අපගේ සයන්ෂියා ගූගල් ප්ලස් පිටුවෙන්
Blog Archive
Wednesday, December 13, 2017
Tuesday, December 12, 2017
මොට්ටයන් බිහිකිරීමේ නවීන විද්‍යාත්මක ක්‍රමය
මිනිසුන් ස්වභාවයෙන්ම සිහින දකින්නවුන්ය, කුතුහලයෙන් පිරුනු සත්ත්ව කොට්ඨාශයකි.අද්භූත අමුතු දේ ගැන සෙවීමට කැමැත්තක් දක්වයි. දකින අසන දේ වලට ප්‍රපංච නිර්මාණය කිරීමෙහිලාද දක්ෂයෝය. මානව ඉතිහාසය දෙස හැරී බැලීමේදී අද ලෝකය යම් ලෙසකින් විද්‍යාවෙන් තාක්ෂණයෙන් කලා නිර්මාණයන්ගෙන් විචිත්‍ර වී ඇද්ද මෙයට හේතු භුත වී ඇත්තේ ඉකුත් කාරණා හැර වෙන කිසිවක් නොවේ. ඈත අතීතයේ විද්‍යාප්‍රබන්ධ කියා සාහිත්‍ය කොටසක් තිබුනේ නැත. මුල්ම විද්‍යා ප්‍රබන්ධ එලි දකින්නෙ දහඅටවන ශත වර්ශයේ මුල් භාගයේදීය. ඊට පෙර තිබුනු යථාර්තයෙන් ඔබ්බට ගිය සාහිත්‍යය වැටුනේ සුරංගනා කතා ගණයට හෝ නැතිනම් ආගමික කතා ගණයටය.
විද්‍යා ප්‍රබන්ධ විද්‍යාත්මක පසුබිමක සිට පැවසෙන කතාන්තර වුවද සැම විටම එය එසේ නොවේ. බොහෝවීට විද්‍යාප්‍රබන්ධ තුල සුරංගනා කතා වලට අදාල ලක්ෂද දැකිය හැක. සුපර්මෑන් ස්පයිඩර් මෑන් වැනි කතා තුල මේ ලක්ෂණ දැකිය හැක. විද්‍යා ප්‍රබන්ධ වර්ථමාන විද්යාම්ක තාක්ෂනික දියුනුවේ සියයට හැත්තෑපහකට වඩා නව සොයා ගැනීම් සදහා දායක වී ඇත. රොබෝවන්, ණයපත්, චන්ද්‍රිකා, ලේසර්, වැනි බොහෝ දේ සදහා මූලාරම්භය විද්‍යා ප්‍රබන්ධ මගින් ලබා දී ඇත. ඒ අනුව අප මුලින් කල කරුනු දැකවීම සත්‍යය බව ඔප්පු වේ. එනම් ලෝකය විචිත්‍රවත් වූයේ මිනිසාගේ සිහින දැකීමේ හැකියාවෙනි. ඈත අතීතය දෙස බලන විට වර්තමාන මිම්මෙන් විද්‍යාප්‍රබන්ධ නොතිබුනද එයට සමාන කතාන්තර ඕනෑ තරම් දොයා ගත හැක. අහසින් යා හැකි ලනු මගින් පානය කල හැකි ගරුඩ යන්ත්‍ර යානා, දඩු මොනර, ස්වංක්‍රීය ආලෝක විහිදුම් ක්‍රම ( උම්මග්ග ජාතකය) , පලාත් පිටින් වනසා දමන ආයුධ, වෙනත් මානයන්( රාමායනය), නොපෙනී සිටීමේ හැකියාවන් , අහසේ පාවෙන මාලිගා , අමරණීය වීම ආදිය මෙයට උදාහරන කීපයක් පමණි. අතීතයේ පෙරදිග කතා බොහොමයක එන යම් යම් අද්භූත දේ වලට එයට යොදා ඇති සත්ත්ව නම අත හැර අගට යන්ත්‍රය යනුවෙන් යෙදුවේ නම් සමහර කතා ක්ෂනිකවම සුරංගනා කතා ගොඩෙන් විද්‍යා ප්‍රබන්ධ ගොඩට ඇද වැටෙනු ඇත. කෙසේ වුවත් ඒ කාලයේ ඒ කතා ඇසුරෙන් මිනිසාගේ නව සොයා ගැනීම් කෙරෙහි සෘජුවම බලපාන්නට ඇත. අමරණීය වීම සදහා බෙහෙත් සොයන්නට හො නිපදවන්නට උත්සාහ කරන්නට ඇත . එයින් අවසානයේ මරණය පරදුවේ නැතිදු දක්ෂ වෛද්‍යවරයෙක් බිහිවන්නට ඇත. දෙව්ලොව යාමට විශාල ඉදිකිරීම් සිදු කරන්නට ඇත. දෙව් ලොව නොගියද දක්ෂ ඉංජිනේරු ශිල්ප ක්‍රම බිහිවන්නට ඇත.
එක් එක් කාල සීමා වල මිනිසුන් සිහින දකින ආකාරය එම පරිසරයට සාපේක්ෂය .ඒ කාලයේ පාවෙන අලියා පසු කලෙක පාවෙන බැලුම වී උඩ ගියේය. ඒ කාලයේ මන්තරයෙන් මිනී වලෙන් අවදි වුනු මිනිසා අද විද්‍යාවේ පිහිටෙන් මරනයෙන් නැගී සිටීන්නෙකි, ඒ කාලයේ අහසේ පාවෙන මාලිගා අද ප්‍රතිගුරුත්වය යටතේ පාවෙන නගර වී ඇත. ඒ කාලයේ යකුන් පෙරෙතයින් අද විද්යාත්ම ක ලෙස සෝම්බීන්, ජාන විකෘති වූවන්, පිටසක්වල ජීවීන් ආදීන් ලෙස එලියට පැමින ඇත. මහා මකරුන් ඇත් කද ලිහිණීන් ඩයිනසොර්ලා වී ඇත. ටෙලි පති සිතිවිලි අනුව ක්‍රියාත්මක වන මැෂින් වී ඇත. අද වන විට ප්‍රතිගුරුත්වය, ජාන ක්ලෝනීකරනය, ඩයිනසෝර්ලා නැවත බිහිකිරීම, නොපෙනී සිටීම, වැනි දේ සම්බන්ධව දහස් ගණන් පර්යේෂණ සිදුකෙරේ. හෙට දවසේ මේවා යතාර්තයක් වීමට බොහෝ සේ ඉඩ ඇත. කෙසේ නමුත් මෙහි තේරුම් ගත යුතු යතාර්තය වන්නේ කුමන හෝ නිර්මාණශීලී පරිකල්පනය මිනිසාට සෑම විටම සුබ අතට තිබූ බවයි. ඒ කාලයේ මන්තරයේ මිකැනිසම් එකට අර්තකතනයක්, අහසේ පාවීමට යම් හේතු සහගත විග්‍රහයක් තිබුනා විය හැක. නමුත් ඒ කාලයේ අයට අද කාලයේ විද්‍යාප්‍රබන්ධ පෙන්වුව හොත් ඒවා නිසැකවම සුරංගනා කතා ගනයටම ඇද වැටෙනු ඇත.
මෙම සාපේක්ෂ බව තේරුම් නොගැනීම නිසා අප වැනි රටවල වැසියන්ට සිදුව ඇත්තේ අරුම පුදුම සිදුවීමකි. නිර්මාණශීලීත්වතුල පිහිටක් සොයා ගත නොහැකිව අතරමන්ව ඇති ආතක් පාතක් නැති පිරිසක් බිහිවී ඇත. මෙයට ප්‍රධානම හේතුව අද විද්‍යාව විසින් පෙර තිබුනු විද්‍යා ප්‍රබන්ධ හෝ සුරංගනා කතා යන්න ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව ඒවා ගැන කතා කරන්නන් සිතන්නන් මෝඩයන් ලෙස සැලකීමට පටන් ගෙන තිබීමයි. මෙයට ප්‍රධානම හේතුව බුද්ධිමත් කම පෙන්වීම සදහාපමනක් කිසිදු ආසාවකින් තොරව කොහෙන් හෝ බඩගා අමාරුවෙන් විද්‍යාව සම්බන්ධ උපාධියක් ලබා ගෙන ඉන් මත්තට ඒ දැනුමින් කිසිවක් කර ගත නොහැකිවූ මොට්ටයන් පිරිසක් තම කැපී පෙනීමේ එකම අවස්ථාව නිසාදෝ එලව එලවා පැරනි සාහිත්‍යයන්ට හා විශ්වාසයන්ට පහර දෙනු දැකිය හැක. අතීතයෙන් පැමිනි යම් කතාවක සදහන් වුනු දෙයක් රසවිදීම ඒ තුල සිහින දැකීමේ හෝ තමුන්ට අනුව නැවරදි යැයි සිතේ නම් එැවැනි යම් යම් දේ සම්බන්ධව සොයා බැලීම පරීක්ෂන කිරීම හෝ වත් වැරදි වන්නේ නැත. නමුත් අද වන විට මෙවැනි දේ තනිවචනයකින් කපා හරිනු ලැබේ. එනම් සාක්ෂි නැත. මෙම නිසාම අප ජනතාව අද නිර්මාණෂීලීත්වය අතින් මොට ජාතියක් වී ඇති බව හොදා කාරවම දැක ගත හැක. ඔවුන් සිතීමට බියය. අලුතින් සිතීමට බියවන්නේ තමුන් පිලිබද ඇති දැනුම හීනමානය නිසාවෙනි. උන් දන්නා කෙහෙම්මල් විද්‍යාවක් නැත. අම්ම අප්පා කියා දුන්දේ විදීමට නිදහසක්ද නැත. කල හැකි එකම දෙය විද්යාවනම් මේ මොකද්දො මගුලෙන් කොහෙන් ලබා ගන්නා අදහස් තුලින් දැයි සිතා ගත නොහැකි මහා විස්මිත නිර්මාන බටහිරයන් විසින් ගෙනත් දෙන තෙක් කට බලියාගෙන සිටීම පමනි. නමුත් අනිත් අතින් බටහිරයන්ට තමුන්ට කැමති කැමති ලෙස සිහින දැකීමටද නිර්මාණ කිරීමටද උපරිම නිදහස ඇත. මන්ද නිර්මාණශීලීත්වයේ උපත එය බව ඔවුන් දන්නා බැවිනි. නිර්මාණශීලීත්වය අහසින් පාත් වන්නෙ නැත පැරනි සුරංගනා කතා වල සිට නොයෙකුත් ආගමික කතා පවා ඇසීම රස විදීමේ හැකියාව සිහින දැකීම අනිවාර්යයෙන් ම මෙහි මුදුන් මුල් වේ. එම නිසා සක් දෙවිදුන් හදේ හාව ඇදීමේ සිට දෙවියන්ටවත් බිය නොවුනු හර්කියුලිස් , කල්ප ගණන් පෙර ආත්ම වල ඉපදී ගුන දම් වැඩූ බෝසත් වරුන්, සුලැගිල්ලෙන් සක්වලම බැබලිය හැකි බ්‍රහ්මයන් පිලිබදවත් , ලෞකික සෘද්ධි පිලිබදවත් ආදී සියලු දැනුම දරුවන්ට ලබා දීමට පසුබට නොවන්න. කවදා හෝ ඔවුන් එක්කො ඒවා සත්‍ය අසත්‍ය බව පසක් කර ගනු ඇත. එසේ නොවුනද නිර්මාණශීලී පුද්ගලයෙක් සමජයට දායාද වී ඇත. දැන් පාරමී පිරීම නිර්මාණශීලීත්වයට හේතුවන්නේ කෙසේද යනුවෙන් ඇසීමට තරම් මොට්ට නොවෙන්න. :-)
සෑහන කලක සිට දකින්නට ලැබෙනන උක්ත මොට්ට විද්යාපාලලාගේ අපූරු තරකයකින් ලිපිය අවසාන කරමි. ඔවුන්ට අනුව ඉලෙක්ට්‍රෝණය ඇත්තකි. පුනර්භවය බොරුවකි. ඉලෙක්ට්‍රෝණය ඇත්ත වන්නේ එය අපට නොපෙනුනද සිදුම් පරීක්ෂණ ආදී දහස් ගණන් ප්‍රතිපල මතය. එසේ නම් පුනර්භවය බොරු වන්නෙ කෙසේද? මට මතකත් නෑ ඔබට මතකත් නෑ අරයට මතකත් නෑ කාටවත් මතක නෑ කලින් හිටපු ජීවිතේ ගැන . ගැටලුව මෙයයි. මුල් ඉලෙක්ට්‍රෝණය දැකීමට නොහැකි වීම ඇහැට එම හැකියාව නොමැති වීම වී පෙර ජීවිතයක් මතක නැති වීම මතකයේ අවුලක් නොවන්නේ යැයි කෙලින්ම පවසන්නේත් කෙසේ ද ?
පුනර්භවය ගැන මෙතෙර එතෙර කතා කරන කුමන විද්වතා වුවද අන්තිම ප්‍රාථමික ලෙස මෙතෙක් කල් සෑම තැනම තා කර ඇත්තේ පොත් ලියා ඇත්තේ පර්යේශණ කර ඇත්තේ ද මේ මතකය සම්බන්ද ඉතාමත්ම ප්‍රාතමික ක්‍රම වේදයක් අල්ලා ගනිමිනි. පුනර්භවය ගැනද ඉලෙක්ට්‍රෝණය ගැන ලෙසම පර්යේෂණ කල යුතුය. කිසිවක් තොරතුරක් වන්නේ කෙසේද , තොරුතරු ඇති වන්නේ සෙදෙ විනාෂ වන්නේ කෙසේද ? පුද්ගලයෙක් වැලි පස් ගල් වලින් වෙනස් වන්නේ කෙසේද ,සත්ත්වයෙක් සත්ත්වයෙක් වන්නේ කෙසේද යන සියුම් පර්යේෂණ ගණිතමය සාධන ආදිය සිදු කල යුතුය. අන්න එවිට තොරුතුරු විනාශ විය නොහැකි බව හා යම් අකාරයක් ගනී බව ආදී ලෙස යම් දිනක සාධනය වේ නම් එයම සංසාරය ඔප්පු කල හැකි මගත් වන්නේය.
පුනර්භවය ඔප්පු කිරීම ප්රායේගිකව උපකාරී වන්නේ කෙසේද ? ජාන ගත රෝග නිධාන හදුනා ගැනීම ප්‍රතිකාර කිරීම, ජන විකෘතිතා පැහැදිලි කිරීම මෙන්ම පුද්ගල හැකියාවන් හදුනා ගැනීම සහ පෞර්ෂ වර්ධනය සදහා වුවද යොදා ගැනීමට හැක.
පුනර්භවය ඔප්පු කිරීම ප්රායේගිකව උපකාරී වන්නේ කෙසේද ? ජාන ගත රෝග නිධාන හදුනා ගැනීම ප්‍රතිකාර කිරීම, ජන විකෘතිතා පැහැදිලි කිරීම මෙන්ම පුද්ගල හැකියාවන් හදුනා ගැනීම සහ පෞර්ෂ වර්ධනය සදහා වුවද යොදා ගැනීමට හැක.
Friday, October 6, 2017
සංකීර්ණ සංඛ්‍යා හා එ්කක වෘත්තය - ක්වොන්ටම් පරිඝණක ක්‍රමලේකනය සදහා
සංකීර්ණ සංඛ්‍යා යනු මනඞකල්පිත කොටසක් සහිත සංඛ්‍යාය. එම මනහ්කල්පිත කොටස නම් යන්නයි. මෙය i අකුරෙන් දැක්වෙන අතර මෙම නිසා i2 = -1 . එනම් එම සංඛ්‍යාවෙන්ම වැඩි කිරීමෙන් සෘණ අගයක් ලැබෙන සංඛ්‍යාවක් මනහ්කල්පිත කල්පිත සංඛ්‍යාවක් වේ. මෙය සිදුවිය නොහැකි නිසාම මනහ්කල්පිත නමභාවිතා වුවද ගණනය කිරීම් වලදී මෙය සැබැවින්ම උපකාරීවේ. කිසියම් ගණනය කිරීමකදී අප කටු කොලයක් භාවිතා කර පසුව නියම උත්තරය පොතක ලියන්නාක් මෙන් ගණිත කර්ම වලදී අප යම් යම් ගැටලු මෙම මනහ්කල්පිත අංක සහිත සංකීර්ණ අවකාශය තුල සිදු කර අවසාන උත්තරය නැවතත් නියම සංඛ්‍යා ලෙස ලබා ගනු ලැබේ. මෙම මනහ්කල්පිත සංඛ්‍යා වලට ගණිතයේදී අතාත්වික සංඛ්‍යා යැයි ියනු ලැබේ.
සංකීර්ණ සංඛ්‍යාවක් යනු a + ib වේ. a යනු ඕනෑම සැබෑ සංඛ්‍යාවකුයි . සෑම සංකීර්ණ සංඛ්‍යාවකටම එය හා බැදුනු ප්‍රතිබද්ධය යන්නක් ඇත. එනම් a + ib සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය (a-ib) වේ.
(a+ib) (a-ib) = a2-aib + aib– ib2
i2 = -1 නිසා
= a2 +b2 (මෙමගින් පෙන්නුම් කලේ ප්‍රතිබද්ධය භාවියෙන් මනඞකල්පිත කොටස ඉවත්ව නැවතත් තාත්වික සංඛ්‍යාවක්ම ලබා ගැනීමට හැකි බවයි.)
සංකීර්ණ සංඛ්‍යා | තාත්වික කොටස | අතාත්වික කොටස |
---|---|---|
3 + 2i | 3 | 2 |
5 | 5 | 0 |
−6i | 0 | −6 |
සාමාන්‍ය සංඛ්‍යා යනුද සංකීර්ණ සංඛ්‍යා වේ. මන්ද සංකීර්ණ සංඛ්‍යාවක සංකීර්ණ කොටස i සමග බින්දුව වීමටද (උදා ib = 0) හැකි බැවිනි.
සංකීර්ණ සංඛ්‍යා අපට ශ්‍රිතයක් ඇසුරින් මෙසේ නිරූපනය කල හැත මෙම අවකාශය සංකීර්ණ අවකාශය ලෙසද ශ්‍රිතය ආගන්ඩ් තලය ලෙසද හදුන්වනු ලැබේ. . මෙම ශ්‍රිතයේ x යනු සැබෑ සංඛ්‍යාවක් වන විට y යනු අතාත්වික කොටසයි.
x2 - 1 = 0 යන ශ්‍රිතය සැලකුවහොත් අපට බැලූ බැල්මට මෙහි විසදුමක් දැකිය නොහැක. නමුත් විසදුමක් තිබිය යුතු බවද පැහැදිලිය. ආතාත්වික සංඛ්‍යා පිහිටට එන්නේ මෙවැනි ගැටලු හමුවේයි.
නමුත් ආතාත්වික සංඛ්‍යා භාවිතයට ගැනීමෙන් අපට x අක්ෂය කැපෙන ලක්ෂ -i හා +i ලෙස වටහා ගත හැක. සරලව විසදුම ඇත්තේ අපට පෙනෙන මානයේ නොව සංකීර්ණ අවකාශය තුලයි.
අතාත්වික සංඛ්‍යාවක් එම ආතාත්වික සංඛ්‍යාවෙන්ම ගුණ කරනවා යනු එම ගුණ කරන වාරයක් පාසා එය , ,-1,1 ලෙස එකම ලක්ෂය ඔස්සේ කරකැවේ.
= -1 , -1 = , =1
අතාත්වික සංඛ්‍යාව සංඛ්‍යා ඉංග්‍රීසි i අකුරෙන් නිරූපනය කෙරේ.
එවිට සංකීර්ණ සංඛ්‍යාවක් යනු a + ib වේ. a යනු ඕනෑම සැබෑ සංඛ්‍යාවකුයි . සෑම සංකීර්ණ සංඛ්‍යාවකටම එය හා බැදුනු ප්‍රතිබද්ධයක් ඇත.. එනම් a + ib සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය(a-ib) වේ.
(a+ib) (a-ib) = a2-aib + aib– ib2
i2 = -1 නිසා
= a2 +b2 (මෙමගින් පෙන්නුම් කලේ ප්රරතිබද්ධය භාවියෙන් අතාත්වික කොටස ඉවත්ව නැවතත් සැබෑ සංඛ්‍යාවක්ම ලබා ගැනීමට හැකි බවයි.)
සාමාන්‍ය සංඛ්‍යා යනුද සංකීර්ණ සංඛ්‍යා වේ. මන්ද සංකීර්ණ සංඛ්‍යාවක ඕනෑම අගයක් බින්දුව වීමටද (උදා b = 0) හැකි බැවිනි.
<A|A> අවස්ථාවේදී |A> යනු සංකීර්ණ සංඛ්‍යා පෙලක් නම් <A| යනු එහි ප්රරතිබද්ධයයි.
a+bi ආදී සංකීර්ණ සංඛ්‍යා 2x2 න්‍යාස ලෙසද දැක්විය හැක.
සාධනය මෙතනින්
ඔයිලර් ගේ සමීකරණය
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී ගණනය කිරීම් වලදී ඉතාමත්ම වැදගත් වන සම්බන්ධයක් ඔයිලර් ගේ සමීකරණය ලෙස හැදින් වේ.
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී ගණනය කිරීම් වලදී ඉතාමත්ම වැදගත් වන සම්බන්ධයක් ඔයිලර් ගේ සමීකරණය ලෙස හැදින් වේ.
සංකීර්ණ සංඛ්‍යාවන් වුනු මෙය
= ලෙස දක්වනු ලැබේ.
ඡායාරූප උපුටා ගෙන ඇති නිසා පහත රටාවේ , x මගින් දක්වා ඇත.
ඕනෑම cos x හෝ sin x සදහා
(! යනු ඖනෑම සංඛ්‍යාවක් සදහා 3! = 1 x 2 x 3, 4! = 1 x2 x 3 x 4 වේ)
සත්‍ය වේ .
පහත රටාව සලකන්න.
x සදහා කුමන අගයක් යෙදුවද රටාවේ එකතුව 2.718281828459045 ට ආසන්න වේ.
මෙම රාශියට i එකතු කිරීමෙන්
i අගයන් වර්ගය අනුව සුලු කිරීමෙන් ( )
i අගයන් සහිත කොටස් වෙන් කර i පිටතට ගැනීමෙන්
මෙය ඉහත cos හා sin සදහා ලැබුනු කොටස්ම බව පැහැදිලි වනු ඇත .
එම නිසා. x , මගින් නිරූපනය වේ.
අපට ඛන්ඩාංක තලයක (සංකීර්ණ ඛන්ඩාංක තලයක) නිරූපනය කල හැක. කුමණ අගයක් ගත්තද මෙය සෑම විටම අපට අරය 1 වූ වෘත්තයක් මත පිහිටි කෝණයක් ගෙන දේ. මෙය ඒකක වෘත්තය නැතිනම් unit circle ලෙස හැදින්වේ., රේඩියන් හෝ ඕනෑම අගයක් සදහා මෙය වලංගුය. මෙම ඒකක වෘත්තය වැදගත් වන්නේ ගණනය කිරීම් මේ හරහා සුලු කර ගැනීම හැකි වීමයි. උදාහරණයක් ලෙස තරංගයක කම්පනය අපට මෙම වෘත්තයේ මධ්යා ලක්ෂය වටා භ්‍රමණය වන වාරගණනින් නිරූපනය කල හැක. අරය1 බැවින් sin සහ cos ආදී ත්‍රිකෝණ මිතික ගණනය කිරීම්ද පහසු වේ. එසේම මෙය ත්‍රිමාණ ගෝලයක් ලෙස සැලකීමෙන් ක්වොන්ටම් බිටු නිරූපනය කිරීම සදහා ත්‍රිමාණ අවකාශයේ ඉලෙක්ට්‍රෝණයක භ්‍රමණය නිරූපනය එය තුලින් සිදු කෙරේ. මෙම ගෝලය බ්ලොච් ස්පියර් ලෙස හැදින් වේ.
+1 = 0 යන්න ද මෙවැනිමය.
පහසුවෙන් ත්‍රිකෝණමිතිය මතක් කර ගැනීමට පහත රූපය උදව් කරගන්න.
Monday, July 3, 2017
අකුණු සන්නායක තැටි වංචාව
මෙම ලිපියේදී අප සාකච්ඡා කිරීමට බලාපොරාත්තු වසර සිය ගණන් පැරණී අකුණු සන්නායක හා ඒවා තුල ගැබ්වී තිබෙන ශක්තියක් පිලිබද ව්‍යාපාරයයි. සමහරුන් රැපියල් කෝටි ගණනකට මෙම ශක්තිය යම් යන්ත්‍ර භාවිතා කර ඒවා තුලට ඇද ගනිමින් රැගෙන ගොස් අතර සමහරුන් අකුණු සන්නායක පාද තැටි පිටින්ද රැගෙන ගොස් තිබුනි. වසර සිය ගණනක් අකුණු ගැසීඹ නිසා මේවා තුල අනුතර් ගත වී ඇති ශක්තිය කොපමනද යත් එය භාවිතා කර මිසයිල ගමන් මාර්ග වෙනස් කිරීම අභ්‍යවාකාශ යානා ධාවනය මෙන්ම න්‍යශ්ටික අවි තැනීම වැනි විවිධ කටයුතු සදහා භාවිතා කල හැක.තැටියක් රැගෙන වාහනයක් තුලට නැගුනු විට වාහනය නවතින අතර නැවතත් එය කාබන් කොලයකින් වුසුව හොත් වාහනය පන ගැන්වේ. මෙම තැටි අපට අයත් දෙයක් වුවද කුණු කොල්ලයට මේ සියල්ල ඉන්දියන් සමාගම් විසින් රැගෙන ගොස් තිබුනි. සමහර ඒවා ලක්ෂ පනහේ සිට කෝටි සියය දක්වා අගය වී තිබුනි. විශේෂයෙන්ම මේවා ඉතා ඉහල මිල ගණන් වලට මිළදී ගන්නේ අමෙරිකාවේ නාසා ආයතනය වීමද විශ්ෂත්වයකි.
මෙම ශක්ති විශේෂය සෑම අකුණු තැටියකම ස්ථාපනය වී නොතිබීඹද විශේෂත්වයකි. මෙම ශක්තිය මැන ගැනීමට එක්කෝ අකුණු පාද තැටිය අසල හාල් ඇට දමා ඒවා අකාර්ශණය වීම නැරඹීය යුතු අතර නැතිනම් අත තබා රෝම කූප කෙලින් වීම වැන්නකින් හෝ නැතිනම් විශේෂ යන්ත්‍ර භාවිතයෙන් මෙගා බයිට් වලින් මැනිය යුතුය. කෙසේ වුවත් අතරමැදියන් සියගණන් හරහා මෙවැනි පාද තැටි බොහෝමයක් දැනටමත් ගලවාගෙන ගොස් අවසන්ය.
ලෝකයේ පළමු අකුණු සන්නායක නිපදවීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලාංකිකයින්ටය. පසුව සුද්දන් විසින් ලංකාව යටතක් කර ගැනීමෙන් පසු ඔවුන්ගේ තේ වතු බංගලා ආදිය අකුණු පහර වලින් රැක ගැනීම සදහා තඹ භාවිතා කල මෙම අකුණු පාද තැටි යොදමින් තඹ අකුණු සන්නායක සවිකර තිබුනි. මෙම අකුණු සන්නායක තැටි වල විශේෂයක් වූයේ තඹත් සමග දුර්ලභ විකිරණ ශීලී ලෝහයක් වන ඉරිඩියම් අඩංගු වීඹයි. අධික තාපාංකයකින් යුත් ඉරිඩියම් වටිනා ලෝහයකි. ප්ලැටිනම් පවුලට අයත් මෙම ලෝහය බොහෝ විට උල්කාපාත වලින් හමු වෙයි. පෘථාවිය මත ඩයිනසෝරයන් විනෂ වූයේ උල්කාපාතයක් නිසා බවට මතයක් ගොඩ නැගුනේ විශාල උල්කාවක් වැටුනු බවට සැක කෙරෙන ඇරිසෝනා? ප්‍රාන්තයේ ඇති විශාල ආවාටයතුලින් හමුවුනු අධික ඉරිඩියම් ප්‍රමාණයයි. වර්ථ මානයේ වෛද්‍ය උපකරණ වල සිට ස්පාර්ක් ප්ලග් දක්වා විවිධ උපකරණ සෑදීම සදහා ඉරිඩියම් යොදා ගනු ලබයි.
ඉරිඩියම් ඝණැති ලෝහයක් වුවද විකිරණශීලී ලෝහයකි. විකිරණ ශීලීග්තව මනින මිනුම් ඒකක වන්නේ බෙකියුරල් වන අතර එය ප්‍රමාණය අනුව මෙගා බෙකියුරල්( Mbq) ගිගා බෙකියුරල් (Gbq) වෙනස් වේ. ලංකාවේදී මෙගබෙයිට් ගිගා බයිට් ලෙස වෙනස් වූයේ මෙයයි. 37Gbq කියුරීස් එකක් වේ. සමහරුන් විකිරණමාන වලින් අකුණු පාද තැටි මැන බැලුවේ මෙම විකිරණශීලීත්වයයි. නමුත් වර්ථමාන ලෝක වෙළද පොලේ ඉරිඩියම් අවුන්සයක් ඩොලර් අටසියයකට පමන මිලට ගත හැක (http://www.infomine.com/investment/metal-prices/iridium/). සමස්ථානික වුවද මෙහි වැඩි වෙනසක් නොමැත. නමුත් අකුණු පාද තැටියක අඩංගුවන ඉරිඩියම් ප්‍රමාණය ඉතාමත්ම සුලුය. එසේනම් ඉරිඩියම් මිශ්‍ර තඹ තැටියක් සදහා එහි විකිරණශීලීත්වය අනුව bq එකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට රුපියල් කෝටි ගණනක් ගෙවන්නේ ඇයි? කෙසේ නමුත් මෙම තැටිය රැගෙන නොගොස් විකිරණශීලීත්වය පමනක් යන්ත්‍රයකින් ය ඇද ගත හැකි යැයි සිතීම මුලාවකි. එය හරියටම විදුලි බුබුලකින් ආලෝකය උරාගන්නවා වැනි දෙයකි. තඹ ඉරිඩියම් තරම් වටිනා ලෝහයක් නොවේ . එම නිසා තඹ වල වටිනා කම මෙහිදී අදාල නොවේ . නමුත් සමහරුන් අත තබා මෙ තැටි වලින් මැන බැලුවේ කුමක්ද? අකුණු සන්නායකයක් සමහර විට නිවසේ විදුලි රැහැන් සමගද සම්බන්ද වී තිබිය හැක. අර්ත් නැතිනම් බිම් ගත් වයරයක් ලෙස මෙය භාවිතා වන විට එය හරිහැටි බිම් ගත නොවී නම් එය තුලින් යම් විදුලියක් රැදීම සාමාන්‍යයය. මෙයම නියුට්‍රල් වයරය සදහාද බලපායි. හාල් ඇට ඇද ගැනීඹ රෝමකූප කෙලින් වීම මහි තුල රැදි ස්ථීතික විද්‍යුතයේ ප්‍රති පලයි. නමුත් දැනටමත් වෝල්ට් ලක්ෂ ගණනක ස්ථිතික විද්‍යුතය නිපද විය හැකි යන්ත්‍ර ලොව ඇත. එසේ නම් මේ තැටි සදහා ඉහල මිලක් ගෙවන මෙය තුල රැදි අභ්‍යවකාශ යානා පවා රැගෙන යා හැකි අධික ශක්තිය කුමක්ද?
මෙය තුල රැදී පවතින අධික ශක්තිය නම් අධික වංචාවයි. ලංකාවට මෙය අලුත් වුවද දැනට වසර ගණනාවක සිට මෙවැනි දේ ඉන්දියාව ප්‍රමුක කර ගනිමින් ක්‍රියාත්මක වේ. සරලව මෙහිදී සිදු කරන්නේ වැඩි අගයක් නොමැති දෙයකට බොරුහේතු රැසක් දමා ඉහල අගයකට පත් කිරීමයි. ට්‍රයිටන් නම් වාලම්පුරි ව්‍යාපාරයද මෙසේම විය. ආකාර කීපයකින් ක්‍රියත්මක වන මෙය තුල අවසානයේ කිසිවකු හෝ අධික මුදල් හානියකට පත් වේ.
ඔබ හොදින් මුදල් හදල් ඇති අයෙකු නම් මම ඔබ හමුවී මෙවැනි තැටි සදහා කෝටි ගණණ් මුදල් ගෙවන බව පවසයි. මින් පසු මා හදුනන බව නොදන්නා නමුත් ඔබ හදුනන අයෙකු හෝ අලුත් තැරුව් කරුවකු මෙවැනි තැටි රැපියල් ලක්ෂ පනහකට පමන රැගෙන යා හැකි බවත් ඒ සදහා පරීක්ෂක වරුන් පවා සිටින බව පවසයි. රැපියල් පනස් ලක්ෂයක ලාභයක් ගැන සිතන ඔබ තැටිය පරීක්ෂා කරයි. සමහර විට ඉන්දියාවේදී නම් හාල් ඇට පොගවා එය යකඩ කුඩු සමග මිශ්‍රකර පැරණි තඹ කාසි මුට්ටි ආදිය තුල කාන්දමක් සගවා එයට ඇදෙන බව පෙන්වාද වංචා කර ඇත. මෙවැනි වීඩියෝ යූ ටියුබ් තුලින් කොතෙකුත් බලා ගත හැක.කෙසේ හෝ ලක්ෂ පනහක් දී ඔබ තැටිය මිලට ගනී. ඉන් භාගයක් තැටියේ හිමි කරුට යන අතර ඉතිරිය තැරැව් කරු හා මා අතර බෙදේ. ඔබ තැටිය විකීණීමට මා සොයන ත් සමග විට පමා වී වැඩිය. නැතිනම් මම කරදරයකට පත්වී ඇති නිසා මුදල් ගෙවිය නොහැක. තැටිත් සමග ඔබ අතරමන් වෙයි.
මෙහිම තවත් ආකාරයක් වන්නේ මිලදී ගන්නා සතුව නාසා ආයතනයෙන් මෙම තැටි ලබා ගැනීම සදහා නිකුත් කල සහතියක් පවා පෙන්වීමයි.මේ අනුව ඔබ උනන්දු වී කෝටි ගණන් වලින් තැටි කිහිපයක් සොයා ගනී. නමුත් ඔබ මෙය විකිනීමට මිලදී ගන්නා වෙත ගිය විට ඔහු විශාල මුදල් අර්බුදයකට මුහුණ පා ඇත. ඔහු පවසන්නේ මෙම සහතිකයද ඇතුලුව ඔහු සතුව ඇති අනෙක් තැටි කිහිපයකුත් ඔබට ලබා දිය හැකි බවත් තමුන් සදහා රැපියල් කෝටි දහයක් ලබා දෙන ලෙසත් තැටි සියල්ල රැපියල් කෝටි දහසකට පමන නාසා ආයතනට විකිනිය හැකි බවත්ය. ඔබ මෙයට කැමති වන අතර ඉන්පසුව සිදුවන දේ ගැන අමුතුවෙන් කිව යුතු නැත. සමහරුන් පවසන පරිදි තැටි රැගෙන නොයන අතර යම් ශක්තියක් උරා ගත හැකි යන්ත්‍ර මගින් එම ශක්තිය පැය ගණන් ලබා ගනී. යන්ත්‍රය කුමක් වුවත් වංචාවේ වෙනසක් නොමැත. සමහරුන් මේ සදහා ඇමීටර ආදියද යොදා ගෙන ඇත. තැටිය වෙනුවට එම ශක්තිය ගබඩා වුනු යන්ත්‍රය විකුණයි.
මෙම වංචාව ප්රසිද්ධීයේ හදුන්වන්නේ රයිස් පුලර් වංචාව ලෙසයි (Rice Puller scam). මෙය පෙර තඹ කාසි , භාන්ඩ ආදියටද වලංගු වූවකි. මෙම වංචාවේ විශේෂත්වය වන්නේ එක් රටක් තුල නොව රටවල් ගණනාවක් තුල මෙය පැතිර තිබීමත් මිළදී ගණ්නා අසරණයා සමහර විට පිටරැටියකු වීමටත් ඉඩ තිබීමෙනි. අනෙක් අතට මෙය ඉතාමත් පිලිගත් ව්‍යාපාරයක් බව පෙන්වීම සදහා වෙනම වෙබ් අඩවි වීඩියෝ පවා දැක ගත හැක. නමුත් මෑතකදීද ඉන්දියාවේ මෙසේ වංචා කල කිහිප දෙනෙකුට එරෙහිව නීතිය කටයුතු කර තිබුනි.
Subscribe to:
Posts (Atom)