
රාත්‍රියේ
හෝටලයේ විදුලි සෝපානය ලගට පැමිණෙන එලිෂා හැසිරෙන්නේ ඉතාමත් අස්වාභාවික ලෙස.
කිසිවකුගෙන් බේරිමට පැමිණියාක් මෙන් සෝපානය තුල සැගවන ඇය විටින් විට පිටතට එබිකම්
කරමින් කිසිවක් නිරීක්ෂණය කරනු පෙනෙනවා. කිසියම් අද්භූත හේතුවක් නිසාම සෝපනයද ක්‍රියත්මක
නොවීම පුදුමයක්. පසුව ඇය පිටතට ගොස් පැමිණ සෝපානයේ සියලුම බොත්තන් ඔබා දැමුවත්
සෝපනය ක්‍රියාත්මක වන්නේ නැහැ. පසුව ඉවතට යන ඇය. කිසිවක් දෙස අවධානය යොමු කරමින් ඉතාමත් අස්වාභාවික
ආකාරයට හැසිරෙන බව මීලගට දැක ගත හැකී. කෙසේ හෝ පසුව ඇය දර්ෂණ තලයෙන් ඉවත් වීමත්
සමග සෝපානය යලි ක්‍රියාත්මක වන අතර ඇය පිලිබද නැවත දර්ෂණයක් ලැබෙන්නේ වතුර
ටැංකියෙන්. මේ වතුර ටැංකිය පිළිබදවද පුදුම සහගත දෙය වන්නේ හෝටලයේ ඉහලම මාලයේ පිහිටා
ඇති මේවා වෙත පිවිසීමට කිසිවකුට නොහැකි වීමයි. අගුල් ලූ දොර දෙකකින් මෙම
පෙදෙස වැසී තිබුනු අතර එහි ලගා වුවත් වතුර ටැංකිය දිගේ නැග එය තුලට ඇතුල් වීම එලීෂා
වැන්නියකට කිසිසේත් කල නොහැකි කටයුත්තක්. එසේ නැගුනද එහි පියන ඉවත් කිරීමද ඉන්පසු
ඇතුලට බැස පියන වසා ගැනීමද ඉතාමත් අපහසු කටයුතු මෙන්ම අස්වාභාවික ක්‍රියාවන්. මෙම
නිසා මෙම මරණය පිළිබව අදටත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය කිසියම් භූතාත්මයක ක්‍රියාවක්
ලෙසයි. එලිෂා කිසිම ආකාරයක මත්ද්‍රව්‍යක් ගෙන නොසිටි බවට හෙලිවීමද මෙය ස්ථිර කිරීමට
තවත් හේතුවක්. එසේම තවත් අයගේ මත අනුව ඇය
වතුර ටැංකිය තුල වැතුර ටටී ඇත්තේ සොපානය අසල දර්ෂණ තලයෙන් අතුරු දහන් වූ පස ඉතාම
සුලු වේලවකින්. එයද ඇයට වතුර ටැංකියට ලගා වීමට ප්‍රමාණයවත් වෙලාවක් නොවන බවද
පැවසෙනවා.
මිනිසුන්
කෙසේ කීවද වීඩියෝ පල වුවද අප විසින් මේවා තේරුම් ගැනීමේදී වැඩි දුර කරුණු සොයා
බැලීඹ අනිවාර්යය වන්නේ මේ නිසා. ලෝකයම දිව ගියද ඒ නිවැරදි මාවත යැයි කීමට කිසිදු හේතුවක්
නොමැත. එලීෂා ගේ ගැටලුව විසදීම පහසුය. පලමු දෙය නම් ඇය බයිපෝලර් ඩිස්ඕඩර් නම්
මානසික රෝගී තත්වයෙන් පෙලීමය. බියුටිෆුල් මයින්ඩ් චිත්‍රපටය ඔබ නැරඹුවේනම් එහි මහාචාර්යය වරයා විදවන්නේද මෙම රෝගයෙන්. විවිධ
රූප පෙනීම නැතිනම් අස්වාභාවිකව හැසිරීම මෙම රෝගයේ සමහර ලක්ෂණයන්ය. අනෙක් අතට විදුලි
සෝපානයේ මුලින්ම නැග ඇය ඔබන්නේ තවදුරටත් දොර හැරී තිබීමට එබිය යුතු බොත්තම බව
මගේ හැගීමයි. එසේම සමහර සෝපාන එහි එහා මෙහා කිසිවක් යන විටත් දොර වැසීම ප්‍රමාද
කරයි. මේ සියල්ල මේ සෝපානයේ දොර හැරී තිබීමේ කාලය තුල දැක ගත හැකී. එසේ නම්
ඉතිරිවන ගැටලුව වතුර ටැංකිය ලගට ගියේ කෙසේද යන්නයි. සැවොම සෑම විටම සැබෑ දේම
නොකියයි. හෝටල් සේවකයින් දොරවල් අගුල් නොදමා සිටීමට හොදටම ඉඩ ඇති අතර පසුව මරණ
පරීක්ෂණ වලදී තමුන්ගේ අතපසු වීම හෝ වැඩ පැහැර හැරීම හෙලිවීම වැලැක්වීමට තමුන්
සුපුරුදු ලෙස අගුල් දමා තිබුනු බව පවසන්නට ඇත. එසේ නොවී ඇලීෂෘ දොර විනිවිදගෙන ගියා විය නොහැක.
එසේම වතුර ටැංකියට ගොඩ වී එහි පියන වසා ගැනීම වැනි අසාමාන්‍ය කටයුත්තක් පියවි සිහියෙන්
සිටින්නකු සිදු නොකරන අතර එලීෂාට පියාසර කිරීමේ හැකියාවක් නොතිබුනු නිසා හොදම
පැහැදිලි කිරීම වන්නේ ඇගේ අවසානය සදහා කිසියම් පුදුගලයකු හෝ දෙදෙනෙකු සහභාගී වන්නට
ඇති බවම වෙයි. සමහර විට ඇයගේ ස්වභාවය දැක ඔවුන් එයට පෙලඹුනා වීමටද හැක.ඒ අනුව අගුල් නොලෑ දොර අතරින් යාම ඔවුන්ම සොයා ගත්තක් විය හැක. දැනට ප්‍රසිද්ධව
ඇති කරුනු ලෙසම එය හෝටලයේ පැරණි නේවාසිකයින් වීමට හොදින්ම ඉඩ ඇත. මෙවැනි පුවත්
අද්භූත වීමට තරම් කරුණු නොවන බවට සෑම විටම සිහියේ තබා ගත යුතුය. කෙසේ වුවත් සමහරුන්
එලීෂා සෝපානයෙන් පිටවුනු වේලාව දැන සිටියද ඇය වතුරට වැටුනු වේලාව සොයාගෙන ඇති අකාරය
නම් පුදුම සහගතය.
වෙන අදහසක් වේ නම් කොමන්ට් කරන්න.
No comments:
Post a Comment