවත නොලැබෙන බව සිතා ගත්තද එහි වරදක් නොමැත. මෙසේ ලබන මිනිස් භවයේද වැඩි සම්භාවිතාවක් ඇත්තේ නොමග යාමටම වේ. 

වරක් බුදු රජානන් වහන්සේ නිය පිටට වැලි ටිකක් රැගෙන මේ ලෝකයේ මනුෂ්‍ය භවයෙන් චුතවී මනුෂ්‍ය ලෝකයද ඇතුලු සුගතියක උපත ලබන්නේ මුන්ගේ නිය පිට ඇති වැලි ටික පමන පිරිසක් බව දැක්වූ සේක. නොගිනිය හැකි තරම් වුනු දුගතියෙහි උපදින අනෙක් සියලුම සත්ත්ව සංක්‍යාව මහ පොලවෙහි වැලි ප්‍රමාණය මෙන් අනන්ත වූ ප්‍රමාණයකි. එනම් මිනිසත් බව ලැබීම හෝ සුගතියක ඉපදීම මෙන්ම ලබා ගත් ජීවිතයේ කිසියම් කුසලයක යෙදීම කොතරම් දුර්ලභ දැයිද මේ අනුව සිතා ගත හැක. එසේම බුදු රජානන් වහන්සේ මෙම නිය පිටට ගත් වැලි ස්වල්පයේ උපමාව මෙලෙසම තිරිසන් ලෝකයටද, අපායන්ටද, දිව්‍ය ලෝකයන්ටද අදාල කෙරෙයි. ඒ අනුව දිව්‍ය ලෝකයේ ඉපදීමෙන් පවා සත්ත්වයා මුලාවී නිරතුරුව වඩන්නේ අකුසල්ම බව අපට පැහැදිලි වෙයි. දිව්‍ය ලෝකයේ අනන්ත සැප විදින දෙවිවරුන් පවා වැඩි කොට මරණින් පසු උපදින්නේ නරකය, තිරිසන්, අපාය, අටමහා නරකය, ප්‍රේත අපාය වැනි දුගතියකම පමණි.

පුරාණ සිසිලියේ පලාරිස් නම් රජෙක් විය. ඒ සමයෙහි මරණ දඩුවමට යටත් වුනු පුද්ගලයන්ට දඩුවම් දීම ප්‍රසිද්ධියේ සිදුකල සමහරුන්ට විනොදය ගෙන දුන් ක්‍රියාවක් විය.රජුගේ අණ පරිදි පිලේරස් නැමති පුද්ගලයකු විසිත් කුහරමය ලෝකඩ ගවයකු රජුට තනා දුන්නේය. පොර අල්ලන හරකකු ගේ රුවින් තැනුනු එහි බඩ මැදින් ඇති කුහරයට සිරකරුවකු දමා අගුල්ලා ගිණිතැබිය යුතු විය. පණපිටින් රෝස් වන පුද්ගලයාගේ මරලතෝනිය කිසියම් නලපද්ධතියකින් පිටතට පැමිණියේ හරියටම කුලප්පු වුනු හරකකුගේ හඩිනි. මෙම උපකරණය පිලිගැන්වීමේදී රජුට එහි ක්‍රියාකාරීත්වය හරියටම සිදුවේ දැයි බැලීමට අවශ්‍ය විය. ඒ සදහා ඔහු එහි නිපැයුම්කරුට ඒ තුලට රිංගා ලතෝනි දෙන මෙන් පැවසීය. පිලේරස් ගවයා තුලුට රිගු සැනිනි එහි පිටත අගුලු වැසුනි. යටින් ගිණ්දරද දැමුනි. මියයන පිලේරස්ගේ හඩ හරියටම ගවයකුගේ නාදය අනුකරනය කෙරෙමින් හරකාගේ මුවින් පිටවිය. බාගයට මැරුණු  පිලේරස් පසුව කන්දක් මුදුනින් අතහරිනු ලැබුනි. මෙසේ දිට්ඨ දම්මවේදනියවම එම භයානක යන්ත්‍රය පලමු ගොදුර ලෙස එහි නිර්මාපයාවම බිලිගත්තේය. එතැන් පටන් හැට ගණනකගේ පමන ජීවිත බිලිගත් මේ යන්ත්‍රය අවසානයේ මහරජ පලාරිස්වද බිලිගත්තේය. යන්ත්‍රය මුහුදට විසිකරනු ලැබුනි. මෙය බිහිසුණු දඩුවමක් ලෙස අපට දැන් සිතුනද මේ වනාහී අපගේ සාමාන්‍ය සංසාර ජීවිතයයි. අපි මෙවැනි දඩුවම් වලට අනේක වාරයක් ලක්ව ඇති අතර ඉදිරියේදීත් සෝවාන් නොවුවහොත් ලක්විය හැක. එසේම අ්‍යයන්ටද අප මෙවැනි දඩුවම් පමුනුවා ඇති අතර ඉදිරියේදීද සෝවාන් නොවුවහොත් පනවනු ඇත. එසේම මිනිස් ලෝකයේ දරුණ දඩුවම් ලෙස හිස ගැසීම් අත්පා කැපීම්, ඉන්ද්‍රයයන්ට හානි කිරීම්, ගිණි තැබීම්, ඉරීම් ,හමගැසීම් , ගල් ගැසීම් ආදී තෙරෙක් නොමැති දඩුවම් ඇත. මේවා පෙර එලිපිටට සමහරක් අද සොර රහසේද සිදු කෙරේ. නමුත් බුදු රජානන් වහන්සේගේ දේශනා අනුව මෙම වධ ක්‍රම කිසිවක් වත් අපායකදී සත්ත්වයකු ක්ෂණයකදී ලබන දුකට සමාන නොවේ. හතර වටින් ගිණියම් ලෝහමය බිත්ති වලින් වටඋනු මේවායේ අනේ දුකයි අනේ මහන්සියි කියා හෝ මොහොතක් වත් බිම ඇලවීමටවත් නොහැක. මෙම් ගිණියම් වුනු නිරයේ පැසෙමින් සත්ත්වයෝ නැවතත් අනන්ත ඉරීම් කැපීම් කෙටීම් වලට ලක්වෙති.  

මෙම අපායන්ගේ දුකට අමතරව ඒවායේ කාල සීමාවන් පිළිබදව ඇසීම තවත් මෙහි දරුණු බව වඩවයි. මිනිසාට ආසන්නම චතුර්මහාරාජික දිව්‍ය ලෝකයේ උපදින දෙවියකුගේ සම්පූර්ණ ආයුශ දිව්‍ය අවුරුදු පන්සීයකි. එනම් මිනිස් ලොව අවුරුදු පනහක් එම ලෝකයේ එක් දිනෙකි. එවන් දින තිහක් මාසයකි. එවන් මාස දොලහක් අවුරුද්දක් වන අතර එවැනි අවුරුදු පන්සියයක් එහි පරමායුෂ වෙයි. මෙම ආයුෂ මනුෂ්‍ය ලෝකයට ආසන්නම පලවන ආපාය වන සංජීවකයෙහි එක දවසකි . එවන් දින තිහක් මාසයකි. එවන් මාස දොලහක් අවුරුද්දකි. එවන් අවුරුදු දහසක් එහි පරමායුෂ වෙයි. එලෙසම දෙවන දිව්‍ය ලෝකය වන තුසිතයේ මිනිස් අවුරුදු සියයක් එක් දවසකි. එවන් දින තිහක් මාසයකි. එවන් මාස දොලහක් අවුරුද්දක් වන අතර එවැනි අවුරුදු දහසක් එහි පරමායුෂ වෙයි. දෙවන අපාය වන කාලසූත්‍ර යේ එවැනි අවුරුදු දහසක් එක් දිනකි.  එවන් දින තිහක් මාසයකි. එවන් මාස දොලහක් අවුරුද්දක් වන අතර එවැනි අවුරුදු දෙදහසක් එහි පරමායුෂ වෙයි. මෙසේ අටවන අපාය වන අවීචියේ පරමායුෂ අන්තහ් කල්පයක් වෙයි. එය කොතරම් ගීනියම්ව ඇත්දැයි පවසතොත් ගවු හාරසියයක දුර සිට පවා නරඹන්නකුගේ දෑස් පුපුරා යයි. එසේම සාමාන්‍ය පොලවේ එක් බිම් අගලක පවා සදහස් ගණන් වුනු ක්ෂුද්‍ර ජීවියෝ ඇත. (ක්ෂුද්‍රව ඉපදීමද බුදු දහමේ සදහන් වන පරිදි අධික දුක් ගෙන දෙන ස්ථානයකි.). මෙසේ පෘථිවය මත මිනිසාවද ඇතුලු සියලුම සත්ත්වයින් දිව්‍ය ලෝක ආදිය සැලකුවද අවිචිමහ නරකයේ  ඕනෑම මොහොතක මීට වඩා අති විශාල සංඛ්‍යාවක් දුක් විදින බව පැවසේ. මෙනයින් සාමාන්‍ය ජීවිතයේ අප දඩුවමකට හසු වීම වනාහී සාමාන්‍ය දෙයකි. එසේම පසු කලක අපායෙන් චුත වුනද උපදින භවයන්ගේ නැවතත් මිත්‍යාදෘශ්ටික වීමටම ඇති ඉඩකඩ වැඩිය. මිත්‍යාදෘශ්ටිය පංචාන්තර්යීය කර්මයටත් වඩා භායනක වන්නේ මෙනිසාය. මිත්‍යාදුෘෂිටිය වැලද ගත්තකු නැවතත් සුගතියක නූපදියි යන්නම සිතා ගැනීම සුදුසුය. අනිත් අතට දුගති භවයන්හි චුති සිත බොහෝ විට දුක් හෝ ද්වේශ සහගතම වේ. මෙම නිසා නැවත නැවතත් ප්‍රේත තිරිසන් හා මහනරක වල ඉපදෙමින්  යමින් සත්ත්වයා අනන්ත දුක් විදිති.  

විශ්වය අනන්තය මේ අනන්ත වූ විශ්වයේ බුදු කෙනෙකුන් පහල වන්නේ අප සිටිනා මේ මගුල් සක්වලේ  පමණි.
අනන්ත විශ්වය
මෙම නිසා අනන්ත විශ්වයේ අනන්ත වූ ලෝක වල කුසල් අකුසල් නොමැති අනන්ත වූ ලෝක වල ඉපදෙමින් ධර්මයක් කියා කිසිවක් නොදැන අකුසල්ම කරමින් ඒ ඒ ලෝක වලට අයත් වූ නරකවල ඉපදෙමින් අනන්ත වූ දුක් විදිති. මෙම සත්ත්වයන් කෙරෙහි අපරිමිත අනුකම්පාවෙන් යුතුව බුදු බවට පත්වන සෑම බුදු වරයෙක්ම මේ සත්ත්වයන්ගේ සුවය පතාම මහා විශ්වයට සවණක් රැස් ධාරාවක් මුදා හරින බව පූජා වලියෙහි දැක්වේ. අද දක්වාත් අනන්ත විශ්වය පුරා මේ සවනක් රැස් නිරාමිස් වුනු නේක වර්ණයෙන් බබලමින් ඇදී යයි. කිසියම් ලෝකයක සිටින සත්ත්වයකු මේ සවණක් රුස් දැක අහෝ වර්ණවත් වුනු රැස් දහරකියි කුසල සිතිවිල්ලක් පහල කර ගෙන එම කුසලයෙන් මේ අපගේ මගුල් සක්වල පහල වන බැව පැවසේ. මෙම සත්ත්වයා ඉන්පසු ඉපදෙමින් මැරෙමින් යන්නේ කවදා හෝ කැරකී පෘථිවයට පැමිණ බුදු දහම පවතින සමයක ධර්මය දරා ඝෝරතර සසරින් එතෙර වීමට කරුණු කර ගනී. නමුත් කිසියම් සත්ත්වයකු මෙහිදී නැවත මිත්‍යා දෘශ්ටියට වැටෙන්නේ යලි කිසිදා නොඑන ලෙස අනන්ත ඝෝර සසරේ අනන්ත වූ විශ්වයෙහි අතරමන් වීමද සිදුවිය හැක. බුද්ධෝත්පාද සමයක බෞද්ධයන් ලෙස ඉපිද පවා වෙනත් ආගම් කෙරෙහි යොමුවන්නන් මේ අනුව සිදු කරගන්නා පාඩුව සලකා බලන්න.      


මේ දුක් වලින් මිදී සිටීමටනම් කිසිදු ලෙසකින් පවක් සිදු නොවන ලෙස පිනෙහිම යෙදීමයැයි කිසිවකු සිතයි නම් එය කිසිදා සිදු නොවන බව ඉහත කරුණු අනුව පැහැදිලි වේ. පව් අප සොයා ගෙන අවස්ථාද ඇත. සෝවාන් වත් නොවුනු කිසිවකුටවත් පව් කිරීමෙන් ගැලවී සිටීමට නොහැක.  එම නිසා මේ ගිණි ගොඩින් මිදීමේ එකම මග නම් නිර්වාණවබෝධයයි.  නිර්වාණයම සැපයි, එයම ශාන්තයි, එයම ප්‍රනීතයි, දිව්‍ය බ්‍රහ්ම සැප එහි කුඩා කොටසකටවත් සම කල නොහැක. නිර්වාණ අවබෝධය ලබා ගත් බොහෝ භික්ෂූන් නැවත කිසිදා දුකක් නොවිදන සේ සදාකාලික සැපයට පත්ව මෙසේ උදම් අනයි.  නැවතත් ඔවුන්ට සා පිපාසාවක් තරම්වත් දුකක් නොමැත. ඔවුන් අල්ලා අපායෙහි හෙලිය හැක්කෙක් නැත. සදාකාලික සැපයම පමනි. අනේක වදන් වලින් මෙසේ විස්තර කෙරෙන් නිර්වාණය අවබෝධ කිරීම සදහා සිදු කල යුත්තේ අනිත්‍ය යන්න තේරුම් ගැනීමයි. එයට සිත යොමු කර ගැනීමයි. සියලුම සමථ භාවනාවන් කෙලවර වන්නේ උතුම් වූ නිර්වාණය අවබෝධ කර දෙන විදර්ශණා භාවනාවට බැසීමෙන්. අකුණක් ගසන තරම් කාලයක් හෝ වඩනා මෛත්‍රී සිහියෙන් බුදු කෙනෙකුට ලබා දුන් දානකටත් වඩා අනේක ආනිසංස ලගා කර දෙන බව ධර්මයෙහි දැක්වේ. සියලු සතුන්ට මෛත්‍රිය කිරීමේ ආනිසංශ කියා නිම කල නොහැක. එයට පසුව ඇති අනිත්‍ය මෙනෙහි කිරීම වනාහී මෛත්‍රියද පරදවා ආනිශංස ලබා දේ. කිසිවකු නිර්වාණයට එලඹෙන අටියෙන් අනිත්‍ය වඩයිද ඔහු අපාය ගාමී නොවේ. ඒ භවයේ සෝවාන් වීමටවත් නොහැකි වුවද මරණින් මතු දිව්‍ය බ්‍රහ්ම සැප ලැබීමටද කෙලවර අමා මහ නිවනින් සැනසීම ලබා දීමටද උපකාර වේ.  මෙම නිසා තමුන්ගේ ඇස් කන් නාස් ශරීරය වැනි ඉන්ද්‍රියයන් කෙරෙහි හෝ ජීවිතය කෙරෙහි හෝ අනාපාන සතියෙහි සිත පිහිට වී නම් එහි හුස්ම වටෙන වාරයක් පාසා හෝ නැතිනම් බාහිර වස්තු දකින විට හෝ ඒ වායේ අනිත්‍ය බවම සිහි කල යුතුය. එය මේ දිවියේදීම සත්ත්වයාගේ මමත්වය අඩු කරන අතර මේ දිවියේදීම  දුක් වේදනා බිය අඩුකර දිමට සමත් වෙයි. අනිත්‍ය මෙනෙහි කිරීම තුලින් අප මෙනෙහි කරන්නේ සියලුම දේට පොදු ධර්ම තාවයකි. සියලු දේ අනිත්‍යම වේ. අපද ඉපිද මැරේ ,ලෙඩ රෝග වලට යොමු වේ. අපගේ නෑසිය යහලුවෝද , අපගේ ගේ දොර යාන වාහනද කවදා හෝ විනෂයටම යයි. එම නිසා මේවා කෙරෙහි ඇලී සිටීමෙහි කිසිදු තේරුමක් නොමැත. ඇලී සිටින්නේ මේවායේ අනිත්‍ය බව නොදකිනා හෙයිනි. සෑම මොහොතකම සෑම දෙයක්ම වෙනස් වේ. මෙයට හොදින්ම සිත යොමු වුනු විට මා වනාහීද වෙනස් වන සංස්කාර ගොඩක්ම පමණි, අනෙක් දේද එසේමය මේ වෙනස් වල සංස්කාර ගොඩෙහි වෙන් කර ගැනීමක් නිසා මා යන හැගීමක් ඇතිවී ඇත. ඒ තුල මා දුටු , විදි දේ සියල්ල අනිත්‍ය මගින් මැවුනු මායාම්ම බව තේරුම් ගනී. එවිට තමුන් යන්නකු සැබැවින් නොමැති බවත් අවබෝධ කර ගනී. මෙසේ අනිත්‍යය අවබෝධ කර ගනිමින් එය තේරුම් ගැනීමත් සමග ඒ ඔස්සේ මැවී තිබුනු රූප වල අනිත්‍යයද ප්‍රකට වේ. මෙම අවබෝධයම නිර්වාණයයි. එසේ හැරුනු කොට නිර්වාණ අවබෝධයත් සමග නැතිවුනු හෝ ලබාගන්නා දෙයක් නොමැත. තමුන් මෙන්ම බාහිර ලෝකයද දැනටමත් නොපවතින මායාවක් බව තේරුම් ගැනීමෙන් පසු ඒ ඒ දෙයෙහි සිත අලවනා තෘෂ්නාව බිදී යයි. භව තෘෂ්නාවද මෙසේම කෙලවර වේ. ගලායන සැඩ පහරට ඔබ එකග වීමක් වැනිය. එහි උඩුගම් බලා පිහිනීමට උත්සාහ නොකරයි. 

මෙම නිසා සියලුම දෙනා හැකි සෑම විටම සුලු වෙන් හෝ අනිත්‍යය කෙරෙහිම සිත අලවාගෙන බුදුන් වහන්සේගේම දේශනාව ලෙස හිස ගිණි ගත්තකු ඒ ගිණි නිවීමට උත්සා කරන්නාක් මෙන් අඩුම තරමින් මේ දිවියේදීම සෝවාන් මාර්ගයටවත් පත්වීමට උත්සාහ ගත යුතුය. එසේ නොවුවද අඩුම තරමේ එම උත්සාහය නිසා දුගති උප්පත්තියක් ලබා නොදීමටද මෙය හේතුවේ . එසේ නොකර අනාගතයේ දකින් මෙතේ බෝ සතුන් කෙරෙහි මහණව නිවන් දැකීම වැනි දේ ප්‍රාර්ථනා කිරීමේ තේරුමක් නොමැති බව පැහැදිලි විය යුතුය.  එසේම
පොහොය දිනටවත් කවුරු සිනා වුවද ගණන් නොගෙන පන්සලට ගොස් සිල් රැකීමටවත් පෞර්ෂයක් තිබිය යුතුය. මන්ද යත් සිනාව අනෙක් පස හැරවීමට වැඩි කල් ගත නොවන නිසාය. 

අපාය පිළිබද විචිත්‍රවත් විස්තරයක් ඇති විශිෂ්ඨ ධර්ම දේශනාවක්. වෙලාවක් තිබේ නම් මදක් හෝ අසා බලන්න. අන්‍යන්ටද දැන ගැනීම සදහා බොදා ගන්න. http://www.driveplayer.com/#fileIds=0B9vI6hvJVGt3Nlg4bGtMNnJUWUU&userId=114554734001336780074

අපාය කලා කරුවකුගේ ඇසින් 



http://noble-dhamma.blogspot.com/2010/06/blog-post_23.html


Friday, July 3, 2015

සමලිංගික ව්‍යසනය (18+)

අමෙරිකාව සමලිංගික විවාහ නීතිගත කිරීම ලංකාවේ සමහරුන්ට අමානන්දයක් වූයේ කෙසේ දැයි නොවැටහේ.මන්ද ලංකාවේ අමෙරිකාවේ තරම් සමලිංගික තද බදයක් නොමැති බැවිනි.  මගේ පෞද්ගලික මතය අනුව නම් සමලිංගික විවාහ අනුමත කල නොහැක. ඒ සමහරුන්ට අනුව සමලිංගික භීතිකාවක් නිසා නොව එහි ආදීනව පැහැදිලිව පෙනෙන නිසාය. අමෙරිකාව යනු බොහෝ අතවලින් නා ගත් රටකි. ළමා අපචාර , මිනී මරුම්, මං කොල්ල, පැහැර ගැනීම්, මත්දුව්‍ය, ස්ත්‍රී දූශණ,ජාතිවාදී කලබල, නිල් චිත්‍රපට serial killerලා ආදී මෙකී නොකී සෑම දහජරාවකටම උරුමකම් කියන රටකි. රටේ ප්‍රධාන ආදායම් මාර්ගය අවි ආයුධ වෙළදාමයි. මේ සියලු දෙයින් සැපිරීගෙනද අනෙක් රටවලට යහපත් පැවැත්මක් සදහා බන දේශනා කරන්නේද අමෙරිකාවයි. යුරෝපයේ යම් රටවල් හා අමෙරිකාවේ සභ්‍යත්වය සැලකූ විට අමෙරිකාව තුල පැතිර ඇති ක්‍රිස්තියානු ආගමේ නිදහස නිසා අනෙක් යුරෝපීය රටවල නැති නිදහසක් අමෙරිකාව තුල දැක ගත හැක. මෙයටත් වඩා මා දකිනා ලෙස අමෙරිකාව සාදාචාරාත්මකව පිරිහීමට බලපෑ මූලික සාධකය අසීමිත මාද්‍ය නිදහසයි. ඔවුන්ගේ ටීවී නාලිකා වලින් හිතූ සේ ඕනෑම අයෙකුට මඩ ගැසීම් අපහාස කිරීම් සිදු කල හැක. උදාහරණයක් ලෙස මයිකල් ජැක්සන්ගේ මරණයට පසුදා සවුත් පාර්ක් කාටූන් වැඩසටහනින් ඔහු පිළිබදව ඉතාමත් උපාහාසාත්මක වැඩසටහනක් ඉදිරි පත් කොරිනි. ඒ මයිකල් ජැක්සන් අපායට යන ආකාරය නිරූපනය කරමිනි. එසේම කෘෘරත්වය හා ලිංගිකත්වය පැතිරවීම අතින්ද මෙම මාධ්‍ය ඉදිරියෙන් සිටී. සමහර විට නොසිතන ආකාරයේ දේ තුලින්ද ඔවුන්ගේ මේ හැසිරීම් දැක ගත හැක.

උදාහරණ්‍යක් ලෙස ඩිස්නි ආයතනය සැලකෙන්නේ කුඩා ළමුන් සදහා විශේෂයෙන් පෙනීසිටින ආයතනයක් වශයෙනි. පහක වීඩියෝවෙන් දැක්වෙන්නේ ඩිස්නි හා අනෙකුත් ආයතන මගින් කුඩා ළමුන් උදෙසා නිකුත් කල සෙල්ලම් බඩු රැසකි. ඒවායේ ගැලපීම පිළිඹද මෙය නරඹා සිතා බලන්න.


එසේම නව යොවුන් හා කුඩා දරුවන්ගේ චිත්‍රපට වල ළමුන්ට නුසුදුසු ජවනිකා දැක්වීම සාමාන්‍ය සිදුවීමකි. අනවශ්‍ය සිප ගැනීම් හා ලිංගික හැගීම් ඇතිවන ආකාරයේ දර්ෂණ මේවා තුලින් බොහෝ විට සොයා ගත හැක. උදාහරණයක් ලෙස මෙරට ප්‍රේක්ෂකයන් අතරද ජනප්‍රිය වුනු GOONIES ළමාා චිත්‍රපටයේ එන සිප ගැනීමේ දර්ශණ සලකන්න. ළමයෙකුට කිසිවක් අනවශ්‍ය නම් එය අනවශ්‍ය මිස මදක් තිබිය යුතුය අඩක් තිබුනාට කම් නැති යන්න තේරුමත් නැති දෙයකි. පහන් දැල්ල කුඩා වුවද වැඩි වේලාක් රත්කිරීඹ මගින් වැඩි තාලයක් ලබා ගත හැක. පහත වීඩියෝ පට නරඹන්න. කුඩා ළමුන් සදහා වන වැඩ සටහන් වල අන්තර්ගත වුනු දේ කිහිපයක් මින් දැක ගත හැක. සමහරුන්ට අනුව මේවා ළමුන්ට නොතෙරේන සේ වැඩිහිටියන් වෙත් දැක්වූ ඒවාය. එවැනි අවස්ථා සැබැවින්ම බොහෝමයක් ඇත. විශේෂයෙන්ම ත්‍රිමාණ චිත්‍රපට වැඩිහිටියන් අතරද ජනප්‍රිය කරවීම සදහා  මෙය  උවමනාවෙන්ම සිදු කර ඇත. උදාහරණයක් ලෙස කුඩා කල ආසාවෙන් නැරඹූ මිස්ටර් බීන් නාට්‍ය මාලාව අද නැරඹුවහොත් ඒ තුල මෙවැනි දේ බොහෝමයක් දැක ගත හැක. සමහර දේ ප්‍රෙක්ෂකයන් වරදවා වටහා ගත් දේ විය හැක. නමුත් සියල්ලම එසේද යන්න ඔබම තීරණය කරන්න.



සදාචාරය හෑල්ලවට ලක් කිරීම සදහා සියලු දේ උපාහසයට ලක් කිරීමද අමෙරිකානු මාද්‍ය වල තවත් සිරිතකි. එසේම දෙමව්පිය දූ දරු සබදතා ගැන සැලකූ විට mtv වැනි නාලිකාවලින් සිදුවන සේවය අපමනය . you mama jokes වල සිට නොයෙකුත් ලිංගික දර්ශණ අඩංගු මියුසික් වීඩියෝ වල සිට 16 and pregnant , MTV sweet sixteen  වැනි වැඩසටහන් නිපදවමින් මේවා සාධාරණීය කරනය කිරීමටත් සමහර අවස්ාවල උත්සාහ කරමින් මේවායින් දෙම්විපියන් සමග ගැටුම් ඇති කරගැනීම්  ආදී සියල්ලද පෙන්වා දමයි. MTV හොද චැනලයක් වුවද ළමුන්ට එය කොතරම් සුදුසු වේ දැයි සලකා බැලිය යුතුය. මන්ද යත් එහි වාරණයක් නොමැති බැවිනි. පෙර ඩිස්නි වැඩසටහන්වල කුමාරිකාවක් වුනු Milley Cyrus දැන් MTV මියුසික් වීඩියෝ උත්සව වල බැල්ලක් මෙන් ලිංගික ක්‍රියා අනුගමනය කරමින් නර්තනයේ යෙදේ. මේ අනුව ඇයව අදහා ගත් ඇය සැමගම හැදී වැඩුනු කුඩා පරපුරට දෙවියන්ගේම පිහිටය. මේ පිලිබදව අමෙරිකානු දෙමව්පියන් තුලින්මද විරෝධයක් පැන නැගී තිබුනි.
http://www.rollingstone.com/music/news/parents-television-council-issues-complaint-against-vmas-20130826
එසේම තෙරෙක් නොමැති PROM වැනි සාදයන් මෙවැනි දේ නිසාම මතුවුනු නොවිදිමත් ලිංගික අධ්‍යාපනයන් ආදියෙන් තෙමුනු ළමා සිත් සමාජයට පිවිසෙන්නේ තමුන් දුටු හීන ලෝකය සැබෑ ලොකයේ සැබෑවක් ලෙස පවතිනු දැකීමේ අරමුණිනි. 18 වන විට සමහරුන් Living to gather පටන් ගන්නේ ප්‍රධාන වශයෙන් තමුන්ගේ කාමාශාව සන්තර්පනය නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ. ලිංගික ආශාව අනිවාර්යයෙන් සන්තර්පනයකල යුතුම දෙයක් ලෙස හා එය සන්තර්පනය කිරීමෙන් තොරව වෙනත් ගැලවීමක් නොමැති ලෙස දකිනා මෙම සාමජයේ එහි නොයෙදෙන්නාට හෝ ගැහැනු ළමයකු නොමැත්තා සමාජයෙන් කොන්වීමට හේතුවකි. මෙම තත්වයම ප්‍රංශය හා ඉතාලිය වැනි යුරෝපා රටවල වාර්ථා තුලින්ද දැක ගත හැක. කෙසේ වුවත් ලිංගිකත්වයම උලුප්පන සමාජයක් තුල සමහර දෙමව්පියන්ගේ විරෝධතා පැන නැගුනද ඒ ඉතාමත් සුලු වශයෙනි. එසේම නිල් චිත්‍රපට ජාවාරමේ සිට ගණිකා වෘත්තිය දක්වා ගැහැණු ළමුන්ට නොයෙකුත් රැකියා අවස්ථා 18 පසුව ඇවැසිනම් ලබා ගත හැක. තමුන්ගේ වයස සැපිරී ඇති බවත් තමුන් කිසිවකු ගේ වහලකු නොවන බවත් සිතන ගැහැණු ළමුන් වෙන දෙයක් වීමට මෙවැනි රුකියා සදහා එලඹීම සාමාන්‍යයය. එසේම වයස සැපිරීම යනු තමුන්ට සිත්සේ කම්සැප ලැබීමට අවස්,ාවක් බව සිතා ගන්නා ගැහැණු පිරිමි බොහෝ දෙනෙක් බහු පුරුෂ බහු කාන්තා ඇසුර පැතීම සාමාන්‍ය දෙයකි. ආදරය යනු හුදු කාමය ලැබීම සදහා ඉදිරිපත් කරන අයුදුම් පත්‍රයක් පමනි. you only live once යන්න ප්‍රධාන කරගත් මේ සමාජයේ කිසිවක් සිදු නොවේ නම් එයම පුදුමය. මේ ආකාරයෙන් පටන් ගන්නා සමාජය, කම්සැප කිසිදා විද අවසන් කල නොහැකි බව පෙන්වාලමින් ඉන් පසු මැරෙන තුරුම තමුන්ගේ ආශාවන් සැතපවීමට ආකාර සොයයි. එහි ප්‍රතිපලයක් ලෙස පෙරකී ලිංගිත්වය සදහා හොද ඉල්ලුමක් රට පුරා ඇතිවී ඇත. දික්කසාද වෙමින් හෝ පෙර සතුට සොයා යයි.

සමලිංගිකත්වය යනු මේ ඇඹරුනු සාමාජයේ එක්තරා කොටසක් පමණි.අමෙරිකාව විසින් දැන් සමලිංගික විවාහ නීති ගත කර ඇති අතර අමෙරිකානු සමලිංගියින් මෙය සතුටින් සමරනු මාධ්‍ය මගින් පෙන්වනු ලැබුනි. බෞද්ධ කථාවන්ට අනුව අවුරුදු පන්සියයට තිබිනු මනුෂ්‍ය ආයුශ සමලිංගි සේවනයත් සමග අවුරුදු දෙසිය පනහ දක්වා අඩුවූ බව කියවෙයි.  මිනිසා පිළිඹද පොත්පත් ලියා ඇති සමහර විද්වතුන් සෑම විටම සමලිංගි්කත්වය උප්පතියෙන් එන උරුමයක් ලෙස සලකනු හැරුනු කොට පෙලඹවීමෙන්  සිදුවන ඇබ්බැහිය නොසලකා ඇති බවක් දැකිය හැක. එය උවමනාවෙන් සිදුකල දෙයක් යැයි නොදන්නා නමුදු පෙළඹවීමෙන් සමලිංගිතක්වය වැළදගත් වුන් බොහෝමයක් සමාජයෙන් සොයා ගත හැක. මෙම තත්වයම දැන් අපට සමලිගංක විවාහ සිදුකරගත්තවුන් වෙතින් බලාපොරොත්තු විය යුතුය. සමලිංගික විවාහත් සමග ඔවුන්ට දරුවන් ඇති දැඩි කිරීමේ අයිතියද හිමිවේ. පිරිමි යුවලක් මව හා පියා ලෙස සිටින නිවසක දරුවකුගේ මානසික තත්වය කුමක් විය හැකිද? කවුරු කෙසේ කීවද පාසලේ සමාජයේ උපහාසයට ලක්වීම අනිවාර්යය. වැඩිදුර නොගොස් හොලිවුඩ් හාස්‍යජනක චිත්‍රපටයක් සැලකුවද මෙය බලාගත හැක. අනෙක් අතට පිරිමින්ට දරුවන් සෑදීම  සිදු කල නොහැක. මෙම නිසා පිරිමි සමලිංගික යුවලකගේ දරුවා කෙරෙහි එම දෙමව්පියන්ගේ බැදීම අනිවාර්යයෙන්ම අඩුය.  කුඩා වියෙහිදීම මෙම දරුවා අපයෝජනය නොවීමට ඇති සහතික මොනවාද?  අනෙක් අතට මෙවන් නිවසක හැදී වැඩෙන දරුවාගේ මානසික තත්වයද එම ගනයටම වැටේ. එම නිසා කෙසේ හෝ අවසානයේ සිදුවන්නේ සමලිංගිකත්වය තවත් වේගයෙන් රටතුල පැතිර යාම පමනි. එසේම කොතරම් කය්ය ගැසුවද මේ සම්බන්ධයෙන් ඇතිවිය හැකි විපත හෝ ඔවුන්ගේ යටිසිත පිළිබද අවබෝධයක් ලබා ගැනීඹට ඔවුන් එදින පලකල යූ ටියුබ් වීඩියෝවක් තුලිින්ම දැක ගත හැක. https://www.youtube.com/watch?v=WSiehK2asbI මෙහි පිරිමින් සිප ගන්නා දර්ෂණ පෙන්නුවද කාන්තාවන් සිටිනා දර්ශණ පෙන්වීමට ඇති මැලිකමින්ම පෙනී යන්නේ මෙයයි. අපෙ රටේ සිටින සමහර අදබාලයන්ද මෙවැනි දේ සම්බන්ධව සමහර විට සාධාරණීකකරණිය කිරීම සැබැවින්ම හාස්‍යජනකය.  මෙම නිසා මෙ චාරයක් නොමැති. අනාගතයක් ගැන නොසිතන මෙවැනි රටවල ආදර්ශ අප වැනි රටවල් තුලට වැද්ද නොගන්නා තාක් අපගේ දරු දැරියන් සුරක්ෂිතවනු ඇත.



සමලිංගික විවාහ නීතිගත කර ගැනීම සදහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජය යටතේ සිරිකොතේ සාකච්ඡා කරන පිරිසක්


ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයන් සමලිංගික පා ගමනක