Blog Archive

Sunday, September 13, 2015

අන්තර්ජාල යුද්ධය

අන්තර්ජාලය අද වන විට ලංකාවේ සමහරෙකුට එක් ආකාරයක හිසරදයකි. එහෙත් සමහරුක්ට මහා නිධානයකි. සමහරුන්ට මේ ගැන කිසිවක්ම නොතෙරේ. සමස්ථයක් ගෙන බැලූ විට අන්තර්ජාලය හා එහි වර්ථමාණ තත්වය පිලිබද ලංකාවේ බොහෝ දෙනෙකු දැනුවත් නොවන බවම පැවසිය හැක. බොහෝ දෙනෙකු එය යහපත සදහා යොදා ගැනීමට නොදන්නා අතර තවත් අය දැනුවත්ව හෝ නොදැනුවත්ව එය තමුන්ගේ හා සමාජයේ අයහපත සදහාම භාවිතා කරයි. අන්තර්ජාලය ලංකාව තුල මෑත කාලයේ වැඩියෙන්ම ජනප්‍රිය වූයේ පසුගිය ජනාධිපතිවරණයත් සමගය. ෆේස්බුක් වැනි සමාජ ජාලා හරහා ගොඩ නැගූ බලවත් මඩ ප්‍රහාර තුලින්ම ලබා ගත් ජයග්‍රහණයක් ලෙස බොහෝ දෙනෙකු වර්ණනා කරනු අසන්නටද ලැබුනි.  බොහෝ තරුන පිරිස් මෙය තමුන් විසින් සිදුකල ජයග්‍රහණයක් ලෙස සැලකුවේද තමුන් විසින් සමාජ ජාල අඩවි වල බෙදා ගත් පලකිරීම් නිසාය.

නමුත් බොහෝ දෙනෙකු නොදන්නා කරුණ වූයේ මේ සියලු දෙනාම වෙනත් පිරිසක් හරහා අතේ නැටවුනු රූකඩ බව තේරුම් නොගැනීමයි. මෙයට පිටුපසින් විශාල සැලැස්මක් තිබුනු අතර මාධ්‍ය හෝ අන්තර්ජයාලය හෝ ෆේස් බුක් වැනි සමාජ ජාල පිලිබද දැනීමක් නොමැති තුට්ටු දෙකේ ලංකාවේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලංකාකියා මෙහිදී රූකඩයක් මෙන් අතේ නැටවුනි. මේ නැටවීම සම්බන්ධයෙන් දැන් දැන් සමහරුන්ට අවබෝධ වෙමින් පවතී. කෙසේ වුවත් මේ සැලැස්මේ හොදම කොටස සම්බන්ධයෙන් පරාජ්‍යට පත් ජනාධිපතිතුමා හෝ ඔහුගේ පුත්‍රයින් හෝ නොකියන බව මගේ හැගීමය. පලවෙනි ප්‍රහාරය ජනාධිපතිතුමගේ දුර්වල ස්ථානයක් බලා එහි වාසිය ලබා ගැනීමයි. එය ජනාධිපතිතුමාගේ අන්ධ ජෝතිෂ්‍ය විශ්වාසය විය. හරියටම එය වැඩ කලේය. අනික සිය පුත්‍රයන් ආදාරය නිසා හෝ පාලනය නොකිරීමය. පුතාලා චාටු බස් දොඩන්නන් හරහා පුහු මානයෙන් උදම්ව මෝඩ ලෙස හැසිරෙන්නට වුනු අතර ජනාධිපතිතුමා කෙරෙහි පොදුජන මතය බිද දැමීමට ඔවුන්ව පහසුවෙන් යොදා ගනු ලැබුනි. අන්තර්ජාලයට පෙර විවිධ පුවත් පත් හරහාද මතයක් ගෙන යන ලදී. මේ සියල්ල සම්පූර්ණ වුනු විට සැලස්මේ අවසන් අදියර නම් රැස්කරගත් ධ්‍යාන්‍ය වපුරමින් අන්තර්ජාලය හරහා යකා නැටීමයි. මෙම අන්තර්ජාලයේ මඩ සමාජජාල තුල හරි අඩක්ම ඇත්ත කරගන්නේ නොදැනුවත්වම වුව එහි පරිශීලකයාමය. ෆේස්බුක් හීදි මෙය පර්සනලයිස්ට් සෝර්ටින්ග් ලෙස හැදින්වේ. එනම් පුද්ගලයින්ගේ කැමැත්ත අනුව ඔහුට එවැනිදේ හා එවැනි  රුචිකත්ව ඇති පුද්ගලයින් වැඩිපුර හයිලියට් කර පෙන්වීමයි. එනම් තම මතය නිවැරදි බවට සෑම විටම හැගීමක් ඇතිවීමයි. බොහෝ විට ලංකාවේ මේ සිය ගණනක් ලෙස පෙනෙන පුද්ගල ගිණුම් බොහෝ විට හසුරුවන්නේ කිහිප දෙනෙකු විසිනි.දුශ්ටයා වීරයා ලෙසද වීරයා දුශ්ටයා ලෙසද මෙහිදී මේවා පුද්ගලයා තුල ස්වයං මෝහණයක් ඇති වේ. මේවායින් ෆෝම් වන්නට වන්නට නිර්මාණය කෙරෙන හුවමාරු කෙරෙන වැරදි අදහස්ද නොදැනීම වැඩි වෙමින් යයි. අද සමහර පුවත්පත්ද අන්තර්ජාලයේ පලවූ පුවතක් ඇසුරෙන් යැයි පුවත් දැමීම කොරම් හාස්‍ය ජනකදැයි කියාද බලන්න. අවසානයේ තමුන් මුලාවූ බව වැටහෙන විට අවශ්‍ය දේ සිදුවී හමාරය.

මිනිසුන් ගොනාට ඇන්දවීම හෝ මිනිසුන් තුලට අදහස් ඇතුල් කිරීම අද ජයටම අන්තර්ජාලය තුල සිදු කෙරෙමින් යන්නකි. මෙය Paid online manipulation ලෙස හැදින්වේ. මෙය අන්තර්ජාතික වශයෙන් රට රටවල් විසින් අද ජයටම භාවිතා වෙන්නකි. විශේසයෙන්ම වැරදි දෙයක් හොද බව පෙන්වීමට. අන්තර්ජාතිකව කිසිවකුගේ ප්‍රතිරූපය නැංවීමට , භාන්ඩ විකුණා ගැනීම, කිසිවකුගේ ප්‍රතිරූඵයට හානි කිරීමට. තමුන්ගේ වාසි වෙනුවෙන් ජනමතයක් ගොඩ නැගීමට ආදී විවිධ කටයුතු මේ හරහා ඉටු කර ගනී.

මිනිසුන් මුලා කිරීමේ සුලු තරම අවස්ථාව කිසියම් පුද්ගලයකු විසින් තනිවම  සමාජ ජාලාථ ප්‍රවෘත්ති අඩවි වැනි අඩවි සදහා බොරු ගිණුම් රැසක් භාවිතා කිරීමයි. ඔහු මේ ගිනුම් හරහා වෙනස් වෙනස් පුද්ගලයින් ලෙස පෙනී හිදියම් කිසියම් දෙයක් වෙනුවෙන් යූටුයුබ් වනි අඩවි හරා වීඩියෝ ප්‍රචාර දෙමින්, පුවත් අඩවි වල කොමන්ට් දමමින්, සමාජ ජාල අඩවි වල පලකිරීම් බෙදා ගනිමින් කොමන්ට් දමමින් තම මතය වෙනුවෙන් පුද්ගලයි් රුසක් සිටින බවක් පෙන්වා ලයි. ව්‍යාපාරයක් ාවනුවෙන් මෙහිදී ඔවුන්ගේ අඩවිය තුල එය අගය කරමින් අදහස් පල කිර ගැනම මෙයට උදාහරණයකි. මෙහිම දෙවන පැතිරුණු අවස්ථාව නම් පුද්ගලයින් රුසක් ගිණුම් රුසක් යොදා ගනිමින් එවැනුනක් වෙනුවෙන් පෙනී සිටීමයිත එජාපය විසින් මෙවැනි ස්ථානයක් පසුගිය මැතිවරණය අලලා ක්‍රියාත්මක කල බව දැන් සැවොම දනිති. එම අදහස ඔවුන්ට ලැබුනේ මෙරටින් නොවේ. එසේම රුසියාව විසින් පුටින් ගේ ප්‍රතිරූපය ගොඩ නැංවීමටද පුද්ගලයින් 125 පමන යුත් මෙවැනි වැඩ සටහනක් දියත් කල බවට ආරංචි ඇත. මෙවැනි රැකියා අද කාලයේ ස්ථිර රැකියා වෙයි. මොවුන්ට ඇත්තේ උදේ සිට රෑ වන තුරු අන්තර්ජාලයේ සැරි සරමින් යම් කිසිවක් වෙනුවෙන් ඊමේල් යවමින්, බොරු අද්දැකීම් පෙන්වමින්, බොරු වාර්ථා හදමින්,  කොම්න්ට් කරමින් එහි රැදීී සිටීමය.  මෙහිම ඊලග අවස්ථාව නම් මිනිසුන්ගෙන් තොරව අන්තර්ජාලය තුල කිසිියම් අදහසක් සම්බන්ධව ක්‍රියාත්මක විය හැකි පරිඝණක වැඩසටහන් නිපදවීමයි. පරිඝණක ක්‍රීඩා තුලද ඇති සජීව කරණය කල අනුරූ වලට කියනවාක් මේවාද BOTS ලෙස හැදින්වේ. අන්තර්ජාල මත විමසීම් අද බොහෝ සේ ජනප්‍රියය. එක් පුද්ගලයකුට එක් වරක් පමණක් ඡන්දය දිය හැකි ලෙස මෙවැනි බොහෝ වැඩසටහන් ඡන්ද 

දායකයාගේ අන්තර්ජාල IP ලිපිනය හෝ ඊමේල් ගිණුමක් වැන්නක් සටහන් කර ගත්තද පරිඝණක වැඩසටහන් හරහා මේවා ට නොයෙක් ලෙස IP ලිපිනයක් වෙනස් කර ගනිමින් එක් මතයක් වෙනුවෙන් ස්වයං ක්‍රීයව ඡන්දය ලබා දිය හැක. අද මෙහි භයානකම පැත්ත වන්නේ විවිධ පුද්ගලයිගේ ඊමේල් සමාජ ජාල ගිණුම් වැනි අන්තර්ජාල හැදුනුම්පත් සොයාගැනීමටද මේවාට හැකියාව තිබීමයි. අප යම් ස්ථාන වල අප නොකල අදහසක් අපේ නමින් පලවී තිබෙනු දුටුවද අප විරුද්ධ මතයක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දුටුවද , අපගේ නමින් බොරු කොමන්ට් වැටී තිබෙනු දුටුවද මේ නිසා පුදුම විය යුතු නැත. 



මෙම අන්තර්ජාල බොරු පලකිරීම් වලට අද ඇති තරගකාරීත්වය වන්නේ මිනිසුන් නොමැතිව සැබැවින්ම කොමන්ට් සදහා ප්‍රතිචාර දැක්විය හැකි , වාර්ථා නිපදවිය හැකි, හැකි නම් මිනිසුන් සමග අදහස් හුවමාරුකර ගත හැකි BOTS ලා තැනීමයි.යම් දෙයක්  වෙනුවෙන් ඔවුන්ව ක්‍රියාත්මක කල පසු ඉතිරි සියල්ල ඉබේ සිදුවනු ඇත. මෙම නිසා ට්මිනේටර් චිත්‍රපට නරඹා සැබැවින් එලියට එන රොබෝවෙකු සමග සටන් වැදීමට බලා සිටින මිනිසුන්ට එම සටන ආරම්භ වී ඇත්තේ වසර ගණනාවකට පෙර බව දැන ගන්නා විට පමා වැඩි විය හැක. 

අද ලංකාවේ තත්වය පිලිබද කල නිරීක්ෂණය කිරීමේදී ෆේස්බුක් වැනි අඩවි තුල නොයෙක් ලිංගික ක්‍රියා සම්බන්ධ පෝස්ට් නිරන්තරයෙන් සමහරුන් විසින් පලකරනු දැකිය හැක. සමහරුන් තමුන්ගේ වෙබ් අඩවි වලට මිනිසුන් අද්දවා වෙළද දැන්වීම් පෙන්වා මුදල් සොයා ගැනීමට මේවා සිදුකලද  සමහරුන් පැහැදිලිව පෙනෙන පරිදි හුදෙක් තම මානසික තෘප්තිය සදහා හෝ නැතිනම් කාගේ හෝ අවශ්‍යාවක් ඉටු කිරීමට නැතිනම් වෙළද ප්‍රචාර සදහා මෙවැනි දේ සිදු කරනු දැකිය හැක. කෙසේ හෝ අද ලෝකයේ එක් රටක ජන මතය කිසිවක් වෙනුවෙන් ඒක් වර වෙනස් වූ යේයි හෝ අද ජනප්‍රිය මතය මෙය යැයි අන්තර්ජාලය තුලින් දුටුවේ යැයි යන්න සිතා මුලාවේ නොවැටීමට සෑම දෙනාම සිහියට ගත යුතුය. අන්තර්ජාලය තුල දකින දෙය පිලිබදව අවබෝධ කර කරුණු සොයා බලා මිස ඒවා හරහා අදහස් ලබා ගැනීම කිසිවිටෙක සුදුසු නැත.

ලංකාව තුල අද මුදල් ලබාගෙන  අන්තර්ජාල අඩවි තුල විවිධ බොරු , මඩ ලිපි පලකරන පුවත් පත් කලා වේදීන් ඇතුලු පිරිස් සිටී නමුත් බොහෝ ලාංකිකයින් නොදන්නා පරිදි ලංකාවට මෙම Online Manipulation නොදන්නා නිසාම එහි හොදම වාසි ලබා ගත්තේ LTTE ත්‍රස්තවාදයයි. අතින් පයින් ගැසීමෙන් පසු සියල්ල අහවරයැයි සිතා ලාංකිකයින් ලංකාව තුල එකි නෙකා එකිනෙකාට චෝදනා කර ගනිද්දී LTTE ය වෙනුවෙන් පෙනී සිටින්නන් යූටුබ් විවිධ පුවත් අඩවි. ප්‍රොෆයිල් හරහා අන්තර්ජාතික මතයක් ගොඩ නැගීමට සමත් වූහ. අදද මේ තත්වය පිලිබද ලංකිකකයින්ට හරි අදහසක් නැත. ඉතිහාසයේ නැති දෙමල නිජබිමක් පිලිබද මතයක් නගා පෙන්වීමද ඔවුන් සමත් විය.  මෙය අද මුස්ලිම් අන්තවාදීන් විසින්ද බොහෝ සේ සිදු කරයි. ලොව පුරා විවිධ ඝාතන සම්බන්ධ වැරදි මත පැතිර වීම, තමුන්ගේ නොවන දේ තමුන්ගේ ලෙස පෙන්වීම, තම මත සාධාරණීය කරණය කිරීම ත්‍රස්ථවාදය සාධාරණය කිරීම ආදය සදහා ඔවුන් මේවා භාවිතා කරයි. සමහරුන් බුරුමයේ අසරණ මුස්ලිමුන් ඝාතනය වුනු ලෙස පෙන්වමින් ලාකාවේ යුද්ධයේ ඡායාරූප පවා පෙන්වනු පසුගිය කාලයේ දැක ගැනීමට ලැබුනි.යූටියුබ් ගූගල් ඕනෑම එකක මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධ සෙවීමක් සිදු කරන්න. එකම ප්‍රවෘත්තිය විවිධ නම් වලින් වෙබ් අඩවි රැසක පලවී තිබෙන ආකාරය දැක ගැනීමට ලැබෙනු ඇත. 


මෙම නිසා රටක් පිලිබදව අන්තර්ජාතික මතයක් නගා සිටුවීම සදහා අද මේ Online Manipulation යන්න අත්‍යාවශ්‍යම දෙයකි. චීනය ඇමරිකාව ඊශ්‍රායලය වැනි රටවල්ද අද තම රට වෙනුවෙන් මෙවැනි සේවා ක්‍රියාත්මක කරගෙන යයි. එසේ නොකලහොත් ඕනෑම විටෙක කිසියම් රටක් වෙත ඇති අන්තර්ජාතික මතය හානිකර ලෙස වෙනස් කිරීමට වෙනත් කිසිවකු කටයුතු කරනු ඇත.