Blog Archive

Tuesday, October 29, 2019

සිතිවිලි වලට භෞතික ලෝකය වෙනස් කරන්න පුලුවන්ද ? - ග්ලෝබල් කොන්ෂස්නස් ප්‍රොජෙක්ට්


කාසියක් අහඹු ලෙස උඩ දමමින් වැටෙන පැත්ත නිරීක්ෂනය කිරීමේදී එකම අවස්තා සියයකදී අවස්තා අනූනමක්ම හිසම වැටුනහොත් එය අසාමන්‍යයද ? නැහැ. නමුත් තනියම කාසිය උඩ දමන විට අවස්තා සියයකදී එක එක සියයට අගයන් ලැබී තවත් මිනිසුන් රැසක් සමග මෙය සිදු කරන සෑම විටම අවස්තා සියයකදී සියයට අනූනමයක්ම හිසම වැටීම අසාමාන්‍යයද ? ඔව්.
ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය මගින් නිර්මාණය වුනු ග්ලෝබල් කොන්ෂස්නස් ප්‍රොජෙක්ට් කියන මේ ව්‍යාපෘතියේ විද්‍යාඥයින් පවසන ආකාරයට ‍භේතික ලෝකය තුල යම් යම් වෙනස් කම් සිදුවීමට බොහෝ පිරිසගේ සිතිවිලි හේතු විය හැකි බවයි.
මේ සදහා ඔවුන් විසින් දියත් කල පර්යේෂනයයි ග්ලෝබල් කොන්ෂස්නස් ප්‍රොජෙක්ට්. මෙයට අනුව ලොව පුරා ස්ථාන හැත්තෑවක පමන අහඹු සංඛ්‍යා නිපදවීමේ පරිඝනක යන්ත්‍ර තබා තිබෙනවා. ප්‍රධාන පරිඝනකයක් මගින් සෑම තත්පරයක් නැතිනම් විනාඩියක් තුල මේ අහඹ සංඛ්‍යා එකතු කරනවා. ඔවුන් පෙන්වා දෙනවා ලෝකය තුල මිනිසුන් යම් කම්පනයකට පත් කරන සිදුවීමේ වලදී අහඹු ලෙස නිපද වන අංක අතර අසාමාන්‍ය සමානත්වයක් පැවති බව. ඔවුන් මෙය 1997 ඩයනා කුමරියගේ අභාවයේ සිට විවිධ ඛෙද වාචක වලදී නිරීක්ෂනය කර තිබුනා. විශේෂයෙන් 2001 9/11 ප්‍රහාරය අවස්තාවේදී දින දෙකක් යන තුරු මේ අසාමාන්‍ය ප්‍රතිපල දැක ගත හැකි වුනු දත්ත ඔවුන් සතුයි. මෙම ව්‍යාපෘතිය සාර්තක වුවහොත් ලබා ගත හැකි ප්‍රායෝගික ප්‍රතිපල රැසක්ද ඔවුන් පෙන්වා දෙනවා.
මේ තියෙන්නේ ඔවුන්ගේ රැයල් ටයිම් ඩේටා පෙන්වන වෙබ් අඩවිය. ඔය පාට පාට බුබුලු තමා අහඹු සංඛයා නිපදවන යන්ත්‍ර . අනෙක් තැන්වල භුමිකම්පා ඇතුලු විවිධ විපත් තිබේ නම් පෙන්වනවා. කනෙක්ෂන්ස් හරහා සමාන දත්ත නිපවෙන අවස්තා අවශ්‍ය නම් නිරීක්ෂනය කරන්න පුලුවන්. නමුත් නියම ප්‍රතිපල පෙන්වීමට ඩේලි ඇනලිසිස් වෙත යන්න ඕනේ. ඔය පාට බුබුලු රතු පාට වීඹ පෙන්නුම් කෙරෙන්නේ අසාමාන්‍ය ලෙස සම්භාවිතාවයේ වෙනස් වීමක්. අනෙක් බුබුලු පාට අනුව අසාමාන්‍ය අපේක්ෂා කල හැකි වේරියන්ස් එකක් වැනිදේ පෙන්වා දෙනවා. ඕකේ සියලුම දේ නම් මම දන්නේ නැහැ. පුලුවන් නම් හොයලා අපිටත් කියන්න.
හැමදමෙ වගේ මෙයට විරෝධය පල කරන පිරිසකුත් නැත්තේ නැහැ. ඔවුන් පවසා සිටින්නේ අංක නිපද වීම අසාමාන්‍යය නම් ඒ අසාමාන්‍ය බව ඕනෑම ආකාරයකට බලාපොරාත්තු විය යුතු බවයි. නමුත් අදාල ව්‍යාපෘතියේ පර්යේෂකයන් . තමුන් ගේ දත්ත අනුව එය ප්‍රතික්ෂේප කරනවා. කොහොම නමුත් ව්‍යාපෘතිය තව දුරටත් පර්යේෂනය කර ගෙන යනවා.
සමස්ත පිරිසකගේ එකම සිතිවිලි ගොඩකින් ලෝකය වෙනස් වේ නම් තනි පුද්ගලයකුගේ එකග කර ගත් මනසට භෞතික ලෝකය අභිබවා යාමේ හැකියාවක් නොමැති වීමට බැහැ. ඒ වගේම නිරීක්ෂකයා නිසා පැනවුනු ලෝකයක් තිබෙන බව සමහර පර්යේෂන හරහා පෙනීම ක්වොන්ටම් භෞතිකයේත් ඇති විශාල ගැටලුවක්.
මීට පස්සේ යමක් සිදු උනහම මේ සයිට් එක චෙක් කරලා බලන් න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වගේ පර්යේෂන සියලු දෙනාටම ඇවැසිනම් කරන්නත් පුලුවන්.
සම්පූර්ණ සිතියම
සාරාංශයක්
LEGENDS
Interview

Monday, October 28, 2019



ඔන්න මම පලවෙනි වතාවට වැදගත් දෙයක් කියලා දෙන්න යනවා. මේක ගොඩක් ඉස්සර ඉදන් දන්න දෙයක් නමුත් යම් කිසි හේතුවක් නිසා අදටත් නොකියන්නයි හිටියේ. නමුත් දැන් ඉතින් කාරනා වෙනස් වෙනවා. ඒ නිසා මේ ගැටලුව තමයි සත්ත්වයාගේ හා විශ්වයේ මුල මොකද්ද කියන ගැටලුවට පිලිතුර.
පිලිතුර තමයි එක පැත්තකින් ප්‍රශ්නය වැරදියි අනෙක් පැත්තෙන් මුලක් නැහැ. කොහොමද එහෙම වෙන්නේ . සරලවම මෙහෙමයි.
ඔයා වැලි ගොඩක් ලග ඉදගෙන එකේ යම් කිසි රූපයක් මවා ගන්නවා. අපි ලග තියෙනවා විශෞෂ කාල යන්තරයක් . මේ කාල යන්තරයට පුලුවන් මේ වැලි ගොඩත් ඔයත් යන දෙදෙනාම අතීතයට ගෙන යාමට. ඔන්න දැන් ඔයා රූපයක් වැලි ගොඩේ වෙන් කර ගත්තු ගමන් කාල යානයෙන් ඔබව අතීතටයට ගෙනියනවා. දැන් බලන්න ඔබ අනන්ත කල්ප ගණනාවත් අතීතයට ගියත් වැලිගොඩ වෙනස් නොවී ම තිබුනා කියලා ගත්තොත් අර රූපයේ මුලක් දකින්න පුලුවන්ද ? මෙන්න මෙදා මේ රූපය හැදුනා කියලා දකින්න පුලුවන්ද ? බැහැ. දැන් හිතන්න අතීතයට යනකොට මේ වැලිගොඩත් වෙනස් වෙනවා කියලා. දැන් මොකද්ද පේන්නේ අතීතයට යනකොට වැලි ගොඩේ වෙනස් වීමට අනුරූපව අර රූපයත් වෙනස් වෙලා යන හැටි පෙනෙයි නමුත් කවදාවත් මුලක් නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක අත ඇරලා අනාගතයට යනවා කියලා හිතමු. කෙලවරක් පෙනෙයිද? ඒත් නැහැ. එතකොට මෙතන ගැටලුව මේ බෙදා වෙන් කර ගැනීමේ නේද ? මම සහ ලෝකය කියලා දෙකක් වෙන් කර ගත්තු ගමන් මේ දෙකෙන් එකට වත් මුලක් හොයාන්න බැහැ. මෙතන මුල කියන එක වැරදි සංකල්පයක්. මේ උදාහරනයේදී ඇත්තටම වැලි ගොඩේ රූපය නෙමෙයි වැලිගොඩත් බෙදා වෙන් කර ගැනීමක් . තමුනුත් ඒ වැලිගොඩේම රූපයක්. තමුනුත් අර රූපයට සාපේක්ෂව බෙදා වෙන් කර ගැනීමක්. කෙනෙක් අහයි මුල අර රූපය වෙන් කර ගත්ත වෙලාව වෙන්න බැරිද සත්ත්වයා හෝ ලෝකය ඇති වෙච්ච වෙලාව කියලා කියලා. බැහැ. හේතුව මේ බෙදා වෙන් කර ගැනීඹ නිසාම තමා කාලය කියන සංකල්පය ඇති වෙන්නේ. කාලය කියන්නේ සාපේක්ෂ වෙනස් වීම්. බෙදා වෙන් කර ගැනීම් නැතුව කාලයක් අපිට තියෙන්න පුලුවන්ද ? . බැහැ. ඒ නිසා බෙදා වෙන් කර ගැනීම සියල්ලටම මුලයි.
ඔය නිසා තමයි පටිච්ච සමුප්පාදයට කාලය අදාල නොවෙන්නේ . කාලය තියෙන්නේ ඒක ඇතුලේ . එයට පිටින් නෙමෙයි. විඥ්ඥානයෙන් පටන් ගන්න බෙදා වෙන් කර ගැනීම් ඇතුලේ, නාම රූප වශයෙන් බෙදා වෙන් කර ගැනීම් නිසා. ඒ තුල කාලය සැප දුක කර්ම සියලු විගඩම් ටික තියෙනවා. ඔය බෙදා වෙන් කර ගැනීඹ අහෝසි කර ගත්තු ගමන් කාලය ඇතුලු සියලු දෙයින් මිදෙනවා. තවදුරටත් මම හෝ ලෝකය කියලා දෙකක් නැහැ. බුදු දහමේ යම් දෙයක් සදහන් වෙනවා නම් ඒ දේ තමා සැබෑම සත්‍යය කියන එක මෙතනදිත් තේරුම් ගන් න පුලුවන්. මම නම් ආඩම්බර වෙනවා ඇත්තටම ඒ වගේ දැනුමක හිමිකාරයෙක් වීමට ලැබීම ගැන.
ඉතින් මෙන්න මෙහෙමයි බිලියන ගණන් වියදම් කරගෙන විශ්වයේ සත්ත්වයාගේ මුල හොයන බටහිරි විද්‍යාවේ සංකල්ප වලින් අපි ගෙදර ඉදන් ෆුට් බෝල් ගහන්නේ. ඩයලෙක්චුවල් මැටීරියලිසම් හරි භෞතික වාදය හරි වචන කීපෙකින් සුන් කරලා දාන්නේ. සත්ත්වයා සහ ලෝකය එකිනෙකා වෙන් කල නොහැකි බව මෙතනින්ම තේරුම් ගන්න පුලුවන්. අවශය අයට ඕනේ නම් ඇත්තම විදිහට ඔය ඩාවින්ගේ පරිනාමය හෝ දේවා මැවුම් සංකල්පයට දෙකටම අයත් නොවන පෘතිවියේ හා විශෟවයේ සැබෑ පරිණාමය සහ අනෙකුත් සියලු මේ සංකල්ප පෙන්වන්න පුලුවන් ප්‍රායෝගික දේත් සමග. නමුත් ලංකාවේ අද ගොඩ දෙනෙක් අන්ධයි තමුන්ගේ ඉස්සරහ තියෙන මැණිකක වටිනාකම නොදකින්න තරම්. ඒ නිසා එයින් තේරුමක් නැහැ.
මේක කියවපු අය මේ පෝස්ට් එක පුලුවන් තරම් ෂෙයා කරන්න.සියලු දෙනා දැනුවත් කරන්න. ගෙදර අයට කියලා දෙන්න. ගමේ අයට කියලා දෙන්න. ආයේ මේ ගැටලුව ගැටලුවක් කර ගන්න එපා.
අසන්නන්ගේ ගැටලු වලට පිලිතුරු : වැලි ගොඩ මොකද්ද ?‍
ඔය ඇස් දෙකට පේන්නේ ඔය හිතෙන්නේ , ඔය ඇහෙන්නේ , ඔය දැනෙන්නේ වැලිගොඩේ වෙනස් වීම තමා 


ඩාවින්ගේ පරිණාමවාදය හා බුදු දහම


බොහෝ බෞද්ධයන්ට අද ඕනෑ කරන දෙයක් තමයි මේ පරිනාමවාදය හා බුදු දහමේ සදහන් සත්ත්වයාගේ විකාශනය දෙක එකිනෙක ගලපා ගැනීම. බුදු දහම සහ මේ පරිණාමවාදය එකිනෙක ගැටෙන් ස්ථානය තමයි බුදු දහමේ එන අඥ්ඥන සූත්‍රය. මේ සූත්‍රයට අනුව සත්ත්වයා මුලින්ම අභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා පෘතිවිය මත පහල වෙනවා. මේකාලය තුල හිරු සදු වත් තාරකා වත් දර්ශනය වීමක් නෑ. නමුත් ශරීරයේ ප්‍රභාවයෙන් මේ සත්ත්වයා ආලෝකයේ බබලනවා. මේ සත්ත්වයා තමයි කාලයක් ගිහින් කෙමෙන් කෙමෙන් අද දකින මිනිසෙක් බවට පත් වෙන්නේ . මේ පරිණාම කාලය තුල තමයි සද හිරු දැකීම , තාරකා පෙනෙන්නට පටන් ගැනීම , ගස් වැල් ඇති වීම , වෙනත් තිරිසන් සතුන් වැනි සතුන් ඇති වීම ආදී සියල්ලම සිදුවෙන්නේ . එතකොට මෙතනදී මිනිසා තමයි පලමු සත්ත්වයා පෘතිවිය මත බිහිවන. ඩාර්විාන්ගේ පරිණාම වාදය මොකද්ද මේ ගැන කියන්නේ . ඩාර්වින්ගේ පිරිණාම වාදය සත්ත්වයාගේ බිහිවීම පැහැදිලි කරන්නේ නැහැ. එයට එය පැහැදිලි කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. මේ වාදය විස්තර කරනවා යම් ආකාරයකින් කුඩා සත්ත්වයෙක් ඇති උනා ආදි පෘථිවිය මත කෙමෙන් කෙමෙන් පිරනාමය වෙලා ගිහින් බෙදිලා ගිහින් අද දකින ලෝකය සහ සත්ත්වයින් බවට පත් උනා කියන එක. මෙතන මූලික උඵකල්පනය තමයි මෙන්න මේ ආකාරයන් කුඩා සත්ත්වයකු ජීවියකු හැටියට බිහි වෙලා පරිනාමය විය යුතුයි කියන එක. ඇත්තටම බැලුවොත් මේ හදන්නෙත් සත්ත්වයාගේ මුල හොයා ගන්නම බව පැහැදිලි වියු යුතුයි. නමුත් ඒක මුලටම දාල කර ගන්න බෑ ඒ නිසා පුලුවන් තරම් දුරට ගියා අර කුඩාම ජීවියකුගේ ඇති වීම දක්වා.
දැන් ඩාවින්ගේ පරිණාම වාදය සහ බුදු දහමේ පරිනාමෙ වාදය එකට ගැලපෙනවද ? නැහැ කිසි සේත්ම නෑ. නමුත් පරිනාමය කියන වචනය තුල දෙකේම යම් සමස්ත වෙනස් වීම් ක්‍රියාවලියක් කියන දේ අඩංගු වෙනවා. දැන් මේක ඇත්තටම බෞද්ධයන්ට ගැටලුවක් ද ? නැ එහෙම වෙන්නෙත් නෑ. බුදු දහමේ අරමුණ සත්ත්වයාට නිර්වාණ අවබෝධය ලබා දීම. ඒ සදහා අවහය සියලු දේ ඒ තුල සදහන්. එතකොට පරිනාමවාදයෙන් ඔය වැඩේ කරලා දෙනවද ? නෑ .එක් වෙනත් යම් වූ කුතුහලයක් සංසිදවීඹ සදහා තනා ගත් සංකල්පයක්. එතකොට බුදු දහම තුල එවැනි කුතුහලයන් සංසිදවීමේ ක්‍රියාවලියක් නැහැ මොකද එහි අරමුන එය නොවන නිසා. ඒ වගේම භේතික විද්‍යාව , රසායනික විද්‍යාව වගේ දේ කියවෙන්නෙත් නෑ. පෙර හේතුවම නිසා.
ඒ උනාට අද සමහරුන්ට බුදු දහම ප්‍රතික්ෂේප කරන්නම මේදේ ඇති වෙලා. ඒක ඇත්තටම මෝඩ කම සහ අනවබෝධය මිස වෙන කිසිවක් නෙමෙයි.
ඒත් අපි මෙහෙම බලමු. බුදු දහම තුල විස්තර කෙරෙන පරිනාමය ඇත්තටම තර්කානුකූල නැතිද ? තර්කාණුකූළයි. ඒක තේරෙන්න බුදු දහම තුලින් ඒ කියවෙන දේ හදාරන්න වෙනවා.
දැන් සමහරු කියනවා ඔය ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආවා කියන සත්ත්වයේ ගැන තමා ඩාවින්ගේ පරිණාමවාදයේ ක්ෂුද්‍ර ජීවීන් හැටියට සදහන් වෙන්නේ කියලා. මේක සම්පූර්ණ කතා විකෘති කිරීඹක් වගේම තනිකර බොරුවක් . බුදු දහමට අනුව බ්‍රහ්මලෝකයේ ඉපදෙන්නේ අතිශය කුශල සම්පත්තියක් හිමි සත්තවයින් . ඒ සත්ත්වයාගේ එතනින් චුතියේ කිසිම විදිහකින් කෙලින්ම අපාය ගාමී වෙන්නේ නෑ. එතරම් ඒ සත්ත්වයාගේ පින ප්‍රබලයි. ඒ වගේම පෘතිවිය මත මුලින්ම පහල වුනත් ඒ සත්තවයින් ඉතාමත්ම ප්‍රීතියෙන් යුතුව සිටින බවත් ශරීර ආලෝකයෙන් බැබලෙන බවත් සදහන්.
මේ සත්ත්වයාගේ පහල වීමේ කතාව දිහා හොදට බැලුවොත් මේ කතාව මෙහෙම වෙන්න සත්ත්වයා තුල ඇති කරුනු කීපයක් බලපානවා. එකක් තමයි මේ සත්ත්වයා කියන කෙනාට මුලක් නැහැ, මුලක් පෙන්වන්නත් බෑ, තවත් විදිහින් බැලුවොත් සත්ත්වයාගේ මුල පිලිබදව ඇසීමම වැරදියි. මේ ගැටලුවට මෙහෙම සාර්තකම පිලිතුර ලබා දෙන්නේ බුදු දහමෙන් පමනයි. මේක ඉතාමත් පැහැදිලිව අපි පෙන්වා දී තිබෙනවා. (https://www.facebook.com/groups/258884548052152/permalink/441425213131417/)
අදටත් මේ ලෝකයේ කිසිම විද්‍යාඥයෙක් මේ පැහැදිලි කි්රීම කරලා නෑ. මේ පැහැදිලි කිරීඹ ඉක්මවන්නත් කිසි කෙනෙකුට බෑ. ඒත් මේ කියන දේවලා බොහෝමයක් බෞද්ධයන්ටම තේරෙන්නෙත් නෑ. ඒක ඉතින් කනගාටුවට කරුනක්.
කොහොම උනත් එතකොට මේ පෘතිවිය මත මූලිකව සත්ත්වයකු ඇති වීම සත්ත්වයාගේ මුල නෙමෙයි. එක් තැනකින් තවත් තැනක ඉපදීමක් පමනයි. දැන් ඩාර්වින්ගේ පරිණාමවාදය බලමු. මේක තනිකරම භෞතික පදනමක ඉදන් විස්තර කෙරෙන්නේ. සියලු දේ භෞතිකයි හැබැයි සත්ත්වයෝ කියන පිරිසට විතරක් වෙනම මොකක් හරි ස්වයං බවක් තියෙනවා ඒක ඉබේ ඇති වෙලා තියෙන්නේ . එහෙම අරගෙන අනෙකුත් භෞතික පද්ධතීන් එක්ක මේ සත්ත්වයා කියන භෞතික පද්ධතියේ විකාශනය පැහැදිලි කරන්න උත්සාහ කරනවා.
බුදු දහමේ සිදු කෙරෙන පැහැදිලි කිරීඹ තනිකරම තොරතුරු මත සිට සිදු කෙරෙන පැහැදිලි කිරීමක්. මොකද සත්ත්වයාගේ සියලුම දේට මුල් වන්නේ හදුනා ගැනීම. ඒකට කියනවා නාම කියලා. මේ හදුනා ගැනීඹ නිසාම හදුනා ගැනීමට ලක්වන දේවලුත් තියෙනවා . ඒකට කියනවා රූප කියලා.එතකොට මෙන්න මේ නාමරූඵ ලෝකයේ වෙනස් වීම් තමයි බුදු දහමේ සත්ත්වයාගේ පැවැත්ම හැටියට පෙන්වන්නේ .
ටිකකට බලමු මොනවද මේ නාම කියන්නේ කියලා. නාම කියන්නේ සරලවම නම කියන එක. නමුත් මෙතන ඊට වඩා ගැඹුරු අර්තයක් තිබෙනවා . මොනවද මේ නාම ? සංඥා, වේදනා, චේතනා, ඵස්සය(ස්පර්ෂය) , මනසිකාරය . මේවා තමයි නාම ධර්ම කියන්නේ. මේක කොහොමද අපි තේරුම් ගන්නේ? කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ මේ ගැන දේශනා කරනවා හොද විග්‍රහයක් .
කුඩා ලමයකුට පලවෙනි වතාවට රබර් බොලයක් දෙනවා. මේ ලමයා දන්නේ නෑ මේ රබර් බොලය කියන්නේ මොකද්ද කියලා. ඔන්න දැන් මේ ලමයා මේ බෝලය තේරුම් ගන් න උත්සාහ කරනවා. ඒකේ හැඩේ දිහා බලනවා , පාට බලනවා, ස්වභාවය දිහා බලනවා (සංඥා), වේදනා, මේක සමහර විට අතින් තද කරලා බලනවා අතට වැඩිය තද කරපුවහම වේදනාවක් දැනෙනවා. එක්කෝ විසික්කරලා ආයේ ඇවිල්ලා වැදුනොත් ඒත් වේදනාවක් දැනෙනවා. මීට වඩා මේක තේරෙනවා ගිනි දැල්ලක් වගේ දෙයක් පලවෙනි සැරේ නොදැනුව්කමින් අත ගෑවුනාම ඒක ස්පර්ශයක් නෙමෙයි කෙලින්ම වේදනාවක් ලෙසයි අදුරනා ගන්නේ ලෙස කිව්වහම. මෙහෙම වේදනාව පැත්තෙනුත් අදුරා ගන්නවා. ස්පර්ශය . මේක අල්ලලා බලනවා , මට සිලුටු බව, සිනිදු බව වගේ, මෘදු බව වගේ දේවල් (ස්පර්ෂය), අනික මනසිකාරය . මේ ගැන මෙනෙහි කරනවා , එක එක සංකල්ප හදා ගන්නවා. මෙතන තියෙනවා තව වැදගත් දෙයක් මේ ඔක්කොම හරි කියමුකෝ චේතනාව කොහොමද හදුනා ගැනීමක් වෙන්නේ ? ඒ තමයි මේ බොලයෙන් ගත හැකි ප්‍රයෝජනය කියන්නේ මොකද්ද කියන එක. ඒක සෙල්ලම් කරන්න ගන්න පුලුවන් සෙල්ලම් බඩුවක් කියලා හදුනා ගැනීම තමා ඔය. අපිට තුවක්කුවක් දැක්ක ගමන් එන හදුනා ගැනීම තමා මේකෙන් තිබ්බැහැකි කාට හරි කුඩු වෙන්න කියන එක. ඔය චේතනාව නිසා සිදුවන හදුනා ගැනීම. රූප කියන්නේ මොනවද එතකොට. සරලව බිදි බිදී වෙනස් වන ගතියට.
මොකද්ද මෙතන වෙනස් වෙන්නේ . මෙතන වෙනස් වන මෙන්න මෙහෙම දෙයක් කියලා පෙන්වන්න අපිට බෑ මොකද ඒ සියල්ල හදුනා ගැනීමක් නිසා ඉහත ආකාරයට . ඒ නිසා හදුනා ගන්නා සියල්ල වෙනස් වෙනවා. මේ වෙනස් වන රූප හදුනා ගැනීමේ ප්‍රතිපලයක්. එතකොට මේ නාම රූප කියන දෙක එකිනෙක බැදිලා තියෙන්නේ . මේ දෙක වෙන් කරන්න බෑ මෙතනදී තමා මේ රූප වල නිත්‍ය ස්වභාවය පිලිබද වැරදි වටහා ගැනීමකට ඇවිල්ලා සමහර විට මනසිකාරය හරහා සසර දික් කර ගන්නෙත්. එතකොට පැහැදිලී සත්ත්වයකුගේ මුලු සංසාරයේම පැවැත්මට හේතුවන මූලිකම ක්‍රියාදාමය මෙතනින්ම පැහැදිලි කෙරෙනවා. එතකොට මම කිව්ව විදිහට, මේ සත්ත්වයා කියන කෙනා තනිකර හදුනාගැනීම් පද්ධතියක් විදිහට, අපිට නිර්වචනය කර ගන්න පුලුවන්. අලුතෙන් හදුනා ගන්නවා ඒ හදුනාගැනීම් නිසාම වෙනස් වෙනවා . ඒ හරහා අලුත් හදුනාගැනීම් නිපදවා ගන්නවා (හරි විදිහට කිව්වොත් බෙදා ගන්නවා). ඒ වගේම වැදගත්ම දේ තමයි සෑඹ හදුනාගැනීම් පද්ධතියකටම අද ඒ නියමයට අදාල වෙන විදිහටම මේ හදුනාගැනීම් එකිනෙක බැදිලා තියෙන්නේ මේ වෙනස් වීම් හරහා එක් එක් හදුනාගැනීම් වෙනස් වීම් අලුතෙන් ලබා ගැනීම් අනුව අනෙක් හදුනාගැනීම් වෙනස් වෙනවා. මෙන්න පොදු සිදුවීම බුදු දහමේ කර්මය පල දීම ලෙස සරලව පෙන්වන්න පුලුවන්. එතකොට සත්ත්වයා කර්මය පිහිට කොට ඉන්නවා කියන්නේ මේ නිසා බව සරලව තේරුම් ගන්න පුලුවන්. දැන් මේ විස්තරය තර්කාණු කූළද නැද්ද ? සරලද නැද්ද ? මෙතනදිම ප්‍රත්‍යක්ෂද නැද්ද ? ප්‍රත්‍යක්ෂයි. මේකම ගලපාගන් න අර සත්ත්වයාගේ මුල සම්බන්ධ පැහැදිලිකිරීඹටත් ඔන්න සමස්ත සංසාරයම ඔබට ලැබෙනවා.
මේ තවත් පැහැදිලි කර ගන්න අපි බලමු මේ හදුනා ගැනීම කියන එක අදකාලේ වචදන වලින්. මේකට කියන්න පුලුවන් තොරතුර කියලා. Availability කියන්නේ තොරතුර වල එක ලක්ෂනයක්. මේ නිසා අපි හැම වෙලේම කරන හදුනා ගැනීම තොරතුරක්ම විදිහට අර්තකතනය කරන්න පුලුවන්. මොනවද එතකොට තොරතුරු කියන්නේ ? තොරතුර කියන්නේ බෙදා වෙන් කර ගැනීම්, නැතිනම් වෙනස් කම්, Distinctions, භෞතික විද්‍යාවට අනුව නම් බිටු (Bits). වෙනස් කම් කියුපු ගමන් ඔබට වැටහෙනවා මේවා අතර තියෙන අන්තර් බැදීම. එතකොට මේ බෙදා වෙන් කර ගැනීම නිසාම තමා අපිට ලෝකයක් , තියෙන්නේ, ගස් වැල් , මම,ඔබ මේ සියල්ලම බෙදා වෙන් කරගැනීම්.බෙදා වෙන් කරගැනීම් නිසා තමා අතීතයක් අනාගතයක් වර්තමානයක් තියෙන්නේ. අතීතයට සහ අනාගතයට සාපේක්ෂව වර්තමානය .වර්ථමානයට අනාගතයට සාපේක්ෂව අතීතය. හොදින් බලන්න මෙතනදී කාල කියන්නේ සරලවම බෙදා වෙන් කර ගැනීඹක් කියන කාරනයත් අපූරුවට එනවා. මේ බදාවෙන් කර ගැනීමේ සාපේකෂ බව අනුව කාලයේ සාපේක්ෂ බව ව්‍යුත්පන්න කරන්නත් පුලුවන්. හැබැයි ලංකාවේ ඉන්න බුද්ධිමතුන්ට කියන්න කවදාවත් මේවා හොයන්න යන් න එපා කියලා. මොකද වැඩක් නෑනේ . කවදා හරි පිටරක බුද්ධිමතෙක් කියලා දේවි.
කොහොම හරි යම් කාලයක පෘතිවිය විනාශ උනාට පස්සේ බ්‍රහ්ම ලෝකයේ ඉපදීම මේ තොරුතරුවල වෙනස් කම් නිසා සිදුවන දෙයක්. සියලුල බෙදා වෙන් කර ගැනීම නිසා නැතිනම් සියල්ල තොරතුරු නිසා සත්ත්වයා හා ලෝකය යන දෙකම එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා සත්ත්වයාගේ තොරතුරු වෙනස් වීඹ අනුව බාහිර ලෝකය වෙනස් වීමත් බාහිර ලෝකයේ වෙනස අනුව සත්ත්වයා වෙනස් වීමත් සිදු වෙනවා. ඒ වගේම සත්ත්වයකුගේ ඉපදීම සිදු වෙන්න පුලුවන් පරිසරය ඒ සත්ත්වයා තොරතුරු පද්ධතියක් ලෙස ඔහු තුල තිබෙන ඒ තොරතුරු වලට සාපේක්ෂ බවත් එම නිසා අදාල ස්ථන අදාල ලෝක, අදාල ශරීර අංග ලක්ෂන වැනි දේ ඔහුට ලැබෙනවා. මොකද එහෙම නැතිනම් තොරතුරු යනු බෙදා වෙන් කර ගැනීම් වෙන්නේ නෑ. මෙන්න මේ නිසා විවිධ අංග ලක්ෂන සහිත සත්ත්වයින් විවිධ ස්ථාන වල උපදිනවා. එවැනි විවිධ තොරතුරු වලට ගැලපෙන ලෝක පවතිනවා, විවිධ කාල ඇති වෙනවා නැති වෙලා යනවා. මතක් කර ගන්න සත්ත්වයින් ඇතුුලු මේ සියලු තොරතුර පද්ධති සියල්ලමත් සමස්ත එකම තොරතු පද්ධතියක් බව. සියල්ල බෙදා වෙන් කර ගැනීම්. ඒ නිසා එකිනෙක සම්බන්ධයි.
මෙන්න මේ කරුනු ටික පතහට එකට සිදුවා අර ගත්තහම පේනවා ආභස්සර බ්‍රහ්ම ලේාකයේ ඉදන් ආපු සත්ත්වයාගේ තොරුතරු වල වෙනස් වීමත් සමග, ආකල්ප වෙනස් වීමත් සමග ලෝකය වෙනස් වන ආකාරයත් ඉන් පසු විවධ අලුත් දේ අලුතෙන් බෙදා වෙන් කර ගැනීම වගේ හිරු සදු තාරකා පෙනෙන ආකාරයත් පටන් ගන්නවා , වෙනස් වන රූප වලින් කර්මානු රූපව ශාක වැනි දෑ ඇති වෙනවා නැතිනම් දකින්න ලැබෙනවා මේ වගේ ලෝකය වෙනස් වෙන්න වෙන්න ඒ වෙනස් කම් වලට අදාල , නැතිනම් අනුරූප තොරතුරු සහිත සත්ත්වයින් ලෝකය මත පහලවීමත් සිදු වෙනවා. අනික තමයි මේ තෙරතුරු පරිසරයේ වැඩිවීම නැතිනම් ENtropy ය වැඩි වීම මෙතනට කෙලින්ම අදාල කර ගන්න පුලුවන් . ්ඒ ඔස්සේ අතීතයට ගියොත් අන්න අර අඩු තොරතුරු සහිත ලෝකය ලැබෙනවා.
මෙතනදී ඉතින් කෙනෙකුගේ තොරතුරු වෙනස් වීම් අනෙක් කෙනාගේ හදුනා ගැනීමට බලපාන්නේ ඇයි වගේ ගැගේ සරල ගැටලු හිතලාම තේරුම් ගන්න. මේක ඒවත් කියන් න ගියොත් ලිපිය දිගු වෙනවා. සියල්ල සමස්ත තොරතුරුපද්ධතියක් කියන එක සරලව තේරුම් ගන්න. මේ සද හිරු තාරකා පහල වීම ගැනත් මම කලින් පෙන්වා තිබෙනවා. මේක හරියටම ෆැබ්‍රික් එකක් . මේ ලිපිය බලන්න . නැතිනම් මේක කියවලාම බලන්න. පහලිනුත් ලින්ක් එක දාලා ඇති. (https://www.facebook.com/qazwsx123456789gg/posts/339741520262887)
දැන් මම මේ කියපු එකක් වත් තර්කානු කූල නොවන දේද ? බ්‍රහම ලෝකය ගැන නෙමෙයි සත්ත්වයාගේ පැවැත්ම ගැන? නෑ මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ කර ගන්න පුලුවන් හිතලා , මුලින් දිහාම බලලා වෙන කිසිම පර්යේෂනයක් නැති උණත්.
දැන් අපි බලමු ඩාවින්ගේ පරිනාම වාදය දිහා. මෙතන මුලදීම කරනවා ලොකූ වැරැද්දක්. මොකද් දවැරැද්ද. අර සත්ත්වයකුගේ ඇති වීඹ ගැන කියනවා මෙහෙමයි අරෙහෙමයි කියලා නමුත් මේ ඇතිවීඹ සිදුවීම ගැන කතා කිරීමටම තමුන්ගේ හදුනා ගැනීඹ මුල් වන බව වටහා ගන්නේ නෑ. කොටින්ම ටෝච් එකේ බල්බ් එකේ පාටින් තමයි වස්තුවක් තමුන්ට දිස් වන්නේ කියලා තේරුම් ගන්නේ නෑ. ටෝච් එක අත ඇරලා වස්තුවේ පාට ඇතිවුනු හැටි ගැන වස්තුව ඇසුරෙන් පැහැදිලි කරන්න බලනවා.
හැබැයි මම කලින්ම කිව්වෙනේ පරිනාමය කියන එක පොදු දෙයක් හැටියට මේ තැන් දෙකටම අදාලයි කියලා. එතකොට බුදු දහමේ මිනිසාගේ පහල වීමෙන් පස්සේ වෙනස් වෙන ලෝකයේ විවිධ අවස්තා අනුව විවිධ සත්ත්වයින් පහල වෙන්න පුලුවන් ඒ පරිසරයට ගැලපෙන ආකාරයට. එතකොට මොකෙක් හරි සතෙක් ගෙන් පැටියෙක් යම් කාලයක බිත්තර යක ලෙස ඇති වීමත් අවශ්‍ය නම් මෙතනට ඈදා ගන්න පුලුවන් කිසිම ගැටලුවක් නෑ. අවුරුදු මිලියන ගණන් වලට පොර ඩයින සෝරයන් ඇති වීම, අමුතු අමුතු සත්ත්වයන් බිහිවීම , වදුරන් වැනි මිනිසාට සමාන සක්ෂන ඇති සත්ත්වයින් පහල වීඹ, නියැන්ඩතාලයන් පහල වීම, වදවී යාම වගේ සියල්ල මෙතනට අදාල කර ගන්න පුලුවන් කැමති කෙනෙකුට. එතකොට මෙතනදී ඩාවින්ගේ පරිණාම වාදය හා බුදු දහමේ සත්ත්වයා පිලිබද විග්‍රහය නොගැලපෙන එකම තැනයි එන්නේ. ඒ බුදු දහමට අනුව තිරිසන් සත්ත්වයකුගේ සිට ඇතිවුනු පරිණාමයක් මිනිසාට නැහැ. ඔච්චරයි වෙනස. අපිට ගන්න වෙනවා මිනිසා ලෝකයේ මුල පටන්ම සිටි බවට. මේ සම්බන්ධව මුල පටන්ම පැවති රජවරුගේ නාමාවලියත් බුදු දහමේ සදහන් . ඔය කතාව ඩාවින්ගේ පරිනාමය නිසා බොරු වෙනවද ? නෑ. මොකද ඩාවීන්ගේ පරිණාම වාදය භෞතික සාධක මතින් දුවන දෙයක් ඒ සදහා සාක්ෂි හමුවිය යුතුයි. නමුත් අපි දන්නේ නැහැ එහෙම සාක්ෂී තවදුරටත් සුරක්ෂිතව තියෙනවද ? හොයා ගන්න පුලුවන්ද කියලා වත් . හැබැයි මේ බුදු දහමේ සිදු කෙරෙන විග්‍රහය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගන්න පුලුවන් කිසිම සාක්ෂියක් නැතුව. දැන් මොකද් ද මෙතනින් හොද? සත්ත්වයාගේ මුලත් විශ්වයේ මුලත් පැහැදිලි කරලා, මේ දෙක වෙන් කරන්න බැරි බවත් පැහැදිලි කරලා පරිනාමයත් පැහැදිලි කරලා ලෝකයත් පැහැදිලි කරන බුදු දහමේ විග්‍රහය හොද නැද්ද? ඩාවින්ගේ පරිනාම වාදය ඕක මැදට අමුනා ගන්න පුලුවන්. හැබැයි මිනිසුන්ට බෑ. මෙනදී ආභස්සර බ්‍රහ්ම ලෝකය මොකද්ද එහෙම තියෙනවද කියන එක ගැටලුවක් නොවන බවත් තේරුම් ගන්න. මොකද මම දන්නවා සමහර අය මේක කියවන්නේ මේක තේරුම් ගන් නනෙමයි. ඉස්පිල්ලක් පාපිල්ලක් නැති තැනක් හොයන්න
මේ සම්බන්ධයෙන් තව බොහෝ දේ විස්තර කරන්න නම් පුලුවන් නමුත් ඉතින් ලංකාවේ ඉපදිලා මෙච්චර දැනුම් පද්ධතියක උරුමක්කාරයෝ වෙලා අද අද බාලයෝ වගේ අපේ මිනිස්සු හැසිරෙන හැටි දැක්කහම වෙලාවකට මේ ලියන දේවලුත් අපරාදේ කියලා හිතෙනවා.
දැන් මේ සියලු විග්‍රහයෙන් අයින් වෙලා වෙනම දෙයක් පොඩ්ඩක් පෙන්වන්නම් . මේ ලොකේ ඩාවින්ගේ පරිනාම වාදයට තියෙන ලොකුම තර්ජනය මැවුම් වාදය. ඔවුන් කියනවා අවුරුදු 6000 කලින් තමා ලොකය ඇති උනේ කියලා. ඩයිනසෝර කාල නිර්න වැරදී කියලා. මේ තියරි ඇරෙන්න අපේ මේ තොරුතුරු පරිණාමය පිලිබද වාදය ගැන මේ ලෝකේ කිසිම විද්‍යාඥයෙක් දන්නේ නැහැ. ඔය දෙකටයම කට උත්තර නැති වෙනවා මේ වාද එලියට ආවොත්. අඩුම තරමින් මනස පිලිගත්තොත් ඒත් ඩාවින්ගේ පරිනාමවාදය සෑහෙන ගැටලුවකට මුහුන පානවා. නමුත් අපිට පුලුවන් අවශ්‍ය නම් මේ පැහැදිලි කිරීඹ ලෝකයට ගෙන යන්න. අද වෙලා තියෙන්නේ ජනප්‍රිය මතය නිසා පරිනාමවාදයට තැනක් ලැබීම. මොකද ඒ විස්තරය වෙනත් විදිහකට පැහැදිලි කරන්න වෙන වාදයක් නැති නිසා.
මේ පැහැදිලි කිරීමේ කොච්චර ඉස්සරහට යන්න පුලුවන් ද කියලා කිව්වොත් අවශ්‍ය නම් partial differential සමීකරණ හදන්න පුලුවන් සත්ත්වයා කියන්නේ තොරතුරු තොරතුරු පද්ධතියක් කියලා අරගෙන. කොහොමද ඒ? ඇයි සත්තවයා තුල තිබෙන බෙදා වෙන් කර ගැනීම් අනුව තමයි ඔහු දකින ලෝකය නැතිනම් විශ්වය තීරනය වන්නේ . ඒවා තමයි Diravatives. ඒ දේ හරහා තමයි එතනින් එහා පවතින තොරුතුරු තීරනය වන්නේ. එතකොට මේ පෘතිවියේ ඉදන් යම් දුරක කලු කුහරයක් පැවතීමේ සම්භාවිතාය මේ සමීකරනයෙන් ගනනය කරන්න පුලුවන්. අර උඩ දාපු සැකසූ විශ්වය ලිපියේ විග්‍රහය එක්කම මේක සසදන්න. සංකීර්ණයි තමයි නමුත් කොහොමද ක්වොන්ටම් කම්පියටර් එකකට මේ තෙරතුරදාල වෙන මුකුත් නැතුව විශ්වය ගැන හොයන කොට . ඒ විතරක් නෙමෙයි අනාගතය ගැන අතීතය ගැන පවා විස්තර කියන්න පුලුවන්. අනික අද වගේ අතීත විශ්වය බැලීමක් නෙමෙයි මේ දැන් විශ්වය දෙස බැලීමක් . කාලයේ බලපෑමක් එන්නේ නැහැ. හැබැයි සම්භාවිතාවය මත පදනම් වෙමින්. ඉතින් මිනිසතුගේ අනාගතටයත් මේ වගේම කියන්න පුලුවන් නමුත් ඒ දියුනුව අපිට ක්වොන්ටම් පරිඝනකයකින්වත් ලබා ගන්න පුලුවන් ද දන්නේ නැහැ. නමුත් කරන්න පුලුවන් බව තේරෙනවද?
ඒ විතරක් නෙමෙයි විශ්වයේ බල වගේ දේවලුත් වෙනම පැහැදිලි කරන්න පුලුවන්. වෙන ලිපි වල සමහර තැන් වල දක්වාලා ඇති
අද පවතින ජනප්‍රියම වාදය ඩාවින්ගේ පරිනාමවාදය නිසා සියලු තොරතුරු සෙවීඹ සිදු වන්නේ එය සීමා කරගෙන. එය තමා සීමාව. ඔය අවුරුදු බිලියන ගනන් පැරනි යම් යම් උපකරන හමුඋනා කිව්වත් ඒවාි ඇත්ත හෝ බොරු හෝ හැම වෙලේම බොරු ගොඩටම දැමීමට පෙලඹීමක් තියේනනේ මේ නිසා. ඒ නිසා වැඩි දෙනෙක් ඒවා ගැන වැඩිය හොයන්නෙත් නැහැ. මෙතන කෙරෙන්නේ සාක්ෂි ගැලපීමක් , සාක්ෂි හරහා සිකල්පය පෝෂනය කිරීමක් . සංකල්පයක් කියන්නේ මොකද් දකියන එක තේරුම් ගැනීම වැදගත් . මේ ලිපිය => (https://www.facebook.com/qazwsx123456789gg/posts/158454035058304) . අපි ඕනෑඹ දෙයක් අරගෙන ගැලපෙන සාක්ෂි හොයලා සංකල්ප නිර්මාණය කරන්න පුලුවන්. ඉන් කියවෙන්නේ නෑ ඒක වෙනත් විදිහකට සිදුවිය නොහැකි බව. නමුත් සාක්ෂි වලට ගලපා ගැනීම නිසාම වැඩි තැනක් ලැබෙන්න පුලුවන්. අනික තමයි අතීතය ගැන හොය කොට වැඩිම එයට දායක වෙන පිරිස කවුද ? පුරාවිද්‍යාඥයින්ද ? නැහැ. පතල් ආදයේ කැනීම් කරන කම්කරුවන් තමයි මුල්. බලන්න බොහෝමයක් පොසිල සොයා ගැනීම් වගේ දේ සිදු වෙලා තියෙන්නේ මේ වගේ අහඹු දේ නිසා. මොකද අපිට අද දියුනු තාක්ෂනයක් ලොකය විනිවිද දකින්න. සාගරය සිසාරා පිරිික්සන්න. ලෝකයේ මැදට යනකොට මොනවගේද කියලා හරියටම තේරුම් ගන්න. ඉතින් සාකෂි හොයනවා කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙමෙයි.
කොහොම උනත් මෙච්චර දුර මේක කියවපු කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න ස්වභාවික සම්පත් වලින් නෙමෙයි දැනුම අතිනුත් අපේ රට මොන තරම් වාසනාවන්තද කියලා. මේ විශ්වය දෙවනත් කරන්න පුලුවන් දැනුමක් අපිට හදා ගන්න පුලුවන්. නමුත් අන්තිම නිවට විදිහට අන්තිම දීන විදිහට, අන්තිම මෝඩ විදිහට අර කවුරුවත් කියන දෙයක් අනේ එහෙමයි කියලා පිලි අරගෙන , තපුල්ල තපුල්ල ඉන්න අන්තිම ජරාම මෝඩම පිරිසක් වැඩිපුර මේ රටේ ඉන්නේ, පාලකයෝ වෙලා ඉන්නේ, අධ්‍යාපනය දෙන්නේ. ඉතින් මේ අද රට තියෙන තත්වය ඇත්තටම සාධාරනයි.
දැන් මගෙන් අහන් න එපා ඇයි මේ මම අනිත් අයට කියන්නේ මම ඕවා ගොඩ දාල ලෝකෙට දෙන්නැත්තේ කියලා. මේවා මුලින් තේරුම් ගන්න එක ලේසි දෙයක් උනේ නෑ., තොරතුරු හොයා ගැනීඹ ලේසි උනේ නෑ. සංකල්ප හදන එක ලේසි වෙන්නෙත් නෑ. ඉතින් මේවාම දිගට දිගට කර කර හිටියොතේ මට ජීවත් වෙන්න වෙන්නෙත් නෑ අතේ සතේ නැතුව. අඩුම ගානේ අද හෙට නම් බෑ.