Blog Archive

Thursday, September 1, 2016

පොඩි හැකරා පොරක්ද?

පොඩි හැකරා පොරක්ද?
සාමාන්‍යයෙන් හැකින් එකකදී භාවතා කරන්නේ වෙන කාගෙ හරි IP එකක් . හොදම දේ තමා ෆ්‍රී ප්‍රොක්සි සයිට් එකකින් යන එක. (http://www.proxy4free.com/list/webproxy1.html මේ සයිට් එකකට ගිහින් යන්න ඕනෑ සයිට් එකේ නම ගැහුවම ඒකට යන්නේ මේක හරහා) හැක් වුනාම කරන්නේ ඒ වෙලාවේ රික්වෙස්ට් ඇවිත් තියෙන අයිපී ලිස්ට් එක බලලා ටෙලිකොම් එක වගේ සර්එවිස්ක ප්රොවයිඩර්ගෙන් අදාල අයි පී එකේ නියම ලිපින ලබා ගැනීම.(හැම වෙලේම මැෂින් එකකට අයිපී එකක් ඇසයින් වෙන බව දන්නවනේ ඒකෙන් හොයන්න පුලුවන් කොහෙද අදාල කෙනා ඉන්නේ කියන එක http://www.ip-tracker.org/ වගේ සයිට් එකකින් ) ඒත් ප්‍රොක්සියකින් ගියාම වැඩේ කචල්. පෙaන්නන්නේ ප්‍රාක්සියෙන් ඇසයින් කරපු අයි පී එක. එතනින් අයිපී ලිස්ට් ගන්නත් බෑ අරන් හොයනවා කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි. සමහර ප්‍රොක්සි සර්වර් ඔව්නර්ස්ල හොයන්නත් බැරි තරම්. මේ යකා ප්‍රොක්සියකින් වැඩේ දුන්නත් එක් වෙලාවක ඩිරෙක්ට් ලොග් වෙන්න යනවා ප්‍රොක්සිය අත ඇරලා. ඒ කෙන් තමා වැඩේ මාට්ටු වෙන්නේ. අපේ පොඩි හැකරා ඇත්තටම කරලා තියෙන්නේ බංගලි හැකර්ලා හැක් කොට සොයා ගත් Password එක දැන් තහනම් කල yakadaya.com forum හරහා ඉල්ලාගෙන wordpress වලින් තියෙන වෙබ් අඩවියට ජනාධිපතිගේ වෙබ් එකට anonymous නොවී (ෆ්‍රී පෙක්සියක් භාවිතා නොකර) එක් ඇතුල් වී අතේ මාට්ටු වීමයි. හැක් කිරීම සඳහා facebook සහ chat වැනි සෙල්ලම් කිරීමට වඩා දැනුමක් අවශ්‍ය බව මෙම තරුණයාට වැටහීමක් තිබී නැති බව පෙනේ. Anonymous පළමු පාඩම - what is my ip? කියා Google එකේ ගසා බලන්න. //// උපුටා ගැනීමකි සාමාන්‍යයෙන් හැකින් වල වැදගත්ම දේ තමා ලොගින් විස්තර ඇතුලත් කුකී වල ඉදන් තමුන්ගේ මැෂින් එකේ පවා විස්තර මකා දැමීම, ප්‍රොක්සියකින් ලොග් උනා උනත්. ඊලග සැරේ මේ ලොග් වෙන ප්‍රාක්සියේ අයිපී එක අහුවෙලා තිබුනොත් ටෙලිකොම් එකට පුලුවන් තමුන්ගේ පාරිභෝගිකයන් අතරින් මේකට රිගන්නේ කවුද කියන එක රැකලා ඉදලා අල්ලා ගන්න. ඒක නිසා හැකින් වල වැදගත්ම දේ පාත්විස්තර මකා දැමීම, තමුන්ගේ අනන්‍ය තාවය හැම විට සගවා තබා ගැනීමට කටයුතු කිරීම සහ එකම දේ නැවත නැවත භාවිතයෙන් වැලකීම.
අද කාලේ අනික හැකින් කරන්නේ ෆිල්ම් වල වගේ කෝඩ් ලිය ලිය කියලා හතින්න එපා . බේසික් හැකින් වලට ටූල්ස් නැත්නම් සොෆ්ට් වෙයාර්ස් තියෙනවා ඕන තරම්. පාවිච්චිය දැන ගත්තම ඇති. ටිකක් ඇඩ් වාන්ස් වෙන්න ඕන නම් අපි අපේ මැෂින් එක සහ වෙබ් අඩවිය අතර අපේම ප්‍රොක්සි සර්වර් එකක් අටෝ ගන්න පුලුවන්. ඒකෙන් අපිට වෙබ් අඩවියේ සිදුවන පනිවුඩ හුවමාරුව දිහා පිට ඉදන් බලලා තේරුම් ගන්න පුලුවන්. මම හිතන්නේ නැහැ මේ පොඩි එකා එච්චර දුරට යන්න ඇති කියලා. මෙතන කෙරුනු බලවත්ම වැරුද්ද තමා හැකින් පිලිබද විස්තර දැමූ තරුණයාව සිරගත කිරීම. අපේ නායකයන්ගේ සහ බලධාරීන්ගේ නූගත්කම වගේම ජනතාව දැනුමෙන් ඈත් කර තැබීමට කොතරම් උත්සාහ කරනවාද කියන එක. එතිකල් හැකින් කියන්නේ ලේකයේ පිලිගත් විශයයක්. බිත්තියක් බැන්දම ඒකේ ශක්ිය මනින්න ගහලා බලන්න එපා කියනව වගේ වැඩක් තමා අපේ කාලකන්නි කලේ. එතිකල් හැකින් නිසා අපිට හැකි වෙනවා වෙබ් අඩවි වල ආරක්ෂාව තහවුරු කරගන්න. මේක හොද ඉතාම ඉහල පඩි ගෙවන රස්සාවක්. වෙබ් සෙකියුරිටි කරන අය අනිවාර්යෙන් දැන ගත යුතු විශයයක්. ඒකෙන් තමා තමුන්ගේ සේවය කරන සමාගමේ සයිබර් ආර්ක්ෂාව තහවුරු කරගන්න පුලුවන්. මේ පාඨමාලා ලංකාවෙත් තියෙනවා. යූටියුබ් එකේ වැහි වැහැලා වීඩියෝ, වෙබ් සයිට් වෙනම ඕනෑ තරම්, ටූල්ස් වුනත් නොමිලේ ඩවුන්ගෝඩ් කරන්න පුලුවන්.(මේ තියෙන්නේ ප්‍රොක්සි සර්මවර්ගි සහ ටූල්ස් මගින් හැක් කරන හැටි තිියෙන සුපිරි යුනිවර්සිටි ලෙක්චර් එකක් . https://www.youtube.com/watch?v=O90lSMmTjjo ).බලන්න මේවා ඉගෙන ගන්න. මේ සයිට් එක හදලා තියෙන්නේම හැක් කරන්න. හැමෝටම ට්‍රයි කරන්න පුලුවන්. https://www.hackthissite.org/ නිකමට යූටුයුබ් එකේ හරි ගූගල් එකේ හරි how to hack a website කියලා ගහලා බලන්න. හැක් කිරීම වරදක් නොවන බව නෙමෙයි මෙතන කියන්නේ. හැක් කිීමේ අරමුණ මොකද්ද කියන එකයි ගැටලුව වන්නේ . පැහැදිවම වෙබ් පිටුවේ ආරක්ෂාවක් නැහැ. මේ අපේ කාලකන්නි පාලකයෝ මිනිස්සු දැනුවත් වෙනවට බය බව දැන් තේරෙනවා නේද? ලිදේ ඉන්න ගෙම්බො වගේ හින්දි ටෙලිනාට්ටියි, ක්‍රිකට් මැචුයි බල බල මිනිස්සු ඉන්න තරමට උන් හරි කැමතී. පොඩි හැකරා අපේ සමහර උන්ට හෙන පොරක් වන්නේත් පාලකයන්ට සහ නිලධාරීන්ට ධරුණු ගණයේ අපරාධ කාරයක් වන්නේත් එකම හේතුවක් නිසා දැන් තේරෙනවා නේද? දෙපැත්තේම නූගත් කම. හැබැයි අර 27 තරුණයා සමාජයට යමක් දෙන්න උත්සාහ කරපු කෙනෙක්. ඔහුව අපිට වටින්නේ මේ නූගත් කම නැති කරන්න කටයුතු කරපු නිසා. අපි සටන් කල යුත්තේ ප්‍රධාන වශයෙන් ඔවුන් වැන්නන් බේරා ගැනීමටයි. හැබැයි සිරාගේ සයිට් එක පිටරට සෙට් එකක් හැක් කරලා වැල පින්තූර ටිකක් දාල තිබ්බනම් අද ඔය කයියවල් මුකුත් නෑ. නූගතුන්ට සහ ගල් මෝඩයන්ට ගිය රට.